Saturday, October 6, 2012

මිස්ලා සර්ලා වෙත ලියමි..

ලෝක ගුරු දිනය අද,ඒ කියන්නේ ඔක්තොම්බර් 5 වෙනිදට යෙදිලා තියෙනවා..
දෙයක්/කෙනෙක් සමරන්න එක දිනක් වෙන්කරන එක මං පෞද්ගලිකව අනුමත නොකලත් 'එහෙමවත් දිනක් නොතිබුනා නම් මෙහෙම වත් තියේද?' කියලා නොහිතෙනවාම නෙවෙයි.අඩුගානෙ ඉස්කෝලෙ ළමයි තමන්ගේ මිස්ට සර්ට දනගහලා වඳින එකවත් එදාට වෙනවා ඇතිනේ!

ගුරු දිනයක් වෙනුවෙන් මං ටික කාලෙකට කලින් ලියපු නිදහස් පද පෙලක් තියෙනවා වැඩි දෙනෙක් නොකියවපු.අර අගමැතිලා ජනපතිලා කරනවා වගේ එකම දවසට අවුරුද්දෙන් අවුරුද්දට වෙනස් කතාවක් මාරුවෙන් මාරුවට පලකරනවා වෙනුවට කාලෙකින් මොනවත් ලියපු නැති නිසාත් අලුතෙන් බ්ලොග් ලියන කියවන සෑහෙන පිරිසක් ඉන්න නිසාත්  මං තීරණය කලා වැඩි දෙනෙක් නොකියවපු ඒ ලිපිය බෙදාගන්න..


බස් රේඩියෝවෙ සම්මාන උළෙලෙදි මගේ පුංචි බ්ලොග් එකත් නිර්දේශිත නාමයන් අතර තිබුනා..
ලොකු Viewer base එකක් නැති මට දිනන එක ගැන කොහෙත්ම අදහසක් තිබුනේ නැති උනත් බ්ලොග් ලියන අපි වෙනුවෙන් මොකක්හරි කරන්න මහන්සිවෙන අයට කරන ගරුකිරීමක්/දිරිදීමක් විදිහටයි මාත් මගෙ බ්ලොග් එක ඇතුල් කලේ.විනිශ්චය මණ්ඩලයක් අතින් මේ වගේ නිල ඇගයීමක් හම්බවුන පලවෙනි අවස්ථාව..බස් රේඩියෝවෙ අයත් අඩුපාඩු හදාගෙන වඩා සංවිධානාත්මකව  ඉස්සරහටත් මේ වැඩේ කරගෙන යයි කියලා බලාපොර්තුවෙනවා..ස්තුතියි හැම දෙනාටම!

43 comments:

  1. කියෙව්ව. හොඳ ලිපියක්‍.

    ReplyDelete
  2. මට මේ ළිපිය සදා මතකයේ තියෙන එකක්. අනිවාර්යයෙන්ම උඹව ඇගයීමට ලක්විය යුතුම කෙනෙක්. නමුත් එසේ නොවන්න හේතුවත් මම උඹට කියලා තියෙනවා. උඹ මට නම් පොරක්. දිගටම ලියපන් තම්බි....

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මාතලන් නානා හැමදාමත්ම වගේ කරන දිරිගැන්වීම් වලට!

      Delete
  3. මාත් කියෙව්වා. ඒක ගොඩක් හොද ලිපිය. ජය...!

    ReplyDelete
  4. ම් මාත් කියෙව්වා.... සිරා මචං...

    ReplyDelete
  5. Replies
    1. ස්තුතියි සැමා.උඹ පෝස්ට් ලියන වේගෙට ගොඩකට කමෙන්ට් කරන්න දැන් දැන් බැරි උනත් මං කියවනවා!

      Delete
  6. මම මේක කියවලා අර ලින්ක් එකට ගිහිල්ලත් කියවලා කමෙන්ට් එකක දාලා ආවා.
    //අඩුගානෙ ඉස්කෝලෙ ළමයි තමන්ගේ මිස්ට සර්ට දනගහලා වඳින එකවත් එදාට වෙනවා ඇතිනේ!//
    මෙන්න මේක ගැන මම සෑහෙන කල්පනා කලා. මොකද මේක උඹලගෙ සංස්කෘතික අංගයක් නොවන බව මම දන්නවා. ඒවගෙම උඹ ඉගෙන ගත්ත ඉස්කෝලෙ සංස්කෘතියත් නොවන බව මම දන්නවා. මමත් පෞද්ගලිකව වැඳිල්ලට එච්චර කැමති නැහැ. නමුත් ඒක ලංකාවේ සංස්කෘතික අංගයක්. අර කරුණු ඔක්කොම එහෙම තියෙද්දිත් උඹ ඒ සංකල්පය මෙතන යොදාගෙන තියෙන අපූරුවයි මම කල්පනා කලේ.

    නියමයි සාබිත්!

    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
    Replies
    1. වැදිල්ලට නං මාත් කැමති නැ

      Delete
    2. මෙතනදි මං වැඳීම කියන සංකල්පය සංකේතයක් විදියටයි භාවිතා කලේ! කලයුතු එහෙත් නොකෙරෙන දේවල් කීපයක්වත් එදාට වෙනවා ඇති කියල කියන්න.

      Delete
  7. බහුතරයක් ගුරුහොරුන් අතර කට ඇරල ගුරු මැණියන්, ගුරු පියාණන් කියල කියන්න පුළුවන් අය අද ඉන්නෙ අතලොස්සක් විතරයි. ඒක තවත් එක් වෘත්තියක් විතරක් කරගත් අය නිසා දිනෙන් දිනම ගුරු සිසු සබඳතාවන් පළුදු වෙනව, අපේ සංස්කෘතිය තුළ ‘ගුරුවරයා‘ කියන වචනෙට තිබුණු ගරුත්වයත් නිකන්ම අභාවයට යනව. හැමදේම සීඝ්‍රයෙන් යාන්ත්‍රික වෙමින් පවතිනව කියල මට වෙලාවකට හිතෙනව.

    ReplyDelete
    Replies
    1. ටියුෂන් කරන පාසල් ගුරුවරු ගාව නම් තවමත් මේ වටිනාකම් තියෙනවා! හැබැයි දැන් ඉන්න ඔන්ලි ටියුෂන් ගුරුවරුන්ට නම් මේවා විහිලු විතරයි.භයානක කම කියන්නේ ඒ වටිනාකම් අගයන් අගය කරනවා වෙනුවට මේ අය තමන්ගේ මහා පරිමාන ටියුෂන් කඩවලදි කරන්නේ සියුම්ව අර ගුරුවරුන්ව හාස්‍යයට ලක් කරන එක!

      Delete
  8. අපූරු පෝස්ට් එකක්... මාත් කියෙව්වා...

    ReplyDelete
  9. නියම ගුරුවරු තමයි දෙවිවරු

    ReplyDelete
    Replies
    1. ළමයෙක් කාලකන්නියෙක් කියන තත්ත්වෙ ඉඳලා සමාජයේ වැඩදායී තත්ත්වයට පත්වීම තුල සමහරවිට ඉන්නෙ එක ගුරුවරයෙක්.ඒ විදිහට ගුරුවරු නිසා ජීවිතේ දිනපු චරිත මං ඕන තරම් දැකලා තියෙනවා බං..

      Delete
  10. ගාල්ල පැත්තේ ඉස්කෝලයක් ගුරු දිනය කළින්ම සැමරුවාලු!

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව්.මං දැක්කා ඔලු පලාගෙන දුවන දිසාපාමොක්ලව!

      Delete
  11. සිරා සිරා මචො.....

    ReplyDelete
  12. මාත් සාබීත් එක්ක එකඟයි. හැමදාම කරන්න ඕන දේවල් වලට දිනයක් වෙන් කරනවාට කැමති නැහැ. ඒත් එහෙම දවසක දී කියන්න තියෙන ටිකක් නම් කියලා දාන්න අවස්ථාවක් ලැබෙනවා තමයි!!!

    මිනිසුන් තනන මිනිසුන් වැඩිවේවා!

    බ්ලොග් ලියන අයත් වැඩිවේවා!!!!

    ReplyDelete
    Replies
    1. ඔව් අරුණි අක්කා.Something is better than nothing නෙ!

      Delete
  13. කෝ බං මගෙ කමෙන්ට් එක? ස්පෑම් ගිහින්ද?
    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
    Replies
    1. සමාවෙන්න ඕන ප්‍රතිචාර පමා උනාට.. ඔව් ස්පෑම් ගොඩේ තිබ්බේ! නිවාඩු ඉවර වෙලා ආයි සුපුරුදු තැනට ආවා. බිල් අරවා මේවා ගෙවලා මෙව්වා ආයි ඇක්ටිවේට් කරගන්න එපැයි!

      Delete
  14. ගුරුවරුන්ට නොව ගුරුතුමන්ලාට උපහාරයක්ම වේවා!
    පැන මැද කඩිති සින්දුව ලිව්වේ සුනිල් ආරියරත්න නෙමෙයි මම හිතන්නේ!මමත් ආසම කරන සින්දුවක්!

    ReplyDelete
    Replies
    1. ගායකයා නම් එයා තමයි.ලිව්වේ කවුද කියන එක ගැන හොයල බලන්න වෙනවා

      Delete
  15. අපූරුයි!
    ඔබට ජය!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි හිරුහිමා

      Delete
  16. ගිය අවුරුද්දේ මට ඒක මිස් වෙලා.. ඔන්න මේ අවුරුද්දේ කියෙවුවා..

    ReplyDelete
    Replies
    1. ඔව්.බොහොම කීප දෙනයි දිනේශ් කියවලා තිබුනේ! 7 දෙනයි කොමෙන්ට් කරලා තිබුනේ.ඒකම තමයි මේ අවුරුද්දෙත් ඒකටම ලින්ක් එක දුන්නේ!

      Delete
  17. මේ විදිහට ලින්ක් එක දැම්ම එක නං හොදයි ,
    මමත් කලින් කියවලා තිබුන් නැ ,
    සාබිත් ඔයාගේ බ්ලොග් එක සුපිරි බ්ලොග් එකක් ,

    ආසාවෙන් උඹව කියවන උන් ඉන්නවා‍නේ බං

    ටිකක් වැඩිපුර ලියහං

    ReplyDelete
    Replies
    1. ඔව් බං.බොහොම කීප දෙනයි කියවලා තිබුනේ! ලියන්න දෙයක් ඔලුවට ආවම ලියනවා බං..වෙලාව නැතිකමට වැඩිය තියෙන්නේ ලියන්න දෙයක් ඔලුවට එන්නෙ නැති කම.ලියන්නං වාලෙ ලියන්නත් බැහැ නේ!ලියන එක නම් ගොඩක් අඩුවෙලා තමයි!

      Delete
  18. වටිනා දිනයක් ගැන වටිනා ලිපියක්. ඉඳලා හිටලා ලිව්වත් ලියන එක උපරිමයි!

    ReplyDelete
  19. සුභ පැතුම් සාබිත්..
    ඔන්න කියලා තිබුන ලිපියත් කියෙව්වා..

    ReplyDelete
  20. මම තාමත් හිතින් වඳින ගුරු පියවරු මෑණිවරු මට හිටියා අතලොස්සක්..මගේ තාත්තා ඒ අතරින් පළවෙනියා.

    ReplyDelete
    Replies
    1. ගුරුවරයෙක් වීමේ වාසනාව තමයි තමන්ගේ ළමයින්වගේම ඒ තරමටම තමන්ට ආදරේ කරන තවත් ළමයින් සිය ගනනකගේ පියෙක් වෙන්න ලැබීම!

      Delete

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...