Sunday, February 19, 2012

ගස් ලබ්බි...(18 +-)

18+


18-


චුට්ටක් කැමැත්තෙන් චුට්ටක් අකමැත්තෙන්,
පොඩ්ඩක් පෙන්නලා පොඩ්ඩක් හැංගුවට
නංගියේ,අපි නොදන්නවැයි ඕවා ගැට ගස්ලබු වග..
ඉදෙන්න කලින් පැහෙන්න කල් දීහං..
එතකොටලු රස..

නොකෑවට මොකෝ අපිත් දන්නවා!!



ප: ලි : කොහොමද ඇඳුම??????? (මගේ බ්ලොග් එකේ :D )

Wednesday, February 15, 2012

ප්‍රෙෂ්‍ර් II


කලින් ලිපියේ රුධිර පීඩනය කියන්නේ මොකක්ද?මනින්නේ කොහොමද කියලා විස්තර කෙරුනා...
කියවපු නැති අයට -----------------------> ප්‍රෙෂර් I




අධික රුධිර පීඩනය ආකාර දෙකක් තියනවා..

1.ප්‍රාථමික අධික රුධිර පීඩනය    : අධික රුධිර පීඩනය සහිත වූවන්ගෙන් 90-95%කට තියෙන්නේ මේ කියන ආකාරයේ රුධිර පීඩනය.මේ ආකාරයේ රුධිර පිඩනය ඇතිවෙන්න හේතුව මෙන්න මේකයි කියලා හරියටම කියන්න තාම පුලුවන් වෙලා නෑ..නමුත් මෙන්න මේවයින් එකක් හරි හෝ කිහිපයක් හරි නිසා ඇතිවෙන්න පුලුවන් කියලා හොයා ගත්තු තත්ත්වයන් කිහිපයක් තියනවා.

  • ජානමය(පරම්පරාවෙන් පැවත එන)
  • තරබාරු බව
  • අධික ලුනු භාවිතය
  • අධික මත්පැන් භාවිතය
  • හෝමෝන ශ්‍රාවය වීමේ ආකූලතා
  • වයස්ගතවීම
  • මානසික තත්ත්වයන

Saturday, February 11, 2012

ප්‍රෙෂර්....


මුලින්ම මගේ කලින් ලිපි දෙක තුනට ප්‍රතිචාර දක්වපු අයට පිළිතුරු සපයන්න බැරි වුන එක ගැන සමාවෙන්න ඕන.ඔබේ වෙලාවෙන් ටිකක් මගේ ලිපියකට අදහස් දක්වන්න වැය කලාම එයට පිලිතුරු සපයන එක මගේ සදාචාරාත්මක යුතුකමක්.ඒත් පාඩම් වැඩ එක්ක නිතර ඒ දේවල් කරන්න අමාරුයි.ඒ නිසා ඉස්සරහටත් ගොඩක් වෙලාවට මට පිලිතුරු සපයන්න වෙන එකක් නෑ! අමනාප වෙන්නෙ නැති වෙයි කියලා හිතනවා..ඔබගේ ප්‍රතිචාර මට හැමදාමත් වැදගත්!
මං සාමන්‍යයෙන් පෝස්ට් එකක් අන්තිමට මට කියන්න තියන ටික කිව්වට අද උඩින්ම කියන්න තීරණය කලේ මේ වගේ ලිපියක් අන්තිම වෙනකම් බොහෝ දෙනෙක් කියවන්නේ නැති බව දන්න නිසා..
මේ ලිපිය මගේ මිත්‍රයා සනෝජ් ගේ ඉල්ලීම මත ලියවෙන ලිපියක්.


ප්‍රෙෂර්....
අපි එදිනෙදා ප්‍රෙෂර් කියලා හඳුන්වන්නේ අධික රුධිර පීඩනය කියන තත්ත්වය.ලෝකයේ බෝ නොවන රෝග අතරින් ඉහලින්ම තියන රෝගයක් තමා මේක.වසර 2000දි ලෝක වැඩිහිටි ජනගහනයෙන් සෑම 4 දෙනෙකුගෙන්ම එක් අයෙකුට මේ රෝග තත්ත්වය තියනවා කියලා ගනන් බලලා තියනවා..මේ ලෙඩේ ගැන පෝස්ට් දානවනම් බ්ලොග් එකක්ම ලියන්න වෙයි..ඒ නිසා මං වැදගත්ම හා සාමාන්‍ය පාඨකයෙක්ට තේරෙන විදිහට සාරාංශ ගත කරලයි මේක ලියන්නේ! මේ ගැන දන්න කෙනෙක්ට නම් කරුණු මදි වගේ හැඟෙන්න පුලුවන්.

මොකක්ද මේ රුධිර පීඩනය?
 රුධිරය රුධිර නාලයක් තුලින් ගමන් කරද්දි ඒ නාලයේ(ධමනියේ හෝ ශිරාවේ) බිත්තියේ ඒකක වර්ගපලයක් මත ඇති කරන තෙරපුමට තමයි රුධිර පීඩනය කියන්නේ!

මේ තෙරපුම හෘදය මගින් පොම්ප කරන රුධිර ප්‍රමානය මත හා ඒවා නාල දිගේ ගලා යාමේදි ඇතිවන ප්‍රතිරෝධය මත රඳා පවතිනවා.
මේ තෙරපුම අසාමාන්‍ය ලෙස ඉහල ගියාම ඇතිවෙන තත්ත්වයට තමයි අපි අධික රුධිර පීඩනය එහෙම නැතිනම් ප්‍රෙෂර් කියලා කියන්නේ!
මේ පීඩනය අඩු වුනාම අවපීඩනයක් ඇතිවෙන්නත් පුලුවන්.(low pressure/Hypo tension) මේ අවපීඩනය අධික රුදීර පීඩනයට වඩා භයානකයි.

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...