Wednesday, December 5, 2012

Shame!! ලැජ්ජයි!! සමග ලීක් වූ ලැජ්ජාවේ ලැජ්ජාවෙහි පින්තූර!

නිමිත්ත : අගවිනිසුරුවරියට එරෙහිව දෝෂාභියෝගයට සහය පලකරමින් පැවැත්වූ විරෝධතාව
from: lankaweb.lk
     ශ්‍රී ලංකාවේ පාලන තන්ත්‍රය මුලිකව ගත් කල්හි කොටස් තුනකි. බලය අඩුවෙන පිලිවෙලට විධායකය, ව්‍යවස්ථාධායකය සහ අධිකරණය ලෙස ගෙනහැර දැක්විය හැක. ජේ ආර් ජයවර්ධනට පිං සිදුවෙන්නට පහල තන්ත්‍රයේ කිසිම තැනකට වග නොකියන සුපර් පවර් එකක් සහිත ජනාධිපති තනතුරක් ලංකාවට තිබේ.
අද අපේ අවාසනාවකට ඒ සුපර් පවර් එකට මැජික් යෂ්ථියකුත් අප විසින්ම හා අවස්ථාවාදී දේශපාලුවන් විසින්  හිමිකර දී තිබේ. ඒ තුනෙන් දෙකේ පාර්ලිමේන්තු බලයයි.  මැජික් එකක් යනු දෘෂ්ථි මායාවකි. විජ්ජාවකි. එය සැබෑවක් නොවේ.පෙනෙන දේ යථාර්තය නොවේ.
සුපර් පවර් එකක් සහිත් සුපර් මෑන් කෙනෙක්ට මැජික් යෂ්ථියක් සතු වීම එතරම් සුබදායක නොවේ. එයින් වන හානිය සුලුපටු නොවේ.

     ලාංකීය ව්‍යවස්ථාදායකය සහ අධිකරනය අතර ඒ තරම් හොද ඇයි හොදැයියක් නැත. ඒ  දෙක අතර ඇති සීතල යුද්ධය එලිපිට ප්‍රදර්ශනය වුනු අවස්ථා කිපියක් මෑත කාලීනව දැක ගත හැකිවිය. පෙට්රල් (ඉන්ධන) මිල සම්බන්ධව අධිකරණය ලබදුන් නඩු තීන්දුව නොසලකා හැරීමට එවකට රජය ගත් තීරණය එහි එක් අවස්ථාවකි.

     මෙවර අගවිනිසුරුවරියට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමට රජය තීරනය කර තිබේ. තමන්ට වාසි වෙන තාක් ඕනෑම කුඩ්ඩෙක් බේබද්දෙක් බඩු කාරයෙක් පිලිබදව රජයට කිසිම ප්‍රශ්ණයක් නැත. ඒ බව තේරුම් ගත් බොහෝ පිරිස් සහජීවනයෙන් ජීවත් වන බව ඇස් පනාපිටම පෙනෙන්නට තිබේ. ප්‍රශ්ණය ඇත්තේ තමන් සමග සහජීවනයෙන් ජීවත් වන්නට අකමැති පුද්ගලයන් ගැනය.

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...