Friday, December 27, 2013

අනාගතයට ගිහින් ආපහු ජීවිතය දිහා හැරිලා බලමු! Things You’ll Regret When You’re Old!

සිංහල බ්ලොග් අවකාශය පරිශීලනය කරන බහුතරයකගේ වයස් සීමාව දිහා බැලුවහම බහුතරයක් තරුණ වයස් සීමාවේ සිටින අය බව පේනවා. ජීවිතයේ බොහෝ දේවල් වෙනස් කරගත හැකි වයස් සීමාවක් මේක.. 

ජීවිතයේ සතුට කියලා හිතාගෙන අපි හඹායන බොහොමයක් දේවල් ලඟ කරගත්තු දවසක ආපසු හැරිලා බලද්දි අපිට හිතෙන්න පුලුවන් සැබෑ සතුට තියෙන්නේ ඒ ලඟ කරගත්තු දේ තුල නෙවෙයි,ඒ දේ හඹා යන ගමනේදී අපි මග හැරලා ගිය ඒ පුංචි පුංචි දේවල් තුල කියලා. ඇත්ත.. ජීවිතය භෞතික ඉලක්ක වලට ගැටගහලා ඒවා හඹා යන ගමනේදී අපිට පුංචි පුංචි දේවල් ගොඩක් මග හැරිලා. ඒ දේවල් ලඟා කරගෙන පොඩ්ඩක් නැවතිලා ජීවිතය විඳින්න අපි සූදානම් වෙද්දි ගොඩක් වෙලාවට අපි පරක්කු වැඩියි. එක්කෝ අපි වයසට ගිහින්. එක්කෝ සෞඛ්‍යය පිරිහිලා. එක්කෝ අපි එක්ක එදා හිටිය උන්ගෙ ඇඩ්‍රසුත් නැහැ. ජීවිත ගමනේදී උන්ව අපිට මග ඇරිලා. ඒ නිසාම තමයි ජීවිතයේ අරමුණක් තියා ගන්න ගමන්ම ජීවිතයේ පුලුවන් හැම මොහොතක්ම අපි විඳින්න ඕන. (Enjoying the moments).. 

අර ඉස්සර අපේ ටීචර්ලා කියනවා මේ ටික හොඳට මහන්සි වෙයන් කැම්පස් ගියාම ගොඩ කියලා. කැම්පස් ගියාම කියනවා මේ අවුරුදු 4 හොඳට කට්ට කාලා ගොඩ දා ගනින් ඊට පස්සෙ ජීවිතේ ගොඩ ගියලා.. එතනින් එලියට ගියාම රස්සාව.. ඊට පස්සෙ ප්‍රොමෝෂන් වලට මහන්සි වෙනවා. ඊට පස්සේ බඳින්න ඕන.. වාහනයක්..හවුසින් ලෝන්.. ළමයි..ඉස්කෝල... මේක මිරිඟුවක්..  පවතින සමාජ ක්‍රමය තුල මේ රැල්ලට ගහගෙන යනවා ඇරෙන්න අපිටත් වෙන විකල්පයක් නෑ.. ඒත් මතක තියා ගන්න.. Enjoy the moments...

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...