Thursday, June 9, 2011

හිට්ස් 1000 කඩඉමෙ සිට ආපසු හැරි බැලිම..


නවකයෙකුගෙ සිහිනය මොකක්ද කියල කවුරු හරි ඇහුවොත් පුලුවන් තරම් ඉක්මනට හිට්ස් 1000ක් ගන්න එක කියල 10න් 8ක් වත් කියනව සුවර්!!!
තමන්ගෙ බ්ලොග් එකට ඇවිත් කවුරු හරි කොමෙන්ටුවක් හරි ෆලො පාරක් හරි දැම්මම තියන ආතල් එක නැත්නම් කිතිය එහමත් නැත්නම් ඉයුෆොරාව ගැන බ්ලොග් ලියන කියවන ඔයාලට අමුතුවෙන් කියන්න ඔන නැහ නෙ...
ඉස්සර වගෙ නෙවෙයි දැන් හිට්ස් 1000ක් වට්ටගන්න එක එ හැටි වැඩක් නෙවෙයි..හරියට ගෙමට බැස්සොත්.සිංඩි දෙක තුනකට රිංග ගෙන පොස්ට් දෙක තුනක් සතියට ලියල දැම්මොත්..කාගෙ හරි හොදට හිට් බ්ලොගියක කොමෙන්ටුවක් දැම්මොත් මාසෙකින් කිසි කරදරයක් නැතුව හිට්ස් 1000 ලගා කරගන්න පුලුවන්..

මගෙ නම ඔයාලා ජංජාලයෙ දකින්න පටන් ගත්තෙ ඊයෙ පෙරෙදා ඉදන් උනාට මගෙ බ්ලොගිය මාස 10ක් විතර පරනයි...
මං මෙක පටන් ගත්තෙ නිකන් මට හිතෙන දෙවල් යාලුවන්ට කියන්න දැන ගන්න සලස්වන්න හිත්ගෙන..එහෙම හිතල මාස හය හතක් එ විදිහට වැඩෙ කරගෙන ගියා...පහුගිය අප්‍රෙල් වෙනකන්ම තිබ්බෙ හිට්ස් 200යිද කොහෙද ...හික්ස්..
හිට්ස් අඩු වෙන්න හෙතු උන් මං සිංඩි වල නොහිටපු එක..අනිත් එක මට උවමනාවක් හා වෙලාවක් නොතිබ්බ එක..අදටත් මං බස් එකෙ නැහැ..
මං (කොන්)දොස්තර කෙනෙක් වෙන්න ඉගෙන ගන්නවා කියල කස්ටිය දන්නවා ඇතිනෙ..ඉතින් exam සෙට් උනාම මෙවට තියන වෙලාව ගොඩක් අඩුයි...
2 වසරෙ විබාගෙ පොඩ්ඩක් ලොකු එකක්..එක දෙයියනෙ කියල ගොඩ දාගෙන මගෙ අලුත් ලැපත් ගත්තා...එ අරන් පොඩ්ඩක් ජංජාලෙ බ්ලොග් කියවද්දි මටත් හිතුන මහ මෙරක් උසට තියන වැඩ නිසා මොට්ට වෙගෙන යන මගෙ රසවින්දනය ගොඩ ගන්න බ්ලොගිය මරු පොට් එක කියලා...මොකද මාත් ඉස්කොලෙ යන කාලෙ හොදට ලියපු කියවපු එකා නොවැ..
බ්ලොගිය ඇතුලෙ තියන sub culture එකට මට ආස හිතුන..හවසට බොඩිමට ඇවිත් ප්ලෙන්ටියක් ගහන ගමන් අනිත් උන් ලියපුව කියවද්දි තියන ආතල් එක කියල වැඩක් නෑ..දුර ඈත රටක ඉන්න අපි වගෙ උන්ගෙ පිහිටට ඉන්නෙ බුකිය විතරයි කියල හිතාගෙන ඉදපු මට බුකියෙම ඉදලා කාලකන්නි වෙනවට වඩා මෙ වගෙ වැඩකුත් කරගෙන ඉන්න පුලුවන් නම් මරු කියල හිතුනා..
මගෙ සිතුවිලි වලට අනිත් උන් කියන්නෙ මොනාද කියල මටත් දැන ගන්න ඔන උනා ( මොකද මෙහෙ ඉන්න පොත් ගුල්ලොන්ට හා ගුල්ලියොන්ට ඔව රස වින්දින්න වෙල තියන එකක් යැ..)

කොහොමත් ‍‍‍ඨනිකගෙ සිතුවිලි ලියන දනික අයියත් සංකල්පනා ලියන දිලිපත් අපෙ ඉස්කොල් නෙ..මං දනික අයියා යටතෙත්,දිලිප මගෙ යටතෙත් වැඩ කරල තියනව ඉස්කොලෙ..ඉතින් මං උන් දෙන්නගෙ බ්ලොගිය පැත්තෙ එ දවස් වල ඉදල ඉදල ආවා...ඉතින් ඔවා ඔක්කොම බලපාන්න ඇති මටත් සිංඩි වලට දාලා වැඩෙට සෙන්ටර් වෙන්න...

ඉතින් ආතල් එකෙ වෙලා තියන විදියට මොන මොනා හරි ලියල දාන්න තම හිතන් ඉන්නෙ....මොකද අනිත් අය වගෙ කියන්න ලියන්න ලස්සන ජොලි කතා මටත් තිබුනට මොකො ඔව ඉදගෙන කොටන්න වෙලා නැති එක තමා අවුල.
දැනට ඉතින් පොඩ්ඩ පොඩ්ඩ ප්‍රතිචාර එනවා...
මොනා හරි ලියලා දාලා සතියක් විතර යද්දි කොමෙන්ටු 10ක් විතර වැටෙනවා..පස්සෙන් එන අය නම් ගොඩක් නෑ..තාම 18 දෙනයි.....ඉස්සරහටත් හිට්ස් වැඩි කරගන්නවත් පස්සෙන් කස්ටිය ගෙන්න ගන්නවත් ලොකුවට වැඩෙට සෙන්ටර් වෙන්නවත් අදහසක් නෑ.
පුලු පුලුවන් වෙලාවට මොනා හරි ලියලා දාන ගමන් හවසට ඔයාලා ලියල කියලා තියන දෙවල් සිංඩියකට ගිහින් බලලා තියන දෙයක් කාලා වෙන දෙයක් බලාගෙන ඉන්න තමා හිතන් ඉන්නෙ...

තාම මගෙ බ්ලොගිය පැත්තෙ ඇවිත් නැති අය ඇවිත් තියන දෙයක් කියවලා කොමෙන්ටුවක් දාලා යයි කියල හිතනවා..
ජය වෙවා!

22 comments:

  1. මගෙ නම් අරමුන හිට්ස් 10000 ක් සමග ෆලෝවර්ස් ල 100 ක්..ජයවේවා!!

    ReplyDelete
  2. එල එල මචො! හොද දෙවල් දාපන්...එතකොට ෆලොවර්ස්ලා නිකම්ම පස්සෙන් එයි..ජය වෙවා!

    ReplyDelete
  3. මන් සින්ඩි වලට රික්වෙස්ට් කරාට උන් මගෙ බ්ලොගිය ඇඩ් කරන්නෙ නෑනේ.තාම මන් එක සින්ඩියකයි ඉන්නෙ

    ReplyDelete
  4. ඔය වයසට followers ල ඔය ගාන හොදටම ඇති. මට තවම 13 යි ඉන්නේ

    ReplyDelete
  5. @නිශාන් : ට්‍රයි කරල බලපං මචං..සමහරවිට rss feed එක වැරදියට දිලා ඇති..තව සමහර එවා ටික දවසක් ගන්නවා accpt කරන්න..

    all in one : තෑන්ක්ස් මචො.....ඉදල ඉදල මෙ පැත්තට ඇවිත් පලයන්!

    ReplyDelete
  6. මමත් යාළුවා වගේම පිට රටක ඉන්නේ.. මම ඉතාලියට ඇවිත් දැන් අවුරුදු 3යි.. බ්ලොග් එක ලියන්න පටන් ගන්න කලින් වැඩි හරිය හිටියේ බුකියේ තමයි.. මම දැන් බ්ලොග් එක පටන් අරන් අවුරුද්දක් වෙන්න එනවා.. ඇත්තටම දැන් අර හිතට දැනුන "මම තනිවෙලා" කියන සිතිවිල්ල කොහෙත්ම නෑ.. ඔන්න මමත් මේ පැත්තට ගොඩ උනා.. යාළුව මොන රටේද ඉන්නේ?

    ReplyDelete
  7. අපිත් නම් ආවා.. අනේ මන්දා මේක කොහොම වෙනවද කියලා මම ස්ටැට්ස් වලට දාලා තියෙන්නෙත් බ්ලොගර් මල්ලි දුන්නු ගැජට් එකමනේ.. මේ සතියෙම මගේ බ්ලොග් එකට දවසකට 600 කට වඩා වැඩියෙන් ඇවිති තියනවා... එන තැනක් හොයාගන්න බැරුව ඉන්නේ මම . මේ බ්ලොග් එක අලුතෙන් මම පටන් අරන් තවම දවස් 50ක් වත් නම් නැ හිට්ස් 7000 ට කිට්‍ටු කරලා, ෆලවර්ස් ලා 43 ක් විතර ඉන්නවා.. දිගටම හොද දේවල් ලියන්නකෝ අපි හැමදාම ඔයාත් එක්ක ඉන්නවා මතකනේ මගෙ තැන

    http://sadaru-world.blogspot.com/

    ReplyDelete
  8. මම නම් මේක බලන්න කොහොමත් එන එකානේ මගේ නම් හිට්ස් 2700 ක් විතර තියෙනවා. මමත් මේ පැත්තේ එන සාමාජිකයෙක් අළුත් දේවල් ලියන්න මම අනිවාර්යෙන් එනවා. ජය වේවා..!

    මගේ පැත්තෙත් ඇවිත් යන්න.

    http://magekatha.blogspot.com/

    ReplyDelete
  9. උඹට ජය වේවා මචං... කම්මැලි කම පැත්තක තියලා ලියපං.

    ReplyDelete
  10. @dinesh : මං bangladesh වල බං..සිරවට...මෙක හරියට කරනවා නම් පාලුව තනිකම කොහෙ යනවද නැහැ...මං උඹෙ බ්ලොගිය පැත්තෙ ආවා...එල මචං...ඉදල ඉදල වරෙන් මෙ පැත්තෙ..

    දේවා ; එල එල මචො...උඹෙ එකට මං කොහොමත් එනවනෙ ඉදල හිටල

    මගෙ කතා : උඹේ පස්සෙන් එනවදත් කොහෙද මං

    මාලුවා : හික්ස්...කම්මැලි කම නෙවෙයි බං වෙලා නැතිකම..ජයවෙවා!

    ReplyDelete
  11. සුපර් සුබපැතුම්..!!!
    මමත් 1000 වෙනකන් බලන් හිටියා... මාස 2න් 1000ක් සෙට් උනා.. දැන් ට්‍රයි කරන්නේ ෆලෝවර්ස් ලා 30 ක් හොයාගෙන 100 සම්පූර්ණ කර ගන්න... :D :D :D

    ReplyDelete
  12. සුභ පැතුම් මචන් !.දිගටම ලියපන්.
    උබ කොලේජ් එකේ කොල්ලෙක් කියලා අහන්නත් සන්තෝසයි.මම විද්‍යාලේ කොල්ලෙක් බන්.(89)අද තමා මේ පැත්තේ ආවේ.දිගටම එන්නම්

    ReplyDelete
  13. මාරියො : තැන්ක් යු වෙවා මචො!කොහෙද ගිහින් උන්නෙ? පහුගියෙ දවස් ටිකෙ දකින්න හිටියෙ නැත්තෙ!

    පාල : අම්ම උඹ විද්යාලෙද??සංතොසයි මචො එක වැයික්කියෙ අය අදුර ගන්න ලැබිම...ටච් එකෙ ඉදපන්!ජය වෙවා!

    ReplyDelete
  14. එල මචෝ ලියහන් ඩිගටම අපි කියවනවා.........

    ReplyDelete
  15. අදයි මේ අහ ආවේ. මමත් ඉතින් බ්ලොගින් වල 1 වසරේ නිසා මම ඔය ආතල් එක ගැන දන්නවා. ඒක නිසා සතුට බෙදා ගන්න කොමෙන්ටුවක් පළ කරන්න හිතුනා. අපි හැමෝම හිටිස් වැඩි වෙනවට ආසයි තමයි. ඒත් ඒ වෙනුවෙන් තමන්ගේ අරමුනු බිලි දෙන්න එපා. හෙමින් ගමන් දුරයි...!!!

    බ්ලොග්කරණයේ දිගු ගමනකට සුභ පැතුම් !!!
    chathucn.blogspot.com

    ReplyDelete
  16. ඔන්න දඩබ්බරිත් මේ පැත්තේ ආවා..මම නම් බ්ලොග්කරණයට අලුත්ම කෙනෙක්... sabithගේ ඉලක්ක වලට යන්න මගෙනුත් සුබ පැතුම්!!

    ReplyDelete
  17. ඔබට සුබපැතුම් සහෝදරයා

    ReplyDelete
  18. ඔබට ජය ............
    හිතට වදින ලිපි ලිව්වොත් අනිවාර්යෙන් හිට්ස් වගේම ෆලෝස්ලත් හදා ගන්න පුලුවන් .........

    ReplyDelete
  19. අඩේ මේකේ මමත් ඉන්නවා තැන්කු වේවා සාබිතෝ...:) :)

    ReplyDelete
  20. අපරාජිතයා : තෑන්ක්ස් මචෝ....

    චතුරංග :මං කිව්වා වගේ හිට්ස් ගැන හිතලා ලොකුවට කරන්න මගේ අදහසක් නැහැ බං!

    දඩබ්බරී : ස්තුති මේ පැත්තට ආවට....ආයි එන්න ඕන හොදේ...

    දිලීප : උඹ අද ද බං දැක්කේ?

    ඔබට ඉස්ලාම්, කල්හාර : බොහොමත්ම ස්තුතියි..

    ReplyDelete

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...