Thursday, May 16, 2013

විමසුම: මත්තල කොයිබටද?



     මාස දෙකකට පසුවයි ලිපියක් ලියා පල කරන්නට තීරණය කලේ. සාමාන්‍යයෙන් මාසෙකට එක ලිපියක්වත් ලියා පල කරන්නට මා පසුගිය වසර කිහිපය තුලම උත්සහ කලත් ඉදිරියට එසේ සිදුවන එකක් නැහැ. අධ්‍යාපන කටයුතුත් සමග දැන් දැන් බ්ලොග් කියවෙන්නෙත් බොහොම අඩුවෙන්. නමුත් පසුගිය මාස දෙකක කාලය තුල කිසිවක් ලියන්න නොහැකි වූයේ කාර්‍යබහුල බව නිසාවත් ලියන්නට කිසිවක් නොමැති නිසාවත් නොවෙයි. මව් රටේ සිදුවෙන කියන කරන දෑ පිලිබඳව වූ බලවත් අප්පිරියාව සහ කනස්සල්ල නිසයි.
කොච්චර ලිව්වත් මේ තියෙන සිස්ට්ම් එක තුල කිසිම වෙනසක් සිදු නොවෙන බව/ කිසිම වෙනසක් අපිට කරන්න බැරි බව හැඟෙද්දි ලියන එක කොහොමත් වැඩක් නෑ කියන සිතුවිල්ලක්  ඇති වෙනවා.
ඒත් පස්සෙ,  වතුර බිංදුවකින් තමයි මහ සාගරය ඇතිවෙන්නෙ, එක ඉටි පහනකින් පහන් සීයක් දල්වන්න පුලුවන් කියලා හිතද්දී, හිත තුල කැකෑරෙන මේ ආවේගය මුදාහරින්න විදියක් හොයද්දි ලියනවා ඇරෙන්න වෙන විකල්පයක් නැහැ.
ඇරත් අපේ කොටස රට වෙනුවෙන් අපි ඉටු කරන්න ඕන කියන මතයෙයි මං ඉන්නේ.කවද හරි අපේ පොඩි උන් හරි උන්ගේ පොඩි උන් හරි ' ඔයාලා මේ රටට මෙච්චර දෙයක් වෙනකං මොනවද ඒ දවස්වල කලේ?' කියලා අහද්දි දෙන්න උත්තර මං ලඟ තියෙන්න ඕන.

 නිමිත්ත : Air Arabia ගුවන් සමාගම මත්තලට සිදුකල ගුවන් ගමන් නවතා දැමීමට තීරණය කිරීම.


     ඩුබායි සිට ක්‍රියාත්මක වන ලොව ප්‍රමුඛ පෙලේ ගුවන් සමාගමක් වන එයා ඇරේබියා ගුවන් සමාගම මත්තලට සිදුකල තම මෙහෙයුම් කටයුතු නවතා දැමීමට තීරණය කල බව Airline route වෙබ් අඩවිය පසුගියදා වාර්තා කලා. මේ වන විට එම ගුවන් සමාගමේ වෙබ් අඩවිය තුලින් මත්තලට ආසන වෙන් කිරීමට පහසුකම් ඉවත් කර තිබෙනවා. මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපලට මේ දක්වා පියාසර කලේ ජාත්‍යන්තර ගුවන් සමාගම් දෙකක් පමනයි.(ලාංකීය නොවන) ඒ ඉහත සඳහන් කල ගුවන් සමාගම සහ Fly Dubai ගුවන් සේවය පමනයි. මීට අමතරව මිහින් සහ ශ්‍රී ලංකන් යන ගුවන් සමාගම් දෙකත් මත්තල හරහා තම ගුවන් ගමන් සිදුකලා. විවෘත කර මාස දෙකකට ආසන්න කාලයක් ගතවුවත් මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපල හරහා ලංකාවට ඇතුල් වූ මගීන් සංඛ්‍යාව 70කටත් අඩු බව නිල නොවන සංඛ්‍යා ලේඛන තහවුරු කරනවා.
මේ මත්තල පිලිබඳව කෙරෙන කෙටි විපරම් කිරීමක්!

Thursday, March 7, 2013

වීරයෝ සහ ද්‍රෝහියෝ II -Sri Lanka Cricket (Insight in to the contracts)

cricnama.com

     මේ ලියන්න හදන්නේ මාලිංග ගැන නොවේ. මේ ලියන්න හදන්නේ සිංහල බ්ලොග් අවකාශය තුල මේ වෙද්දී ලියැවී තිබිය යුතු නමුත් ලිය වී නැති ආන්දෝලනාත්මක ක්‍රිකට් කොන්ත්‍රාත්තුව තුලට කෙරෙන එබී බැල්මකි.
සිංහල බ්ලොග් අවකාශයේ ක්‍රීඩාව ගැන ලියැවෙන විශේෂයෙන් සිංහලෙන් ලියැවෙන වෙබ්/බ්ලොග් අඩවි කිහිපයක් පවතී. නමුත් කණගාටුදායකවව වුවත් පැවසිය යුතුව ඇත්තේ ඒවා තුලින් පාඨකයාගේ අපේක්ෂාවන් මුදුන් පත් නොවනා බවයි. නම සදහන් කිරීමට අකමැති වූවත් ඔතනින් එක අඩවියක් කරන්නේ ඉතා සිත් ඇදගන්නා සුලු,ආවේගයන් ඇති කරන,කුතුහලය දනවන මාතෘකා තමන්ගේ ලිපි වලට යොදා පාඨකයින් ගෙන්වා ගෙන ඔවුන් නොමග ඇරීමයි. ඒ අඩවියේ ඇතැම් තොරතුරු වල විශ්වාසනීයත්වය බිලිබඳවද (reliability) ගැටලු පවතී.

     ශ්‍රී ලංකාවේ ජාතික ක්‍රීඩාව නොවූවත් ලංකාවේ නාමය ජාත්‍යන්තරයට ගෙන ගිය ක්‍රීඩාව ක්‍රිකට්ය. එය අප හොඳින් දන්නා සහ හොඳින් කරනා එකම ක්‍රීඩාව බව අලුතෙන් කිව යුතු නොවේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් වෘත්තීමය ක්‍රීඩකයින් පිරිසකි. ඉස්සර වාගේ සහ තවමත් ඇතැම් රටවල වාගේ පාර්ට් ටයිම් ප්ලෙයර්ස්ලා දැන් SLC* හි නැත.

සෑම වසරකම වාගේ කොන්ත්‍රාත්තුව ගැන ප්‍රශ්න අපට ඇසෙන්නට ලැබේ. එය පසුගිය වසරේ මෙන්ම මෙම වසරේද නැවත මතුව තිබේ. පසුගිය වසරේ අප තෝරා ගත්තේ පඩි නොගෙවා සෙල්ලම් කරවනවා යැයි පවසමින් පාලනාධිකාරයිට දොස් තැබිමේ ක්‍රමවේදයයි. නමුත් මෙවර අප බොහෝ දෙනෙක් ක්‍රීඩකයින් මුදල් පසුපස යනවා යැයි කියමින් ඔවුන්ට දොස් තැබීමේ කාර්‍ය්යෙහි නියැලී සිටී.

     ඇත්තටම ක්‍රීඩකයින් මෙම කොන්ත්‍රාත්තුව අත්සන් තැබීමට විරෝධය පල කලේ ඇයි කියා දොස් දෙවොල් තැබීමට කලින් සොයා බලන්නට සහ එය වාර්තා කරන්නට ජනමාධ්‍යකරුවා හෝ බලෙන් ඔලුවලට අදහස් ඔබ්බවන ෆේස්බුක්බුක් වීරයෝ උනන්දු වූයේ වත් මහන්සිවූයේ වත් නැත.

ආන්දෝලනයට තුඩු දුන් කොන්ත්‍රාත් කරුණු කිහිපය පහත වේ.

Tuesday, February 26, 2013

අයි ඩෝන්ට් නෝ වයි V. How to understand women? ස්ත්‍රීයක තේරුම් ගන්නේ කෙලෙසද? (mens special)

ගේ බ්ලොග් එක ඉතින් පෘට් සැලඩ් එකක් කියලා කට්ටිය දන්නවනේ. කාලෙකින් ජෝක්ස් එකක් දාන්න බැරිවෙච්ච නිසා ඔන්න අද හිනා වෙන්න කැමති අයටයි පෝස්ට් එක.

හරි ඔන්න එහෙනම් කතාවට එන්ටර් වෙමු!
කියවලා හිනාවෙලා ලේ පිරිසිදු උනා නම් ඒ පින මගේ ගිණුමට බැර කරනු මැනවි!



ඔන්න ෂේප් එකේ බැඳලා තිස් ගනන් වල මුල වගේ ඉන්න ජෝඩුවක කතාවක් මේක..

බොහෝම ආදරෙන් වෙලිලා එතිලා ඉන්න මේ ජෝඩුව ඔන්න රෑ කෑම එහෙම කාලා කාමරයට එන්ටර් උනාලු. නෝනා ඉතින් කණ්නාඩි මේසෙ ඉස්සරහින් වාඩිවෙලා කොන්ඩෙ පීරන අතර නැගිටලා කණ්නාඩිය ඉස්සරහා එහෙට මෙහෙට කැරකෙනවා මහත්තයා ආසාවෙන් බලං හිටියලු.
හෙට අනිද්දට වයිෆ් ගේ උපන්දිනෙත් ලඟ ලඟම ඉන්න නිසා මහත්තයා ඇහුවලු

          "බබා.. ඔයාට උපන්දිනේ දාට මොනවද ඕන" කියලා..

          වයිෆ් කණ්නාඩිය දිහා බලා ගෙනම ඇහැක් අඩවන් කරලා
           "I want to be twenty six again"(මට ආයෙත් විසි හයක් වෙන්න ඕන) කියලා කිව්වලු!

Wednesday, February 6, 2013

ජංගම දුක.. නතරවෙන්න!! කියවන්න. A message to all mobile users!


     ජංගම දුරකතනය කියන අපූරු උපාංගය අද මිනිසාගේ මූලික අවශ්‍යතාවක් බවට පත් වෙලා. ඇදුම් නැතුව එලියට බැස්සත් අද ෆෝන් එක නැතුව එලියට බහින්නේ කීයෙන් කී දෙනාද? නිකම් හරි තමන්ගෙ ෆෝන් එක වැරදිලා හරි තියලා ගිහින් තිබුනා නම් ඒ  සම්පූර්ණ වෙලාවම අපි ගත කරන්නේ මොන තරම් අසහනයකින්ද?

සැම්සුන්ග් ඇපල් බ්ලැක්බෙරි තරඟයේ ප්‍රතිපලයක් විහිහට අද මුලු විශ්වයම අපේ ඇඟිලි තුඩු අතර, එක බොත්තමක් දුරින්.
වසර දෙක තුනකට පෙර තිබුන ජංගම දුරකතනයයි අද තියෙන ජංගම දුරකතනය අතර තියෙන වෙනස බලන්න.. ඒ වෙනසට වඩා එහි භාවිතාවේ පරිණාමය දිහා පොඩ්ඩක් බලන්න..

තාක්ෂනයේ දියුණුව හොඳද නරකද කියන එක වෙනම කතිකාවකට බඳුන් කරන්න උවමනා මාතෘකාවක් උනත් මට හිතෙන හැටියට නම් ඒක තීරනණය වෙන්නේ ගොඩක් වෙලාවට එය වැලඳ ගන්නා පුද්ගලයාගේ භාවිතාව මත.

දැන් දැන් ජංගම දුරකතනය  'දුරින් ඉන්න අයව ලං කරන,ඒත් අපි ලඟින්ම ඉන්න අයව අපෙන් ඈත්කරන' උපාංගයක් බවට පත්වෙලා. මේ කතාවට එකඟ වෙන්න අමාරුයි වගේ නම් පහල තියෙන මේ වීඩියෝ ක්ලිප් එක එක පාරක් බලන්න.
සමහර විට මේ වීඩියෝ එක ඇතුලේ තියෙන්නේ ඔබේ ජීවිතය වෙනස් කරන ඒ පණිවිඩය වෙන්න පුලුවන්.

Wednesday, December 5, 2012

Shame!! ලැජ්ජයි!! සමග ලීක් වූ ලැජ්ජාවේ ලැජ්ජාවෙහි පින්තූර!

නිමිත්ත : අගවිනිසුරුවරියට එරෙහිව දෝෂාභියෝගයට සහය පලකරමින් පැවැත්වූ විරෝධතාව
from: lankaweb.lk
     ශ්‍රී ලංකාවේ පාලන තන්ත්‍රය මුලිකව ගත් කල්හි කොටස් තුනකි. බලය අඩුවෙන පිලිවෙලට විධායකය, ව්‍යවස්ථාධායකය සහ අධිකරණය ලෙස ගෙනහැර දැක්විය හැක. ජේ ආර් ජයවර්ධනට පිං සිදුවෙන්නට පහල තන්ත්‍රයේ කිසිම තැනකට වග නොකියන සුපර් පවර් එකක් සහිත ජනාධිපති තනතුරක් ලංකාවට තිබේ.
අද අපේ අවාසනාවකට ඒ සුපර් පවර් එකට මැජික් යෂ්ථියකුත් අප විසින්ම හා අවස්ථාවාදී දේශපාලුවන් විසින්  හිමිකර දී තිබේ. ඒ තුනෙන් දෙකේ පාර්ලිමේන්තු බලයයි.  මැජික් එකක් යනු දෘෂ්ථි මායාවකි. විජ්ජාවකි. එය සැබෑවක් නොවේ.පෙනෙන දේ යථාර්තය නොවේ.
සුපර් පවර් එකක් සහිත් සුපර් මෑන් කෙනෙක්ට මැජික් යෂ්ථියක් සතු වීම එතරම් සුබදායක නොවේ. එයින් වන හානිය සුලුපටු නොවේ.

     ලාංකීය ව්‍යවස්ථාදායකය සහ අධිකරනය අතර ඒ තරම් හොද ඇයි හොදැයියක් නැත. ඒ  දෙක අතර ඇති සීතල යුද්ධය එලිපිට ප්‍රදර්ශනය වුනු අවස්ථා කිපියක් මෑත කාලීනව දැක ගත හැකිවිය. පෙට්රල් (ඉන්ධන) මිල සම්බන්ධව අධිකරණය ලබදුන් නඩු තීන්දුව නොසලකා හැරීමට එවකට රජය ගත් තීරණය එහි එක් අවස්ථාවකි.

     මෙවර අගවිනිසුරුවරියට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමට රජය තීරනය කර තිබේ. තමන්ට වාසි වෙන තාක් ඕනෑම කුඩ්ඩෙක් බේබද්දෙක් බඩු කාරයෙක් පිලිබදව රජයට කිසිම ප්‍රශ්ණයක් නැත. ඒ බව තේරුම් ගත් බොහෝ පිරිස් සහජීවනයෙන් ජීවත් වන බව ඇස් පනාපිටම පෙනෙන්නට තිබේ. ප්‍රශ්ණය ඇත්තේ තමන් සමග සහජීවනයෙන් ජීවත් වන්නට අකමැති පුද්ගලයන් ගැනය.

Saturday, October 13, 2012

අපේ ආතල්..අපිට ආතල්..අපි (නො)දන්න පොලිටික්ස්

"තාවක් තියෙනවා බුද්ධිමතුන්ට තමයි මර්ධකයෙක් එනකොට එයාගේ අඩිසද්දේ මුලින්ම ඇහෙන්නෙ කියල. එක තමයි මම හිතන්නේ මේ රටේ අචාර්යවරු මහාචාර්යවරු ගොඩක් දෙනෙක් අද එළියට ඇවිල්ලා තමන්ගේ අදහස් හඬ අවධිකරලා තියෙන්නේ"
 මහින්ද රාජපක්ෂ
දෙසැම්බර්-2009




මං විහිලු කරනවද? නෑ!! ඔබ කියෙව්වා හරි! බලන්න මට හම්බුනේ මොකක්ද කියලා.. හම්බවෙලා නම් ටිකක් කල්..ලියන්න බැරි උනා මුකුත්..ටිකක් පරක්කුයි තමයි..
මං කියනවට ටිකක් මේ වීඩියෝ එක බලලා ඉන්න..
සැකයක් නැහැනේ?
මේ කියන්නේ නන් අදර් දැන් අවර් වන් ඇන්ඩ් ඔන්ලි මිස්ටර් ප්‍රෙසිඩන්ට්!
විශ්වාස කරන්න අමාරුම වගේ නම් ITN එකේ උන්දැලා ඕන එහෙකට කියනවා වගේ එඩිට් කරපු එකක් කියලා හිතා ගන්නකෝ!

ඒ දවස් වල කෝකටත් තෛලය වෙච්ච 'විජාතික කුමන්ත්‍රන' සීල් එක රාජ්‍ය මාධ්‍ය FUTA එකටත් ගැහැව්වනේ..හැබැයි ඉස්සර තරම් ඒ ගුලිය දැන් මාකට් වෙන්නෙ නෑ.මොකද දැන් මිනිස්සු ITN ප්‍රවෘත්ති බලන්නේ ආතල් ගන්න විතරයි..තව කැපුවත් නිල් කට්ටියත් බලනවා.ඒත් ස්වයං ආතල් එකට.. හැබැයි ඒ ආතල් එකයි මේ ආතල් එකයි වෙනස්..
ඒ ආතල් හා මේ ආතල් හැර තවත් ආතල් තිබේද?
ඇයි සජිත් ලොක්කගේ අය ගන්න සිරස ආතල්!
ගාල්තැන්නේ ආතල්..තව ගොඩක් තියෙනවා..ලිස්ට් එක දිග වැඩියි..

Thursday, October 11, 2012

අයිතිය සහ වරප්‍රසාදය සමග 6%


     නිදහස් අධ්‍යාපනය ගැන මෑතකදී තරම් ඉතිහාසයේ කවමදාවත් කතා කරපු යුගයක් තවත් නැතුව ඇති.නිදහස් අධ්‍යාපනයේ උන්නතිය ගැන සලකලා මං FUTA එකට සහය පලකරන්න තීරනය කලා.නමුත් ඒ දේශපාලනිකව අපරිණත ශිෂ්‍ය සංගම්වලට ස්වායක්තව.ඔවුන්ගේ අරමුණු සහ ඉල්ලීම් ගැන මගේ තියෙන්නේ බලවත් අප්‍රසාදයක්. ඒ ගැන මං පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ගැන් ලියපු ලිපි පෙල තුල සවිස්තරව අදහස් දක්වලා තියනවා.( III )ඒ නිසා පැහැදිලිව මං සහය පලකරන්නේ FUTA එකේ ඉල්ලීම් වලට පමනයි.6% කියන එක යථාර්තයක් වේ යැයි මං විශ්වාස කරන්නේ නැති උනත් win-win situation එකකට යන්න පුලුවන් කියලා කියන්නේ දැන් තියෙන තත්ත්වයට වඩා පොඩි සංවර්ධනයක් හරි ලංකාවේ උසස් අධ්‍යාපන පද්ධතිය තුල ඇති වෙන්න ඉඩ තියෙනවා කියන එක. දැනටත් ලංකාවේ උසස් අධ්‍යාපනය සදහා වෙන කරන මුදලින් ලොකු කොටසක් නිසි භාවිතයකින් තොරව නැවත භාණ්ඩාගාරයට හරවා යැවෙන බව රජය පැත්තෙන් කියවෙනවා.එහි සත්‍ය අසත්‍යතාව ගැන මගේ දැනුමක් නැති නිසා මං ඒ ගැන අදහස් දක්වන්න යන්නේ නෑ.

     කොහොමින් කොහොම හරි දැන් වාර්තාවෙන විදිහට ආණ්ඩුව තම සුපුරුදු කල් මැරීමේ ප්‍රතිපත්තිය හා පොරොන්දු පත්‍රිකා යොදා ගනිමින් වර්ජනයෙන් ඉවත්වීමේ එකඟතාවකට ඇදුරන්ව කැමැතිකරවා ගන්නට උත්සහ කරනා බව පේනවා.ආණ්ඩුව බොහෝ තැන්වල ගනුදෙනු කල යුතු ආකාරය පටලවා ගන්නවා.ඔවුන් ගමේ බූරුපොලේ සියදෝරිස් සමග ප්‍රශ්න විසඳගන්නා විදියට සරම උස්සාගෙන ජාත්‍යන්තර ප්‍රශ්ණ විසඳන්නට ගිහින් නිකම් කිච වෙනවා.

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...