Thursday, December 22, 2011

හොඳ දෙක!!!


මේ සීන් කෝන් එක මගේ යාලුවෙක් මට මේ පාර ගෙදර ගිය වෙලාවේ පච ගහ ගහ ඉන්න වෙලාවේ කියපු එකක්..මෑන්ස් වැඩ කරන්නෙ බෙන්තර පාලමෙන් එහා පලාතක ඔය පුන්කලස් වලට ඈඳිච්ච පෞද්ගලික බැංකුවක...මිනිහට ඒ ජොබ්ස් එක සැට් වෙච්ච විදිහත් මරු..ඒක වෙන දවසක වෙලා තියන වෙලාවක මෑන්ස්ගෙනුත් අහලා දාන්නං කෝ! අර කජුවත්තේ අහල තිබ්බ ප්‍රශ්න වගේ එව්වට උත්තර දීලා තමා  මෑන්ව තෝරගෙන තිබුනේ!

කොහොමින් කොහොම හරි මිනිහ දැන් ඒ බැංකුවේ වැඩ...

ඒ බැංකුවේ බොසා මහ නාහෙට අහන්නෙ නැති ටිකක් සැර පරුෂ හිට්ලර් ජාතියේ ඩයල් එකක් ලු...නිවාඩු එහෙම ගන්නවට ඒ හැටි කැමති නැති එහෙම ලේසියෙන් නිවාඩු දෙන්නෙත් නැති ජාතියෙලු..ප්‍රධාන නගරෙක තියන කාර්යබහුල බැංකුවක් නිසා වැඩ එහෙම හරි වෙහෙස කරයි කියලා තමා අපේ එකා කියන්නේ!
කොහොමත් ඔව්වයෙ ඔය 365 ඩේ බෑංකින්, 24/7 Open අරව මේවා කියලා හබල් නැති අපිට නැව් ටෝක් දුන්නට වැඩ කරන උන් එපැයි වැඩ කොරන්න..නේද?රාජ්‍ය තැන් වගේ බැහැල්ලු!

Sunday, December 18, 2011

සරල බව සරල නැත - Simplicity is not a simple thing.

Simplicity is not a simple thing  [Charles Chaplin]

සරල බව සරල දෙයක් නොවයි. [ චාලි චැප්ලින්]

මේ කියමන පහුගිය දවසක මගේ නෙත ගැටුනා..ලොවක් හිනස්සපු මේ මනුස්සයා කියල තියන දේ ගැන තේරුම් ගන්න උත්සහ කරන්න.උත්සහ කරන්න කියලා මං කිව්වේ ඒක තේරුම් ගන්න එක ඒ තරම් ලේසි වෙන එකක් නැති නිසා..

අද ඉන්න ජෝකර්ලා එක්ක බලද්දි ඒ  කාලේ වචනයක් වත් කතා නොකර හාස්‍යය නැමැති  පැනි රස සීනි බෝල කවරින් එකක් ඇතුලේ මේ මනුස්සය දාල දීපු තිත්ත ඇත්ත (පණිවිඩය ) හා මේ මනුස්සය රංගනය තුලින් කල  විප්ලවය ගැන චාලි චැප්ලින් චිත්‍රපට බලලා තියන අයට අමුතුවෙන් කියලා දෙන්න ඕන නෑ!(නැති අය ඉන්නවනම් බලන්න..සැබැවින්ම වටිනවා..)මොහුගේ රංග ප්‍රකාශනයන් ගැන චූලානන්ද සමරනායක මහතා විසින් සිංහලෙන් රචිත පොතකුත් තියනවා..

මේ කියමන එක්ක මගේ හිතට ආපු මං කියවල තියන සමහර විට ඔබත් කියවලා/අහලා ඇති කතාවක් මගේ මතකයට ආවා..

Sunday, December 11, 2011

කලුවර සඳ


පෙරදින කලුවර සඳ බලා සිටි සඳ
නිකමට සිතුනා මට,
උඳුවප් සඳ වන් මසිත වසාගත්
චන්ද්‍රග්‍රහනයද නුඹ........?

Saturday, December 3, 2011

අපේ කාලයේ ටියුෂන් මාෆියාව

ද බොහෝ දෙනෙකුගේ අවධානයට බඳූන් නොවූ නමුත් අනිවාර්යෙන් අවධානය යොමු විය යුතු අංශයක් ගැන සංවාදයක් ඇති කිරීමේ කාලෝචිත අවශ්‍යයතාවය මත මෙම ලිපිය ලියවෙන බව කිව යුතුයි.අද සමාජය තුල මාෆියාවක ආකාරයෙන් ක්‍රියාත්මක වන මෙම ව්‍යාපාරය නවතා දැමිය යුතු බවට හෝ තහනම් කල යුතු බවට මේ තුලින් කිසිසේත් අදහස් නොකරන අතර හුදෙක් අයාලේ යන මෙම ටියුෂන් කෙරුවාව ගුණාත්මක හා සිසු හිතවාදී එකක් බවට පත් කරවීමේ ඇති අවශ්‍යතාව පිලිබඳව පැහැදිලි සංවාදයක් ගොඩ නැගිය යුතු බව මගේ පෞද්ගලික විශ්වාසයයි.
   

Monday, November 21, 2011

අපි නොදන්න බජට්!



1 + 1  එකට එකතු කලාම තුනයි කියල,
1 + 1 දෙකයි,කොහෙද යකෝ තුන කියල අපෙන් අහන..
බෝල කතිර ඉරි කොටු අකුරු ඉලක්කම් සුත්‍ර විජ්ජාවෙන්
අපි අන්දලා ,
ආදරයෙන් අපෙ කටට දාන,
හපලත් බැරි..
නොහපා ගිලින්නත් බැරි,
අපි නොදන්න බුල්ටො ටොපිය!



Friday, November 18, 2011

වීරයෝ හා ද්‍රෝහියෝ -එදා සහ අද

කියන්නට දෙයක් නැත..
කිව්වා කියල වැඩකුත් නැත..
වැරදි නොකරන මිනිසුන් මෙලොව නැත...

පුද්ගල දේශපාලනයන් මට අදාල නැත..
මා දන්නේ මෙපමනකි...
මොහුට මෙය සිදුවිය යුතු නැත..
මොහු වැරදිකරුවෙක් වියහැක,
නමුත් අපරාධකරුවෙකු නොවේ!

ඔහු කල වැරැද්ද වැරදි පැත්තේ හිටගැනීමයි..
අද අපිට කෙලවූ කරුණලා,පිල්ලෙයාන් සර්ලා ගරු. ය..
ඔවුන් සැකකරුවන් නොවේ...වැරදිකරුවන් නොවේ...
දේශප්‍රේමීය..ජාතිමාමකය..

ඔවුන් අපේ මුදලින් නඩත්තුවේ...ඒ මහා මන්දිරවලය..
මොහුද අපේ මුදලින් නඩත්තුවේ..හැබැයි ඒ බන්ධනාගාරයේය...
රට වෙනුවෙන් සටන් කල ඇත්තෝ පාවාදෙන්නෝය,දේශද්‍රෝහීය...

මිනිසුන් තනිවම ගස් බැඳගන්නා,
වෙඩි තියන්න අනුබල දුන් උන් සැකකරුවන් නොවන,
එහෙත් ගමේ කසිප්පු පෙරන එකාගේ අල්ලපු ගෙදර එකාවත් අල්ලාගෙන යන
රටක සිටිනා මිනිසුනේ,

සිතන්න...
දේශපාලන රෙදි උනා දමා...
බලන්න...
රතු කොල නිල් පාට කණ්නාඩි ගලවා...


මොහුට මෙය සිදුවිය යුතුද??
Does he deserve this????


Monday, November 14, 2011

ලෝක දියවැඩියා නිවාරන දිනය වෙනුවෙන් -කියවන්න..දැනුවත්වන්න...


අදට යෙදී තිබෙන ලෝක දියවැඩියා නිවාරන දිනය වෙනුවෙන් මා සිංහල බ්ලොග් ලිවීම ආරම්භ කල අවදියේ ලියූ (වැඩි පිරිසක් අතින් නොකියවුනු)මේ සටහන නැවත පලකරන්නට සිතුනා..
කියවන්න..දැනුවත්වන්න...


මොකක්ද මේ දියවැඩියාව????

වචනයෙ පරිසමාප්ත අර්තය සැලකුවිට අපට දල අවබෝධයක් ලබාගන්න පුලුවන්.
ඒ "වැඩියෙන් ජලය යාම" එනම් මුත්‍රා යාම.

දියවැඩියාව ප්‍රදාන ආකාර 2ක් තියනවා!
1. සිරුරේ ADH හොර්මොනය අඩුවෙන් ස්‍රාවය වීම/සම්පුර්නයෙන්ම ස්‍රාවය නොවීම නිස ඇතිවන දියවැඩියාව (Diabetes Insipidus)

2. ඉන්සියුලින් ස්‍රාවය නොවීම/අඩුවෙන් ස්‍රාවය වීම නිස ඇතිවන දියවැඩියාව(Diabetes Mellitus)
අප එදිනෙදා දියවැඩියාව (සීනි)ලෙස හදූන්වනු ලබන්නේ ඉහත කි ඉන්සියුලින් නිසා ඇතිවන දියවැඩියාව තත්වයයි.

ඉන්සියුලින් ස්‍රාවය නොවීම/අඩුවෙන් ස්‍රාවය වීම නිසා ඇතිවන දියවැඩියාව(Diabetes Mellitus)

අප කතා කරන්න බලාපොර්තු වන මෙ දියවැඩියා තත්වය වෛද්‍ය විද්්‍යනූකූලව වර්ග 2කට බෙදෙනවා.

1.Type 1: මෙය ඉන්සියුලින් නිෂ්පාදනය නොවීම නිස ඇතිවෙනවා(අග්නි්‍යාෂයේ ලැන්ගර්හෑන් දීපිකා වලින්)
2.Type 2:මෙය ඉන්සියුලින් වලට සෛල දක්වන සංවේදීතාව අඩු වීම නිසා ඇති වෙනවා

Saturday, November 12, 2011

සිරා කරපු මගේ ලව් එක:කෙථි කතාව


අද පෝය දවස..
කාමරේ ලයිට් නිවල තිබ්බට ඒ වගේම එලියකින් කාමරේ පිරිලා..
ම‍ං ආස නෑ එලියට..මට ඕන කළුවර..
එහෙම හිතලා පැත්තකින් තිබ්බ කොට්ටෙ අරං මූන වහගත්තා..

හ්ම්ම්ම්...
රංගි එක්ක එක දිගට රණ්ඩු වුන කීවෙනි දවසද මේ කියල මං කල්පනා කරන්න පටන් ගත්තා..
අදත් සුපුරුදු පරිදි අපි කතා කලා...රණ්ඩු උනා..
මට පුලුවන් උපරිමයෙන් මං එයාට ආදරේ කලා..අදටත් කරනවා..හැබැයි එයා කවදාවත් ම‍ං කරන කිසිම දෙයක හොඳක් දැක්කේ නෑ..ම‍ං කරන හැම දේම වැරදි..
එයා ගැන හිතුවත් වැරදි..නොහිතුවත් වැරදි!

Friday, November 11, 2011

විවාද ආතල්:අන්තිම ගහත් හිඳූන දවසට අන්තිම ඟඟත් කැපුනු දවසට


මේ සීන් කෝන් එකත් ම‍ම විවාද කණ්ඩායමට සම්බන්ධ වෙච්ච මුල් දවස් වල හරි වෙන්න කලින් හරි වෙච්ච දෙයක්.ඒ දවස් වල ඉතින් ඔය සිංහල සාහිත්‍ය දින ආවම පංති මට්ටමින් විවාද තරඟ එහෙම පැවැත්වෙනව එක කොහෙත් වෙන දෙයක් නේ!
 ඔය විදිහට පැවැත්වෙන විවාද තරඟ ඒ තරම් ප්‍රොෆෙෂනල් විදිහට තියන්නේ නැති නිසා ගොඩක් වෙලාවට කෙරෙන්නේ විවාදෙ පැත්තක තියලා දෙපැත්ත බෙදිලා කියුම් කියා ගන්න එක!
පොඩි දවස් නිසාත් බුද්ධියෙන් තර්ක කරන්න ඒ හැටි අවබෝධයක් නැති නිසාත් එකෙක්ට වචනයක් වරදිනක‍‍ං ඉන්නේ අනිත් පැත්තේ උන් ඕක අල්ලන් කෑ ගහන්න...හරියට අපේ පාර්ලිමේන්තුව වගේ..(පහල වීඩි‍යෝ එක බලන්න කෝ)

Wednesday, November 9, 2011

ඇස් ලෙඩ පැතිරීමේ අවදානමක්!!දැනුවත් වෙන්න..


පූර්විකාව: 
මේ දිනවල වයිරසයක් නිසා බෝ වන අක්ෂි රෝගයක් සීඝ්‍රයෙන් පැතිරී යාමේ අවදානමක් ඇති බවත් විශාල පිරිසක් දෛනිකව මේ සඳහා ප්‍රතිකාර ලබා ගැනීමට පැමිනෙන බව ජාතික අක්ෂි රෝහලේ අධ්‍යයක්ෂ වෛද්‍යය S.A.H ලියනගේ මහතා සන්ඩේ ටයිම්ස් පුවත්පතට පවසා තිබුනා!
මේ එම රෝගය ගැන කරන පොඩි විස්තර කිරීමක්! මෙහි සඳහන් බොහෝ කරුනු බොහෝ දෙනා දැනටමත් දන්නා දේවල්!නමුත් කියවීම තුලින් නැවත එම කරුණු මතක් කරදීමයි ලිපියේ අරමුන!!

මොකක්ද මේ ඇස් ලෙඩ???
අපි සරල බසින් ඇස් ලෙඩ කියල හඳුන්වන්නේ අක්ෂි පටලය ඉදිමීම හේතුවෙන් ඇතිවන ඇස් රතු වීමේ තත්ත්වයට!

Monday, November 7, 2011

වැර්ලස් මතකයන්: අක්කගේ ලයිට් හවුස්!



හුගිය සතියේ කතා බස් වැඩසටහනට සහභාගිවුන මං ඒ වෑරලස් එහෙක කතාකරපු තුන් වෙනි වතාව!
පලවෙනිපාර මං ගොඩක් පුංචි කාලේ ජාතික ගුවන් විදුලියේ වැඩසටහනකට දහම් පාසලෙන් එක්ක ගියා ලාවට වගේ මතකයි!හැබැයි ඒ හැටි තේරුමක් තිබුනේ නෑ!
දෙවෙනි පාරට ගියා මං 12 වසරේ ඉන්නකොට මං හිතන්නේ!
එහෙම ගිහින් වෙච්ච රසබර සිද්දියක මතකයන් දිග අරින්න තම දැන් හදන්නේ :)

Saturday, November 5, 2011

සාබිත් සමග කතා බස්...


බ්ලොග් කලාව තුල සාබිත් කියන්නේ මහා ලොකු චරිතයක් නෙවෙයි..
බ්ලොග් ලෝකේ පතාක යෝධයෙක් වත්,
සිංහල බ්ලොග් කලාවේ උන්නතිය උදෙසා ලියනවා ඇරෙන්න වෙන මොනවත් මහා ලොකුවට කරපු කෙනෙකුත් නෙවෙයි!
දවසගානේ පෝස්ට් දාන කෙනෙක් වත් ඉලක්කම් හතර පහක හිට්ස් තියන කෙනෙක්වත්
පෝස්ට් එකක් ලිව්වම වැල වගේ කොමෙන්ට්ස් දාන්න කට්ටිය ඉන්න කෙනෙකුත් නෙවෙයි!
අද වෙනකොට මං ලියල තියෙන්නේ ලිපි 27යි..
මේ අවුරුද්දයි මාස තුනටම!
ඔව් මාස 15ටම...
එහෙව් මට ආරධනාවක් ලැබෙනවා බස් රේඩියෝවෙන් රේඩියෝ වැඩසටහනකට!


කතා බස් 10වෙනි පියවරට!

ඒ ආරාධනය ඔස්සේ මට තේරුම් යනවා මාත් බ්ලොග් අවකාශයේ "කවුරුහරි"කියල!
අනපේක්ශිත ආරාධනයට බස් රේඩියෝවට ස්තුති කරන ගමන්ම,
වැඩසටහන අහලා අදහස් දක්වපු හැමෝටමත්  ස්තුතිවන්ත වෙනවා...
මට කියන්න තියනදේ මට හිතෙන දේ අහන්න ඔබට මගහැරුණා නම් පහත පටිගත කල වැඩසටහන හරහා එය රසවිඳින්න පුළුවන්

http://blog.buzzradio.lk/2011/11/buzz_05.html

ඒ වගේම මගේ හොඳම යාලුවෙක් අලුත් බ්ලොග් එකක් එක්ක සිංහල බ්ලොග් අවකාශයට අද එයාගේ පැමිනීම සනිටුහන් කලා..ඔහුගේ අඩවියට යන්න පුලුවන් මෙතනින්.

ස්තුතියි!


Tuesday, November 1, 2011

ශ්‍රී ලාංකීය විභාග,ක්‍රමයේ වැරැද්ද හා විකල්ප!



නිමිත්ත : පැමිණිලිකරු,විත්තිකරු හා විනිසුරු එක් අයෙක් වු විට අප කල යුත්තේ සිනාසීමද ඇඬීමද?


පසුගියදා මහනුවර උසස් බාලිකා විද්‍යාලයේ වාර්ෂික ත්‍යාග සහ සහතික පත් ප්‍රදානෝත්සවය වෙනුවෙන් පැවති උත්සවය අමතමින් විභාග කොමසාරිස් ‍ජනරාල්වරයා පැවසු අදස් බැඳේ!
"මේ විභාග දෙකම සාමන්‍යයපෙළ,උසස්පෙළ ගන්ධස්කාර කුනුවෙච්ච් විභාග,කිසිම ප්‍රයෝජනයක් නෑ ජීවිතේට.දැන් මට කව්රුවත් දඬුවම් කරන නෑ මේක මම ම කියන නිසා.
අප්‍රිකාවේ ගෝත්‍රික සමාජ කිහිපයක හැරුනම මේ වගේ බරපතල නින්දා සහගත ගතානුගතික විභාග ක්‍රමයක් නෑ.
විභාග කියන උපකරණය මේ දරුවන්ගේ විවිධ හැකියා මනින්න පාවිච්චි කරන මේ උපකරණය මොට්ටම මොට්ටයි. කිසිකෙනෙකුට මේක මුවහත් කරන්න බැහැ"
උපුටා ගැනීම:http://www.gossip9.com/2011/10/blog-post_31.html#ixzz1cMU9JFFy

     විභාගය, නිශ්චිත කාල පරාසයක් තුලදී තමන් කලින් ලබාගත් දැනුම ආශ්‍රයෙන් නිශ්චිත ප්‍රශ්න සංඛ්‍යාවකට පිලිතුරු සැපයීමේ ක්‍රියාවලිය ලෙස අර්ථ දැක්විය හැකියි.. දැනුම මැනීමේ ක්‍රමයක් ලෙස බොහෝ කලක සිටන් භාවිතා වන මෙම ක්‍රියාවලිය අසාර්ථක එකක් ලෙස විද්වතුන් බොහෝ කලක සිට අදහස් දක්වා තිබුනා..මේ ගැන විවිධ මති මතාන්තර තිබුනත් පැහැදිලී නවීකරනයන්/යාවත්කාලීන කිරීම් තුල තවමත්  තිබේන වඩා හොඳම නිර්නායකය ලෙස සැලකිය හැකියි..

Sunday, October 30, 2011

නීත්‍යානුකූල ගබ්සා කිරීම් (Legal abortion)




පෙරවදන: 
නීති විරෝධී ගබ්සාව වනාහි සමාජීය ලෙස අපි කවුරුත් ප්‍රතික්ෂේප කරන/කලයුතු දෙයක්..අද ලංකාවේ දිනකට නීති විරෝධී ගබ්සාවන් 800ක් පමන සිදුවන බව වාර්තා වෙනවා!!අමාරුවේ වැටී පසුව උත්තර සොයනවට වඩා ප්‍රශ්න නොවෙන විදිහට වැඩ කරන එකයි කල යුතුව ඇත්තේ!නිතරම පරිස්සම් වෙන්න,!හැඟීම් වලට වහල් නොවී..!මතක තියාගන්න Safety First and Prevention is always better than Cure!
හැබැයි අද කතාකරන්නේ ගොඩ දෙනෙක් වැඩි විස්තර නොදන්න නීත්‍යානුකූල ගබ්සා කිරීම් ගැන!

Saturday, October 29, 2011

සැමියාට ඕන උන ප්‍රසව වේදනාව!


මං ඉගෙන ගන්න දේවල් එක්ක මේ කියන්න යන කතාව සදාචාරසම්පන්නද මන්ද!හැබැයි අපේ වෙහෙස නිවෙන්නත් එක්ක අපේ ගුරුවරු කියන විහිලු කතා බොහෝ විට වෛද්්ය විද්්යාවට සම්බන්දයි!ඒ නිසාම බෙදාගන්න හිතුවා ඔයාල එක්ක!

හැබැයි අම්ම කෙනෙක් විඳින දුක අබමල් රේනුවක් තරම් වත් හැල්ලුවට ලක්කරන්න හොඳ නෑ!ඒ උතුම් වේදනාව තමයිලු මනුෂ්්ය වර්ගයා(මිනිසෙක්) ට විඳින්න පුලුවන් සහ විඳින උපරිම වේදනාව!   ඒක සමානයි කියල කියන්නේ අස්ථි කීයක්ද මන්ද කුඩු වෙන වේදනාවට කියල මං අහල තියනවා! මහවෙදනා මහවෙදනා ගෙන් හරි අනිත් කොන අනිත් කොන ලියන අපේ ඩොකා අක්කගෙන් හරි ඇහුවොත් හරියටම කියයි!

අටුවා ටිකා වලින් පස්සේ ඔන්න කතාව....

ඔන්න එක ජෝඩුවක් හිටියලු එකිනෙකාට බොහොම ආදරයෙන්!ඒ ආදරය කොච්චරද කියනවනම් කියන්න වචන නැල්ලු!හික්ස්!
මේ දෙන්න දුක සැප එකට බෙදාගෙන බොහොම සන්තෝශයෙන් ප්‍රේමයෙන් වෙලිලා එතිලා ලස්සනට ජීවත් වෙමින් ඉන්නකොට අර බිරිඳ ගැබ් ගත්තලු!
ඉතින් ඔහොම කාලෙ ගතවෙලා ළමයා හම්බවෙන්න කිට්ටු වෙලා මේ බිරිඳට ප්‍රසව වේදනාව දැනෙන්න ගත්තලු!
ඉතින් පලවෙනි ලමයා නිසාත් තියන බය නිසාත් ඉක්මනට ඉස්පිරිතාලෙකට අරන් ගියාලු!ගිහින් ඇඩ්මිට් කරල ඉතින් බලන් ඉන්නවලු..වයිෆ් ප්‍රසව වේදනාවෙන් කැ ගහනව බලන් ඉන්නම බෑලු මැන්ස්ට..

Saturday, October 22, 2011

මම,නුඹ හා ඇය හා මම!



පෙම් කලා මං ඔබට..
සියයක් නොව සියයට දෙසියයක්..
හදවතින්,හැකි උපරිමෙන්..

මිතුරියක් ඇය මගේ..
නැහැ ඉන් එහා ගිය කිසි දෙයක්..
පාව දෙන්නට නොහැක මිතුදම,
ඔබේ සෙනෙහස නාමයෙන්..
සැක කිරීම ඔබ සතු අයිතියක්
තියේ නම් සාධාරන හේතුවක්..

සිතට ගනු මැන මේ ටිකත්..
විකාරුපී සිතුවිලි මතින් නුඹ,
ඈත් වෙනවා නම් මගෙ සෙනෙහසින්..

හඬනු පසුතැවෙනු එපා නුඹ,
දැනගත් කලට,පෙම් කල බව මං නුඹට,
වඩා අන් කවරෙකුට..
නුඹ නුඹට ආදරේ යැයි සිතන..

Friday, October 21, 2011

ජොකා,ලන්කට් ඇන්ඩ් වන් ජොකී!



මෙච්චර දවස් මගේ බ්ලොගියේ මං ලිව්වේ ටිකක් විතර වැදගත්, ගතයුත්තක් තියන දේවල් නේ..ඔන්න අද පලවෙනි පාරට ආතල් කතාවක් ලියන්න හදන්නේ!
මේ දවස්වල බ්ලොග් ලියන කියවන උන් අතර ජනප්‍රියම ටොපික් එකනේ "ලන්කට්"එක එහෙම නැත්නම් "ජොකා" කියන එක ගැන ආයි විවාදයක් නැහැනේ!!
කතන්දර ඇතිකරපු ඒ පුනරොදය හරහා බොහෝ දෙනෙක් තමන්ගේ "ලන්කට්" නැත්නම් "ජංගි" මතකයන් ආවර්ජනය කරල තිබුනා ගොඩක් ආසවෙන්!
ඔන්න මගේ ඉස්ටෝරිය!

Wednesday, October 12, 2011

ඇඳුම් ඇඳන් ඉන්නා ලැජ්ජ නැති උන්ට ලියා දන්වන වග නම්~




මා බුලත්කොල කාරයෙක්,පු‍ටු,අලි,ගස්,පංචායුද.පචායුද කාරයෙක් හෝ සීනු කාරයෙකු නොවේ!
භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍රගේ දේශපාලනික චරිතය සුදුද කලුදැයි දන්නා කෙනෙකුද නොවේ!
ඔහු පුද්ගලිකව දැන හඳුනන්නේද නැත..
ඔහු කොලොන්නාවට වැඩ කලාද ඔහුට වැඩ කරගත්තාද කියා දන්නෙත් නැත!
ඔහු දේශපාලුවෙක්ද..දේශපාලකයෙක්ද කියලා දන්නේද නැත...
එනිසා ඔහු සමග බැඳීමක් මට නැත..

ඔහුට අවසන් බුහුමන් දක්වන්නට රෙදි ඇඳන් ඉන්නා ලැජ්ජා නැති උන් එනවා යනවා මං දු‍ටුවෙමි!

ඔහුගේ අවසන් කටයුතු සිදුවෙන අද දවසේ ඇවිත් පොර ටෝක්  දී මිනිසුන්ට ආතල් සප්ලයි කර අධෝමුඛයෙන් හිනස්සනවා වෙනුවට
බඩුත් එක්ක හොරු මාට්‍ටු වී සිටින මේ වෙලාවේ
"අපි වෙනුවෙන් අපි" සංකල්පයේ හෝ සිට
නුඹලා ගන්නා පියවර දෙස හා,
උන්ව වැඩිම මනාපයෙන් උඩට ඇරිය අපේ උන්දැලා ගන්නා පියවර දෙස
අපි අවදානයෙන් බලා සිටිනා බව
මෙලෙස ලියා දන්වමු!

Thursday, October 6, 2011

මිනිසුන් තනන මිනිසුන් වෙත!!


පිදුම:
ලෝක ගුරු දිනය වෙනුවෙන්...
ලෝකය දකින්නට.. ජීවිතය ජීවත් කරවන්නට මට කියා දුන් සිරි කුරුසියේ මගේ ආදරණීය ගුරු දෙමාපියන්ට!


ලොව ශ්‍රේෂ්ඨටම වෘත්තීන් අතර ගුරු වෘත්තිය ඉහල කොට සලකන්නේ ලෝකයේ හා මනුස්සවර්ගයාගේ රඳා පැවැත්ම සඳහා වු පදනම සකසන පුද්ගලයා ගුරුවරයා වන හෙයිනි..
ළමයෙකුට ලෝකය දකින්නට ..
ලෝකයේ හිස ඔසවා ජීවත් වන්නට..
මිනිසුන් තේරුම් ගන්නට ඔබ අප හුරු කරන්නේ යම් සේද..
ගෙදර වැටි වැටි නැගිටින්නට දෙමාපියන් උදවු වන්න සේම,
සමාජයේ නොවැටී සිටින්නට අවැසි ආකල්පමය පදනම සපයන්නේ ඔබයි..


පාසල් ගේට්ටුවෙන් අපිව බාරගෙන ගෙදර බිත්ති හතරින් එහා ලෝකයක් ඇති බව අපිට මුලින්ම පසක් කර දුන්නේත්..
හැමදාම එකම තැන වාඩි නොකර එක එක තැන් වලා වාඩිකරලා සමාජයේ හැම එකාම එක වගේ නොවන බව මුලින්ම දැනෙන්න සැලැස්වුවේත් නුඹයි..

Thursday, September 29, 2011

ඔබේ සෞඛ්‍ය සම්පන්න බව මෙතනින් මැනගන්න!



අද කියන්න යන්නේ ඔබේ නිරොගී බව නැත්නම් සෞඛ්‍ය සම්පන්න බව ඔබටම මැන ගන්න පුලුවන් ක්‍රමයක් ගැන..මේකට කියන්නේ BMI (Body Mass Index) සිංහලෙන් මට මතක හැටියට කියන්නේ ස්කන්ධ දේහ දර්ශකය වෙන්න ඕන..(වැරදි නම් නිව‍රැදි කරන්න).. ජීව විද්්‍යා අංශයෙන් උ.පෙල හදාරපු අය නම් මේක ගැන දන්නවා ඇති..අනිත් අයත් ඔය සොෆ්ට්වෙයා වලට දාලා පිලිතුර අරන් ඇති!හැබැයි වෙන්න මොනවද කියල නම් දන්නෙ නැතුව ඇති!

Thursday, September 15, 2011

පොඩි ජෝක්ස් එකක් :)

 මේ ලඟදි දවසක අහපු විහිලු කතාවක්..අනන්ත අප්‍රමාන විහිලු කතා අහලා තිබුනත් මේ කතාව අහලා තිබුනේ නෑ..මං වගේ අහල නැති අයත් එක්ක කතාව බෙදා ගන්න හිතුනා..
මේකත් අර හැමෝම අහල තියන සනීපනෑඩෝ වගේ එකක් තමයි..
ඔන්න කතාව..
දවසක් මිනිහෙක් පිහි ඇනුමකින් තුවාල වෙලා ඉස්පිරිතාලේට ආවලු වෛද්‍ය වරයෙක් හොයාගෙන..

ඩොකා : තමුන්ගේ නම කියන්න බලන්න!
ලෙඩා  : ඇන්නේ පියසේන
ඩොකා : හරි හරි..අපි එයා ගැන පස්සේ බලමු..දැන් නම කියල ඉන්න බෙහෙත් කරන්න!
ලෙඩා  : ඇන්නේ පියසේන සර්
ඩොකා : අයිසේ..තමුසෙගේ නම කියල ඉන්නවකො ඇනපු උන් ගැන කියන්න කලින්..
ලෙඩා  : නම තමයි සර් ඇන්නේ පියසේන..
 බැලින්නම් මිනිහගෙ නම N.A පියසේන...ඇන්.ඇම්.පෙරේරා වගේ ඒ නම් සිංහලෙන් ශබ්ද වෙන්නේ ඒ විදිහට නේ! 

Sunday, September 11, 2011

මොනවද මේ බජට් එයාලයින්?? හා මිහින් vs Sri Lankan

අද මං ‍තෝරගත්තේ බොහෝ දෙනෙකුට අහල පුරුදු ඒත් පැහැදිලි අවබෝධයක් නැති දන්නෝ දනිති මොඩලයේ මාතෘකාවක්..මිහින් සමාගම ඇරඹීමත් සමග බොහෝ දෙනෙකුට මතුවෙච්ච ගැටලුවක් තමා ඇයි එකක් තියෙද්දි තව එකක් කියන ප්‍රශ්නය..ඇත්තටම මේ දෙක එකක් නෙවෙයි දෙකක් කියලා මේ ලිපිය අවසානයේදි තේරුම්ගන්න පුලුවන් වේවි..
මොනවද මේ අඩුවැය නැත්නම් බජට් එයා ලයින් කියන්නේ?
 ඇත්තටම අනවශ්‍ය වියදම් කපා දමමින්සාපේක්ෂව අඩු මුදලකට මගීන් ගෙනයාම පදනම් කරගත් ගුවන් සේවා මෙලෙස හැඳින්විය හැකියි..ලංකාවේ සිට එලෙස ක්‍රියාත්මක වන ගුවන්සේවා කිහිපයක් ලෙස Mihin Lanka,Air Asia, Air Arabia,Fly Dubai දැක්විය හැකියි..

අරමුණ :
 මොවුන්ගේ ප්‍රධාන අරමුන හෝ තේමාව වන්නේ low fairs low comfort(අඩු මිල අඩු සුවපහසුව) කියන එක.. නමුත් අද ඇති තරඟ කාරීත්වය සමග සාමාන්්‍යයෙන් හොඳ පහසුකම් ලබාදෙන්න මොවුන් පෙලඹී තියෙනවා..

අනිත් ඒවායින් අඩුවැය ගුවන් යානා වෙනස් වෙන්නේ කොහොමද?

Wednesday, August 31, 2011

ඇඳුම් ගනිද්දි පරිස්සමින්!!!


මං අද වෙනකම් මට වෙච්ච පෞද්ගලික දේවල් බ්ලොගියේ අකුරු කරපු එකෙක් නෙවේ! ඒ වැඩේට මං එච්චර ආසත් නෑ! හැබැයි ඒ ඉතින් ලියන්න දේවල් නැති නිසා නම් නෙවේ..මට වෙච්ච දේවල් ලියනවනම් පොත් ගනන් ලියලා ඒවායේ  කවරවලත් ලියන්න දේවල් තියනවා..ඔන්න ඉතින් එහෙම ලියන උන් ඉන්නව නම් කලබල වෙන්න එපා! තව තව ලියපල්ලා!මං ගොඩක් ආසාවෙන් කියවනවා!මොකද ඉතින් එක එකා ගේ ආතල් විවිධාකාරයි නේ! අපේ ආතල් අපිට ආතල්..නැද්ද මං අහන්නේ!

රා.......යිට්! ඔන්න සිද්දිය!

Monday, August 29, 2011

අහිමි සැප!!


රෑ ඉතුරු වෙච්චවා උදේට අම්ම රත් කරල තියද්දි...
ඒවා නොකා ගේ ලඟ තේ කඩෙන් බිත්තර රොටි දෙක තුනකට වග කියල..
ප්ලේන්ටියක් බීල..
අම්මගෙන් "උඹ් කන්නෙ නැද්ද? කන්නෙ නැද්ද?" කියල බැනුම් අහද්දි..

රැට යාලුවෝ එක්ක පචයක් ගහන ගමන්..
කොත්තු බාස්ගේ දා බිඳු වලින් පදමට ලුනු වැටිච්ච කොත්තු දෙකක් ප්ලේට් තුනකට දාල කාල..
අතේ තියන අන්තිම සතේ සතේ දාල බිල ගෙවල..
බඩට වඩා හිත පුරෝගෙන ගෙදර යද්දි..

බස් හොල්ට් එකට වෙලා හවසට ගවුමක් බලලා...
යලුවෝ එක්ක යන එන ජෝඩු වල හූල්ලද්දි..
කවදාවත් සෙට් නොවෙන බව ටක්කෙටම දන්න කෙල්ලෙක්ට පිස්සු වැටිලා
එකි පස්සෙ දවසගානේ බඩගාද්දි...

තියන සැප,දැනෙන හැඟීම වගේ සතුටක් ලොකේ තව තියෙන්න පුලුවන්ද???
රුපියල් සත වලින් අරගන්න පුලුවන්ද?

ඒ ඔක්කොම පැත්තක තියලා අපි මේ දුවන මිරිඟුව මොකක්ද?
ඒ තුලින් කවදා හරි අපිට හම්බ වේ කියල අපි විශ්වාස කරන්නේ අපෙ හිත ඉල්ලන දේද?
අපිට ඕන කරන දේ ද?
පිලිතුර නෑ කියන එක නම් (ඒ බව අපිත් දන්නවනම්)..
හිත ඉල්ලන දේ අපිට,අපිටම දීගන්න බැරි ඇයි?


(මේ දවස්වල ගෙදරට වෙලා යාලුවො එක්ක ඉන්නකොට හිතිච්ච සිතුවිලි ටිකක් ......)

Wednesday, August 24, 2011

පෞද්ගලික වෛද්‍ය විද්්‍යාල, නිදහස් අධ්‍යාපනයේ මලගම(ද?) හා සිසු පරපුර..දේශපාලනික නොවන සංවාදය - II කොටස

මා විසින් ලියන ලද පෞද්ගලික වෛද්‍ය විද්්‍යාල, නිදහස් අධ්‍යාපනයේ මලගම(ද?) හා සිසු පරපුර..(දේශපාලනික නොවන ලිපියකි) (මෙතනින් කියවන්න)  ලිපියේ මාගේ අදහස් ප්‍රකාශ කරන අතරතුර බුද්ධිමත් සංවාදයකට මා ඇරයුම් කලා..ඊට පිලිතුරු ලෙස මේ ක්ෂේත්‍රයේ නියුතු වියතුන් බොහො දෙනෙක් අදහස් පල කිරීම ගැන පුද්ගලිකව මං පවා මවිත උනා...
සාමාන්්‍ය පාඨකයන්ට අමතරව වෛද්්‍යවරුන්,විදෙස් ව්.ව් වල ආචර්ය මණ්ඩලයේ සාමාජිකයින් පමනක් නොව දිනුක වැනි තව බොහෝදේශීය වි.වි වල සිසුන් පවා අදහස් දැක්වීමට එකතු වීම ගැන සතු‍ටුයි..
ඒ අතර මිගාර වෛද්්‍ය තුමා ඔහු විසින් ලියන ලද සවිස්තරාත්මක ලිපියක් මගේ ලිපියට පිලිතුරු ලෙස පල කලා...ඒ තුලින් මා සාකඡ්ඡා කල කරුනු සවිස්තරාත්මකව විස්තර කෙරෙනවා පමනක් නොව මගේ අදහසට ප්‍රතිවිරුද්ද මත පලකල බොහෝ දෙනෙකුගේ ගැටලුවලට  විසඳුම් ලැබෙනවා..පැන නැගිය හැකි ප්‍රායොගික ප්‍රශ්න වගේම ඒවාට පිලිතුරුත් දක්වා තිබීම නිසා මෙය පලකරන්නට මා තීරනය කලා..පැහැදිලි සැලසුම් හා ප්‍රතිපත්තිමය තීරනයන් ගැනීම තුලින් පෞ.වෛ.වි ප්‍රයෝගික යථාර්තයක් බවට පත් කර ගැනීම එතරම් අපහසු නොවන බව මේ ලිපියෙන් ඔබට පැහැදිලි වේවි....

Tuesday, August 16, 2011

ගබ්සාව


මං ඉගෙන ගත්තු  පාසල ඒ කියන්නේ කලුතර සිරි කුරුස විදුහලේ හරි අපුරු දෙයක් සිදු වෙනවා...සැම වසරකම ජේෂ්ඨ ශිෂ්්‍ය නායකයන් හා  ශිෂ්්‍ය නායක සංගමය පාසලේ වි්‍යාපෘතියක් කරන්න ඕන..පස්සේ එක අව්ට පාසල් හා මහ ජනතවට ඉදිරිපත් කරන්න ඕන..මේක සාමන්්‍යයෙන් ලොකු වැඩක්...ලක්ෂ ගනනින් මුදල් හුවමාරු වෙන වගේම සමහර විට හොඳ ලාභයකුත් තියනවා...ටිකත් විකුනලා,ඇඩ් හොයලා තමා වියදම කවර් කරගන්නේ! විශේෂත්වය තමා සියලු දේම මෙහෙය වන්නේ සිසුන් වීම.. 
ඉතින් ඔය විදිහට මැතකදී 2004 දී දැහැන්සර,2005 සමාශ්‍ර, 2006 Rhythm of the Horizon, 2007 Revolution අධ්‍යාපනික ප්‍රදර්ශනය වගේ දේවල් සංවිධානය උනා...2004 දැහැන්සර කියන්නේ පාසලේම සිසුන්ගේ පද රචනයෙන් ගායනයෙන්  හැඩවුනු  තැටියක් එලි දැක්වුනු අවුරුද්ද..ලොකු ප්‍රසංගයක් එහෙම තියාඅ තමයි මේ එලි දැක්වුවේ.. මේ තියෙන්නේ එහි හොඳම ගීතයට ලෙස තේරුනු පද රචනය..සංගීතය එක්ක මුසු උනාම ගොඩක් ලස්සන ගොඩක් තේරුමක් තියන සිංදුවක්...

පද රචනය : හිමාල් නාලක අයියා ( මේක ලිව්වේ එය 12 වසරේ ඉන්නකොට..දැන් දන්ත වෛද්‍ය වරයෙක්)
ගායනය    :  ෂෙනෝ කුරේ අයියා
සංගීතය    :  ජුඩ් ඇන්ටන් පිය නම

Saturday, July 30, 2011

සාබිත්ගේ අර්ධ ශතකය....

අදත් පුරුදු විදිහට කොලේජ් ගිහින් වෙනදා වගේ බ්ලොගිය පැත්තේ   ආවම තමා දැක්කේ මං 50 ගහල බව :) ඔව්! ෆලොවර්ස්ලා 50ක්..ඒ විතරක් නෙවෙයි හිට්ස් 3008ක්! දෙකම එක දවසේ! මං හිට්ස් 1000 ගහපු දවසේ ගොඩක් විස්තර ලියපු නිසා (කියවපු නැති අය ගිහින් කියවන්න) අද ආපහු ලියන්න යන්නේ නෑ එවා! මං බ්ලොග් එක පටන් අරන් දැන් අවුරුද්දක් විතර! හැබැයි ලියල තියෙන්නේ පොස්ට් 12යි.. දැන් අලුතෙන් බ්ලොග් ලියන්න පටන් ගත්තු අය හිනා වෙන්න එපා හරිද මූට අවුරුද්දක් ගියාට මගේ බ්ලොග් එකට ඔය ටික සති 3න් හම්බුනා නේ කියල! ඇත්ත තමා! ගොඩක් අය ඇවිත් මාසයක් යද්දි සැහෙන්න ෆලෝවර්ස්ලයි හිට්ස් තොගේකුයි සෙට් වෙනවා..අනේ ඉතින් මට නම් ඒ හැටි ඔවා පස්සෙ එලවන්න බෑ! හිතෙන දෙයක් ලියල,තියන දෙයක් කාල වෙනදෙයක් බලා ගෙන ඉන්නවා ඇරෙන්න..කොහොමත් මං ගොඩක් ලියනවට වඩා කරන්නේ කියවන එක..ඇරත් මං ලියන්නං වාලේ ලියන කෙනෙකුත් නෙවෙයි....ඉතින් මගේ ගමන මං යනවා හිමින් සීරුවේ! මොකක් හරි ලියල දැම්මම දැන් දැන් 300ක් විතර බලලා යනව කොමෙන්ට් 20ක් විතර වැටෙනවා ඒ ටික මට ඇති! ඉතින් මගේ බ්ලොග් එක පැත්තේ ඉඳල හිටලා එන හැමෝටමයි ෆලෝ කරපු හැමොටමයි ගොඩක් ස්තුතියි!ජයවේවා! 
-සාබිත්-

Thursday, July 21, 2011

දන්න පැරසිටමෝල්(පැනඩෝල්) ගැන නොදන්න ටිකක්!


පැරසිටමොල් එසේත් නොමැතිනම් පැනඩොල් ලෙස අපි කවුරුත් හඳුන්වන මේ ඖෂධය බොහොම සුලභව අපි කවුරුත් එදිනෙදා භාවිතා කරන බෙහෙතක්...ඉතින් මේ බෙහෙත ගැන දන්න හා නොදන්නා කරුනු කිහිපයක් මේ කෙටි ලිපිය තුල අන්තර්ගත වෙලා තියනවා..

අතීතය: 
     මේ බෙහෙත පලමුව සොයාගෙන තිබෙන්නේ 1877 දී පමන හාර්මන් මෝර්ස් කියන පුද්ගලයා විසින්..නමුත් එය ඇමරිකානු වෙලඳ පොලට පිලිගත් ඖෂධයක් ලෙස එක් වන්නේ නවසිය ගනන් වල මුල් භාගයේ ලෙසයි සඳහන් වී ඇත්තේ..

රසායනික නාමය:   පැරසිටමොල් හෝ ඇසිටොමිනෝ‍ෆින් (C8H9NO2)

වෙලඳ නාම       :   පැනඩොල්, පැර්සිටෝල් (ලංකාවේ)


ලබා ගන්න පුලුවන් මොන විදිහේ තත්ත්වයන් වලදීද?
  • මෙය කුඩා හා මධ්‍යම ප්‍රමානයේ වේදනාවන් වලදී වේදනා නාශකයක් ලෙස ක්‍රියා කරනවා(හිසේ    කැක්කුම්,මාංශ පේශි වල වේදනාවන්,දත් කැක්කුම්)
  • දේහ උෂ්ණත්වය අඩු කරන නිසා උණ වැනි තත්ත්වයන් වලදී හා 
  • වෛද්්‍ය නිර්දේශය මත තවත් රෝග ගනනාවකදී...


Sunday, July 17, 2011

පෞද්ගලික වෛද්‍ය විද්්‍යාල, නිදහස් අධ්‍යාපනයේ මලගම(ද?) හා සිසු පරපුර..(දේශපාලනික නොවන ලිපියකි)



පෞද්ගලික විශ්ව විද්්‍යාල හා නිදහස් අධය්‍යාපනයේ මලගම ගැන වෙන කවරදාකටමත් වඩා පහුගිය වක වානුවේ කතා බහට ලක්වුනා..පස්සේ දැන් දැන් ඒ කතබහ සමාජයේ නැවතත් මතුවෙන්න පටන් අරගෙන..මේ නිසාම මේ වයේ ඇත්ත නැත්ත ගැන දේශපාලනීය නොවන බුද්ධිමත් සංවාදයකට මුල පුරන්න ඕන කියලා මට හිතුනේ ඒ ගැන කතා කරන්න මං සුදුසුයි වගේම මට ඒ ගැන අයිතියක් තියනව කියල මට හැඟුන..මොකද මාත් පෞද්ගලික විශ්වවිද්්‍යාලයක සිසුවෙක් නිසා...
බුලත්කොල,සීනු,අලි,හක්ගෙඩිකාරයන් කියවනවානම් තමන්ගේ(හෝ තමන්ට කා වද්දා ඇති) දේශපාලනික අදහස් පැත්තක තියල මැදහත් මනසින් මෙක කියවන ලෙසට ආරාධනා කරනවා..කවුරු හරි මගේ අදහස් වලට එකඟ නැත්නම් පිලිතුරු ලිපියක් ලියන්න...අපි සාකජ්ජා කරමු...වැදගත් විදිහට මේ ගැන කතා කරමු..බුද්ධිමත් සංවාදයක් ගොඩනගමු! ඒ තුලින් සාමාන්්‍යය පාඨකයාට අවස්ථාව දෙමු කිරල මැනලා අනුන්ගේ මතය වෙනුවට තමන්ගේ මතය ගොඩනගා ගන්න.......


ශ්‍රී ලංකාවට පෞද්ගලික විශ්වවිද්්‍යාල සංකල්පය අලුත් එකක් වුනාට දකුනු ආසියවේ සියලුම රටවල් වල මේ කියන පෞද්ගලික විශ්වවිද්්‍යාල දකින්නට ලැබෙනවා..ඇතැම රටවල් වල විදෙශ සිසුන් පවා මේවාට ඇතුල් කර ගන්නවා..
වාර්ශිකව ලංකාවේ වෛද්්‍ය විද්්‍යාලයකට යෑම සඳහ වරම් ලබන්නේ කොතරම් සුලු පිරිසක්ද කියන එක කියන්න අ‍ටුවාටිකා ඕන නෑ..ඉන්පසු සෙසු පිරිසට සිදුවන්නේ කුමක්ද????

Sunday, July 3, 2011

නො එන ගමන් යන මගේ මිතුරාට.........

පොඩි කාලේ ඉඳන් එකට හිටපු මගේ මිත්‍රයා මලිත් අද හවස 3ට නො එන ගමන් යනවා...



මතක මංපෙතේ ආපසු පිය නගන්නට හැකි නම්,
හමුවන සිතෙහි ‍රැඳුනු පැ‍රැණිම මතකයන් අතර කොහේ හෝ කොනක උඹත් ඇති..
අපි ඒ තරම් කාලයක සිට එකිනෙකා දැන උන්නා..
අපි එකට උස් මහත් උනා,හැදී වැඩුනා..
අපි එකිනෙකා ගැන හැම දෙයක්ම දැන හිටියා..
ඒ අපි අතර තිබුනු බැඳීමක තරම...
පාසල පංතිය සෙනෙහස මිතුදම අතර ගෙවුනු කාලය කොතරම් සොඳුරුද?

කොහේ සිට හෝ බලා ඉන්නවා නම් අද අපි දිහා..
උඹ ආඩම්බර වේවි!
කෙටි ජීවිතය තුල ලඟා කරගත් දෙවල් ගැන,මිනිස්සු ගැන,මනුස්සකම ගැන,
උඹ දුක් වේවි!
උඹට ලඟා කරගන්න තිබුන දෙවල් ගැන,මිනිස්සු ගැන..

අද.....
ජීවිතය ජීවත් කරවීමේ අභියෝගය හමුවේ උඹ පැරදිලා
නිසලව අපි දිහා බලන් ඉන්නවා...
ඔබෙන් කවදාවත් නොදැකපු නුපුරුදු නිහඬ බව අපිට ලොකු පණිවිඩයක් කියනව...
කෙටි ජීවිතයක්..ලොකු පණිවිඩයක්...

ඒ මරණය තුලින් ලෝකය නතර කල නොහැකි බව,
ලෝකය පෙරටම පෙරටත් වඩා වේගයෙන් ගමන් ගන්නා බව..
ලෝකය වෙනස් කල හැක්කේ මරණය තුලින් නොව ජීවිතය තුලින්ම පමනක් බව..
ප්‍රශ්න වලට විසඳුම ජීවිතයම බව...

යමක් ලබා ගැනීමට නම් යමක් කැප කල යුතුයි..
ඒත්..උඹ කල කැප කිරීමෙන් උඹට ලැබුනේ මොනවාද?
අපිට ලැබුනේ මොනවද???

පිලිතුරු නැති ප්‍රශ්ණ ඉතුරුකරලා උඹ අද අපෙන් යන්නම යනවා...

පිට රටක ඉඳගෙන උඹේ මතක එක එක අමුනද්දී...
උඹේ මූන අන්තිම පාරට බලගන්න බැරි වෙන බව දැනෙද්දී...
මගේ කර පිට පොඩි දුරක් හරි උඹේ අන්තිම ගමන ගෙනියන්න මට බැරි බව හැ‍ඟෙද්දී
මේ ජීවිතේ කොච්චර කාලකණ්නිද කියල හිතෙන වාර ගනන අනන්තයි බං!

මලිත්..
එහෙනම් මචං උඹට සුබ ගමන්!

Sunday, June 19, 2011

ලේ දන් දීම....තවත් එක් සාම්ප්‍රදායික ලිපියක් නොවේ!


(ජුනි 14 වෙනිදට යෙදුනු ලෝක ලේ දන් දීමේ දිනය වෙනුවෙන් ලියැවුනු සාම්ප්‍රදායික ලිපියක් නොවන බව කරුනාවෙන් සලකන්න..මන්ද යත් මේ වන විට එවැනි ලියුම් ගනනාවක් ඔබ දැනතමත් කියවා ඇති)
සැ:යු : මා කලින් ලියු දියවැඩියාව ලිපියට ඒ තරම් ප්‍රතිචාර හම්බ වුනේ නෑ...හේතුව තේරුම් ගැනීමේ අපහසුතාවය වෙන්න ඇති.ඒ නිසා පුලුවන් තරම් සරලව ලියන්න උත්සහ කරන්නම්.

ලේ.......

ඕන වෙන්නේ කාටද????

• හදිසි රුධිර වහනයන් නිසා රුධිර පරිමාව අඩු වු අයට..
හදිසි අනතුරු,සැත්කම්, දරු ප්‍රසූතියකදි මේ තත්ත්වය ඇති විය හැකි.
• රක්ත හීනතාවයෙන් පෙලෙන අයට
• ලියුකේමියා රොගීන්ට
• අධික පිලිස්සුම් තුවාල සහිත වූවන්ට
• රුධිරය කැටි නොගැසීමේ රෝග තත්ත්වයන්ට මුහුන දෙන අයට(හීමොෆීලියාව)
• ඇතැම්විට අලුත උපන් දරුවන්ට


කාටද ලේ දෙන්න පුලුවන්????

අපි හිතනවා වගෙ ඕන කෙනෙක්ට ඔන ඕන විදිහට ගිහින් ලේ දන් දෙන්න බෑ..ඒ සඳහා සපුරාලියයුතු කොන්දෙසි කිහිපයක් තියනවා!
• වයස අවුරුදු 18ත් 65ත් අතර විය යුතුයි
• බර කිලෝ ග්රෑඅම් 50ට වැඩි විය යුතුයි
• මැලේරියා.හෙපටයිටිස්,AIDS වැනි රෝග තත්ත්වයන් වලින් තොර විය යුතුයි
• රුධිර පීඩනය සාමාන්‍යය මට්ටමක තියෙන්න ඕන
• අවසන් වරට ලේ දන් දීමේ දිනය මාස 4කට කලින් නම් වඩත් යොග්‍යයි
• ගැබිනි මාතාවන්ගෙන් ලේ ලබා ගන්නෙත් නැහැ

ඉහත කොන්දෙසි සපුරාලන ඕන කෙනෙක්ගෙන් රුධිරය ලබා ගන්නවා! ගන්න විදිහ කලින් දැකලා ඇතිනේ!


කොච්චර ගන්නවද???
එක පයින්ට් එකයි! මිලි ලිටර් 450යි..ලේ ගන්න කොට කිසිම රිදිල්ලක් නැත්නම් අපහසුවක් ඇතිවෙන්නෙ නෑ ක‍ටුව ගහන කොට ඇරෙන්න!
මේ ලබා දෙන මිලි ලිටර් 450 අඩුව විනාඩි 30,40ක් යන කොට අපේ ශරීරය හරි ගස්ස ගන්නවා..රුධිර සෛල හැදෙන්න ටික දවසක් යනව උනාට අපි ඇත්තටම ලේ දුන්නත් නෑ වගේ තමා..කිසිම්ම පාඩුවක් වෙන්නෙ නෑ!

ඊට පස්සෙ මොකද කරන්නෙ???

රුධිරය අර ප්ලස්ටික් බෑග වල බහාල ලා එයට ප්‍රතිකැටිකාරක එකතු කරනවා කැටි නොගැහෙන්න..පස්සෙ සෙල්සියස් අංශක 4 ක් තරම් වන අඩු උෂ්නත්වයක ගබඩා කරනවා!එවිට ගොඩ කාලයක් තියා ගන්න පුලුවන්!


ඊටත් පස්සෙ????
ඊට පස්සෙ ඒ රුදිරය අරගෙන පහත පරීක්ශන වලට ලක් කරනවා!ඇතැම් විට මේ පරීක්ශන රුධිරය ගන්න කලින්ම කරන අවස්ථාත් තියනවා!

1. රුධිර කාණ්ඩය පිරික්සීම (A,AB,O,B යන වග පිරික්සීම) හා Rh සාධකය (+ ද - ද යන වග)පිරික්සීම

මේකෙන් ඔබට පේනව ඇයි කාන්ඩය පරීක්ශා කරන්නෙ කියල.
ඔබෙ වර්ගය O නම් ඔබට හැමොටම දන් දෙන්න පුලුවන් උනාට ඔබට අවශ්‍ය උනාම ගන්න පුලුවන් O වර්ගය විතරයි.A ට ඕන කෙනෙක්ගෙන් ගන්න පුලුවන්..ඒ විදිහට....

2.හෙපටයිටිස් B හා C පරීක්ෂව
3. AIDS පරීක්ෂාව

ඊට පස්සෙ මේ රුධිරය රොගියාට දෙන්න කලින් බලනවා එ රොගියාට ඒ ලේ ගැලපෙනවද කියල පොඩි පරීක්ෂාවකින්..පස්සෙ ගැලපෙනවා නම් ඔබේ කැපකිරිමෙන් ඔබ ඔහුව මේ ලොකේ තව තත්ත්පරයක් හරි ඇතැම්විට ජීවිතකාලෙම හරි ජීවත් කරවනවා..

සම්පූර්න රුධිරයම විතරක් නෙවේ දෙන්නෙ..එම රුධිරය පට්ටිකා,ප්ලස්මය,රුධිර ප්‍රෝටින,රුධිර කැටි ගැහෙන සාධක වෙන් කර ගෙන වෙන වෙනම ලබා දෙන අවස්ථාත් තියනවා!

ඔන්න ඔහොමයි වැඩේ වෙන්නෙ!මං කලින් කිව්වනේ මං ඇයි අපි ලේ දෙන්න ඔන,මිනිස්සු කොහොමද ඒකෙන් ජීවත් වෙන්නෙ,අපිට කොච්චර පින් ද කියල මං කියන්න යන්නෙ නෑ කියල!
හැබැයි ඔබේ රුධිරය බිංදුව බිංදුව වැටෙද්දි ඒ පවුල් වල අයගෙ සිතට දැනෙන සැනසීම,හැඟීම අපිට කවදවත් සල්ලි වලට ගන්න බැරි වෙයි!
වෙලා තියනවා නම් මේ දුක හිතෙන කතාවත් පොඩ්ඩක් කියවල යන්න!
http://www.bloodbanksrilanka.com/amazing_stories.php

මූලාශ්‍ර : පොත පත, ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ වෙබ් අඩවිය!

Thursday, June 9, 2011

හිට්ස් 1000 කඩඉමෙ සිට ආපසු හැරි බැලිම..


නවකයෙකුගෙ සිහිනය මොකක්ද කියල කවුරු හරි ඇහුවොත් පුලුවන් තරම් ඉක්මනට හිට්ස් 1000ක් ගන්න එක කියල 10න් 8ක් වත් කියනව සුවර්!!!
තමන්ගෙ බ්ලොග් එකට ඇවිත් කවුරු හරි කොමෙන්ටුවක් හරි ෆලො පාරක් හරි දැම්මම තියන ආතල් එක නැත්නම් කිතිය එහමත් නැත්නම් ඉයුෆොරාව ගැන බ්ලොග් ලියන කියවන ඔයාලට අමුතුවෙන් කියන්න ඔන නැහ නෙ...
ඉස්සර වගෙ නෙවෙයි දැන් හිට්ස් 1000ක් වට්ටගන්න එක එ හැටි වැඩක් නෙවෙයි..හරියට ගෙමට බැස්සොත්.සිංඩි දෙක තුනකට රිංග ගෙන පොස්ට් දෙක තුනක් සතියට ලියල දැම්මොත්..කාගෙ හරි හොදට හිට් බ්ලොගියක කොමෙන්ටුවක් දැම්මොත් මාසෙකින් කිසි කරදරයක් නැතුව හිට්ස් 1000 ලගා කරගන්න පුලුවන්..

මගෙ නම ඔයාලා ජංජාලයෙ දකින්න පටන් ගත්තෙ ඊයෙ පෙරෙදා ඉදන් උනාට මගෙ බ්ලොගිය මාස 10ක් විතර පරනයි...
මං මෙක පටන් ගත්තෙ නිකන් මට හිතෙන දෙවල් යාලුවන්ට කියන්න දැන ගන්න සලස්වන්න හිත්ගෙන..එහෙම හිතල මාස හය හතක් එ විදිහට වැඩෙ කරගෙන ගියා...පහුගිය අප්‍රෙල් වෙනකන්ම තිබ්බෙ හිට්ස් 200යිද කොහෙද ...හික්ස්..
හිට්ස් අඩු වෙන්න හෙතු උන් මං සිංඩි වල නොහිටපු එක..අනිත් එක මට උවමනාවක් හා වෙලාවක් නොතිබ්බ එක..අදටත් මං බස් එකෙ නැහැ..
මං (කොන්)දොස්තර කෙනෙක් වෙන්න ඉගෙන ගන්නවා කියල කස්ටිය දන්නවා ඇතිනෙ..ඉතින් exam සෙට් උනාම මෙවට තියන වෙලාව ගොඩක් අඩුයි...
2 වසරෙ විබාගෙ පොඩ්ඩක් ලොකු එකක්..එක දෙයියනෙ කියල ගොඩ දාගෙන මගෙ අලුත් ලැපත් ගත්තා...එ අරන් පොඩ්ඩක් ජංජාලෙ බ්ලොග් කියවද්දි මටත් හිතුන මහ මෙරක් උසට තියන වැඩ නිසා මොට්ට වෙගෙන යන මගෙ රසවින්දනය ගොඩ ගන්න බ්ලොගිය මරු පොට් එක කියලා...මොකද මාත් ඉස්කොලෙ යන කාලෙ හොදට ලියපු කියවපු එකා නොවැ..
බ්ලොගිය ඇතුලෙ තියන sub culture එකට මට ආස හිතුන..හවසට බොඩිමට ඇවිත් ප්ලෙන්ටියක් ගහන ගමන් අනිත් උන් ලියපුව කියවද්දි තියන ආතල් එක කියල වැඩක් නෑ..දුර ඈත රටක ඉන්න අපි වගෙ උන්ගෙ පිහිටට ඉන්නෙ බුකිය විතරයි කියල හිතාගෙන ඉදපු මට බුකියෙම ඉදලා කාලකන්නි වෙනවට වඩා මෙ වගෙ වැඩකුත් කරගෙන ඉන්න පුලුවන් නම් මරු කියල හිතුනා..
මගෙ සිතුවිලි වලට අනිත් උන් කියන්නෙ මොනාද කියල මටත් දැන ගන්න ඔන උනා ( මොකද මෙහෙ ඉන්න පොත් ගුල්ලොන්ට හා ගුල්ලියොන්ට ඔව රස වින්දින්න වෙල තියන එකක් යැ..)

කොහොමත් ‍‍‍ඨනිකගෙ සිතුවිලි ලියන දනික අයියත් සංකල්පනා ලියන දිලිපත් අපෙ ඉස්කොල් නෙ..මං දනික අයියා යටතෙත්,දිලිප මගෙ යටතෙත් වැඩ කරල තියනව ඉස්කොලෙ..ඉතින් මං උන් දෙන්නගෙ බ්ලොගිය පැත්තෙ එ දවස් වල ඉදල ඉදල ආවා...ඉතින් ඔවා ඔක්කොම බලපාන්න ඇති මටත් සිංඩි වලට දාලා වැඩෙට සෙන්ටර් වෙන්න...

ඉතින් ආතල් එකෙ වෙලා තියන විදියට මොන මොනා හරි ලියල දාන්න තම හිතන් ඉන්නෙ....මොකද අනිත් අය වගෙ කියන්න ලියන්න ලස්සන ජොලි කතා මටත් තිබුනට මොකො ඔව ඉදගෙන කොටන්න වෙලා නැති එක තමා අවුල.
දැනට ඉතින් පොඩ්ඩ පොඩ්ඩ ප්‍රතිචාර එනවා...
මොනා හරි ලියලා දාලා සතියක් විතර යද්දි කොමෙන්ටු 10ක් විතර වැටෙනවා..පස්සෙන් එන අය නම් ගොඩක් නෑ..තාම 18 දෙනයි.....ඉස්සරහටත් හිට්ස් වැඩි කරගන්නවත් පස්සෙන් කස්ටිය ගෙන්න ගන්නවත් ලොකුවට වැඩෙට සෙන්ටර් වෙන්නවත් අදහසක් නෑ.
පුලු පුලුවන් වෙලාවට මොනා හරි ලියලා දාන ගමන් හවසට ඔයාලා ලියල කියලා තියන දෙවල් සිංඩියකට ගිහින් බලලා තියන දෙයක් කාලා වෙන දෙයක් බලාගෙන ඉන්න තමා හිතන් ඉන්නෙ...

තාම මගෙ බ්ලොගිය පැත්තෙ ඇවිත් නැති අය ඇවිත් තියන දෙයක් කියවලා කොමෙන්ටුවක් දාලා යයි කියල හිතනවා..
ජය වෙවා!

Friday, June 3, 2011

හැර (නො)ගිය සිතුවිලි...



ආදර සිතුම්,
පොපියන හැඟුම්,
සිත මත් කලා ඔබ දුටු සැනින්..

සිත කි වදන් ඇසුවා එදා,
අමතක උනා එය මත් වි කියා..

අමයුරුවන්වු ඔබ ප්‍රෙමයෙන්,
මත් වු මා සිතෙ වෙරි
දැන් හිදිලා ගොසින්..

ගතින් හා සිතින්..වෙතත් ඔබ අද ලගින්..
ඔබ ගැන හැගුම් නම් බොහො දුර ගිහින්..
සිත හැරදා ගිහින්...
යලි නොඑනා ලෙසින්...

Saturday, May 28, 2011

(අ)නි ය ම පෙ ම..




ස්‍ත්‍රිහු පෙම් කරති...

ඇතැමුන් සැමියාට පෙම් කරති..ඔහු ඇගේ පෙම්වතායි..ඇගේ හිමි සඳු ඔහුයි..
එවැන්නන් අල්පය.අංශු මාත්‍රය..
සමහරුන්ට පෙම්වතුන් නැත..සිටින්නේ සැමියන් පමනි..
තව සමහරුන්ට සැමියන් නැත.සිටින්නේ පෙම්වතුන් පමනි ...අයෙකු හෝ කිහිප දෙනෙක් විය හැක..

තව සම හරක්ද ප්‍රේම කරති...
ඔවුන්ට සැමියන්ද සිටිති..පෙම්වතුන්ද සිටිති.නමුත් ඔවුන් දෙදෙනා දෙදෙනෙකි..
එවිට එයට අනියම යැයි කියති...

අනියම ප්‍රකාශිත විය හැක..අප්‍රාකශිතද විය හැක..
ඒක පර්ශවික විය හැක,නොවිය හැක..

ඔබ පෙම් කරන්නේ කාටද....?
සැමියාටද?පෙම්වතාටද?සැමියාගේ යලුවාටද? පෙම්වතාගේ යාලුවාටද?
අල්ලපු ගෙදර එකාටද.එකීටද?

ඔබ නියම් ද?
අනියම් ද?

Thursday, May 19, 2011

දියවැඩියාව-Diabetes.වරක් වත් කියවන්න

අදට යෙදී තිබෙන ලෝක දියවැඩියා නිවාරන දිනය වෙනුවෙන් මා සිංහල බ්ලොග් ලිවීම ආරම්භ කල අවදියේ ලියූ (වැඩි පිරිසක් අතින් නොකියවුනු)මේ සටහන නැවත පලකරන්නට සිතුනා..
කියවන්න..දැනුවත්වන්න...


මොකක්ද මේ දියවැඩියාව????

වචනයෙ පරිසමාප්ත අර්තය සැලකුවිට අපට දල අවබෝදයක් ලබාගන්න පුලුවන්.
ඒ "වැඩියෙන් ජලය යාම" එනම් මුත්‍රා යාම.

දියවැඩියාව ප්‍රදාන ආකාර 2ක් තියනවා!
1. සිරුරේ ADH හොර්මොනය අඩුවෙන් ස්‍රාවය වීම/සම්පුර්නයෙන්ම ස්‍රාවය නොවීම නිස ඇතිවන දියවැඩියාව (Diabetes Insipidus)

2. ඉන්සියුලින් ස්‍රවය නොවීම/අඩුවෙන් ස්‍රවය වීම නිස ඇතිවන දියවැඩියාව(Diabetes Mellitus)
අප එදිනෙදා දියවැඩියාව (සීනි)ලෙස හදූන්වනු ලබන්නේ ඉහත කි ඉන්සියුලින් නිසා ඇතිවන දියවැඩියාව තත්වයයි.

ඉන්සියුලින් ස්‍රවය නොවීම/අඩුවෙන් ස්‍රවය වීම නිස ඇතිවන දියවැඩියාව(Diabetes Mellitus)
අප කතා කරන්න බලාපොර්තු වන මෙ දියවැඩියා තත්වය වෛද්‍ය විද්්‍යනූකූලව වර්ග 2කට බෙදෙනවා.

1.Type 1: මෙය ඉන්සියුලින් නිෂ්පාදනය නොවීම නිස ඇතිවෙනවා(අග්නි්‍යාෂයේ ලැන්ගර්හෑන් දීපිකා වලින්)
2.Type 2:මෙය ඉන්සියුලින් වලට සෛල දක්වන සංවේදීතාව අඩු වීම නිසා ඇති වෙනවා

1.Type 1
මෙය බොහෝ විට උපතේ පටන් පැවත එන්නක් විය හැකි.මෙහිදී ඉන්සියුලින් නිපදවීම සිදුවන්නෙ නැහැ.
මාරාන්තික ලෙස සලකන්න පුලුවන්.මොවුන්ට කුඩා කල පටන් ඉන්සියුලින් කෘතිමව ලබාදිය යුතු අතර රුධිරයේ ග්ලුකෝස් සාන්ද්‍රනය පිලිබදව නිතරම සෙවිල්ලෙන් සිටිය යුතු වෙනව.

2.Type 2
මෙය සාමාන්යෙන් මැදිවිය එලැඹීමත් සමග ඇතිවන තත්ත්වයක්.පවුල් පසුබිම මෙන්ම ජීවන රටාවත් මෙම රෝගය සදහා බලපානවා.
අප බොහෝ දෙනෙක් අතර දක්නට ලැබෙන්නෙ මෙම තත්ත්වයයි.මෙය ඉහත කී ආකාරයෙන්ම මෙය ඉන්සියුලින් වලට සෛල දක්වන සංවේදීතාව අඩු වීම නිසා ඇති වෙනවා.
දිනපතා ප්‍රතිකාර ගැනීම මගින් හා ආහාර පාලනය මගින් මෙම තත්ත්වය පාලනය කරගන්න පුලුවන්.නමුත් සුවකල නොහැක්කක් ලෙස සලකන්න පුලුවන්.

දියවැඩියාවේ රෝග ලක්ෂණ මොනවද??
ඔබ පහත සදහන් තත්ත්වයන් අත්දකිනවා නම් එය දියවැඩියා රෝගය නිසා වියහැකි.


නිතර නිතර මුත්‍රා පිට වීම
අඨික පිපාසය
රාත්‍රිය කාලයේදී නිතර නිතර මුත්‍රා පිට වීම
අසාමාන්්‍ය ලෙස මහන්සි ගතියක් දැනීම
අසාමාන්්‍ය ලෙස බර අඩු වීම(කෙට්‍ටු වීම)
දෑස් පෙනීමේ දුර්වලතා



මේ ලක්ෂන එකක් හො කිහිපයක් ඔබ අත් දකිනවානම්,අත්විදිනවානම් ඔබ මැදිවයසෙ හෝ ඔබේ පවුලෙ දියවැඩියා තත්වය තියනවා නම් රුඨිර පරීක්ෂනයක් කර ගැනීම නුවණට හුරුයි.

දියවැඩියාව ඇතිවග තහවුරු කරගන්නේ කොහොමද?


එය සරල රුඨිර පරීක්ෂවකින් කරගන්න පුලුවන්.
ඔයාලා දන්නවා ඇති Glucometerඑක. එමගින් කෙරෙන්නේ රුඨිරයේ ග්ලුකෝස් සාන්ද්‍රනය මනින එක.(lab එකකින් බලාගන්න එක වඩා යොග්්‍යයි.)
අපි කිසිම සූදානමකින් තොරව අහම්බෙන් රුඨිරයේ ග්ලුකෝස් සාන්ද්‍රනය මැන බැලුවිට එය 200mg/dl (11.1 mmol/l)නම් හෝ ඊට වැඩි නම් එය දියවැඩියා තත්ත්වය
ඇති බව දක්වනවා.නමුත් දියවැඩියාව තහවුරු කර ගැනීමට පහත සදහන් පරීක්ෂනය සිදුකරනවා.

OGTT(Oral Glucose Tolerance Test)

දින 3ක් පමන රොගියාට තම සුපුරුදු ආහාර පාන අනුභව කරන්නට සලස්වන අතර දින 3 අවසානයෙදී රොගියාට කිසිම ආහාරයක් නොගෙන(තේ වත් නොගෙන)
පැය 8ක් 10ක් පමන රාත්‍රියේ සිට නිරාහාරව සිට පසුදා පැමිනෙන ලෙස දන්වනවා.
රොගියා පැමිනි පසු ඔහුගෙන් රුඨිර සාඅම්පලයක් ලබාගෙන පසුව,
ඔහුට ග්ලුකෝස් ග්‍රෑම් 75ක් වතුර 250ml පමන දියකර බොන්න සලස්වා පැය 2කට පසු නැවත රුඨිර සාම්පලයක් ලබා ගන්නවා(ඇතම් විට ආවස්ථා 2දීම මුත්‍රා සාම්පල්ද ලබා ගන්නවා.)



සාමාන්්‍ය නිරාහර රුඨිර ග්ලුකොස් සාන්ද්‍රනය 3.9-6.1 mmol/l
දියවැඩියා තත්ත්වයෙදි එය 7mmol/l දක්වා හො ඊට වඩා වෙවැඩි වෙනවා

2HAG(එනම් ග්ලුකොස් දීමෙන් පසු) සාමාන්ය රුඨිර ග්ලුකොස් සාන්ද්‍රනය 4.4-7.8mmol/l
දියවැඩියා තත්ත්වයෙදි එය 11.1mmol/l හෝ ඊට වඩා වැඩි වනවා.මෙමගින් දියවැඩියා තත්ත්වය හදුනාගන්න පුලුවන්.......

දියවැඩියාව silent killer කෙනෙක් .එම නිසා අවබෝදයෙන් හා අවදානයෙන් සිටීම වැදගත් කියා මා සිතනවා..
මෙම ලිපියෙන් දියවැඩියාව පිලිබදව හා එය හදුනා ගන්නා ආකාරය පිලිබද දල අවබෝදයක් ලැබෙන්න ඇතැයි සිතනවා

Saturday, January 29, 2011

U knw ur Sri Lankan when!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

Found this smwhr in da net! Sm of these stuff r old things we used to do n we no more do!Bt thought its worth sharing it cz its kinda hilarious!



1. You use banana leaves instead of plates, to eat rice and curry

2. Your parents mark any special occasion by boiling milk until it spills all over your stove..

3. You get it on to baila music.

4. your idea of a bathing suit is a conspicuous see-thru sarong around your chest.

5. You find apples and oranges to be precious commodities while durian and rambutang are part of your daily diet.

6. You refer to friends by calling them "Machan" instead of "dude"

7. you have encountered; been pursued; or bitten by a snake.

9. You find that Americans will choose death over trying to pronounce your name.

10.You learned how to spell your last name by singing it to the tune of the ABC song

11. You haggle at the dollar store cuz' you know that chocolate bar just cost you a 100 rupees.

12. You eat string hoppers ,coconut milk and a three- course curry meal for breakfast

13.When Arrack is better then any French champagne

14. You have mastered the art of squatting

15. You use Siddahelpe, gripe water and Panadol to solve your medical problems

16.You rock a pimped out three whealer when you drive down main streets to check out the holes.

17 You ride an elephant to school.8

18.You make $100 per month and buy petrol at $4 per gallon.

19. You tell your parents you got 98%, and they ask you what happened to the other two percent.

20. You have a Singer sewing machine at home.

21 You call an older person you've never met before uncle or "aunty"

22.Your relatives alone could populate a small city.

23.EVERYONE is a family friend.

24.You went to a university as far away from home as possible and you still came back home to live with your parents after you finish.

25.You use Kist or Maggi chilli sauce instead of tomato ketchup.

26.You parents always say "on the light" instead of "turn the light on

27.When "Aney".. or "Aiiyooo" or "Alllaaahhh" is a standard word in everyday conversation

28.You're walking out of customs with your trolley at the airport and you see all twenty-five members of your family who have come to pick you up.

29.You go back to your parents' country and people treat you like a member of the royal family

30.You are ALWAYS taking off and putting on your shoes wherever you go

31.Your parents drink 3 cups of tea a day

32.When the car allows 7 people yet you seem to fit 20 in there!!

33.Your parents compare you to all of their friends' kids.

34.When cursing the Government is the highlight of every dinner conversation

35.No one ever seems to call ahead of time to say they are coming over for a visit.

36. Your parents worry what other people will think if you're not going to be a doctor/engineer.

37.At a function or party your parents say that their leaving, but often take another hour saying goodbye at the door.

38. You find overlapping last names in the display area for this Groups' members. (if you dont see this, refresh your page. it'll happen eventually)

39. When u tell people that you are from Sri Lanka and they say "oh the country that got hit by the tsunami" (apparently the tsunami finally put us on the map!)

40. Whenever something sad happens to anyone or any animal for that matter you automatically say "aney pouuuuuu..."

41. When something gross happens or talking about anything thats disgusting,bad,etc. you say "Chi Chi Chi...".

42.When you see guys in Nugegoda walkin comfortably on the street holding hands and wearing flourescent shirts and yellow BATA slip-ons..And hey! no one looks at them twice!!

43. When u see middle aged guys with the dogiest mustaches and a head full of puffy toupee-like hair.

44. You drink tea after every occasion

45 You walk in to a Sri Lankan party with one pair of shoes and walk out with a different pair that don't even match.

46. You salt and pepper your mangoes, and every other fruit you eat

47.You have a Sri Lankan driving license which does not have a date of birth printed on it!

48.when you tell people you`re NOT from India, and that you`re from Sri Lanka, they say "ohh okay," but really, they think its all the same thing.

49. You look for that plastic bowl after taking a dump...cuz' wiping it is just not good enough!

50.You go to a restaurant and ask for Fanta, Portello or a chocolate SMAK instead of a Pepsi

51. When your 17-year old third-cousin's wedding reception is bigger and more grand then the Kandy Perahara.

52. When the differences in skin complexion within your family can only be compared to a color wheel.

53. Your parents smuggle tea, juggery and every possible spice into the country when they return home from a visit to Sri Lanka. At the customs office, they would check off "NO" for the question regarding "food, exotic plants, hazardous chemicals or firearms".

54. Your parents leave folded plastic bags from expensive stores under their mattress so that they can be reused to make ghetto presents look really expensive.

55. Your Parents aren't afraid to chase you down the street and slap you if you talk back...

56. You cover tv remotes with plastic wrap to the point where u cant even see the buttons

57. You often went to school looking like a brown mime because your mom smothered your face with talcum powder.

58. When you were a child, your parents randomly dressed you up for the sole purpose of taking pictures.

59. You see middle aged Sri Lankan women on the bus with frizzy hair, magenta lipstick and faces that have been liberally smothered with "Fair and Lovely".

60. You grew up on Marmite and Glucose powder...and often faked a stomach ache so that you could drink Gripe water.

61. You know that Cheetos aint got nothin' on Tipi Tips..

62. Your parents describe every foreign exotic place in the world as either "down-south" or "up-country"

63. When you visit your Sri Lankan aunties, they always serve you a plate of lemon puffs and Tang before anything else.

64. When in Sri Lanka, you find 9 wedding halls on one street while a library is often non-existant.

65. When you'd "tap that Toddy" just to get that nice taste.

.66.When every Lankan girl that you meet is the daughter of the auntie whose grandfather is the cousin of the father of your uncle who is the brother of your dad!

67. When your parents INSIST on carrying an emergency stash of mosquito coils in their first aid kit!

68. When you've had chili smothered in your mouth because you talked back to your parents.

69. When to your parents:
Scotch tape is 'sello tape',
Washing Powder is 'Rinso'
toothpaste is 'signal'
soap is "lux or rexona'
tapioca is "Aji-no-moto'
and binoculars are "binaCLOSE'

70. When you know that "NO" actually means "YES" in Sri Lankan English...NO?

71. When you know that there are people in Sri Lanka who could probably out-bobble a bobble-head!

72. If you think Sigiriya Rock should be the eighth wonder of the world.

73.When you know the words to that very annoying 'Surangani' song...

74.You know exactly what your mother means when she holds up a bata slipper and says " I shall give you one, nicely"...

75. When your parents say you can be anything in life...but really mean you either have the choice of being an engineer, doctor, lawyer or marrying somebody who is an engineer, doctor or lawyer.

76. When despite the fact that you have eaten a full three course meal prior to visiting your "auntie", refusing to eat another three course meal in the same evening may result in dire consequences.

77. You often see trucks or buses or even three wheelers with either people's names or things like like "Sudhu Kella" or "Sinna Kutti" plastered on the back.

78. You get invited to dinner at an "uncles" house for 7:00pm; You get there at 8:30 and dinner is served at 11:58 pm; The arrack induced fathers start singing at 1:00 am while the mothers start making idle chit chat about the "old days in Sri Lanka"...By 3:00am your "auntie" forces you to drink coffee so that you can get a good nights sleep when you get home at 6:00 AM.

79. When you've spend at least one afternoon wrapping your school textbooks with "brown paper" so that they don't get damaged!

80. When you walk into a crowded room and EVERYONE looks up and just STARES at you for no apparent reason. Along with head bobbing, it is a custom to stare!!!!!!

81.. When you know that Odel's is the best place to do an entire decade worth of shopping!

82. When a game of carrom is used to settle minor disputes.

83. When you know that Thambili is not only a fruit, but a color, a cure for diarrhea and a way to solve hangover-related issues!

84. When you see aunties/uncles you haven't seen in a long time they give you the Sri Lankan "sniff kiss" where by:
a.They bring their cheek up to your cheek
b. The sniff
c. Switch cheeks and repeat.

85. When your version of cookies and milk equals to"Marie biscuits" and Pure Ceylon Tea.

86. When your mother doesn't want you going outside at noon because she thinks "you'll get dark".

87. When you know that "short eats" are nothing short of delicious, fattening and extremely addictive....

88. When "roast paan" is always chosen over "naan bread".

89. Your mother makes about a billion different dishes consisting only of coconuts and chili powder.

90. When everything(maari biscuits etc) is dipped in "plain tea".

jst click da share button if u wanna share this in FB

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...