Saturday, November 12, 2011

සිරා කරපු මගේ ලව් එක:කෙථි කතාව


අද පෝය දවස..
කාමරේ ලයිට් නිවල තිබ්බට ඒ වගේම එලියකින් කාමරේ පිරිලා..
ම‍ං ආස නෑ එලියට..මට ඕන කළුවර..
එහෙම හිතලා පැත්තකින් තිබ්බ කොට්ටෙ අරං මූන වහගත්තා..

හ්ම්ම්ම්...
රංගි එක්ක එක දිගට රණ්ඩු වුන කීවෙනි දවසද මේ කියල මං කල්පනා කරන්න පටන් ගත්තා..
අදත් සුපුරුදු පරිදි අපි කතා කලා...රණ්ඩු උනා..
මට පුලුවන් උපරිමයෙන් මං එයාට ආදරේ කලා..අදටත් කරනවා..හැබැයි එයා කවදාවත් ම‍ං කරන කිසිම දෙයක හොඳක් දැක්කේ නෑ..ම‍ං කරන හැම දේම වැරදි..
එයා ගැන හිතුවත් වැරදි..නොහිතුවත් වැරදි!

පොඩ්ඩ එහා මෙහා වෙනකම් ඉන්නේ එකට එක කියලා මා එක්ක රණ්ඩු වෙන්න..
දෙයක් කිව්වම,වැරැද්දක් කලාම පිලිගන්නවට වඩා එයා හරි කියලා සාධාරණීකරනය කරන්නයි එයාට ඕන..
ඒ ඔක්කොටම වඩා සැකය..
මටම පුදුම බයක් දැනෙනවා..අපි දෙන්නා ගැන..ඊට වඩා මං ගැන..

ඉස්සර ඉස්කෝලේ යන දවස් වල මං පස්සෙ කෙල්ලො අනන්ත ආවා..එකෙක්ව වත් ම‍ං තඹේකට ගනන් ගත්තේ නෑ..
මට මතකයි ඉස්සර මගේ යාලුවෝ
"ඒකි  සිරා බං...දාපං දාපං ඒකිව දාපං" කියලා කියනවා..

ඒ හැම වෙලාවෙම  මං කිව්වේ
"මචං මං දවසක සිරා කරන කෙල්ලට දෙන්න ම‍ ආදරේ එකතු කරනවා..මේ මග හම්බෙන එකියොන්ට දි දී ඒ ආදරේ නාස්ති කරන්න මං කැමති නෑ" කියල..
"උඹයි උඹේ පඬි ටෝකුයි..බලමුකො බලමුකෝ..අපිත් ඉඳීනේ උඹ ඔය කියන කාලෙ වෙද්දී.."
ම‍ං සැලුනේ නෑ..

කාලෙත් එක්ක මං ඒ කියපු කෙල්ල මට හම්බ උනා..
මං ආදරේ කලා මට පුලුවන් උපරිමෙටත් වඩා..
එයා වෙනුවෙන් හැමදේම කලා..
එයා එක්ක හිටියා එයාට ඕන හැම වෙලාවකම..

අවුරුදු දෙකක් පහුවෙලත් අදටත් ඒකි මට පැටියෝ කියලා කතා කරන්නේ නෑ..ඒ ආදරබර පැණි ටෝක්  දෙන්නේ නෑ..ඇහුවම කියනවා ඒ එයාගේ හැටිලු..
යතාර්ථවාදී කෙල්ලෙක් හම්බවෙන්න කොල්ලෙක් පිං කරලා තියෙන්න ඕන තමයි..
ඒත්...... මාත් කොල්ලෙක්..
මාත් කැමති ඔය හැමෝම කියන සුන්දර බොලඳ ආදරේ එක පාරක් හරි විඳගන්න..

මට මහේශ්ව මතක් වෙනවා..ඌට කෙල්ලො හැමතැනම..මාර ෆන් එකේ ඉන්නවා..
එකෙක් දාල හියොත් තව එකෙක් නෙවෙයි දෙන්නෙක්..
හැබැයි ඌට ඒ හැමෝම ආදරෙයි..ඒ කවුරුවත් ඌව සැක කරන්නේ නෑ...
හැබැයි මං පන වගේ ආදරේ කරන එකම කෙල්ල මාව සැක කරනවා..කොච්චර පැහැදිලි කරල කිව්වත් තේරුම් ගන්නේ නෑ..

ඇයි ඒ??

මං හොඳ කොල්ලෙක් නිසාද?අදරේට අවංක නිසාද?බොක්කෙන් ලව් කරලා අන්තිමට මට ඉතුරු වෙන්නේ මේ සිත් තැවුල් විතරද?
ඔව්...ම‍ං කැ*යෙක් වෙනවා..පිස්සු කෙලිනවා අද ඉඳලා...තව කෙල්ලොන්ට ටෝක් කරනවා..
කොහොමත් එහෙම අහගන්න එකේ ඇත්තටම එහෙම කරලම අහගත්තම මොකද වෙන්නේ??

"අඩෝ උඹ කන්නේ නැද්ද?? "නිමේෂ් කාමරේට එබිලා ඇහුවා...

සිහින බිඳුනා..සිතුවිලි ලෝකෙන් පියවි ලෝකෙට මං ආවා..හැබැයි ගියාට වඩා වෙනස් විදිහට..

කියන්න...මං වැරදිද????



නම් ගම් මනඃකල්පිතයි..

14 comments:

  1. ''ඔව්...ම‍ං කැ*යෙක් වෙනවා..පිස්සු කෙලිනවා අද ඉඳලා...තව කෙල්ලොන්ට ටෝක් කරනවා..
    කොහොමත් එහෙම අහගන්න එකේ ඇත්තටම එහෙම කරලම අහගත්තම මොකද වෙන්නේ??''

    .........මෙන්න මේ ටික කරන්න කලින් තව දෙපාරක් හිතල බලන්න....මම හිතන්නෙ ඔයාට නොතේරෙන,එහෙම නැත් නම් ඔයාට තේරුම් ගන්න අමාරු සැඟවුන දෙයක් ඔතන තියනව ඔහොම වෙන්න.....අත් දැකීමෙන් කියන්නෙ........

    ReplyDelete
  2. හප්පේ අච්චර කෙල්ලෝ උඹේ පස්සෙන් ඇවිදිනුත්,උඹ රණ්ඩු කෙක්කක පැටලුනාද මචෝ...
    කතාවක් විතරනේ නේහ්?
    ඒත් බං රණ්ඩුවක් වත් නැති ලව් එකේ කිසි ආතල් එකක් නෑ නේ...
    එහෙමත් හොඳයි....
    (අත්දැකීම් තව නැ‍තෝ..හැකැස්....)!
    ආආආ...කියන්ටත් බැරි උණා...
    කතාව ලස්සනයි මචෝ...
    උඹ බුකියේ නැද්ද?

    ReplyDelete
  3. මේක මචං පිස්සු හැදෙන කතාවක්නේ... මේ වගේ එවුන් ඕනේ තරම් ඉන්නවා බං... එකෙක් ඈතුළුව. ඒත් ඌට උගේ සිංහල උගන්නපු මිස් කියලා තිබුනා, පුතා දැන්ම කෙල්ලෝ හොයන්න යන්න එපා, වාහනයක් එහෙම අරගෙන හොඳට හැදුනම කෙල්ලෝ උඹළු හොයාගෙන ඒවි කියලා... ඉතිං ඉවසා වදාරනවා...

    ReplyDelete
  4. අම්මා ගහයි බැට් එකෙං කිව්වලු.මගේ ලව් කතාව ටිකක් විතර කළවං වෙලා.හැබැයි මේක වගේම තමයි.අර හැම එකටම බණින එක.කොච්චර කළත් වැරැද්දක් දකින එක.ඒ ටික හරි.අර යථාර්තවාදී සීන් එකනං හැබැයි මම තමයි කරන්නෙ.මට ඔය පැටියෝ බබෝ වගේ ඒවා කියලා කෙල්ලට කතා කරන්න මොකක්ද වගේ.
    හැබැයි මමනං කැ*යෙක් වෙන්න තීරණේ කරන්නෑ.කොහොම හරි මේක ගොඩ දාගන්න ට්‍රයි කරනවා මිසක්.ලව් කියන්නෙ මෙහෙම කටු කන එකට වෙන්නැති.

    අඩෝ ඇත්ත කියපං සිරාවට උඹට වෙච්ච එකක් නේද???නැත්තං මෙහෙම යථාර්තවාදීව ලියන්න බෑනෙ.

    ReplyDelete
  5. සනා : ;)

    වින්චැට්: මෙය කෙථි කථාවකි සහෝදරී...:))))

    ගලයා : ඉන්නවා බං!සර්ච් එකක් දාලා බලප‍ං! :)

    මාලුවා : සිරාවට බං..සමහරු ඉන්නවා අන්තිමට ඉතුරු වෙලා තියෙන්නේ බලං හිටපු එක විතරයි..අනිත් උන් කෙල්ලො දෙක තුන දාල ඊට පස්සේ පවුලක් පන්සලක් වෙලා පිලිවෙලට ඉන්නවා..මුන්ට පිස්සු කෙලින්න මතක් වෙන්නේ බඳින්න කිට්ටුව හරි බැන්ඳට පස්සෙ හරි!අන්තිමට නිකං නාස්ති වෙනවා..

    දිනුක :හක හක...යකෝ කතාවක් බං කතාවක්! උඹ කියන විදිහට ඔය ශ්‍රේෂ්ඨ ග්‍රන්ථ වල තියන ඒවා ඔක්කොම උන්ගේ ජීවිත අත්දැකීම් වෙන්න එපැයි.. :)

    ReplyDelete
  6. දැන් ඔයැයි කියන්නෙ රන්ඩු වෙන්න එපා කියලද..සැක කරන්න එපා කියලද..හොදට හිටී..ඊ ලග දවසෙ කියයි 'ඔයැයි දැන් ඉස්සර වගේ නෙමේ..මන් මොනා කරත් ගානක් නෑ..වෙනස් වෙලා...ඉස්සරනන් මන් කෙලෙක් දිහා බැලුවත් බලන්න තිබුන සැර..කෙලොනම් වෙනස් වෙනෙ මාර ඉක්මනට"
    එහෙම කියල නතර වෙනවනම් බැරියෑ..අර කවියත් කියයි...

    දිවෙන් දිව ගා සිටියමුත් ස්ත්‍රි ජාති නෑ විශ්වාසේ...(ඕවායෙ පද මතකත් නෑ අනේ)

    "ඔය කිව්වට හැමදාම රංඩු හොද නෑ තමයි..නොකල වැරදි වලට බනින්න ගියාම..වැරැද්දට බැදෙන්න උනත් බැරි නෑ තමයි ඉතින්න්"

    ReplyDelete
  7. ඒකට කියන්නේ බැඳීමෙහි රසවත් බව මධ්‍යයේ ඇතිවුණු බැඳීමක කලකිරීම කියලා. ඔහොම තමයි.සමහරු ආදරේ කියනදේ බහුශ්‍රැතිව කරන්න ගියාම එහි සරල සුකුමල රස නැතිවෙනවා..ඒකනේ අපි අදටත් අපේ පාසල් කාලේ හොරෙන් ලියුම් ලිය ලිය කරපු ආදරේට ගොඩක් කැමති...

    ReplyDelete
  8. අසනි :අත්දැකීම් තුලින් කතා කරන බවක් පේනවා...සන්තෝෂයි සන්තෝ.....ෂයි !! :)

    රනරඟ : සරල බව කොහොමත් සුන්දරයි නෙ!නේද?

    ReplyDelete
  9. කෙටි කතාවක් නිසා කමක් නැහැ.....

    ReplyDelete
  10. සමහර කෙල්ලොනම් හරිම ඇන තමයි. කියල වැඩක් නෑ. නියම කොකු.. කොහොම උනත් සිරාවට ආදරේ කරන අයට ලැබෙන්නෙම දුක තමයි. එහෙම උනා කියල අපිට අපේ ප්‍රතිපත්ති නැති කරගන්න බෑනෙ.

    ReplyDelete
  11. හ්ම්ම්... වැඩිය සීරිස් උනත් වැඩිය බොලද උනත් දෙකම ප්‍රශ්ණයක්..

    ReplyDelete
  12. ගිම්හානි : :)

    දිනේශ් : පැහැදිලිවම!මැද මාවත තමා හොදම

    ඔබා :ඔව් කෙටිම කෙටි කෙටි කතාවක්!

    ReplyDelete
  13. හප්පේ මම නැති ටිකට මේ මොකද්ද බන් වෙලා තියෙන්නේ :p :p

    ReplyDelete

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...