Showing posts with label අධ්‍යාපනික. Show all posts
Showing posts with label අධ්‍යාපනික. Show all posts

Thursday, September 12, 2013

සිය දිවි නසා ගැනීම || Suicide || Hot Line


     ලෝකයේ විවිධ දේ සමරන්නට විවිධ දින වෙන් කොට දී තිබේ. මෙලෙස දින වෙන් කර එක් දිනයකදී පමනක් මහා 'හා හූවක්' ඇති කිරීම වැඩකට නැති වැඩක් යැයි ඇතැම් හූ තර්ක කරති. නමුත් මා ඒ දින සංකල්පයට එකඟ වන්නේ ඇයිදැයි මා ගුරු දිනය ගැන ලියූ ලිපියක සදහන් කලා මට මතක ඇත.

සැප්තැම්බර් 10 එවන් වූ දිනයකි! ලෝක සියදිවි නසා ගැනීම් වැලැක්වීමේ දිනයයි!
මේ ලිපිය පුදන්නේ එවන් අකල් මරණයක් ලඟා කරගත් මාගේ මිතුරන් දෙදෙනා වෙනුවෙන්!

ශ්‍රී ලංකාව ලෝකයේ ඉහලින්ම ඉන්නට සමත්ව සිටිනා අංශ  අපට ආඩම්බර විය හැකි ඒවා නොවේ (ක්‍රිකට්, තේ වැනි ඒවා හැරුනු කොට). ශ්‍රි ලංකාවේ සියදිවි නසා ගැනීම් පිලිබඳව ඇති නවතම සමීක්ශන දත්තය (latest available data) පවා වසර 17ක් පමන පරන ඒවා. එනම් අවසාන වශයෙන් මේ පිලිබඳව ගනනයක් සිදුව ඇත්තේ 1996 වසරේදී. ඒ දත්ත අනුව පුද්ගලයින් ලක්ශයකට පුද්ගලයින් 21ක් සියදිවි නසා ගන්න බව සඳහන්. ඒ කාලේ දත්තවල හැටියටම අපේ ප්ලේස් එක 12 වෙනි ස්ථානය නම් නවතන සංඝනනයක් සිදු කලේ නම් අපට හිමි වන ස්ථානය ගැන දළ් අවබෝධයක් ඔබට ලබා ගත හැකි යැයි සිතමි!
Source: Wikipedia

සෞඛ්‍ය/නිරෝගී බව යනු කුමක්ද?

     අප නිරෝගී බව  කියා අර්ථ දක්වන්නේ කායික සුවය පමනයි. කෙනෙක් ලෙඩකින්න් තොරව සිටිනවා නම් ඔහු සෞඛ්‍යවත් යැයි අපි හිතනවා.
ඒත් ඇත්තටම ජාත්‍යන්තරව නිරෝගී/සෞඛ්‍යමත් යන්නෙන් අදහස් කරන්නේ පූර්ණ කායික,මානසික හා සමාජීය සුවයක්. ඒත් අවාසනාවකට ලංකාවේ බොහෝ අය අවධානය යොමුකරන්නේ කායික සෞඛ්‍ය ගැන පමනයි.
     2025 වනවිට ලෝකයේ මුලු රෝගින් ගනනින් 25%ක් මානසික රෝගීන් වන බවත් වර්තමානයේ සියලුම යුධ කටයුතු සහ මිනී මැරුම් නිසා මියයන සං‍ඛ්‍යාවට වඩා වැඩි ගනනක් සිය දිවි තොර කර ගැනීම නිසා මිය යන බවටත් ගනන් බලා තිබෙනවා.
ඒත් මේ ගැන කතාවෙන්නේ කොයි තරම් අඩුවෙන්ද?

Saturday, October 6, 2012

මිස්ලා සර්ලා වෙත ලියමි..

ලෝක ගුරු දිනය අද,ඒ කියන්නේ ඔක්තොම්බර් 5 වෙනිදට යෙදිලා තියෙනවා..
දෙයක්/කෙනෙක් සමරන්න එක දිනක් වෙන්කරන එක මං පෞද්ගලිකව අනුමත නොකලත් 'එහෙමවත් දිනක් නොතිබුනා නම් මෙහෙම වත් තියේද?' කියලා නොහිතෙනවාම නෙවෙයි.අඩුගානෙ ඉස්කෝලෙ ළමයි තමන්ගේ මිස්ට සර්ට දනගහලා වඳින එකවත් එදාට වෙනවා ඇතිනේ!

ගුරු දිනයක් වෙනුවෙන් මං ටික කාලෙකට කලින් ලියපු නිදහස් පද පෙලක් තියෙනවා වැඩි දෙනෙක් නොකියවපු.අර අගමැතිලා ජනපතිලා කරනවා වගේ එකම දවසට අවුරුද්දෙන් අවුරුද්දට වෙනස් කතාවක් මාරුවෙන් මාරුවට පලකරනවා වෙනුවට කාලෙකින් මොනවත් ලියපු නැති නිසාත් අලුතෙන් බ්ලොග් ලියන කියවන සෑහෙන පිරිසක් ඉන්න නිසාත්  මං තීරණය කලා වැඩි දෙනෙක් නොකියවපු ඒ ලිපිය බෙදාගන්න..


බස් රේඩියෝවෙ සම්මාන උළෙලෙදි මගේ පුංචි බ්ලොග් එකත් නිර්දේශිත නාමයන් අතර තිබුනා..
ලොකු Viewer base එකක් නැති මට දිනන එක ගැන කොහෙත්ම අදහසක් තිබුනේ නැති උනත් බ්ලොග් ලියන අපි වෙනුවෙන් මොකක්හරි කරන්න මහන්සිවෙන අයට කරන ගරුකිරීමක්/දිරිදීමක් විදිහටයි මාත් මගෙ බ්ලොග් එක ඇතුල් කලේ.විනිශ්චය මණ්ඩලයක් අතින් මේ වගේ නිල ඇගයීමක් හම්බවුන පලවෙනි අවස්ථාව..බස් රේඩියෝවෙ අයත් අඩුපාඩු හදාගෙන වඩා සංවිධානාත්මකව  ඉස්සරහටත් මේ වැඩේ කරගෙන යයි කියලා බලාපොර්තුවෙනවා..ස්තුතියි හැම දෙනාටම!

Saturday, May 26, 2012

අන්ධයින් මුදල් නෝට්ටු අඳුරගන්න හැටි & අන්ධයාගේ මගුල් පොටෝ එක


     අලුත්ගම ටවුන් එකේ සෑහෙන් කල් ඉඳලා ස්වීප් විකුනන මනුස්සයෙක් හිටියා..මිනිහා අන්ධයෙක්! මිනිහා ස්වීප් වික්කේ ස්වීප් මඩුවක ඉඳලා නෙවෙයි..ඇවිද ඇවිද..ලෑල්ලක ස්වීප් ටික ගහගෙන අර අතේ ගෙනියන -මයික්-ලව්ඩ්ස්පීකර් එකත් බෙල්ලෙ එල්ලගෙන සුදු සැරයටියක උදව්වෙන් එහෙ මෙහෙ යන මේ මනුස්සයා ඒ දවස් වල අපිට දුලබ දර්ශනයක් නෙවෙයි.තාම ඉන්නවද කියන්න මං දන්නේ නෑ! වයස තිස්ගානක් විතර ඇති පෙනුමේ හැටියට නම්! අහම්බෙන් ස්වීප් ගන්න මිනිස්සුන්ට අමතරව දිනපතා ස්වීප් ගන්න රෙගුලර් කස්ටමර්ලා සැට් එහෙකුත් මිනිහට හිටියා..

     මිනිහා කසාදයක් එහෙමත් ඔය අස්සේ කර ගත්තා..ඒ ගෑනු කෙනත් ස්වීප් විකුනන්න පස්සෙ මෙයාටම එකතු උනා..ඒ ගෑනු මනුස්සයත් අන්ධයිද නැද්ද කියලා හරියටම කියන්න මට නිච්චියක් නෑ..
දවසක් මං කලිසමක් මහගන්න ටේලර් සාප්පුවට ගිය වෙලේක මේ මනුස්සයා එතනින් යනවා දැකලා ටේලර් කඩේ ලාල් අයියා මේ මනුස්සයව පෙන්නලා 'මල්ලි දන්නවද..ඔය මනුස්සයා ගිය මාසේ බැන්දනේ..
15 000ක් දීලා කෝට් සූට් එකක් මහ ගත්තා වෙඩින් පොටෝ එකට අඳින්න කියලා' කියලා මට කියලා මහ හයියෙන් හිනා උනා..මාත් ඉතින් හිනා වෙලා කිව්වා "ඔව් පොටෝ එකට නම් ඉතින් හයර් කරගන්න තිබ්බනේ කියලා..ඇරත් ඔය මිනිස්සුන්ට මොන පොටෝ ද" කියලා ලාල්ගේ හිනාවටම එකතු උනා.
හැබැයි ගෙදර ආවට පස්සේ මට ඔය සිද්දිය තදින්ම හිතට කා වැදුනා.මිනිහා ගැන දුකකටත් වඩා අනුකම්පාවක් මට දැනෙන්න ගත්තා..
කවුරු උනත් මිනිස්සුනේ.කාගෙ කාගෙත් ආසාවන් තියනවනේ,නැද්ද?

Saturday, March 3, 2012

අයි ඩෝන්ට් නෝ වයි? IV සිරි යහනේ අත්දැකීම!



කවදා හරි නින්දේදි උඩකින් වැටෙනවා වගේ දැනිලා ඇඳ බදාගෙන ඇහැරිලා තියනවද?
නිකමට හිතුනද එහෙම වෙන්නේ ඇයි කියලා???

මෙන්න විස්තරේ! 
මේක අසාමාන්‍ය තත්ත්වයක් නෙවෙයි!අපෙන් සියයට 70%ක් පමන දෙනෙකු මේ තත්ත්වය දවසක් හරි අත්විඳලා තියනවා...

Wednesday, February 15, 2012

ප්‍රෙෂ්‍ර් II


කලින් ලිපියේ රුධිර පීඩනය කියන්නේ මොකක්ද?මනින්නේ කොහොමද කියලා විස්තර කෙරුනා...
කියවපු නැති අයට -----------------------> ප්‍රෙෂර් I




අධික රුධිර පීඩනය ආකාර දෙකක් තියනවා..

1.ප්‍රාථමික අධික රුධිර පීඩනය    : අධික රුධිර පීඩනය සහිත වූවන්ගෙන් 90-95%කට තියෙන්නේ මේ කියන ආකාරයේ රුධිර පීඩනය.මේ ආකාරයේ රුධිර පිඩනය ඇතිවෙන්න හේතුව මෙන්න මේකයි කියලා හරියටම කියන්න තාම පුලුවන් වෙලා නෑ..නමුත් මෙන්න මේවයින් එකක් හරි හෝ කිහිපයක් හරි නිසා ඇතිවෙන්න පුලුවන් කියලා හොයා ගත්තු තත්ත්වයන් කිහිපයක් තියනවා.

  • ජානමය(පරම්පරාවෙන් පැවත එන)
  • තරබාරු බව
  • අධික ලුනු භාවිතය
  • අධික මත්පැන් භාවිතය
  • හෝමෝන ශ්‍රාවය වීමේ ආකූලතා
  • වයස්ගතවීම
  • මානසික තත්ත්වයන

Saturday, February 11, 2012

ප්‍රෙෂර්....


මුලින්ම මගේ කලින් ලිපි දෙක තුනට ප්‍රතිචාර දක්වපු අයට පිළිතුරු සපයන්න බැරි වුන එක ගැන සමාවෙන්න ඕන.ඔබේ වෙලාවෙන් ටිකක් මගේ ලිපියකට අදහස් දක්වන්න වැය කලාම එයට පිලිතුරු සපයන එක මගේ සදාචාරාත්මක යුතුකමක්.ඒත් පාඩම් වැඩ එක්ක නිතර ඒ දේවල් කරන්න අමාරුයි.ඒ නිසා ඉස්සරහටත් ගොඩක් වෙලාවට මට පිලිතුරු සපයන්න වෙන එකක් නෑ! අමනාප වෙන්නෙ නැති වෙයි කියලා හිතනවා..ඔබගේ ප්‍රතිචාර මට හැමදාමත් වැදගත්!
මං සාමන්‍යයෙන් පෝස්ට් එකක් අන්තිමට මට කියන්න තියන ටික කිව්වට අද උඩින්ම කියන්න තීරණය කලේ මේ වගේ ලිපියක් අන්තිම වෙනකම් බොහෝ දෙනෙක් කියවන්නේ නැති බව දන්න නිසා..
මේ ලිපිය මගේ මිත්‍රයා සනෝජ් ගේ ඉල්ලීම මත ලියවෙන ලිපියක්.


ප්‍රෙෂර්....
අපි එදිනෙදා ප්‍රෙෂර් කියලා හඳුන්වන්නේ අධික රුධිර පීඩනය කියන තත්ත්වය.ලෝකයේ බෝ නොවන රෝග අතරින් ඉහලින්ම තියන රෝගයක් තමා මේක.වසර 2000දි ලෝක වැඩිහිටි ජනගහනයෙන් සෑම 4 දෙනෙකුගෙන්ම එක් අයෙකුට මේ රෝග තත්ත්වය තියනවා කියලා ගනන් බලලා තියනවා..මේ ලෙඩේ ගැන පෝස්ට් දානවනම් බ්ලොග් එකක්ම ලියන්න වෙයි..ඒ නිසා මං වැදගත්ම හා සාමාන්‍ය පාඨකයෙක්ට තේරෙන විදිහට සාරාංශ ගත කරලයි මේක ලියන්නේ! මේ ගැන දන්න කෙනෙක්ට නම් කරුණු මදි වගේ හැඟෙන්න පුලුවන්.

මොකක්ද මේ රුධිර පීඩනය?
 රුධිරය රුධිර නාලයක් තුලින් ගමන් කරද්දි ඒ නාලයේ(ධමනියේ හෝ ශිරාවේ) බිත්තියේ ඒකක වර්ගපලයක් මත ඇති කරන තෙරපුමට තමයි රුධිර පීඩනය කියන්නේ!

මේ තෙරපුම හෘදය මගින් පොම්ප කරන රුධිර ප්‍රමානය මත හා ඒවා නාල දිගේ ගලා යාමේදි ඇතිවන ප්‍රතිරෝධය මත රඳා පවතිනවා.
මේ තෙරපුම අසාමාන්‍ය ලෙස ඉහල ගියාම ඇතිවෙන තත්ත්වයට තමයි අපි අධික රුධිර පීඩනය එහෙම නැතිනම් ප්‍රෙෂර් කියලා කියන්නේ!
මේ පීඩනය අඩු වුනාම අවපීඩනයක් ඇතිවෙන්නත් පුලුවන්.(low pressure/Hypo tension) මේ අවපීඩනය අධික රුදීර පීඩනයට වඩා භයානකයි.

Sunday, January 29, 2012

දක්ෂයා සහ සුදුස්සා...ඔබේ තේරීම?


කථාව :
     මං ගියේ කතෝලික පාසලකට..ඒ දවස් වල මගේ ඉස්කෝලෙ ශිෂ්‍ය නායක සංගමය සාමාන්‍යයෙන් ගුරු සංගමේට වඩා බලවත් වෙලා හිටපු කාලයක්..ගුරු සංගමේට වැඩිය සල්ලිත් තිබුනද මංදා බැංකු පොතේ!ශිෂ්‍ය නායක කාමරයේ ඔය හැම ඉස්කෝලෙකම තියන කැරම් බෝඩ් එකට අමතරව අපේ කාලයේ ටීවී එකක් ටික දවසකට CDMA ටැලිපෝන් එකක් එහෙමත් තිබ්බා..කොටින්ම සාමාන්‍ය ගුරුවරයෙකුට නැති තැනක් පාසලේ ප්‍රධාන ශිෂ්‍ය නායකයට තිබුනා.
කතාවට ආයෙ ප්‍රවිශ්ඨ වෙමු!
     ඔය ප්‍රධාන ශිෂ්‍ය නායකයා තෝරන්නේ අනෙකුත් ශිෂ්‍ය නායකයන්ගේ හා ගුරුවරුන්ගේ ඡන්දයෙන්.හැබැයි අවසන් තීරණය තිබුනේ විදුහල්පති තුමාගේ අතේ!(නිෂේධ බලය) හැබැයි අපේ කණ්ඩායමේ හා ඉවත්ව යාමට නියමිත ජේෂ්ඨ කණ්ඩායමේ කැමැත්ත ගැන වැඩිපුර අවධානයක් එතුමා යොමු කරනවා..
අපි අපි අතර තරඟයක් නැතත් අවසානයේ නිර්දේශිත නම් 4ක් තිබුනා තනතුරු තුන සඳහා(ප්‍රධාන හා උප ප්‍රධාන දෙදෙනෙක්)එතනින් එක්කෙනෙක් බෞද්ධ,දෙන්නෙක් කතෝලික,එක්කෙනෙක් මුස්ලිම්.

     අපේ කණ්ඩායමේ බහුතර කැමැත්ත සහ හැමෝම හිතන් හිටියේ මුස්ලිම් සහෝදරයාට ප්‍රධාන තනතුර හම්බ වෙයි කියලා!ජේෂ්ඨ කණ්ඩායමේ කැමැත්ත තිබුනේ බෞද්ධ සහෝදරයට!බහුතරයකගේ මනාප ලැයිස්තුව හැදිලා තිබුනේ  

Saturday, January 21, 2012

අයි ඩෝන්ට් නෝ වයි? man Vs women III ගෑනුන්ගේ අලි පස්ස


ගැහැනුන්ට අලි පස්සක් තියෙන්නෙත් පිරිමින්ට රා බඩක් එන්නෙත් ඇයි???




පස්ස......අපි ඉස්සර ඉස්කෝලෙ යන කාලේ පස්සට කිව්වේ බස් එක කියලා...අම්මෝ බලන්න එපැයි සමහර කෙල්ලොන්ගේ බස්...මං ක්ලාස් යන කාලේ ඒ දවස් වල හැටියට ලොකුම බස්  එක තිබ්බ කෙල්ලගේ නමයි මූනයි මට අද වගේ මතකයි..මුලු කළුතරටම තිබුනේ නෑ ඒ වගේ බස් එකක්..සමහරුන්ගේ ඒවා ඩබල් ඩෙකර්..සමහරුන්ගේ ඒවා ටාටා..ඩීමෝ,රෝසා,අශෝක් ලේලන්ඩ් අරවා මේවා අස්සේ තනි දොරේ ලේලන්ඩ් එහෙම නොතිබුනාම නෙවෙයි..ඒවා දිහා නම් බැලුනෙ කලාතුරකින් තමයි..ක්ලාස් වල ලෑලි බංකුව උඩ බස් එක පැය ගානක් පාක් කරන් ඉන්න එක තමා ඒ දවස් වල තිබුන අමාරුම වැඩේ!
එහෙනම් අද කතාවට එන්ටර් වෙමු!

හැබෑටම බවලත් උදවියට සාපේක්ශව ලොකු පස්සක් එන්නේ ඇයි?


Sunday, December 18, 2011

සරල බව සරල නැත - Simplicity is not a simple thing.

Simplicity is not a simple thing  [Charles Chaplin]

සරල බව සරල දෙයක් නොවයි. [ චාලි චැප්ලින්]

මේ කියමන පහුගිය දවසක මගේ නෙත ගැටුනා..ලොවක් හිනස්සපු මේ මනුස්සයා කියල තියන දේ ගැන තේරුම් ගන්න උත්සහ කරන්න.උත්සහ කරන්න කියලා මං කිව්වේ ඒක තේරුම් ගන්න එක ඒ තරම් ලේසි වෙන එකක් නැති නිසා..

අද ඉන්න ජෝකර්ලා එක්ක බලද්දි ඒ  කාලේ වචනයක් වත් කතා නොකර හාස්‍යය නැමැති  පැනි රස සීනි බෝල කවරින් එකක් ඇතුලේ මේ මනුස්සය දාල දීපු තිත්ත ඇත්ත (පණිවිඩය ) හා මේ මනුස්සය රංගනය තුලින් කල  විප්ලවය ගැන චාලි චැප්ලින් චිත්‍රපට බලලා තියන අයට අමුතුවෙන් කියලා දෙන්න ඕන නෑ!(නැති අය ඉන්නවනම් බලන්න..සැබැවින්ම වටිනවා..)මොහුගේ රංග ප්‍රකාශනයන් ගැන චූලානන්ද සමරනායක මහතා විසින් සිංහලෙන් රචිත පොතකුත් තියනවා..

මේ කියමන එක්ක මගේ හිතට ආපු මං කියවල තියන සමහර විට ඔබත් කියවලා/අහලා ඇති කතාවක් මගේ මතකයට ආවා..

Saturday, December 3, 2011

අපේ කාලයේ ටියුෂන් මාෆියාව

ද බොහෝ දෙනෙකුගේ අවධානයට බඳූන් නොවූ නමුත් අනිවාර්යෙන් අවධානය යොමු විය යුතු අංශයක් ගැන සංවාදයක් ඇති කිරීමේ කාලෝචිත අවශ්‍යයතාවය මත මෙම ලිපිය ලියවෙන බව කිව යුතුයි.අද සමාජය තුල මාෆියාවක ආකාරයෙන් ක්‍රියාත්මක වන මෙම ව්‍යාපාරය නවතා දැමිය යුතු බවට හෝ තහනම් කල යුතු බවට මේ තුලින් කිසිසේත් අදහස් නොකරන අතර හුදෙක් අයාලේ යන මෙම ටියුෂන් කෙරුවාව ගුණාත්මක හා සිසු හිතවාදී එකක් බවට පත් කරවීමේ ඇති අවශ්‍යතාව පිලිබඳව පැහැදිලි සංවාදයක් ගොඩ නැගිය යුතු බව මගේ පෞද්ගලික විශ්වාසයයි.
   

Monday, November 14, 2011

ලෝක දියවැඩියා නිවාරන දිනය වෙනුවෙන් -කියවන්න..දැනුවත්වන්න...


අදට යෙදී තිබෙන ලෝක දියවැඩියා නිවාරන දිනය වෙනුවෙන් මා සිංහල බ්ලොග් ලිවීම ආරම්භ කල අවදියේ ලියූ (වැඩි පිරිසක් අතින් නොකියවුනු)මේ සටහන නැවත පලකරන්නට සිතුනා..
කියවන්න..දැනුවත්වන්න...


මොකක්ද මේ දියවැඩියාව????

වචනයෙ පරිසමාප්ත අර්තය සැලකුවිට අපට දල අවබෝධයක් ලබාගන්න පුලුවන්.
ඒ "වැඩියෙන් ජලය යාම" එනම් මුත්‍රා යාම.

දියවැඩියාව ප්‍රදාන ආකාර 2ක් තියනවා!
1. සිරුරේ ADH හොර්මොනය අඩුවෙන් ස්‍රාවය වීම/සම්පුර්නයෙන්ම ස්‍රාවය නොවීම නිස ඇතිවන දියවැඩියාව (Diabetes Insipidus)

2. ඉන්සියුලින් ස්‍රාවය නොවීම/අඩුවෙන් ස්‍රාවය වීම නිස ඇතිවන දියවැඩියාව(Diabetes Mellitus)
අප එදිනෙදා දියවැඩියාව (සීනි)ලෙස හදූන්වනු ලබන්නේ ඉහත කි ඉන්සියුලින් නිසා ඇතිවන දියවැඩියාව තත්වයයි.

ඉන්සියුලින් ස්‍රාවය නොවීම/අඩුවෙන් ස්‍රාවය වීම නිසා ඇතිවන දියවැඩියාව(Diabetes Mellitus)

අප කතා කරන්න බලාපොර්තු වන මෙ දියවැඩියා තත්වය වෛද්‍ය විද්්‍යනූකූලව වර්ග 2කට බෙදෙනවා.

1.Type 1: මෙය ඉන්සියුලින් නිෂ්පාදනය නොවීම නිස ඇතිවෙනවා(අග්නි්‍යාෂයේ ලැන්ගර්හෑන් දීපිකා වලින්)
2.Type 2:මෙය ඉන්සියුලින් වලට සෛල දක්වන සංවේදීතාව අඩු වීම නිසා ඇති වෙනවා

Wednesday, November 9, 2011

ඇස් ලෙඩ පැතිරීමේ අවදානමක්!!දැනුවත් වෙන්න..


පූර්විකාව: 
මේ දිනවල වයිරසයක් නිසා බෝ වන අක්ෂි රෝගයක් සීඝ්‍රයෙන් පැතිරී යාමේ අවදානමක් ඇති බවත් විශාල පිරිසක් දෛනිකව මේ සඳහා ප්‍රතිකාර ලබා ගැනීමට පැමිනෙන බව ජාතික අක්ෂි රෝහලේ අධ්‍යයක්ෂ වෛද්‍යය S.A.H ලියනගේ මහතා සන්ඩේ ටයිම්ස් පුවත්පතට පවසා තිබුනා!
මේ එම රෝගය ගැන කරන පොඩි විස්තර කිරීමක්! මෙහි සඳහන් බොහෝ කරුනු බොහෝ දෙනා දැනටමත් දන්නා දේවල්!නමුත් කියවීම තුලින් නැවත එම කරුණු මතක් කරදීමයි ලිපියේ අරමුන!!

මොකක්ද මේ ඇස් ලෙඩ???
අපි සරල බසින් ඇස් ලෙඩ කියල හඳුන්වන්නේ අක්ෂි පටලය ඉදිමීම හේතුවෙන් ඇතිවන ඇස් රතු වීමේ තත්ත්වයට!

Tuesday, November 1, 2011

ශ්‍රී ලාංකීය විභාග,ක්‍රමයේ වැරැද්ද හා විකල්ප!



නිමිත්ත : පැමිණිලිකරු,විත්තිකරු හා විනිසුරු එක් අයෙක් වු විට අප කල යුත්තේ සිනාසීමද ඇඬීමද?


පසුගියදා මහනුවර උසස් බාලිකා විද්‍යාලයේ වාර්ෂික ත්‍යාග සහ සහතික පත් ප්‍රදානෝත්සවය වෙනුවෙන් පැවති උත්සවය අමතමින් විභාග කොමසාරිස් ‍ජනරාල්වරයා පැවසු අදස් බැඳේ!
"මේ විභාග දෙකම සාමන්‍යයපෙළ,උසස්පෙළ ගන්ධස්කාර කුනුවෙච්ච් විභාග,කිසිම ප්‍රයෝජනයක් නෑ ජීවිතේට.දැන් මට කව්රුවත් දඬුවම් කරන නෑ මේක මම ම කියන නිසා.
අප්‍රිකාවේ ගෝත්‍රික සමාජ කිහිපයක හැරුනම මේ වගේ බරපතල නින්දා සහගත ගතානුගතික විභාග ක්‍රමයක් නෑ.
විභාග කියන උපකරණය මේ දරුවන්ගේ විවිධ හැකියා මනින්න පාවිච්චි කරන මේ උපකරණය මොට්ටම මොට්ටයි. කිසිකෙනෙකුට මේක මුවහත් කරන්න බැහැ"
උපුටා ගැනීම:http://www.gossip9.com/2011/10/blog-post_31.html#ixzz1cMU9JFFy

     විභාගය, නිශ්චිත කාල පරාසයක් තුලදී තමන් කලින් ලබාගත් දැනුම ආශ්‍රයෙන් නිශ්චිත ප්‍රශ්න සංඛ්‍යාවකට පිලිතුරු සැපයීමේ ක්‍රියාවලිය ලෙස අර්ථ දැක්විය හැකියි.. දැනුම මැනීමේ ක්‍රමයක් ලෙස බොහෝ කලක සිටන් භාවිතා වන මෙම ක්‍රියාවලිය අසාර්ථක එකක් ලෙස විද්වතුන් බොහෝ කලක සිට අදහස් දක්වා තිබුනා..මේ ගැන විවිධ මති මතාන්තර තිබුනත් පැහැදිලී නවීකරනයන්/යාවත්කාලීන කිරීම් තුල තවමත්  තිබේන වඩා හොඳම නිර්නායකය ලෙස සැලකිය හැකියි..

Sunday, October 30, 2011

නීත්‍යානුකූල ගබ්සා කිරීම් (Legal abortion)




පෙරවදන: 
නීති විරෝධී ගබ්සාව වනාහි සමාජීය ලෙස අපි කවුරුත් ප්‍රතික්ෂේප කරන/කලයුතු දෙයක්..අද ලංකාවේ දිනකට නීති විරෝධී ගබ්සාවන් 800ක් පමන සිදුවන බව වාර්තා වෙනවා!!අමාරුවේ වැටී පසුව උත්තර සොයනවට වඩා ප්‍රශ්න නොවෙන විදිහට වැඩ කරන එකයි කල යුතුව ඇත්තේ!නිතරම පරිස්සම් වෙන්න,!හැඟීම් වලට වහල් නොවී..!මතක තියාගන්න Safety First and Prevention is always better than Cure!
හැබැයි අද කතාකරන්නේ ගොඩ දෙනෙක් වැඩි විස්තර නොදන්න නීත්‍යානුකූල ගබ්සා කිරීම් ගැන!

Thursday, October 6, 2011

මිනිසුන් තනන මිනිසුන් වෙත!!


පිදුම:
ලෝක ගුරු දිනය වෙනුවෙන්...
ලෝකය දකින්නට.. ජීවිතය ජීවත් කරවන්නට මට කියා දුන් සිරි කුරුසියේ මගේ ආදරණීය ගුරු දෙමාපියන්ට!


ලොව ශ්‍රේෂ්ඨටම වෘත්තීන් අතර ගුරු වෘත්තිය ඉහල කොට සලකන්නේ ලෝකයේ හා මනුස්සවර්ගයාගේ රඳා පැවැත්ම සඳහා වු පදනම සකසන පුද්ගලයා ගුරුවරයා වන හෙයිනි..
ළමයෙකුට ලෝකය දකින්නට ..
ලෝකයේ හිස ඔසවා ජීවත් වන්නට..
මිනිසුන් තේරුම් ගන්නට ඔබ අප හුරු කරන්නේ යම් සේද..
ගෙදර වැටි වැටි නැගිටින්නට දෙමාපියන් උදවු වන්න සේම,
සමාජයේ නොවැටී සිටින්නට අවැසි ආකල්පමය පදනම සපයන්නේ ඔබයි..


පාසල් ගේට්ටුවෙන් අපිව බාරගෙන ගෙදර බිත්ති හතරින් එහා ලෝකයක් ඇති බව අපිට මුලින්ම පසක් කර දුන්නේත්..
හැමදාම එකම තැන වාඩි නොකර එක එක තැන් වලා වාඩිකරලා සමාජයේ හැම එකාම එක වගේ නොවන බව මුලින්ම දැනෙන්න සැලැස්වුවේත් නුඹයි..

Thursday, September 29, 2011

ඔබේ සෞඛ්‍ය සම්පන්න බව මෙතනින් මැනගන්න!



අද කියන්න යන්නේ ඔබේ නිරොගී බව නැත්නම් සෞඛ්‍ය සම්පන්න බව ඔබටම මැන ගන්න පුලුවන් ක්‍රමයක් ගැන..මේකට කියන්නේ BMI (Body Mass Index) සිංහලෙන් මට මතක හැටියට කියන්නේ ස්කන්ධ දේහ දර්ශකය වෙන්න ඕන..(වැරදි නම් නිව‍රැදි කරන්න).. ජීව විද්්‍යා අංශයෙන් උ.පෙල හදාරපු අය නම් මේක ගැන දන්නවා ඇති..අනිත් අයත් ඔය සොෆ්ට්වෙයා වලට දාලා පිලිතුර අරන් ඇති!හැබැයි වෙන්න මොනවද කියල නම් දන්නෙ නැතුව ඇති!

Sunday, September 11, 2011

මොනවද මේ බජට් එයාලයින්?? හා මිහින් vs Sri Lankan

අද මං ‍තෝරගත්තේ බොහෝ දෙනෙකුට අහල පුරුදු ඒත් පැහැදිලි අවබෝධයක් නැති දන්නෝ දනිති මොඩලයේ මාතෘකාවක්..මිහින් සමාගම ඇරඹීමත් සමග බොහෝ දෙනෙකුට මතුවෙච්ච ගැටලුවක් තමා ඇයි එකක් තියෙද්දි තව එකක් කියන ප්‍රශ්නය..ඇත්තටම මේ දෙක එකක් නෙවෙයි දෙකක් කියලා මේ ලිපිය අවසානයේදි තේරුම්ගන්න පුලුවන් වේවි..
මොනවද මේ අඩුවැය නැත්නම් බජට් එයා ලයින් කියන්නේ?
 ඇත්තටම අනවශ්‍ය වියදම් කපා දමමින්සාපේක්ෂව අඩු මුදලකට මගීන් ගෙනයාම පදනම් කරගත් ගුවන් සේවා මෙලෙස හැඳින්විය හැකියි..ලංකාවේ සිට එලෙස ක්‍රියාත්මක වන ගුවන්සේවා කිහිපයක් ලෙස Mihin Lanka,Air Asia, Air Arabia,Fly Dubai දැක්විය හැකියි..

අරමුණ :
 මොවුන්ගේ ප්‍රධාන අරමුන හෝ තේමාව වන්නේ low fairs low comfort(අඩු මිල අඩු සුවපහසුව) කියන එක.. නමුත් අද ඇති තරඟ කාරීත්වය සමග සාමාන්්‍යයෙන් හොඳ පහසුකම් ලබාදෙන්න මොවුන් පෙලඹී තියෙනවා..

අනිත් ඒවායින් අඩුවැය ගුවන් යානා වෙනස් වෙන්නේ කොහොමද?

Wednesday, August 31, 2011

ඇඳුම් ගනිද්දි පරිස්සමින්!!!


මං අද වෙනකම් මට වෙච්ච පෞද්ගලික දේවල් බ්ලොගියේ අකුරු කරපු එකෙක් නෙවේ! ඒ වැඩේට මං එච්චර ආසත් නෑ! හැබැයි ඒ ඉතින් ලියන්න දේවල් නැති නිසා නම් නෙවේ..මට වෙච්ච දේවල් ලියනවනම් පොත් ගනන් ලියලා ඒවායේ  කවරවලත් ලියන්න දේවල් තියනවා..ඔන්න ඉතින් එහෙම ලියන උන් ඉන්නව නම් කලබල වෙන්න එපා! තව තව ලියපල්ලා!මං ගොඩක් ආසාවෙන් කියවනවා!මොකද ඉතින් එක එකා ගේ ආතල් විවිධාකාරයි නේ! අපේ ආතල් අපිට ආතල්..නැද්ද මං අහන්නේ!

රා.......යිට්! ඔන්න සිද්දිය!

Wednesday, August 24, 2011

පෞද්ගලික වෛද්‍ය විද්්‍යාල, නිදහස් අධ්‍යාපනයේ මලගම(ද?) හා සිසු පරපුර..දේශපාලනික නොවන සංවාදය - II කොටස

මා විසින් ලියන ලද පෞද්ගලික වෛද්‍ය විද්්‍යාල, නිදහස් අධ්‍යාපනයේ මලගම(ද?) හා සිසු පරපුර..(දේශපාලනික නොවන ලිපියකි) (මෙතනින් කියවන්න)  ලිපියේ මාගේ අදහස් ප්‍රකාශ කරන අතරතුර බුද්ධිමත් සංවාදයකට මා ඇරයුම් කලා..ඊට පිලිතුරු ලෙස මේ ක්ෂේත්‍රයේ නියුතු වියතුන් බොහො දෙනෙක් අදහස් පල කිරීම ගැන පුද්ගලිකව මං පවා මවිත උනා...
සාමාන්්‍ය පාඨකයන්ට අමතරව වෛද්්‍යවරුන්,විදෙස් ව්.ව් වල ආචර්ය මණ්ඩලයේ සාමාජිකයින් පමනක් නොව දිනුක වැනි තව බොහෝදේශීය වි.වි වල සිසුන් පවා අදහස් දැක්වීමට එකතු වීම ගැන සතු‍ටුයි..
ඒ අතර මිගාර වෛද්්‍ය තුමා ඔහු විසින් ලියන ලද සවිස්තරාත්මක ලිපියක් මගේ ලිපියට පිලිතුරු ලෙස පල කලා...ඒ තුලින් මා සාකඡ්ඡා කල කරුනු සවිස්තරාත්මකව විස්තර කෙරෙනවා පමනක් නොව මගේ අදහසට ප්‍රතිවිරුද්ද මත පලකල බොහෝ දෙනෙකුගේ ගැටලුවලට  විසඳුම් ලැබෙනවා..පැන නැගිය හැකි ප්‍රායොගික ප්‍රශ්න වගේම ඒවාට පිලිතුරුත් දක්වා තිබීම නිසා මෙය පලකරන්නට මා තීරනය කලා..පැහැදිලි සැලසුම් හා ප්‍රතිපත්තිමය තීරනයන් ගැනීම තුලින් පෞ.වෛ.වි ප්‍රයෝගික යථාර්තයක් බවට පත් කර ගැනීම එතරම් අපහසු නොවන බව මේ ලිපියෙන් ඔබට පැහැදිලි වේවි....

Thursday, July 21, 2011

දන්න පැරසිටමෝල්(පැනඩෝල්) ගැන නොදන්න ටිකක්!


පැරසිටමොල් එසේත් නොමැතිනම් පැනඩොල් ලෙස අපි කවුරුත් හඳුන්වන මේ ඖෂධය බොහොම සුලභව අපි කවුරුත් එදිනෙදා භාවිතා කරන බෙහෙතක්...ඉතින් මේ බෙහෙත ගැන දන්න හා නොදන්නා කරුනු කිහිපයක් මේ කෙටි ලිපිය තුල අන්තර්ගත වෙලා තියනවා..

අතීතය: 
     මේ බෙහෙත පලමුව සොයාගෙන තිබෙන්නේ 1877 දී පමන හාර්මන් මෝර්ස් කියන පුද්ගලයා විසින්..නමුත් එය ඇමරිකානු වෙලඳ පොලට පිලිගත් ඖෂධයක් ලෙස එක් වන්නේ නවසිය ගනන් වල මුල් භාගයේ ලෙසයි සඳහන් වී ඇත්තේ..

රසායනික නාමය:   පැරසිටමොල් හෝ ඇසිටොමිනෝ‍ෆින් (C8H9NO2)

වෙලඳ නාම       :   පැනඩොල්, පැර්සිටෝල් (ලංකාවේ)


ලබා ගන්න පුලුවන් මොන විදිහේ තත්ත්වයන් වලදීද?
  • මෙය කුඩා හා මධ්‍යම ප්‍රමානයේ වේදනාවන් වලදී වේදනා නාශකයක් ලෙස ක්‍රියා කරනවා(හිසේ    කැක්කුම්,මාංශ පේශි වල වේදනාවන්,දත් කැක්කුම්)
  • දේහ උෂ්ණත්වය අඩු කරන නිසා උණ වැනි තත්ත්වයන් වලදී හා 
  • වෛද්්‍ය නිර්දේශය මත තවත් රෝග ගනනාවකදී...


LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...