Saturday, February 11, 2012

ප්‍රෙෂර්....


මුලින්ම මගේ කලින් ලිපි දෙක තුනට ප්‍රතිචාර දක්වපු අයට පිළිතුරු සපයන්න බැරි වුන එක ගැන සමාවෙන්න ඕන.ඔබේ වෙලාවෙන් ටිකක් මගේ ලිපියකට අදහස් දක්වන්න වැය කලාම එයට පිලිතුරු සපයන එක මගේ සදාචාරාත්මක යුතුකමක්.ඒත් පාඩම් වැඩ එක්ක නිතර ඒ දේවල් කරන්න අමාරුයි.ඒ නිසා ඉස්සරහටත් ගොඩක් වෙලාවට මට පිලිතුරු සපයන්න වෙන එකක් නෑ! අමනාප වෙන්නෙ නැති වෙයි කියලා හිතනවා..ඔබගේ ප්‍රතිචාර මට හැමදාමත් වැදගත්!
මං සාමන්‍යයෙන් පෝස්ට් එකක් අන්තිමට මට කියන්න තියන ටික කිව්වට අද උඩින්ම කියන්න තීරණය කලේ මේ වගේ ලිපියක් අන්තිම වෙනකම් බොහෝ දෙනෙක් කියවන්නේ නැති බව දන්න නිසා..
මේ ලිපිය මගේ මිත්‍රයා සනෝජ් ගේ ඉල්ලීම මත ලියවෙන ලිපියක්.


ප්‍රෙෂර්....
අපි එදිනෙදා ප්‍රෙෂර් කියලා හඳුන්වන්නේ අධික රුධිර පීඩනය කියන තත්ත්වය.ලෝකයේ බෝ නොවන රෝග අතරින් ඉහලින්ම තියන රෝගයක් තමා මේක.වසර 2000දි ලෝක වැඩිහිටි ජනගහනයෙන් සෑම 4 දෙනෙකුගෙන්ම එක් අයෙකුට මේ රෝග තත්ත්වය තියනවා කියලා ගනන් බලලා තියනවා..මේ ලෙඩේ ගැන පෝස්ට් දානවනම් බ්ලොග් එකක්ම ලියන්න වෙයි..ඒ නිසා මං වැදගත්ම හා සාමාන්‍ය පාඨකයෙක්ට තේරෙන විදිහට සාරාංශ ගත කරලයි මේක ලියන්නේ! මේ ගැන දන්න කෙනෙක්ට නම් කරුණු මදි වගේ හැඟෙන්න පුලුවන්.

මොකක්ද මේ රුධිර පීඩනය?
 රුධිරය රුධිර නාලයක් තුලින් ගමන් කරද්දි ඒ නාලයේ(ධමනියේ හෝ ශිරාවේ) බිත්තියේ ඒකක වර්ගපලයක් මත ඇති කරන තෙරපුමට තමයි රුධිර පීඩනය කියන්නේ!

මේ තෙරපුම හෘදය මගින් පොම්ප කරන රුධිර ප්‍රමානය මත හා ඒවා නාල දිගේ ගලා යාමේදි ඇතිවන ප්‍රතිරෝධය මත රඳා පවතිනවා.
මේ තෙරපුම අසාමාන්‍ය ලෙස ඉහල ගියාම ඇතිවෙන තත්ත්වයට තමයි අපි අධික රුධිර පීඩනය එහෙම නැතිනම් ප්‍රෙෂර් කියලා කියන්නේ!
මේ පීඩනය අඩු වුනාම අවපීඩනයක් ඇතිවෙන්නත් පුලුවන්.(low pressure/Hypo tension) මේ අවපීඩනය අධික රුදීර පීඩනයට වඩා භයානකයි.


කොහොමද මේ පීඩනය ඇතිවෙන්නේ!
      සරලයි.අපි පොඩි වතුර පාරකට පොඩි බටයක් දාන්නෙත් ලොකු වතුර පාරක් ගෙනියන්න ඕන නම් පත සයිස් බටයක් දාන්නෙත් ඇයි? ඒ ගලායන වතුර පාරකට පීඩනයක් තියන නිසා හා ඒ පීඩනය වැඩි උනොත් බටය පුපුරන්න පුලුවන් නිසා.
ඒ වගේ තමා ගලා යන රුධිරයටත් පීඩනය තියනවා.මේ පීඩනය වැඩිවුනාම රුධිර නාලිකාව මතට ඇතිවෙන තෙරපුම වැඩියි..
   
     මේ තෙරපුම පහලම අගයක් ගන්නේ හදවත(හෘදය) රුධිරයෙන් පිරුනාම.මේකට Diastolic pressure කියලයි කියන්නේ.මේක ඉහලම අගයක් ගන්නේ අර පිරුනු ලේ ටික පොම්ප කරන වෙලාවෙදි.මේකට කියන්නේ systolic pressure කියලා.අපි රුධිර පීඩනය ප්‍රකාශ කරන්නේ මේ දෙකෙ අනුපාතයක් විදිහට.ඉහලම අගය/පහලම අගය. උදා:- 120/80


කොහොමද මනින්නේ?
     මනින හැටි නම් ඉතින් අපි කවුරුත් දැකලා තියනවනේ.නවීන තාක්ෂනයත් එක්ක විවිධ ක්‍රම පාවිච්චි වෙනවා දැන්.මං අපි කවුරුත් දන්න ක්‍රමය විස්තර කරන්නම්.මේ ක්‍රමය තමයි තාමත් ගොඩ දෙනෙක් අනුමත කරන්නේ!(Gold standard/ඉහලින්ම සම්මත)

     මේ මැෂින් එක ඉතින් දන්නවා නේ..මේකෙ රසදිය කුලුනක් තියනවා..තව අත වටේ ඔතන්න රබර් cuff එකක්, ඒක පුම්බන්න හුලං ගහන්න රබර් බෝලයක් වගේ දේවල් තියනවා.
අපේ අතේ වැලමිට හරියෙන් ලේ ගෙනියනවා ධමනියක් Brachial කියලා.
අපි අර Cuff එක අත වටේ යවලා හුලං ගහලා කරන්නේ අර ධමනිය තද කරලා බ්ලොක් කරන එක.
ඒ කියන්නේ දැන් වැලමිටෙන් පහලට ලේ ගමනා ගමනයක් නෑ ! :o

     පස්සෙ අපි වෙද නලාව ඒ හරියෙන් තියලා පොඩ්ඩ පොඩ්ඩ අරකේ හුලං අරිනවා..එතකොට පොඩ්ඩ පොඩ්ඩ ධමනියත් බුරුල් වෙනවා..ඉතින් ටික ටික ලේ ගලන්න පටන් ගන්නවා..එතකොට සද්දයක් එහෙම ඇහෙනවා..පස්සෙ ධමනිය අර කලින් සයිස් එකට ආවම අර සද්දෙ ඇහෙන එක නවතිනවා.ඉතින් ඔය සද්දෙ ඇහෙන්න පටන් ගන්න වෙලාවෙ අර රසදිය කඳ තියෙන තැනේ උසයි ඇහිලා ඉවර උන තැනේ උසයි තමයි අපි ප්‍රෙෂර් එක විදිහට මැන ගන්නේ!

 
සද්දෙ ඇහෙන්න පටන් ගන්නේ වැඩිම(systolic) පීඩනයෙදි.ඇහිලා ඉවර වෙන්නේ අවම පීඩනයෙදි(Diastolic).ඔහොම බලලා අපි පීඩනය කියනවා රසදියේ උසට ගලපලා!
උදා :- 120/80 mm Hg (රසදිය මිලිමීටර)

පස්සේ පහල වගුවෙන් හොයාගන්න පුලුවන් රුධිර පීඩනයේ තත්ත්වය කොහොමද කියලා...
(අපිට නම් ඕවා කටපාඩම් :P )




මෙතනින් පේනවා 120/80 mm Hg ඒ කියන්නේ ඉහලම අගය 120 සහ පහලම අගය 80 එහෙමත් නැත්නම් හෘදය පිරුනාම 80ක් හා පොම්ප කරද්දි 120ක් තිබුනාම තමයි සාමාන්‍ය කියලා..හැබැයි ඕක අපි;
     පහලම අගය  60 සහ 90 අතර
     ඉහලම අගය 100සහ140 අතර තිබුනාම සාමන්‍යයි කියලා සලකනවා.

     ජිවිතයේ දන්න ප්‍රායෝගික දේක නොදන්න පැත්තක් දැන ගන්න එක නොදන්න දෙයක් අලුතෙන් දැන ගන්නවට වඩා ආතල්!මොකද එතකොට නොදන්න කෙනෙක්ට උනත් ලොක්කා වගේ කියන්න පුලුවන්නේ, මෙතනදි වෙන්නෙ මේකයි කියලා!
සැර පුලුවන් තරමට බාල කරලයි ලිව්වේ!තේරෙන්න ඇති කියලා හිතෙනවා!

රුධිර පීඩනය වැඩිවෙන්නේ ඇයි,එහෙම වෙන්න හේතු මොනවද කියලා දැනගන්න ආස කට්ටිය ඉන්නවනම් වෙලා තියන වෙලාවක තව ලිපියකින් විස්තර කරන්න බලන්නම්!

32 comments:

  1. එල ලිපියක් ඔය වගේ ඒවා දැනගන්න ලැබෙන්නේ නැහැ ගොඩක් වෙලාවට

    ReplyDelete
  2. වටිනා ලිපියක්...ස්තුතියි අය්යා..:) අපෙත් ඉන්නවා නැන්දල මාමල කීප දෙනෙක් ප්‍රෙෂර් තියෙන...

    ReplyDelete
  3. අනේ බං ඔව්වා මැනගත්තට වැඩක් නෑ. ඔව්වා අඩු වැඩි වෙන්න හේතු සහ ඒවා වලක්වගන්න හැටි ගැනත් ලියපං :D

    ReplyDelete
  4. @ පූසා,
    හැදෙන හේතු නං දන්නව. මේධය, සීනි, ඇල්කොහොල්. අයි තව 'මල් ' අනං මනං සමග දුම.

    ReplyDelete
  5. ඇත්තට අර කිව්වත් වගේ ප්‍රෙශර් හදාගත්තෙ නැත්තං දැං කාලෙ කොහොමද බං පොෂ් කියලා පෙන්නන්නෙ.ඔය තියෙන ඈයො හරි ආඩම්බරෙන්නෙ කියන්නෙ 'මට ප්‍රෙෂර්නෙ මෙයා' කියලා.ඔන්න ඕක හදාගන්න විදිහ ගැන කිව්වනං ඕං හොඳා....

    ReplyDelete
  6. ඔබා මාමාගේ මනා පැහැදිලි කිරීමෙන් පෙනීයන්නේ ඔබා මාමා ඉහත සඳහන් දේ ඕනෑවට වඩා භාවිතා කළ බවත් ඒවායේ අතුරු ඵල දැන් ලැබී ඇති බවත්ය! :D
    (විහිළු කළා වගේ නෙමෙයි දවසක අපිටත් හැදුනාම)

    ReplyDelete
  7. ආකුංච රුධිර පීඩනයයි , විස්ථාර රුධිර පීඩනය කියලා දෙකක් විද්‍යාවට ඉගෙන ගත්තා වගේ ලාවට මතකයක් තියෙනවා..ඔය 120 / 80 කියන්නේ ඒ දෙක නේද ?

    @ පුසා - ඔබා මාමා නම් අත්දැකීමෙන්ම තමා කියලා තියෙන්නේ.. :D

    ReplyDelete
  8. පූසා & චම්මා,
    බොලව් මං කොරපුව නොකරපුව නෙමේ, තොපේ සරීර සවුක්කිය ගැන හිතාගෙන වැඩ කොරපියව්....හෙහ්..හෙහ්. මං දැන් දශක හයක් හිටිය ලයිෆ් එක හිල්ට් එකටම එන්ජෝය් කළා....

    ReplyDelete
  9. අනේ පව් අහිංසක ඔබා මාමා... මෙහෙව් තැනකට කමෙන්ට් එකක් දාල බේරෙන්නත් බෑනෙ මුන්ගෙන්....හික්ස්...

    ඔය රුධිර පීඩන අගයන් වයස අනුවත් වෙනස් වෙනවලු නේද සාබිත්....? ඒ වගේම ඕක හැදුනු කෙනෙකුට ලයිෆ්ස්ටයිල් චේන්ජ් එකක් කරගත්තොත් ( කෑම, ව්‍යායාම ) බෙහෙත් බොන එක නතර කරන්න පුළුවන් තැනට එන්න පුළුවන්ද....?
    බොහොම ස්තුතියි ලිපියට... අර කියපු විස්තරත් පළකරාවි කියල හිතනව....

    ReplyDelete
  10. "මෙරට නාගරික ජනග්‍රහණයෙන් 16% ක්ද ග්‍රාමීය ජනග්‍රහණයෙන් 8.6%ක්ද දියවැඩියාවට ගොදුරු වී ඇත.2000 වසරේ සිට වසර 7 ක් තුල සමස්ත ජනග්‍රහණයෙන් දියවැඩියාව වැළදුණු ප්‍රමාණය 3.7% කින් වැඩිවීම ප්‍රශ්නාර්ථ ලකුණක් අප ඉදිරියේ ඉතුරු කරයි "?" ."

    http://navifantasy.blogspot.com/2011/06/blog-post.html

    ReplyDelete
  11. මට හැමදාම තිබුන ප්‍රශ්ණයක් තමයි ඔය අටමගලෙන් ප්‍රෙශර් එක මනින්නේ කොහොමද කියලා.. ස්තූතියි හැමදාම කුතුහලයෙන් හිටපු දෙයක් පැහැදිලි කරලා දුන්නට..

    ඒත් තව ප්‍රශ්නයක් තියනවා.. cuff එකට හුලන් ගහලා තෙරපුමක් ඇතිකරවනකොට කොහොමද රසදිය මට්ටම ඉහල යන්නේ...?

    ReplyDelete
  12. ගොඩක් වැදගත් ලිපියක් යාළුවා... සුබපැතුම්... දිගටම ලියන්න...

    ReplyDelete
  13. මොනවා කියනවද සාබිත්! හතර දෙනෙකුගෙන් එක අයෙකුට නම් හොඳයි. ඒ කියන්නේ අනික් තුන් දෙනාගේ නැන්දම්මල ටිකක් හරි හොඳයි.

    ReplyDelete
  14. හ්ම්ම් ගොඩාක් වටිනවා

    ReplyDelete
  15. වටිනා ලිපියක්.. කියවලා ප්‍රින්ට් කරලා අනිත් අයටත් දුන්න කියවන්න..

    ReplyDelete
  16. බලඩ් ප්‍රෙෂර් ගැන හොඳට සරලව පැහැදිලි කරල තියනවා. අපිත් ඉතං දොස්තර ගාවට ගියාම දොස්තර අත දික්කරන්න කියනවා අපි අත දික් කරනවා. දොස්ත රබර් කෆ් එක අතේ ඔතනවා , හුලං ගහනවා, දොස්ත "නෝමල්" කියනවා. අපි දන්නෙ එචිචරයි.

    හැබැයි අදනම් ප්‍රෙෂර් නැංගද මන්දා. ඉන්ධන මිළ වැඩි වුණා.

    ReplyDelete
  17. සිරා සබිය..

    කමෙන්ට් වලට රිප්ලයි නැති එක ගැනත් පොඩි අප්සට් එකක් තියෙනව නොවැ. ඒත් පෝස්ට් ‍එකේ මුලින් ඒක ගැන කියපු එක හොදා..

    ReplyDelete
  18. ස්තුතියි කස්ටියටම දක්වපු අදහස් වලට...

    @ පූසා : හික්ස්..සිරා බෙහෙත! හැබැයි ඒකට ඔබාට ගැට ගස්ලබු හොයා ගන්න!

    @senna : ඒකෙ එක බටයක් යනවා රසදිය කුලුනට..හැබැයි ඒක ගානට උඩ යන විදිය නම් ෆිසික්ස් ඔස්තාද් කෙනෙක් ගෙන් තමා අහගන්න වෙන්නේ! (මගේ ෆිසික්ස් දැනුම සංකීර්ණ වැඩි! උඹලට තේරෙන එකක් නෑ මං කිව්වට!!උඹලා මං දන්නේ නෑ කියලා හිතන්න එපා හරිද?හික්ස්)

    rayigama : බෙරේ ගහන්න බැඳගන්න කොට ඒ එක්ක හම්බෙන ඇසසොරීස් ගැනත් අවධානය යොමු කරන්න බලාපොර්තු වෙනවා මං නම්! :D

    මියුරු : ඔව්..වයස වගේම ලිංගය අනුවත් වෙනස් වෙනවා..ස්ත්‍රීන්ගේ ප්‍රෙෂර් එක ටිකක් අඩුයි පුරුෂයන්ට වඩා..හැබැයි ඔය උඩින් දක්වපු පරාසයන් තුල තමයි එවා තියෙන්නෙ!
    ලයිෆ් ස්ටයිල් චේන්ජ් එක තුලින් පාලනය කරගන්න පුලුවන් වර්ගත් තියනවා..බෙහෙත්වලින් විතරක් කොන්ට්‍රොල් කරගන්න වෙන ඒවත් තියනවා..ඒ නිසා හැදිලා තියන වර්ගය අනුව තමා ඒකට උත්තරේ තීරනය වෙන්නේ!

    chamma : හරියට හරි! ඒ දෙක තමා! ඒ වචන තේරෙන එකක්
    නැති වෙයි කියලා හිතලා තමයි පාවිච්චි නොකලේ!

    weni : බොහොම ස්තුතියි! අපි ලියපු දෙයක් මොන ක්‍රමයකින් හරි තව අය කියවන එකම නෙවෙයිද ලියන අපේ සතුට!

    අනෙක් අයගේ අදහස් වලටත් ස්තුතියි!

    ReplyDelete
  19. තේරුනා මචෝ ලිපිය දැන් ඉතින් මෙහෙම වෙන්නේ ඇයි කියන එකටත් හේතු කියපන්

    ReplyDelete
  20. මේ රුධිර පීඩනය ඇති වෙන්න තෙල් අධික කෑමත් හේතුවක් නේද සහෝ?

    ReplyDelete
  21. හොඳ ලිපියක් සභිත් . පැහැදිලිව ලියල තියනවා. ඔන්න කට්ටියට කියන්නකො මොනා නිසාද මෙහෙම වෙන්නෙ කියලත්,මට දැන ගන්න ඕන හයි ප්‍රේශර් වලට වඩා ලෝ ප්‍රෙශර් ගැන.

    ReplyDelete
  22. බොහොම වටිනවා වෛද්‍ය ශිෂ්‍යයන් වන ඔබවැන්නවුන් මෙලෙස ලෙඩ රෝග ගැන වඩා නිරවුල්ව විස්තර කරදීම. ලෙඩක් හැදෙන්න කලින් ඒක වලක්වාගැනීම කළ යුතුයි. පාඩම් අතර තුර මෙවැනි දේ වලට වෙලාව වෙන් කිරීම ගැන ඔබට ස්තූතිය

    ReplyDelete
  23. අපේ කමෙන්ට්ස් වලට රිප්ලයි නැති නිසා මං කමෙන්ට් කරන්නේ නැහැ.

    දැනටනම් ඔය ලෙඩේ නැහැ.ඒත් පරිස්සම් වෙන ඒක හොඳයි නේද?

    ReplyDelete
  24. මංනං ඔවුව බලන්න යන්නෙ නෑ. යන්න වෙන දවසක යනව. ඕව බැලුවම නැතිලෙඩ හැදෙනව.:)

    ReplyDelete
  25. අම්මට ප්‍රෙෂර් චෙක් කරන මැසිමක් ගෙනියලා දුන්නා අවුරුදු 20 විතර ඉදන් තාම බෙහෙත් බොනවා....

    ReplyDelete
  26. සාබියා ඔබට ස්තුතියි....

    ReplyDelete
  27. dhinesh : ඒක එක හේතුවක්..එතනදි මේද තැන්පත්වෙලා ලේ ගලා යාමට තියන ප්‍රතිරෝධය වැඩි කරනවා..ඒ නිසා පීඩනය ඉහල යනවා..

    අසරණයා : :)

    අනිත් කොණ : බොහොම ස්තුතියි අක්කේ දිරි ගැන්වීම් වලට!

    දයානන්ද මහතා : ඔව්..ගොඩක් දෙනෙක් මේක පිටිපස්සෙ තියෙන හේතු දන්නේ නෑ! ඒකයි දන්න දේක නොදන්න පැත්ත ගැන ලියන්න හිතුනේ!

    ස්තුතියි අනිත් අයටත්!

    ReplyDelete
  28. ගොඩක් වටින ලිපියක් ...ගොඩක් දේවල් දැන ගත්තා ..තෑන්ක්ස්

    ReplyDelete
  29. ගොඩක් වටින ලිපියක් ...ගොඩක් දේවල් දැන ගත්තා ..තෑන්ක්ස්

    ReplyDelete

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...