කලින් ලිපියේ රුධිර පීඩනය කියන්නේ මොකක්ද?මනින්නේ කොහොමද කියලා විස්තර කෙරුනා...
කියවපු නැති අයට -----------------------> ප්‍රෙෂර් I
අධික රුධිර පීඩනය ආකාර දෙකක් තියනවා..
1.ප්‍රාථමික අධික රුධිර පීඩනය : අධික රුධිර පීඩනය සහිත වූවන්ගෙන් 90-95%කට තියෙන්නේ මේ කියන ආකාරයේ රුධිර පීඩනය.මේ ආකාරයේ රුධිර පිඩනය ඇතිවෙන්න හේතුව මෙන්න මේකයි කියලා හරියටම කියන්න තාම පුලුවන් වෙලා නෑ..නමුත් මෙන්න මේවයින් එකක් හරි හෝ කිහිපයක් හරි නිසා ඇතිවෙන්න පුලුවන් කියලා හොයා ගත්තු තත්ත්වයන් කිහිපයක් තියනවා.
- ජානමය(පරම්පරාවෙන් පැවත එන)
- තරබාරු බව
- අධික ලුනු භාවිතය
- අධික මත්පැන් භාවිතය
- හෝමෝන ශ්‍රාවය වීමේ ආකූලතා
- වයස්ගතවීම
- මානසික තත්ත්වයන
මේ ආකරයේ රුධිර පීඩනයක් ඇතිවෙන්න ප්‍රධාන හේතු ලෙස ශරීරයේ ප්‍රධාන අවයව වල තිබෙන ව්‍යාකූලත්වයන් දක්වන්න පුලුවන්.
- බොහෝ විට වකුගඩු ආශ්‍රිත තත්ත්වයන්
- අන්තරාසර්ග ග්‍රන්ථි ( හෝමෝන) ආශ්‍රිත ආකූලතා
- හෘදය හා සනාල( ධමනි හා ශිරා) පද්ධතියේ ඇති ව්‍යාකූලතා තමයි හේතු ලෙස දක්වන්නෙ..
- සමහර බෙහෙත් මගිනුත් මේ ආකරයේ රුධිර පීඩනයක් ඇති වෙන්න පුලුවන්. උදා: උපත් පාලන පෙති,හෝමෝනමය පෙති
මේ විදිහට ප්‍රධානව මේ මේ පද්ධතියේ අවුල් නිසා කියලා මං ලිව්වට මේ යටතේ තව අනු හේතු සිය ගනනක් තියනවා.
ප්‍රාථමික අධි රුධිර පීඩනය වැලඳිමට පෙර සහ වැලඳුනාට පස්සේ මුල් අවදියේ දි life style change එකක් තුලින් බොහෝ වෙලාවට ලෙඩේ පාලනය කරගන්න පුලුවන් බෙහෙත් වලින් තොරව හෝ බෙහෙත් පුලුවන් තරම් අඩුවෙන් බීලා.
- ලුනු හා තෙල් අධික ආහාර පරීභෝජනය සීමා කිරීම(නොකර ඉන්න එක නෙවෙයි),
- මත්පැන් හා සිගරට් සහ * (මල් :) ) භාවිතයෙන් ඈත් වීම,
- ව්‍යායාම් කිරීම වගේ දේවල් කලානම් ලෙඩේ හැදෙන අවදානම ගොඩක් දුරට අඩු කරගන්න පුලුවන් වගේම හැදිලා ඉවරයි නම් පාලනය කරගන්නත් පුලුවන්.
හැබැයි ප්‍රාථමික අවස්ථාවෙන් (initial stage)ඔබ්බට ගිහින් නම් බෙහෙත් මත යැපෙන්න වෙනවා.
ද්විතියික ආකාරයේ අධික රුධිර පීඩනයක් වැලඳුනාම නම් බෙහෙත් හැර වෙනත් විකල්පයක් නැතිම තරම්.
දියවැඩියාව සහිත කෙනෙක්ට අධික රුධිර පීඩනය තියනවා කියන්නේ වැඩේ ටිකක් බරපතලයි!ඒ නිසා ඒ අය ගොඩක් පරිස්සම් වෙන්න ඕන..වෙලාවට බෙහෙත් බොන්න ඕන!
ප්‍රේෂර් කියලා දැනගන්නේ කොහොමද?
කොහොමත් දොස්තර කෙනෙක් ගාවට ගියාම ප්‍රෙෂ්‍ර් එක කොහොමත් චෙක් වෙන නිසා ලෙඩේ මග ඇරෙන එක ගොඩක් වෙලාවට අඩුයි..ඒත්
- තද ඔලුවේ කැක්කුම
- කරකැවිල්ල
- වමනි යන ගතිය
- ඇස් පෙනීමේ දුර්වලතා වගේ ලක්ෂන මතුවෙනවා නම් ගොඩක් වෙලාවට ඒ අධික රුධිර පීඩනය නිසා වෙන්න පුලුවන්.
නිසිප්‍රතිකාර නොගත්තොත්??
- හාට් ඇටෑක්
- පරිවෘත්තීය ව්‍යාකූලතා(දියවැඩියාව,කොලෙස්ටරෝල්...)
- හෘදය ඇන හිටීම
- වකුගඩු නරක් වීම
- අඝාතය(stroke/ අංශ භාගය)
- අන්ධ බව
- මතකය හා තේරුම් ගැනිමේ දුර්වලතා වගේ එකී මෙකී නොකී හිතා ගන්නත් බැරි ලෙඩ ඇතිවෙන්න පුලුවන්.
දැනටමත් ප්‍රෙෂර් තියෙන කෙනෙක් නම් මරණ භය ඇති කරගෙන ප්‍රෙෂර් වැඩිකරගන්න ඕන නෑ!
කරන්න තියෙන්නේ හරි පොඩි දෙයයි!
ලයිෆ් ස්ටයිල් එක ගැන පරිස්සම් වෙන්න..වෙලාවට බෙහෙත් ටික බොන්න..එන්න කියන වෙලාවට ගිහින් දොස්තරව හම්බවෙන්න.. ඔයා ගොඩ!!!!
ඔන්න ඕක තමයි ප්‍රෙෂර් ගැන විස්තරේ...
ජිවිතයක් බේරගන්න,තව දවසක් මේ ලෝකය දකින්න කෙනෙක්ට උදව් කරන්න සම්මාදම් වෙන්න පුලුවන් නම් ඒක ලොකු පිනක්! එහෙව් පිනකට අත ගහන්න අවස්ථාවක් ඔබටත් උදා වෙලා තියනවා!මොන ආගම ඇදහුවත් අන්තිමට අපි විශ්වාස කරන පොදු දෙයක් වේ නම් ඒ මේ ලෝකේ කරන දේවල් අපි යන තැනකට අරං යනවා කියන එක..පුලු පුලුවන් අය පුලු පුලුවන් විදිහට මොනවා හරි කරන්න.වැඩි විස්තර මෙතනින්...
ජිවිතයක් බේරගන්න,තව දවසක් මේ ලෝකය දකින්න කෙනෙක්ට උදව් කරන්න සම්මාදම් වෙන්න පුලුවන් නම් ඒක ලොකු පිනක්! එහෙව් පිනකට අත ගහන්න අවස්ථාවක් ඔබටත් උදා වෙලා තියනවා!මොන ආගම ඇදහුවත් අන්තිමට අපි විශ්වාස කරන පොදු දෙයක් වේ නම් ඒ මේ ලෝකේ කරන දේවල් අපි යන තැනකට අරං යනවා කියන එක..පුලු පුලුවන් අය පුලු පුලුවන් විදිහට මොනවා හරි කරන්න.වැඩි විස්තර මෙතනින්...
මීට පොඩ්ඩකට කලින් සීනි නං චෙක් කරගත්ත අර චූටි ගැජට්ටුවෙන්.
ReplyDeleteම්ම්ම් ගොඩක් අයට වැදගත් ලිපියක්...
ReplyDeleteස්තූතියි මචං. මේව ගැන පුළුවන් තරම් දැනුවත් වෙලා ඉන්න එක වටිනවා.
ReplyDeleteවැදගත් ලිපියක්. දැනුවත් කලාට ස්තූතියි සභිත්.
ReplyDeleteව්‍යායාම කියද්දිත් කම්මැලියි අප්පා..ඒත් නොකර කොහොමද නේද මේ වයසට...;)
ReplyDeleteඉදල හිටලා පොඩි අඩියක් ගැහුවට අවුලක් නැත්ද මචං?
ReplyDeleteඅපේ වයසේ හුගක් අයට තියෙන ගැටලුවක් තමයි ව්‍යායාම මදිකම.
ස්තූතියි... දන්න විදිහට තාම නැහැ.. හැබැයි යන විදිහට ළඟදිම හැදෙයිද මංදා...
ReplyDelete//* (මල් :) ) භාවිතයෙන් ඈත් වීම,// අපරාදෙ මල් නිකං පරවෙලා යයි..
ReplyDeleteවටිනා ලිපියක් ..
ස්තූති බන් ඉක්මනින් 2 කොටසත් දුන්නට
ReplyDeleteඔතන වැදගත්ම කාරණේ තමයි වයායාමෙයේ යෙදෙන එක.. මොකද අපි කවුරුත් ඕක කරන්නේ අඩුවෙන්නේ..
ReplyDeleteබොහොම ස්තුතියි සාබිත් වැඩ අස්සෙත් ඉක්මනින්ම දෙවෙනි කොටසත් පල කළාට...
ReplyDeleteThanks Sabiyo
ReplyDelete//මතකය හා තේරුම් ගැනිමේ දුර්වලතා වගේ එකී මෙකී නොකී හිතා ගන්නත් බැරි ලෙඩ ඇතිවෙන්න පුලුවන්//
ReplyDeleteමළා දැනටමත් 'මතකෙ' නං නැත්තටම නැතිවෙලා,
කියෝන බ්ලොග් වලිනුත් 90% ක් විතරම තේරෙන්නෙත් නෑ...
වැඩේ හොඳා...එළ
ReplyDeleteඔන්න මචං එක්සයිස් කිව්වම අපේ රටේ මිනිස්සු බය වෙනවා.යකෝ දැං ඉතිං ජිම් එකකටත් ගිහිං සල්ලිත් දීලා අනුන්ගෙ යකඩ උස්සන්නද මේ කියන්නෙ කියලා.ඇත්තටම මේ ප්‍රෙශර් හා සම්බන්දව ව්‍යායාම කිරීමේදී උපදෙස් දෙන්නේ දවසට පැය භාගයක් විතර ටිකක් හයියෙන් ඇවිදින්න කියලා.ඒ කියන්නෙ දුවන්නම නෙමෙයි.ඔය වයසක ඈයින්ට දුවලා දණිස් අමාරුව හදාගන්න ඕනෙ නෑ.ටිකක් හති වැටෙන විදිහට හයියෙන් ඇවිද්දානං ඇති.දැං ඔහොම කිව්වම අහනවා ඉතිං ඕකට කෝ වෙලාවක් කියලා.ඒකට වෙනම වෙලාවක් හොයාගන්න ඕනෙ නෑ.ඔය බස් එකේ එන අයට පුළුවන් තමන් බහින හෝල්ට් එකට එකක් හෝ දෙකක් කළිං බැහැලා පයින් ඉතුරු ටික එන්න.එහෙම දාඩිය දාගෙන ගෙදර ඇවිත් වොෂ් එකක් එහෙම දාගත්තට පස්සෙ ඇඟට දැනෙන සනීපෙන්ම කියන්න පුළුවන් එක්සසයිස් එක වැඩ කියලා.
ReplyDeleteස්තුතියි කට්ටියගෙම අදහස් වලට! ලිපි දෙක වෙලා තියෙන වෙලාවක් බලලා එක පාරම ලියලා දැම්මා දෙපාරකට පල කලාට!
ReplyDeleteඔබා : ගනන් ගන්න එපා!ඔහොම තමයි වයසට යද්දි! :D දැන් ඉතින් සෑහෙන්න වයසයි නොවැ
දිනුක : සිරාවටම..අපේ රටේ මිනිස්සුන්ට ඕන නැති වැඩ වලට ඕන තරම් වෙලා තියනවා..හැබැයි ඕනම වැඩ වලට වෙලා නෑ! සරළව කරගන්න පුලුවන් දේවලුත් "අනේ අපෝ" මානසිකත්වයෙන් බලන්නේ!
සබිත් ප්ලීස් ඇනීමියා ගැන ත් මේ වගේ ලියන්නකො.......
ReplyDelete