සරල බව සරල දෙයක් නොවයි. [ චාලි චැප්ලින්]
මේ කියමන පහුගිය දවසක මගේ නෙත ගැටුනා..ලොවක් හිනස්සපු මේ මනුස්සයා කියල තියන දේ ගැන තේරුම් ගන්න උත්සහ කරන්න.උත්සහ කරන්න කියලා මං කිව්වේ ඒක තේරුම් ගන්න එක ඒ තරම් ලේසි වෙන එකක් නැති නිසා..
අද ඉන්න ජෝකර්ලා එක්ක බලද්දි ඒ කාලේ වචනයක් වත් කතා නොකර හාස්‍යය නැමැති පැනි රස සීනි බෝල කවරින් එකක් ඇතුලේ මේ මනුස්සය දාල දීපු තිත්ත ඇත්ත (පණිවිඩය ) හා මේ මනුස්සය රංගනය තුලින් කල විප්ලවය ගැන චාලි චැප්ලින් චිත්‍රපට බලලා තියන අයට අමුතුවෙන් කියලා දෙන්න ඕන නෑ!(නැති අය ඉන්නවනම් බලන්න..සැබැවින්ම වටිනවා..)මොහුගේ රංග ප්‍රකාශනයන් ගැන චූලානන්ද සමරනායක මහතා විසින් සිංහලෙන් රචිත පොතකුත් තියනවා..
මේ කියමන එක්ක මගේ හිතට ආපු මං කියවල තියන සමහර විට ඔබත් කියවලා/අහලා ඇති කතාවක් මගේ මතකයට ආවා..
දවසක් ඉංජිනේරුවෝ ටිකක් සම්මන්ත්‍රනයකට යනවලු ලොකු බස් එකක..
ටිකක් වේගයෙන් යද්දි ඒකෙ නට් බුරුල් වෙලා එක රෝදයක් (පිටිපස්සේ) ගැලවිලා ගියාලු..එතන රෝද දෙකේ සෙට් තියන නිසා කොහොම හරි රියදුරා බස් එක නතර කරගත්තාලු..මෙහෙම නතර කරගෙන ගෝලයත් එක්ක ගිහින් රෝදෙ උස්සන් ආවලු..ඇවිත් කල්පනා කරනවලු මේක ආයි හයි කරන්නේ කොහොමද කියලා..ඇයි නට් නැහැ නෙ..
ගෝලයයි ඩ්‍රයිවරුයි කතා උනාලු තාම උදේම නිසා කඩ ඇරලත් නෑ!මොකද කරන්නේ කියලා..
වෙලාවට සම්මන්ත්‍රනේට ගියෙ නැත්නම් ඒකෙනුත් වැඩක් නෑ කියල හිතලා ඉංජිනේරුවෝ ටිකත් දහ අතේ කල්පනා කර කර ඉන්නවලු..පස්සෙ ඔතනින් එක්කෙනෙක් එතනම තිබුන බස් හෝල්ට් එකේ මනුස්සයෙක්ට විසතර කියලා ඇහුවලු ලඟ පාත වැඩේ ගොඩ දාගන්න පුලුවන් කඩයක් තියනවද කියලා...
මේ කතාව අහගෙන හිටියලු අම්මත් එක්ක ඉස්කෝලෙ යන්න බස් හෝල්ට් එකට වෙලා හිටපු පොඩි එකෙක්ට..
ඒ පාර පොඩි එකා කිව්වලු "ඇයි අංකල් මෙච්චර රෝද ගොඩක නට් ගොඩාක් තියෙන්නේ!එක එක ගලවලා හයි කර ගන්නකෝ" කියලා....
ඇත්ත නේද!
සාමාන්‍යයෙන් නට් ගොඩක් තියන ටයර් එකකින් එකක් ගැලෙව්වට ඒ හැටි බලපෑමක් නැතුව ඇති නේද...එහෙම තිබුනත් කඩයක් හොයා ගන්නකං ටිකක් දුර ඒ විදිහට නට් ගලවලා හයි කරගෙන යන්න බැරි නෑ නේද?
මේ කතාවේ ප්‍රායෝගික බව පැත්තක තියලා මේ සිතුවිල්ල දෙස බලමු!
අර ඉඅංජිනේරුවන්ටත් හිතාගන්න බැරි උන විකල්පය අර පුංචි එකාට හිතුනේ කොහොමද?
ඇත්තටම අපි සමහර ප්‍රශ්න වලට මහප්‍රාන උත්තර හෙව්වට ඇත්තටම ඒකට උත්තරේ අන්තිමට බලං ගියාම සරල පුංචි දෙයක්! ඉංජිනේරුවගේ මානසිකත්වයෙන් බැලුවට හම්බවෙන්නේ නැති උත්තර ළමා මානසිකත්වයෙන් බැලුවම හම්බවෙන්න පුලුවන්..
ඒක නිසා වෙන්න ඇති ළමයි අහන සමහර ප්‍රශ්ණ වල දෙන්න උත්තර අපි ගාව නැත්තේ!
කාර්යාලයක උනත් මෙහෙම වෙන්න පුලුවන් නේද..?
සමහරවිට අධ්‍යක්ෂ මණ්ඩලයට හොයා ගන්න බැරි උත්තර සුලු සේවකයා ගාව තියෙන්න පුලුවන්...
ඒ නිසා සරල බව ජීවිතයට ලඟා කරගන්න...
සරල බව සරල නැහැ නේද? සරල බව ළඟා කරගන්නේ කොහොමද???
උත්තර හොයාගන්න...මාත් හොයනවා.....
food for thought!
ප.ලි : අලුත් පෝස්ට් මේල්ලුවෙන් ලැබෙන විජට්ටුව ඇතුලත් කලා..කැමති කෙනෙක් වේ නම් ඇඩ්‍රස් එක ඇතුල් කරල යන්න..
මම නම් හිතන්නේ සරල බව ලැබෙන්නේ අත්දැකීමෙන් කියලයි!!!!!!!!!!!!
ReplyDeleteසහතික ඇත්ත මචො..පොඩ්ඩක් හිතපං..උබට කල්පනාවෙයි..අපි ගෙදර හරි ඔෆිස් එකේදි හරි ඔලුව කම්හලක් කරගේන හොයන ගොඩක් දේවල් පැත්තක ඉඳල බලං ඉන්න එක්කේනෙකුට පටස් ගාලා හොයල දෙන්ඩ පුලුවන්..ඇයි ඒ අපි ඔනවට වඩා මොලේ වෙහේසල..මොලේ ස්ටක් වෙලා....හා නැද්ද...
ReplyDeleteහුටා නට් කතාව මම ලියන්න හිටියේ අපේ වර්සොන් එක. දැන් ඉතින් මක් කොරන්නෙයි. ඇත්ත. ඔෆීස් වල අනන්තවත් ලොක්කන්ට වඩා අපි කලර්ස් පෙන්නලා තියෙනවා. අපි ප්‍රැක්ටිකල් පොරවල්නේ..
ReplyDeleteමාතලන් :ලියහන් ලියහන්! උඹ ලියන්නේ වෙනම ආට් එකකට නේ!ඇරත් මේක කියවන්නේ බොහොම කිහිප දෙනයි!ඒ නිසා අවුලක් නෑ!
ReplyDeleteලහිරු : වෙන්න ඇති...අත්දැකීම් ලැබෙන්න ලැබෙන්න මිනිස්සු නැවෙන්න ඕන ගොයම් ගහ වගේ!නැත්නම් වෙන්නෙ දෙකට මැදින් කැඩිලා යන එක..
රාජ් : හ්ම්....ඒකත් ඇත්ත තමා!
සරල බව තියෙන්නෙ දෙයක් දකින විදිහෙ කියලයි මට හිතෙන්නෙ...
ReplyDeleteව්‍යාපාරික උපායමාර්ගික තීරණ ගන්නකොටත් පලමුව කුඩා ලමයෙක් ලෙස ප්‍රශ්නයක් දෙස බලන්න කියලා කියන්නේ මේ හින්දම වෙන්න ඕනා...
ReplyDeleteසරල බව සරල නැත.ඒත් සරල විදිහට ජීවත්වෙන්න පුලුවන් නම් අපිට අපේ ජීවිත අනවශ්‍ය විදිහට සංකීර්ණ කරගන්නෙ නැතුව හිතේ සතුටින් ජීවත් වෙන්න පුලුවන්
සරල බව සරල නැත..හිතන්න වටින කියමනක්..
ReplyDeleteසරළ බව ගැන කතා කරද්දි මේක මෙතැනට ගැලපේවි කියල හිතෙනව.
ReplyDeletehttp://www.ted.com/talks/david_pogue_says_simplicity_sells.html
සරලබව තුලින් කලින් ඇහැ නොගැටුන අහු, මුළු, කොන් දකින්න පුළුවන්
ReplyDeleteරෑට නැති නුවන උදේට පහලවෙනවයි කියල වසිලීස්සා කියල තියෙන්නෙත් ඔය නිසාමයි මම හිතන්නෙ
ReplyDeleteඉරාගෙන හොයාපු දේ වෙන එකෙක් පෙන්නා දෙනකොට මට නම් ටිකක් ඌ ගැන ඉර්‍රිසියාවයි ..
ReplyDeleteනියම කතාවක් . මීට කලින් මේ කතාව අහලා තිබුනේ නම් නෑ .
කලබලේට කොරොස් කටෙත් අතදාගන්න බෑ කියලා කියමනක් තියනවා නේ
ඒක නම් ඇත්ත.... සඳරු කිව්ව වගේ වැඩ වෙනව ඕනතරම්... මේ පුංචි දේවලට.... ලැජ්ජාවෙ පණ යනවා එහෙම උනාම... දාහක් දේවල් ඔළුව ඇතුලෙ නිසාද මන්දා.....
ReplyDeleteසහතික ඇත්ත. මේ දැනුත් සංකීර්ණව හිතාලා අනාගත්ත දෙයක් අත ඇරලා දාලා මුල ඉඳලම නැවත සරලව කරමින් ඉන්නේ.. සති දෙකක් නාස්ති වුනා, අද වැඩේ හරි ගියොත් දින දෙකකින් විසඳුම.. :D
ReplyDeleteමේක නම් හරියටම හරි. පොදු කොටුවේ සිටින අයට කිසිම වැඩක් නිර්මානශීලී ලෙස කල නොහැකි බව මම අත්දැකීමෙන් දනිමි. කඩුගන්නාවේ උමග ගැන සුප්‍රසිද්ද කථාව එතකොට දෙමෝදර රෙල්පාර ගැන දන්න්වා ඇතැයි සිතමි. ලෝකය තනන්නේ මෙවැන්නන්ය.
ReplyDeleteසරල බව සාපේක්ෂ දෙයක් කියලයි මම හිතන්නේ..
ReplyDelete@ වෙද මහත්මයා, ඒ කතා දෙකත් කෙටියෙන් වත් කියල දැම්ම නං...මං ඇතුළුව අහල නැති අය ඕනෙ තරං ඇති.
ReplyDeleteම්ම්ම්ම්ම්ම්ම්ම්......අද තමයි මේ පැත්ත්ට ආවෙ..ආයිත් එන්නම්කෝ...
ReplyDeleteහරි අපූරු කියමනක් යාළුවා..
ReplyDeleteසියල්ල දත් අය නැහැනේ. අත්දැකීම්වලින් වගේම ස්ථානෝචිත ප්‍රඥාවෙන් සරල ඒ වගේම දක්ෂ මිනිස්සු බිහි කරනවා
ReplyDeleteබොහොම ස්තුතියි කස්ටිය අදහස් බෙදා ගත්තට!
ReplyDelete@වෙද මහත්තයා : ඔය කතා දෙක දැම්මොත් හොඳයි තමා දන්නෙ නැති අයට කියවලා දැන ගන්න...අපේ ඉස්සර මිනිස්සු මොනවත් දන්නේ නැති සුද්දන්ගේ වහල්ලු කියලා හිතන් ඉන්න මිනිස්සුන්ට දැන ගන්නත් එක්ක!
සාබිත් උඹේ කතාව හරි බං... සරල බව කියන්නේ අපිට නොතේරුනාට පට්ට සංකීර්න දෙයක් බං... ඒ සරල බව ඈතුලේ අනිත් හැම දේම කම්ප්‍රෙස් වෙලා පැක් වෙලා තියෙන්නේ. සංකීර්ණ බවට වැඩිය සරල බව සංකීර්ණ ඒකයි...
ReplyDeleteබැරෑරුම් විදියට හිටන්නේ ප්‍රයෝගික නොවන අය
ReplyDeleteඇයි බං තව පහ වසරෙ ප්‍රශ්නයක් තියෙන්නෙ ......
ReplyDeleteමහ මායා දේවි සිදුහත් කුමරුගේ මවගේ .........
දන්න එවුන් කියහල්ලා බලන්න .......
ඇලෙක්සැන්ඩර් දියුමා මොන්තක්‍රිස්තෝ පොතේ කියනවා 'මිනිස්සු ගමන් කරන්නෙ සංකීර්ණත්වයෙන් සරළත්වයට, මොකද සරළත්වය තමයි පරිපූර්ණත්වය' කියලා.ඇත්තට හැම දේටම සරළ පැහැදිලි කිරීම් තියෙනවා කියලා දැං ලොකු ලොකු කට්ටිය කියනවා.අහලා තියෙනවද කේයෝස් තියරි කියලා එකක්?.එයාලා කියන්නෙ සංකීර්ණ හැමදේම සරළ ඒවායේ එකතුවක්ය කියලා.පුළුවන්නං ඩවුන්ලෝඩ් කරලා බලන්න.
ReplyDeleteThe Secret Life of Chaos BBC Science
මහ වෙදනා මහතාගේ දෙමෝදර රේල් පාරේ කතාවනං දන්නවා.ඒත් කඩුගන්නාවෙ උමග ගැනනං දන්නෙ නෑ.
ReplyDelete'සරළත්වය තමයි පරිපූර්ණත්වය'
ReplyDeleteමේ කතාව එක්ක මං 100%ක් එකඟයි...
උමගේ කතාවත් මං බ්ලොග් එකකම කියෙව්වා..හැබැයි මොකේද කියලා නම් දැන් මතක නෑ!