Thursday, December 22, 2011

හොඳ දෙක!!!


මේ සීන් කෝන් එක මගේ යාලුවෙක් මට මේ පාර ගෙදර ගිය වෙලාවේ පච ගහ ගහ ඉන්න වෙලාවේ කියපු එකක්..මෑන්ස් වැඩ කරන්නෙ බෙන්තර පාලමෙන් එහා පලාතක ඔය පුන්කලස් වලට ඈඳිච්ච පෞද්ගලික බැංකුවක...මිනිහට ඒ ජොබ්ස් එක සැට් වෙච්ච විදිහත් මරු..ඒක වෙන දවසක වෙලා තියන වෙලාවක මෑන්ස්ගෙනුත් අහලා දාන්නං කෝ! අර කජුවත්තේ අහල තිබ්බ ප්‍රශ්න වගේ එව්වට උත්තර දීලා තමා  මෑන්ව තෝරගෙන තිබුනේ!

කොහොමින් කොහොම හරි මිනිහ දැන් ඒ බැංකුවේ වැඩ...

ඒ බැංකුවේ බොසා මහ නාහෙට අහන්නෙ නැති ටිකක් සැර පරුෂ හිට්ලර් ජාතියේ ඩයල් එකක් ලු...නිවාඩු එහෙම ගන්නවට ඒ හැටි කැමති නැති එහෙම ලේසියෙන් නිවාඩු දෙන්නෙත් නැති ජාතියෙලු..ප්‍රධාන නගරෙක තියන කාර්යබහුල බැංකුවක් නිසා වැඩ එහෙම හරි වෙහෙස කරයි කියලා තමා අපේ එකා කියන්නේ!
කොහොමත් ඔව්වයෙ ඔය 365 ඩේ බෑංකින්, 24/7 Open අරව මේවා කියලා හබල් නැති අපිට නැව් ටෝක් දුන්නට වැඩ කරන උන් එපැයි වැඩ කොරන්න..නේද?රාජ්‍ය තැන් වගේ බැහැල්ලු!



බොසාගේ ඔය සීන් එක නිසා මිනිහට ස්ටාෆ් එක හරි ආදරෙයිලු..කට්ටිය එකතු වෙච්ච වෙච්ච තැන්වල ඒ මනුස්සයගේ ගුණ වනනවලු වැනිල්ලක් ආයි හොයා ගන්න බැරි වෙන්නම..ඔය වගේ පරිසරයක් ඇතුලේ තියන වැඩ තොගෙයි work stress එකයි හැටියට එහෙම වෙන එක අහන්නත් දෙයක්ද නේද?
අපේ එකත් මිනිහව මතක් කරන්නේ රෝස බල්ලා..රෝස බල්ලා කිය කිය තමයි...ඒ තරම් ආදරෙයි..

ඔතන වැඩ කරන ස්ටාෆ් එකේම ඩයල් එකක් ඉන්නවලු ටිකක් විහිලුවට බර..මිනිහා නිවාඩුවක්ද මංදා ඇප්ලයි කරලා කොහොම හරි එදා...
මිනිහා අනිත් උන්ට කියනවලු අද දුන්නෙ නැත්නම් බලාගමු..අරකද මේකද කියලා....(අර පාලු ගෙයි මොනාද බිඳිනවා කියන්නේ)
කොහොම හරි ඔහොම දවසේ වැඩ කටයුතු සිද්දවෙන අතරතුර මෑන්ස්ට බොසා එන්න කිව්වලු කැබින් එකට...මිනිහත් සූරයා වගේ ගියාලු...
දැන් අනිත් අයට ශෝ එක පේනවලු වීදුරුව ඇතුලෙන්..බොසා මූට හෙන ලෙක්චර් එකක් දෙනවලු..මූත් උගුඩුවා වගේ අහන් ඉන්නවලු....
ඔන්න මිනිහා එලියට ආවලු ගියාට වැඩිය උජාරුවට..(රජනිකාන් ගේ වෝක් එකක් මවා ගන්න)
ආපු ගමන් දඩි බිඩි ගාල අනිත් උන් වට වෙලා ඇහුවලු

"මොකො මස්සිනා උනේ ??? බොසා බැන්නා නේද?" කියලා?

යන්න කලින් ටෝක් ඉශූ කරපු විදිහට දැන් මූට ලාවට වගේ කිංඩිත් නිසා මෑන්ස් කිව්වලු

"පිස්සුද...? මං දෙකයි කිව්වේ, සර් මට යන්න කිව්වා" කියලා..

අනිත් උන් ඇහුවලු "දැන් උඹ මොනාද සර්ට කියපු හොඳ දෙක? "

"වෙන මොනාද ඉතින්.... යන්නම් සර් තමයි" කියලා ඇඟට පතට නොදැනි කියලා මාරු උනාලු අනිත් උන්ට හිනා කාල මැරෙන්න දීලා....


මීට පස්සේ මාත් ඔය අරව මේවා බලං ආවේ නෑ කියල බනින සර්ලට හොද දෙකක් කියලා එන්න ඉන්නේ! :)

කියන්න කතා ඇතෙක් බරට ඇතත් දුමියලා,ඔබාලා තරමට විහිලු කතා ලිවීමේ හැකියාවක් නැති බැවින් ඇජස් කර කියව ගන්නා මෙන් ඉල්ලා සිටිමි.. :)

20 comments:

  1. එහෙම මැනේජර්ලා පුන්කළස් බැංකුවට සම්පතක් නේද? හෙක්.... හෙක්....... කොහොම හරි නිවාඩු ලැබුනද?

    මුට්ටි කියලාද එතකොට මැනේජර්ගේ නෝනට ගෞරව කරන්නේ?

    ReplyDelete
  2. බැංකු ජීවිතේ ඔයවගේ දහසක් කටු තියෙනව බං..හැබැ ඇත්තටම රජයේ එවට වඩා ප්‍රයිවෙට් ඒවයේ කට්ට වැඩීතමා....අද්දැකිමේන් කියන්නේ...

    ReplyDelete
  3. අන්න නියම පොරවල්... ඒ වචන දෙකත් මදෑ....

    ReplyDelete
  4. මමත් අද ඉදන් වචන දෙක පාවිච්යට පුරුදු වෙන්නෝනෑ..හික්ස්.

    ReplyDelete
  5. මැනෙජර් කෙනෙක් අම්බානක පොරකට බනිනවලු අරූ කියන්නේ වචන දෙකයිලූ. යස් සර්. විතරයි. අන්තිමට බොසා ඇහුවලු තමුසෙ හිතුවද මම බූරුවෙක් කිය්ලා. අරූ ගත් කටටම කිව්වලු යස් සර් කියලා..

    ReplyDelete
  6. අපිනං අවුරුද්දෙම නිවාඩු ඉල්ලන්නෙ එකසැරේට. :D

    ReplyDelete
  7. මේ මේ සාබිත්, දුමියල විහිලු කතා ලිව්වට, මං ලියන්නෙ ආදර්ශමත් කතා හරිද? ඕන්නම් 'අන්තිම පේලිය' සයිට් එකේ කට්ටිය ගෙන් අහල බලන්න.

    ReplyDelete
  8. ඔය පුන්කලස් බැංකුවේ වැඩිහරියක් ඉන්නේ ආණ්ඩුවේ බැංකු වල කට්ට කාපු පොරවල්. ඒ පුරුද්දට තමයි පොඩි උන්ට ගෙම්බර් දාන්නේ.

    ReplyDelete
  9. හෙහෙහ්!
    අඩේ "හබල් නැති අපිට නැව් ටෝක්" කෑල්ල දැම්මා නේද මගෙන් නාහ.... :D

    ReplyDelete
  10. ඔන්න කියෙව්වා .....
    එහෙනං යන්නං මචං ......

    ReplyDelete
  11. ප්‍රයිවට් බෑන්ක් නම් ඕනෑම නැත. හැබැයි ඉතින් සර්විස් එක නම් අඩුපාඩුවක් නැහැ!

    ReplyDelete
  12. වචන දෙකේ වීරයා...හික්ස්...

    ReplyDelete
  13. ඒකත් අර තණකොළ නැති හින්දා කිතුලෙන් බැහැපු මිනිහගෙ කතාව වගේ එකක් නෙව.ඕකට කියන්නෙ ස්ථානෝචිත මෙව්වා එක කියලනෙ.

    ReplyDelete
  14. හික් හික් කතාවනම් එල.මොනවා උනත් ෆනී කොල්ලෙක් ඌ.

    ජයවේවා!!

    ReplyDelete
  15. හික්ස්!නිවාඩු හම්බෙලා නෑ මං හිතන්නේ වෙදනෝ!

    පුසා : අඩේ ඒ උඹේ ටෝක් එකක්ද..මට අහලා තියනවා වගේ මතකයි...කොහෙන්ද කියලා මතක තිබ්බේ නෑ!

    ස්තුතියි අනිත් හැමෝගෙම අදහස් වලටත්!

    ReplyDelete
  16. අපෝ බැංකු.. වැඩ ගොඩයි.. අනේ මගේ අදුනන කෙනෙක්වත් බැංකුවක රස්සාවට යන්න එපා...

    ReplyDelete
  17. නිවාඩු ගැන නං දන්නෙ නෑ බං . . . මම මගෙ වෙඩිමට ඇර එහෙමටය කියල නිවාඩුවක් අරගෙන නෑ . . . හැම අවුරුද්දකම මගෙ නිවාඩු අම්බානක ඉතුරුයි

    @ඔබ්සර්වර්:
    අනේ යන්න ලොක්ක මෙතන පච හලන්නෙ නැතුව

    ReplyDelete
  18. ඇජස් කරන් කියවන්න ඔනවෙන්නෙ නෑ කියවනකොට ඉබෙම ඇජස් වෙනවා . මාත් නිවාඩු ගන්නෙ නම් ඔහොම තමා .. හික් හික් කොහොමහරි අපිට ඕනදෙ ලැබෙනවනේ ..

    ReplyDelete
  19. සිරා දෙකක් කියලා. :)

    ReplyDelete
  20. සුභ නව වසරක් වේවායි පතනවා..මගේ යාළු..!

    ReplyDelete

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...