අමතර පංති එහෙම නැතිනම් ටියුෂන් කියන්නේ අද ග්‍රන්ථ කේන්ද්‍රීය අධ්‍යාපනයේ(අද ඇත්තේ හුදු පොතේගුරා ඉස්ටයිල් එකේ අධ්‍යාපන ක්‍රමයකි) අත්‍යාවශ්‍යය අංගයක් වී හමාරයි..මෙය කොතරම් දුරට සිසුන්
විසින් වැලද ගෙන ඇතිවාද කියතොත් පාසලට වඩා ඉදිරියෙන් තබා කටයුතු කරන්න අද සිසුන් පෙලඹිලා.
මේ කියන අමතර පංති තනි(Individual) කණ්ඩායම් (Group) හා හෝල් ක්ලාස් ලෙස විවිද මිල ගනන් යටතේ පැවැත්වෙන අතර මේවා නැවත සිද්ධාන්ත(Theory) හා පුනරීකෂන (Rivision) ලෙස නැවත බෙදා වෙන්කොට වෙන වෙනම අය කිරීම් යටතේ පවත්වනු ලබනවා.. මේ සඳහා වන අය කිරීම් අවම රුපියල් 600(හෝල්) සිට රුපියල් 7 500(තනි) අතර වූ පරාසයක තුල දිව යන අතර ගුරුවරයාගේ ජනප්‍රියතාව මත මෙම මිල ගනන් ඉහල යන්නට පුලුවන්.
මෙම හෝල් ක්ලාස් සම්ප්‍රදායවෙත යොමු වෙමු. සාමාන්‍යයෙන් මේවා පවත්වන්නේ පාසල් ගුරුවරුන් නොවන අය විසින්.බොහෝ විට ඔවුන්(විද්‍යා නම්) Bsc හෝ Msc උපාදිධාරියෙකු විය හැකියි.ජනප්‍රිය ගුරුවරුන්ගේ මෙවනි පංති සඳහා අවම සිසුන් 700-800ක් වත් සහභාගී වන අතර ඔවුන් කොළඹ,ගම්පහ,කලුතර හා ගාල්ල වැනි ප්‍රධාන නගර වල සතියකට වරක් මෙම පංති පැවැත්වෙනවා.එසේ එක් නගරයක පවත්වන පංති සංඛ්‍යාව තුනක් හෝ හතරක්.
උදා : 2012දී උ.පෙල සලකමු. 2012 theory හා Rivision උ.පෙල වසර 2ක් නිසා පහලට වසර දෙකක සිසුන් එනම් 2013 හා 2014 ලෙස.
2014 අපි අතහැර සලකමු. එලෙස සලකන විටදී එක නගරයක සිසුන් 2100 (700ක් ලෙස සලකා) බැගින් නගර හතරක සිසුන් 8400 ක් පමන සහභාගී වෙනවා.(8000ක් යැයි සලකමුකෝ)ඒ තුලින් ඔවුන් ලබන මාසික අදායම අවම අවම අවමය ලක්ෂ 30ක් ඉකමනවන බව ඔබට කවදාවත් හිතිලා තියෙනවද? (ඔබේ ටියුෂන් ගුරුවරයා මාස 6න් හයට වාහන මාරු කිරීම හෝ BMW එකකින් පැමිනීම තවදුරටත් පුදුමයක් නෙවෙයි නේද?)ඔවුන්ගෙන් බොහෝ දෙනෙකු ආදායම් බදු දැල් වලින් බේරී සිටීම වෙනමම කරුණක්.
ඔවුන් සාධාරනව ඒ මුදල් හම්බ කිරීම අපට ප්‍රශ්නයක් නෙවෙයි..හැබැයි ගෙවන මුදලට සරිලන පහසුකම් අදාල සිසුන්ට ලැබෙනවාද...?කොළඹ තත්ත්වය යම්තාක් දුරකට සතුටුදායක වූවත් කොලඹින් පිට මෙවැනි පංති පවත්වන ආයතන බොහෝමයක නම් එංගලන්තයේ සුප්‍රසිද්ද විශ්ව විද්‍යාල වල නම් වූනාට ගිහින් බැලුවාම ඒවා කනු කිහිපයක් උඩ නංවා ඇති වහලක් සහිත ඇස්බැස්ටෝස් සෙවිලිකල බිමට සිමෙන්ති යෙදූ බොහෝම ප්‍රාථමික ගොඩනැගිලි...සිසුන්ට වාඩි වීම සදහා ලෑලි බංකු සකසා ඇති අතර එවා කෙතරම් පටුද කියනවානම් බොහොම අමාරුවෙන් පස්සා පැත්තේ පලුවක් තියා ගන්න පුලුවන් ආකරයේ ඒවා..එයින් එකක ඉන්න පුලුවන් 5 දෙනෙකුට නම් 7 දෙනෙකු බොහෝ විට බලෙන්ම වාඩි කරවනු ලබනවා.ප්‍රමානාත්මක දියුනුවට සාපේක්ෂව ගුණාත්මක දියුනුවකට මෙම මුදල් නැවත යොදවන බවක් පෙනෙන්නට නැහැ.සිසුන් එක දිගට පැය 4,5ක් මේවායේ වාඩී වී සිටිය යුතු අතර ඒ අවසානයේ දැනෙන සුව අත්දැකීමෙන් මෙය කියවන බොහෝ දෙනෙක් දන්නවා.
සනීපාරක්ෂක පහසුකම් දෙසට යොමුවෙමු. මෙවැනිම තරමේ පංති තුන හතරක් එක විට පැවැත්වෙන ආයතනයක බොහෝවිට ඇත්තේ ඉතාමත් සීමිත වැසිකිලි සංඛ්‍යාවක්..ජලය පානය සඳහා ඇති ජල කරාමත් සාපේක්ෂව ඉතා අඩු අගයක්.ළමයෙකුට අසනීපයක් වූ විටෙක සිටින්නට තැනක්වත් බොහෝ තැන් වල නැහැ.ඒ නිසා විශේෂයෙන් ගැහැනු ළමුන් පත්වන අපහසුතාවය බොහෝ දෙනෙක් අත්දැකීමෙන් දන්නවා.
විනය අතින් බැලුවත් බොහෝ ගුරුවරුන්ගේ හැසිරීම අනුමත කරන්න බෑ! කුනුහරුප කතා හා විහිලු ඇතැම් විටෙක විනෝද ජනක වූවත් සමහරුන් නිකරුනේ ළමුන් ප්‍රසිද්දීයේ ලැජ්ජා කිරීම තුලින් ඔවුන් බිය වද්දා ගැනීමට උත්සහ කරන අකාරයක් ඇතැම් ස්ථානවල පේනවා.මා වරක් එවැනි පංතියක සිටින විටෙක එක් සිසුවෙකුට ගුරුවරයා ඉදිරියට අඬගැසුවා..එක එකාගේ කකුල් බේර බේරා ඉතා අමාරුවෙන් ඉස්සරහට යන මොහුගෙන් අදාල ගුරුවරයා ඇඩ්වේ "මොකද උඹේ ල*බ බැහැලදා මෙච්චර වෙලා යන්නේ ?" කියලා.හිතන්න දෙනෝ දාහක් ඉදිරියේ(ගැහැනු ළමුන්ද ඇතුලුව) ඔහුට විඳින්නට සිදුවන මානසික ව්‍යවසනය..මීට අමතරව ගැහැනු ලමුන්ට අසන්නට සිදුවන රන් තැඹීලි/කුරුම්බැට්ටි කතා ගැන හා තව මෙවනි කතා අනත අප්‍රමානයක් අපි අසා තිබෙනවා වන්නට පුලුවන්.
දැන් අපි එමු ටියුෂන් මාෆියාව ගැන කථාකරන්නට..අද ටියුෂන් ගුරුවරු බොහෝ දෙනෙකු තුල ඇති කල්ලි ගැසීමේ ස්වභාවය වෙන කවරමදාකටවත් වඩා මතුවී තිබෙනවා.එක් එක් විෂය ධාරවට අදාල විෂයන් තුනේ ගුරුවරුන් කල්ලි ගැසී මෙම ව්‍යාපාරය කරගෙන යන අතර ඔවුන් පංති සැලසුම් කරන්නේද එකිනෙකාගේ පංති අවහිර නොවන පරිදි නමුත් අනිත් කල්ලියේ පංති අවහිර වන පරිදියි.ඒ නිසා සිසුන්ට සිදුවී ඇත්තෙ තමන් යන පංති පැකේජයක් ලෙස තෝරා ගැනීමටයි.ඔවුන් එකිනෙකා ප්‍රසිද්දියේ තම වෘත්තීයටත් නොගැලපෙන අයුරින් විවේචනය කරගනු ලබන අතර මෙවර මා නිවාඩුවට ගියවිට මා අතට ලැබුනු අත් පත්‍රිකාවකින් මා පුදුමයෙනු පුදුමයට පත් උනා..කුලල් කා ගනීම කෙතරම් දුරකට ගොස් ඇතිද යන්න වටහා ගැනීමට එහි සඳහන් වූ දේ හොඳටම ප්‍රමානවත්..
අප්‍රසන්න ප්‍රසන්න පරයා නැගෙන සුචරිත චරිත.
මෙහි එක් අයෙක් සුප්‍රකට රසායන විද්‍යා ගුරුවරයෙකු වන අතර අනෙකා භෞතික විද්‍යා ගුරුවරයෙක්.විෂයන් දෙකක ගුරුවරුන් මෙලෙස ගැටීම අසාමාන්‍ය නිසා මේ පිලිබදව විමසීමේදී දෙදෙනා විසින් බෙදන ලද තවත් අත්පත්‍රිකා කිහිපයක් මගේ සොහොයුරා මා අත තබන ලද අතර එකිනෙකා විවේචනය කිරීම හා ඒවාට උත්තර බැඳීම සඳහා තම පංති වේලාවින් සැලකිය යුතු වේලාවක් ඔවුන් ගත කරන බවටද පැවසුවා...මේ පිටුපස ඇති හේතු ලෙස කල්ලිවාදය හා තමන් හැරුනුකොට අනිත් පිරිස කරන්නේ බොරුව බවට ඔවුන් තුල ඇති විශ්වාසය බවත් තවදුරටත් මගේ සොහොයුරා පැවසුවා.
මොවුන්ගෙන් බොහෝ දෙනෙක් දැවැන්ත ලෙස ප්‍රචාරණයේ යෙදෙන අයවලුන් වන අතර ඇතැම් විටෙක ඔවුන්ගේ අත්පත්‍රිකා A4කොල හතරක තරම් වන අතර එය දිග හැර කියවීමටම සෑහෙන්න වෙලා ගත වෙනවා..පසුගිය අපොස සා.පෙල ප්‍රතිපල නිකුත් වූ සැනින් බොහෝ නාලිකා වල ප්‍රයිම් ටයිම් වෙලඳ දැන්වීම් වෙන් වී තිබුනේ ටියුෂන් ගුරුවරුන් අතින්..තමන්ගේ ප්‍රතිපල සාර්ථක යැයි පවසමින් අදාල සිසුන්ගේ නම් ගම් පාසල් තමන්ගේ ප්‍රචාරණ කටයුතු සඳහා යොදා ගන්නේ විටෙක ඔවුන්ගේ අවසරයකින්ද තොරවයි.අදාල ප්‍රතිපලය සිසුවාගේ පාසලේ ගුරුවරුන් අනෙක් විෂයන් වල ගුරුවරුන් හා අදාල සිසුවාගේ මහන්සියේ සාමුහික උත්සහයක ප්‍රතිපලයක්.පෝස්ටර්,බැනර් හා හෑන්ඩ් බිල් තුල වූ ආකර්ෂණීය පාට පාට අකුරු ඉලක්කම් තුලින් මොවුන් මවන ලෝකයේ ඇත්ත නැත්ත සැබැවින්ම සොයා බැලිය යුත්තක්.
පාසල් දිනවල කිසිම බියකින් හා ගරුත්වයකින් තොරව පංති පැවත්වීමද අද සුලබව සිදුවන වහාම නැවතිය යුතු ක්‍රියාවක්.
මා කලින් පවසා සිටි පරිදි පවතින ග්‍රන්ථ කේන්ද්‍රීය අධ්‍යාපන ක්‍රමය තුල සිසුන් මෙම ටියුෂන් කඩ පසු පස යෑම ගැන සිසුන්ට දොස් පැවරීම සාධාරන නැත. සිසුන්ට වෙන විකල්පයක් නැති වාතාවරනයක් අද නිර්මානය වී තිබේ.වසර දෙකක් තුල වසර තුනකින් වත් උගන්වා ඉවර කල නොහැකි විද්‍යා වැනි විෂය නිර්දේෂයක් ඔබ්බවා, පමා වී පැමිනෙන විභාග ප්‍රතිපල,නිවාඩු,ක්‍රීඩා උත්සව හා බාහිර ක්‍රියාකාරකම් නිසා ඉගැන්වීමට ඇති කාලය වසර 1.5ක් පමන වන තත්ත්වයක් තුල පාසලේ කාර්ය භාරය හෑල්ලූ වී ඇති අවදියක හා සම්පත් හිඟය හා ගුරු ව්‍යාප්තියේ විෂමතාවන් නිසා ඇතැම් පාසල් වල සමහර විෂයන් සඳහා ගුරුවරුන් ඇත්තේම නැති වාතාවරනයක් තුල ලෝකයේ අසාර්ථකම විභාග ක්‍රමයන්ගෙන් එකකට මුහුන් දී ඒ තුලින් තමන්ගේ අනාගත ඉරණම තීරණය වන අවස්ථාවක සිසුන් ස්වකීය ගොඩ යෑම සඳහා මේ පසු පස යෑම ඇත්තටම මා දකිනා විදිහට ඔවුන්ට කල හැකි හොඳම දෙය නොවේද?(කියවන්න:ශ්‍රී ලාංකිය විභාග ක්‍රමයේ වැරැද්ද!)
එසේ නම් සිදුවිය යුත්තේ මොනවාද?
මා දන්නා තරමින් අද වනතෙක් ටියුෂන් එනම් උපකාරක පංති පිලිබඳව ක්‍රියාත්මක වීමට තරම් නීති රට තුල තවමත් සම්පාදනය වී නැහැ.කලයුත්තේ ටියුෂන් දෙන ගුරුවරුන්ගේ ප්‍රමිතිය,පැවැත්විය යුතු දින ගනන හා අවම උපරිම පැය ගනන,සහභාගීකරවාගත හැකි උපරිම සිසුන් ගණන හා අදාල ආයතනවල ප්‍රමිතිය හා පහසුකම් පිලිබදව හා හැකිනම් අය කල හැකි උපරිම මුදල පිලිබඳව අදාල පාර්ශව සමග සාකච්ඡාකොට පැහැදිලි නිර්නායක ගොඩ නැගීමයි.
ඒ නිර්ණායක ඔස්සේ පැහැදිලි ගුණාත්මක සිසුහිතකාමී ටියුෂන් ක්‍රමයක් ඇතිකොට ඒ තුල දෙපැත්තටම ප්‍රයෝජනවත් හා දෙපාර්ශ්වයටම වාසි ගෙන දෙන ආකාරයට පංති පැවැත්වීමට අදාල පිරිසට බල කිරීමයි.
මේ සඳහා රාජ්‍ය මැදිහත්වීමකට තවම ප්‍රමාද නැත.
සහෝ ඔය පංතිවල වැසිකිලි පද්දතිය පැත්තේන් හමන්නේ මාරම සුවඳක් තමයි...කාටහරි සිහි මුර්ජා කොරන්ඩ ඔන්නං ඔයපැත්තට අරන් ගොහින් ටිකක් වෙලා තිබ්බනම් හරි...
ReplyDeleteමේ ලිපිය පුරාවට කියන්න හදන දේ...මෑතකදි අත් විදපු කෙනෙක් වෙන නිසා...හොදාකාරවම ඉතා පැහැදිලිවම තේරුන් ගන්න පුළුවන්...
ReplyDeleteමා දන්න අන්දමින්..විශ්ව විද්යාල වලින් නෙරපන ඇත්තෝ විශ්ව විද්යාලයේ නම විකුනමිනුත්...අදාලවත් නැති විෂයන්ට ගුරු වෙමිනුත් යහමින් කඩ කෙරුවාව කරගෙන යනවා...
අවසානයේ..මෙයින් අවැඩක් වන්නේ..හයක් හතරක් නොතේරි රැල යන්නන් වාලේ යන අපේ අනාගත සිසු පරපුරමයි...
නිතියක් ස්තාපිත කෙරිල්ල කෙසේ වෙතත්...දෙමව්පියන් දරුවන් පසු පස සිටිනවානම්, දරුවනුත් මේ පිළිබදව අවබෝදයෙන් කටයුතු කරනවානම් හොදයි යන්න මගේ අදහසයි...මන්ද නීතියක් ස්තාපිත් කරත්..එය කෙසේනම් ක්‍රියාත්මක වේද යන්න අස්තීරජනක බැවිනි.
දෙනෝදහක් මැද සුළු වැරද්දකට සිසුවෙක්ට තරවටු කරන...දවසෙන් භාගයක් තම පම්පෝරියට මිඩන්ගු කරන..ඕනෑවට වද සුදු පිරුවටය පෙන්නන...හිරි මල් විසේකරයන්ට කාඩ්බෝඩ් විරයන් වන්නන්ට නම් මා තරයේ විරුද්ධයි..නමුත් එදත් අදත් ලමයි මල් තියා වදින්නේද එ ඇත්තන්ට පමණක් වීම දුකට කරුණක්...
යාලුවගේ සිතුවිල්ල අගේ කරන අතරම....එවන් සුභ සිද්දියක් දරුවන් උදෙසා වන තුරු මග බලන් ඉන්නවා....
මටත් කියන්න දෙයක් තියනව......
ReplyDeleteඅැත්තටම මගෙ ජීවිතේට දෙමාපියන්ටත් වඩා අති සමීප කණ්ඩායම තමා යාලුවො හා ගුරුවරු! අැත්තටම එවැනි ගුරුවරන්ගෙන් ඉගෙනීමට ලබීම සතුටක්!
නමුත් මේ අතුරින් එක්කෙනෙක්, මුලදි හොඳට ඉගැන්නුව, පස්සෙ ක්‍රමාණුකූලව අයිස් ගහන්න පටන් අරන් අන්තිමට අයිස් කාරයෙක් බවට පත් උනා. ඔහුගෙ ටියුට් වල පවා කිසි පිලිවෙලක් නැති, නොපැහැදිලි අත් අකුරින් ලියල පිටපත් කරපුව. අනිත් නරකම දේ තමයි ඔහු ළමයින්ගෙ විශේෂයෙන් ම මගෙ පුද්ගලික දේවල් වලට අැඟිලි ගහන්න පටන් ගත්තා.
මේ හැර ඔබ කියා අැති පරිදි තම ක්ෂේත්‍රයේ තරඟකරුවන් නිර්ධය ලෙස විවේචනය කිරීමත් කුණුහරුප කතා කීමත් යන වැරදි වලින් ද නිදහස් නෑ. පස්සෙ දෙවෙනි වතාවට විභාගෙ කරද්දි මම ඔහුව අතඅැරල දාල සුසන්ත සර් ගාවට යන්න තීරණය කලා.
බලද්දි එහෙම කරල තිබුනෙ මම පමනක් නෙවෙයි. ඔහුගේ හොඳම ගෝලයන් කියල සලකන්න පුලුවන් කෙනෙක් දෙන්නෙකුත් සුසන්ත සර් ලඟ හිටියා. තව ළමයෙක් ගැන කියනවනම් එයාට B 2යි S එකයි, S එක මේ ගුරුවරයගෙ විශයට.
නමත් දෙවෙනි වතාවෙ විභාග ප්‍රතිඵලය ගැන කියනවනම් ඔහු A 2යි B 1යි, A 2න් එකක් බයෝ (අදාල ගුරවරයාගේ විශය), කැලණිය වෛද්‍ය පීඨයේ.
අර ඔබ කියා අැති රසායන විද්‍යා ගුරුවරයා ගම්5 පැත්තෙ කෙනෙක් නම්
මීගමුවේ කලක් උගන්වමින් ඉඳලා කෙල්ලෙක්ට කුණහරුපයක් කියල එ් කෙල්ලගෙ කොල්ලගෙං ගුටි කාල ගම්5ට අාව කියල ජනප්‍රවාදයක් තියනව. අැත්ත බොරුව දන්නෑ
ගම්5දිත් කෙල්ලෙක් ට කුණුහරුපයක් කියල කෙල්ලගෙ අම්ම ගෙදරිං අැවිත් stage එකේදි mic එක අරගෙන "අායෙත් කණුහරුප කිවුවොත් කලිසම ඔලුවෙං ගලෝනව " කියපු ජනප්‍රවාදයක් තියනව, අැත්ත බොරුව දන්නෑ
ටියුශන් වල පවතින පහසුකම් ගැන නම් මගෙ අමනාපයක් එහෙමට නෑ. නමුත් මම දැකල තියන එ්ව අසම්පූර්ණ ගොඩනැගිලි! කෙනෙක්ව අනතුරට පත්වෙන්න බැරි නෑ
කොහොමටත් ගුරුන්ගෙ, විශේෂයෙන් ටියුෂන් කාරයන්ගෙ වැරැද්ද මූනට කියන්න තරම් කොන්දක් දරන සිසුන් බිහිඋන දාට තමයි ඔය කට්ටියගෙ හුළං බහින්නෙ!
ගම්පහ පන්ති කරන් නෑ සහෝ
Deleteඇත්ත කතව!!!
ReplyDeleteඅපි මේවා කොච්චර කිව්වත් කවදාවත් නිවැරදි වෙන්නෙ නෑ. ඊට හේතුව තමයි මෙවාට නීති සම්පාදනය කරන්න ඉන්න අධ්‍යාපන ඇමති, නි. ඇමති, ආදී සියල්ලෝ ම ටියුෂන් කඩ කාරයන් වීම. සිස්ටම් එක වෙනස් නොකර අධ්‍යාපනයවත් රටවත් ගොඩ ගැනීම සිහිනයක්. නමුත් අවාසනාව මේ බව වටහා දීමට අයෙකු නැති කමයි
ReplyDeleteභයානකම කරුණ අද ලංකාවේ අධ්‍යාපනය පාලනය කරන්නේ මේ අය වීමයි.
ReplyDeleteදැන් තවත් ටියුෂන් කාරයෙක් ආණ්ඩුවේ ඉන්නවා.
ReplyDeleteමේ දේවල් කවදාවත් කෙරෙන දේවල් නෙවෙයි සහෝ... මොකද මේව වෙනස් කරන්න පුළුවන් කාටවත් වෙනස් කරන්න ඕන නැති එකයි!
ReplyDeleteබොහොම කාලෝචිත මාතෘකාවක් , කිහිප දෙනෙක් මතු කරල තියනව වගේ අද රටේ අධ්‍යාපනය පැවරිලා තියෙන්නෙත් ටියුෂන් මුදලාලිලාට , හැබැයි ඒ දෙන්නා නම් අද ඉන්න ගොඩක් කාලකන්නි වගේ නෙවෙයි ඉගැන්වීම හරියට කරපු අය කියලයි කියන්නේ . ප්‍රමිති කරණය වෙන්න ඕනි කිව්වත් කෙරෙන්නෙ නැත්තේ මේ මුදලාලිලා දේශපාලනයට සම්බන්ධ නිසා . ප්‍රසිද්ධ ගණිත ගුරු තුමෙක් ඡන්දය ඉල්ලත්දි , එයාත් එක්ක සැහෙන්න වලියක හිටිය ජනප්‍රියතම භෞතික විද්‍යා ගුරුවරය අත දිගැරල වියදම් කලේ තමන් කලින් වතාවක පත්තර වල අත්සන් හිටන් දාලා සහය දීපු පක්ෂයයි , තරහ මරහයි අමතක කරල , හේතුව තමන්ගෙ සෙට් එකෙන් තවත් එකෙක් පාර්ලිමෙන්තුවට යවල වෙලඳාමට දේශපාලන අනුග්‍රහය ලබාගැනීමට තියන එකමුතු කම
ReplyDeleteකතාව සම්පූර්ණ ඇත්ත.කුරුණෑගල තියෙන ජනප්‍රිය පංති කීපයකින්ම මටත් ඔය අත්දැකීම ලැබුනා.(අධ්‍යාපනය ලබා දීම වෙනම කාරණාවක්) හැබැයි මේවාගේ පහසුකම් ගැන වගකිය යුත්තන් සොයා බැලීම වටී...
ReplyDeleteඉතාම වටිනා ලිපියක්. අනේ අපේ දරුපරපුර.
ReplyDeleteකවුරුත් කතා නොකරන මාතෘකාවක් ..මේ පිලිබඳව කිසි කෙනෙක් අවධානය නොකරන එකනෙ වරද. හොඳ ලිපියක්.
ReplyDeleteඅපි A/L වලට ටියුෂන් ගිය කාලෙත් කුණහරුප කතන්දර කියපු ගුරුවරු හිටියා....ඒත් කවදාවත් ඒවා එක ළමයෙක් ඉලක්ක කරගෙන කියපුවා නෙවෙයි... ඇත්තම කියනවා නම් මං මේ තත්ත්වෙ ගැන ඇහුව පළවෙනි පාර....
ReplyDeleteලොකු ලොකු ටියුෂන් පංති වලට මමත් ගියා තමයි . . ඒත් ඒ ඉගෙනගන්න නෙමෙයි . . . ආතල් ගන්න. මට මගෙ පාසලේ ගුරු දෙමාපියෝ ටියුශන් යන්න ඕනෙ ඇතිවෙන්න ඉගැන්නුව. අනිත් හොඳම දේ තමයි මට ඉස්කෝලෙ උගන්නපු එක් අයෙක් ඇරෙන්න අනිත් සියලුම ගුරු මෑණිවරුන් පියවරුන් ටියුශන් නොකරපු අය. ටියුෂන් කරපු එකම ගුරුතුමා තමයි භෞතික විද්්‍යා ගුරුතුමා . . එතුමා මොනම හේතුවකටවත් පාසැලේ එතුමාගෙන් ඉගෙනගන්න ළමයින්ට ටියුෂන් කලේනෑ . . .
ReplyDeleteමම දන්නෙ මේ වගේ ගුරු මෑණිවරු පියවරු අද හිඟයි . . . එහෙම නැත්තං . . . ඉන්න ටික දෙනාගෙං හරි ඉගෙනගන්න ළමයි කැමති නෑ.
ටියුෂන් ගුරුවරු ගැන කියන්න ගියොත් මෙතන පෝස්ට් එකක් වෙනව මචං . . . මම අවුරුදු ගානක් නුගේගොඩ සුභද්‍රාරාමෙ ටික්ක ජොබ් එක කලා . . . .
mama bala porothuwa hitiya kawru hari ma gan blog akaka liyai kiyala kalya sanwadi prsnayak...bohoma stuti...
ReplyDeleteමගෙත් පාර්ට් ටයිම් රස්සාව හැටියට දැන් කරන්නෙ ටියුෂන් නිසා මේ ගැන ඔයා නොදන්න අත්දැකීම් මට තියෙනව. ඒත් යම් යම් හේතු නිසා ඒ ගැන ලියන්න මෙතන බැහැ.
ReplyDeleteමම නම් ටියුෂන් පටන් ගත්තෙ උපාධිය අරන් රස්සාවක් ලැබෙන කල් නිකන් ඉන්න බැරි නිසයි. ඒත් ආදායම දැන් එන්න එන්නම වැඩි වෙන නිසා ටියුෂන් කෙරුවාව මගේ ස්ථිට ආදායම් මාර්ගය වෙයි කියල හිතෙනව.
ඇත්තම කිව්වොත් ටියුෂන් ගුරුවරයෙක් විදියට ස්ථාවර වෙන්න ප්‍රචාරණය වැදගත් දෙයක්. කළුතර පැත්තෙ ප්‍රසන්න බද්දෙවිතාන සර්ගෙයි, චරිත් ජයතිලක (මේ චරිත් මම නෙමේ.) සර්ගෙයි අතරෙ තියෙන තරගයට හේතුවත් මේකමයි. චරිත් සර්ව කළුතරට ගෙනාවෙත් මම දන්න තරමින් ප්‍රසන්න සර්මයි. (මමත් ප්‍රසන්න සර්ගෙ ගෝලයෙක්. ඒත් සර් සමහර වෙලාවට කරන භාෂා භාවිතය මට අනුමත කරන්න බෑ. ඒත් ටියුෂන් වලට ඒව නැතුවත් බෑ.) දැන් ප්‍රසන්න සර්ට වෙලා තියෙන්නෙ "ඉඹින්න බැරි අත කපලම දාන්න." මේ තියෙන්නෙ ඒකට තවත් උදාහරණයක්.
"බද්ද වෛරය හමුවේ නොසැලෙන චරිතය....."
ඒ වගේම තමයි විශ්ව විද්‍යාල හෝ වෙනත් ආයතනයක උපාධියක් නැත්තවුන් පවා ටියුෂන් කිරීම. උදාහරණ විදිහට අමිත් පුස්සැල්ල, ප්‍රජා රේණුක වගේ අය ගන්න පුළුවන්. නමුත් උසස් පෙළට A එකක් ගන්න උගන්වන්න උපාධියක් තියෙන්නම ඕනෙ කියල මම කියන්නෙ නෑ. ඕන කරන්නෙ විෂය කරුණු ගැන හොඳ දැනුමකුයි, ළමයින්ගෙ හිතට කාවදින විදිහට කතා කරන්න පුළුවන් වීමයි, සාර්ථක ප්‍රචාරණයකුයි බවයි මගේ හැගීම.
ඇත්තටම ප්‍රසන්න සර,,,, චරිත් සර්ව කලුතරට ගෙනාවෙ නෑ.... මම දන්න තරමින් දෙන්නට දෙන්න මූණට මුණ ගැසීවත් නැත,,,,, එතන ඇත්තටම වෙලා තියෙනනෙ ප්‍රතිඵල තියෙන සිසුවෙක් මුදලට විකිනීමක්,,,,
Deleteඅපේ කාලෙනං මේවා පටං ගත්තා විතරයි ....ඒකට දැං..හොද ලිපියක් ...
ReplyDeleteඅපිත් මේ ටියුශන් වන්දනාව කලා... හැම සෙනසුරාදාම හා ඉරිදාම... 2000කට වඩා ඉන්න පන්තියක 2000 වඩා මුදලක් ගෙවලා...
ReplyDeleteඅර කිව්වත් වගේ සෑහෙන ගානක් ගත්තට අඩුම ගානේ ඒ මුදලට සෑහෙන්න පංතියේ පහසුකම් නෑ.
ReplyDeleteමට දවසක් අපේ ගෙවල් ලඟ මල්ලි කෙනෙක් හම්බ වෙච්ච වෙලාවක ක්ලාස් ෆීස් කියද කියලා නිකමට ඇහුවා. මූ කියපි රුපියල් 900යි කියලා (උසස්පෙළ පංතී
අම්මෝ එතකොට විශයයන් තුනටම රුපියල් 2700යි.
ඉස්සර අපි නම් විෂයයන් තුනටම ගෙවුවේ රුපියල් 900යි
අධ්‍යාපන ඇමතිත් හිටපු ටියුෂන් කඩ කාරයෙක් වෙච්ච රටක මොනවද බලාපොරොත්තු වෙන්න පුළුවන්.
ReplyDeleteටියුෂන් කඩ කාරයො එකිනෙකා මරා ගැනිල්ල, පහේ ශිෂ්‍යත්ව පන්ති වලත් තියෙනව කියල, පහු ගිය අප්‍රියෙල් මාසෙ ලංකාවට ආපු වෙලාවෙ පුද්ගලික අත්දැකීමක් වුනා.
බොහොම ස්තුතියි කට්ටියගේ අදහස් දැක්වීම් වලට!සංවාද ගොඩනැගීම තුල හරවත් අදහසක් අනිවා එලියට එනවා...ඒවා ක්‍රියාත්මක කිරීමේ ගැටලු තමා තියෙන්නේ!
ReplyDeleteනිදිමතයි බන්.හෙට කොමෙන්ට් එකක් දාන්නම්.උඹේ සෙන්චරියට සුභ පැතුම්.කොහොමහරි ටෙන්ඩුල්කාර්ගේ රෙකෝඩ් එක කඩපන්!
ReplyDeleteදෙමව්පියන් දරුවන් ගැන හරිහැටි හොයා නොබැලුවොත් දරුවන් නොමග යන්න තියෙන ඉඩකඩ වැඩියි.ඇමරිකාවේ ආර්ථිකය කඩා වැටෙන්න බලපාපු මූලික කාරණා වලින් එකක් තමයි ආර්ථික ක්‍රමය සම්පූර්ණයෙන්ම පාහේ පුද්ගලික අංශයේ පාලනයට නතුවී තිබීම.මෙච්චර කාලෙකට නව ලිබරල්වාදී ආර්ථිකය ගැන ආසියානු රටවලට බණ කියපු යැංකියන්ටත් අන්තිමේදි තමන්ගේ ප්‍රතිපත්ති වෙනස් කරන්න උනා.
ReplyDeleteමම කියන්නේ මේ ප්‍රශ්නය යම්තාක් දුරකට හෝ සමථයකට පත් කිරීමට නම් රාජ්‍ය අංශයේ මැදිහත්වීමක් අත්‍යාවශ්‍යයි.ඒ වගේම ටියුශන් ගුරුවරු ලබන ලාභයෙන් කොටසක් නැවත ආයතනයේ පහසුකම් හා දරුවන්ගේ සුභ සිද්ධිය වෙනුවෙන් වෙන් කල යුතුයි.
ලයිසියම් ජාත්‍යන්තර පාසල කියන්නේ පෞද්ගලික පාසලක් උනාට ලාභ ලබන ආයතනයක් නෙමේ.යම් කිසි ලාභයක් ලැබුනොත් එය නැවත ආයතනයේ පහසුකම් හා සිසුන්ගේ යහපත වෙනුවෙන් යෙදවිය යුතුයි කියලා ඒකේ ව්‍යවස්ථාවේම තියෙනවා.......
ටියුශන්වලටත් මේ වෙනස අවශ්‍යයි............................
පට්ටම කාලීනයි.
ReplyDeleteඋසස් පෙල තමා ටියුෂන් මේනියාවේ යෙදිලා තියෙන්නේ. මේක උත්තරයක් විදියට පාසල් අධ්‍යාපන ක්‍රමය නැංවිය යුතු වුණත් ඒක කරන් බැරි දෙයක්.
මම නුගේගොඩ යන අතර ගම්පහ පන්තියකට ගියේ කම්බයින්ඩ් මැත්ස් වලට. ඒකත් සබියා කීව වගේ පන්ති ක්ලෑෂ්වෙන්න සෙට් කරලා තිබ්බ නිසා ගම්පහ ගියේ. හත් දෙයියනේ ටොයිලට් එක ලග ටැප් එකෙන් තමා අපි වතුර බීවේ.
කිව්ව වගේම සර්ල සර්ලගේ ඇටෑක් කිරිල්ල පොදු දෙයක්. ඒත් පිටින් විතරයි. කෙල්ලන්ව අන්දනවා. උනුත් විසිල් ගගහා අහන් ඉන්නවා. දෙන්නට දෙන්නා එකතුවුනාම හොදට කතා කරනවා.
ටියුෂන් වනාහි මාෆියාවකි.
"සිප් කිරි පෙවූ මූසිලයන් උඩු මහලේ - අපේ ගුරැතුමා යයි තාමත් ඉස්කෝලේ"
කාලීන මාතෘකාවක්.
ReplyDeleteනමුත් හොද ගුරුවරුද සුළු ප්‍රමාණයක් ඇත. අනිත් අතට ටියුෂන් මේලෙස ව්‍යාප්ත වීමට අධ්‍යාපනයේ පවතින විෂම සම්පත් බෙදීයාම බලපායි. උදාහරණයක් ලෙස මා උසස්පෙළ කරන සමයේ රසායන විද්‍යාව සදහා ගුරුවරයෙකු පාසලේ සිටියේ නැත.
ඇතුවත් බැරි නැතුවත් බැරි ටියුශන්... තරඟකාරීත්වය වැඩි නිසාම මොනව හරි කරලා කැම්පස් යන්න දඟලනවා.. ඔන්න ඔය මොනවා හරි කරන එකේ කොලිටි එක වැඩි වෙනවා නම් එල !
ReplyDeleteස්තුතියි කට්ටියටම~
ReplyDeleteපැහැදිලිවම මෙම ආයතන අධීක්ෂනය කල යුතු කාලයක් එලඹිලා තියෙන්නේ! හොඳ ගුරුවරුත් ඉන්නවා...ෆ්‍රී කාඩ් දීලා දුප්පත් ළමයි ගොඩ දාන සර්ලා ගොඩක් මං පෞද්ගලිකවම දන්නවා...නමුත් බහුතරයක් එහෙම මිනිස්සු නෙවෙයි!
සහෝ!! මේ ලිපියේ පොඩි වැ රද්දක් දකිනවා.
ReplyDeleteහම්මෝ.. ටියුෂන් ගැන කතාකරන්න ගියොත්නම් කියන්න ඕනෙ තරම් දේවල් තියෙනවා.ඒත් අපි කොයිතරම් කිව්වත් ඔව්වා වෙනස් ව්එන්නෙ නෑ.. ඒකයි ඇත්ත...
ReplyDeleteමචං අධ්‍යාපනය පෞද්ගලීකරණයේ එක අපි නොදකින පැත්තක් තමයි ටියුෂන් කියන්නෙ.රාජ්‍ය අධ්‍යාපනයට සමගාමීව තියෙන පෞද්ගලික අධ්‍යාපන ක්‍රමවේදයක පැවැත්මත් එක්ක රාජ්‍ය නිදහස් අධ්‍යාපනයට තමන්ගෙ පැවැත්ම තියාගන්න අමාරුයි.මොකද පෞද්ගලික අංශයේ ප්‍රචාරණ ජාලය ඉස්සරහදි රාජ්‍ය ක්‍රමය අසරණ වෙනවා.දේශපාලනය ක්‍රියාත්මක වෙන්නෙත් මුදල් එක්ක නිසා ඔය වෙනුවෙන් නිසි නීති පද්ධතියක් හැදෙයි කියලා බලාපොරොත්තු වෙන්න බෑ.
ReplyDeleteපාසල්වල බොහෝ ගුරුවරුත් ටියුෂන් කරන නිසා ඒ අය ඉස්කෝලවලදි උගන්වන්නෙ අඩුවෙන්.ඉතුරු ටික ඒ අයගේ පන්තිවලිං ගන්න වෙන්නෙ.
තවත් දෙයක්, සල්ලිවලට යට නොවුනු ගුරුදෙවිවරු අතලොස්සක් තාමත් ඉන්නවා.මට පුද්ගලිකව එහෙම දෙතුන් දෙනෙක් හම්බවෙලා තියෙනවා.
මොකද මම කියන්නෙ බොරුද?
පැහැදිලිවම!අපේ ගුරුවරයෙකුත් හිටියා කිසි ලෙසකින්වත් පාසලේ සිසුවෙක් ඔහුගේ ටියුෂන් එකට වද්ද ගන්නෙ නැති!එවන් ගුරුවරුන්ට අපේ උපහාරය!
ReplyDelete80 මුල කාලේ තමයි ඔය ටියුෂන් කෙහෙම්මල නැගලා ආවේ. ඉස්කෝල ගමනයි විභාගයි එපා උනේ ඔය ටියුෂන් කෙරුවාව නිසා. සබ්ජෙක්ට් නොව්ලෙජ් එක තිබුනට උගන්නන්ට කිසිම සුදුසුකමක් නැතිඋන් තමයි ටියුශන් කෙරුවාව අසූචි කළේ.
ReplyDeleteඇත්ත කතාව
ReplyDeleteඇත්ත
ReplyDelete