Wednesday, August 31, 2011

ඇඳුම් ගනිද්දි පරිස්සමින්!!!


මං අද වෙනකම් මට වෙච්ච පෞද්ගලික දේවල් බ්ලොගියේ අකුරු කරපු එකෙක් නෙවේ! ඒ වැඩේට මං එච්චර ආසත් නෑ! හැබැයි ඒ ඉතින් ලියන්න දේවල් නැති නිසා නම් නෙවේ..මට වෙච්ච දේවල් ලියනවනම් පොත් ගනන් ලියලා ඒවායේ  කවරවලත් ලියන්න දේවල් තියනවා..ඔන්න ඉතින් එහෙම ලියන උන් ඉන්නව නම් කලබල වෙන්න එපා! තව තව ලියපල්ලා!මං ගොඩක් ආසාවෙන් කියවනවා!මොකද ඉතින් එක එකා ගේ ආතල් විවිධාකාරයි නේ! අපේ ආතල් අපිට ආතල්..නැද්ද මං අහන්නේ!

රා.......යිට්! ඔන්න සිද්දිය!



මං මේ දවස් වල ඉන්නේ ලංකාවේ...නිවාඩුවට ආව!ඒ නිසා මේ පාර අවුරුද්ද ගෙදර අයත් එක්ක අවුරුදු දෙකකට පස්සෙ සමරන්න පුලුවන් උනා...අපේ ඊද් දවසේ වැඩි වේලාවක් ගතවෙන්නේ ජැන්ඩියට කිට මරලා පල්ලිය පැත්තේ ගිහින් ඇවිත් ඉස්තරම් බුරියානියක් වටලප්පමක් එක්ක ගහලා වටේ පිටේ නෑදෑ ගෙවල් දෙක තුනකට ගිහින් සම්තින් එකක් හොයා ගන්න එකට කියල කස්ටිය දන්නවා ඇතිනේ! ඔන්න ඉතින් ඇඳුම් ගන්න සුපුරුදු පරිදි මාත් පවුලේ උදවිය එක්ක ගියා..අම්මලා නංගිලා එක්ක ඇඳුම් කඩවලට යන අය දන්නවා නේ ආතල් එක කොහොමද කියලා...මගේ ජීවිතේ මං අකමැතිම දේ තම පවුල් පිටින් සාප්පු සවාරි යාම..බැන්ඳදාක වත් යන්නේ නෑමයි මං..(අර ඇඳුම් කඩවල තියල තියන පු‍ටුවල නාහෙන් කටෙන් බැග් මලු එල්ලගෙන සංසාරේ එපා වෙලා වගේ ඉඳගෙන ඉන්න අයියලා,අංකල්ලා දැක්කව්ම හිතෙනවා ඒ ආතල් එක කොච්චර සුන්ඳරද කියලා! :)  ) එහෙම කියලා යාලුවෝ එක්ක යන්නත් බෑ..එතකොට බජට් එක සීමිත වෙනව නේ!
මං සාමන්යෙන් කරන්නේ ටක් ගාල මට ඕන ඇඳුම් ටික අරගෙන වාහනේට වෙලා ඉඳගෙන ඉන්න එක..මේ පාරත් දවස් 10කට කලින් ඇඳුම් ගන්න ගියා කොලඹ ප්‍රසිද්ද කඩේකට..ගිහින් දඩබඩ ගාල සර්ට් එකකුයි ටී සර්ට් දෙක තුනකුයි අරන් ගියා කලිසමක් ගන්න...කලිසමක් ගන්නවට වඩා ඩෙනිමක් ගත්තම අවුරුදු පහ හයක් දෙයියනේ කියල අඳින්න පුලුවන්නේ (පාට ගියත් ඒකත් ෆැෂන් එකක් නේ) කියල හිතාගෙන ගිහින් වේස්ට් සයිස් එක කියල සේල්ස් මැන් කාරයා ඇදලා දාපු දෙක තුනකින් එකක් ‍තෝරගත්තා!

ඒක එහෙමම ගෙදර ගෙනත් කබඩ් එකේ දාපු පාර එලියට ගත්තේ අද උදේ! ඉතින් අද උදේ අවුරුදු දවසේ නාල කාල ඇවිත් නමො විත්තියෙන් කලිසම දාන්න හදනකොට තමා දැක්කේ ඒකේ පැත්තෙන් ඉන ගාව හිලක්! කොහොමද ආතල් එක???දැන් මාර කේස් එක..උස්සන් ගියාම අම්මගාවට අම්මගාව බිල තියනවලු..හැබැයි ඒකේ තියනවලු දවස් 7ක් ඇතුලට මාරු කරන්න ඕන කියලා..දැන් දවස් 7 කෑලිත් නෑ..ඒ අස්සේ අම්මත් කෑ ගහනවා බැලුවේ නැද්ද අරකද මේකද කියලා..ඕක මං කොහොමත් අරන් යනවා...මාරු කරල  දුන්නේ නැත්නම් කෑෂ් කවුන්ටර් එක උඩ බුදියගන්නවා! රු.2000ක් දීල ගත්තු එකට දුම් අල්ලන්න යැ නැත්තම් නේ!
මොනා කරන්නද!ඒ පාර හොඳ වෙලාවට වැලේ මං හොදන්න දාල වේලුනු ඩෙනිමක් තිබුනා....ඒක අයන් කරලා ඇඳගත්තා  ඉතින්!

ඒ නිසා මං වගේ මෝඩයෝ ඉන්නවා නම් (මොඩියො නම් නැති වෙයි) ටිකක් වෙලා ගියාට කමක් නෑ පොඩ්ඩක් හොයල බලලා ගන්න! අහ්! තව ‍ෆිට් ඔන් කරල බැලුවේ නැත්නම් ටැග් ටික නොකඩා එක පාරක් දාල බලන්න...



ඔබ හැමොටම සුභ ඊද් (ඊද් මුබාරක්).....

12 comments:

  1. සුබ අවුරුද්දක් වේවා !!!!!!

    ReplyDelete
  2. ඊද් මුබාරක්!!

    ReplyDelete
  3. ඊද් මුබාරක්.................

    ReplyDelete
  4. ඉතින් බන් උබට ෆිටෝන් කරන්නනනේ තිබ්බේ , දැන් ඉතින් ඔය කඩේ පෙරලලා හරි ඕක මාරුකරගන්න
    ඊද් මුබාරක් මිත්‍රයා !!

    ReplyDelete
  5. ඒකනේ මේ මන් වගේ...කඩේ කෙල්ලෝ කොල්ලොන්ටයි...කැටුව පස්සෙන් ආව ඈයින්ටයි ඇණ ෆැක්ටරියක් වෙනකන් තෝරලා බලලා ගත්තනන් ඔහොම වෙන් නෑනේ...හික්ස්...

    "ඊද් මුබාරක්" කිව්වා ඕන්....

    ReplyDelete
  6. සුභ අළුත් අවුරුද්දක් වේවා සබිත් ,මේ ලියපු කතාවත් ඇත්ත , මිට පස්සෙනං මාත් දුන්නු එකක් අරගෙන එන් නැතිව ටිකක් හොයල බලන්න ඕන , කොහොමත් තනි කඩකාළෙ නං ඇඳුම් ගන්න එක ඒ තරම් අමාරුවක් නැහැ , තව ටිකක් කල් ගියාම බලන්නකො ඇඳුම් ගන්න ගියාම කොහාම කාළයක් ගත වෙනවද කියලා ....

    ReplyDelete
  7. සුභ අවුරුද්දක් වේවා!

    ReplyDelete
  8. ඊඩ් මුබාරක් !!!!
    මටත් ඔය කෙල්ලොත් එක්ක ඇඳුම් කඩගානේ යන එක නම් එපාම වෙලා තියෙන්නේ. ඇයි අප්පා උන්ට හරියන එක හම්බ වෙනකොට අපි බාගෙට මැරිලා !!!!!

    ReplyDelete
  9. ඊඩ් මුබාරක් !!!!

    ReplyDelete
  10. තෑන්ක් යු මචන් ලා ඇන්ඩ් මචීලා සුභ පැතුම් වලට!

    බොට කියන්න මචං මධුරන්ගයෝ අපේ කැම්පුස් එකේ කෙල්ලොත් අඬ ගහනවා ගෙදර යන්න කලින් වරෙන්කෝ තාත්තට සර්ට් එකක් ගන්න යන්න,අයියට සර්ට් එකක් ගන්න යන්න කියලා...මනුස්සකමට ගියාට මොකද මචෝ අන්තිමට මං කියනව ගන්න දෙයක් මේ කඩෙන් ගනින් මීට වඩා මම් අඩියක් යන්නේ නෑ බොලත් එක්ක බඩු ගන්න කියලා!

    ReplyDelete
  11. මගුලයි... මට මිස් වෙලානේ බං මේක... ඈඳුම් ගන්න කොට මං අම්මා එකක්ම යන්නේ ඕකනේ... ආයි ගෙනාපු දෙයක් මාරු කලානම් ඒ හෙන කලතුරකින්.

    මේං මේකට මොබිය දාපන්....
    prasanna86knew@gmail.com

    ReplyDelete
  12. සාදු සාදු......
    අපේ කස්ටියට කියන්න ඔ්න;;;;;;;)

    ReplyDelete

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...