Monday, August 29, 2011
අහිමි සැප!!
රෑ ඉතුරු වෙච්චවා උදේට අම්ම රත් කරල තියද්දි...
ඒවා නොකා ගේ ලඟ තේ කඩෙන් බිත්තර රොටි දෙක තුනකට වග කියල..
ප්ලේන්ටියක් බීල..
අම්මගෙන් "උඹ් කන්නෙ නැද්ද? කන්නෙ නැද්ද?" කියල බැනුම් අහද්දි..
රැට යාලුවෝ එක්ක පචයක් ගහන ගමන්..
කොත්තු බාස්ගේ දා බිඳු වලින් පදමට ලුනු වැටිච්ච කොත්තු දෙකක් ප්ලේට් තුනකට දාල කාල..
අතේ තියන අන්තිම සතේ සතේ දාල බිල ගෙවල..
බඩට වඩා හිත පුරෝගෙන ගෙදර යද්දි..
බස් හොල්ට් එකට වෙලා හවසට ගවුමක් බලලා...
යලුවෝ එක්ක යන එන ජෝඩු වල හූල්ලද්දි..
කවදාවත් සෙට් නොවෙන බව ටක්කෙටම දන්න කෙල්ලෙක්ට පිස්සු වැටිලා
එකි පස්සෙ දවසගානේ බඩගාද්දි...
තියන සැප,දැනෙන හැඟීම වගේ සතුටක් ලොකේ තව තියෙන්න පුලුවන්ද???
රුපියල් සත වලින් අරගන්න පුලුවන්ද?
ඒ ඔක්කොම පැත්තක තියලා අපි මේ දුවන මිරිඟුව මොකක්ද?
ඒ තුලින් කවදා හරි අපිට හම්බ වේ කියල අපි විශ්වාස කරන්නේ අපෙ හිත ඉල්ලන දේද?
අපිට ඕන කරන දේ ද?
පිලිතුර නෑ කියන එක නම් (ඒ බව අපිත් දන්නවනම්)..
හිත ඉල්ලන දේ අපිට,අපිටම දීගන්න බැරි ඇයි?
(මේ දවස්වල ගෙදරට වෙලා යාලුවො එක්ක ඉන්නකොට හිතිච්ච සිතුවිලි ටිකක් ......)
Subscribe to:
Post Comments (Atom)
අනේ මන්දා
ReplyDeleteජීවිතේ විදින්න තියෙද්දි ඇයි මෙහෙම විදවන්නේ කියලා අනේක වාරයක් හිතෙනවා..
ReplyDeleteස්වයං වින්දනය කියන්නේ ඕක තමයි...
ReplyDeleteනදී කියපු දේම තමා...අනේ මන්ද??
ReplyDeleteබලාපොරොත්තු, හීන, එතකොට සාමූහික හැඟීම ඕවා සාමාන්‍ය මිනිස්සු තුල තියෙන්ඩ ඕනෙ දේවල්.හිතන්ඩ බලන්ඩ නිකං ජීවිතේට අරමුණක් නැති උනා කියලා.මුළිං ආතල් වගේ දැනෙයි.ඒත් පස්සෙ ජීවිතේ එපා වෙනවා.වෙරෝනිකා මැරෙන්න තීරණය කරන්නෙ මොනවත් අඩු හින්ද නෙමෙයි.ඒකාකාරී හින්ද........මමනං හිතන්නෙ ඔය දේවල් කරල බලන්ඩ ඕනෙ.මොකද අපි මොනවා විශ්වාස කළත් මැරුණට පස්සෙ වෙන දේ අපි කවුරුත් දන්නැහැනෙ.ඇත්තටම ජීවිතේ අපෙන් අපේක්ෂා කරන්නෙ මොනවද කියලත් අපි දන්නැහැනෙ.ඇත්තටම මිනිස්සු ඉපදෙන්නෙ ඕව කරන්නද කියල අපි කොහොමද දන්නෙ.
ReplyDeleteඅපිත් දුවන්නං වලේ දුවනවා කියලා මතක් වෙන්නේ මේ ලිපිය කියවපුවාම ...
ReplyDeleteකමෙන්ට් එක දාලා ඉවර වෙච්ච ගමන් සුපුරුදු පරිදි අමතක වෙලා යයි
ජිවත් වෙන්න නම් බලාපොරොත්තු ඕනේ. හිත අපෙන් ඉල්ලන්නේ ඒ බලාපොරොත්තු ඉටු කරලා දෙන්න කියලා. අහිමි වෙන බව දැන දැනත් අපි බලාපොරොත්තු පස්සේ පන්නන්නේ අපේ හිත අපට පාලනය කරන්න බැරි නිසා. හිත ඉල්ලන හැම දේම දෙන්න අපට පුළුවන් උනොත් එදාට අපි සර්ව සම්පුර්ණයි
ReplyDeleteඅනේ මන්දා කියලා තමයි මටත් කියන්න වෙන්නේ
ReplyDeleteඅනේ අන්දා බන්.ලන්කාවට ආපුවාම හිතෙන දේ,හිත ඉල්ලන දේයි වෙනස් කරන්නෙ එකම දෙයයි..
ReplyDeleteකාටවත් හිමි නති,හිමිකරගන්න මාන බලන කාසී
අනේ මන්දා බං! ස්තුතියි කොමෙන්ට් කරපු හැමෝටම!
ReplyDeleteපොඩ්ඩකට නැවතිලා හිත දිහා බැලුවොත්.... ප්‍රශ්නෙ තියෙන්නෙ එහෙම නැවතිල්ලක් නැතුව දුවනකොට ඕවා නොපෙනෙන එක.
ReplyDeleteඅනේ මන්ද කියලාම මාත් සේප් වෙන්නං ..
ReplyDeleteතනියම සිංදුවක් දෙකක් කියලා....පාලුව තනිකම මකාගන්නවා
ReplyDeleteනැවතුනත් අපි පරාදයි........
ReplyDeleteදිව්වත් අපි පරාදයි ඒකයි තිත්ත ඇත්ත......