Tuesday, August 16, 2011

ගබ්සාව


මං ඉගෙන ගත්තු  පාසල ඒ කියන්නේ කලුතර සිරි කුරුස විදුහලේ හරි අපුරු දෙයක් සිදු වෙනවා...සැම වසරකම ජේෂ්ඨ ශිෂ්්‍ය නායකයන් හා  ශිෂ්්‍ය නායක සංගමය පාසලේ වි්‍යාපෘතියක් කරන්න ඕන..පස්සේ එක අව්ට පාසල් හා මහ ජනතවට ඉදිරිපත් කරන්න ඕන..මේක සාමන්්‍යයෙන් ලොකු වැඩක්...ලක්ෂ ගනනින් මුදල් හුවමාරු වෙන වගේම සමහර විට හොඳ ලාභයකුත් තියනවා...ටිකත් විකුනලා,ඇඩ් හොයලා තමා වියදම කවර් කරගන්නේ! විශේෂත්වය තමා සියලු දේම මෙහෙය වන්නේ සිසුන් වීම.. 
ඉතින් ඔය විදිහට මැතකදී 2004 දී දැහැන්සර,2005 සමාශ්‍ර, 2006 Rhythm of the Horizon, 2007 Revolution අධ්‍යාපනික ප්‍රදර්ශනය වගේ දේවල් සංවිධානය උනා...2004 දැහැන්සර කියන්නේ පාසලේම සිසුන්ගේ පද රචනයෙන් ගායනයෙන්  හැඩවුනු  තැටියක් එලි දැක්වුනු අවුරුද්ද..ලොකු ප්‍රසංගයක් එහෙම තියාඅ තමයි මේ එලි දැක්වුවේ.. මේ තියෙන්නේ එහි හොඳම ගීතයට ලෙස තේරුනු පද රචනය..සංගීතය එක්ක මුසු උනාම ගොඩක් ලස්සන ගොඩක් තේරුමක් තියන සිංදුවක්...

පද රචනය : හිමාල් නාලක අයියා ( මේක ලිව්වේ එය 12 වසරේ ඉන්නකොට..දැන් දන්ත වෛද්‍ය වරයෙක්)
ගායනය    :  ෂෙනෝ කුරේ අයියා
සංගීතය    :  ජුඩ් ඇන්ටන් පිය නම



ගබ්සාව

ආත්ම ගනනක් පෙරුම් පුරා
මිනිසත් බව ලද බිලිඳු පුතා..
මව් තුරුලේ උනුසුමක් නොලැබ
මව් තුරුලේ වැලලිලා ගියා....

කිව හැකි එක දෙයක් තිබේ...
නොම කිසි වරදක් පුතුගේ අතේ...

මතු දින විකසිත වී..
බබලන්නට හිරු සේ..
පැතුම් පතා සිටි කලල් පුතේ
කෙලෙසද දැන් එය ඉ‍ටු වන්නේ...

කිව හැකි එක දෙයක් තිබේ...
නොම කිසි වරදක් පුතුගේ අතේ...

වෛරය ක්‍රෝධය මතු වූ..
තිරිසන් මිනිසුන් අතරේ...
වැල්ලේ වැලලුනු කලල් පුතේ
කෙලෙසද මව් ගුණ පවසන්නේ....

කිව හැකි එක දෙයක් තිබේ...
නොම කිසි වරදක් පුතුගේ අතේ...


10 comments:

  1. අහන්න ලිනික් එකක් නැද්ද? utube? mp3?

    ReplyDelete
  2. නෑ අයියා..mp3 එක අප්ලෝඩ් කරන හැටි කියන්න ඕන නම් මං දාන්නම්!

    ReplyDelete
  3. අනේ යාලු..කියන්න දෙයක් තේරෙන් නෑ..ඒත් පින්තූරුවනම් හිතට තිගැස්ස්මක් ගෙනාවා..

    ReplyDelete
  4. අනේ බන්....ගබ්සාව කියන එක අහද්දිත් හිතට මොකක්දෝ වාගෙ...
    එක අතකින් මහා පව්කාර් වැඩක්...

    ReplyDelete
  5. http://www.mediafire.com/ මේකට දාන්න

    ReplyDelete
  6. ගබ්සාව කියන්නේ හරිම පුළුල් මාතෘකාවක්... ඒත් මෙතන කතා කරලා තියෙන්නේ එක පැත්තක් ගැන විතරයි නමුත් මේකෙත් මානුෂික පැත්තකුත් තියෙනවා.

    ReplyDelete
  7. ඔව් මෙතනදී කතා කරලා තියෙන්නේ අනුමත ගබ්සාව(legal abortion) ගැන නෙවෙ! රචකයා ගේ ඔලුවේ වැඩකරල තියෙන්නේ අසම්මත ගබ්සාව වෙන්න ඔන!

    ReplyDelete
  8. මමනම් කියන්නේ ගබ්සාවක් කරගන්නම ඕනනම් ඒක මුල් කාලේම කරන්න ඕන.. ලමයා වැඩුනයින් පස්සේ කෑලි කෑලි කඩලා ගන්න එක කොයිතරම් කාලකණ්නි වැඩක්ද.. ඔයිට වඩා හොඳනේ රේන්කෝර්ට් එකක් දාගෙන නෑවනම්.. එතකොට හෙම්බිරිස්සාවට බෙහෙත් ගන්න වෙන්නේ නෑනේ

    ReplyDelete
  9. oya kisima prasnayak nene yalu api swayan hikmeemakin weda karanawanam.oya hema detama mula minissu hegim walata wahal weemanee?

    ReplyDelete
  10. gabsawa kohomada bola anumath karanne?

    ReplyDelete

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...