Sunday, September 11, 2011

මොනවද මේ බජට් එයාලයින්?? හා මිහින් vs Sri Lankan

අද මං ‍තෝරගත්තේ බොහෝ දෙනෙකුට අහල පුරුදු ඒත් පැහැදිලි අවබෝධයක් නැති දන්නෝ දනිති මොඩලයේ මාතෘකාවක්..මිහින් සමාගම ඇරඹීමත් සමග බොහෝ දෙනෙකුට මතුවෙච්ච ගැටලුවක් තමා ඇයි එකක් තියෙද්දි තව එකක් කියන ප්‍රශ්නය..ඇත්තටම මේ දෙක එකක් නෙවෙයි දෙකක් කියලා මේ ලිපිය අවසානයේදි තේරුම්ගන්න පුලුවන් වේවි..
මොනවද මේ අඩුවැය නැත්නම් බජට් එයා ලයින් කියන්නේ?
 ඇත්තටම අනවශ්‍ය වියදම් කපා දමමින්සාපේක්ෂව අඩු මුදලකට මගීන් ගෙනයාම පදනම් කරගත් ගුවන් සේවා මෙලෙස හැඳින්විය හැකියි..ලංකාවේ සිට එලෙස ක්‍රියාත්මක වන ගුවන්සේවා කිහිපයක් ලෙස Mihin Lanka,Air Asia, Air Arabia,Fly Dubai දැක්විය හැකියි..

අරමුණ :
 මොවුන්ගේ ප්‍රධාන අරමුන හෝ තේමාව වන්නේ low fairs low comfort(අඩු මිල අඩු සුවපහසුව) කියන එක.. නමුත් අද ඇති තරඟ කාරීත්වය සමග සාමාන්්‍යයෙන් හොඳ පහසුකම් ලබාදෙන්න මොවුන් පෙලඹී තියෙනවා..

අනිත් ඒවායින් අඩුවැය ගුවන් යානා වෙනස් වෙන්නේ කොහොමද?


  • ටිකට් පත්වල මිල සාපේක්ශව ඉතා ලාභදායී මට්ටමක පවතිනවා 
මැලේසියාවට මේ මස 28 වන දින යාමට නියමිත නම්                                                                                       
Air Asia(අඩුවැය): රු.8555,
Sri Lankan(සාමාන්්‍ය) : රු.17100
(මුලාශ්‍ර; www.airasia.com,www.fly.srylankan.aero)
  • මෙම ගුවන් යානාවල බොහෝ විට පංති වෙන්කොට නෑ..සමස්ත ගුවන් යානයම එක පංතියක් ලෙස සලකා කටයුතු කරනවා..අනෙක්වායේ Economy class,Business class අදී ලෙස විවිධ මිල ගනන් යටතේ ආසන වර්ග කරලා තියෙනවා..
  • මෙම අඩුවැය ගුවන් යානා බොහෝ විට ගුවන්ගත කරන්නේ හෝ බාන්නේ ඔවුන්ගේම ගුවන් තො‍ටුපලකට එහෙම නැත්නම් වැඩිය ගුවන් තදබදයක් නැති ප්‍රාදේශීය ගුවන් තො‍ටුපලකට..
  • ප්‍රධාන ගමන් මල්ල සඳහා ලැබෙන්නේ ඉතාමත් අඩු බර ප්‍රමානයක්..අමතරව අවැසි නම් සරිලන පැකේජය මිලදී ගන්න ඕන... 
  • මගීන්ට අනෙක් ගුවන් යානා වල නොමිලේ ලබා දෙන බොහෝ පහසුකම් අපිට මේවායේදී මිලදී ගන්න සිදුවෙනවා.. උදා:- ආහාර පාන,සුවපහසු කට්ටල,බ්ලැන්කට් වැනි දේවල්..කොටින්ම ඇතැම් ගුවන්සේවා වතුර උගුරක් වත් නොමීලේ දෙන්නේ නෑ.
  • තව ගුවන්ගත වෙන දිනය ආසන්න වෙත්ම,ආසන සංඛ්‍යව අඩුවෙත්ම ටිකට් පතේ මිල ඉහල යාම තවත් ලක්ෂනයක්..එමෙන්ම නියමිත දින ගමන් නොකලහොත් කල හැකි එකම දෙය දින වෙනස් කිරීම පමනයි..කිසිසේත් නැවත මුදල් ආපසු ගන්න බැ..
  • විනෝදාස්වාදය සඳහා රූපවාහිනි,ගුවන්විදුලි/සංගීත පහසුකම් ඇත්තේම නැති තරම් 


අඩු මුදලකට ගෙනියන්නේ කොහොමද?
     ඉහත දැක්වු වෙනස්කම් වලට අමතරව මොවුන් ඒ සඳහා විවිධ උපක්‍රම භාවිතා කරනවා..
  • ප්‍රදාන වශයෙන් යානයේ බර අඩු කර ගනිමින් ඉන්ධන සඳහා වැයවන පිරිවැය අඩු කර ගැනීම
  • එක් අයෙක් කාර්්‍යයන් කිහිපයක් සඳහා යොදා ගැනීම තුලින් ශ්‍රම පිරිවැය ඉතුරුකර ගැනීම          උදා :යානය පිරිසිදු කිරීමද ගුවන් සේවිකාව ඇගේ රාජකාරිවලට අමතරව සිදුකල යුතුයි
  • ඒජන්තයන් යොදා නොගෙන අන්තර්ජාලය හරහා මගියාටම ටිකට් පත ලබා ගැනීමට සැලැස්වීම තුලින් එම කොමිස් ඉතුරු කර ගැනීම
  • මගී සැප පහසුකම්  (අත්්‍යවශ්්‍යය ඒවා හැර) අඩු කිරීම (ආහාර,බ්ලැන්කට්,රූපවාහිනි වැනි)
  • ගුවන්සේඅවා වලට සමගාමී හෝටල්,තීරුබදු රහිත භාණ්ඩ විකිණීම වැනි වෙනත් සේවා පවත්වාගෙන යාම 
  • ගොඩබැස්වූ පසු ඉක්මනින් නැවත ගුවන්ගත වීම තුලින් කාලය ඉතුරු කර ගැනීම හා ගුවන් යානයෙන් උපරිම ප්‍රයෝජන ගැනීම වැනි දෑ හඳුන්වන්න පුලුවන්.

පසුවදන
 අද වන විට ඉතාමත් ජනප්‍රිය ප්‍රවාහන මාධ්‍යයක් ලෙස  හඳුන්වන්න පුලුවන්..මේ නිසා ඇතම් විට රු.4000ක් වැනි අඩු මුදලකට පවා ටිකට් පත් ලබා ගන්න පුලුවන් නිසා ගුවන් ගමන් ඉස්සර වගේ සුඛෝපභෝගී ලෙස සලකන්නෙ නෑ..ඒ අනුව බොහෝ විදේශිකයෝ රට රට වල් වල සංචාරය කරන්න මේ ක්‍රමය යොදාගන්නවා...හැබැයි දිගු ගුවන් ගමන් සඳහා සාමාන්්‍ය සේවයක් යොදා ගැනීම තමා සුදුසු..ඉහත සඳහන් කල ලබා දෙන හා නොදෙන පහසුකම් ගුවන් සේවයෙන් සේවයට වෙනස් වෙනවා..මිහින් ලංකා සමාගම නොමිලේ ආහර ලබා දෙන ලෝකයේ එකම අඩුවැය සේවය ලෙස ඔවුන් හඳුන්වා ගන්නවා..ගුවන් ගමන්  නව මානයකට යොමුකල විප්ලවීය සොයා ගැනීමක් ලෙස අඩුවැය සේවා හඳුන්වන්න පුලුවන්..

හැමදාම වගේ ඔබේ අදහස් මට වටිනවා..සටහනක් තියලම යන්න...




14 comments:

  1. වැදගත් ලිපියක්..යාලූ...

    ReplyDelete
  2. පුංචි උනත් වැදගත් ලිපියක්

    ReplyDelete
  3. වැදගත් ලිපියක්. අනෙක් එවුන් වගේ ඕප දූප ලිය ලියා ඉන්නේ නැතිව මෙහෙම දෙයක්වත් ලියනවානම් ගොඩක් වටිනවා. පෝය දවසනේ, පිං සිද්ධ වෙච්චාවේ

    ReplyDelete
  4. හොද ලිපියක් මචන්

    ReplyDelete
  5. අපි නොදන්න කරුණු ගොඩාක් දැන ගත්තා..

    ReplyDelete
  6. low budget air-lines කියන්නෙ europe වලනම් බහුලව භාවිතා වෙන දෙයක්. කෙටි දුරක්, කෙටි කාලයක් ඇතුලත ගමන් කරන මේ ගුවන්යානා පහසුකම් සැබවින්ම ලාබදායකයි. උදාහරණයක් විදිහට පහුගිය අගෝස්තුවෙදි මං ඕලන්දය බලා පියාසර කලෙත් මේ වගේ ගුවන් යානයක. easyjet යන ගුවන් සමාගම හරහා පියාසර කල මම එයට යුරෝ 200ක් වැය කරද්දි. එම ගුවන් ගමන සඳහාම swiss air මගින් යුරෝ450ක් වැනි මුදලක් අය කලා.
    ගුවන් යානයේදිම කෑම බීම ලබා ගන්න පුලුවන් නමුත් ඒ සදහා මුදල් අය කරනවා. ඊට අමතරව ගුවන් යානය තුළදීම විවිධ ප්‍රසිද්ධ වෙළඳ සන්නාමයන්ට අයත් බාන්ඩ විශේෂ වට්ටමක් සහිතව විකුණනු ලබනවා.
    ගුවන් යානය ප්‍රමාණයෙන් කුඩා වන අතර ගමන් ගත හැක්කේ මගීන් 150ක් වැනි සීමිත පිරිසකට.
    මීට අමතරව යුරෝපය තුළම ගමන් ගනිද්දී මං භාවිතා කරන තවත් ක්‍රමයක් තමයි last minute ticketing ක්‍රමය. මේ මගින් ටිකට් එක ලබා ගන්නේ ගුවන්තොටුපළ තුලදීමයි. තමන්ගේ ගමනාන්තය ඔවුන්ට පැවසූ විට ඔවුන් විසින් එම ගමනාන්තය කරා ගමන් කරන ගුවන්සේවා සියල්ලේම තොරතුරු අපට ලබා දෙනවා. හිස් වූ ආසන සහිතව පිටත් වීමට සූදානම් ගුවන්යානා තමන්ගේ ඉතිරි ආසන මෙහිදී ඉතා අඩු මුදලට ලබා දෙනවා. (කීයක් හරි හම්බවෙනවනෙ). හැබැයි ටිකක් කලින් ගුවන් තොටුපළට යන්න ඕනි චාටරය කන්න බලාගෙන. වරක් අප බාර්සිලෝනා බලා පිටත් වූ ගමනකදි අපට වරුවක පමණ චාටරයක් කන්න වුනා. ගුවන්යානා තුළ හිස් ආසන නොතිබීම හේතුවෙන්. කොහොම නමුත් හවානා(කියුබා)සිට මිලාන් හරහා බාර්සිලෝනා බලා පිටත් වූ යානයක ඉතා අඩු මුදලකට(නිකම් වගේ) ගමන් කිරීමට අපට පසුව හැකිවුණා. හැබැයි මේවා one-way ගුවන් ගමන්පත් විතරයි.

    ReplyDelete
  7. බොහොම ස්තුතියි හැමෝටම..
    දමියා : ඔව් මචං..මං ‍ෆිල්ම් වල දැකලා තියනවා..ලංකාවේ හා දකුනු ආසියාවේ නම් තාම last minute ticketing ක්‍රමය නැහැ මං හිතන්නේ..

    ReplyDelete
  8. ශා... නියමයි ..... මෙන්න මේ වගෙ ලිපි තමයි බ්ලොග් අවකාශය ශක්තිමත් වෙන්න අවස්ය වෙලා තියෙන්නෙ.
    මහප්‍රාණ වලට වඩා ප්‍රායෝගික ජීවිතය ගැන ලියන දේවල්....
    නියම්යි.... මම මේක මුනු පොතෙ ශෙයා කරාට කමක් නෑනෙ?

    ReplyDelete
  9. ජීවිතේ මල් : ස්තුතියි...කිසි ප්‍රශ්නයක් නෑ..ලියන්නේ කියවන්න නොවැ..ඉතින් වැඩිපුර කියවන තරමට තම හොඳා

    ReplyDelete
  10. වටිනා උත්සාහයක් මලේ... පුදුමයක් නෑ... ඔයත් ධනික සහෝගේ ගෝලයෙක් නේ...!

    ReplyDelete
  11. ඉතින් යලුවනේ මමත් ඔයාලා වගේ සිංහල බ්ලොග් එකක් පටන් ගත්තා.... හැබැයි ඉතින් ඔයාලා වගේ ලොකුවට නම් නෙමේ බොහොම පුංචියට....
    පොඩ්ඩක් මගේ බ්ලොග් එක පැත්තෙත් ඇවිල්ලා හොද නරක කියල Comment එකෙක් දාලා යන්න....

    ජයවේවා!!
    www.yakagethithpola.blogspot.com

    ReplyDelete
  12. සටහන කියෙව්වා මචං...

    ReplyDelete
  13. ස්තුතියි හැමෝටම!

    ReplyDelete

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...