මිනිහා කසාදයක් එහෙමත් ඔය අස්සේ කර ගත්තා..ඒ ගෑනු කෙනත් ස්වීප් විකුනන්න පස්සෙ මෙයාටම එකතු උනා..ඒ ගෑනු මනුස්සයත් අන්ධයිද නැද්ද කියලා හරියටම කියන්න මට නිච්චියක් නෑ..
ප/ලි : ලංකාවේ අලුතෙන් මුද්‍රනය වූ නෝට්ටුවල මේ ක්‍රමය පවතින බව මුලින්ම කොමෙන්ට් කල බිංගෝ සහ එදිරි පෙන්වා දුන්නා..ලංකාවේ මේ ක්‍රමය නැති බව සිතා කරුණු දැක්වීම පිලිබඳව මගේ කණගාටුව.(ලංකාවේ අලුත් නෝට්ටු ආවට පස්සේ තාම මං ලංකාවට ගියෙ එක පාරයි! මේ පිලිබඳව දැනුවත් නොවීමට ඒකත් හේතුවක්!)
දවසක් මං කලිසමක් මහගන්න ටේලර් සාප්පුවට ගිය වෙලේක මේ මනුස්සයා එතනින් යනවා දැකලා ටේලර් කඩේ ලාල් අයියා මේ මනුස්සයව පෙන්නලා 'මල්ලි දන්නවද..ඔය මනුස්සයා ගිය මාසේ බැන්දනේ..
15 000ක් දීලා කෝට් සූට් එකක් මහ ගත්තා වෙඩින් පොටෝ එකට අඳින්න කියලා' කියලා මට කියලා මහ හයියෙන් හිනා උනා..මාත් ඉතින් හිනා වෙලා කිව්වා "ඔව් පොටෝ එකට නම් ඉතින් හයර් කරගන්න තිබ්බනේ කියලා..ඇරත් ඔය මිනිස්සුන්ට මොන පොටෝ ද" කියලා ලාල්ගේ හිනාවටම එකතු උනා.
හැබැයි ගෙදර ආවට පස්සේ මට ඔය සිද්දිය තදින්ම හිතට කා වැදුනා.මිනිහා ගැන දුකකටත් වඩා අනුකම්පාවක් මට දැනෙන්න ගත්තා..
කවුරු උනත් මිනිස්සුනේ.කාගෙ කාගෙත් ආසාවන් තියනවනේ,නැද්ද?
මිනිහගෙන් ස්වීප් නොගත්තට මොකද මිනිහා ස්වීප් විකුනනවා මං ඈත ඉඳලා බලං ඉදලා තියනවා.
මිනිහා සල්ලි කොලේ අතට ගත්තම කොලේ හොඳට අත ගාලා නහය ලඟට ලං කරලා බලනවා මං දැකලා තියනවා.ඒ ඇයි ද කියන්නවත්,මිනිහා සල්ලි කොලේ අදුරගන්නේ කොහොමද කියලා හොයන්නවත් මට ඒ දවස් වල උවමනාවක් තිබ්බේ නෑ.අන්ධ මනුස්සයා නිසා කවුරුත් හොර කරන්නේ නැතුව ඇති කියලා මට ඒ දවස් වල හිතුනා.
ඉස්සර මේ වගේ අයට ඉංගිරීසියෙන් කිව්වෙ Disabled( ආබාධිත) කට්ටිය කියලා.හැබැයි දැන් ඒ වචනේ වෙනුවට Differently abled ( වෙනස් හැකියාවන් ඇති) කියන වචනේ පාවිච්චි කරන්න අරගෙන.ඒ වචනේ කොච්චර අර්ථාන්විතද කියලා මේඛලා ගමගේ ගෙ 'අහන් ඉන්න.අහගෙන ඉන්න' කියන ගීතයේ රූප රචනය දිහා එක පාරක් බලන ඕන කෙනෙක්ට තේරෙනවා..ඈට අමතරව ඒකෙ ඉන්න හැමෝම ඉස්සර ආබාධිත කියන ගොඩට දාපු අය.(බලලා නැති අය මෙතනින්)
මේ මිනිස්සුන්ටත් අපි වගේම මේ ලෝකෙ ජීවත් වෙන්න අයිතියක් තියනවා.අපේ රටේ නැති උනත් වෙනත් රටවල නම් මේ අයගේ අයිතීන් ගැන සැලකිලිමත් වෙනවා.
ලංකාවෙත් දැන් ගොඩනැගිලි හදද්දී රෝද පුටු භාවිතා කරන්නන් සඳහා වෙනම පහසුකම් සලසන්න ඕන කියලා ආරංචි! ඕවා ඉතින් ක්‍රියාත්මක වෙනවා නම් හොඳයි.
අන්ධයි,අරකයි මේකයි කියලා ඒ මිනිස්සුන්ව ගෙදරට කරලා තියන් හිටපු කාලේ දැන් ඉවරයි.දියුණු රටවල් වල නම් ඒ මිනිස්සුන්වත් සක්‍රීයව ශ්‍රම දායකත්වය සඳහා යොදා ගන්නවා.
මගේ භූතාන් යෙහෙලියක් ඉන්නවා කර්මා ලාදන් කියලා.අපි ඉතින් ලංකාවට ගිහින් ආවම පර්ස් එකේ ඉතුරු වෙච්ච සල්ලි කොල එහෙමම තියනවා.මෙහෙ ආවම ඒවා දැක්කම එක් එක්කෙනා ඉල්ල ගන්නවා "මෙහෙ දියන් ඕක මට උඹව මතක් වෙන්න" කියලා..මේකි භූතාන් ගිහින් ඇවිත් මාව හම්බ වෙන්න ආවා එහෙන් ගෙනාපු ටොපි චොකලට් එහෙම අරගෙන.ඒ වෙලාවෙ තමයි මං ඒකිගේ පර්ස් එකේ තියන සල්ලි කොල දැක්කේ.ඒවා පෙන්නන ගමන් මට ඒකි පොඩි අතට අහුවෙන ඉලිප්පීම් ටිකක් පෙන්නලා කිව්වා මේවා තියෙන්න අන්ධ අයට සල්ලි කොල අඳුර ගන්න කියලා.එදා තමයි ජීවිතේ පලවෙනි පාරට මං එහෙම සිස්ටම් එකක් තියනවා කියලා දැන ගත්තේ.
ඔය කතාව අහද්දි මොකක් හරි හේතුවකට එක පාරටම මට මතක් උනේ අර ස්වීප් විකුනන මෑන්ස්ව.
ඇත්තටම අන්ධ මිනිස්සු සල්ලි කොල අඳුර ගන්නේ කොහොමද?
මං මේ ගැන ටිකක් හොයලා බැලුවා..මේ ක්‍රම වේදය රටින් රටට වෙනස් වෙන්න පුලුවන්.දියුනූ රටවල තත්ත්වේ වෙනස්..එයාල වෙනම ස්කෑනර් වගේ උපකරන පාවිච්චි කරනවා.
පොදුවේ ගත්තම නෝට්ටුවේ ප්‍රමාන අනුව තමයි බොහෝ දෙනෙක් වෙනස හඳුනා ගන්නේ..ඒ සඳහා සැලකියයුතු,පහසුවෙන් හඳුනා ගන්න පුලුවන් වෙනස්කම් දිග පලලවල් වල තියෙන්න ඕන.ලංකාව වගේ රටක නම් මේ ක්‍රමය ටිකක් අමාරුයි.( ඒ තියා ඇස් පේන එකෙක්ටවත් වෙනස හොයාගන්න පුලුවන් යැ..අර එක වගේ කොල දෙකක් නිසා මං හැමතිස්සෙම පරිප්පු කනවා..කාසිවල වෙනස්කම් හොයන්න නම් ඉතින් අත් කාචයක් ගෙනියන්න ඕන සාක්කුවේ දාගෙන.ඒ තරම් ලොකුයි නොවැ ඒවා දැන්)
ඕස්ට්‍රේලියාව,මැලේසියාව වගේ රටවල් මේ වගේ සැලකියයුතු දිග පලලවල වෙනස්කම් සහිත නෝට්ටු මුද්‍රනය කරනවා.අන්ධ පුද්ගලයා ගාව පොඩි කාඩ් එකක් වගේ දෙයක් තියනවා.සල්ලි කොලේ මේකට දාලා දිග පලල ටක් ගාල තීරණය කරගන්න ඔවුන්ට පුලුවන්.
ඒ ඇරෙන්න ඇතැම් රටවල් බ්‍රේල් සලකුනු නෝට්ටු වල ඇතුලත් කරලා තියනව. කැනේඩියන් ඩොලරයේ එහෙම බ්‍රේල් සලකුනු තියනවා.ඒ ඇරුනම අර භූතාන් නෝට්ටුවල වගේ අතට දැනෙන්න වෙනස් සලකුනු උලුප්පලා තියනවා.දකුනු අප්‍රිකාවෙත් ඒ වගේ.
මේ වගේ ක්‍රම තාම අනුගමනය කරන්නේ ලෝකේ රටවල් අතලොස්සයි.මේ ගොඩක් රටවල් වල අන්ධ පුද්ගලයන් රටේ ආර්ථිකයට සක්‍රීයවා දායක වෙනවා.ඒ නිසා මේ වගේ ක්‍රම ඔවුන්ට වැදගත්.ටිකෙන් ටික අනිත් රටවලුත් මේ ක්‍රම අනුගමනය කරන්න පටන් ගනීවි.
ලංකාවේ නම් ඔක්කොටම කලින් මෙ වගේ මිනිස්සුගේ ජීවන තත්ත්වය ඉහල නංවන්න වැඩපිලිවලක් ඕන.ඊට පස්සෙ බැරියැ සල්ලි කොල ගැන හිතන්න.හැබැයි මේ බ්‍රෙල් ක්‍රමයක් වගේ දෙයක් කොලේකට ඇතුලත් කරන්න ලොකු වියදමක් යයි කියලා නම් මං හිතන්නේ නෑ..ඩිසයින් කරද්දි මේ අදහස ගැන හිතන එක විතරයි කරන්න ඕන.
ප/ලි : ලංකාවේ අලුතෙන් මුද්‍රනය වූ නෝට්ටුවල මේ ක්‍රමය පවතින බව මුලින්ම කොමෙන්ට් කල බිංගෝ සහ එදිරි පෙන්වා දුන්නා..ලංකාවේ මේ ක්‍රමය නැති බව සිතා කරුණු දැක්වීම පිලිබඳව මගේ කණගාටුව.(ලංකාවේ අලුත් නෝට්ටු ආවට පස්සේ තාම මං ලංකාවට ගියෙ එක පාරයි! මේ පිලිබඳව දැනුවත් නොවීමට ඒකත් හේතුවක්!)
ලංකාවේ අලුත් නෝට්ටු වල වම අත පැත්තේ බෝල මාර්ක් එකක් දාල තියෙනවා වටිනාකම වැඩිවෙන පිළිවෙලට බෝල ගාන වැඩි වෙන්න එත් ඉතින් පාවිච්චි වෙද්දී බෝල අතට අහු වෙන්නේ නෑ අලුත් කොළ වගේ
ReplyDeleteලජකාවෙත් අලුතෙන් මුද්‍රණය කරපු 20.50.100,1000,5000 මේ ක්‍රමය තියනව
ReplyDeleteසාබිත්, මට මතක හැටියට ලංකාවෙ සෑහෙන කාලෙක ඉඳන් ඔය ක්‍රමය තිබුනා. ඔබ ඔය කියන ක්‍රමය ගැන ලංකාවෙ නෝට්ටුවකින්ම මම ඔය අත්දැකීම ලැබුවේ සෑහෙන කාලෙකට කලින්.
ReplyDeleteලංකාවෙ 20 කොලේයි 500 කොලේයි වෙනස අඳුරගන්න ඇස් පෙනෙන කෙනෙකුටත් අමාරුයි.. ලංකාවෙ තරම් එකම වටිනාකමේ විවිධාකාර කොල නැතිව ඇති ලෝෙක කොහෙවත්. ඒකනෙ ඉන්දියාවෙ වන්දනාවෙ යන අය පරන මොනරකොල 1000 ඒවාම අරන් යන්නෙ. ඉන්දියාෙව උන්ට පුලුවනෑ අපේ තියෙන හැම 1000 නෝට්ටුවම මතක තියාගන්න..
ReplyDeleteසාබිත් අළුත් නෝට්ටු ගැන වැඩිය දන්නෙ නෑ කිව්වනේ ඔන්න ගිහින් බලන්න.
ReplyDeletehttp://www.cbsl.gov.lk/htm/sinhala/06_cm/c_4.html
මටත් කියන්න තියෙන්නෙ අර බිංගො කියපු දේම තමා. ඔය අඳුරගන්න දමල තියන තිත්, නෝට්ටුව සංසරණයෙදි පරණ වෙන කොට අතට අහුවෙන ගතිය අඩු වෙනව අළුත් නෝට්ටුවකට සාපේක්‍ෂව. ඒව උසෙන් නම් එක සමානයි. දිගින් වැඩි වෙනව වටිනාකම වැඩිවෙන පිළිවෙලට 5 mm කින්. ඒ නිසා ප්‍රමාණෙන් අඳුරගන්න ටිකක් අපහසුයි.
මම නම් දන්න විදියට ඔය යම් යම් ආබාධිත තත්ත්ව තියෙන අය අකමැතියි අනිත් අය එයාලට අනුකම්පා කරනවට. එයාලට ඕන අනිත් අයගෙ අනුකම්පාව නෙවි, සහයෝගය. ඒ අයට නැගිටින්න අතදෙන එක මනුශ්‍යත්වයේ නාමයෙන් අනිත් අයගෙ යුතුකමක් සහ වගකීමක් කියල මට හිතෙනව.
@ Roshan Herath,
ReplyDeleteඔය වගේ සිද්ධියකට මගේ යාළුවෙකුත් මුහුණ දීල තිබුණ, ඉන්දියාවෙදි නෙවි ලංකාවෙදි. අර රාජපක්‍ෂ මහත්තය අත වනන 1000 නෝට්ටුව නිකුත් කරපු අළුත. හමුදාවෙ සේවය කරපු මගේ යාළුව නිවාඩු එන්න ඇවිත් මාසෙ වැටුප අරගන්න කොට එයාට සම්පූර්ණ වැටුපම ගෙවල තිබුණෙ ඔය අළුත් 1000 නෝට්ටුවලින්. මිනිහ අනුරාධපුරේට ඇවිත් මාතර ඉන්ටසිටියකට නැගල. ඒකෙ කොන්දා ඔය 1000 නෝට්ටුව භාර ගන්න බෑ කියල. කොන්ද දැනගෙන ඉඳල නෑ ඒ වෙනකොටත් රජයෙන් එහෙම නෝට්ටුවක් නිකුත් කරල කියල. කොහොමටත් ඌට ඔය වැඩේ වෙල දවස් කීපයකින් තමයි ඔය නෝට්ටුව ලංකාවෙ බහුලව සංසරණය වෙන්න ගත්තෙ.
ලංකාවෙ ඕක තියෙනවා කියලා අමුතුවෙන් කියන්න ඕනෙ නෑනෙ උඩ කියපු නිසා..
ReplyDeleteදවසක් මට හරි වැඩක් වුනා.. මම කෑම කඩයකට ගිහින් කෑම අරන් 500ක් දුන්නා.. මට ඉතුරු 400න් 200ක් දුන්නෙ 50 කොළ වලින් ඒ කිව්වෙ 50 කොළ 4ක්.. බලන් යද්දි කැශියර් 50 කොළ වෙනුවට තියලා තියෙන්නෙ 500 කොළ.. මම හොඳ හින්දා හොඳයි..
ලංකාවේ මෙහෙම සල්ලි කොළයක් ගැහුවා. මතකද අර ප්ලාස්ටික වගේ 200 කොළයක් ආවේ අන්න ඒකෙත් ඔය ලකුණු තිබුනා. නමුත් ඒක මඟදිම හබක් වෙලා ගියා. 2011 අලුතෙන් මුද්‍රණය කළ නෝට්ටුවල මේ ක්‍රමය තිබෙනවා.
ReplyDelete@ සාබිත්, මම කලින් දමපු කමෙන්ට් එක රොෂාන්ට reply කරල කමෙන්ට් එක දැම්මම මැකිල. මතක හැටියට ඒක ආයිත් දමන්නම්.
ReplyDeleteDDT
ඔයාට වැඩිය පාවිච්චි කරන්න හමුබවුනේ නෑ කිව්වනේ මෙහේ අළුත් නෝට්ටු කාණ්ඩෙ. ඔන්න බලන්න.
http://www.cbsl.gov.lk/htm/sinhala/06_cm/c_4.html
අර බිංගො කිව්ව වගේම ඔය නෝට්ටුවල තියන හඳුනාගැනීමේ තිත්, නෝට්ටුව සංසරණය වෙමින් පරණ වෙනකොට ස්පර්ශවෙන තත්ත්වය අඩු වෙනව අළුත් නෝට්ටුවකට සාපේක්‍ෂව. ප්‍රමාණයෙන්නම් මේ නෝට්ටු හඳුනගන්න අමාරුයි. මොකද උසින් එක සමානයි. වටිනාකම වැඩිවෙන පිළිවෙලට දිග 5 mm ක් විතර වැඩිවෙනව.
මම දන්න හැටියට යම් යම් ආබාධිත තත්ත්ව තියන අය අකමැතියි එයාලට අනෙක් අය අනුකම්පා කරනවට. ඒ අය වෙනම කොටසක් විදියට දකින්නෙ නැතුව එයාලත් එක්ක සහයෝගයෙන් වැඩකරන එක තමයි හොඳම විදිය. කොහොමටත් මනුෂ්‍යත්වයේ නාමයෙන් ඒ අයට නැගිටින්න අත දෙන එක අපි හැමෝගෙම යුතුකමක් සහ වගකීමක්.
සාබිත්, මෙවැනි අය සඳහා ඕස්ට්‍රේලියාවේ භාවිතා වන්නේ "students/people with special needs" කියන එකයි. ඔබ කියන කතාව හරි. ලෝකයේ හැම තැනම මේ වගේ විශේෂ අවශ්‍යතා තියන පුද්ගලයන් සමාජයේ ක්‍රියාකාරී ලෙස ජිවත් වෙනවා. හැබැයි ලංකාවත් (අද්යාපන අවස්ථා අතින්) අනිත් ලෝකයේ අපේ වැනි රටවල් සමග සසඳන විට ඉතා හොඳ ඉස්තානයක හිටියා. අද තමයි, රත්මලානේ විශේෂ පාසල තියන ඉඩම විකුණන එක ගැන කතා ඇහෙන්නේ.
ReplyDeleteලංකාවෙ ආබාධිතයන්ට මුලින් මේ පහසුකම තිබුනෙ නැහැ ඒත් දැන් තියෙනවා. ඒක ක්‍රියාත්මක කරන්න වුනේ ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක් හේතුවෙන්. ඒ අනුව මේ රටේ සියළුම රජයේ ගොඩනැගැලි සහ පුද්ගලික වාණිජ ගොඩනැගිලි ඉදිකිරීමේදී ආබාධිතයන්ට අවශ්‍ය සියළුම පහසුසම් සපයන්න නියොග ලැබුණා. දැනට ඉදිකර ඇති ගොඩනැගිලිවල වසරක් ඇතුලත ඒ පහසුකම ඇති කළ යුතුයි.
ReplyDeleteඒ නිසාම කොළඹ ගාලුපාර ගෝල්පේස් සිට බම්බලපිටිය දක්වා පදික වේදිකා සහ මංතිරු පවා ඇබාධිත අයට අවශ්‍ය විදියට සකස්කර අලංකාර කර තිබෙනවා.
මේක ඒ මිනිස්සුන්ගෙ මූලික අයිතිවාසිකමක්
සහෝ උඹ මාතර පැත්තේද? මාතර බස් ස්ටෑන්ඩ් එකෙත් හිටිය ඔහොම මනුස්සයෙක්.
ReplyDeleteThis comment has been removed by a blog administrator.
ReplyDeleteපරණ (ඉස්සර) නෝට්ටුවලත් වෙනස අදුරාගන්න එයාලට පුළුවන්.ඉස්සර උනත් වටිනාකම ඉලක්කමෙන් ලියලා තිබුනේ චුට්ටක් උඩට හො යටට මතූවෙන්න . විශේෂයෙන් දිය සලකූණ උඩ වගේ තැන්වල.පීන්තූර රටාව සහ අකූරැ රටාව එයාලා අදූරනවා.අපිට හිතා ගන්නවත් බැ.
ReplyDelete@ බිංගෝ,එදිරි,සෙන්නා : බොහොම ස්තුතියි අදහස් දැක්වීමට හා මං දැනගෙන නොසිටි දේ සඳහන් කලාට!
ReplyDelete@රොෂාන්,හරී,DDT : මං ලංකාවට ගිය වෙලේ මට පොඩ්ඩක් අතපත ගාන්න උනා ඔය අලුත් නෝට්ටු ටික.මටත් ඔය පරිප්පුවම කන්න උනා කොල මාරු වෙලා..ඒකයි මං කිව්වේ අන්ධයෙක්ට තියා ඇස් පේන මනුස්සයෙක්ටත් වෙන්කරගන්න අමාරුයි කියලා!
@අටම්පහුර : වෙන්න ඇති..අර මිනිස්සු ගොඩක් වෙලා ඇඟිලි වලින් අතගගා අඳුරගන්න හදන්නේ මේ දේවල් වෙන්න ඇති.
පොදුවේ හැමෝටම ස්තුතියි! ඔබලා වැනි උගත් පාථකයින්ගේ දිරි ගැන්වීම් හා ප්‍රතිචාර සෑහෙන්න වටිනවා මට!
@Kasun : නෑ මචං.මං අලුත්ගම.හැබැයි මගේ තාත්තා මාතර.මාතර බස් ස්ටෑන්ඩ් එකත් අලුත් තැනක් නෙවී මට.. :)
මහවෙදනා,දයානන්ද මහතා,රයිගම : බොහොමත්ම ස්තුතියි අදහස් වලට..ඔව්වපි කොච්චර අපෙ රටට බැන්නත් පොඩ්ඩක් රටින් එලියට ගිහින් රට දිහා බලද්දි පේනවා අපේ රට කොච්චර ඉස්සරහින් ඉන්නවද කියලා!ගොඩක් අගේ කල යුතු දේවල් අපේ රටේ තියනවා අපි ඒවයෙ අගේ නොදැක්කට!
This comment has been removed by the author.
ReplyDeleteලෝකයට දැනෙන දේවල් කරපු අන්ධ මිනිසුන් කොච්චර ඉන්න ඇද්ද. ස්ටීව් වොන්ඩර් මම දැකපු එක පුද්ගලයෙක්. මේ ලිපිය කියවගෙන යද්දි මගෙ මතකෙට මුලින්ම ආවෙ ස්ටීව් වොන්ඩර්. I Just Called so say...
ReplyDeleteඉතාලියේ නම් සල්ලි කොලේ ප්‍රමාණයෙන් තමයි බලන්න වෙන්නේ.. මම මේක කියවපු ගමන් එකක් අරන් බැළුවා.. බ්‍රේල් ක්‍රමයක් නම් නෑ..
ReplyDeletegood post Sabith!
ReplyDeleteසභිත්ගෙන් තවත් අගනා ලිපියක්.
ReplyDelete//ලංකාවෙත් දැන් ගොඩනැගිලි හදද්දී රෝද පුටු භාවිතා කරන්නන් සඳහා වෙනම පහසුකම් සලසන්න ඕන කියලා ආරංචි! //
ReplyDeleteබොහෝ ලාංකීය ඉස්පිරිතාල වල තියෙනවා. හැබැයි ප්‍රයිවට් ඒවයේ.
ලංකාවේ කොල වල අන්ධයින්ට තියා අපිටවත් හොයාගන්න බැරි විදිහට පැටලෙන ගතියක් තියෙනවා බං..
ජය !
අදමි දැනගත්තේ ලංකාවේ ඔහොම ක්‍රමයක් තියෙනවා කියලා. නියම ලිපියක්
ReplyDeleteසාබිත් උඹ කියපු ටික හරි බං. ලංකාවේ තාම එහෙම තමා. නැවීම් පොඩි වීම් තියෙන සල්ලි කොලේක මයික්‍රොමීටර් 10ක විතර ඉලිප්පීමක් හොයාගන්න ලංකාවේ ඇස් නොපෙනෙන මිනිස්සුන්ට වෙනම ට්‍රේනින් එකක් දෙන්න ඕනේ...
ReplyDeleteමං හිතාන උන්නේ එයාලා සල්ලි කොලේ ප්‍රමාණයෙන් විතරයි අඳුර ගන්නේ කියලා. මේ දේවල් අදමයි දැන ගත්තේ. ස්තූතියි මචං!
ReplyDeleteලිපියට අදාල නොවෙන දෑ කමෙන්ට් මගින් මෙතන පල කරලා අදාල අය මොනවද බලාපොරොත්තු වෙන්නේ?
මේ ලිපියට අදාල නොවෙන දෙයක් සාබිත් ගෙන් අහන්න ඕන්නම් හරි සාබිත්ට යමක් කියන්න ඕන්නම් හරි ඒව එයාගෙන් පෞද්ගලිකව විමසනවනම් නේද හොඳ?
සබිත් පොස්ට් එකට පිලිතුරු දෙනකොට ඔබ පෝස්ට් එකට විතරක් පිළිතුරු දෙන්න...
ReplyDeleteඇනෝලට උත්තර දෙන්න අවැසි නෑ අනික තමුන් ලියපු නැති අනම් මනම ්අතන මෙතන තියෙන බහුබූත වලට උත්තර දෙන්න එපා..ඒව වැඩක් නැති වැඩ...
ලස්සන පෝස්ට් එකක වැදගත් කතාවක් කෝමත් අපේ අය අන්ධ ගොලු බිහිරි මිනිස්සුන්ට අනුකප්පා කරනව වැඩි..ඒක ඒ අයට කරන අසාධාරනයක්..අනේ පව් අරමිනිහා කියන එක ඒ අයට කෙරන අසාධාරනයක් කියල මට හිතෙන්නෙ
සිහින,දිනේශ්,ගිම්හානි,පොකු,සෑම්,වර්ණා,මාලුවා ඇතුලු හැමෝටම ස්තුතියි අදහස් වලට!
ReplyDeleteපූසා, අමිල : ස්තුතියි! අද ඉගෙන ගත්තා පාඩමක්! මමයි වැරැද්ද කලේ පෞදගලිකව අහන්න කියන්නේ නැතුව මෙතන පිලිතුර දාලා.
මහ වෙදනා : ඔබ මගේ අඩවියේ නිත්‍ය පාඨකයෙක්.. ඔබේ කොමෙන්ට් ඇතුලු අනෙක් අයගේ ප්‍රතිචාර ඉවත් කරන්නට සිදුවීම පිලිබඳව මගේ කණගාටුව.ඔබ ඔබේ අදහසත් මං මගේ අදහසත් පලකලා.අපේ හිතවත්කම් වල මෙය ප්‍රශ්නයක් නොවේවි කියලා හිතනවා!
ඒත් ඔය නෝට්ටු භාවිතයත් එක්කම පළුදු වෙන නිසා කාලයක් ගියා ම ඔය සළකුණු අඳුනාගන්න හරි අමාරුයි!
ReplyDeleteසාබිත් මම ඔයාගේ අල්ලපු ගමේ මනුස්සයෙක්. අර ටේලර් ෂොප් එකේ ලාල් මගේ හොද යාළුවෙක්. එයාගෙන් අහන්න සුභාෂ් ගැන. මේතන මේ කමෙන්ට් එක දැම්මට සමා වෙන්න.
ReplyDeleteසාබිත්, මම දන්න විදියට ලංකාවේ තියෙන මුදල් නෝට්ටු වල ඝණකම විවිධයි රු10 සිට රු 1000 දක්වා ඇති පැරණී නෝට්ටු වල නම් මේ වෙනස අන්ධ අයට පැහැදිලිව අඳුනගන්න පුළුවන්කම තියෙන විශේෂ ආකාරයකට නෝට්ටුවේ ඝණත්වය තැනින් තැනට වෙනස් වන විදියට සකස් කරලා තියෙන්නේ. අළුත් නෝට්ටුවලත් මේ ස්වභාවයම ඇති කියලා හිතනවා.
ReplyDeleteඇත්ත ලංකාවේ ඉන්න මේ විශේෂ කුසලතා ඇති පුද්ගලයන් ආර්ථිකයට දායක කරගන්න පුලුවනි...මුලින්ම හරි ක්‍රමවෙදයක් සකස්කලයුතුයි ඒ වගේම පුද්ගලයන් මේ ක්‍රමවෙදයට හැඩගස්වන්නට අනිසි බලපැම්වලින් තොර හොඳ කලමනාකාරිත්වයක් සහ නායකත්වයක් තිබිය යුතුයි...අන්න එතකොට ලංකාවේ ඉන්න මේ විශේෂ පුද්ගලන්ගේ ජිවන තත්වය ඉබේම ඉහල යන ගමන් ඔවුන් ආර්ථිකයට හොඳ දායකත්වයක් සපයාවී.
ReplyDeleteදැන් තියන එක එක ජාතියෙ නෝට්ටු නිසා මේ වගේ අය අපහසුතාවයට පත්වෙනව ඇති. 1000 නෝට්ටුම තුනක් තියනව.
ReplyDeleteඉලංදාරියා : කිසි ප්‍රශ්නයක් නෑ! ඔබේ ඕන අදහසකට මේ තැන විවෘතයි! :)
ReplyDeleteදුලා : ස්තුතියි මචං! මේ දේවල් මාත් ඇතුලුව ගොඩ දෙනෙක් දන්නේ නෑ!
Raj : පැහැදිලිවම! ඔවුන්ගේ සමාජීය පිලිගැනීම වැඩි කිරීම ඔය ඔක්කොටම කලින් කල යුතු දෙයක්!
රාජ් : ඇස් පේන අපිටම පැටලෙද්දි ඒ අය ගැන කවර කතාද?
ඔය වගේම දෙයක් තමා පාර මාරුවෙන කලර් ලයිට් වලත් තියෙන්නේ. දෘශ්‍යයය සලකුණ වෙනුවට කොල වැටුනාම පාර මාරුවෙන්න ශබ්ධයක් නිකුත් කරන්නේ මේ නිසා. තාම ගාලුපාරේ විතරයි මේක තියෙන්නේ හැබැයි. මේ වගේ පහසුකම් සලසන්න ලොකු මුදලක් ඕනා කරනවා, ලංකාව වගේ රටකට ඒක දරන්න අමාරුයි. ඒත් එතරම් ලොකු මුදලත් නැතිව කරන්න පුලුවන් ගොඩාක් දේවල් නොසැලකිල්ල නිසා මග හැරෙනවා කියලා තමා බූඩි නම් හිතන්නේ, වටිනා පෝස්ටුවක් !!
ReplyDeleteගොඩක් විස්තර ඔයාගෙ පෝස්ටුවෙන්නුයි කොමෙන්ට් වලිනුවි දැනගත්තා..ස්තුතියි
ReplyDeleteInteresting..
ReplyDeleteඅපේ රටේ නම් ඒ අතින් අබාධ සහිත අය ගැන සිතන්නෙම නැති තරම්. රෝද පුටුවකින් ගොඩ වෙන්න පුළුවන් බස් එකක්වත් නෑනේ.. අඩු තරමේ කෝච්චියක්වත් ? ඒවත් බොහොම අබලන්. ප්ලැට්ෆෝම් එකට වඩා කෝච්චිය සෑහෙන්න උසයි. ඒවා කල්පනා කර බලා හදලා නෑ.
ReplyDeleteහොඳ මාතෘකාවක් සාබිත්. ඔය කතා කරන කාරාණාව ඇරුනාම US$ එකෙයි යුරෝ වලයි මෙහෙම වෙනසක් තියෙනවා නේද? ඩොලර් නෝට්‍ටු ඔක්කොම එක සමානයි දිග පළල. එතකොට අන්ධ අයට අඳුරා ගන්න අපහසු ඇති නේ? නමුත් වොලට් එකකට නියමෙට ෆිට් වෙනවා. යුරෝ වගේ නෝට්‍ටු එක ඒක ප්‍රමාණ නිසා වොලට් එකට දාන්න නම් කරදරයි නේ ? ඇයි දන්නෙ නෑ ලෝකෙටම එකම ක්‍රමයක් පාවිච්චි කරන්න බැරි...
ReplyDeletehenryblogwalker the Dude
බුඩී : ඒ බවක් මං දැනගෙන හිටියේ නෑ! බොහොම ස්තුතියි..
ReplyDeleteඩූඩ් : ඩොලර් නම් අතපත ගාල තිබුනට මොකද යූරෝ ගැන නම් මගේ ඒ හැටි දැනුමක් නෑ!
රූ,සශාන්, දොස්තර අක්කටත් බොහොම ස්තුතියි අදහස් වලට!