පෙම් කලා මං ඔබට..
සියයක් නොව සියයට දෙසියයක්..
හදවතින්,හැකි උපරිමෙන්..
මිතුරියක් ඇය මගේ..
නැහැ ඉන් එහා ගිය කිසි දෙයක්..
පාව දෙන්නට නොහැක මිතුදම,
ඔබේ සෙනෙහස නාමයෙන්..
සැක කිරීම ඔබ සතු අයිතියක්
තියේ නම් සාධාරන හේතුවක්..
සිතට ගනු මැන මේ ටිකත්..
විකාරුපී සිතුවිලි මතින් නුඹ,
ඈත් වෙනවා නම් මගෙ සෙනෙහසින්..
හඬනු පසුතැවෙනු එපා නුඹ,
දැනගත් කලට,පෙම් කල බව මං නුඹට,
වඩා අන් කවරෙකුට..
නුඹ නුඹට ආදරේ යැයි සිතන..
මොකෑ බන් උනේ ... ඇත්තටම..
ReplyDeleteඅගේ ඇති සිතුවිල්ල...හැබෑවක් නෙවෙයි නේද....
ReplyDeleteඑකිනෙකාට සන්නිවේදනය වෙනවා වෙනස්නේ යාලු..ඒ තුල ඇති වෙන වටහා ගැනීමේ වෙනස තමයි කරදර මවන්නෙ..
ඔබ ලංකාවේ ඉන්නකොට හාර්කොට්ස් එකේ හෝ එක්ස්පෝ ලංකා වැඩ කලාද? මට ඔබගේ ඡායාරූපය ගැන පොඩි මතකයක් එනවා.
ReplyDeleteමහ වෙදනා: අපෝ නැහැ!මාව තාම දන්නේ නැතුව ඇති!මං වෛද්්ය සිසුවෙක් තෙවන වසරේ!බංග්ලාදේශයේ වෛද්්ය විද්්යාලයක :)
ReplyDeleteමාතලන්:වෙන්න තියන ඔක්කොම වෙනවා මේ දවස්වල :)
අසනි:හැබැවක් වගේ තමා!
සැකය ආදරේ කරන හදවත් කදූළින් පුරවනවා...
ReplyDeleteයාළුවා මුහුණ දුන්න සිදුවීමක්ද මේක...
සැකය කියන්නෙ නම් විෂ බීජයක්.... විෂ බීජ ගැන මම සබිත්ට අමුතුවෙන් කියන්න ඕන නැහැනෙ නේද....? කවිය හරිම ලස්සනයි....
ReplyDeleteමොකද පුතා අස්පෙට් එක?
ReplyDeleteවයසෙ වැරැද්ද තමා ඔබා මාමේ!
ReplyDeleteමියුරු/දිනේශ්: සැකය ඉස්සරහා දොරෙන් එද්දි ආදරය පස්ස දොරෙන් යනව කියන්නේ නිකන් යැ නේද!
ඔයා හරි ලස්සනට ලියනවනේ. මට මේ බ්ලොග් එක මිස් උන එක ගැන දුක් වෙනවා..
ReplyDeleteගිම්හානි:ස්තුතියි ස්තුතියි!එකනේ කලින් ආවේ නැහැනේ ඔයාලා :)
ReplyDeleteEla ela ohoma yan
ReplyDelete