Sunday, March 30, 2014

පලාත් සභා මැතිවරණය 2014 - ආණ්ඩුව ඇත්තටම දිණුම්ද?

බස්නාහිර පලාත් සභාවට සහ දකුණු පලාත් සභාවට නියෝජිතයන් තෝරා පත් කර ගැනීම සඳහා වූ මැතිවරණයේ අවසාන ප්‍රතිපලය මේ වනවිට නිකුත් වී හමාරයි. සැබෑවටම සිදුව ඇත්තේ කුමක්දැයි හුදී පාඨක ජනතාවගේ හිත සුව පිනිස මහප්‍රාන නොමැතිව තේරෙන සිංහලෙන් කෙටියෙන් ලියා දමන්නට සිතුනා!

මෙවර සහ පසුගිය පලාත් සභා මැතිවරණ ප්‍රතිපල දෙස සංසන්දනාත්මකව බලමු!


බස්නාහිර

පක්ෂයප්‍රතිශතය (ආසන)
2009
ප්‍රතිශතය (ආසන)
2014
වෙනස
එ.ජ.නි.ස64.73%  (68)53.35%  (56)-12
එජාපය29.58%  (30)26.59%  (28)-2
ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය
7.97%  (9)+9
ජ.වි.පෙ2.42%  (3)6.16%  (6)+3
මුස්ලිම් කොන්ග්‍රසය2.12%   (2)(2)-
ප්‍රජාතන්ත්‍රවාදී මහජන පෙරමුන0.51%  (1)(2)+1 



දකුණ

පක්ෂයප්‍රතිශතය (ආසන)
2009
ප්‍රතිශතය (ආසන)
2014
වෙනස
එ.ජ.නි.ස67.88%  (38)58.06%  (33)-5
එජාපය25.09%  (14))25.77%  (14)0
ජ.වි.පෙ6.11%  (3)9.05%  (5)+2
ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය
6.27%  (3)+3
මුස්ලිම් කොන්ග්‍රසය0.55%  (0)(0)0




මේ අනුව පැහැදිලිවම විශිෂ්ඨ ජයග්‍රහනයක් පාලක එක්සත් ජනතා නිදහස් සන්ධානය හිමිකරගෙන තිබෙන බවක් මතුපිටින් පෙනුනත් සැබැවින්ම ඔවුන්ගේ පසු බැසීමක් දැකිය හැකි. විශේෂයෙන් බස්නාහිර පලාත සභාව තුල ආසන 10ක් අහිමි වී ඇති අතර දකුණු පලාත් සභාව තුල අහිමිව ඇති ආසන සංඛ්‍යාව 5ක්.
මැද කොළඹ,උතුරු කොළඹ සහ බටහිර කොළඹ ආසන වල පාලක  ඒජනිස තෙවන ස්ථානය දක්වා පසු බැස තිබෙනවා. ඒ පෙදෙස්වල සංවර්ධන ව්‍යාපෘති මුවාවෙන් විශාල වශයෙන් ජනතාව ඉවත්කරමින් පවතින නිසා මේ ප්‍රතිපලය එයට විරෝධය පලකිරීමක් විය හැකි බවයි විචාරක මතය.
ගුවන්තොටුපලවල්, අධිවේගී මාර්ග ඇතුලු මෙකී නොකී සංවර්ධන ව්‍යාපෘති ගනනාවක් දකුන කේන්ද්‍ර කොට ගනිමින් ක්‍රියාත්මක වෙද්දීත් දකුණු පලාත් සභාව තුල බුලත් කොලය පසු බැසීම අවධානයට යොමු විය යුත්තක්!

නායකත්ව අර්බුද සහ මණ්ඩලේ කචල් තිබියදීත් එජාපයේ බලාපොර්තු වූ තරම් පසුබෑමක් විද්‍යාමාන වන්නේ නැත. බස්නාහිරෙන් ආසන 2ක්  අහිමිවීම පමනයි සිදුව ඇත්තේ. ඒ අනුව ඔවුන්ගේ ඡන්ද පදනමේ ලොකු පසු බැසීමක් හෝ කැඩී යාමක් දක්නට ලැබෙන්නේ නැත. නිසි අයුරින් සංවිධානය වී , කලකිරි ඇති පාක්ෂිකයන් ඡන්ද පොලට ගෙන්වා ගත හැකි ක්‍රමවේදයක් තිබුනේ නම් සෑහෙන ප්‍රගතියක් ඔවුන්ට අත්කර ගත හැකිව තිබුනා.

මේ මැතිවරණයේ සැබෑ ජයග්‍රහකයා සරත් ෆොන්සේකාගේ නායකත්වයෙන් යුත් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයයි. පලමු වරට මේ පලාත් සභා සඳහා තරඟ වැද බලාපොර්තු නොවූ අයුරින් තමන්ගේ ආගමනය සටහන් කර ඇතිවා පමනක් නොව ලංකාවේ ප්‍රධානම පළාත් සභාවේ තෙවන බලවේගය බවට පත්වී තිබීම ප්‍රසංශණියයි.
එවැනි ඒක පුද්ගල කේන්ද්‍රීය පක්ෂයක් මෙතරම් ඡන්ද ප්‍රමානයක් ලැබීම ගැන පෞද්ගලිකව මං පුදුම වෙනවා. වරක් දමිත් කේතක පැවසූ පරිද්දෙන් එම පක්ෂය යටතේ නාම යෝජනා ලබා ගැනීමට බොහො විට ඉදිරිපත් වන්නේ ප්‍රධාන පක්ෂ දෙකෙන් නාම යෝජනා නොලැබූ අයයි. මේ පක්ෂය තුල ඔවුන්ගේ දේශපාලන අනාගතයේ ඇති අවිනිශ්චිතභාවය නිසාවෙන්ම තේරුණු අපේක්ෂකයින්ගේ පිල් මාරු බලාපොර්තු වෙන්න පුලුවන්!

අවසානව ජනතා විමුක්ති පෙරමුණ දෙසට හැරෙමු!
ඔවුන්ගෙත් යම් කිසි ආකාරයකින් ප්‍රගතියක් දක්නට පුලුවන්.  විශේෂයෙන් නව පරම්පරාවේ අලුත් ඡන්ද බොහොමයක් මා දන්නා තරමින් බැර උනේ ඔවුන්ට. මේ ප්‍රවනතාවය සහ නව නායකත්වය යටතේ ඉදිරිය සුභ බවයි පෙනෙන්නට තිබෙන්නේ!

මේ සාම්ප්‍රදායක මාධ්‍ය නොකියන්නට ඉඩ තිබෙන, එහෙත් මතුපිටින් පෙනෙන අයිසින් එකට යටින් තියෙන කතාවයි. අදින් අරඹා සති ගනනකට අති විශිෂ්ඨ ජයග්‍රහනයක් ලෙස නයිටීඑන් ඇතුලු රාජ්‍ය මාධ්‍ය හුවා දක්වන කතන්දරයේ ඇතුලු පැත්තෙ මේකයි. ඒ රජය ජයග්‍රහනය කලත් පැරදී ඇති බවයි!

*ඉහත දක්වා ඇත්තේ ප්‍රධාන පක්ෂවල දත්ත පමණි!
*වෙනස : + යනු අලුතෙන් එකතු වූ, - යනු අහිමි වූ

8 comments:

  1. ඔය කිවුවට මචං, බලපංකෝ හෙට අනිද්දා වෙද්දී ඔයුඅ කට්ටිය ඔය අංක ගණිතය දාලා ඔක ලස්සනට වෙනස් කරන හැටි..

    ReplyDelete
    Replies
    1. ලංකාවේ ගොඩක් ඉන්නේ උගත් මෝඩයෝ! තමන් දකින අහන දේ විශ්වාස කරන්න කලින් ටිකක් හිතන්නේ නෑ. අනික පක්ෂ පාට කන්නාඩි දාලා බලද්දි තියෙන දේ නෙවෙයි පේන්නෙ!

      Delete
  2. මගේ ආකල්පයට අනුව කාලාන්තරයක් බලයේ සිටින පාලකයන් කෙරෙහි රටක ජනතාවගේ ඇති කැමැත්ත තරමක් අඩුවීම සාමාන්‍ය දෙයක් අනෙක් කාරනාව තම ප්‍රාදේශීය පාලකයන්ගේ ඇවතුම් පැවතුම් අනුවත් ජනතාව ඡ්න්ද පොලට යෑමේ අබිප්‍රෙරනය තීරනය කෙරෙනවා තවත් කාරණයක් ගත්තොත් මිනිසුන් සිතනවා " කොහොමත් දිනනවනේ " ඉතින් ඡන්ද දැම්මත් එකයි නැතත් එකයි යන මතයත් මොකද මම එහේම කියන්නේ ප්‍රබල විපක්ෂයක් මේ කාල වකවානුව තුල දක්නට නොලැබීම හේතුව ගතානුගතිකව ලංකාවේ තිබ්බේ කොල සහ නිල් සංස්කෘතියක් අන්න ඊට අනුව විපක්ෂයෙන් දැනෙන්න පනිවිඩයක් ජනතාව අතරට ගියේ නැහැ දැන් දැන් තමයි අනෙක් උප සංස්කෘතීන් කරලියට එමින් පවතින්නේ ඉතින් රජයට අඩුවෙලා තියෙන්නේ තම පාක්ෂිකයන්ගේ ආන්තික උපයොගොගීතාව අඩුවීමේ ඡ්න්ද පදනමයි කියලයි මම කියන්නේ මෙම ලේඩේ හොඳකරගන්න රටේ පාලකයන්ට අලුත් ක්‍රමවේදයක් සෑදිමට කාලේ හරි

    ReplyDelete
    Replies
    1. වැදගත් තර්කයක්. ස්තුතියි රාජ්!

      Delete
  3. ආසන ගනන් වැරදියි මචෝ. ජවිපෙට 11, ෆොන්සේකට 12කුත් ආව.

    ReplyDelete
    Replies
    1. ආසන ගනන් හරි. එකතුව ජවිපෙට 11 සහ ෆොන්සේකාට 12ක්. ඒ දක්වා ඇත්තේ පලාත් දෙක වෙන වෙනම!

      Delete
  4. සරත් ෆොන්සේකාගේ පක්ෂයට ලැබුනු ඡන්ද ගොඩ හැදුවේ JVP සහ UNP එක. ෆොනි මැතිවරණ සටනේ ප්‍රභල මැදිහත්වීමක් කරේ නැහැ. JVP සහ UNP ගල් ගහලා වට්ටපු අඹ ගොඩ ෆොනිගේ සාක්කුවට වැටුනේ ඇයි කියලා UNPකෙසේ වෙතත්JVP එක තදින් සිතා බැලිය යුතුයි. ෆොනිට දීපු ඡන්දවලට මොන වගේ වටිනාකමක් ලැබෙයිද කියලා හිතෙන්නේ වයඹ සහ මධ්‍යමට පත්වුනු ෆොනිබබාලාගේ මැදිහත්වීමේ ස්වභාවය අනුවයි. මට හිතෙන්නේ සමහරක් අයව ආණ්ඩුව ඩැහැගනියි කියලා.

    ReplyDelete
    Replies
    1. ෆොන්සේකාව දේශපාලනයට ගෙනාවේ ඒ පක්ෂ දෙක උනාට ඔවුන්ගේ ඡන්ද පදනමේ නම් සැලකිය යුතු පසුබෑමක් නැහැ. මං කලින් කිව්වා වාගේ ඔවුන් බොහෝ දෙනෙක් දේශපාලන වශයෙන් ස්ථාවර සහ දේශපාලන අනාගතයක් තියෙන වෙනත් මහ පක්ෂයකට මාරු වෙන්න ඉඩ තියෙනවා!

      Delete

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...