Thursday, September 6, 2012

ලාංකීය සමාජ ජාලා වෙබ් අඩවි පරිශීලනයේ පරිණාමය Social media in Sri Lanka

   
     TweetupSL ලිපියට ලැබුන ප්‍රතිචාර එක්ක මට හිතුන ශ්‍රී ලාංකිය සමාජ ජාලා වෙබ් අඩවි භාවිතයේ විකසනය එහෙම නැත්නම් පරිණාමය ගැන සටහනක් තියන්න.මෙතෙක් මං සිංහල බ්ලොග් අවකාශයේ මේ වගේ ලිපියක් දැක්කේ නෑ!
මං කලින් ලිපියේ සඳහන් කලා වගේ ශ්‍රී ලාංකාවේ අන්තර්ජාල භාවිතය මිනිසුන් අතරට යන්නෙත් සැලකිය යුතු අන්දමට වැඩිවීමට පටන් ගන්නෙත් 2004-2005 කාලයේදි.වඩා පැහැදිලිව කියනවා නම් 2005න් පස්සේ.මේ විදිහට අන්තර්ජාලය මිනිසුන් අතරට යාමත් එක්ක අන්තර්ජාලය එලදායීව භාවිතා කරන්නට විශේෂයෙන් නව යොවුන් පරපුර පෙලඹෙනවා.

මේ විදිහට අන්තර්ජාලය තමන්ගේ විනෝදාස්වාදය සදහා යොදා ගැනීමේ අවශ්‍යතාවයත් එක්ක ඒ අවශ්‍යතාවය සපුරාලන්න තමයි Social media කියන සංකල්පය බිහිවෙන්නේ.
Social media කියන වචනය කොටස් 6ක සංකලනයක්.. ඒ වචනය අනු කොටස් 6කට විභේදනය කරන්න පුලුවන්!
     ඒ ඔස්සේ තමයි Social forum සහ Social Networking ලෙස කොටස් දෙකකට බෙදිලා social medias ලංකාව තුල ව්‍යාප්ත වෙන්න පටන් ගන්නේ!
(ඉතිරි අනුකොටස් වන්නේ collaborative projects (ex: Wikipedia), blogs and microblogs (Ex: Twitter), content communities (Ex:You tube), virtual game worlds සහ virtual social worlds )

     මුලදී Social Forums කියන සංකල්පය ඉතා තදින් ලාංකීය අන්තර්ජාල පරිශීලකයා වැලඳ ගන්නවා.කපුටා.com,අනං මනං,එලකිරි,සිංහලයා එලෙස ජනප්‍රිය වුන අඩවි වලින් කිහිපයක්. අදටත් ඇතැම් අඩවි ඉතා සක්‍රීය මට්ටමක පැවතෙනවා.එහි තිබුනු/තිබෙන චැට් රූම්,නොමිලේ ලබා දෙන විද්‍යූත් ලිපින,සමාජීය සංවාද වගේම පසු කලෙක නොමිලේ භාගත කිරීම් වගේ පහසුකම් මෙලෙස පරිශීලකයන් ඒවා වෙත ඇද බැද තබා ගන්න සමත් උනා..

     මේ විදිහට කල්ගත්වෙනවත් එක්කම social networking කියන සංකල්පය වෙත මිනිසුන් ආකර්ෂනය වෙන්න පටන් ගන්නවා. Myspace,tagged වැනි සමාජ වෙබ් අඩවි තුලට ලාංකිකයන් හුදකලා වශයෙන් සම්බන්ධවෙලා සිටියත් කණ්ඩායමක් විදිහට ඒකරාශී වෙන්න පටන් ගන්නේ hi5 වටා!

     ඒ කාලයේ හැටියට විශාල පිරිසක් වසරක් දෙකක් හෝ තුනක් පමන කාලයක් මේක වටා ඒක රාශී වෙලා සිටියා.ඇතැමුන් තවමත් ඉන්නවා.මේ අඩවියේ පරිශීලකයන්ට පැහැදිලි ගැටලු තිබුනා.ඒ තමන්ගේ දත්තවල අනාරක්ෂිතභාවය.ඕනෑම අයෙකුට ඕනෑම කෙනෙකුගේ දත්තයක් ඕනෑම වෙලාවක දැක බලා ගැනීමට වගේම අපේ ඡායාරූපයක් වැනි දෙයක් නම් ඉතා පහසුවෙන් ඔවුන්ගේ පරිඝනකය තුලට භාගත කරගන්නට පවා අවස්තාව තිබුනා.මෙලෙස පරිශීලකයන්ගේ තොරතුරුවල ඇති විවෘත භාවය වගේම ඒ තුලින් පෞද්ගලිකත්වයට කෙරෙන බලපෑම ප්‍රශ්න කෙරෙමින් තිබුන යුගයක තමයි facebook හි ආගමනය සිදුවෙන්නේ! facebook සාමාන්‍යය ජනතාවට විවෘත වෙන්නෙ 2006 දි!

     hi5 තුල තිබුන ගැටලු බොහොමයකට ඔවුන් සතුව පිලිතුරු තිබුන නිසා ඉතා විශාල ලෙස fb තුලට අනිත් සමාජ ජාලා වල ඉදන් පරිශීලකයන් සංක්‍රමනය වෙන්න පටන් ගත්තා.එහි තිබුන ආරක්ෂක මෙවලම් සහ පුද්ගලිකත්වය අදටත් එලෙසම පැවතීම සතුටට කරුනක්.ගැටලුව වෙලා තියෙන්නේ ඒ ආරක්ෂක අංග (Privacy settings) සකස් කර ගැනීම ගැන ගොඩක් දෙනෙකුට තවමත් ඒ හැටි අවබෝධයක් නෑ!
     අද වෙනකොට fb වටා රොක්වෙලා ඉන්න සකීය ලාංකික පරිශීලකයන් ගනන නිල නොවන දත්ත වලට අනුව 1 333 960ක්.(පසුගිය මාස තුන තුල සක්‍රීය).දළ වශයෙන් මිලියන 1.3ක් කියමු.එතනිනුත් ව්‍යාජ ගිනුම් වල ට ලක්ශ 3ක් (ඉතා විශාල කෝටාවක්) අයින් කලත් මිලියනයක් පමන පිරිසක්.
ලෝකයේ රටවල් අතරින් fb පරිශීලනය අතින් ලංකාව 74 වැනියාට ඉන්නවා.
ලංකාවේ අන්තර්ජාලය භාවිතා කරන පිරිස මුලු ජනගහනයෙන් 12%ක් පමන වෙන බවට සැලකෙනවා.ඒ විදිහට අන්තර්ජාල භාවිතා කරන්නන්ගෙන් 4දෙනෙකුගෙන් 3 දෙනෙකුට FB ගිණුමක් තිබෙන බවට ගනන් බලලා තියෙනවා.(http://www.socialbakers.com/facebook-statistics/)

     මීට සමගාමීව Twitter යෙත් සැලකිය යුතු ලාංකිකයින් පිරිසක්  දැන් ඉන්නවා! 
එය micro blogging  අනු කණ්ඩය යටතේ තමයි වර්ග කෙරිලා තියෙන්නේ!
social networking වලට සමාන්තරව බ්ලොග් අඩවිත් දැන් සීඝ්‍රයෙන් ප්‍රචලිත වෙමින් වර්ධනය වෙමින් පරිශීලනය වෙන බව බ්ලොග් ලියන කියවන අපිට අමුතුවෙන් කිවයුතු නෑ!
මෑතකදි අලුත්ම සමාජ ජාලා වෙබ් අඩවි දෙකක් Google+ සහ So.cl පිලිවලින් ගූගල් සහ මයික්‍රොසොෆ්ට් සමාගම් විසින් එලි දැක්වූවත් මූනු පොතට දැනෙන බලපෑමක් එල්ල කරන්න ඒවාට තවම පුලුවන් වෙලා නෑ!

     වර්තමාන ලෝකයේ මේ සමාජ වෙබ් අඩවි වල කාර්‍ය භාරය කිසිසේත් සුලුකොට තකන්න බැහැ.
මතවාද පැතිරවීමේ,ජන පිබිදීම්,ජන අරගල සංවිධානය කිරීම් ඔස්සේ ආණ්ඩු පෙරලීම සඳහා මේ සමාජ ජාල වෙබ් අඩවි යොදා ගත් අවස්ථා සහ රටවල්  මෑත ඉතිහාස්යේ අපි ඇස් පනාපිටම දැක්කා!
ඊට අම්තරව Social marketing කියන සංකල්පයත් එලි බැහැලා තියෙනවා.භාණ්ඩා හා සේවා මිලදී ගන්න/විකුනන්න/ඒවා ගැන දැනුවත් කරන්න විතරක් නෙවෙයි,කොටින්ම දැන් customer care එක පවා සිදු වෙන්නේ මේ වෙබ් අඩවි හරහා.
Screen shot from gossiplankanews.com

කාසියක දෙපැත්තක් තියෙනවා වගේ හැම දේකම දෙපැත්තක් තියනවා
හැබැයි මේ දේවල් ගැන මට තියෙන්නේ සුභවාදී ආකල්පයක්.විශ්ව ගම්මාන සංකල්පය යටතේ ලෝකය එන්න එන්නම එක යායක් උනාට දිනෙන් දින කාර්‍ය බහුල වෙන මේ ලෝකේ අන්තර් මානව සබඳකම්, වටිනාකම් කියන දේවල් දවසින් දවස ඈත් වෙනවා.මේ ඈත්වෙමින් දුරස් වෙමින් යන අන්තර් මානව සබඳතාතර කරගන්න මේ social media සැබැවින්ම ප්‍රයෝජනවත්.
දුරින් ඉන්නා පිරිස ලඟින් තියා ගන්නටත් ලඟින් ඉන්නා පිරිස් තව ලං කරගන්නටත් සිංහලෙන් කියනවා නම් ටච් එකේ ඉන්න මේ වෙබ් අඩවි සෑහෙන්න කාර්‍ය භාරයක් සිදු කරනවා.

අපේ ගෙදර පිහියක් තියෙනවා.
අපි පලතුරක් කපන්න ගිහින් අත කපා ගන්නවා.
අපේ අම්මාගේ ප්‍රතිචාරය;
" මේ ළමයට අත කපාගන්නේ නැතුව අඹයක් කපා ගන්න බැරි හැටි"
" හරියට පිහියක් පාවිච්චි කරගන්න දන්නේ නෑ තාම"
ඔය වගේ මොකක් හරි එකක් වීමේ සම්භාවිතාව 99.99%ක්.
හැබැයි අම්මා පිහියට බනින එක නම් කවදාවත් වෙන්නේ නෑ!
මිනීමරුවෙක් පිහියකින් ඇනලා කාව හරි මැරුවොත් මිනීමරුවට බනිනවා මිසක් පිහියට දොස් කියන්නේ නෑ!මොකද එතන තියෙන්නේ ඒ පුද්ගලයාගේ වරදක්.

      සමාජ වෙබ් අඩවිත් ඒ වගේ.නමුත් අවාසනාවකට අද සමාජ අඩවි මොකක් හරි අපරාධයකට හරි වැරැද්දකට හරි භාවිතා උනාම සමාජය දොස් පවරන්න පටන් ගන්නේ සමාජ වෙබ් අඩවියට.ඒවා තහනම් කලයුතුයි,සීමා කලයුතුයි කියලා කෙස් පැලෙන තර්ක ගේනවා.නමුත් සැබැවින්ම දොස් පැවරිය යුත්තේ එය නිසි පරිදි පරිශීලනය කිරීමට නොදන්න පරිශීලකයට මිසක් සමාජ වෙබ් අඩවියට නෙවෙයි.
මොකද අත කපාගන්නේ නැතුව අඹ කපන සොහොයුරියො/යෙහෙලියෝ අනන්ත මේ අඩවි තුල තවම ඉන්නවා!

මූලාශ්‍ර : www.wikipedia.org
           http://www.socialbakers.com/facebook-statistics/
           google images

38 comments:

  1. හැමදේකම දෙපැත්තක් තියෙනවා. නුසුදුසු දේ සුදුසු දේ තෝර බේරගෙන පාවිච්චි කරනවා නම් කාටවත් ගැටලුවක් නෑ. නරක තිබූ පමණින් හොඳ දේත් අහක දැමීම අපරාදයක්.

    ReplyDelete
  2. එහෙම බැලුවම ගෝත්‍රිකයන් බනින්නෙ නැත්තෙ මොකටද, හෑන්‍ඩ්ෆෝන් වලට බනිනව අන්තර් ජාලයට බනිනව, ෆේස්බුක් වලට බනිනව,....බ්‍ෙලාගවෙලටත් බනින්නෙ!

    ReplyDelete
    Replies
    1. ඇත්ත රාජ්! සමහර මිනිස්සු ඉන්නවා වැරැද්දක් වෙනකං ඉන්නෙ දොස් කියන්න බලාගෙන

      Delete
  3. රාජ් කියන දේත් යම් ඇත්තක් තියෙනවා විවේචනය මනුෂ්‍ය ස්වාභවයක්. ඒකෙදි හොඳ දේ අරගෙන. වෙන්න ඩොක්ටර් තම්බි කියනවා වගේ අනවශ්‍ය දේ විසිකරලා දැම්මම ඉවරයි....

    ReplyDelete
    Replies
    1. සමාවෙන්න... සුපිරි.. ඉතා වැදගත් ලිපියක්..

      Delete
    2. තෑන්ක්ස් මාතලන් නානා

      Delete
  4. //නමුත් සැබැවින්ම දොස් පැවරිය යුත්තේ එය නිසි පරිදි පරිශීලනය කිරීමට නොදන්න පරිශීලකයට මිසක් සමාජ වෙබ් අඩවියට නෙවෙයි//

    +++++++++++++++

    ReplyDelete
    Replies
    1. සහතිකව ම. බොහෝ විට තඩිබාන්නෙ ගෙදර තියෙන මුව හමටනෙ මුවා වෙනුවට! කාලෙකින් දකින්න ලැබෙන ජාතියෙ ලිපියක්!

      Delete
    2. ස්තුතියි බුවා සහ ලහිරුට! කාලෙකින් බුවාව දැක්කේ!

      Delete
  5. ලංකාවේ උංටනං ඉතිං හැම මගුලම වැරදියිනේ...

    ReplyDelete
  6. අපි නම් ඉතින් හොදට තමා පාවිච්චි කරන්නේ...ටුවිටරේ රොක්ස් හොදේ!!!

    ReplyDelete
    Replies
    1. අපු නොදන්නවයැ ඒක! අනිවා රොක්ස් :)

      Delete
  7. පිහිය වගේ තමා ඉතින් බෙලි කපන්නත් පුලුවන් පාන් කපන්නත් පුලුවන් :D

    ReplyDelete
  8. කාලීනව ඉතා වැදගත් ලිපියක්. මේ තුලින් හමු වෙලා විවාහ වෙච්ච අය වගේම. තිබ්බ සම්බන්ධතා බිඳ ගත් අයත් ඉන්නව.

    ReplyDelete
  9. ඕවා ගැන කාලෙකට කලිං ඉන්දික ගුනවර්ධන කවියක් ලියලා තිබ්බා.මට වචන මතක නෑ.ඒත් අදහස මේ වගේ,

    අඳුරන එකෙක් දැක්කම
    පාරෙදි අපි අහක බලං යනවා
    කතා කරන්ඩ වෙයි කියලා බයට

    දැං ෆේස් බුක් එකේ
    යාලුවෝ ඔක්කොම
    ඇඩ් කරගෙන ඇඩ් කරගෙන ගිහිං

    ඒත් ඉස්සර වගේමයි
    උං ඔන් ලයින් එනකොට
    අපි ඕෆ් ලයින් යනවා
    අපි ඔන් ලයින් එනකොට
    උං ඕෆ් ලයින් යනවා

    ReplyDelete
    Replies
    1. සත 50ක් දාන්න ඕන කටට :) සැට්පිකට් ඇත්ත

      Delete
  10. හැම දෙකම හොද නරක තියෙනවා.. ඒක පාවිච්චි කරන කෙනා දැන ගන්න ඕන..

    ReplyDelete
  11. හොඳ අධ්‍යනයක්....

    ReplyDelete
  12. ස්තුතියි සෙන්නා

    ReplyDelete
  13. social media optimization භාවිතා කරනා අනුව මත තමයි ඉතින්. අපිට කිව්වොත් ඒ විදියට හදලා දෙනවා

    ReplyDelete
  14. පුද්ගලවාදී ආකල්පය කියන කතාවට නම් 100% එකගයි.



    .:මානවක:.

    ReplyDelete
  15. ප්‍රතිචාර දාන්න ක්‍රමයක් හොයාගත්ත. අනගියි මේ සටහන.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අදහසට.ස්තුතියි ආයි ඇවිත් ප්‍රතිචාර දක්වන්න මහන්සි උනාට! Welcome to blogger :)

      Delete
  16. මට නම් මේ විස්තරය මදි වගේ.. තව කියන්න දේවල් තියෙනවා කියලා හැඟුනා..

    අලුත් පැත්තකින් හිතපු හොඳ ලිපියක් ලෙස දකින්න කැමතියි.. මොන දේ සීමාවක් ඇටුව කරනවානම් හොඳයි..

    ReplyDelete
    Replies
    1. විස්තර මදි වගේ නම් මේ අදහස් ටිකයි ඉතුරු අදහස් ටිකත් එකතු කරලා පාට් 2 එක ඔයා ලියන්න :)

      Delete
  17. මේකෙ බරපතලකම තියෙන්නෙ වැඩිහිටියො පාවිච්චි කිරීමේදීට වඩා පොඩි උන් හසරක් නොදැන ඕවා පාවිච්චි කරන්න යද්දි... මෙහේ නම් ගොඩක් අවාසනාවන්ත සිදුවීම් වෙලා තියෙනවා විශේෂයෙන්ම ෆේස්බුක් හරහා... අපේ වගේ දරුවො කරන කියන දේවල් සොයා බැලීමක් වැඩිය කෙරෙන්නෙ නැති හින්දා....
    ලිපියට ස්තුතියි සාබිත්........

    ReplyDelete
  18. බස් රේඩියෝ බ්ලොග් සම්මාන සඳහා නිර්දේශ වු ඔබට සුභ පැතුම්...
    දිරියෙන් ඉදිරියට යමු

    ReplyDelete
    Replies
    1. ස්තුතියි දුලාන්....මගේ බ්ලොග් එක මේ විදියෙ ඇගයීමකට ලක් උන පලවෙනිපාර! ඇත්තටම සන්තෝසයි

      Delete
  19. කොයිතරම් ප්‍රයෝජනවත් දෙයක් වුනත් නිවැරදිව පාවිච්චි නොකලොත් විනාශයක්. හොඳ ලිපියකට මගේ ප්‍රණාමය!!

    ReplyDelete

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...