Thursday, October 11, 2012

අයිතිය සහ වරප්‍රසාදය සමග 6%


     නිදහස් අධ්‍යාපනය ගැන මෑතකදී තරම් ඉතිහාසයේ කවමදාවත් කතා කරපු යුගයක් තවත් නැතුව ඇති.නිදහස් අධ්‍යාපනයේ උන්නතිය ගැන සලකලා මං FUTA එකට සහය පලකරන්න තීරනය කලා.නමුත් ඒ දේශපාලනිකව අපරිණත ශිෂ්‍ය සංගම්වලට ස්වායක්තව.ඔවුන්ගේ අරමුණු සහ ඉල්ලීම් ගැන මගේ තියෙන්නේ බලවත් අප්‍රසාදයක්. ඒ ගැන මං පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ගැන් ලියපු ලිපි පෙල තුල සවිස්තරව අදහස් දක්වලා තියනවා.( III )ඒ නිසා පැහැදිලිව මං සහය පලකරන්නේ FUTA එකේ ඉල්ලීම් වලට පමනයි.6% කියන එක යථාර්තයක් වේ යැයි මං විශ්වාස කරන්නේ නැති උනත් win-win situation එකකට යන්න පුලුවන් කියලා කියන්නේ දැන් තියෙන තත්ත්වයට වඩා පොඩි සංවර්ධනයක් හරි ලංකාවේ උසස් අධ්‍යාපන පද්ධතිය තුල ඇති වෙන්න ඉඩ තියෙනවා කියන එක. දැනටත් ලංකාවේ උසස් අධ්‍යාපනය සදහා වෙන කරන මුදලින් ලොකු කොටසක් නිසි භාවිතයකින් තොරව නැවත භාණ්ඩාගාරයට හරවා යැවෙන බව රජය පැත්තෙන් කියවෙනවා.එහි සත්‍ය අසත්‍යතාව ගැන මගේ දැනුමක් නැති නිසා මං ඒ ගැන අදහස් දක්වන්න යන්නේ නෑ.

     කොහොමින් කොහොම හරි දැන් වාර්තාවෙන විදිහට ආණ්ඩුව තම සුපුරුදු කල් මැරීමේ ප්‍රතිපත්තිය හා පොරොන්දු පත්‍රිකා යොදා ගනිමින් වර්ජනයෙන් ඉවත්වීමේ එකඟතාවකට ඇදුරන්ව කැමැතිකරවා ගන්නට උත්සහ කරනා බව පේනවා.ආණ්ඩුව බොහෝ තැන්වල ගනුදෙනු කල යුතු ආකාරය පටලවා ගන්නවා.ඔවුන් ගමේ බූරුපොලේ සියදෝරිස් සමග ප්‍රශ්න විසඳගන්නා විදියට සරම උස්සාගෙන ජාත්‍යන්තර ප්‍රශ්ණ විසඳන්නට ගිහින් නිකම් කිච වෙනවා.


ලොක්කා 'වර්ජකයින් සමග මගේ සාකඡ්චාවක් නැත' යන ස්ථාවරයේ ඉඳලා මේ ප්‍රශ්නය දිහා බැලුවේ ප්‍රයිවට් බස් වර්ජකයො දිහා බලන දෑසින්. මොකද ගැමුනුලා කොච්චර කෑ ගැහුවත් දවස් තුන හතරක් බස් ගෙවල් ඇතුලේ තියං ඉඳලා ලීසීං එක ගෙවාගන්න බැරිව හිර වෙනකොට එකා දෙන්නා ශේප් එකේ පාරට බස් ටික දාන බව ලොක්කා දන්න නිසා ඒ ඇප්‍රෝච් එකම මෙතනදි ලොක්කා ගන්නවා.පැහැදිලිවම ගනුදෙනු කලයුතු ආකාරය පටලවා ගන්නවා.දැන් කිච වෙන්න බැරිකමට ගොල බාලයො එක් එක්කෙනාව එවලා බලනවා.
මෙතනදි ආචාර්යවරුන් තමන්ගේ  සටන දෙන්නම් කාසි වලට අත් නොහැරීම වැදගත්.මොකද මේ පාර අත ඇරියොත් ඔවුන් සහ ඔවුන්ගේ සටන බලවත් ලෙස හෑල්ලුවට පත්වෙන්න ඉඩ තියෙනවා.ඒ තුල නැවත් කවමදාවත් මේ වගේ සමාජ් සහයෝගයක් ඔවුන්ට ලබාගන්න බැරිවේවි ඉදිරියට.

     ලිපියේ මාතෘකාවට පිවිසෙනවා නම්,අද ලංකාවේ ගොඩක් දෙනෙක් අයිතිය සහ වරප්‍රසාදය කියන දෙක පටලවගෙන.අයිතීන් ගැන අවබෝධයක් නැති කම නිසාම තමන්ගේ මූලික අයිතීන් පවා අමු අමුවේ උල්ලංඝනය වෙන මොහොතක ඒවා පැත්තක තියෙද්දී තමන්ට ලැබෙන වරප්‍රසාද,අයිතීන් කියල පටලවගෙන ඒවායේ අනාගතය ගැන කතිකා කරන්න පටන් අරං.
     මං ලඟකදි දැක්කා විශ්ව විද්‍යාල සිසුන්ගේ විරෝධතාවකදි ඔවුන් මහපොල ඈඳාගෙන කතා කරනවා.මං තවත් තැනකදි දකිනවා මහපොල මුදල ඩෙනිමක් ගන්නවත් ප්‍රමානවත් නෑ කියලා පිංතූරයක් බුකියේ ෂෙයා වෙනවා.ඇත්තටම ඔවුන් තේරුම් ගන්නෙ නැති යථාර්තයක් තියෙනවා. ඒ ඒක එයාලට රජයෙන් දෙන වරප්‍රසාදයක් මිසක් අයිතියක් නෙවයි කියන එක. 'තව දියව්' කියලා කෑ මොර දෙන බහුතරයක් තෙරුම් ගන්න ඕන මහජනයා ( බදු ගෙවන ජනතාව) ප්‍රතික්ෂේප කරන ඕනම වෙලාවක මේ වරප්‍රසාද අත්හිටුවන්න රජය බැඳිලා ඉන්නවා කියන එක.නමුත් වාසනාවකට ලංකාවේ මිනිස්සු එහෙම නෑ!.

     මේ තියෙන අවුල් ජාලා වලට හේතුව නිසි ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් නැති එක.ඒවගේ දෙයක් කවදා ලංකාවේ හැදෙයිද කියන එක සැක සහිතයි.ආණ්ඩු පෙරලෙද්දි අධ්‍යාපන ප්‍රතිපත්ති වෙනස් වෙනවා නම් ටිකක් හරි හිත හදා ගන්න පුලුවන්.. ඒත් ඇමටීවරයා වෙනස් වෙද්දි ප්‍රතිපත්ති වෙනස් වෙනවා නම් තත්ත්වය කොයිතරම් ඛේදනීයද.. මං ඉගෙන ගත්තෙ එක නිර්දේශයක්.මගේ මල්ලි තව එකක.මගේ නංගී ඉගෙන ගන්නේ තවත් එකක්. අපේ වයස්  අතර පරතරය අවුරුදු හයයි. අවුරුදු හයට විශය නිර්දේශ තුනක්!! එතකොට මේවාට අවැසි පෙලපොත් අලුතෙන්ම ගහන්න ඕන. එතකොට අවුරුදු දෙකකට කලින් ගහපුවට මොකද වෙන්නේ.. ? මෙන්න මේවාට උත්තර තමයි රටේ බදු ගෙවන ජනතාව පර්පාලකයන්ගෙන් ඉල්ලන්න ඕන.ඒකයි ඔයාලගේ අයිතිය (මං තවම බදු නොගෙවමි)
      අපි හදාරපු නිදහස් අධ්‍යාපනය උනත් අපේ  අයිතියක් නෙවෙයි කියන එකයි මගේ හැඟීම.ඒක අපේ වරප්‍රසාදයක්.එතනදි වෙන පලවෙනිම වැරැද්ද ඒක නිදහස් අධ්‍යාපනය කියලා නම් කරපු එක.ඒක නම් වෙන්න ඕන වරප්‍රසාදිත් අධ්‍යාපනය වගේ වචනයකින්.මොකද එතනදි යම් පිරිවැයක් වැය වෙනවා.ඒක දරන්නේ රටේ බදුගෙවන ජනතාව.

     රටේ ජනගහන වර්ධනයට සාපේක්ෂව විශ්ව විද්‍යාලවලට ඇතුලත් කරගන්න ප්‍රමානය වැඩි කරගන්න ඕන.ඒවායේ පහසුකම් වැඩිවෙන්න ඕන.නිදහස් ( වරප්‍රසාද)අධ්‍යාපනයත් නැති බැරි ළමයෙක්ට ඉස්සරහට එන්න තියෙන්න ඕන.ඒකෙ ආයි දෙකක් නෑ.. (ලෝකයේ නිදහස් අධ්‍යාපනය ඇත්තේ රටවල් අතලොස්සක බවත් ඉතිරි රටවල් වල දුප්පත් ළමයි ඕන තරම් සිටිනා බවත් ඒ අයට වෙනම වැඩපිලිවෙලවල් සකසා තිබෙන බවත් කරුනාවෙන් සලකන්න) ඒ නිසා කවුරු හරි දකිනවානම් මං මේ කියන්න යන්නේ නිදහස් අධ්‍යාපනය නවත්තන්න ඕන කියන එක කියලා ඒක එහෙම නෙවෙයි.

'උපාධිය මුදලට විකිනීම නවත්ව්..නිදහස් අධ්‍යාපනය සුරැකියව්'
කියලා කෑමොර දෙන අයට මට මතක් කරලා දෙන්න තියෙන්නේ ඔයාලත් කරන්නේ උපාධිය මිලට ගන්න එක කියන එක.. රාජ්‍ය විශ්ව විද්‍යාලත් කරන්නේ උපාධිය විකුනන එක. ඒත් වෙනසකට තියෙන්නේ පෞද්ගලික විශ්ව විද්‍යාල වල පිරිවැය දෙමාපියන් දරද්දි රජයේ විශ්ව විද්‍යාල වලදි වැයවෙන පිරිවැය රටේ බදු ගෙවන මහ ජනතාව දරන එක... 
     එයාලගෙන් ඉල්ලන්න තියෙන්නේ එයාල රටේ ජනතාවගේ මුදලින්  උපාධිය මිලදී ගන්නවා වගේම පුලුවන් කමක් තියෙන දෙමාපියන්ට තමන්ගේ දරුවන්ටත් ඒ දේ අරගෙන දෙන්න වටපිටාවක් ලංකාව තුල නිර්මානය කරලා දෙන්න ඉඩ දෙන්න කියලා.ඒක එයාලගේ අයිතිය..ඊට එරෙහිවෙන්න සදාචාරාත්මක අයිතියක් විශ්ව විද්‍යාල සිසුවාට නෑ.මොකද ඔවුන්ට වියදම් කරන්නෙත් අර ළමයින්ගේ දෙමාපියන් නිසා.උසස් පෙල සමතුන්ගෙන් විශ්ව විද්‍යාල වලට ප්‍රවේශ වෙන්නේ 20%ක් නම් අද මේ ශිෂ්‍ය සංගම් කෑ ගහන හැටි දැක්කම අපිට දැනෙන්නේ  මේ 20% විසින් ඉතුරු 80%කගෙම අයිතීන් අහුරන්න හදනවා වගේ හැඟීමක්..
     මේ ලඟකදි මං ලංකාවේ ඉන්නකොට නංගි කෙනෙකුයි මල්ලි කෙනෙකුයි මං නැගලා ඉන්න බස් එකට නැග්ගා.නැගලා පෞද්ගලික විශ්ව විද්‍යාල වලට එරෙහිව ටිකක්  දිග දැනුවත් කිරීමක් කලා.ඒක ඉවර වෙනකම්ම අහං ඉදලා අංකල් කෙනෙක් ප්‍රශ්න වගයක් අහන්න ගත්තා.ඒකට තව කීප දෙනෙක් එකතු උනා.අන්තිමට ඒ අයගේ අදහස් හා තර්ක ඉස්සරහා අර නංගිටයි මල්ලිටයි උනේ ඔව් අංකල්.. එහෙම තමයි අංකල්..වෙන්න ඇති..අපිට තේරෙනවා කියලා ශේප් වෙලා ජාමේ බේරගෙන බැහැලා යන්න.මං මේ කතාව කියන්නේ ඒ සහෝදරයව/රියව විවේචනය කරන්න නෙවෙයි. ලංකාවේ මිනිස්සු ඉස්සර ඉස්සර තරම් මෝඩ නෑ කියලා පෙන්නන්න. වටේ පිටේ වෙන දේ ගැන අවබෝධයක් තියෙනවා කියලා පෙන්නන්න.
වැරැද්දට එරෙහිව නැගී හිටින්න තරම්,ඒ වෙනුවෙන් කතා කරන්න තරම් ජීවන පරිණාමයක් තවම නැති උනත් වෙන්නේ මොනවද කියන එක ගැන අවබෝධයක් ලංකාවේ මිනිස්සුන්ට තියෙනවා..වෙලා තියෙන්නේ එහෙම අවබෝධයක් නෑ වගේ පෙන්නනවා!
     
     ලාංකීය රාජ්‍ය විශ්ව විද්‍යාල වල ඉන්න සහෝදරවරු නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් විතරක් නෙවෙයි  කුහක කම් පැත්තක තියලා සමස්ත ලාංකීය අධ්‍යාපනය වෙනුවෙන්ම පෙනී ඉන්නවා කියලා තේරුන දවසට ලාංකීය මහ ජනතාව එයාලගේ වරප්‍රසාද වෙනුවෙන් ඒවා ආරක්ෂා කීරීම වෙනුවෙන් එයාලා පිටුපසින් හිඳිවි..අර පෞද්ගලික විශ්ව විද්‍යාලයට යන දරුවගෙ දෙමාපියන් උනත් රාජ්‍ය විශ්ව විද්‍යාල සිසුවා රැකගන්න කතා කරාවි..
එතකන්,ඒ ටික මිනිසුන්ට අවබෝධ වෙනකම් රාජ්‍ය විශ්ව විද්‍යාල සිසුවා පසුපස මහ ජනතාව පෙල ගැහේවි කියලා හිතන්න බැහැ. එයාලට සිද්ද වෙන්නේ හුදෙකලාව එක එක්කෙනාගේ කොස් ඇට බ බා ඉන්න.

නිදහස් අධ්‍යාපනය වරප්‍රසාදයක් උනාට අධ්‍යාපනය කියන්නේ අයිතියක්..
රාජ්‍ය හෝ පෞද්ගලිකව හෝ ඒ දේ ලබා ගන්න හැමෝටම සම අවස්ථාවක් තියෙන්න ඕන..


ප.ලි : මගේ මිතුරෙක් සිංහල බ්ලොග් අවකාශයට තමන්ගේ ආගමනය සනිටුහන් කරලා තියනවා. ඔහුගේ බ්ලොගය නම් කරලා තියෙන්නෙ දෙලොවක් අතර  කියන නමින්.කැමති කෙනෙක් වේ නම් ගිහින් බලන්න කියලා ඉල්ලනවා. පිවිසෙන්න මෙතනින්..

53 comments:

  1. ඔය මාතාකාව ගැන මටනම් දෙයක් කියන්න මහලොකු දැනුමක් නෑ... ඒත් මම නම් ඉගෙනගත්තේ නිදහස් අධ්‍යාපනයෙන්... ඒක නොතිබුනානම් මමත් අද කුඹුරු කොටනවා... තිත්ත වුණත් ඒක තමා ඇත්ත...

    අද ටියුෂන් නිසා වෙලා තියෙන විනාශය මම දකිනවා... දැන් කව්රුත් අහයි ඔයා ටියුෂන් ගිහින් නෙවෙයිද විභාග පාස් වුණේ කියලා... පැහැදිලිවම ඔව්... ටියුශන් නැත්නම් මම ෆේල් වෙනවා... මම කිව්වේ ඒක ගැන නෙවෙයි... අද උසස් පෙළ පන්තියකට ඉස්කෝලේ පන්තිය පටන් අරගෙන මාස 5 කට පස්සේ ගිහින් බලන්න... ළමයින්ගෙන් බාගෙට බාගයක් නෑ... ඔක්කොම ටියුශන් ගිහින්... ටියුශන් යන්න තරම් වත්කමක් නැති ළමයි ඔය අතරේ නැද්ද? ඉන්නවා... එයාලාගේ දෙමව්පියෝ නොකා නොබී හරි ලමයින්ව ටියුශන් යවන්න පෙළඹිලා තියෙන්නේ පාසල් ගුරුවරු උගන්වන්නේ නැති නිසා... පාසල් ගුරුවරු උගන්වන්නේ නැත්තේ ළමයි එන්නේ නැති නිසා... ළමයි එන්නේ නැත්තේ පාසල් වෙලාවෙත් ටියුශන් තියෙන නිසා... එතකොට ටියුශන් පන්තියකට ළමයව යවන්න තරම් වත්කමක් නැති කෙනාට මොකද වෙන්නේ?

    මම විශ්ව විද්‍යලයකට ගිහින් නෑ... ඒ තරම් දුරට ඉගෙන ගෙනත් නෑ... ඒත් හෙට දවසේ ඔය දේම විශ්ව විද්‍යාල සිසුන්ටත් වෙනවා කියන්න මම දන්නවා... උඩ කියලා තියෙන ටියුශන් සිද්ධිය මොලේ තියෙන මිනිහෙකුට මේ දේ තේරුම් ගන්න හොඳටම ප්‍රමාණවත් කියලත් හිතනවා... ඒ නිසා ‍කොහොමටවත් පුද්ගලික විශ්ව විද්‍යාල කෙරෙහි මගේ කැමැත්තක් නෑ...

    ReplyDelete
    Replies
    1. එතකොට විභාගය සමත් ඉතිරි 80%ට ඔබේ විකල්පය මොකක්ද?
      අද SLIIT,NIBM,CINEC,ACBT වගේ ආයතන හරහා ගොඩ ගිහින් තියෙන තරුණ ජීවිත ගැන ඔබේ ආකල්පය මොකක්ද? වෙන්න ඕන ෂාන් පෞද්ගලික විශ්ව විද්‍යාල එපා කියන එක නොවේ.ඒකට දුප්පත් ලමයට උනත් යන්න පුලුවන් විදිහට වැඩපිලිවෙලක් හදන එක.

      Delete
    2. ලිස්ට් එක තව දිගයි සබිත් APIIT,IIT, ANC, ICBT, IIHE, වගේ ආයතන තොගයක් තියනව , පහුගිය අවුරුද්ද දෙක ඇතුලත 10ක් විතර අලුතෙන් ඇවිත් . මේවා නියාමනය කරල නිසි විදිහට පවත්වාගෙන යන්න ක්‍රමවේදයක් හදන්න ශිෂ්‍ය ප්‍රජාව ඉඩ දෙන්නෙත් නැ , (රජයටත් අවංකව ඔනිද කියන සැකයත් තියනවා ) පෞද්ගලික විශ්ව විද්‍යාල එපාය කියලා කැගහන අයට පේන්නෙ නැද්ද , තොග පිටින් පිටරට උපාධි ලංකාවේ දෙනවයි කියන එක , ඒවට විරෝධය පල කරන එක පැත්තක තියල රටට යහපත් විදිහකට සකස් කරගන්න එකයි දැන් විය යුත්තේ /

      Delete
    3. පැහැදිලිවම.නිසි පරිදි නියාමනය වෙනවා නම් මෙතන ඔය කියන තරම් බය වෙන්න දෙයක් නෑ! ස්තුතියි බුවා අදහසට!

      Delete
  2. අපේ රටේ හැම ප්‍රශ්නයක්ම අවුල් වෙන්නෙ අන්තිමට විසඳුම් නැතිව ප්‍රශ්න ඇදි ඇදි යන්නෙ ඒවට සම්බන්ධ (අදාල අවස්ථාවෙ පවතින රජයත් ඇතුළුව) පාර්ශ්වවල දෙබිඩි පිළිවෙත හින්ද, හැමෝටම තම තමන්ගෙ න්‍යාය පත්‍ර තිබෙනව, කවුරුවත් නම්‍යශීලී වෙන්න කැමති නෑ.
    වර්තමාන රජයෙ තිබෙන ලොකුම දුර්වලකම ඔවුන්ට තමන් ගැන තිබෙන අධි තක්සේරුව. රජයේ පාර්ශ්වයෙන් බොහෝ ප්‍රශ්න විසඳන්න උත්සාහ කරන්නෙ ඔබ කිව් ආකාරයෙන් ගමේ චන්ඩියගෙ ස්ටයිල් එකට. වඩාමත් නරක දේ ඕනම ප්‍රශ්නයක ආරම්භයේදීම ඔවුන් හැසිරෙන ලෝඩ් පකීර් ක්‍රමය නිසා පසුව යම් මධ්‍යස්ථ විසඳුමකටවත් එකඟවීමට නොහැකිව රටේ ඉදිරියෙ එයාල පත්වෙන අසීරුතාවය. පෞද්ගලික විශ්ව විද්‍යාල ඇති කිරීමේ ගැටළුවක් නැති වුවත් ප්‍රශ්නය වන්නෙ එය සිදුකරීමට උත්සාහකරන ක්‍රමවේදය ගැටළුකාරීවීම.
    ඒ වගේම මට හිතෙන හැටියට නම් මේ 6% කතාව පෙනෙන තරමටම 100% ක් ශුද්ධ වූ ඉල්ලීමක් නොවූවත් රජය මීට වඩා නම්‍යශීලීව මේ ප්‍රශ්නය දෙස බැලිය යුතුයි. ඉල්ලීම් ඉල්ලා සිටින්නන්ගෙ ශුද්ධ අශුද්ධභාවය කෙසේ වෙතත් රටේ අනාගතය වෙනුවෙන් ප්‍රමාද වී හෝ රජය ඒ ඉල්ලීම්වලට යහපත් ප්‍රතිචාරයක් දැක්විය යුතුයැයි මම සිතනවා. ඒ වෙග්ම පහුගිය කාලය පුරාවටම අධ්‍යාපනය සම්බන්ධෙයන් සිදු වෙච්ච වැරදි (කිසිසේත්ම අත්වැරදීම් ගනයට නොවැටෙන බරපතල වැරදි) දිහා බැලුවම ඔවුන් මේ සැරසෙන්නෙ කුමකටදැයි අවබෝධ කර ගැනීමේ ගැටළුවක් නැහැ මම හිතන්නෙ.

    ReplyDelete
    Replies
    1. ඔව්.පොදු න්‍යාය පත්‍ර පසෙක දමා පෞද්ගලික න්‍යායපත්‍ර මුදුන්පමුනුවා ගැනීමට කටයුතු කිරීම කනගාටුවට කරුණක්.ස්තුතියි අදහසට!

      Delete
  3. මචං අපේ පරණ වාදේ ආයෙත් පටං ගන්ඩයි යන්නේ ඈ.....

    උඹ කොහොම කිව්වත් අධ්‍යාපනය කියන්නේ ළමයෙක්ගේ අයිතියක්.ඒක මුළු ලෝකෙම පිළිගන්න එකක්නේ.නිදහස් අධ්‍යාපනය වරප්‍රසාදයක් විදිහට සළකන්න පුළුවන් උනත් ඒ නිදහස් අධ්‍යාපනය ලබා දීමේ අරමුණ තේරුම් ගන්ඩ ඕනෙනෙ.නිදහස් අධ්‍යාපනය දීමේ අරමුණ වෙන්නේ හැම දරුවෙකුටම තමන්ගේ දක්ෂතාව මත පමණක් පදනම් වෙලා ඉහළට අධ්‍යාපනය ලැබීමේ අයිතිය තහවුරු කරන ක්‍රමයක්.ඒ නිදහස් අධ්‍යාපනය සල්ලි නැති එකාට විතරක් දෙන එකක් නෙමෙයිනේ.ඒක සල්ලි තියෙන එකාටත් ගන්ඩ පුළුවන්.කවුරුත් එපා කියන්නේ නෑ.

    පුද්ගලික විශ්වවිද්‍යාල ගැන මගේ පුද්ගලිකව අක්මැත්තක් නෑ.නමුත් පුද්ගලික විශ්වවිද්‍යාල සහ රජයේ විශ්වවිද්‍යාල අතර තියෙන වෙනස තමයි පුද්ගලික අංශය කටයුතු කරන්නේ ලාභයක් අපේක්ෂාවෙන්.එතකොට ඒ ලාභය ලබා ගැණීමට ඒ අය ඕනෙ දෙයක් කරන්ඩ ලෑස්තියි.මේ වගේ වෙළඳාම්වලදි මුදල් හුවමාරු වෙන්නේ අති විශාල ප්‍රමාණවලින් නිසා රටේ දේශපාලනයත් මේවාට සම්බන්ධ වෙන එක වළක්වන්ඩ බෑ.ඔබ නොදැක්කාට හෝ නොදැක්කා වගේ ඉන්නවා උනාට වර්ථමාන අධ්‍යාපන ගැටළුවට විශාල වශයෙන් පුද්ගලික අංශයේ බලපෑම් තිබෙනවා වෙන්න ඕනෙ.නැත්නම් තිරය පිටුපස තිබූ පුද්ගලික විශ්ව විද්‍යාල කරළියට පැමිණීමත්, රාජ්‍ය අධ්‍යාපනයේ අර්බුධ රැසක් එකවර මතුවීමත් කෙටි කාලයක් තුල සිදුවීම අහම්බයක් වෙන්ඩ පුළුවන්ද?

    විශ්ව විද්‍යාලවල ඉන්න දේශපාලනය කරන අයගේ මතය කෙසේ වෙතත් මම හිතන්නේ අධ්‍යාපනයට වැය කරන මුදල වැඩි කිරීමෙන් රාජ්‍ය විශ්වවිද්‍යාලවලට ඇතුලත් කරගන්නා සිසුන් සංඛ්‍යාව වැඩි කළොත් ඔය හැමෝටම වගේ තෘතීයික අධ්‍යාපනය ලබන්ඩ පුළුවන් වෙනවා නේද? එතකොට පුද්ගලික විශ්වවිද්‍යාල වෙනුවෙන් හඬ නගනවාට වඩා පරාර්ථකාමීත්වයක් සැමට අධ්‍යාපනය ලැබීමට හැකිවන ලෙසට රාජ්‍ය අධ්‍යාපනය දියුණු කරන ලෙස ඉල්ලා සිටීම තුල තියෙනවා නේද?

    ReplyDelete
    Replies
    1. දිනුක, මේ අන්තිමට කියල තියෙන දේ පොඩි ගැටළුකාරී බවක් තියෙනව නේද? අපේ රට සාපේක්‍ෂව සමාජ සුභසාධන කටයුතු වැඩි රටක්. රජයකට උනත් දරාගැනීමේ හැකියාවෙ සීමාවක් තිබෙනව. හැම දේම රජය විසින් කරන්න යන එක මම හිතන්නෙ එච්චඑ සාර්ථක නෑ. රාජ්‍ය අංශයෙ තිබෙන දූෂණය නාස්තිය දකින ඕන කෙනෙක්ට හිතෙනව ඒ මුදල් යොදවල මෙහෙම කරන්න පුළුවන්නේ කියල, ඒත් මම හිතන්නෙ නෑ කිසිම රජයක් යටතෙ ඕක ප්‍රායෝගිකව කරන්න පුළුවන්වයි කියල. අනිවාර්යෙන් පෞද්ගලික අංශයට ඉඩදිය යුතුයි. ඒ වගේම එය පවත්වගෙන යන්න නම් ඉතිං අනිවාරයයෙන්ම ඔවුන් ලාභ ලැබිය යුතුයි. කළ යුතුවන්නෙ අධික ලාභ ලබමින් ගුණාත්මකභාවය අඩු වීමට නොදී රජය විසින් නිසි අධීක්‍ෂණ යාන්ත්‍රණයක් සකස් කිරීම. ඒත් අපේ රටේ අවාසනාවට හැමදාම සිද්ධ වෙන්නෙ වැටයි නියරයි එකතුවෙල ගොයම් කන එක.

      Delete
    2. "උඹ කොහොම කිව්වත් අධ්‍යාපනය කියන්නේ ළමයෙක්ගේ අයිතියක්."
      පැහැදිලිවම..මාත් මතු කරන්නේ ඒ කරුනම තමයි.රාජ්‍ය විශ්වවිද්‍යාලයට තේරෙන ලමයට වගේම නොතේරෙන ලමයටත් ඒ අයිතිය තියෙන්න ඕන.තෙරෙන ලමයට නොමිලේ ඒ අවස්ථාව ලබාදෙන එකේ කිසි ගැටලුවක් නෑ!
      අනික උඹ මතු කරන ලාභය පිලිබඳ කාරනාවලදී රාජ්‍ය විශ්වවිද්‍යාලයට අනුබද්ධ කරලා පැහැදිලි අධීක්ශනයක් යටතේ මේ දේවල් වෙනවනම් එයාලට පිස්සු කෙලින්න බෑ.ලෝකයේ දූශිතම රටක් ලෙස සැලකෙන(දේශපාලනික වශයෙන්) මං ඉන්න රටෙත් කොච්චර දූෂන වංචා වුනත් මේ සම්බන්ධ කාරණා වලදී එයාලට ඕන ඕන දේ කරන්න පිස්සු කෙලින්න කොහෙත්ම හැකියාවක් නෑ! මං ඒක පෞද්ගලිකව අත් දකිනවා!

      Delete
    3. This comment has been removed by the author.

      Delete
    4. මේක බලන්න

      මේ ලින්ක් එක මම කතන්දරගේ බ්ලොග් එකෙත් දැම්මා.මම කියන්නේ නෑ මේ විදිහේ වෙනසක් එක දවසෙන් කරන්ඩ පුළුවන් කියලා.ඒත් මේකෙන් මම පෙන්නන්ඩ හදන්නේ අපේ රටට වඩා මේ රටවල් සුභසාධනේට සල්ලි යොදවනවා වගේම අපිට වඩා හොඳ සහ සාර්ථක නිදහස් අධ්‍යාපනයක් දෙනවා.

      Delete
  4. නිදහස් අධ්‍යාපනයේම එල්ලිලා හිටියොත් රටක් වශයෙන් අපි පස්සට යනවා. අවශ්‍යවන්නේ ජාත්‍යන්තරය හා එක්විය හැකි දෙක කලවමේ යන ක්‍රමයක් මොකෝ දුප්පත් දරුවෝ ඉන්නවා ඉගෙන ගන්න දක්ෂතාවයන් තිබෙන. කොහොම හරි මේ උගන්වන් විශයන් නම් සත පහක වැඩක් නෑ. අනික දරුවන්ට දරාගන්න අමාරුයි. දියුණු රටවල් වල තිබෙන ක්‍රමයක් හඳුන්වා දිය යුතුයි. සාකච්චා ඇති විය යුත්තේ ඒ ගැනයි. 6% බොරුවක් කියලා මම කලින් ඉඳන්ම කිව්වා. නමුත් ඒක ලස්සන මාකටින් පාරක් උනා විශේෂයෙන් අර දරුවෙක් වඩගෙන ඉන්න පින්තූරය.

    ReplyDelete
    Replies
    1. අපි නිදහස් අධ්‍යාපනයේ එල්ලිලා රටක් විදියට පස්සට යන විදිය මොකක්ද කියන එක නම් ලොකු ප්‍රස්නයක්.
      එත් ඔය දියුණු කියන රටවල් වල දැන් නිදහස් අධ්‍යාපන ක්‍රමයක් ඉල්ලලා සටන් කරන්න පටන් අරගෙන තියෙන්නේ. එයාල එහෙම ඉල්ලන්නේ එක තැන එල්ලිලා රටක් විදියට පස්සට යන්නනම් නෙවෙයි. එයාලා නිදහස් අධ්‍යාපන ක්‍රමයක් ඉල්ලලා සටන් කරනවා. එත් අපි තියන නිදහස් අධ්‍යාපනය රැක ගන්නයි සටන් කරන්නේ. ඔබතුමා කියනවා අපේ අධ්‍යාපනය යල් පැනලා කියලා. මමත් පිළිගන්නවා සමහර දේවල් එකතුවෙන්න ඕන කියලා. එත් අධ්‍යාපනයට පුළුල් දැක්මක් තියෙන්න ඕන. අධ්‍යාපන ක්‍රමය රැකියාව පදනම් කරගෙන අරගෙන ගියොත් මේ ලෝකේ තියන ආදරය, කරුණාව, සාධාරණත්වය, පරාර්ථකාමිත්වය, තාර්කිකබාවය, නායකත්වය වගේ දේවල් නැතිවෙලා මේක නරුම සමාජයක් වේවි. එකයි කලාව, ආගම වගේ දේවල් උගන්වන්න ඕන කියන්නේ. එත් මේ ආණ්ඩුව කරන්නේ ඒවා කප්පාදු කරන එක.

      Delete
    2. ලහිරු. ඔබේ ප්‍රකාශය සහ මට මෙතනදි එකඟ වෙන්න බැහැ.. නිදහස් අධ්‍යාපනය ඉල්ලා සටන් කරන එක නෙවෙයි දැන් ලෝකයේ වෙන්නේ එක්කෙනෙක්ගෙන් අරගෙන තව එක්කෙනෙක්ට දෙන එකට එරෙහිව බලවත් විරෝධයක් ගොඩ නැගෙන එක. එයාලා කියන්නේ තම හිසට තමන්ගේ අත සෙවනැල්ලක් වෙන්න ඕන කියන එක.මේ වියදම් එයාලගේ පඩියෙන් හෝ මොකක් හරි ක්‍රමයකින් කපා ගන්න ඕන කියන එක.
      ලංකාවේ නිදහස් අධ්‍යාපනය රැකගන්න ඕන කියන තැන ඔබ පමනක් නෙවෙයි අපිත් ඉන්නවා.ඒ වෙනුවෙන් කතා කරනවා.අපිත් අද මෙතන ඉන්නේ නිදහස් අධ්‍යාපනයට පිංසිද්ද වෙන්න.හැබැයි නිදහස් අධ්‍යාපනය සුරකින්න පෙනී හිටිනවා කියන්නේ අනෙක් ළමයින්ට ඉගෙන ගන්න (මුදල් ගෙවා හෝ) තියෙන අයිතියට අකුල් හෙලන එක නෙවෙයි! වරප්‍රසාද වෙනුවෙන් අපි හවුලේ සටන් කරමු.තව කෙනෙක්ගේ මූලික මිනිස් අයිතීන් උල්ලංඝනය නොකර.

      Delete
  5. වටිනා ලිපියක්..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සචිත්!

      Delete
  6. සබිත් මම මේ ගැන නැවත කතා නොකරන සිතා සිටියත් ඔබගේ ලිපියක් නිසා මෙහෙම කියන්නම්. මට නම් දැන් මේ මගුල එපා වෙලා. කියන එක දෙයක්වත් ශිෂ්‍ය ප්‍රජාවවත්, ගුරු ප්‍රජාවවත්, දේශපාලන ප්‍රජාවවත් කිසියම්ම විදියකට තේරුම් ගන්නේ නැහැ. ඔබ සිටින බංගලිදේශයට, නේපාලයට පුළුවන් නම් ඇයි අපිට බැරි නිසි විදියට පෞද්ගලික විශ්වවිද්‍යාල පිහිටුවන්න. මෙතැන තියන්නේ, කම්මැලිකම, කුහකකම්, සහ ඊෂ්‍යාව වෙන මුකුත් නෙමේ.
    මම නැවතත් කියනවා. නිසි නියාමනයකට යටත් වන පෞදග්ලික වි. වි. පිහිටවන්න බැරි වුනොත් අපේ රටට දෙවියන්ගෙම පිහිටයි.

    ReplyDelete
    Replies
    1. පැහැදිලිවම..යටිතල පහසුකම් අතින් උනත් නොදියුනු මේ වගේ රටකට පුලුවන් නම් ලංකාව වගේ රටකිනුත් අවුරුද්දට 120ක් ගෙන්න ගන්න අපේ රටට බැරි වෙන්න කොහෙත්ම ඉඩක් නෑ..දැනටමත් මාලදිවයින වගේ රටවල් වලින් ඇවිත් ලමයි උසස්පෙල හදාරනවා ලංකාවේ ජාත්‍යන්තර පාසල් වල.ඔවුන්ව උනත් අපිට රඳවාගන්න පුලුවන් කිසි අමාරුවක් නැතුව. නිසි නියාමනය හරි වැදගත්.මෙහෙ වෛද්‍යවිද්‍යාල ගැන කතා කරනවා නම් එයාලට පිස්සු නටන්න බැහැ.සියලුම පෞ.වෛ.විද්‍යාල වාගේ රජයේ වෛද්‍ය විද්‍යාලයකට අනුබද්ධ වෙලයි තියෙන්නේ.ඒ විභාගම තමයි මෙයාලත් සමත් වෙන්න ඕන. ඒ විදියට නියාමනයක් තියෙනවා නම් කොලිටිය ගැන කාටවක් වචනයක් කියන්න බැහැ.

      Delete
  7. අපි ජිවත් වෙන්නේ තුන් වෙනි ලෝකේ සංවර්දනය වෙමින් පවතිනවයි කියන රටක. රටක් සංවර්ධනය කරන්නනම් මුලිකවම ගොඩ නගන්න ඕන ඒ රටේ අධ්‍යාපනය. ලංකාවේ බලයට අපු හැම රජයම කලේ දීර්ගකාලීන වැඩ පිළිවෙලවල් නෙවෙයි. එකයි අද රට මේ තරම් නය වෙන්නේ. ඒ වෙන මොකක්වත් නිසා නෙවෙයි එහෙම වැඩපිළිවෙලකට ගියාම එකේ ප්‍රතිපල එනකොට රට පාලනය කරන්නේ වෙන ආණ්ඩුවක්. ඉතින් හැම ආණ්ඩුවම නය වේවි සංවර්ධනය කියලා පැලැස්තර ටිකක් අලවනවා. ඉතින් හැමදාම නය ගන්න වෙන්නේ ආණ්ඩුවේම අය විජාතික දේශද්‍රෝහී බලවේග කියලා පට්ට ගහන මුලය ආයතන වලින්ම තමයි. ඉතින් එයාල නය නිකන් දෙන්නේ නැනේ. අපි කවුරුහරි කාටහරි නායක දෙනකොට ඒ නය අයිත ගෙවන්න පුලුවන්ද කියලා බලලානේ දෙන්නේ. ඒ වගේම තමයි. එයාලා අපිට නය දෙන්නනම් ය වය පරතරය අඩු කරන්න වෙනවා. අදායමට වැඩ වියදම් තිබුනම නය ගෙවන්න බැරි නිසයි එහෙම කොන්දේසියක් දන්නේ. ඉති එකට ආණ්ඩුවෙන් කරන සුභසාධන වියදම් (අධ්‍යාපන, සෞඛ්‍ය) කපන්න කියලා තමයි ඒ නය දෙන ආයතනවලින් කියන්නේ. දැන් මේ ප්‍රශ්න පත්‍ර වැරදීම්, ප්‍රතිපල වැරදීම්, පෙළපොත් වැරදීම්, කියන්නේ හුදකලා සිදුවීම් නෙවෙයි. ඔයාලම හිතල බලන්න දැන් අපේ රටේ අධ්‍යාපනය ගැන විශ්වාසය තියන්න පුලුවන්ද කියලා. අමාරුයි නේද? අපිටම අපේ අධ්‍යාපනය එපා කරවලයි දැන් තියෙන්නේ. දවස් 6 ට 1 පාසලක් අද වැහිලා යනවා. පුද්ගලික විශ්වවිද්‍යාල මේ රටට ගෙන්න දගලන්නේ ඔය කියන විශ්වවිද්‍යාල යන්න බැරිවෙන 80% ගැන දුකින් නෙවෙයි. එහෙමත් නැතිනම් පිටරට විශ්වවිද්‍යාලවලට වය වෙන විදේශ මුදල් රටේ රදවගන්නත් නෙවෙයි. අවුරුද්දකට සිනි ගෙන්නන්නත් ඊට වැඩිය ගොඩාක් වියදම් කරනවා. රජයේ විශ්වවිද්‍යාල වලට ලබා දෙන ප්‍රතිපාදන වැඩි කරනම් ඔය ඉතුරු වෙන 80%ත් ගන්න පුළුවන්. එතනයි අපි දකින්න ඕන. නැතුව තැන් තැන් වල දන උපදී කඩ ගැන නෙවෙයි.

    ReplyDelete
    Replies
    1. ඔබේ අදහසේ මුල් භාහය හා එකඟයි.. අධ්‍යාපනයට තව මුදල් වෙන්කලා කියලා ඉතුරු 80%ත් ඇතුලට ගන්න පුලුවන් කියලා ඔබ විශ්වාස කරනවා නම් ඒක මුලාවක්. පෞද්ගලික විශ්ව විද්‍යාල එපා නම් ඊ ලඟට කරන්න තියෙන්නේ රජයේ විශ්ව විද්‍යාල තුලට මුදල් ගෙවා ඉගෙන ගන්න ළමයි ඇතුලත් කර ගැනීම.. එතකොට ඒ ලැබෙන මුදලින් තවත් බැරි ළමයෙකුව ඇතුලට ගන්න පුලුවන්..නමුත් මේ විකල්පයටත් වත්මන් ලාංකීය සිසුවා අකමැතියි! මොකක්ද මේක පිටිපස්සෙ තියෙන තාර්කික බව? පැහැදිලිවම තමන් පමනක් භුක්ති විඳින්න ඕන කියන සංකල්පය නෙවෙයිද?

      Delete
    2. ඇයි සාබිත් එහෙම කියන්නේ?? උසස් අධ්‍යාපනයට වෙන් කරන්නේ අධ්‍යාපනයට වෙන් කරන මුදලෙනුත් ඉතා කුඩා කොටසක් නේද? මට මතක විදිහට රටේ දෙශීය නිශ්පාදිතයෙන් 0.27%ක් වගේ තමයි.ඉතිං මේ ගාණ දෙගුණයක් කළොත් දැං ගන්න ගාන වගේ දෙගුණයක් ගන්ඩ බැරිද?එක පාර බැරිවෙයි.ඒත් පාරවල් හදන වෙලාවේ රටේ ළමයින්ට ආයෝජනයක් කරන්ඩ ආණ්ඩුව පොළඹවා ගන්ඩ නෙමෙයිද උත්සාහ කරන්ඩ ඕනෙ.

      ඒ වගේම සාබිත් අපේ රටේ සාමාන්‍ය පෙළ සමත් වෙන්නෙත් 50%ක් විතර කට්ටියක්නේ.ඒ අය ගැනත් කතා කරන්ඩ ඕනෙ නේද?ඒ අයට ඉගෙන ගන්ඩ ඔය ක්‍රමේ සෑහෙනවද?මොක්ද උ/පෙ වගේ නෙමෙයි සා/පෙ අසමත් වෙන්නේ ගොඩක් දුෂ්කර පැතිවල ඉන්න හොඳ ඉස්කෝලවලට යන්ඩ අමාරු ළමයි.එතකොට ඒ අයට පුද්ගලික අධ්‍යාපනෙන් සේවයක් වෙනවද?

      Delete
    3. මුදල් දෙගුන වූ පමනින් ඇතුල් කරගන්නා අය දෙගුනයක් වේවි කියලා තමංවම මුලා කරගන්න එපා දිනුක.නිකං හරි අපි නිකමට හිතමු වෛද්‍ය පීථයට ඇතුල් කරගන්න අය දෙගුනයක් කරන්න යනවා කියලා.එතකොට මුලින්ම රෙද්ද උස්සන් එන්නේ GMOA එකයි දැන් ඉන්න විශ්ව විද්‍යාල ශිෂ්‍යයොයි තමයි. මේ සමාජය යන්නේ සිස්ටම් එහෙකට.සිස්ටම් එක වෙනස් කිරීමෙන් තමන්ට තර්ජනයක් වේගෙන එනවා කියලා තේරුන ගමන් ඒ සිස්ටම් එකේ රන් වෙන අයම තමයි ගේම අදින්නේ!
      පැහැදිලිවම අධ්‍යාපනය උදෙසා වෙන් කරන මුදල තව වැඩිවෙන්න ඕන.පර්යේෂන සඳහා මුදල් වැඩියෙන් යොදවන්න ඕන.ඒ ආයෝජනයට රජය පොලඹවන්න ඕන.ඒක ගැන ආයි විවාදයක් නෑ.මං FUTA එකට සහය පලකරන්න තීරණය කලෙත් ඒකයි.

      සා/පෙල අසමත් වෙන තරුණයන්ට උඹ කියන ක්‍රමේ තුල වැඩපිලිවෙලක් තියෙනවද?? මේ ක්‍රමේ නොසෑහෙන්න පුලුවන් ,හැබැයි හදලා ගන්න පුලුවන්. දැනටත් ටෙක්නිකල් කොලීජි වගේ කාර්මික පුහුනු ආයතන පෞද්ගලික අංශයෙනුත් ක්‍රියාත්මක වෙනවා.
      උඹෙයි මගෙයි වාදෙ ඉවරවෙන එකක් නෑ වගේ බං! :D 'මගුලෙන් හෙලාලු කප උගුල්ලන්නට බැරුවාසේ' වගේ තමයි එක මතයක් තදින් විශ්වාස කරන කෙනෙකුගේ මතය වෙනස් කරන එක.ඒ නිසා මේවගේ ලිපි වටින්නේ නිදහස් මතධාරීන්ට! :)

      Delete
    4. ඒ අය ඒ විදිහට රෙද්ද උස්සගෙන එන්ඩත් හෙතුවක් තියෙනවා නේද? රජයම කියනවා ඒ අයට තව දුරටත් රැකියා දෙන්ඩ බෑ කියලා.රජයට වෛද්‍යවරුන් බඳවා ගැනීම මේ අවුරුද්දේ නවත්තනවා ලබන අවුරුද්දේ නවත්වනවා කිය කියා අනතුරු අඟවනවා.ලංකාවට වෛද්‍යවරු මදි තමයි.නමුත් ඔවුන් රැකියාවට බඳව ගන්ඩ රජය අසමත් නම් මොකද කරන්නේ?පුද්ගලික සේවයට ඔවුන් යොමු කිරීමෙන් පලක් තියෙනවද? ලංකාවේ ඝ්ඵ් ලා ලඟට හැර නිශ්චිත ප්‍රථිකාරයක් සඳහා පුද්ගලික අංශයට යොමු වන්නේ කීයෙන් කී දෙනාද?

      සිස්ටම් එකේ අවුලක් නෙමෙයි තියෙන්නේ අර්ථ විරහිතව අතිරික්තයක් නිපද වීමට වඩා රටේ අවශ්‍යතාවටයි කම්කරුවන් බිහි කරන්ඩ ඕනේ.

      ටෙක්නිකල් කොලේජ් වැනි ආයතන පුද්ගලික අංශයෙන් ක්‍රියාත්මක වෙද්දි රජයේ ඒවාට වෙලා තියෙන දේ බලන්න.මම කවුරුවත් අධ්‍යාපනය ලබනවාට විරුද්ධ නෑ.නමුත් පුද්ගලික අධ්‍යාපනය හමුවේ නොමිලේ ලබා දෙන රජයේ අධ්‍යාපනයට පවතින්න බෑ.ඒක පවත්වගෙන යන්ඩ දෙන්නේ නෑ.හිතන්ඩ හෙට ඉඳං රජයේ ප්‍රවාහන සේවය (බස් සහ කෝච්චි ) නොමිලේ ලබා දුන්නොත් ප්‍රයිවට් බස් කාරයෝ මොනවා නොකරයිද?

      මම තද මතයක නෑ.මුලින් මමත් හිටියේ පුද්ගලික විශ්ව විද්‍යාල නැතුවම බෑ කියන මතයේ.ඒත් මිනිස්සු ලාභය වෙනුවෙන් කරන දේවල් දැක්කම මගේ මතය වෙනස් උනා.

      Delete
  8. ඔය නිදහස් අධ්‍යාපනය නැති රටවල අධ්‍යාපන මට්ටම, අපේ වගේ නිදහස් අධ්‍යාපනය තියෙන රටවල් කිහිපයට වඩා හැම අතින්ම පසුපසින් සහ පහලින්ද තියෙන්නෙ කියන මෝඩ අදහස මගෙ ඔලුවට නිකම්ම ආවා. එතකොට ලෝකෙ ඉහලින්ම තියෙන විස්ස විජ්ජාල පහක් ගත්තොත් ඒවත් ආණ්ඩුවේ ඒවද කියන ඊටත් වැඩි මෝඩ අදහසත් ඊට පස්සෙං ආවා.
    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
    Replies
    1. මේකනේ සහෝදරයා, ඔය කියන රටවල්වල තමුන්ට පොඩි රස්සාවක් කරලා ඒ සල්ලිවලින් අධ්‍යාපනය කරගන්ඩ පුළුවන්.අපේ රටේ එහම තත්ත්වයක් තියෙනවද?ඒ රටවල්වල අධ්‍යාපනය කඩාගෙන වැටුනේ නැති උනාට අධ්‍යාපනය ලබන්නේ සීමිත පිරිසක් විතරයි කියන එකට ඔබ එකඟ වේවි.වෛද්‍ය අධ්‍යාපනය ලබන්න මුදල් සොයාගන්ඩ මුදල් ඔට්ටුවට කාඩ් ක්‍රීඩා කරන තරුණයෙක් ගැන කියැවෙන 21 කියන සත්‍ය කතාවක් පාදක වූ චිත්‍රපටය ඔබ දැක ඇති.

      Delete
    2. කුඩා රැකියාවන් වල නිරැත වෙනවාට වඩා එහේ තියෙන්නේ students loan scheme එකක්. එයාලා හම්බකරන කාලෙක වාරික වශයෙන් පඩියෙන් කැපී යනවා. වෛද්‍ය වෘත්තීය වගේ ඒවායේ සීමිත පිරිසක් නිරතවෙන්න හේතුව ඒවා හදාරලා stable වෙන්න ගත වෙන කාලය සහ ඒ විභාග සෑහෙන්න අමාරු වීම.

      Delete
    3. ශිෂ්‍යයින්ට ණයක් ලබා දීම ලංකාවෙත් ඒ දවස්වල සිද්ධ උනා කියලා මම අහලා තියෙනවා.නමුත් කට්ටිය ණය නොගෙවා රට පනින්ඩ ගත්තම මේ ක්‍රමේ නවත්තලා මහපොළ පටං ගත්තලු.

      වෛද්‍ය වෘත්තියේ පහළ පන්තිවල ළමුන් නොයෙදෙන්නේ ඒක ඒ අයට අයිති නැති ඔවුන්ගෙන් දුරස් යමක් ලෙස සළකන නිසා බව එංගලන්තයේම කරන ලද සමීක්ෂණයක දී හෙලි වූ බව ලිපියක කියැවීමි.අවාසනාවට ඒ කොහේ දැයි මතක නැත.

      Delete
  9. මට නම් මේවා එපා වෙලා තියෙන්නේ.මේ රටේ හැමදාම මොකක් හරි අංශයක දැවැන්ත ප්‍රශ්නයක්.මේවයින් තැලෙන්නේ අසරණ රට වැසියෝ.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි නිශාන් අදහසට!

      Delete
  10. නිසි පාලනයක් සහ ප්‍රමිතියක් යටතේ පෞද්ගලික විශ්වවිද්‍යාල ඇති කිරීම තමයි දැන් කරන්න තියන හොඳම වැඩේ. මෙහෙම කිව්වට මොකද අමතක කරන්න එපා ලංකාවේ දැනටමත් පෞද්ගලික උපාධි ලබා දෙන ආයතන මහා ගොඩක් තියන බව. ඒවගෙන් ගුණාත්මක බවින් යුතු සිසුන් පිරිසක් බිහි කරනවා.ඒ ගැන දෙන්න පුළුවන් හොඳම සහතිකය තමයි ඒවායේ උපාධි ගත්ත අය මහ ගොඩක් ලංකාවේ වගේම විදේශ රටවලත් වැඩ කරන එක.
    අලුත් හැම දේම නරකයි කියල බයේ ඉන්න එක නෙවෙයි කරන්න තියෙන්නේ අපේ රටට ගැලපෙන විදියට හැඩගස්වා නිසි ප්‍රයෝජන ගන්න එක. බන්ගලිදෙසේට පුළුවන් නම් අයි අපිට බැරි.

    ReplyDelete
    Replies
    1. පැහැදිලිවම. රජයේ එවාට වඩා පෞද්ගලික අංශ ගුණාත්මක බව ගැන සැලකිලිමත්. එයාලගේ කොලිටිය අඩුවෙනවා කියන්නේ එයලට තියෙන පිලිගැනීම අඩුවෙනවා කියන එක.

      Delete
  11. විකුණුවා නේ ආචාර්යවරු ටික ගේම??????

    ReplyDelete
    Replies
    1. ඒක නේන්නම්. 6% යථාර්තයක් නෙවෙයි කියන එක මං දැනං හිටියා.. ඒක එක පාර ගහෙං ගෙඩි එනවා වගේ දෙන්න බෑ. ක්‍රමානුකූලව වැඩිකරගෙන ආවොත් මිසක්. සටන අත් හැරලත් නැතිලු.වර්ජනය කරන්නෙත් නැතිලු. හරියට අර සන්නස්ගල උන්නැහෙ 'බාර ගන්නෙත් නෑ,ප්‍රතික්ෂේප කරන්නෙත් නෑ' කිව්වා වගේ තමයි!

      Delete
    2. හරිය‍ට හරි. 6% නෙමෙයි පුරස්නේ. තමන්ගේ මල්ලේ ප්‍රමාණය තමයි වැදගත්. 6% අදහස හොදයි. නමුත් ඒක ප්‍රායෝගික නැහැ. ඔබ නොදන්නවා උනාට සබිත් ලංකාවේ සියළුම විශ්වවිද්‍යාලයන් තමන්ගේ වියදමින් කොටසක් උපයාගත යුතු බවට, මුදල් උපයන පාඨමාලා ආරම්භ කළ යුතු බවට ගිය වසරේදි කෝප් එකෙන් කියල තියෙනවා. සාමාන්‍ය ජනයාට ඔය ප්‍රශ්නය තිත්ත වෙලා තියෙන්නේ. දරුවෝ ගෙවල් වල ති‍යාගෙන ඉන්න එක මොනතරං බරක්ද? ඔන්න ඔය ගැන දේශකයාගේ අදහස් ඔබ එකග වෙනවද මන්ද අවශ්‍යකම් බලන්ට පුළුවන්. 6%, වර්ජනය

      Delete
    3. ස්තුතියි දේශකයා අදහසට.. ඔව් පැහැදිලිවම ලංකාවේ විශ්ව විද්‍යාල revenue generation කරබ තැනට ගේන්න ඕන. ඒ සඳහා කරන්න පුලුවන් හොඳම දේ තමයි ලාංකීය රාජ්ය විශ්ව විද්‍යාල තුලට මුදල් ගෙවා ඇතුල්වී හදාරන්න පුලුවන් වැඩපිලිවෙලක් හදන එක. ඒ තුලින් ලබන ආදායම තුලින්ම පුලුවන් සරසවි වල පහසුකම් වැඩි කරගෙන නිදහස් අධ්‍යාපනය තුලින් ඇතුලට ගන්න කෝටාවත් වැඩි කරගන්න.. හැබැයි මං ලිපියේ සඳහන් කලා වගේ ඒකටත් වත්මන් ලාංකීය සරසවි සිසුවාගේ මනාපයක් නෑ!

      Delete
  12. හොඳ ලිපියක් සාබිත්...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි කියවලා කොමෙන්ට් ට්කක් දාලා ගියාට :)

      Delete
  13. හොද ලිපියක්. ඒ වගේම වටිනා සංවාදයක් සිදු වෙලා තියෙනවා. පහළ සංවාදයෙන් අපට ඔප්පු කරලා පෙන්නනේ ලංකාවේ අධ්‍යාපන ක්‍රමය පිළිබදව පොදු මහජනතාව අතරේම පවතින විසංවාදී තත්වයන් සහ ආකල්ප. අපි හැමෝම නිදහස් අධ්‍යාපනය නිසා ඉගෙනගත්තු දරුවෝ --නමුත් වෙනස් වෙන ආර්ථික ,,සමාජ ප්‍රවණතාවයන් එක්ක අපි ඉස්සරහට යන්න ඕනෙ. ලංකාවෙ ඉන්නවා තම්න්ගෙ දරුවගෙ අධ්‍යාපනය වෙනුවෙන් මිලියන ගණනි වියදම් කරන බොහෝ පිරිසක් ..සිදුවිය යුත්තේ ඒ වගේ අයට මිළට ගත හැකි අධ්‍යාපන සෙවාවන් නිවරදි අධීක්ෂනයන් යටතේ පිහිටුවීම ..ඉන්පසුව එම ආදායම් වලින් නිදහස් අධ්‍යාපනික සේවාවන් තවත ගුණාත්මක කිරීමට කටයුතු කිරීම ..හොද ලිපියක් ,,මෙවනි සංවාදයන් මතු කිරීමට උත්සාහ දැරීම ඇත්තෙන්ම හොදයි.

    ReplyDelete
    Replies
    1. මගේ ලිපියේ සාරාංශය හරියටම ඔබ දක්වලා තියෙනවා.. පැහැදිලි අදහසක් කෙනෙක්ට ගන්න පුලුවන් වෙන්නේ ගුණාත්මක සංවාදයකින් කියන එකයි මගේ විශ්වාසය. කියවන කෙනා තරාදියේ දෙපැත්තට දාලා තීරණය කරාවි මොන පැත්තද බර කියලා.ඒකට ඒ පුද්ගලයට අවස්ථාව සලසලා දෙන්න ඕන.ඒ දේ වෙන්නේ හොඳ සංවාදයක් තුලින්. බොහොමත්ම ස්තුතියි අදහසට!

      Delete
  14. 'නිදහස් අධ්‍යාපනය වරප්‍රසාදයක් උනාට අධ්‍යාපනය කියන්නේ අයිතියක්..
    රාජ්‍ය හෝ පෞද්ගලිකව හෝ ඒ දේ ලබා ගන්න හැමෝටම සම අවස්ථාවක් තියෙන්න ඕන..'

    හ්ම්ම්..ඔව් පිලිගන්නවා.
    අපූරුයි අර උඩම තියන රූපයත්..:)
    මිතුරු බ්ලොගයටත් ගොඩවුනා..
    ජයම වේවා සහෝ!

    ReplyDelete
    Replies
    1. ඔයා විතරයි ඒක නෝට් කරලා තියෙන්නේ :) මගේ යාලුවෙක්ගෙ ගැජමැටික් එකකින් මංම තමයි ඇන්දේ..බොහොම ස්තුතියි හිරුහිමා!

      Delete
  15. ඔබගේ අදහස් සමග එකඟයි. නිවහල් මනසකින් ප්‍රශ්නය දෙස බලා තිබෙනවා. ස්තුතියි ඔබට
    :)

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අදහසට

      Delete
  16. ඔයාගෙ දැනුමේ තරම මෙන්න මේ "මං තවම බදු නොගෙවමි" සිඟිති ප්‍රකාශයෙන්ම එළියට එනවා සහෝ , කොටින්ම කිව්වොත් ඔය ඇදන් ඉන්න යට ඇදුමට වියදම් කරපු මුදලෙනුත් කොටසක් ඔයා නිදහස් අධ්‍යාපනයට ගෙවනවා කියලා මං කියනවා. පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ගැනත් ඔයාගෙ සිඟිති තර්ක වලට මං උත්තර බැන්දා මට මතකයි. කරුණාකර දෙයක් කියනකොට හොදට ඒ ගැන විපරම් කරලා කරුණු දැනගෙන කියන්න, ජය !

    ReplyDelete
    Replies
    1. 'මං බදු නොගෙවමි' ප්‍රකාශය තුල තියෙන අර්ථය තේරුම් ගැනීමට නොහැකිව සිඟිති කතාවක් යැයි කියනා ලොකු අයියාට කියන්න තියෙන්නේ මං අඳින යට ඇදුමටත් ගෙවන්නේ මගේ තාත්තා.ඒ නිසා ඒ බද්ද ගෙවන්නෙත් මගේ තාත්තා.ඒ මට තවම අදායම් මාර්ගයක් නැති නිසා හා මං ජීවත් වෙන්නේ මගේ තාත්තාගේ සල්ලි වලින් නිසා.ඒ නිසා 'මං තවම බදු ගෙවන්නේ නෑ..' හැබැයි මගේ පියා බදු ගෙවන්නේ නෑ කියලා මං කියලත් නෑ.මං අඳින යට ඇදුමෙනුත් කොටසක් අධ්‍යාපනයට යන බව මං ඉස් මුදුනින් පිලිගන්නවා.ප්‍රකාශය විනිවිද දකින්න ඔබට බැරිවීම ගැන මාගේ කනගාටුව!ඔබ මගේ ලිපි නිතර කියවන බව පේනවා.ඔබේ මතයට ගරු කරනවා කරනවා.ඔබේ මතය දැරීමේ අයිතිය ඔබට තියෙනවා.හරවත් සංවාදයක් ගොඩ නගන්න ඔබ වැන්නන්ගේ අදහසුත් වැදගත්.. උත්තර බඳින්න නැවතුනාට බොහොම ස්තුතියි!

      Delete
  17. අපි පෞද්ගලික විශ්වවිද්‍යාල වලට විරුද්ධ ඒවට යන්න තියෙන මුල්ම සාධකය අම්මලා තාත්තලාට කුඩු විකුණලා හරි සල්ලි හොයන්න තියෙන හැකියාව කියලා මං කියනවා. කොච්චර මොළේ තිබ්බත් සල්ලි නැත්තම් පෞද්ගලික විශ්ව විද්‍යාල වල දොරවල් ඇරෙන්නේ නැහැ. ගමේ සියාතුලගේ බුරම්පිලාගෙ පුතාලා කොච්චර දක්ශ උනත් එව්වා උන්ට හීන විතරයි. කොටින්ම සල්ලි හින්දා ළමයෙකුගේ අධ්‍යාපන අයිති අහුරන එකට තමා අපි විරුද්ධ.. මේකට උත්තරයක් ඔයාට තියේද ? මමත් හිටිය බස් එකකට දවසක් ජපුර කැම්පස් එකේ මල්ලියෙක් නැග්ගම මගේ එහා පැත්තෙ හිටිය මනුස්සයත් ඇදලා ගත්තා ඔහොම පෝරියල් එකක්. අන්තිමට මම අණ්ඩුවෙ කැම්පස් ටික මේ විදිහට වැහිලා ගියාම අංකල් මාසෙකට ගන්න 25 000 න් පුතාව ප්‍රයිවට් මෙඩිකල් ෆැක්ල්ටියකට යවලා දොස්තර කෙනෙක් කරන්න පුළුවන්ද ඇහුවම කට වහගෙන ආණ්ඩුවට බනින්න ගත්තා. ලංකාවෙ වැඩි හරියක් මිනිස්සු මහ කුහක ඊර්ශ්‍යාකාර හැත්තක්. අපි උගුරේ ලේ රහ වෙනකන් කෑ ගහලා දිනාගන්න හදන්නේ මේ මනුස්සයොන්ගේ දරුවොන්ගේ අධ්‍යාපන අයිතිය කියලා මේ මී හරක්ට තේරෙන්නෙ නෑ ! ( චතූ )

    ReplyDelete
    Replies
    1. පෞද්ගලික විශ්ව විද්යාල අරඹන්න ඕන නිදහස් අධ්‍යාපනය කබාසීනියා කරලා නෙවෙයි.මේ දෙක සමබරව සමාන්තරව ගෙනියන්න ඕන කියලයි මං කියන්නේ.'පෞද්ගලික විවි ඇතිවීම කියන්නෙ නිදහස් අධ්‍යාපනයේ මලගම තමයි' කියන එක අනිසි බියක් විතරයි.ලංකාවෙන් එලියට බෙල්ල දාල බැලුවොත් මේ දෙක සමාන්තරව ගෙනියන රටවල් ඕනෑ තරම් මං දන්නවා.මං අත් දකිනවා. බුරම්පිලාගේ පුතාලා සියාතුලගේ පුතාලට යන්න රජයේ විශ්ව විද්යාල තවම තියෙනවා.නිදහස් අධ්‍යාපනය නවත්තන්න කියනවා නෙවෙයිනේ.ඒවට තියෙන ඉල්ලුම වෙන කවරදාකටම වඩා එහෙමම තියෙනවා.ඒවට යන්න බැරිවෙන අය අරවට යන්න උත්සහ කරනවා.ඔබගේ මතයට ගරු කරනවා සහ එය දැරීමේ අයිතිය ඔබට තියෙනවා.බොහොමත්ම ස්තුතියි අදහසට. :)

      Delete
  18. පහුගිය ටිකේ කාර්‍යබහුල උන නිසා එන්න ප්‍රමාද වුනා.
    ඔය මාතෘකාව ගැන කතා කරන්න මගේ දැනුම මදි මම හිතන්නෙ.
    පෞද්ගලික විශ්ව විද්‍යාල ගැන කතා කලොත්,
    මුදල් බලය සහිත එවැනි ආයතන රටේ නිදහස් අධ්‍යාපනය ගිල නොගන්නා ලෙස පාලනය කිරීමට තරම් ශක්තිමත් බුද්ධිමත් පාලනය ක්‍රමයක් තවම රටේ නෑ ( ප්‍රධාන විභාග 3 තියා ගන්න බැරි පාලන ක්‍රමයක් මුදලට යට නොවී පෞද්ගලික අංශයක් කෙසේ පාලනය කරාවිද )
    ඒ නිසා මට කියන්න තියෙන්නෙ පෞද්ගලික විශ්ව විද්‍යාල යනු යකෙකි, යකුන් බැඳ ගෙන වැඩ ගත හැක. මේ එසේ කල හැකි යුගයක් නොවේ. ඒ නිසා නිදහස් අධ්‍යාපනය යකාට බාර දී විනාශ නොකර. පළමුව යකා පාලනයට සුදුසු පාලන යාන්ත්‍රනයක් හා පාලකයන් ඇති කල යුතුය.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ගිමන්!

      Delete
  19. මේ වගේ සංවාදයන් තීරණ ගන්න ඇත්තන්ට පේනවා නම්..
    ප්‍රජාතන්ත්‍රවාදය නැති සිවිල් සමාජයට හඬක් නැති රටක මේ වගේ සංවාදවලින් කරන්න පුළුවන් දේ සීමිතයි සබිත්..

    ReplyDelete
    Replies
    1. ඒ තරම් අපේ පාලන තන්ත්‍රය පරිණාමිකව දියුනුයි නම් මොනා කරන්න බැරිද අක්කේ. එයාලට කෙසේ වෙතත් ස්වයං තීරණයක් ගන්න බලං ඉන්න කෙනෙක්ටවත් මේ වගේ සංවාදයක් වැදගත් වෙන්නේ නැතෑ!

      Delete
  20. යම් පුද්ගලයෙකුට යමක් ලැබිය යුතු නම්, අයිතියක් කියලා කියමුකො.. ඒක අනිවාර්යෙන්ම ලැබිය යුතුයි. ඒක වලක්වන්න මටවත්, ඔයාටවත්, කාටවත් බැහැ. එහෙම කරනවනම් ඒක නිකන් කුහකකමක් වගේ දෙයක්. රාජ්ය විශ්ව විද්යාල වරප්‍රසාදය ලැබෙන උදවියට ඒ අයිතිය භුක්තිවිදින්න දෙන්න ඔනා.(වරප්‍රසාදයක් කෙනෙකුට ලැබෙන්න තියනවනම්, ඒක එයාට ලැබෙන්න ඔනා. ඒකයි අයිතිය කියලා කිව්වෙ) ඔය කියන වරප්‍රසාදය ලැබෙන නැති අයට, අධයාපනය කියන අයිතිය පෞද්ගලිකව හරි ලබාගන්න ඉඩ දෙන්න ඔන. ඒ අය කරන්න යන්නේ ගංජා බිස්නස් එකක්වත්, මිනීමැරුමක් වත් නෙමෙයි ඉගෙනගන්න එක. ඒක රජය විසින් නියාමනය විය යුතුයි. රටෙ තියෙන නීති පද්ධතිය විසින් හැමොන්ගෙම අයීතීන් සුරක්ශිත වෙනවද කියල සොයා බැලිය යුතුයි.
    අනිත් පැත්තෙන් රාජ්ය විශ්ව විද්යාල පෞද්ගලික අංශ සමග ගුණාත්මක බාවය පිලිබදව තරගයකට මුහුන දෙන්න ලෑස්තිවෙලා ඉන්න ඕනා.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මිත්‍රයා අදහසට!

      Delete

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...