Friday, December 27, 2013

අනාගතයට ගිහින් ආපහු ජීවිතය දිහා හැරිලා බලමු! Things You’ll Regret When You’re Old!

සිංහල බ්ලොග් අවකාශය පරිශීලනය කරන බහුතරයකගේ වයස් සීමාව දිහා බැලුවහම බහුතරයක් තරුණ වයස් සීමාවේ සිටින අය බව පේනවා. ජීවිතයේ බොහෝ දේවල් වෙනස් කරගත හැකි වයස් සීමාවක් මේක.. 

ජීවිතයේ සතුට කියලා හිතාගෙන අපි හඹායන බොහොමයක් දේවල් ලඟ කරගත්තු දවසක ආපසු හැරිලා බලද්දි අපිට හිතෙන්න පුලුවන් සැබෑ සතුට තියෙන්නේ ඒ ලඟ කරගත්තු දේ තුල නෙවෙයි,ඒ දේ හඹා යන ගමනේදී අපි මග හැරලා ගිය ඒ පුංචි පුංචි දේවල් තුල කියලා. ඇත්ත.. ජීවිතය භෞතික ඉලක්ක වලට ගැටගහලා ඒවා හඹා යන ගමනේදී අපිට පුංචි පුංචි දේවල් ගොඩක් මග හැරිලා. ඒ දේවල් ලඟා කරගෙන පොඩ්ඩක් නැවතිලා ජීවිතය විඳින්න අපි සූදානම් වෙද්දි ගොඩක් වෙලාවට අපි පරක්කු වැඩියි. එක්කෝ අපි වයසට ගිහින්. එක්කෝ සෞඛ්‍යය පිරිහිලා. එක්කෝ අපි එක්ක එදා හිටිය උන්ගෙ ඇඩ්‍රසුත් නැහැ. ජීවිත ගමනේදී උන්ව අපිට මග ඇරිලා. ඒ නිසාම තමයි ජීවිතයේ අරමුණක් තියා ගන්න ගමන්ම ජීවිතයේ පුලුවන් හැම මොහොතක්ම අපි විඳින්න ඕන. (Enjoying the moments).. 

අර ඉස්සර අපේ ටීචර්ලා කියනවා මේ ටික හොඳට මහන්සි වෙයන් කැම්පස් ගියාම ගොඩ කියලා. කැම්පස් ගියාම කියනවා මේ අවුරුදු 4 හොඳට කට්ට කාලා ගොඩ දා ගනින් ඊට පස්සෙ ජීවිතේ ගොඩ ගියලා.. එතනින් එලියට ගියාම රස්සාව.. ඊට පස්සෙ ප්‍රොමෝෂන් වලට මහන්සි වෙනවා. ඊට පස්සේ බඳින්න ඕන.. වාහනයක්..හවුසින් ලෝන්.. ළමයි..ඉස්කෝල... මේක මිරිඟුවක්..  පවතින සමාජ ක්‍රමය තුල මේ රැල්ලට ගහගෙන යනවා ඇරෙන්න අපිටත් වෙන විකල්පයක් නෑ.. ඒත් මතක තියා ගන්න.. Enjoy the moments...
පහුගිය දොහක අන්තර්ජාලයේ සැරිසරද්දි මේ අපූරු ලිපිය මගෙ නෙත ගැටුනා..
මොකක් හරි හේතුවකට මගේ හිතට මේ ලිපිය තදින්ම වැදුනා.. මං මේ ගැන සෑහෙන්න හිතුවා..
මගේ ජීවිතයේ සමහර දේවල් වෙනස් කරගන්න හිතා ගෙන ඉන්නවා..
ඒ නිසාම තමයි මාස ගානකට පස්සේ ලිපියක් විදිහට මේක බ්ලොග් ගත කරන්න හිතුවේ!
ටිකක් දිගයි තමයි.. තියෙන්නෙ ඉංග්‍රිසියෙන් බවත් හැබෑව..ටිකක් අමාරුවෙන හරි කියවන්න..
කාටද කියන්න පුලුවන් ඔබේ ජීවිතය වෙනස් කරන ලිපිය මේක නොවේවි කියලා?
සමහර දේවල් නම් අපිට හරියන ඒවා නෙවෙයි.. ඒවා අත ඇරලා ගන්න පුලුවන් දෙයක් වේ නම් අරගන්න!

Photography වලටත් මං ටිකක් කැමතියි. ඒ තරම් හැකියාවක් නැති උනත් අඩු ගානේ අනික් අයගේ ලස්සන පොටො එකක් වත් රස විඳින්න කියලා හිතාගෙන මං Instagram ගිණුමක් විවෘත කලා.. අතරින් පතර මගේ නෙත් ගැටුනු ලස්සන දෙයක් වේ නම් ඒවත් බෙදා ගන්නවා..බලන්න/ follow කරන්න කැමති කෙනෙක් වේ නම්----> මෙතැනින්!


අන්තිම වෙනකම් කියවන අය ගොඩක් අඩුවෙයි කියල හිතෙන නිසා ;)

සුභ අලුත් අවුරුද්දක් වේවා! ඔබගේ සියලු යහපත් පැතුම් ඉටු වේවා!!!



37 Things You’ll Regret When You’re Old....

1. Not travelling when you had the chance.

Travelling becomes infinitely harder the older you get, especially if you have a family and need to pay the way for three-plus people instead of just yourself.


2. Not learning another language.

You’ll kick yourself when you realize you took three years of language in high school and remember none of it.


3. Staying in a bad relationship.

No one who ever gets out of a bad relationship looks back without wishing they made the move sooner.



4. Forgoing sunscreen.

Wrinkles, moles, and skin cancer can largely be avoided if you protect yourself.


5. Missing the chance to see your favourite musicians.

“Nah, dude, I’ll catch Nirvana next time they come through town.” Facepalm.


6. Being scared to do things.

Looking back you’ll think, What was I so afraid of?


7. Failing to make physical fitness a priority.

Too many of us spend the physical peak of our lives on the couch. When you hit 40, 50, 60, and beyond, you’ll dream of what you could have done.


8. Letting yourself be defined by gender roles.

Few things are as sad as an old person saying, “Well, it just wasn’t done back then.”


9. Not quitting a terrible job.

Look, you gotta pay the bills. But if you don’t make a plan to improve your situation, you might wake up one day having spent 40 years in hell.


10. Not trying harder in school.

It’s not just that your grades play a role in determining where you end up in life. Eventually you’ll realize how neat it was to get to spend all day learning, and wish you’d paid more attention.



11. Not realizing how beautiful you were.


Too many of us spend our youth unhappy with the way we look, but the reality is, that’s when we’re our most beautiful.


12. Being afraid to say “I love you.”

When you’re old, you won’t care if your love wasn’t returned — only that you made it known how you felt.


13. Not listening to your parents’ advice.

You don’t want to hear it when you’re young, but the infuriating truth is that most of what your parents say about life is true.


14. Spending your youth self-absorbed.
You’ll be embarrassed about it, frankly.


15. Caring too much about what other people think.
In 20 years you won’t give a damn about any of those people you once worried so much about.


16. Supporting others’ dreams over your own.

Supporting others is a beautiful thing, but not when it means you never get to shine.


17. Not moving on fast enough.

Old people look back at the long periods spent picking themselves off the ground as nothing but wasted time.


18. Holding grudges, especially with those you love.

What’s the point of re-living the anger over and over?


19. Not standing up for yourself.

Old people don’t take shit from anyone. Neither should you.


20. Not volunteering enough.

OK, so you probably won’t regret not volunteering Hunger Games style, but nearing the end of one’s life without having helped to make the world a better place is a great source of sadness for many.


21. Neglecting your teeth.
Brush. Floss. Get regular checkups. It will all seem so maddeningly easy when you have dentures.


22. Missing the chance to ask your grandparents questions before they die.

Most of us realize too late what an awesome resource grandparents are. They can explain everything you’ll ever wonder about where you came from, but only if you ask them in time.


23. Working too much.
No one looks back from their deathbed and wishes they spent more time at the office, but they do wish they spent more time with family, friends, and hobbies.


24. Not learning how to cook one awesome meal.

Knowing one drool-worthy meal will make all those dinner parties and celebrations that much more special.


25. Not stopping enough to appreciate the moment.

Young people are constantly on the go, but stopping to take it all in now and again is a good thing.


26. Failing to finish what you start.

“I had big dreams of becoming a nurse. I even signed up for the classes, but then…”


27. Never mastering one awesome party trick.
You will go to hundreds, if not thousands, of parties in your life. Wouldn’t it be cool to be the life of them all?


28. Letting yourself be defined by cultural expectations.

Don’t let them tell you, “We don’t do that.”


29. Refusing to let friendships run their course.

People grow apart. Clinging to what was, instead of acknowledging that things have changed, can be a source of ongoing agitation and sadness.


30. Not playing with your kids enough.

When you’re old, you’ll realize your kid went from wanting to play with you to wanting you out of their room in the blink of an eye.


31. Never taking a big risk (especially in love).

Knowing that you took a leap of faith at least once — even if you fell flat on your face — will be a great comfort when you’re old.


32. Not taking the time to develop contacts and network.

Networking may seem like a bunch of crap when you’re young, but later on it becomes clear that it’s how so many jobs are won.


33. Worrying too much.
As Tom Petty sang, “Most things I worry about never happen anyway.”


34. Getting caught up in needless drama.

Who needs it?


35. Not spending enough time with loved ones.

Our time with our loved ones is finite. Make it count.


36. Never performing in front of others.

This isn’t a regret for everyone, but many elderly people wish they knew — just once — what it was like to stand in front of a crowd and show off their talents.


37. Not being grateful sooner.

14 comments:

  1. උයන්ඩ නං බෑම තමයි මචං.කොහොමත් මම කෑම පස්සෙ එච්චර පන්නන්නැති හින්දා එච්චර අවුලක් නෑ.භාශා ඉගෙන ගැනිල්ලත් අන්තිම චොරයි.සිංහල නං හොඳට ඉගෙන ගත්තා.කඩ්ඩ යන්තං ෂේප් ඒත් මට හෙනම අමාරුයි භාශා ඉගෙන ගන්ඩ.නැත්තං කැමතියි ඉතාලි හරි ප්‍රංශ හරි ඉගෙන ගන්ඩ.
    අනිත් එව්වා බලද්දි සෑහෙන දුරට ෂේප් වගේ.කොහොමත් මචං ඉන්න ටිකේ ආතල් එකේ ඉන්න එක තමා මගෙනං තියරිය.හෙට ආතල් ගන්නවා අද කට්ට කාලා කියලා හිත හිත ඉඳලා අද හවසට මළොත් අපරාදෙනෙ.

    කාලෙකිං දැක්කේ.දැං ෆයිනල් ඉවරද බං?

    ReplyDelete
    Replies
    1. මේ පොඩි කොල්ලෝ කියන දේවල් ඇහුවම බයත් හිතෙනවනේ අපිටත්.
      උයන එක එච්චර අමාරු දෙයක් නෙමෙයි. බැරි වෙලා හරි උයන්න ඉගෙන ගත්තොත් හැබැයි ලෝකේ නැති ප්‍රශ්න වලට මුහුන දෙන්න වෙනවා. භාශා ඉගෙන ගැනීම නම් එක කාලෙක මගෙත් ලොකු උවමනාවකින් කල පස්සෙ කාලේ භාවිතය නැති හින්දා අමතකම වෙච්ච දෙයක්.
      පෝස්ට් එක ගැන කීවොත් මේ බොහෝ දේවල් පරක්කු වෙන්න කලින් කරන්න ඕනේ කියලා මම හැමදාම උදේට නැගිටිද්දි හිතනවා. ඒත් ක්‍රියාවට නංවන්නම ඕනේ නෑ නේ නේ ;)

      Delete
    2. :) මට දැනට 4ක් පුලුවන්.. ප්‍රංශ ඉගෙන ගන්න කැමැත්තක් තියෙනවා!

      දිනුක : ෆයිනල් year එක පටන් ගත්තා විතරයි බං!

      Delete
  2. සෑහෙන්න දවසකින්

    ReplyDelete
    Replies
    1. ඔව්! පාඩම් වැඩ එක්ක ඉස්සර වගේ අමාරුයි.. වෙලා තිබ්බත් එක්කෝ ලියන්න දෙයක් නෑ , නැත්නම් කම්මැලි! ;)

      Delete
  3. සබිත් කියලා තියන දේවල්වලින් 37 ගැනම පසුතැවෙන දේවල් කියලා හිතන්න බැරි වුනත් ගොඩක් දේවල් අපි ගැන ආපහු හිතන්න පොළඹවනවා...ස්තුතියි සාබිත්..

    ReplyDelete
    Replies
    1. ඔව්! ඒකයි මං මුලින්ම කිව්වේ අපේ සිස්ටම් එකට හරියන ටික තෝරල බේරල ගන්න ඕන කියලා! ස්තුතියි රූ!

      Delete
  4. ගෙවන මොහොත ජොලියෙන් ගෙවන එක තමා හොඳ

    ReplyDelete
  5. කාලේකට කලින් මමත් ඔය ගැන පොස්ට් එකක් ලිව්වනේ

    මයියගේ ලාම්පු සෙල්ලම්...

    ඇත්තටම කියනවනම් ගමන හැල්මේ දුවන්නේ නැතුව පොඩ්ඩක් වට පිට බල බලා ගියාම මිස් උනා කියලා දුකක් නැති වෙයි.,....

    ReplyDelete
  6. එකයි, දෙකයි ගැන මම මේ වෙනකොටත් පසු තැවිල්ලෙන්. අනිත්වා ගැන තාම නෑ...

    සාබිත්ටත් සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා !!

    ReplyDelete
  7. ඔබටත්, අනෙක් සියලු සහෝදර සහෝදරියන්ටත් ලබන්නාවූ අවුරුද්ද

    විදුලි බිල වැඩි නොවන‍,
    සහල් සහ නෙකුත් ද්‍රව්‍යවල මිල වැඩි නොවන,
    ඉන්ධන මිල වැඩි නොවන,
    වංචාව සහ දූෂණය අඩු වූ,
    නීතිය සහ සාධාරණත්වය හිමිවූ,
    සාධාරණ වැටුපක් හිමි වූ,
    කලට වේලාවට වැසි වසින,
    ....
    සුබ නව වසරක් වේවා!

    ReplyDelete
  8. ලිපිය පටන් ගන්න කලින් සුභ පැතුවේ උඹ දුරදක්නා ඥානයක් තියෙන එකෙක් හන්දා.

    නමුත් මම ඔක්කොම කියෙව්වා. තවත් එකතු කරන්න දේ තියෙනවා.

    සාබිතාටත් ලැබුවාවූ 2014 වසර වාසනාවන්ත එකක්ම වේවා.

    ReplyDelete

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...