Sunday, July 3, 2011

නො එන ගමන් යන මගේ මිතුරාට.........

පොඩි කාලේ ඉඳන් එකට හිටපු මගේ මිත්‍රයා මලිත් අද හවස 3ට නො එන ගමන් යනවා...



මතක මංපෙතේ ආපසු පිය නගන්නට හැකි නම්,
හමුවන සිතෙහි ‍රැඳුනු පැ‍රැණිම මතකයන් අතර කොහේ හෝ කොනක උඹත් ඇති..
අපි ඒ තරම් කාලයක සිට එකිනෙකා දැන උන්නා..
අපි එකට උස් මහත් උනා,හැදී වැඩුනා..
අපි එකිනෙකා ගැන හැම දෙයක්ම දැන හිටියා..
ඒ අපි අතර තිබුනු බැඳීමක තරම...
පාසල පංතිය සෙනෙහස මිතුදම අතර ගෙවුනු කාලය කොතරම් සොඳුරුද?

කොහේ සිට හෝ බලා ඉන්නවා නම් අද අපි දිහා..
උඹ ආඩම්බර වේවි!
කෙටි ජීවිතය තුල ලඟා කරගත් දෙවල් ගැන,මිනිස්සු ගැන,මනුස්සකම ගැන,
උඹ දුක් වේවි!
උඹට ලඟා කරගන්න තිබුන දෙවල් ගැන,මිනිස්සු ගැන..

අද.....
ජීවිතය ජීවත් කරවීමේ අභියෝගය හමුවේ උඹ පැරදිලා
නිසලව අපි දිහා බලන් ඉන්නවා...
ඔබෙන් කවදාවත් නොදැකපු නුපුරුදු නිහඬ බව අපිට ලොකු පණිවිඩයක් කියනව...
කෙටි ජීවිතයක්..ලොකු පණිවිඩයක්...

ඒ මරණය තුලින් ලෝකය නතර කල නොහැකි බව,
ලෝකය පෙරටම පෙරටත් වඩා වේගයෙන් ගමන් ගන්නා බව..
ලෝකය වෙනස් කල හැක්කේ මරණය තුලින් නොව ජීවිතය තුලින්ම පමනක් බව..
ප්‍රශ්න වලට විසඳුම ජීවිතයම බව...

යමක් ලබා ගැනීමට නම් යමක් කැප කල යුතුයි..
ඒත්..උඹ කල කැප කිරීමෙන් උඹට ලැබුනේ මොනවාද?
අපිට ලැබුනේ මොනවද???

පිලිතුරු නැති ප්‍රශ්ණ ඉතුරුකරලා උඹ අද අපෙන් යන්නම යනවා...

පිට රටක ඉඳගෙන උඹේ මතක එක එක අමුනද්දී...
උඹේ මූන අන්තිම පාරට බලගන්න බැරි වෙන බව දැනෙද්දී...
මගේ කර පිට පොඩි දුරක් හරි උඹේ අන්තිම ගමන ගෙනියන්න මට බැරි බව හැ‍ඟෙද්දී
මේ ජීවිතේ කොච්චර කාලකණ්නිද කියල හිතෙන වාර ගනන අනන්තයි බං!

මලිත්..
එහෙනම් මචං උඹට සුබ ගමන්!

32 comments:

  1. හ්ම්ම් මගේ නම තියන තවත් එක් ජීවිත ගමනේ සංචාරකයෙක්,
    ඔහොම තමා හැම දෙයක්ම, අද එයා හෙට වෙන කවුරුත්.
    මලිත් අද මලිත් වෙනුවෙන් නිවන් සුව පුදකරනවා!

    ReplyDelete
  2. sabith umba blog ekak liyana bawa danne ada machn.umbata mawa samhara wita mathaka ethi.umba dannawane machn maliya joliyen sehelluwen hitapu porak bawa. hitha ganna be mn maliya mehema karagatta kiyala.

    ReplyDelete
  3. මලියා : ඔව් මචෝ! අපිට දැන් කරන්න පුලුවන් එකම දේ එහෙම ප්‍රාර්ථනා කරන එක විතරයි

    නුවන් : පිස්සුද බං...උඹව අමතක වෙන්නෙ කොහොමද!එදා සාබියම තමා තාම!ඔව් බං!සිතු දේ නොම වේ නොසිතු දෙයම වේ කියනවනේ! මාත් දැනන් හිටියෙ නැ උඹ ලියනවා කියලා..අපේ සෙට් එකේ තව කවුද බං බ්ලොග් ලියන්නේ?

    ReplyDelete
  4. මලිත් අයියාට නිවන් සුව....

    ReplyDelete
  5. ජීවිතේ හැටි ඔහොම තමයි මිත්‍රයා.. මලිත් සොයුරාට නිවන් සුව ප්‍රාර්ථනා කරනවා..

    ReplyDelete
  6. මචං මම අදයි මේ බ්ලොග් එකට ආවේ...
    මීට හරියටම සති 2ක කට කලින් මගේත් හොදම යාලුවෙක් රිය අනතුරකින් නැති උනා බං... මං දන්නවා ඒ දැනෙන වේදනාව කොහොමද කියලා...
    අපිට දැන් කරන්න තියෙන්නේ ඒ ආත්මයට සැනසීම ප්‍රාර්තනා කරන එක විතරයි බං..

    http://wenasak.blogspot.com/2011/06/milar.html
    http://wenasak.blogspot.com/2011/06/blog-post_29.html

    ReplyDelete
  7. mama sanoj aiyagen ahuwa moko me WHITE FLAG kiyala ethakota thama mama dana gatte..

    mama hari wistharayak danne na.

    apith ekka hitapu kenek nathiwenakota duka danenaa wadi..:(

    ReplyDelete
  8. ඔහොම තමයි මචං ජිවිතේ හැටි..අපි ආවොත් අයි යන්නම ඕනේ...
    ඔයාගේ යාලුවට නිවන් සුව ප්‍රර්ථනා කරනවා

    ReplyDelete
  9. අපරාදයක් බන් උනේ.:(
    ඒ මලගෙදර ගිහින් ආවට පස්සේ මාර දුකයි බන්.කොල්ලෝ ඔක්කොටම අප්සට්.කාටවත් හිතාගන්න බෑ මොකක්ද උනේ කියලා.

    `` මලිත් උඹට නිවන් සැප ලැබේවා! ``

    ReplyDelete
  10. mama kadulu purogena malith diha balan ediya........

    ReplyDelete
  11. ඇයි බං මිනිස්සු මෙහෙම ප්‍රශ්ණ වලින් පැනල යන්නෙ.. මට තේරෙන්නෙ නෑ... උන් ගියාට උන් එකක් ඉඳපු එවුන් කොච්චර දුක් වෙනවද...?

    ගිය එකා විතරමයි දන්නෙ ඇයි කියල. ඒත්.....

    කවදාවත් දැකල කතාබහ කරල නැතත්, ඊලඟ පාරවත් ජීවිතේට මූණදෙන්න ශක්තිය ඇතුව මිනිස්සු අතරේම ඉපදේවා !

    ReplyDelete
  12. මොනව කරන්නද බං....

    උඹ මේ කියන්නේ සියදිවි නසා ගත්ත කළුතර උඹලාගේ ස්කෝලේ මලිත් ගැන වෙන්න ඕනේ.... මම පොරව දැකලා නෑ බං... ඒත් එහෙම කරගන්න හේතු වෙච්ච දේ නම් කීපදෙනෙක්ම කියනවා මට ඈහුනා. ඌ මෝඩයෙක් බං. ඌට තිබුනා ඒ වැඩේ නතර කරලා දාන්න. වෙන අලුතින් දෙයක් පටන් ගන්න. පවු මචං සිරාවටම... උ​ගේ තව යාළුවෙකුත් ඒ විදියටම ෆයිල් එක උඩට දාගත්තයි කියලා තව කවුද මන්දා එකෙක් කිව්වා.

    ReplyDelete
  13. නවම් මාවත : ඔව්! අපේ ජීවිතය අපේ පෞද්ගලිකත්වය කිය කිය අපි කෑ මොර දුන්නට ඇත්තම කතාව නම් අපේ ජීවිතය අපිට විතරක් අයිති නෑ කියන එක තමා!

    මාලුවා ; ඔව්!ඔය ෆොටො එකේ කලු ඇඳන් ඉන්නේ ඌ තමා! අපි එකට ඉගෙන ගත්තා අවුරුදු 6ක්!එකම පන්තියේ! ඔය කියන අනිත් යාලුවත් අපේම පන්තියේ එකෙක් තමා බං! හිතපන් එකම පන්තියේ හිටපු යාලුවො දෙන්නෙක් මාසයක් ඇතුලට අවසන් ගමන් යද්දි එ එකෙක්ගෙ වත් මුහුන අන්තිම පාරට බලගන්න බැරි වෙන එක කොයි තරම් කාලකන්නි දෙයක් ද කියලා?බොට කොහෙන්ද ආරන්චි උනේ?

    ReplyDelete
  14. මාර අප්සෙට් සීන් එකක් .........

    ReplyDelete
  15. ඔබේ මිතුරාට නිවන් සුව අත්වේවායි ප්‍රාර්ථනා කර සිටිනවා

    ReplyDelete
  16. මචං මලියා... මම අද මේ සිද්දිය දන්නේ... :'(

    උබේ අක්කා අඬ අඬ විස්තරේ කියද්දි උන් හිටි තැන් අමතක උනා බං.. මම අද උදේ උබව කන්ටැක්ට් කරගන්න කෝල් කරේ ලොකු හදිස්සියකට... පව් බං,

    ඇයි උබ දුර දිග හිතුවේ නැත්තේ ?? බලහන් උබම නේද මට කිව්වේ ''ඕනෙ තරම් කෙල්ලෝ ඉන්නේ ඇයි එක කෙල්ලෙක්ට මැරෙන්නේ කියලා''

    ඉයේ මගේ කෙල්ලත් මාව දාලා ගියා.. :'(
    මොනවා කරන්නද...?? උබ දැන් උබේ ගමන ගිහින් ඉවරයි අපිව දාලා.....
    ගිය තැනක හොදින් හිටපන් මචං.. උබට නිවන් සුව ප්‍රාර්ථ්නා කරනවා.. !!!! :'(

    ReplyDelete
  17. පන්සල් හන්දිය හා DBL ; ඔව් බං!මොනා කරන්නද!


    ස්පොන්ජියා ; ඒකනේ බං!මු මෙහෙම කරයි කියලා අපි කවෘත් හිතුවේ නෑ!උඹ කොහොමද මලියව දන්නේ?

    ReplyDelete
  18. මම පොඩි කාලෙ ඉදලා ටික ටික දන්නවා බං..... ගොඩක් ෆිට් එකක් තිබ්බේ නැහැ එ දවස්වල... ෆිල්ම්, ටීවී සීසන් ගැන තමයි වැඩිය කතාව... අන්තිමට ''Game Of Throns season 2'' එකේ මොනා වෙයිද කියලා තමයි කතා උනේ.. :(

    දැන් ඌ කොහොමද බං ඒක බලන්නේ.. :'( :'(

    ReplyDelete
  19. ප්‍රශ්න වලට බයෙන් මිනිස්සු ජීවිතෙන් පලා යන එකෙන් ජීවත් වෙලා ඉන්න ඔවුන්ගේ දයාබරයෝ කොයි තරම් දුක් කන්දරාවක් විඳිනවද කියන දේ දන්නවනම් කිසිම කෙනෙක් ඒ තීරණේ නොගෙන ඉඳීවී කියලා හිතනවා . . .

    ඊයේ රෑ මම ලියපු "එකම විසඳුම දිවි නසා ගැනීම" පෝස්ට් එක එහෙනම් මේ දවස් වල හැමෝටම ආදාල කරුනක් වෙලා . . .
    දුක තමයි මචං . . එත් මොනව කරන්නද ?

    ReplyDelete
  20. ඔව් දුකා අයියා! එයාලට ඒක ප්‍රශ්ණයට විසඳුම උනාට ලඟ ඉන්න අයට ඒක ප්‍රශ්ණ ගොඩක ආරම්භයක් කියල එයාලට තේරෙන්නෙ නෑ!ස්තුති මේ පැත්තට ආවට..ඔයා වගේ කෙනෙක් මේ පැත්තට ආපු එකත් සතුටක්!

    ReplyDelete
  21. අවුරුදු හයකට විතර කලින් උනු මගේ යාලුවගේ නික්ම යෑම මතක් වෙද්දි මට තාම දරා ගන්න අමාරුයි.

    ඔයාට කොයි තරම් දුකක් ඇතිද කියලා හිතා ගන්න පුලුවන් මල්ලී . .

    ReplyDelete
  22. ජිවිතය හැටි තමයි .....

    ReplyDelete
  23. සංසාරේ හැටි තමයි වියෝග ඇතිවන්නේ...

    ReplyDelete
  24. ඉක්මනින් ගියොත් ඉක්මනින් එන්න පුළුවන් කියනවනේ...එයා ඉක්මනට අයෙත් ඒවි අයියේ...

    ReplyDelete
  25. දඩබ්බරී : ඔව්!එහෙමවත් හිතමු නේද?

    කොමෙන්‍ටුවක් දාන්න නතර වෙච්ච හැමොටම ස්තුතියි..

    ReplyDelete
  26. ඔබේ මිතුරාට උපන් තැනක සිත සැහැල්ලුවෙන් සතුටින් පිරි ජීවිතයක් පතනවා.

    ReplyDelete
  27. බොහොම ස්තුතියි නලිනි අක්කේ ඔබගේ අදහස් වලට! මේ පැත්තට ආවමයි මං හිතන්නේ!

    ReplyDelete
  28. සබීත්.. අනේ යාලු මන් මගේ ලිපියෙන් හොද වුනු තුවාලයක්ද මේ පෑරුවේ.. ඔයාගේ යාලුවට එක වතාවක් මතක් වුනනන් දෙයියනේ.. අවුරුදු දෙක තුනක ආදරයක් වෙනුවෙන්..අවුරුදු විසි ගානක ආදරේට පයින් ගැහුවේ කියලා.. එයා මහ හයියෙන් අඩයි යාලු..

    මේ ලොකේ අස්ථීර බව දැන දැනත් මෙවැනි දේවල් වලට හිත පෑරෙන්නේ..මේ අහිංසකයෝ..ජිවිතේ..විහින් විනාශ කර ගන්න නිසාමයි..

    ඔයාගේ යාලුවට නිවන් සුව පතනවා යාලු..!!!

    ReplyDelete
  29. දැන් නම් හිත ආයි නො පෑරෙන්නම හැදිලා තියෙන්නේ! ඔව්!මූට අපේ ආදරය,එයාගේ අම්මගේ තාත්තගේ ආදරය නො අඩුව තිබුන කොල්ලෙක්! ආදරය අන්ධයි කියන්නේ නිකං නෙවේ නේ!

    ReplyDelete
  30. ඔහුට නිවන් සුව !!!

    ReplyDelete

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...