Sunday, July 17, 2011

පෞද්ගලික වෛද්‍ය විද්්‍යාල, නිදහස් අධ්‍යාපනයේ මලගම(ද?) හා සිසු පරපුර..(දේශපාලනික නොවන ලිපියකි)



පෞද්ගලික විශ්ව විද්්‍යාල හා නිදහස් අධය්‍යාපනයේ මලගම ගැන වෙන කවරදාකටමත් වඩා පහුගිය වක වානුවේ කතා බහට ලක්වුනා..පස්සේ දැන් දැන් ඒ කතබහ සමාජයේ නැවතත් මතුවෙන්න පටන් අරගෙන..මේ නිසාම මේ වයේ ඇත්ත නැත්ත ගැන දේශපාලනීය නොවන බුද්ධිමත් සංවාදයකට මුල පුරන්න ඕන කියලා මට හිතුනේ ඒ ගැන කතා කරන්න මං සුදුසුයි වගේම මට ඒ ගැන අයිතියක් තියනව කියල මට හැඟුන..මොකද මාත් පෞද්ගලික විශ්වවිද්්‍යාලයක සිසුවෙක් නිසා...
බුලත්කොල,සීනු,අලි,හක්ගෙඩිකාරයන් කියවනවානම් තමන්ගේ(හෝ තමන්ට කා වද්දා ඇති) දේශපාලනික අදහස් පැත්තක තියල මැදහත් මනසින් මෙක කියවන ලෙසට ආරාධනා කරනවා..කවුරු හරි මගේ අදහස් වලට එකඟ නැත්නම් පිලිතුරු ලිපියක් ලියන්න...අපි සාකජ්ජා කරමු...වැදගත් විදිහට මේ ගැන කතා කරමු..බුද්ධිමත් සංවාදයක් ගොඩනගමු! ඒ තුලින් සාමාන්්‍යය පාඨකයාට අවස්ථාව දෙමු කිරල මැනලා අනුන්ගේ මතය වෙනුවට තමන්ගේ මතය ගොඩනගා ගන්න.......


ශ්‍රී ලංකාවට පෞද්ගලික විශ්වවිද්්‍යාල සංකල්පය අලුත් එකක් වුනාට දකුනු ආසියවේ සියලුම රටවල් වල මේ කියන පෞද්ගලික විශ්වවිද්්‍යාල දකින්නට ලැබෙනවා..ඇතැම රටවල් වල විදෙශ සිසුන් පවා මේවාට ඇතුල් කර ගන්නවා..
වාර්ශිකව ලංකාවේ වෛද්්‍ය විද්්‍යාලයකට යෑම සඳහ වරම් ලබන්නේ කොතරම් සුලු පිරිසක්ද කියන එක කියන්න අ‍ටුවාටිකා ඕන නෑ..ඉන්පසු සෙසු පිරිසට සිදුවන්නේ කුමක්ද????

ඔවුන්ගෙන් ඇතැමෙක් කෙලින්ම ‍රැකියාවට ප්‍රවිශ්ට වෙන අතර ඉතුරු අයගෙන් කොටසක් ලංකාවෙ තියන වෙන කුමක් හෝ පෞද්ගලික ආයතනයකකට යනවා කුමක් හෝ උපාධියක් සඳහා ඉගෙන ගන්න..තවත් පිරිසක් තමන්ගේ මව්පියන්ගේ ඇති හැකි කම් අනුව විදෙස් ගත වෙනව..


දැන් මාතෘකාවට ප්‍රවිශ්ට වෙමු!

මෙලෙස විදෙශ් ගතවන ප්‍රමානය අති විශාලයි...මම් වෛද්්‍ය උපාධිය ගැන විතරක් කතා කරන්නම්..මේ සඳහා අවම වශයෙන් වසරකට සිසුන් 800ක් වත්(අවමම අමව වශයෙන්) විදෙස් ගත වෙනවා..ප්‍රදානකොට බංග්ලදෙශය,රුසියාව,ඉන්දියාව,ඕස්ට්‍රෙලියාව,යුක් රේනය මෙලෙස යන රටවල් වලින් ප්‍රදාන තැනක් ගන්නවා..මෙලෙස එක් සිසුවෙකු අවම වශයෙන් ලක්ශ 60ක් වත්(අවමම අමව වශයෙන්, කෑම බීම,නවාතැන්,ගුවන් ටිකට්පත් ඇතුලුව)වියදම් කරනවා.ඒ හෙතුවෙන් රටට අහිමිවන මුදල එක් සිසුන් කණ්ඩායමකින් දල වශයෙන් ලක්ශ 48 000ක් හෙවත් මිලියන 4800ක්.....


  • ඉතින් දැනටමත් විශාල පිරිසක් කොහොමත් විදෙශ් ගතවෙන එකේ ලංකාවේ පෞද්ගලික වෛද්්‍ය විද්යාල ඇතිකලානම් එම පිරිසෙන් අදුම තරමින් 500ක් වත් ලංකාවේ නතර කරගන්නට හැකිවෙනවා...එමගින් රටට ඉතිරිවන මුදල කොතරම් ද කියලා හිතාගන්න පුලුවන්ද??යන එකා කොහොමත් රට යන එකේ ලංකාවේ පෞද්ගලික වෛද්්‍ය විද්යාල ඇතිකලාම ඇතිවන වෙනස කුමක්ද???ඇතිවන එකම වෙනස නම් එහෙම යන පිරිස නවත්ව ගන්න පුලුවන් වීම හා ලංකාවට විදෙස් සිසුන් ගෙන්න ගන්න පුලුවන් වෙන එක තමා! ඉතින් පෞද්ගලික වෛද්්‍ය විද්යාලවලට එරෙහිවුවන් කියනවා නම් එය නිදහස් අධ්‍යාපනයට මරුපහරක් කියල එයාල කරන්න ඕන පෞද්ගලික වෛද්්‍ය විද්යාල පටන් ගන්න එපා කියලා කැමොර දෙන එක වෙනුවට පෞද්ගලික වෛද්්‍ය විද්යාල සඳහා විදෙස් ගත වීම තහනම් කරන්න කියල තම තමන්ගේ සටන් පාට වෙනස් කර ගන්න එක..



  • ඊ ලඟට පෞද්ගලික වෛද්්‍ය විද්යාලයන්ට එරෙහි වන පුද්ගලයින්ගේ ප්‍රධාන තර්කය ලංකාවේ නිදහස් අද්්‍යාපනය කප්පාදු වේ කියන එක..හොඳයි බලන්න ලංකාවේ ජාත්්‍යන්තර පාසල් නැද්ද...?මේවා පටන් ගන්න අවදියෙත් මේ වගෙම විශාල ආන්දොලනයක් ඇතිවෙන්න ඇති..නමුත් අද වෙනකම් එවාට පුලුවන් වෙලා නෑ ලංකාවේ නිදහස් අධ්‍යාපනයට බලපැම් කරන්න..ඔවුන්ගෙන් බහුතරයකුත් අවසානයේ එන්නේ අපි යන හෝ සාමාන්ය පාසලට ගිය සිසුවා යන ‍රැකියා වෙලඳපොලටම තමයි...හැබැයි එහෙම උනා කියලා අපිට සාමාන්්‍ය පාසලේ සිසුවාට තියන තැන නැති වෙලා නෑ..
  • ඒ නිසා කවුරු හරි හිතනවා නම් පෞද්ගලික වෛද්්‍ය විද්යාල ඇතිවීම තුලින් රජයේ විශ්ව විද්්‍යාල වැසීයන්න පුලුවන් කියලා ඒක මහ මෝඩ තර්කයක්....මොකද අපි උනත් පලවෙනියට උත්සහ කරන්නේ රජයේ වෛද්්‍ය විද්යාලයට යන්න....නිදහස් අධ්‍යාපනය ලබන්න...එහෙම යන්න බැරි උනොත් පෞද්ගලික වෛද්්‍ය විද්යාලයකට උත්සහ කරනවා විනා නිකන් ඉගෙන ගන්න අවස්ථාව තියෙද්දී "නෑ නෑ එවා ඕන නෑ අපි යන්නේ පෞද්ගලික වෛද්්‍ය විද්යාලවලට" කියල කවුරු හරි කියයි කියලා අපිට හිතා ගන්න අමාරුයි...


මං පොඩි කතාවක් කියන්නම්...මං ඉගෙන ගන්න රටේ අපේ කැම්පස් එක අවට විශාල වශයෙන් මහල් නිවාස(apartment) ඉදිකරනවා සිසුන්ට කුලියට දෙන්න...මං ඉන්න ෆ්ලැට් එක ඉස්සරහා හිස් ඉඩමක් තිබ්බා..මෙතන අලුතෙන් ෆ්ලැට් එකක් හදන්න පටන් ගත්තා...මේක හදන මිනිස්සුන්ට තේ සිගරට් විකුනන්න එතන මනුස්සයෙක් පොඩි පෙට්ටි කඩයක් දැම්මා..දැන් ඒ ෆ්ලැට් එක ඉවර කරලා අවුරුදු එකහමාරක් විතර ඇති...ඒකේ පදිංචි වෙල ඉන්න බහුතරයක් අපේ රටේ අය...අද ඒ පෙට්ටි කඩේ සිල්ලර කඩයක්..

ඒ මනුස්සය දියුනු උනේ අපි බලං ඉන්නකොටම අපිම බඩු අරන් අපේම සල්ලි වලින්...අපි රී ලෝඩ් එකක් දැම්මත් අපි ත්‍රී ව්හීල් එකක ගියත් තේ එකක් බිව්වත් දියුනු වෙන්නේ වෙන රටක එකෙක්..මොනා උනත් මනුස්සයෙක් නේ කියල සං‍තෝසවෙන්න තිබ්බා මම ඇමරිකාවේ ඉපදුනා නම්..අපේ රටෙත් අන්ත දුප්පත් මිනිස්සු ඉන්න්නකොට එහෙම හිතල සතු‍ටු වෙන්න තරම් ලොකු මනසක් හරි මානසිකත්වයක් හරි පෘතග්ජනයෙක් විදිහට මට නෑ...ලංකාවේ කොහේහරි නොදියුනු/අදුවෙන් දියුනු උනු පලාතක මේ වගේ එකක් පිහි‍ටුවානම් බලන් ඉන්නකොට ඒ නගරයේ දියුනුව අත්දකින්න අපිට පුලුවන් වෙයි..

ඒ ඔක්කොම පැත්තක දැම්මත් මගුලකට කෙසේ වෙතත මරණයකටවත් යාගන්න බැරි වෙද්දි,ඉස්කොලේ සෙට් එක සෙට් වෙලා ඒකට යන්න බැරි වෙද්දි,නිවාඩුවට ගියාම මාමගෙ/නැන්දගේ පොඩි එකා "මේ කවුද මේ අම්මේ?" කියල අහනවා ඇහෙද්දී දැනෙන හැඟීම කොයි වගේද කියලා දන්නවා නම්,අපි මෙහෙ අම්මල තාත්තාලගෙන් ඈත්වෙලා විඳින දුක මොන වගෙද කියලා දන්නවා නම් මං හිතන්නේ නෑ දේශපාලන අරමුනු නැති කවුරුත් ලංකාවේ පෞද්ගලික විශ්ව විද්්‍යාල විවෘත කරනවට අකමැතිවෙයි කියල..


මං ඉවර කරන්න කලින් ගොසිප් නිව්ස් අඩවියේ පෞද්ගලික විශ්ව විද්‍යාල ගැන පලකරලා තිබුනු ප්‍රවෘතියකට කවුරු හරි දාල තිබ්බ කොමෙන්‍ටුවකින් අවසන් කරන්නම්..මොකද මගේ මුලු ලිපියෙම හරය එතන තියනවා කියලා මට හැඟුන නිසා...


Anonymous
July 15, 2011 4:32 AM
යකෝ මුන් කතා කරන්නේ උපාධි විකුනන්න තියනවා වගේනේ.. වරෙවුකෝ කරලා බලන්න ප්‍රයිවට් උපාධිත් කොහොමද කියලා... හොඳම උදාහරනේ තමයි ස්ලිට් SLIIT එකේ අවුරුද්දකට IT උපාධියට 1000 කට වඩා ආවට උපාධිය ගන්නේ 300 කටත් වඩා අඩු ගානක් , අනිත් උන් ඩිප්ලෝම එකෙන් හරි නිකන්ම හරි හැලිලා යනවා ... යකෝ මොන උපාදිය වත් ලේසියෙන් ලැබෙන්නේ නැහැ , රජයේ හරි ප්‍රයිවට් හරි දෙකේම , මොන උපාදිය ගත්තත් අපි ඔක්කොම යන්නේ එකම ජොබ් වලට . එතැනදී අවස්තාව ලැබෙන්නේ දක්ෂයාට , එතැනදී රජයේ කැම්පස් වල උන් දක්ෂ නම් උන්ට අනිවා ජොබ් ලැබෙයි අනික් උන් ඊට වඩා දක්ෂ නම් උන්ට ජොබ් ලැබෙයි , මම S.B කාරයාට කඩේ ගිය කියල උබල හිතන්න එපා මට ඕකව පෙන්නන්න බැහැ.සල්ලි ගෙවලා උපාධි ගන්න පුළුවන් කියන උන් ඉන්නවනම්
මටත් උපාදියක් අරන් දීපල්ලා , මට දැන් මේ එක්සැම් වලට කට්ට කාලා ඇති වෙලා ඉන්නේ... ප්‍රයිවට් කැම්පස් වල ඉන්න ඔක්කොම සල්ලි දීලා උපාදි ගන්න ආපු මැට්ටෝ කියලා හිතන්න එපා , A/L පේපර් එක ටිකක් වෙනස් උනා නම් අපි රජයේ ඒවාට ගිහින් උබලාට ප්‍රයිවට් ඒවාට එන්න වෙන්න තිබුන කියලා මතක තියගනිල්ලා , අපි මේවට ආවේ පැය තුනේ පේපර් එකකට කෙලවිලා මිසක් වැඩ බැරුව නොවෙන බවත් මතක තිය ගනිල්ලා, engineering ,medicine යන්න අපිට Z එක මදි උනාට අනික්වට යන්න අපිට Z ස්කෝර් වැඩියෙනුත් තිබ්බ බවත් උබලා හිතට ගනිල්ලා , පිස්සු කෙලින ගමන් ඉගෙන ගනිල්ලා මචන්ලා (උබලත් අපිත් එක්ක ඉස්කෝලෙදි එක බත් පත බෙදන් කාපු උන් තමයි බන්) අපිත් පිස්සු කෙලින්න ආසයි එත් අපිට පින් මදි , හැබැයි එක දෙයක් තියනවා මහන්සි වෙලා ඉගෙන ගනිල්ලා , නැත්නම් අපි ඇවිත් උබලගේ ජොබ් වලට කෙලෙව්වා කියලා විතරක් කියන්න එන්න එපා ..
"උබලා ඔය බනින ප්‍රයිවට් කැම්පස් එකක engineering degree එකක් කරන kollek"
දැන් ඉතින් පලු යන්න මට බැනපල්ලා



මේ කරුනු කාරනා සලකලා බලලා පෞද්ගලික විශ්වවිද්්‍යාල වලින් ලංකාවට වෙන්නේ යහපතක් ද, අයහපතක්ද කියලා ඔයාල තීරණය කරන්න...තමන්ගේ මතය ගොඩ නගාගන්න...

44 comments:

  1. සහතික ඇත්ත මචන් කතාව..ප්‍රශ්නේ තියෙන්නේ ඉතින් ඕවා අපේ දේශය පාලනය කරන එවුන්ට නොතේරන එකනේ..ගොසිප් එකේ කමෙන්ට් එක දාපු එකානම් කියලා තියෙන්නේ පට්ටම කතාව..

    " අපි මේවට ආවේ පැය තුනේ පේපර් එකකට කෙලවිලා මිසක් වැඩ බැරුව නොවෙන බවත් මතක තිය ගනිල්ලා, engineering ,medicine යන්න අපිට Z එක මදි උනාට අනික්වට යන්න අපිට Z ස්කෝර් වැඩියෙනුත් තිබ්බ .. "

    ඔය සින් එක ලංකාවේ කියක් නම් දෙනකට වෙලා ඇද්ද..අඩුම ගානේ SLIIT එක වත් තිබ්බේ නැත්නම් එහෙම කෙල උන අයට මොකද වෙන්නේ..[ මම SLIIT එකට කඩේ යනවා නම් නෙවෙයි..ඒ උනාට මාත් එකේ ඉන්න නිසා දන්නවා තරගය කියන එක කොහොමද තියෙන්නේ කියලා ]

    උබ වැඩකාරයා නම් , උබ ටැලන්ට් නම් ,උබේ ඩ්ග්‍රී එක මොක උනත් උබට ජොබ් එක ෂුවර්..එක තමයි මම ඉන්න ෆීල්ඩ් එකේ නම් තියරිය..

    ReplyDelete
  2. [ඉතින් දැනටමත් විශාල පිරිසක් කොහොමත් විදෙශ් ගතවෙන එකේ ලංකාවේ පෞද්ගලික වෛද්්‍ය විද්යාල ඇතිකලානම් ...... කැමොර දෙන එක වෙනුවට පෞද්ගලික වෛද්්‍ය විද්යාල සඳහා විදෙස් ගත වීම තහනම් කරන්න කියල තම තමන්ගේ සටන් පාට වෙනස් කර ගන්න එක..]

    මේක පරණ සටන් පාඨයක්නේ සහෝදරයා! මේ වි.වි. දාන්නේ පිටරට සමාගම්. ඒවට ගෙවන මුදල් වලින් බහුතරයක් යන්නේ ආයෙත් රටින් පිටට. අනික ලැට්වියාවේ රුපියල් ලක්ෂ 30-35 වියදම් කරල කරන්න පුළුවන් එකට මෙතන ලක්ෂ 65ක් ගන්න එක. එහෙම බැලුවම ලංකාවේ හදන ඔය පු.වෛ.වි. එක ලාබත් නෑ.

    [ඊ ලඟට පෞද්ගලික වෛද්්‍ය විද්යාලයන්ට . . . කියල කවුරු හරි කියයි කියලා අපිට හිතා ගන්න අමාරුයි...]

    මේ තව පරණ තර්කයක්. මෙඩිසින් උගන්වන්න ඉන්නේ හරිම සුළු පිරිසක්. ඒ අය වැඩි පඩි සඳහා පු.වෛ.වි. වලට බන්දව ගත්තම අනික අයට යන කල මොකද්ද? එහෙම නැත්නම් නීතියක් ගේන්න වෙයි රජයේ වෛ.වි. වල ආචාර්යවරුන්ට පු.වෛ.වි. වලට බැඳෙන්න බෑ කියල. හැබැයි එහෙම කළොත් "ෆන්ඩමෙන්ටල් රයිට්ස්" නඩුවක් ෂුවර්.

    ReplyDelete
  3. සල්ලි ගෙවල හරි ඉගෙන ගන්න ලැබෙනව නම් මම ‍ඉගෙනගන්නව....

    උපාධි කට්ටක් නැති හින්ද මේ ගැන අදහසක් නොදී ඉන්නම්...

    ReplyDelete
  4. @ඇනො : 1. රජයට පුලුවන් ලාබයෙන් යම් ප්‍රතිශතයක් අනිවාර්යයෙන්ම අය කර ගන්න...ඔක්කොම ඉතුරු කරගන්න බැරි උනත් බාගයක් හරි ඉතුරු වෙනවනේ!එ ඉතුරු වෙන්නෙත් මාසෙකට මිලියන සිය ගනනකින් නේ..ඒ සල්ලි පාරවල් හදන්නයි රට සංවධනය කරන්නයි යොද ගන්නේ නැතුවා රජයේ වි.වි වල සංවර්ධනයට යොද ගන්නවා නම් ආචර්්‍යය වරුන්ගේ පඩිය 10ගුනයකින් උනත් වැඩි කරන්න පුලුවන් වේවි..මේ මට නිකමට හිතුනු පිලිතුරක්..ප්‍රායොගිකයි වගේම සාර්ථකයි නෙද? (කරනවා නම්)

    @චම්මා : ඒක තමා මචං මං කිව්වේ මගේ පොස්ට් එකේ සමස්ත අදහසම ඒ වචන ටික ඇතුලේ තියනවා කියලා..

    @සාතන් : අදහසට ස්තුතියි මචං..

    ReplyDelete
  5. මල්ලි ඔයා ඉගෙන ගන්නෙ USTC වලද? නැත්නම් CMC වලද? කුල්ෂි වලද නැවතිලා ඉන්නෙ? නැත්නම් Foy's Lake වලද?

    මමත් කාලයක් කුල්ෂිවල හිටපු කෙනෙක්. ඒ නිසයි ඔයා ගැන විස්තර ටිකක් ඇහුවෙ.

    ReplyDelete
  6. @චරිත් අයියා :ඔව් අයියා...south කුල්ශි...road no:03...අයියා මෙහේ work කලාද?? සන්තෝසයි අඳුරගන්න ලැබීම...

    ReplyDelete
  7. මම හිටියෙ "Gouri" කියන apartment එකේ. Road no එක නම් මතක නෑ. Apartment එක අයිති වෙලා තිබ්බෙ CMC එකේ වැඩ කරපු ENT surgeon කෙනෙකුට. පාරෙ නම නම් Zakir Hossain Road. මම ඔහෙන් ඇවිල්ල ගොඩක් කල් නිසා වැඩිය මතකයක් නම් නැහැ.

    kulshi Mart, Ocean City(කොමර්ෂල් බෑන්ක් ATM machine එකක් ඉස්සර මෙතන තිබුණා. තාමත් තියෙනවද?), Foy's Lake වල තිබ්බ zoo එක, Love Lane Buddha Mandir, Sugar Bun, Pizza Hut(GC Moor), Sugar Bun පහු කරල ගියාම තියෙන හින්දු කෝවිල වගේ තැන් නම් තාමත් මතකයි. සමහර තැන් වල මතක තිබ්බත් ඒ තැන් වල නම් මතකෙට එන්නෙ නෑ.

    ReplyDelete
  8. ඇත්තද?..මාත් ගෞරි එකේ ඉඳියා අවුරුද්දක් 3rd floor එකේ...ඒක Dr.නීල් කාන්තොගෙ නේ!! හික්ස්..ඔව් ඔව් අයියා,,ඒ දෙවල් තාම එහෙමම තියනවා!අයියාගේ බ්ලොග් එක පැත්තට අදයි පලවෙනි පාරට ගියේ..මං ෆලෝ පාරකුත් දැම්මා..සංතොසයි අඳුරගන්න ලැබීම!

    ReplyDelete
  9. උඹ කියන කතාව ඇත්ත..අපේ අම්මලා තාත්තලාගෙන් ඇත්වෙලා අපි විදින දුක දන්න කෙනෙක් කවදවත් ඔය අදහසට විරුද්ද වෙන් නැහැ..A/L අවුල් වුනා කියලා කෙනෙක් හිතනවානම් ඒ ළමයා මෝඩයෙක් කියලා එයා වැරදියි..3hr paper1කින් ළමයෙක්ගෙ දැනුම හරියට මනින්න බැහැ..

    ReplyDelete
  10. හි‍ටු මමත් එනවා.හවසට මේ ගැන ටිකක් පුලුල්ව සාකච්ඡා කරමු.:D

    ReplyDelete
  11. "මේ තව පරණ තර්කයක්. මෙඩිසින් උගන්වන්න ඉන්නේ හරිම සුළු පිරිසක්. ඒ අය වැඩි පඩි සඳහා පු.වෛ.වි. වලට බන්දව ගත්තම අනික අයට යන කල මොකද්ද? එහෙම නැත්නම් නීතියක් ගේන්න වෙයි රජයේ වෛ.වි. වල ආචාර්යවරුන්ට පු.වෛ.වි. වලට බැඳෙන්න බෑ කියල. හැබැයි එහෙම කළොත් "ෆන්ඩමෙන්ටල් රයිට්ස්" නඩුවක් ෂුවර්.
    "

    Do you really think that these people do not deserve to work for some place that pays them better?

    ReplyDelete
  12. "මේක පරණ සටන් පාඨයක්නේ සහෝදරයා! මේ වි.වි. දාන්නේ පිටරට සමාගම්. ඒවට ගෙවන මුදල් වලින් බහුතරයක් යන්නේ ආයෙත් රටින් පිටට. අනික ලැට්වියාවේ රුපියල් ලක්ෂ 30-35 වියදම් කරල කරන්න පුළුවන් එකට මෙතන ලක්ෂ 65ක් ගන්න එක. එහෙම බැලුවම ලංකාවේ හදන ඔය පු.වෛ.වි. එක ලාබත් නෑ.
    "

    This is only a one dimensional way of looking at it. Keep in mind that part money that these people take will be paid back as salaries, and taxes. Also these organizations create small bubbles of economic growth. See what happened in the surrounding of SLIIT in Malabe.That money is not going to go to any other country.

    If we go by this argument we should not allow any foreign investor as what most of them do is make money here and take them to their country.

    Also those who are educated locally are more likely to work locally which will help to improve lives of locals.

    Most important part is not the money saved or the local economic bubbles. Most important part is creating more opportunities for people/students to make their dreams come true. Even if no other reason is there this should be done only for this reason.

    'Cheap' is a relative term. But having private universities will be always lot cheaper than traveling to some other country when you factor in cost of living, traveling, other social and secondary economic costs.

    ReplyDelete
  13. @rakitha: yes..evn in my articl I mentioned about that growth bubble by narrating the story of that tea shop man...thr r enomerous opprtunities to grab if they are proprly implimntd..anyway thx for coming this way n for ur comments...

    ReplyDelete
  14. මම එංගලන්තයේ විශ්ව විද්‍යාලයක අචාර්ය මණ්ඩලයේ සේවය කරන කෙනෙක්. මේ විශ්ව විද්‍යාලයේත් ලංකාවේ ශිෂ්‍යයින් 50-75ක් විතර අවුරුද්දකට සැරයක් එනවා. එක් අයෙක් සාමාන්‍යයෙන් පවුම් 15,000 ක් විතර වියදම් කරනවා. ඒ කියන්නේ රු. ලක්ෂ. 26ක් පමණ. සියළුම දෙනාගේ එකතුව රු. 2,625,000x75=රු. 196,875,000. මේ එන අයගෙන් වැඩිදෙනා ම්ධ්‍යම පංතික පවුල්වල ළමයි. ගෙවල් ඉඩකඩම් උගස් තියලා, බැංකු ණය අරගෙන, වැඩි පොළියට ණය අරගෙන තමයි ඉගෙන ගන්නේ. මේ අයගෙන් කී දෙනෙක් ආඅපහු යනවාද දන්නේ නෑ නමුත් අපේ රටේත් පුදගලික විශ්ව විද්‍යාල හෝ රජයේ විශ්ව විද්‍යාලවලට ගන්නා සිසුන් ප්‍රමාණය වඩිකරනවානම් අපේ රටේ මුදලුත් ඒ වගේම බුද්ධි ගලනයත් නතර කර ගන්න පුළුවන්. තවත් එකක්, මා වාගේ පිටරට විශ්ව විද්‍යාල වල සේවය කරන අය බොහෝ දෙනෙක් පුද්ගලික හෝ රජයේ විශ්ව විද්‍යාලවල සේවය කරන්න කැමැත්තෙන් ඉන්නවා.

    ReplyDelete
  15. ආචාර්්‍යය තුමනි..ඔබ වැන්නෙක් මොහොතකට නැවතී ප්‍රතිචාරයක් දැක්වීම මා අගේ කොට සලකනවා..මගේ ලිපියේ ඒ ගැන සාකජ්ජා කිරීමට නොහැකි වීම අඩු පාඩුවක්...මා ඉගෙන ගන්නා රටට පැමින්නෙන්නෙත් ගොඩාක් සල්ලි තියන පවුල් වල ලමුන් නොවෙයි..මගේ මිතුරන්ගෙනුත් බොහෝ දෙනෙක් මෙහි පැමින ඇත්තේ ඉඩ කඩම් විකුනා දමා හා බැංකු වලින් ණය ලබා ගෙන..නියමිත කාල වලදී අදාල මුදල් ගෙවීමට නොහැකි වීම නිසා ඔවුන් පංති තහනමට ලක්වෙන වාර ගනන එමටයි..මාත් සමග සිටි මගේම මිතුරියකට මුදල් නියමිත පරිදි ගෙවීමට නොහැකි වී අධ්‍යාපන කටයුතුවලට සමුදීලා නැවත ලංකාවට යන්න සිදු උනා..ඒ නිසා ඔබ තුමාගේ අදහස් වලට මං සම්පුර්නයෙන් එකඟ වෙනවා වගේම ඔබ තුමාගේ ප්‍රතිචාරය මගේ ලිපියට විශාල හරයක් එකතු කලා යැයි මට සිතෙනවා...

    ReplyDelete
  16. මම ශ්‍රී ලංකාවෙ සරසවි සිසුවෙක්

    මම හදාරන්නෙ පරිගණක විද්‍යාව. අපේ ක්ෂෙත්‍රයෙ ඒ ගැන උසස් අධ්‍යාපනය හදාරන්න විශ්ව විද්‍යාල වල ආරම්භ කරන්න මූලික වුණේ මහාචාර්ය වී.කේ.සමරනායක මැතිතුමා. (1985 දී කොළඹ සරසවියෙ) ඒ ආපු ගමන් මඟ දැන් ප්‍රධාන තොරතුරු තාක්ෂණය පිලිබඳ පෞද්ගලික උපාධි ප්‍රදාන ආයතන 2 බිහි වීම දක්වා ආවා.

    කොළඹUCSC, මොර‍ටුව, SLIIT, NIBM අපි අතර ලොකු තරඟයක් තියෙනවා. ඒ තරඟය තුලින් ලංකාවේ තොරතුරු තාක්ෂණය දියුණු වීමට ලොකු බලපෑමක් වෙලා තියෙනවා.

    ඒ ආයතන වලට විරුද්ධව අපිවත් අපේ කලින් හිටපු අයියලාවත් ඉදිරියට එන අලුත් අයවත් උද්ඝෝෂණය කරල නෑ, කරන්නෙත් නෑ.

    සරසවි වරම් ලබන්නට වාසනාවන්ත වුණ පලියට අනිත් අයගේ උසස් අධ්‍යාපනය ලැබීමේ අයිතිය නැති කරන්න, ඒකට ඉරිසියා කරන්න තරම් අපි කුහක නෑ.

    මට හිතාගන්නත් බෑ අපි වගේ අනිත් ඉංජිනේරු, වෛද්‍ය සිසුන් හැසිරෙන්නෙ නැත්තෙ ඇයි කියලා ?

    වෛද්‍ය උපාධි නම් අනිවාර්යෙන්ම ඉතාමත් ඉහළ ගුණාත්මක බවක් තියෙන්න ඕනමයි. ඒ ගුණාත්මක බව ඇති කරන්න රජයේ සරසවි වලට උදව් කරන්න පුළුවන්. මට තියෙන ප්‍රශ්නයක් තමයි ඇයි ඔවුන් ඊට අකමැති?

    ReplyDelete
  17. ඔවුන්ගෙන් බහුතරයකට මේක ගැටලුවක් නොවෙයි..නමුත් ඔවුන්ගේ මතය ඔවුන් ප්‍රකාශ කරන්නේ නෑ...සමස්ත සරසවි සිසුන්ගේ අදහස/මතය ලෙස මාකටින් වෙන්නේ එහෙම නැත්නම් ප්‍රකාශ වෙන්නෙ සුලු පිරිසකගේ දේශපාලන මතයක්!

    ReplyDelete
  18. ඔබට බොහොම ස්තුතියි සබිත්. Anonymous - posted on July 18, 2011 at 9:01 PM

    ReplyDelete
  19. hmmmmm z එකේ point ගානෙන් med ,eng යන්න බැරි වෙන උන් ලක්ෂ ගණන් දීල රට යන්න ඕනෙද? උන් මැට්ටෝ නෙමේ සමහරවිට ඔය uni ගිය උන්ට වඩා මීටර් wenna පුළුවන් ...ඔය පැය 3 ජීවිතේ කඩ ඉමක් තම හබි ජීවිතේ අවසානය නෙමේ එත් ලංකාවේ වෙලා තියෙන්නේ ඕනෙවට වැඩ පීඩනයක් ළමයට දෙන එකprivate uni එනවනම් මෙඅ කෙහෙල්මල් තරගේ ළමඊ පිස්සුවෙන් වගේ දුවන එක ටිකක් aduwei......( ඔය එන සතියේ මත මේ AL ඔය කොරන්ට තම ඉන්නේ )

    ReplyDelete
  20. ස්තුතියි බිංගෝ අදහස් වලට!

    ReplyDelete
  21. ඇත්තම කියන්න ඕනෙ, කාලයක් මමත් පුද්ගලික විශ්ව විද්‍යාල ඇති කිරීම ගැන දැරුවෙ ප්‍රතිවිරෝධී ආකල්පයක්. විශ්ව විද්‍යාල ශිෂ්‍යයෙක්ව සිටි කාලෙ ( පුද්ගලික හේතු නිසා degree එක complete කරගන්න බැරි උනා) අපේ මනස් තුලට බලෙන් කාවද්ද්නු ලැබූ සමහර අදහස් වල හිරවෙලා ලෝකය දිහා බලන්න පුරුදු වෙච්චි නිසා තමයි එහෙම වෙන්න ඇත්තෙ. නමුත් කාලයත් එක්ක රට තොට ඇවිදල සමාජය, ජීවිතය, මින්ස්සු දිහෑ නිවැරදිව දකින්න, නිදහස්ව හිතන්න පුරුදු වෙන කොට යථාර්ථය වැටහුනා. අද දවසේ මීට විරුද්ධ වෙන බොහොමයක් විශ්ව විද්‍යාල ශිෂ්‍යයන්ගෙ මන්න්සිත්වයත් එයම වෙන්න ඇති. නමුත් ඔවුන්ට දෝශාරෝපණය කරන්න මට හැකියාව නැ. වැඩි දුර ඉගැණීමට අශාව ඇතිකමද වාසනාවක්, ඉතින් එය මුදුන්පමුණුවා ගත නොහැකිව මියැදෙන්න හැරීම මොන තරම් අභාග්‍යක්ද?

    ReplyDelete
  22. මගේ මතය පක්ෂග්‍රාහී වෙන්න පුළුවන්.ඒත් මම කැමතියි බලන අය විවෘතව ඒක දිහා බලනවනම්.මම දන්න ක්ෂේත්‍රය ගැන විතරක් මම කියන්නම්.

    1.ලංකාවේ වෛද්‍යවරුන් අවශ්‍ය ප්‍රමාණය නිපදවන්න දැනට ඇති වෛද්‍යපීඨ සමත්.නමුත් රජයට ඒ ටිකවත් දරාගන්න බෑ කියලා අනිවාර්ය පත්වීම් තව ටික කාලෙකින් නවත්තන්නලු ඉන්නෙ.එතකොට ඔය හදන අතිරික්තයට මොකද වෙන්නෙ?

    2.උ\පෙ කියන්නෙ සාධාරණම ක්‍රමේ නොවන බව මමත් පිළිගන්නවා.ඒත් පිටරට ඉඳන් එන බහුතරයකට ඇක්ට් 16 කියන ලංකාවේදී ඔවුන් මුහුන දිය යුතු පරීක්ෂණය සමත් වෙන්න බැරි ඇයි?

    3.ලංකාවේ දැන් තියෙන පුද්ගලික වෛද්‍ය උපාධිය රු. ලක්ෂ 60ක්.මේ ගාන වියදම් කරන්න පුළුවන් කී දෙනාද මේ රටේ ඉන්නෙ? අනිවාර්යයෙන්ම ඔක්කොම ඇමතියන්ගෙ හරක් පැටව් ඔක්කොම දොස්තරලා වේවි.

    4.දැන් මාලඹේ තියෙන පුද්ගලික පීඨයට ළමයි බඳව ගන්නකොට ඒකෙ ලොකු මහත්තයා ලොකුවට කිව්වා ඒ ළමයින්ට සායනික පුහුණුව ලබන්න ජාතික රෝහල වගේ නොමිලේ ප්‍රතිකාර කරන රෝහලක් ඉඳි කරනවා කියලා.මොකද දැනට රජයේ රෝහල්වල ඉඩකඩ රජයේ පීඨවල ළමයින්ටත් මදි.ඒ අය ඒ අවස්ථාව ලබාගන්නෙත් බොහොම අපහසුවෙන්.ඊටපස්සේ ඒ මහත්තයා කිව්වා රටේ ලොකු පුද්ගලික රෝහලක් මේ ළමයින්ට සායනික පුහුණුවට දෙනවා කියලා.සායනික පුහුණුව වෛද්‍ය ශිෂ්‍යයෙක්ට කොච්චර වැදගත්ද කියලා ඒ ක්ෂේත්‍රයේ අය දන්නවා.ඒ අවශ්‍යකරන සායනික පුහුණුව පුද්ගලික රෝහලකට එන සීමිත රෝගීන්ගේ සීමිත රෝගවලින් ලබන්න බෑ.දැන් ඒ පුද්ගලික පීඨයේ ළමුන් සායනික පුහුණුව ලබාගන්න විදිහක් නැතුව හිරවෙලා ඉන්නව කියලා කවුරුත් කාටවත් කියන්නෙනම් නෑ.

    පුද්ගලික විශ්වවිද්‍යාල දාන්න ඕනෙ.නමුත් ඒකට නිසි ක්‍රමවේදයක් ඕනෙ.එස් බී කරන්න හදනවා වගේ මොර දීලා ඒක කරන්න බෑ.

    ReplyDelete
  23. සමවෙන්න ප්‍රතිචාර දක්වන්න පමා උනාට! ලැප් එක කැඩිල තිබුනා..තව පෞද්ගලික වැඩ කිහිපයක් නිසා ටිකක් කාර්්‍ය බහුල වෙලා හිටියේ!
    දිනුක : ඔබගේ අදහසට මං ගරු කරනවා..
    ඒ ගමන්ම මේ කරුනු ටිකත් ඔබේ අවදානයට යොමු කරනවා..
    ඔබ කතා කරන්නේ ලක්ෂ 60ක් ගෙවන්න බැරි පිරිස ගැන..නමුත් මා කත කරන්නේ දැනටමත් ලක්ෂ 60ක් ගෙවල වසරකට රට යන 500කට අධික පිරිස ගැන...අපි යන්න බැරි අය ගැන කත කරන්න කලින් මේ යන 500ක් පිරිස නවත්තගන්න ඕන..ඊට පස්සේ අපිට පුලුවන් මොකක් හරි ක්‍රමයකින් ඉතුරු අයගේ ප්‍රශ්න ආමන්ත්‍රනය කරන්න..
    රජයට පත්වීම් දෙන්න බැරි වීම ඔවුන් විස්ඳා ගත යුතුයි..රටට වෛද්්‍ය වරු වැඩිනම් ඔබ කියන විදිහට ඉතුරු ටිකට මොකද වෙන්නේ කියල අහන්න තිබ්බ..නමුත් රටට වෛද්්‍යවරු අවශ්‍යයි...පත්වීම් දරන්න බෑ කියල රටේ ජනතාවගේ මුලික අයිතිය කප්පාදු කරන්න රජයකට හැකියාවක් නෑ!
    ඇක්ට් 16 එක අනිවාර්යෙන් සමත් වෙනවා සිසුන්...නමුත් ඔවුන් සටන් කරන්නේ ඔවුන්ට පනවා ඇති අසාධාරන කඩ ඉම් ලකුනු ගැන (දේශීය සිසුවෙක් ලකුනු 40 ක් අරන් පාස් වෙද්දි විදෙශ් සිසුන් 65ක් ගන්න ඕන වගේ තත්ත්වයක් තියෙන්නේ!) වැඩ කරන්නේ එකම රටේ නම්,බෙහෙත් දෙන්නේ එකම ලෙඩුන්ට නම් ඇයි හැඳි දෙකකින් බෙදන්නේ??ඔවුන්ම හිතනවා නම් ඒ විභාගයෙන් 40ක් ගත්තම ඇති කියල, විදෙශ් සිසුන්ට විතරක් ඒක මදි ඇයි?

    ReplyDelete
  24. රජයේ පත්වීම් සම්බඳ ගැටළුවෙදි ඔබ ලිස්සාගියා කියලයි මට හිතෙන්නෙ.රජයකට දෙන්න බැරිනම් කොහොමද දෙන්නෙ.ජනතාවගේ අයිතිවාසිකම් කප්පාදු වෙන එක ඇත්ත.නමුත් රජයට වැටුප් ගෙවන්න හැකියාවක් නෑ කියනවානම් ඔබ ලෑස්තිද ජනතාව වෙනුවෙන් නොමිලේ රෝහලක සේවය කරන්න?.

    උසස් පෙල දරුවෙක්ගෙ දැනුම මනින්න ඇති හොඳම ක්‍රමය නොවෙයි කියලා මම දන්නවා.නමුත් මතකය තර්කය හා තර්කන සීඝ්‍රතාව වගේ සාධක මනින්න වේනත් ක්‍රමයක් ඔබට යෝජනා කරන්න පුළුවන්ද?දැනට පවතින ක්‍රමයෙ අපිට ඇති මිනුම් දණ්ඩ තමයි උසස් පෙල.එහෙම වෙද්දි විශ්ව විද්‍යාලයට යන්න නොහැකිව A දෙකයි B එකයි ගන්න දුප්පත් දරුවා පැත්තකට දාලා C තුනක් හෝ සමහරවිට ඊටත් අඩු ලකුණු ගන්න ඒත් සල්ලි තියෙන දෙමව්පියන්ගෙ දරුවා විශ්වවිද්‍යාලයට යද්දි කෝ සමානතාව? සාධාරණත්වය?

    ඇක්ට් 16 ගැන ඔබ දන්නා කරුණ සම්පූර්ණ මුසාවක් බව කණගාටුවෙන් උනත් කියන්න කැමතියි.දේශීය සිසුන් සමත් වීමට ලකුණු 50ක් ලබාගත යුතුයි.විදෙස් සිසුන් සඳහාද පැවතියේ මේ ලකුණු 50 සීමාවම තමයි.ඒ වගේම මතක් කරන්න කැමතියි දේශීය හා විදේශීය සිසුන් යන දෙගොල්ලන්ටම ප්‍රශ්න ලබා ගන්නේ එකම බහුවරණ ප්‍රශ්න මූලාශ්‍රයකින් බව.නමුත් විදෙස් සිසුන් විභාගය අසීරුයැයි පවසා ඔවුන්ගේ සමත්වීමේ කඩඉම 45 දක්වා පහත හෙලන ලෙසට ඉල්ලා සිට තිබෙනවා.ඇක්ට් 16 ගැන ඔබගේ ප්‍රකාශයට උත්තර දීම පමා උනේ මා ඒ පිළිබඳව සොයා බැලූ නිසා බැවු ද මෙහිදී සඳහන් කරනු කැමැත්තෙමි.

    දැනට ලක්ෂ 60ක් ගෙවා පිටරට යන පිරිස ගැන ඔබ කියනවා.මට හෙට දිනයේ මොකක් හෝ බැරෑරුම් උපාධියක් කරන්නට සිතුනොත් සහ ඒ සඳහා මේ රට තුලදී මගේ සුදුසුකම් ප්‍රමාණවත් නොවුනොත් මටත් සිද්දවෙනවා විදෙස්ගතවී මුදල් වැය කොට එය ලබාගන්න.නමුත් මගේ ඒ කැමැත්ත නිසා රට තුල අසාධාරණත්වයක් සහ මුදල රජයන තත්වයක් නිර්මාණයට මම දායක විය යුතු ද?

    ReplyDelete
  25. සමානාත්මක තාව පිලිබඳ ප්‍රශ්නය මතුවෙන්නේ නිදහස් අධ්‍යාපනය ලබා දෙන අපේ රටේ විතරයි....අනිත් රටවල දුප්පත් ලමයි නැද්ද???ඔවුන් වැඩි දුර අධ්‍යාපනය ලබන්නේ නැද්ද? ඔවුන්ට ණය මුදලක් ලබා දෙනවා පඩියෙන් කැපී යන පරිදි....පැහැදිලි වැඩපිලිවලක් තියනව නම් ඔය ප්‍රශ්න සේරටම පිලිතුරු දෙන්න පුලුවන්!නිදහස් අධ්‍යාපනයේ උපරිම පල ලබමින් මහජනයාගේ බදු මුදලින්(ලක්ෂ 20ක් පමන) වෛද්‍ය වරයෙක් වන ඔබට අපෙන් නොමිලේ වැඩ කරන්න ලැස්තිද කියල අහන්න තරම් සදාචාරත්මක අය්තියක් තියනව කියල මං හිතන්නේ නෑ!

    ReplyDelete
  26. This is only a one dimensional way of looking at it. Keep in mind that part money that these people take will be paid back as salaries, and taxes. Also these organizations create small bubbles of economic growth. See what happened in the surrounding of SLIIT in Malabe.That money is not going to go to any other country.

    Still you did not answer the main point. Why spend 6.5m for a PMC degree in SL when you can spend 3m in Latvia? The salaries will be a very small percentage of 6.5m and per student more money will be lost from Sl than a student going to latvia

    If we go by this argument we should not allow any foreign investor as what most of them do is make money here and take them to their country.

    Once again non issue is raised. Education is not a business. There's no point in buying a car which is 5m which is SL made (and most of the money going to the investor) than buying a 2.5m foreign made one

    Also those who are educated locally are more likely to work locally which will help to improve lives of locals.

    Once again wrong. MOST of the foreign medical graduates work here because they are not allowed to work or do the intern ship in the countries they graduate. Otherwise they have to pay a hell of a lot. Foreign or local almost all medical gradautes work in SL, at least till they get SLMC registration

    'Cheap' is a relative term. But having private universities will be always lot cheaper than traveling to some other country when you factor in cost of living, traveling, other social and secondary economic costs.Always is always a wrong term. Malabe PMC is hell of a lot expensive than Manipal or Latvia, even when all those costs are included and only ahandful of students can enter such a university


    Better would be to enrol paid students to Government Medical Faculties. They can very well cater 20% more students if the money involved is used to upgrade universities. But the bandwagon for PMCs oppose this, because they know most of them cannot compete with GMC students

    ReplyDelete
  27. මා මෙය කලෙකට ඉහත ලියූවකි. වෛද්‍ය අධ්යාපනයේ වෙනස්කම් හා පුද්ගලික වෙද විදුහල් ගැන ඔබ අසන ප්‍රශ්න බොහොමයකට උත්තර මෙහි තිබෙනු ඇත. මේ බ්ලොගය දනට වසා දමා ඇති නිසා මුළු ලිපියම මෙහි පළ කරමි. අපහසුතාවයට සමාව!

    පුද්ගලික සමාගමක් විසින් ආරම්භ කරන ලද වෛද්‍යය විද්‍යාලයක් මාලබේ පිහිටුවා ඇති බවත් එයට සිසුන් ඇතුළත් කිරීම ආරම්භ වී ඇති බවත් මෑතක දී දැන ගන්නට ලැබිණ. පුද්ගලික වෙද විදුහල් යන මාතෘකාව ලාංකික සමාජය තුළ මුල් බැස ගත්තේ අද ඊයේ නොවේ. පුද්ගලික වෙද විදුහල් වල අතීතය හාරා අවුස්සා බැලීමේදී 1986 වසරේ දී රාගම රෝහලට අනුයුක්තව පළමු පුද්ගලික වෙද විදුහල අරඹන ලදී. නමුත් රට තුළ නැගි දැවැන්ත ශිෂ්‍ය විරෝධය නිසා හා ශිෂ්‍ය ක්‍රියාකාරීන් රැසකගේ මළ සිරුරු මතින් 1988 දී රාගම පුද්ගලික වෙද විදුහල කැළණීය සරසවියට පවරා ගැණින. ඉන් පසුව කිහිප විටෙක දී මේ සඳහා උත්සාහයන් ගැණුන ද, ඒවා ලත් තැනම ලොප් වී ගියේ වෛද්‍යවරුන්ගෙන් හා වෛද්‍ය සිසුන්ගෙන් එල්ල වූ දැඩි විරෝධතා මතය.

    අද වන විට උපාධිධාරී වෛද්‍යවරුන් 23,000 පමණ වෛද්‍ය සභාවේ ලියාපදිංචිය ලබා ගෙන ඇත. නමුත් විශ්‍රාම යාම්, රටින් බැහැර වීම්, විශ්ව විද්‍යාල සේවය, මිය යාම හා ආබාධිත වීම් යනාදී හේතු නිසා සේවයේ යෙදෙනුයේ වෛද්‍යවරුන් 18,000 - 19,000 අතර ප්‍ර‍මාණයකි. මේ ප්‍රමාණය අනුව එක් වෛද්‍යවරයකුගේ සේවය ලබන ජනගහණය 1000 ක් පමණ වේ. අප අසල්වැසි රට වලට වඩා ඉතාම හොඳ වෛද්‍ය සේවයක් පිළිබඳ උදම් අනන අප මේ කරුණ ඉදිරියේ විමසිලිමත් විය යුතුය. ඉන්දියාවේ පවා මේ අනුපාතය මෙයට කිට්ටු අගයකි. එබැවින් රට තුළ වෛද්‍යවරුන්ගේ හිඟයක් පවතී. අවම මට්ටමේ සෞඛ්‍ය සේවයක් පවත්වා ගැනීමට වෛද්‍යවරුන් 40,000 ක් වත් ශ්‍රී ලංකාවට අවශ්‍ය වේ. රජයේ වෙද විදුහල් වලින් දැනට වසරකට පිට කෙරෙන වෛද්‍ය උපාධිධාරීන් සංඛ්‍යාව 900 කි. රජරට වෙද විදුහලෙහි උපාධිධාරීන් ද එක් කළ විට මෙය 1000 පමණ වේ. වසරකට පිටරට විශ්ව විද්‍යාල වලින් උපාධි ලබා පැමිණෙන සිසුන් ගණන ද 100 - 150 පමණ වේ. එබැවින් වසරකට වෛද්‍යවරුන් 1200 ක් පමණ සේවයට එක් වන අතර 200 ක් පමණ සේවයෙන් විශ්‍රාම යති. එබැවින් වෛද්‍ය හිඟය පිය වීමට රජයේ වෙද විදුහල් වලට තවත් වසර 20ක් පමණ ගත වනු ඇත. එබැවින් වෛද්‍ය උපාධිධාරීන් ගේ සංබ්‍යාව ඉහළ නැංවීම අත්‍යවශ්‍ය කාරණයකි.

    අනෙක් අතට සරසවි පිවිසුම් ලකුණු / Z අගය තීරණය කරනුයේ සංකීර්ණ ක්‍රියාවලියක් මගිනි. සරසවි පිවිසෙන්නන්ගෙන් 40% කුසලතා පදනම මතත් 60% දිස්ත්‍රික් පදනම මතත් බඳවා ගැනේ. දිස්ත්‍රික් පදනම යටතේ සිසුන් තෝරා ගැනීමේ දී කොළඹ, ගාල්ල, මාතර, මහ නුවර හා යාපනය දිස්ත්‍රික්ක වල ඉහළ ලකුණු ලැබූ සිසුන් ට වඩා පහළ ලකුණු ලැබූ ග්‍රාමීය දිස්ත්‍රික්ක වල සිසුන් සරසවි වරම් ලබති. මේ ඉහළ ලකුණු ලබා සරසවි පිවිසුම් අහිමි වන පිරිස ද, ඇත්ත වශයෙන්ම දක්ෂයෝ වෙති. මේ පිරිසෙන් මුදල් ඇති අය, විදෙස් සරසවි වලින් වෙද උපාධිය ලබා ගනිති. මෙලෙස එක් සිසුවකුට වියදම් වන මුළු මුදල රුපියල් දස ලක්ෂ 3.5 - 8 දක්වා වෙනස් වෙයි. මේ මුදලින් කොටසක් හෝ රට තුළ ඉතිරි කර ගැන්මට හැකි නම් රටේ විදේශ විනිමය ප්‍රශ්නයට මඳකින් හෝ දායක වීමට හැකි වනු ඇත.

    ReplyDelete
  28. මේ අනුව බලන කල රටෙහි පුද්ගලික වෙද විදුහල් පිහිටුවීම අත්‍යවශ්‍ය කරුණක් බව පෙනී යනු ඇත. එසේ වුව ද පුද්ගලික වෙද විදුහල් පිහිටුවීම සඳහා වූ යටිතල පහසුකම් හා ඊට අවශ්‍ය සමාජ වටපිටාව නිර්මාණය වී තිබේ දැයි විමසා බැලීම වටී.

    මේ සඳහා පළමුවෙන් ම වෛද්‍ය උපාධිධාරියා ලබන පුහුණුව ගැන මඳ අවබෝධයක් ලබා ගත යුතුය. මෙම පුහුණුව වසර 5 ක් වන දීර්ඝ වූ එකකි. අද වන විට රජයේ වෙද විදුහල් තුළ දෙයාකාරයක විෂය නිර්දේශ ක්‍රියාත්මත වේ. පේරාදෙණිය, යාපනය, රුහුණ හා රාගම වෙද විදුහල් වල 2nd MBBS ලෙස හඳුන්වන සම්ප්‍රදායික විෂය නිර්දේශය ක්‍රියාත්මක වේ. මෙය විෂය මූලික නිර්දේශයකි. ව්‍යාධිවේද විද්‍යාව වෙනමත්, සායනික වෛද්‍ය විද්‍යාව වෙනමත් නාරි හා ප්‍රසව වේදය වෙනමත් ආදී ලෙස විෂයයන් අනුව මෙහිදී දේශන හා ප්‍රායෝගික ක්‍රි‍යාකාරකම් සිදු කෙරේ. කොළඹ, ජයවර්ධනපුර හා රජරට පීඨයන් හි නව ක්‍රමයක් වන මොඩියුල ක්‍රමය ක්‍රියාත්මක වේ. මෙහිදී ශරීරයේ යම් යම් පද්ධති වෙන වෙනම ගෙන අධ්‍යයනය සිදුවේ. මේ කොයි පීඨය තුළත් 2 වන වසර සිට ඇරඹෙන්නා වූ, රෝහල් මූලිකව කෙරෙන සායනික පුහුණු වැඩ පිළිවෙළක් වේ. මෙහිදී වෛද්‍ය විද්‍යාවේ ඇති සියළුම අංශයන්හි මූලික පුහුණුවක් වෛද්‍ය සිසුන්ට ලබා දෙයි. (මෙවැනි අංශ 54 ක පුහුණුවට කොළඹ වෛද්‍ය පීඨයේ උපාධි අපේක්ෂකයන් යවනු ලැබේ). අවසානයේ දී පොදු ප්‍රශ්න පත්‍රයක් මගින් හා පොදු මහැදුරු මඬුල්ලක් ඉදිරියේ පවත්වන සායනික කුසලතා විභාගයකින් පසුව සීමා වාසික පත්වීම් සඳහා වූ කුසලතා ලැයිස්තුව සාදනු ලබයි. විදෙස් සරසවි වලින් උපාධිය ලබා පැමිණෙන උපාධිධාරීහු Act 16 ලෙස හඳුන්වන කුසලතා විභාගයකට පෙනී සිට ඔවුන් හට ශ්‍රී ලංකාවේ සේවයෙහි යෙදීමට උචිත දැනුමක් ඇති බව පෙන් විය යුතුය. ඉන් පසු ඔවුන් ද කුසලතා ලැයිස්තුවට එක් කරනු ලබයි.

    පුද්ගලික වෙද විදුහල් ඇරඹීමට සුදුසු යටිතල පහසුකම් ශ්‍රී ලංකාවේ ඇති දැයි අප මුලින්ම විමසා බලමු. වෙද විදුහලක් ඇරඹිය යුත්තේ සායනික පුහුණුව සැපයීස සඳහා සුදුසු පහසුකම් ඇති රෝහලක් ආසන්නවය. පුද්ගලික වෙද විදුහල් වල සායනික පුහුණුව සඳහා රජයේ රෝහල් නොමිලයේ ලබා දෙතැයි සිතීම උගහටය. එසේ පුහුණුව ලබා දෙන්නේ නම් එක් සිසුවකු සඳහා රුපියල් දස ලක්ෂ 3-4 දක්වා මුදලක් රජයට ගෙවන්නට පුද්ගලික වෙද විදුහල් අයිතිකරුවන්ට සිදුවනු ඇත. එවිට දැනටමත් රුපියල් දස ලක්ෂ 6 ක් වූ ගාස්තුව දසලක්ෂ 9 දක්වා වැඩි වීම සිදු වනු ඇත. එසේ නොකරන්නේ නම් ඇති අනෙක් විකල්පය නම් පුද්ගලික රෝහලක මේ පුහුණුව සිදු කිරීමයි. පුද්ගලික රෝහල් වල ඇති පහසුකම් රජයේ රෝහල් වලට වඩා බොහෝ වැඩි බව නොරහසකි. නවීන ප්‍රතිකාර ක්‍රම ද පුද්ගලික රෝහල් වල සිදු කළ හැක. නමුත් වෛද්‍ය ශිෂ්‍යයන්ට වැදගත් වනුයේ මේවා නොව මූලික දැනුම ය. ඔවුන් සී.ටී. රූපයක් බලා එහි ඇති අසාමාන්‍යතා හඳුනනවාට වඩා එක්ස් කිරණ පිටපතක ඇති අසාමාන්‍යතාවක් හඳුනා ගැනීම අනිවාර්යයයෙන් දැන ගත යුත්තකි. පුද්ගලික රෝහල් වලට පැමිණෙන රෝගීන් සංඛ්‍යාව, රජයේ රෝහල් වලට වඩා බෙහෙවන් අඩුය. තව ද, විෂ වීම්, පහර දීම් ආදී අධිකරණ වෛද්‍ය කටයුතු කෙරෙන්නේද රජයේ රෝහල් ආශ්‍රිතව පමණි. මේ අනුව පුද්ගලික රෝහලක සිදු කෙරෙන්නා වූ සායනික පුහුණුවෙහි තත්ත්වය පිළිබඳව සැකයන් ඇති කර ගැනීමට සිදුවේ. එබැවින් රෝගී ජීවිත සම කෙළින්ම ගනුදෙනු කරන වෛද්‍යවරයකු, අවශ්‍ය ප්‍රමිතියට අනුව පුද්ගලික වෙද විදුහල් වලට බිහි කළ හැකි ද යන ප්‍රශ්නය ඉතිරි වේ.

    ReplyDelete
  29. අප රට දුප්පත් රටකි. වසරකට රුපියල් දසලක්ෂයක් වියදම් කළ හැකි පවුල් ඇත්තේ 5 - 10% ක් පමණි. එබැවින් යෝජිත පුද්ගලික විශ්ව විද්‍යාල වල අධ්‍යාපනය ලැබීමේ වරම රටේ බහුතරයකට නොලැබී යනු ඇත. අනෙක් අතට මෙවැනි මුදල් ගෙවා කරන අධ්‍යාපනයට ශිෂ්‍ය ණය ව්‍යාපෘති සමහර රට වල ඇතත්, අප රටෙහි එවැන්නක් පසුගිය වසර 20 තුළම ක්‍රියාත්මක නොවීය. එබැවින් පුද්ගලික වෙද විදුහල් සාර්ථක වීමට නම් ශිෂ්‍ය ණය ව්‍යාපෘති ආදිය ඇති කිරීමෙන් දුප්පත් සිසුන්ටත් මේ සඳහා වූ අවස්ථාව ලබා දිය හැකිය.

    වෛද්‍ය වෘත්තිය වැනි අවදානම් තීරණ ගත යුතු වෘත්තියකට පිවිසෙන කුමන හෝ අයකු යම් ප්‍රශස්ත බුද්ධි මට්ටමකින් යුක්ත විය යුතුය. පුද්ගලික වෙද විදුහල් ලාභය සඳහාම ක්‍රියාත්මක වන බැවින් ඇතුළු කර ගන්නා සිසුන්ගේ අධ්‍යාපන සුදුසුකම් විශාල ප්‍රශ්නයක් සේ නොසැලකෙනු ඇත. එබැවින් නුසුදුස්සන් පුද්ගලික වෙද විදුහල් වලට ඇතුළු වීම නිරායාසයෙන්ම සිදු වනු ඇත. අවම සුදුසුකම් මට්ටමක් තිබිය යුතු යැයි යමෙක් නිර්දේශ කළත්. අප රටෙහි දූෂිත දේශපාලන පසුබිම තුළ එවැනි සීමාවන් ඉක්මවා සිසුන් ඇතුළු කිරීම සිදු කෙරෙනු ඇත. මා සිහින දකිතැයි යමෙක් මට චෝදනා කළ හැකිය. නමුත් 1986 දී උතුරු කොළඹ පුද්ගලික වෙද විදුහල තුළ සිදු වූයේ මේ හා සමාන දෙයකි. උසස් පෙළ දී විෂයයන් හතරම අසමත් වූ සිසුන් පවා එයට ඇතුළත් කරගෙන තිබිණ.

    අප රටෙහි සියළු වෙද විදුහල් වල විෂය නිර්දේශ සහ පුහුණුවෙහි තත්ත්වය වෛද්‍ය සභාව මගින් නිරතුරු අධීක්ෂණයට ලක්වේ. මෙම පුද්ගලික වෙද විදුහල් වෛද්‍ය සභාවේ අධීක්ෂණයට ලක් නොවේ. එබැවින් විභාග පටිපාටියේ ගුණාත්මක තත්ත්වය ගැන වෛද්‍ය සභාවේ නිර්දේශයන් පිළිපැදීම පුද්ගලික වෙද විදුහල් වලට අවශ්‍ය නොවේ. එබැවින් නුසුදුස්සන් බඳවා ගත් පසු, පහසු විභාගයන් පැවැත්වීමෙන් පසු පහසු උපාධියක් රැගෙන ඔවුන් පිටව යති.

    වෙද විදුහල් වල පාඨමාලා මෙහෙයවිය හැකි සුදුසුකම් ඇති ආචාර්ය මණ්ඩලය ඉතා සීමිත සංඛ්‍යාවකි. පුද්ගලික වෙද විදුහල් පිටරට ඇදුරන් මගින් පාඨමාලා මෙහෙයවන බව ප්‍රකාශ කළත්, පසු කාලීනව ඔවුන්ට වඩා අඩු වැටුපකට දේශීය වෙද විදුහල් වල ඇදුරන් සේවයට බඳවා ගැනීම පහසු බව ඔවුනට පෙනෙනු ඇත. මෙලෙස සිදු වූ විට රජයේ වෙද විදුහල් වල අධ්‍යාපන තත්ත්වය පහත වැටී, එම උපාධිධාරීන්ගේ ගුණාත්මක භාවය ද අඩු වනු ඇත.

    ReplyDelete
  30. මෙබදු පුද්ගලික වෙද විදුහල් වලන් පිටවන උපාධිධාරීන්ට රැකියා ලැබේ ද යන පැණය මී ළගට මතු වේ. සෞඛ්‍ය අමාත්‍යංශය පවසන පරිදි වසර 2011 න් පසුව පිටවන වෛද්‍ය උපාධිධාරීන්ට රජයේ සේවයට එක් කර ගනු නොලැබේ. මෙලෙස එකතු වන රැකියා රහිත පෝලිමට, තවත් 100ක් පමණ එකතු කිරීමෙන් ප්‍රශ්නය උග්‍ර වීම මිස විසඳීමක් සිදු නොවනු ඇත.

    මේ නයින් බලන කල පුද්ගලික වෙද විදුහල් අවශ්‍යතාවයක් වුව ද ඒ සඳහා වූ මූලික කරුණු ශ්‍රී ලංකාව තුළ සම්පූර්ණ වී නොමැත. මේ කරුණු සම්පූර්ණ වන තුරු රජයේ වෙද විදුහල් වලට ගෙවීමේ පදනම මත සිසුන් ඇතුළත් කර ගත හැකි වනු ඇත. විශ්වාසදායී ශිෂ්‍ය ණය ව්‍යාපාරයක් ඇති විය යුතු අතර, පුද්ගලික වෙද විදුහල් ඇති වන්නේ නම් ඒවා වෛද්‍ය සභාවේ අධීක්ෂණයට ලක් විය යුතු අතර රජයේ වෙද විදුහල් සමඟ පොදු විභාග පටිපාටියකට එක විය යුතුය. මීට වසර 20 කට පමණ පෙර සිදු වූ අවාසනාවන්ත සිදු වීම් එවිට අපට දකින්නට නොලැබෙනු ඇත.

    ReplyDelete
  31. බොහොම ස්තුතියි වෛද්්‍ය තුමනි..මගේ ලිපියට වඩා ඉතා සවිස්තරාත්මක ලිපියක්...ගොඩක් අගේ කරනවා!ඔබ තුමාගේ අකමැත්තක් නැත්නම් මට පුලුවන් ඔබේ නම සහිතව මේ ලිපියේම දිගුවක් ලෙස මගේ බ්ලොග් එකේ පලකරන්න!

    ReplyDelete
  32. ප්‍රශ්නයක් නැහැ එය උපුටා ගත්තාට

    ReplyDelete
  33. ලිපිය කියෙව්වා මචං.. පැහැදිලිව අදහස් දක්වලා තියෙනවා..ඒත් ඔය මාතෘකාව කෙනෙක්ට පැහැදිලි කරන්න ගොඩාක් අමාරුයි මචං.. මොකද no PMC කියලා සටන් පාඨය ගේන්න එක එක අය ගේන තර්ක වෙනස්..

    ReplyDelete
  34. Im also a student in a foreign medical college.actually im from USTC.i do have a lot to say in this but let me address a few points id like to share

    * no matter what anyone would say,if a person would want to become a doctor & if they do not get their chance through their A/L examination & if they have the ability to spend money, they definitely will consider & implement options such as going abroad for a medical degree.so yes,millions of rupees are lost every year for the simple lack of private medical colleges in Sri Lanka.just imagine if there were no private educational institutes in this country for the purpose of "protecting the right to free education" .this country would be crippled from the bottom up for the lack of qualified professionals in various disciplines.the reason this has caused so much debate is that this is as i think the only degree that's not privatized dude to the gravity of the job involved.it is true that the medical practitioner must be of excellent quality.but having exams as the act16 is serving the purpose of rooting out potential doctors who dont make the cut.so the argument of their quality does not really apply for the fact that it will be tested prior they practice in this country.if they fail thats their problem.others do not need to pull out their hair & scream at the top of their voices that foreign students fail the act16.because thats why the act16 is there.people are supposed to fail.even local students fail it.if people are failing then its doing its job.the bottom line is the quality assurance of doctors is not at risk for all prospective students must go through this screening procedure to be able to work in this country.so the real problem of questioning the foreign graduate's knowledge of clinical ability would become obsolete for measuring that & assessing it does reside within the boundaries of the medical council of Sri Lanka.so now it should be clear that nobody should "fear" that we the foreign students would run rampant withing hospitals killing patients with evil smiles on our faces for we simply can not work if we dont make the cut.simple & to the point,we must be good enough to work here.i hope everyone would get this point.

    ReplyDelete
  35. *about the flow of money to other countries,well its called commerce & our country,sad to say,kinda sucks at it.Singapore passed us in about 30 years.just 30.one of the strongest nation in the world,America has a history of about 200 years whereas we have a written history for over 2000.we must feel very sad about this.for our speed of growth comparatively is in the minus scales.we are in debt to the world & living off free giveaways from other nations called aid.but the funny side to this is that even being in a global situation as such we still have our pride,perhaps the result of that 2000 years run as a nation.either way,the point is we need all the help we can get.& i propose we start doing everything we can to help the people in this country.to improve their way of life.this petty political differences have only hindered out growth.not strengthened it.
    I with my very own eyes as sabith have stated earlier seen the secondary economic & social growth around our university in Bangladesh.the surrounding area have simply bloomed compared to other areas of the country.also its currency the Taka is at the moment 1.5 times stronger than us.a very very puzzling & troubling matter for out country simply "looks" very much developed & advanced compared to it.hundreds of small businesses & apartments.hotels restaurants & anything from communications to theme parks.there is even a book shop where they speak in fluent Sinhala.just imagine the level of influence just the Sri Lanka community has caused in this foreign land,for there are Kashmiris, Nepali, Bengoli ( locals ), Bhutani, Maldivian, Pakisthani & other nationals learning here.so imagine the amount of secondary economic & social development that has taken place.im not even talking about the tuition fees the students have to pay.simply just think what happens without involvement from the government or the private university.its simply amazing & I've always thought what it would be like to have that sorts of opportunity back in my beloved homeland.it doesn't not have to be a medical university,anything.simply think about that & with a clear conscious say that having a private university in a rather rural area is not good for our people.in this point i merely want to say that where ever a private university ( or a government one for that matter ) would be placed,the area around it would definitely develop.that level of development depends on the wants & needs of those students.so if it is a private university that accepts foreign students,those needs increase much more than if it were for just local students.so in a developmental point of view,if clearly planned & strongly implemented by the authorities of this country with the proper infrastructure & facilities , there is no denying that it will be a good thing for the students as well as the surrounding population.don't you agree? .im only stating this for i was merely stunned to literally see the area i live in bloom to life.

    ReplyDelete
  36. *the other thing is i dont think the A/L system is at fault.hey,its just like the act16.we need a way to find out people who dont make the cut.& i totally understand why the medical degree requires such a high z score for it is no easy task.i have spent studying for longer than 48 hours straight ( which i know sounds impossible but you'd be surprised with a lot of nescafe & even more determination how much you may accomplish ) & what usually always come to my mind when im finding something difficult was that they certainly wasn't joking around with those z scores.your mind must be at its sharpest to face the ridiculously hundreds of viva exams we face on a regular basis.its not multiple questions.you face your lecturer & he asks you questions & you have to know everything right in order to make it out one of these alive.you cant go eenie miny moe on these or simply pull on out of the hat.
    having said that,its perfectly justified for such a level of professionalism is in fact required for your going to work with peoples lives.not a simple task if you think about it.
    so the A/L exam isn't at fault in my eyes.but when you argue that people who only have 3 Cs can have access to medical degrees,well take a look at the university application book that's published every year & look at the z score needed for a student applying from Colombo.its always way over there around 1.9 & up.now look at what you need if your coming from Nuwara Eliya.yea that's right.not so much right?
    so if you are arguing that people without 3 As would make it into a private university,hey ! Wake up & look around you,ITS ALREADY HAPPENING!
    i have no qualm against all those who do make it into the private university this way.actually its good.im happy for them.i had a z score of 1.8675 .not that high.i missed medical,dental & veterinary science.but every other university degree course was open for me.but as i lay in my home someone for about 1.4 z would make it in simply because the government thinks they should "apologize" for not developing the education in certain areas they cant bother about.its not the students fault.its the fault of all those who oppose positive growth in the name of stale & stagnant & unpractical prehistoric political agendas simply created to cause civil unrest in order to make an unstable government hoping that party may seize power in the next election blaming the ruling party ( i personally do NOT approve the political system in this country but that's another matter entirely )
    so the argument that the students in private universities aren't the best of the best in this country,well its already that same way in government universities.just not as much as it would be in a private university.but the fact that there are people in there with not as many As as you would like your doctor to have breaks the argument altogether.but as you say,these people are not "stupid" ( as on an above comment ,harak ralak nemei ) .they simply didn't do well in an exam.but given the opportunity they would be excellent doctors.just as good as the 3 As people.chances are some of those doctors who came from far away provinces with a low z score are better than the bright dudes.chances are you yourself,you the reader have been treated with one of these doctors.you don't know & you don't care as long as you get the proper care.once you pass the final exam or the act16 & registered in the Sri Lankan medical council,your a doctor & it doesn't matter about your past.

    ReplyDelete
  37. those are the points i saw was utterly pointless & i even had to think about the intellectual capacity of those who propose such absurd arguments.i hope what Ive written is true & i hope i am correct on these points Ive spoken about.correct me please if Im wrong.i do accept feedback be it may positive or negative.also before i finish i have loads more to tell about this topic,but i thought only to speak abut the aspects Ive experienced first hand by myself.

    im not talking about the separation & the mental strain of living alone far away from all loved ones studying the most difficult degree in the world for 5 years.Im not from a rich family.thanks to the immense support of my family & great sacrifices,Im able to pursue this noble goal.but as i believe these aspects of the problem would never be appreciated by the people who oppose us.so there would be no point of talking about it.

    simply think about this.think unbiased & from your mind.not your heart.then tell me these are not valid.i thank you for your patience & apologize if my comment have offended anyone in anyway.i was merely speaking my mind & had no intention to do so.so please forgive me if that is the case.

    to all who are reading this,may you find the right path in your life towards success.i personally believe we must work together & build up this once great nation for our younger generations.with that thought.i will bid you all farewell.until the next time.

    ( to sabith,are you still in Bangladesh? im in kulshi too. )

    ReplyDelete
  38. මම විදේශයක ඉගනගන්න ශිෂ්‍යාවක්, මමත් මෙතනට අවේ නිදහස් අධ්‍යාපනයෙ පිහිටෙන් තමයි.පෞද්ගලික විශ්වවිද්‍යාල සංකල්පයට විරුද්දව කරුණු දක්වන බොහොමයක් දෙනාගෙ ප්‍රධානම තර්කය තමයි

    *පෞද්ගලික වෛද්‍ය විද්්‍යාල, නිදහස් අධ්‍යාපනයේ මලගම(ද?)

    *පුද්ගලික වෙද විදුහල් වලන් පිටවන උපාධිධාරීන්ට රැකියා ලැබේ (ද?)

    ඒත් මම හිතනවා විශ්වවිද්‍යාල ප්‍රජව තුලත් යම් සීතල යුද්ධයක් තිබෙන බවට.පහුගිය කාලේ පිකට් කරපු මිතුරියකගෙන් මම අහුවා "ඇයි මේ කියලා?" දීපු උත්තරයෙන් මම පුදුම වුනා මොකක්ද කිව්වේ "ඔයාල වගෙ නූගත් අය පෞද්ගලික විශ්වවිද්‍යාල වලින් උපාධි ගත්තම අපේ මහන්සියට මොකද වෙන්නේ?
    අපේ ගුරුවරු ඒවට වඩි පඩි වලට යනවා අපිට ගුරුවරු නැති වෙනවා"
    ඒ කථාව කියනවත් එක්කම මගෙ ප්‍රතික්ක්‍රියාව සැර වැඩි වුණාද මන්ද ඒත් ඇහුවා "උඹ උපධිය‍යි වෙදනලාවයි අතින් අරන්ද ඉපදුනෙ?"කියලා, හිතට ආපු උධ්වේගය එතනින් නැවතුනේ නැහැ තව කියුවා "අනික තමන්ගෙ ගුරුවරු වැඩි පඩි වලට යනවනම් එයාලාට පඩි වැඩි කරල දීල පිටට යන්නෙ නැතිවෙන්න ක්‍රමයක් හිතපල්ල උඹලට නැති අනිත් පහසුකම් වඩිකරගන්න පිකට් කරපල්ලා පෞද්ගලික විශ්වවිද්‍යාල අරින්න එපාකියලා පිකට් කරන්නේ උඹලගෙ හිතේ "තරඟය" කියන එකට තියන භය නිසා."

    NO PMC කියන සටන් පාඨයේ තේරුම මම කිවුවා වගේ උපතින්ම වෙද නලාව සහ වෛද්‍ය උපාධිය අතින්ගෙන ඉපදෙන අයගෙ අඳෝනාව.

    ReplyDelete
  39. thx Charaka for your elaborated expression of your idea!much appreciated!

    Suryeon : ඔව්! එක් එක්කෙනා ඔලුවට දාපු මත මිසක් ඔවුන්ටවත් පැහැදිලි අවබෝදයක් නෑ ඔවුන්ට මොනවද ඕන,ඔවුන් ඇයි මෙහෙම කියන්නේ කියල!

    ReplyDelete
  40. ගොසිප් එකට ඔය කොමෙන්ට් එක දැම්මේ ස්ලිට් (SLIIT) එකේ BEng (Hons) Electronic Engineering [2013 Batch] කොල්ලෙක්....

    ReplyDelete
  41. no problem sabith,simply expressing my ideas.& love that comment by suryeon.the funny thing is,they ( local medical students ) don't have anything to fear.they are definitely a very talented bunch.they will easily be good doctors.i wonder why they act in such a way...

    ReplyDelete
  42. මම නම් කියන්නේ පිට රට ඉදලා ආව්ට කමක් නෑ..ශ්‍රී ලන්කාව ඇතුලේ වැඩ කරන්න නම් පාස් වෙන්න ඕනි...ඒක සමත් වෙන අයව කිසිම ගැටලුවක් නැතිව සාදරයෙන් පිලිගන්නවා...ඒත් ඉතින් 550 විභාගෙට වාඩි උනොත් පාස් වෙන්නේ 80ක් විතර....ඒ ඉතින් දැනුම් මට්ටම තමා.

    ReplyDelete
    Replies
    1. එකම රටක වැඩ කරන්න එකම විභාගයක් තියලා ලංංකාවේ උපාධිධාරියොන්ව 40න් පාස් කරලා විදේශයෙන් එන අයට 50ක් ගන්න කියන්නේ ඇයි? දෙගොල්ලොන්ම ප්‍රතිකාර කරන්නේ එකම ලෙඩ්ඩුන්ට නෙවෙයිද? අනික ලංකාවේ විශ්ව විද්‍යාලවලින් ලොව ඉහලම විශ්ව විද්‍යාල 1000 අතර තියෙන්නේ කීයද? එතකොට ඉහල රෑන්ක් තියෙන විශ්ව විද්‍යාල වලින් සමත්වෙලා එන අයගේ දැනුම් මට්ටම අවතක්සේරු කරන්නේ කොහොමද? එම විශ්ව විද්‍යාල ඉහලින් රෑන්ක් වෙලා තියෙන්නේ එයාලගේ විශ්ය කරුණු,පහසුකම්,තාක්ෂණය ඉහලින් තියෙන නිසා නෙවෙයිද? එතකොට ඒවායින් සමත් වෙලා එන අයගේ දැනුම "ඒ ඉතින් දැනුම් මට්ටම තමා" කියලා අවතක්සේරු කරන්නේ මොන පදනමින්ද?

      Delete
  43. අනික බං දැන් ඔය රජයේ කැම්පස් වලට ගිහින් නිදහස් අද්දියාපනේ විකුණනවා කියලා කෑගහන්නේ ඒ ලෙවල් කරන කාලේ අඩුම ගාණේ මාසෙකට 10000ක් වත් ටියුශන් කාරයන්ට පුදපු එවුන්නේ. එතකොට ටියුශන් කාරයෝ කරන්නේ නිදහස් අද්දියාපනේ විකුණන එකෙ නෙමෙයිද ? උන්ට මොකුත් කියන්නේ නෑ. ඔව්ව තනිකරම කුහකකමට ඉරිසියාවට කියන කතා. එහෙමනම් ඉතින් රජයේ රෝහලකට ගිහින් බෙහෙත් ගත්ත මිනිහා ප්‍රයිවට් ඩිස්පෙන්සරියකට ගිහින් බේත් ගත්ත මිනිහෙක්ට කවදාවත් තැන් තැන් වල බැන බැන යනවද ? මොකද ඔය කුහක කම අද්දියාපනේට විතරක්. පැහැදිලි ඉරිසියාව නේ.

    අනික ප්‍රයිවට් කැම්පස් වලත් කෝස් වලට ගන්නේ ආණ්ඩුවේ එව්වට තියෙන්න ඕනේ රිසල්ට්ස් වලින්. ඒ කියන්නේ ඒ ලෙවල් සමත්. සීමිත පිරිසක් ගන්න ඕන නිසා තමයි ඉසෙඩ් ස්කෝර් එක බලන්නේ. බලන්නකෝ ඕනේනම්. යූ.සී.එස්.සී අයි ටී ඩිග්‍රියටත් අවම සුදුසුකම් ඒ ලෙවල් සබ්ජෙක්ට් ලිස්ට් එකකින් එකක් හෝ සමත් වීම. ස්ලිට් එකෙත් එහෙමයි. ඒත් අරකට ඉසෙඩ් ස්කෝර් බලනවා.

    ReplyDelete

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...