Thursday, July 21, 2011

දන්න පැරසිටමෝල්(පැනඩෝල්) ගැන නොදන්න ටිකක්!


පැරසිටමොල් එසේත් නොමැතිනම් පැනඩොල් ලෙස අපි කවුරුත් හඳුන්වන මේ ඖෂධය බොහොම සුලභව අපි කවුරුත් එදිනෙදා භාවිතා කරන බෙහෙතක්...ඉතින් මේ බෙහෙත ගැන දන්න හා නොදන්නා කරුනු කිහිපයක් මේ කෙටි ලිපිය තුල අන්තර්ගත වෙලා තියනවා..

අතීතය: 
     මේ බෙහෙත පලමුව සොයාගෙන තිබෙන්නේ 1877 දී පමන හාර්මන් මෝර්ස් කියන පුද්ගලයා විසින්..නමුත් එය ඇමරිකානු වෙලඳ පොලට පිලිගත් ඖෂධයක් ලෙස එක් වන්නේ නවසිය ගනන් වල මුල් භාගයේ ලෙසයි සඳහන් වී ඇත්තේ..

රසායනික නාමය:   පැරසිටමොල් හෝ ඇසිටොමිනෝ‍ෆින් (C8H9NO2)

වෙලඳ නාම       :   පැනඩොල්, පැර්සිටෝල් (ලංකාවේ)


ලබා ගන්න පුලුවන් මොන විදිහේ තත්ත්වයන් වලදීද?
  • මෙය කුඩා හා මධ්‍යම ප්‍රමානයේ වේදනාවන් වලදී වේදනා නාශකයක් ලෙස ක්‍රියා කරනවා(හිසේ    කැක්කුම්,මාංශ පේශි වල වේදනාවන්,දත් කැක්කුම්)
  • දේහ උෂ්ණත්වය අඩු කරන නිසා උණ වැනි තත්ත්වයන් වලදී හා 
  • වෛද්්‍ය නිර්දේශය මත තවත් රෝග ගනනාවකදී...




ලබාගන්න පුලුවන් ආකාර :
     පෙති, සිරප්,කරල්, suppository(ගුද මාර්ගය ඔස්සේ) වගේම සේලයින් දෙන විදිහට දෙන්නත් පුලුවන්.

මාත්‍රාව: 
     මෙය OTC (over the counter drugs) ලෙස සලකනවා.ඒ කියන්නේ වෛද්්‍යවරයෙක්ගේ තුන්ඩුවක් නැතුව ෆාමසියකින් ලබා ගන්න පුලුවන්(ලංකාවේ කෝකත් ඉතින් ඉල්ලුවම දෙනවනේ..කොටින්ම වැඩ කරන කොලුවත් මාසෙකින් දෙකින් දොස්තර වැඩේ කරන්න හදනවනේ..හැබැයි ඉතින් එහෙම තුන්ඩුවක් නැතුව සමහර බෙහෙත් විකිනීම වගේම අපි ලඟ තබා ගැනීමත් නීතියෙන් දඩුවම් ලැබිය හැකි වරදක්.)
සාමන්යෙන් වැඩිහිටියෙක් වරකට ග්‍රෑම් 1යි(පෙති2) උපරිම ගන්න පුලුවන් මාත්‍රාව ලෙස සැලකෙන්නේ.දවසකට වේල් 3ක් හො 4ක් ලබා ගන්න පුලුවන්(පැය 6න් 6ට)කිසිවිටකත් දවසකට ග්‍රැම් 4කට වැඩියෙන් ලබා ගැනීම නොකල යුතුයි(පෙති8ක්)

වැඩ කරන්න කොච්චර වෙලා යනවද? 
     පෙති වශයෙන් ලබා ගත්තොත් සාමන්යෙන් විනාඩි 11කින් විතර  බෙහෙත තමන්ගේ වැඩ කොටස ආරම්භ කරන්න පටන් ගන්නවා..


කොච්චර වෙලා ඇඟේ තියනවද? 
     සාමාන්‍ය අර්ධ ආයුකාලය පැය 2ක්..ඒ කියන්නේ පෙති 2ක් බිව්වොත් (ග්‍රෑම් 1ක්) පැය 18ක් විතර බෙහෙත ඇඟේ තියනවා...පස්සේ අක්මාව මගින් මේ බෙහෙත නිෂ්ක්‍රීය කරල මුත්‍රා මගින් පිට කරනවා...


අතුරු ආබධ : 
     මේ බෙහෙත සාමන්යෙන් ආරක්ෂාකාරී බෙහෙතක් ලෙස වර්ග කලත් ඇතැම් පුද්ගලයන්ට පැරසිටමෝල් අතුරු ආබාධ ඇතිකරන්න පුලුවන් වගේම සමහර පුද්ගලයන්ට යම් යම් රෝග ත්ත්ත්වයන් වලදී මෙම ඖෂධය අතුරු ආබධ ඇති කරන්න පුලුවන්..

  • පොදුවේ හමේ rashes හා ආසත්මිකතා(ඇලර්ජික්) ඇතිකරන්න පුලුවන්
  •  දිගුකාලීනව නොනවත්වා භාවිත කිරීම වකුගඩුවලට හානි පමුනුවන්න පුලුවන් වගේම
  • එකවර විශාල පෙති සංඛ්‍යාවක් ගැනීම මගින් අක්මාවට හානි වීම සිදුවෙනවා.සාමන්යෙන් එකවර පෙති 20-24ක් ලබා ගැනීම අක්මාවට ඉතා හානිකර හා ඉක්මනින් ප්‍රතිකාර නොකලහොත්  පැය 72-96ත් අතර කාලයකදී අක්මාව නරක් වීම්ට පටන් ගැනීම නිසා මරණය අත් වෙන්නත් පුලුවන්..නිකමට හරි බේරුනත් ඔබේ අක්මාව නැවත හැරවිය නොහැකි ලෙස හානි වී අවසන්..


 අපි අතරින් බොහෝ දෙනෙක් පැනඩෝල් බොන්නේ හරියට සීනි බෝල ගිලිනව වගේ..හිතෙන හිතෙන වෙලාවන් වලට හිතෙන හිතෙන ප්‍රමානයන් ගන්නවා..දැන ගත යුතු දෙයක් තියනවා...ඖෂධය(බෙහෙත්) වල එක නිර්වචනයක් තමයි ප්‍රයොජනවත් වස (usefull poisons)කියන එක..ඒ වචන දෙකේ ලොකු තෙරුමක් තියනවා...ඒ නිසා මොන බෙහෙතක් උනත්  කටේ දාගන්න කලින් දෙපාරකට වැඩිය හිතන්න...මොකද බෙහෙත කියන්නෙම ඒ තරම් හොඳ දෙයකට නොවෙන නිසා....කොයි බෙහෙත උනත් වෛද්‍ය නිර්දෙශය මත ලබා ගන්න එක තමා සුදුසුම...
විශේෂයෙන් ගැබිනි මවුවරුන්ට කියන්න තියන දෙයක් තමා ඕනම උනොත් ඇරෙන්න වෛද්‍යවරයෙක් ගෙන් අහන්නෙ නැතුව පැනඩෝල් පෙත්තක් උනත් කටේ තියන්න එපා...2010 කලින් ගැබිනි මවුවරුන් සඳහා ආරක්ෂාකාරී බෙහෙතක් ලෙස සැලකුවත් 2010න් පස්සේ මේ බෙහෙත ඒ ලැයිස්තුවෙන් අයින් කරල තියනවා එමගින් දරුවාට යම් යම් අහිතකර තත්ත්වයන් ඇතිකරන්න පුලුවන් කියල හොයා ගත්තට පස්සෙ...
    
දැක්ක නේද පැරසිටමෝල් වල තරම?????


24 comments:

  1. අපේ අය පොඩ් ඔලුවේ කැක්කුමක් හැදුනත් ඉතින් ටාර් ගාල බොන්නේ ඉතින් ඔය මොකක් හරි පෙත්තක් නේ.දැන් බලන් යනකොට ඒවායේ තියෙන දේවල්..ඇත්තම කිව්වොත් ලංකාවේ ඉන්න අය ඔය දේවල් ගැන නම දැනුවත්වෙලා නැහැ..

    ගොඩක් හොදට විස්තර කරලා තිබ්බා තේරුම් යන විදියට..ඒකට බොහොම ස්තුතියි

    ReplyDelete
  2. ඔලුව කැක්කුමට විතරද ? ඇගපතේ මහ්න්සියට ටිවී ඇඩ් එකෙනං හිසේ බර ගතියට පැනඩෝල් ...... වෛද්‍ය උපදෙස් සහිතවද ?

    ( Sameera )

    ReplyDelete
  3. ස්තුතියි දැනුවත් කලාට ... පැන්ඩොල් බිව්වට ඉතිහාසය දන්න එකක් යෑ

    ReplyDelete
  4. කිඹුල්ලු කිරි මැටි ගුලි ගිලින්නා වාගේ පැරසිටමෝල් ගැන මෙලව දෙයක් දැනං හිටියේ නෑ නේ . වැදගත් ලිපියක් මචං

    ReplyDelete
  5. බොහොම ස්තුතියි හැමෝටම කොමෙන්ට් වලට..ටිකක් දුකින් හිටියේ..මොකද ගොඩක් අය ලිපිය කියවල තිබ්බට කොමෙන්‍ටුවක්වත් දාල තිබුනෙ නෑ...මහන්සි වෙලා ලියන වැදගත් ලිපිවලට වඩා ඕපදුප වලට කොමෙන්ට්ස් වැටෙන ප්‍රවනතාවයක් තියනවා...මිනිස්සුන්ගේ රසාස්වාදය ඒක නම් අපි මොනවා කරන්නද නේද?

    @chamma :සාමන්්‍යයෙන් පැනඩෝල් කියන් බෙහෙත ආරක්ශිත බෙහෙතක් ලෙස තමා වර්ග කරලා තියෙන්නේ..ඒ නිසා නියමිත මාත්‍රාව අරගෙන බලන්න පුලුවන් අඩුවෙනවද කියලා වෛද්්‍ය වරයෙක් ලඟට යන්න කලින්..ඔව්..ඇඟපත රිදිල්ල(මහන්සියට),මාංශ පේශී වල රිදුම් ඇතුලු කුඩා හා මධ්‍යම ප්‍රමානයේ වේදනා වලට ගන්න පුලුවන්..වේදනා නාශකයක් නේ!

    ReplyDelete
  6. ඉතාමත්ම වැදගත් ලිපියක් මචං.... බෙදාගත්තට ගොඩාක් ස්තුතියි.. ඔය කමෙන්ට් වැ‍ටුනේ නැති උනාට ගනන් ගන්න එපා බං.ලන්කාවේ උන්ට වැදගත් දෙයක අගයක් නැහැ....

    ReplyDelete
  7. ශහ්.... ඈත්තෙන්ම හරි මහන්සි වෙලා ලියපු වෑදගත් ලිපියක්.... මේ වගෙ ලිපි තමයි අපේ ෆෝවඩ් මේල් වෙන්න ඕනෙ... වෙන කොහෙන් හරි එන ඉන්ගිරිසි ෆෝවඩ් මේල් අපිට මොටද මේවා තියෙද්දි ...!

    මේ ලන්කාවෙ සිංහල පරිගනක අකුරු වලට නියමම තෑන හෙමි හෙමිහිට හෑදීගෙන එනවා වගේ...
    මල්ලි මේ මේල් අපි ෆෝවඩ් කලාට කමක් නෑද්ද? ඔබේ මුල් ලිපියේ ලින්ක් එක සහිතව?

    ජය ! ඈත්තටම වෑදගත් දෙයක් ! ජය!

    ReplyDelete
  8. හැබෑටම වටින ලියමනක්...

    ReplyDelete
  9. අපරාජිතයා: ඒක ඇත්ත මචං!බොහොම ස්තුතියි..

    ජීවිතේ මල් :බොහොම ස්තුතියි..ලින්ක් එක ඇතුව හරි නැතුව හරි කට්ටය කොහොම කොහොම හරි කියවනවා නම් ඒකයි වටින්නේ!

    තිස්ස : ඔබටත් බොහොමත් ස්තුතියි කොමෙන්‍ටුවක් දාන්න නතර උනාට

    ReplyDelete
  10. ස්තූතියි සබිත් ! දවසකට පැනඩෝල් බීලා දිවි නසා ගන්න උත්සහ කරපු අය කොයිතරම් අප රෝහලට ඇතුලත් කරනවාද. අප රෝගියෙකුට උනත් නියම කරද්දි වැඩිපුර බීවොතින් වෙන අතුරු ප්‍රතිඵල සඳහන් කරන්නේ ඔවුන් එවිටවත් නිසි ලෙස පාවිච්චි කරයි කියා සිතා. එක් රෝගියෙක් දත් කැක්කුමක් නිසා දිනක් ඇතුලත පැනඩෝල් පෙති 23 බී තිබුනා. අප මුලින් ඔහු දිවි නහ ගන්න ගත් උත්සහයක් බව හිතුවත් පසුව වැටහුනේ අර නොදන්නාකම නිසා එසේ එක දිගට පැයෙන් පැය පැනඩෝල් බීව් විත්තිය. ස්තූතියි.සවිස්තරාත්මක ලිපියක් !

    ReplyDelete
  11. ස්තුතියි වෛද්්‍ය තුමියට අදහස් දැක්වුවාට! ඔබේ අදහස් හා ප්‍රතිචාර මං වගේ කෙනෙක්ට ගොඩක් වටිනවා!

    ReplyDelete
  12. සබිත් ඔබේ ලිපිය හරිම වටිනවා , ඒ වගේම සරළයි , තෙරුම් ගන්නත් පහසුයි , ඔව් අපි මේ විදියට සිංහල බ්ලොග් අවකාශය තුල අපේ ජනතාව යම් තරමකින් හරි දැනුවත් කරමු , එය අද අවශ්‍යතාවයක් ,
    මේ ගැන මගේ ලිපියකුත් තියෙනවා , වෙලාවක් ඇත්නම් ඇවිත් බලන්න
    http://nursinglanka.blogspot.com/2011/06/19th-discussion-fall_21.html

    අධ්‍යාපන කටයුතු අතරේ මේ වෙනුවෙන් කරන කැප වීම අපි ඉහලින්ම අගය කරන්නට ඕන , ස්තුතියි සබිත්

    ReplyDelete
  13. @mahesh :මං දැනගෙන හිටියේ නෑ මේ ගැන ලිපියක් ලියවිලා තියන වග! බොහොම ස්තුතියි මේ පැත්තට ආවට!විනොදාංශයක් විදිහට තමා මේවා ලියන්නේ!මේවා ගැන හොයද්දී මගේ දැනුම උනත් වැඩි වෙනවා නේ!බොහොමත්ම ස්තුතියි දිරිගැන්වීම් වලට!

    ReplyDelete
  14. ඔව් ඇත්තෙන්ම මේක හොඳ විනෝදාංශයක් ,අපි මේ සමාජ සත්කාරය හැකි තරමින් ඉදිරියට ගෙන යමු ,

    ReplyDelete
  15. අඩේ thank you wewa !!!!elaaazzzzzz!!!
    write a post abt heart operatons wil ya? whn u r free :)

    ReplyDelete
  16. හොඳ ලිපියක් සබිත්. අපේ පුංචි පැටවුන්ට පහුගිය දවස් වල මාරුවෙන් මාරුවට උණ හැදුණා. (මොන්ටිසෝරි උණ කියලා තමයි දොස්තර මහත්තයා කිව්වේ). පැනඩෝල් සිරප් එක වෙනුවට කැල්පෝල් කියලා සිරප් එකක් දුන්නා. මාත්‍රාවත් චුට්ටක් වෙනස්. මේක දෙන්න තිබුණේ පැය 8 කට වරක්. පැටවු දෙන්නත් කැමැත්තෙන් බිව්වා. හැබැයි පිරිමහන්න අමාරුයි. මොකද එන්නේ පොඩි බෝතලේ විතරයි. ෆාමසියේ අයියාගෙන් අහලා බැලුවා. එයා කිව්වෙත් කැල්පෝල් කියන්නෙත් පැරසිටමෝල් වර්ගයක්, ඒ හින්දා විශේෂ වෙනසක් නෑ. නියමිත මාත්‍රාව දුන්නහම හරි. කැල්පෝල්වල රසයට ළමයි ආසයි කියලා... උණ හැදිච්ච වෙලාවක පැනඩෝල් පොවන්න බැරි ළමයි ඉන්නවා නම් හොඳ විකල්පයක් මයෙ හිතේ...

    ReplyDelete
  17. ස්තුතියි බිංගෝ!
    චතුර : බොහොම ස්තුතියි අදහසට...ඔව් අපි ගොඩක් වෙලඳ නාම ඔස්සේ මිලදී ගත්තට එකම බෙහෙතේ වර්ග ගොඩක් තියනවා...හැබැයි වෙලඳ නාමයෙත් ලොකු තේරුමක් තියනවා..හොඳ වෙලඳ නාමයක් නම් අපිට ඒ ඖෂධයේ තත්ත්වය ගැන වද වෙන්න ඕන නෑ.... සමවෙන්න ප්‍රතිචාර දක්වන්න පමා උනාට! ලැප් එක කැඩිල තිබුනා..තව පෞද්ගලික වැඩ කිහිපයක් නිසා ටිකක් කාර්්‍ය බහුල වෙලා හිටියේ!

    ReplyDelete
  18. මේ ලිපියට ගොඩාක් ස්තුතියි... මගේ මහත්තය කරන්නෙත් වෛද්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධ රැකියාවක්.... එයා වැඩකරන ඉස්පිරිතාලෙට අඩුම ගනනේ සතියකට දෙන්නෙක් තුන්දෙනෙක්වත් සිය දිවි නසාගන්නා අරමුනෙන් පැරසිටමෝල් බීලා ගේනවාලු... අපි ඉන්නෙ ලංකාවෙ නෙවෙයි... දියුනුයි කියල කියන බටහිර රටක.... මේ වගේ රටවලත්.....??

    ReplyDelete
  19. ලොකේ කෘතිම විස වීම් වලින් වැඩිම වාර්තාවීම් සිදුවෙන්නේ පලිබෝධනාශක භාවිතයෙන්ලු.ලැස්තුවේ දෙවෙනියට ඉන්නේ පැර්සිටමෝල් විසවීම් කියලයි මං අහල තියෙන්නේ!බොහොම ස්තුත්යි මියුරු අක්කගේ අදහස් වලට!

    ReplyDelete
  20. අපේ කොල්ලෙකුත් මැරෙන්න ගියා පැනඩෝල් බීලා. ඒත් මලේ නෑ.

    ReplyDelete
  21. නියම ලිපියක්!
    මම නම් ඕනෙම බෙහෙතක් ගන්නේ නොගෙනම් බැරි උනොත් විතරයි. ඒ කිව්වේ හිසරදය හෙම්බිරිස්සාව වගේ පොඩි ලෙඩ වලට විතරක්.
    සමහරු ඔය පැනඩෝල් වලට ඇබ්බැහි වෙලාද මන්දා. පුංචි ඇඟේ අමාරුවක් ආවත් පැනඩෝල් බොනවා.

    ReplyDelete
  22. mam nam barima unoth vitharai penadol bonne.samaharu nam podi oluwe kakkumakatath bonawa.

    ReplyDelete

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...