Thursday, September 15, 2011

පොඩි ජෝක්ස් එකක් :)

 මේ ලඟදි දවසක අහපු විහිලු කතාවක්..අනන්ත අප්‍රමාන විහිලු කතා අහලා තිබුනත් මේ කතාව අහලා තිබුනේ නෑ..මං වගේ අහල නැති අයත් එක්ක කතාව බෙදා ගන්න හිතුනා..
මේකත් අර හැමෝම අහල තියන සනීපනෑඩෝ වගේ එකක් තමයි..
ඔන්න කතාව..
දවසක් මිනිහෙක් පිහි ඇනුමකින් තුවාල වෙලා ඉස්පිරිතාලේට ආවලු වෛද්‍ය වරයෙක් හොයාගෙන..

ඩොකා : තමුන්ගේ නම කියන්න බලන්න!
ලෙඩා  : ඇන්නේ පියසේන
ඩොකා : හරි හරි..අපි එයා ගැන පස්සේ බලමු..දැන් නම කියල ඉන්න බෙහෙත් කරන්න!
ලෙඩා  : ඇන්නේ පියසේන සර්
ඩොකා : අයිසේ..තමුසෙගේ නම කියල ඉන්නවකො ඇනපු උන් ගැන කියන්න කලින්..
ලෙඩා  : නම තමයි සර් ඇන්නේ පියසේන..
 බැලින්නම් මිනිහගෙ නම N.A පියසේන...ඇන්.ඇම්.පෙරේරා වගේ ඒ නම් සිංහලෙන් ශබ්ද වෙන්නේ ඒ විදිහට නේ! 

11 comments:

  1. හිකිස්....

    ReplyDelete
  2. හිකිස්..හික්..මං අද දවල් කෑම මේසෙ මේ කතාව කියල හිනා වෙවී කෑවා..

    ReplyDelete
  3. ලෙඩාට ඩොකා බෙහෙත් කරලද බං

    ReplyDelete
  4. තව කතාවක් මට මතක වුණා .. මේක දැකලා

    "ආරියපාල සමරසේකර" කියන පුද්ගලයාගේ හක්කේ දතක් අප්සට් ගිහින් දොස්තර මාමා හමුවෙන්න ගියාලු

    දොස්තර = නම මොකද්ද ?

    හක්කේ දත අවුල් ගිහින් තියන අතරේ අමාරුවෙන් ආරිය පාල අයියා මෙහෙම කීවලු එයාගේ නම

    " ඇරිය පාර සරමේ සේරම "

    ReplyDelete
  5. ඊ.ඒ උදය වගේ සීන් එකක්. නම E.A Udaya, කීව්වම ඊයේ උදේ මොකද වුණේ අහුවලු... එල'

    ReplyDelete
  6. හික්ස්..ආරියපාල සීන් එකත් මරු!
    බලං ගියාම මේ වගේ පොඩි පොඩි ඉස්ටෝරි කලෙක්ෂන් එකක්ම තියනව නෙ නේ?

    ReplyDelete
  7. සනීපනෑඩෝ අහල තිබුනට ඇන්නේ පියසේන අහලම තිබ්බෙ නැති එකක්. සරමේ සේරම එකත් නියමය්.

    ReplyDelete
  8. තැන්ක්යු ඔබා මාමේ මේ පැත්තේ ආවට!

    ReplyDelete
  9. හිකිස්....
    සඳරුවගෙ කතාවත් මරු...
    :ඩී

    ReplyDelete

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...