Thursday, September 29, 2011

ඔබේ සෞඛ්‍ය සම්පන්න බව මෙතනින් මැනගන්න!



අද කියන්න යන්නේ ඔබේ නිරොගී බව නැත්නම් සෞඛ්‍ය සම්පන්න බව ඔබටම මැන ගන්න පුලුවන් ක්‍රමයක් ගැන..මේකට කියන්නේ BMI (Body Mass Index) සිංහලෙන් මට මතක හැටියට කියන්නේ ස්කන්ධ දේහ දර්ශකය වෙන්න ඕන..(වැරදි නම් නිව‍රැදි කරන්න).. ජීව විද්්‍යා අංශයෙන් උ.පෙල හදාරපු අය නම් මේක ගැන දන්නවා ඇති..අනිත් අයත් ඔය සොෆ්ට්වෙයා වලට දාලා පිලිතුර අරන් ඇති!හැබැයි වෙන්න මොනවද කියල නම් දන්නෙ නැතුව ඇති!



මෙතනදි වෙන්නේ අදාල පුද්ගලයාගේ බර (kg) ඔහුගේ උසේ වර්ගයෙන් බෙදීම..
මෙතනදි බර කිලෝ ග්‍රැම් වලින් වගේම් උස අනිවාර්යයෙන් මීටර් වලින් දෙන්න ඕන..

ගැහැනු පිරිමි දෙපිරිසටම අදාලව ලෝක සෞඛ්‍ය සංවිධානය පිලිගත්තු අගයන් පහත දීලා තියනව..
එතනින් තමන් නියමිත මට්ටමේ ඉන්නවද? අධි බර පුද්ගලයෙක්ද? කෙසඟද,තරබාරුද කියල බලා ගන්න පුලුවන්..
අද ඇතැමුන් ඉන්නවා තමන් කෙසඟයි කියලා හිතාගෙන දහස්ගනන් වියදම් කර කර කිරි පිටියි ඌරු පෙතියි බි බී මහත් වෙන්න හදන අය!
තව කස්ටියක් ඉන්නවා තමන් මහතයි කියලා හිතාගෙන දවස් ගනන් නොකා නොබී ඩයට් කරනවා කියාගෙන නිකන් ඉල්ලන් පරිප්පු කන!
මේ ඔක්කොටම පුලුවන් තමන් ඇත්තටම අයත් මොන කාන්ඩෙටද කියල පහලින් බලා ගන්න!ඒ අනුව අවැසි නම් විතරක් වෛද්්‍ය උපදෙස් පතන්න!


අඩු බර/කෙසඟ(under weight) 18.49ට අඩු
සාමන්්‍ය සීමාව(Normal range) 18.5 - 24.99ත් අතර
අධි බර (Over weight) 25-30ත් අතර
තරබාරු(Obess)              30ට වැඩි

ඔයාගේ තත්ත්වේ බලා ගන්න පුලුවන් මෙතනින්..


සැ.යු :මේවා රෝග තත්ත්වයන් නොවෙයි..හැබැයි රෝගවලට හේතුකාරක වෙන්න පුලුවන්..ඒ නිසා ලෙඩක් කියල කලබල වෙන්න එපා..හැබැයි නොසලකා හරින්නත් එපා..මොකද කියනවා නම් රෝග ගනනාවකට හේතුව මේක වෙන්න පුලුවන්!


6 comments:

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...