Thursday, October 6, 2011

මිනිසුන් තනන මිනිසුන් වෙත!!


පිදුම:
ලෝක ගුරු දිනය වෙනුවෙන්...
ලෝකය දකින්නට.. ජීවිතය ජීවත් කරවන්නට මට කියා දුන් සිරි කුරුසියේ මගේ ආදරණීය ගුරු දෙමාපියන්ට!


ලොව ශ්‍රේෂ්ඨටම වෘත්තීන් අතර ගුරු වෘත්තිය ඉහල කොට සලකන්නේ ලෝකයේ හා මනුස්සවර්ගයාගේ රඳා පැවැත්ම සඳහා වු පදනම සකසන පුද්ගලයා ගුරුවරයා වන හෙයිනි..
ළමයෙකුට ලෝකය දකින්නට ..
ලෝකයේ හිස ඔසවා ජීවත් වන්නට..
මිනිසුන් තේරුම් ගන්නට ඔබ අප හුරු කරන්නේ යම් සේද..
ගෙදර වැටි වැටි නැගිටින්නට දෙමාපියන් උදවු වන්න සේම,
සමාජයේ නොවැටී සිටින්නට අවැසි ආකල්පමය පදනම සපයන්නේ ඔබයි..


පාසල් ගේට්ටුවෙන් අපිව බාරගෙන ගෙදර බිත්ති හතරින් එහා ලෝකයක් ඇති බව අපිට මුලින්ම පසක් කර දුන්නේත්..
හැමදාම එකම තැන වාඩි නොකර එක එක තැන් වලා වාඩිකරලා සමාජයේ හැම එකාම එක වගේ නොවන බව මුලින්ම දැනෙන්න සැලැස්වුවේත් නුඹයි..

පාඩම කියාදී ව්භාගය තියන්නේ පාසලේ පමනක් බවත්
ජීවිතය පාඩම කියාදෙන්නේ විභාගය අවසානයෙදී බව මට කියා දුන්නේ ඔබයි...

කොතරම්  සැප සම්පත් තිබුනත් අවසානයේ අවැසි වන්නේ මිනිසුන් බවත්..
සැපේදී සිටිනා මිතුරන්ගෙන් දුකේදී ඉතුරු වන්නේ අතලොස්සක් බවත්..
ජීවිතය ජයගන්නේ පොත් ගුල්ලන් නොව සමාජය නිවැරදිව කියවන්නට හැකි උන් බවත් අපිට කියා දුන්නේ ඔබයි..

උත්සවයක් දවසක හවසට එක බෝතලේට සෙට් වෙලා
ඊගාව දවසේ නැවත සුපුරුදු "ඔබ" දකිද්දි
තැනට උචිත අයුරින් හැසිරෙන්නට හා "එතනින් එය ඉවර කිරීම"අපිට නොකියා කියා දුන්නේ නුඹයි..

ඔබෙන් සිනා සිසි කන වේවැල් පාරම අම්ම ගෙන් කෑවාම අපි  කැමොර දිදී  හඬන්නේ වේවැල් පාරේ වේදනාවට නොවන බව අපිට තේරුම් කලේ නුඹයි..

වගකීමේ හා වගවීමේ වෙනස මට කියා දුන්නේත්..
තනතුරු/වගකීම් දැරීමට දක්ෂයා මං වෙද්දී ඔබ සුදුස්සාට එය ලබාදී
ඒ තුලින්  ඇතැම් අවස්ථාවල දක්ෂයාට වඩා ගැලපෙන්නේ සුදුස්සා බව මට කියා දුන්නේත් නුඹයි...

අපගේ සමාජීය දේශපාලනයේ පලමු පාඩම බොහෝ විට ඔබගෙනි...
කොටින්ම මිනිසුන් තනන්නේ...
ඇට ලේ මස් නහර සහිත මිනිසාව,මනුස්සයෙක් කරන්නේ..
මහත්වරු,මහත්මයො කරන්නේ ඔබයි..

අද මා ලොව යම් හෙයකින් දකින්නේ නම්
ජීවිතය ජීවත් කරන්නේ නම්
වැරැද්දෙන් නිවරැද්ද තෝරා ගන්නවා නම් එහි සියලු පැසසුම් හිමිවිය යුත්තේ ඔබටයි!

කවදාවත් වයසට නොයන
කොතරම් වයසට ගියත් හැමදාම සිතින් අපිටත් වඩා තරුණ..
තමන්ට වඩා සිසුන් ඉහලට යද්දි ඒ දිහා බලා ආඩම්බර වෙන එකෙකු මෙලොව වේ නම් ඒ ඔබ පමණයි!

ආදරණීය ගුරු අම්මේ තාත්තේ....
 ඔබට උපහාරයක්ම වේවා!


සුනිල් ආරියරත්නයන්ගේ මේ ගීතයේ පදවැල් වලින්ම අවසන් කරන්නම්!

අහන්න කැමති කෙනෙක් වේ නම් මෙතනින්..

18 comments:

  1. හරීයට හරි මල්ලි... අපිට ජීවිත මේ තරමින් හැඩ ගස්සවාගන්න උපකාර කලේ ගුරුවරුන් තමයි. ඇත්තටම අකුරු කියාදී මග පෙන්වූ ඔවුන් සැමටම හද පිරි ස්තූතිය හිමි විය යුතුයි

    ReplyDelete
  2. හැබෑවටම....මුල ඉදලා අගටම....

    ReplyDelete
  3. පෝස්ට් එකත් කියෝල සින්දුවත් ඇහුව, සිංදුව කලිං අහල තිබ්බෙ නැහැ. (මාතලන්ට දාල තිබ්බ කොමෙන්ට් එක දැකල ආවෙ.)

    ReplyDelete
  4. ගිලිහිලා ගිහින් නන්නත්තාර වෙන්න තිබ්බ ජීවිතයක් හරි පාරට දමපු ගුරු වරුන්ට හිතේ තියෙන්නෙ මහා ලොකු ඉඩක් ! ඔවුන් නැත්නම් අපි අද මෙතන ඉන්නෙ කොහොමද ?

    ReplyDelete
  5. ස්තුතියි කොමෙන්ට් කරපු හැමෝටම!
    @ඔබා මාමා : මාව ෆලෝ කරනවා නේද?බ්ලොග් රීඩර් එකේ වැටෙන්නෙ නැත්ද?

    ReplyDelete
  6. හොඳ පොස්ට් එකක්.

    ReplyDelete
  7. සාබිත්, මම මෙතෙන්ට ආවේ ලින්ක් එකෙන්. ඇත්තෙන්ම මම මේක දැකලා තිබ්බේ නෑ.
    මම ගුරුවරයෙක් නිසාම කියනවා නෙවෙයි. මේක නම් හොඳම ගුරු දින උපහාර ලිපියක්. මට තියෙන එකම දුක අද අපි උගන්නන්නෙ උඹ වාගේ හිතන ගෝලයො සෙට් එකකට නොවීමයි. උඹටත් සදා ජය!
    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
  8. ගොඩක් හොඳ ගුරුවරු අතරේ කිසිම කමකට නැති අය ටිකදෙනෙක් එදත් හිටිය අදත් ඉන්නවා. ඒ අතරේ හරියට මඩේ පිපෙන නෙලුම් වගේ උතුම් අය තාමත් ඉන්නවා..

    ReplyDelete
  9. මෙම ගීතය මහින්ද චන්දසේකර මහතාගේය

    ReplyDelete
  10. මන් කරුනක් දෙකක් ගත්තා අව්ලක් නැද්ද.වචන කිහිපයයි

    ReplyDelete

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...