Friday, October 21, 2011

ජොකා,ලන්කට් ඇන්ඩ් වන් ජොකී!



මෙච්චර දවස් මගේ බ්ලොගියේ මං ලිව්වේ ටිකක් විතර වැදගත්, ගතයුත්තක් තියන දේවල් නේ..ඔන්න අද පලවෙනි පාරට ආතල් කතාවක් ලියන්න හදන්නේ!
මේ දවස්වල බ්ලොග් ලියන කියවන උන් අතර ජනප්‍රියම ටොපික් එකනේ "ලන්කට්"එක එහෙම නැත්නම් "ජොකා" කියන එක ගැන ආයි විවාදයක් නැහැනේ!!
කතන්දර ඇතිකරපු ඒ පුනරොදය හරහා බොහෝ දෙනෙක් තමන්ගේ "ලන්කට්" නැත්නම් "ජංගි" මතකයන් ආවර්ජනය කරල තිබුනා ගොඩක් ආසවෙන්!
ඔන්න මගේ ඉස්ටෝරිය!



මං ඉස්කොලේ 12 වසරේ ඉන්නකොට ඊට එහා පැත්තෙ පන්තියේ තිබ්බේ 6 වසර පන්තියක්..ඒ පන්තියේ රෝදපුටුවක ඉස්කොලේ එන ඩයල් එකක් හිටපු නිසා අපේ පිනා තුමා එතන තිබ්බ උසස් පෙල පන්තිය උඩට දාල උඩ තට්ටුවට දාල එතන තියෙන්න තිබ්බ මේ පංතිය පල්ලෙහාට ගත්තා අර ඩයල් එක වෙනුවෙන්..
උදේටයි ඉන්ටර්වල් එකටයි අපිට කම්මැලි හිතුනම අපි කරන්නේ පොඩි එකෙක්ව අපේ පංතියට උස්සන් එන එක..ඌව ඇදන් ඇවිත් ඩෙස්ක් එකක් උඩට නග්ගලා අරම කරපන් මෙහෙම කරපන් කියල පොඩි ආතල් එකක් ගන්න එක..
ඕකේ ඉන්නව මෙලෝ රහකට නැති පොඩි එකෙක්! ඌ උදේට ඇවිත් ඉඳගත්තම ඩෙස්ක් එකේ ආයි නැගිටින්නේ ගෙදර යනකොට ලු..දැක්කමත් දවසම වාසනාවන්තයි..ඒ තරම් සීදෙවි කොලුවා..ටිකක් සල්ලි භාගේ එහෙමත් තියනවා මගේ හිතේ!ජීප් එකකින් ඇවිත් බහිනවා මාත් දැකලා තියනවා උදේට!
දවසක් හෙන ගේමක් දීල මූව උස්සන් ආව!ටිකක් මහතයිත් එක්ක මූ!
උගෙ පන්තියේ ඉන්න්න මරුමුස් ඩයල් එකකුත් ඌ එක්කම ඇදන් ආව!
මරුමුස් එකා ගෙන් ඇහුවා මුගේ කාඩ් එක මොකක්ද කියලා...
ඌ කියාපි "වන් ජොකී" කියල..අපිට පට්ට හිනා..අපි හිතුව මුගේ පියානෝ ගේ දක්ශකමක් නිසා මූට නම වැටිලද කියලා..

බැලින්නම් මේකයි සීන් එක..
මූ බැනියම අඳින්නේ ජොකාට යට කරලලු..සමහරු අඳින්නෙ එහෙමනෙ..මූ ඉඳගත්තම මේකේ වාටිය පේනවලු!
මුගේ පිටිපස්සෙ ඉන්න එකා නෝට් කරාලු මූ හැමදාම ඇඳන් එන්නේ එකම පාට එකක්ලු..මූ දවසක් ඩෙස්ක් එක යටින් ගිහින් ටිපෙක්ස් එකකින් ඩොට් එකක් තිබ්බලු වාටිය උඩ අරූට නොතේරෙන්න...
එහෙම තියලා ඊගාව දවසෙ බැලුවම අම්මට හුඩු..... මූ ටිපෙක්ස් පාර තියන එකලු අදත් ඇඳන් ඇවිත් තියෙන්නෙ...
ඊගාව දවසෙත් බැලුවලු..බුදු අම්මට හුඩු..එදත් ඒකලු!

එදායින් පස්සෙ උගේ කාඩ් එක වන් ජොකීලු..පසු කාලීනව වන්ජොක් වී ජොකා ලෙසට ලොප් උනාලු!


ප.ලි : 1.මූ අපි වගේ තෙත ජොකා ඇඳන් යන්න බැරිකමට කලින් දවසෙ එකෙන් ඇජස් වෙන ජාතියේ එකෙක් නොවන බවත් වෘත්තිය මට්ටමේ වන් ජොකී කෙනෙක් බව කරුනාවෙන් සලකන්න..
            2.වැදගත් එකක් ලිව්වම එහෙම එකක අගයක් නැති උන් මේ වගේ එකකටවත් කොමෙන්ටුවක් දාල පලයල්ලා!

15 comments:

  1. එක ෆිල්ම් එකක කමල්ට තියෙන්නේ එක ජොකයි. ඌ ඒක උනු වතුරෙන් තමබලා හෝදන්නේ. බිත්තරේ තම්බන්නෙත් ජොකා එක්ක. නියම් ෂෝ එක නම මතක නෑ..

    ReplyDelete
  2. අඩේ මට උඹ ගැන ටිකක් සැකයි. වෙලාවකට හිතෙනවා උඹ අපිව නොමග යවනවද කියල, මො පොඩි එකෙක්ව කතාවට ඔබලා...

    ReplyDelete
  3. පිටිපස්සේ වාඩි වෙලා හිටපු එකා වන් ජොකීටත් වඩා බ්‍රයිටෙක්නේ.. පොර ඒ නිසා වෙන්න ඇති දවසම වාඩි වෙලා ඉන්නේ...

    ReplyDelete
  4. මාලුවා: හික්ස්..අඩෝ වැස්ස දවසක වැලෙන් ගන්න අමතක වෙලා තෙමිච්ච ජොකා ඇඳන් යන්න බැරි කමට පරන එකක් දවසකට ඇජස් කරගත්තට අපි එහෙම නෑ ඩෝ!දවස් 7ට 8ක් තියනව මට :)

    ReplyDelete
  5. ෂුවර් එකටම මේක උඹටම වුන දෙයක් නෙවි නේ..? හැබැයි ඒ ජොකා නම් ජූල් සුවද ඇති නේද........?

    ReplyDelete
  6. ජොක්කු කතාවලට ජයවේවා!

    ReplyDelete
  7. කැත සීන් එක! කස්ටියට මැජික් වගේ ඇති නේද??
    හිනා වෙලා හුස්ම හිර වෙනවා, දවසම ලිව්ව්වෙත් කියෙව්වෙත් පිස්සු කතා ටිකක්!
    එල එල, තව -ජංගි- නෑ නෑ ජොකී කතා ටිකක් දන්න විදියට ලියමු :D

    ReplyDelete
  8. අර ප්‍රසන්නයා කියන කතාවට මමත් ටිකක් එකයි වගේ....

    ජය..

    ReplyDelete
  9. ඕකනේ උඹල එක්ක බැරි!අහක යන තොප්පි ඇදලා දාන්න හදනවනේ අපේ ඔලුවල!
    මලියා :ජංගි කතා නම් කාට කාටත් තියනවනේ බං ඇතිපදමට කියන්න!ජොක්කු කතා තමයි නැත්තේ~

    ReplyDelete
  10. හෆොයි හෆොයි අදාල අංගෙ තවම තියෙනවද දන්නෑ කුණු වෙලා වැටෙන්නැතුව....

    ReplyDelete
  11. මේ බ්ලොග් එකට ආපු පලවෙනි වතාව මතක හැටියට. පෝස්ට් එක සහ කමෙන්ට් කියවලා , අතට(කට වෙනුවට) ආපු කමෙන්ට් එක නොගහ හිටියා. :D.නැත්තන් උඹට කාඩ් එකක් වැටෙන්න තිබුනා..

    ReplyDelete
  12. මාතලන් : කමල් අද්දරාච්චිද?? ඌ සිරාවට රඟපානවා නම් තමා ප්‍රෝග්‍රෑම් ප්‍රසන්ටින් මෙලෝ රහකට නැති උනාට!
    දිනුක:සිරාවට..ඊට වඩා හොඳයි සිවිල් පිට/ටොප් ගියර් එකේ යනවා!
    ඉඳුනිල්: එල මචෝ!දිගටම වරෙන් මේ පැත්තේ!ආ..අරක රහසින් කියපන්!

    ReplyDelete
  13. සබිත්, ටික දවසකින් මේ පැත්තේ එන්න බැරි වුනා, කතන්දර සයිට් ඒකෙ දාල තිබ්බ ලින්ක් එක හරහ ආවේ.

    මට ඇත්තටම එක කාලෙක තිබුනෙ එකම එක සරමය්.

    ReplyDelete
  14. පව් බං ජෝක් ඉල්ලන්න ලජ්ජා ඇති

    ReplyDelete
  15. මමත් 7 වසරේ ඉන්න කොට අයියලා සෙට් එකක් මාව උන්ගේ පන්තියට අරන් ගිහින් කලිසම ගලෝලා ජොකා පිටින් නටන්න කීවා නේ....කොලු කාරයෝ ටිකක් වෙන්න ඇති....මාත් චුටි සුදු කොල්ල ඒ දවස් වල...පොඩි සුදු ජොකා ඇදගෙන ලැජ්ජාවේ නැටුවා...

    ReplyDelete

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...