Saturday, October 29, 2011

සැමියාට ඕන උන ප්‍රසව වේදනාව!


මං ඉගෙන ගන්න දේවල් එක්ක මේ කියන්න යන කතාව සදාචාරසම්පන්නද මන්ද!හැබැයි අපේ වෙහෙස නිවෙන්නත් එක්ක අපේ ගුරුවරු කියන විහිලු කතා බොහෝ විට වෛද්්ය විද්්යාවට සම්බන්දයි!ඒ නිසාම බෙදාගන්න හිතුවා ඔයාල එක්ක!

හැබැයි අම්ම කෙනෙක් විඳින දුක අබමල් රේනුවක් තරම් වත් හැල්ලුවට ලක්කරන්න හොඳ නෑ!ඒ උතුම් වේදනාව තමයිලු මනුෂ්්ය වර්ගයා(මිනිසෙක්) ට විඳින්න පුලුවන් සහ විඳින උපරිම වේදනාව!   ඒක සමානයි කියල කියන්නේ අස්ථි කීයක්ද මන්ද කුඩු වෙන වේදනාවට කියල මං අහල තියනවා! මහවෙදනා මහවෙදනා ගෙන් හරි අනිත් කොන අනිත් කොන ලියන අපේ ඩොකා අක්කගෙන් හරි ඇහුවොත් හරියටම කියයි!

අටුවා ටිකා වලින් පස්සේ ඔන්න කතාව....

ඔන්න එක ජෝඩුවක් හිටියලු එකිනෙකාට බොහොම ආදරයෙන්!ඒ ආදරය කොච්චරද කියනවනම් කියන්න වචන නැල්ලු!හික්ස්!
මේ දෙන්න දුක සැප එකට බෙදාගෙන බොහොම සන්තෝශයෙන් ප්‍රේමයෙන් වෙලිලා එතිලා ලස්සනට ජීවත් වෙමින් ඉන්නකොට අර බිරිඳ ගැබ් ගත්තලු!
ඉතින් ඔහොම කාලෙ ගතවෙලා ළමයා හම්බවෙන්න කිට්ටු වෙලා මේ බිරිඳට ප්‍රසව වේදනාව දැනෙන්න ගත්තලු!
ඉතින් පලවෙනි ලමයා නිසාත් තියන බය නිසාත් ඉක්මනට ඉස්පිරිතාලෙකට අරන් ගියාලු!ගිහින් ඇඩ්මිට් කරල ඉතින් බලන් ඉන්නවලු..වයිෆ් ප්‍රසව වේදනාවෙන් කැ ගහනව බලන් ඉන්නම බෑලු මැන්ස්ට..




මිනිහා ඩොකාට ගිහින් කිව්වලු ඩොස්තර මහත්තයෝ අපි ජීවිතේ හැමදේම බෙදාගෙන තමා ජීවත් උනේ..මේ අපි දෙන්නගෙම ළමයා..මට බැහැ එය විතරක් දුක් විඳිනව බලන් ඉන්න මටත් ඒ වේදනාවම දෙන්න කියල!
දොස්තර කිව්වලු පිස්සුද..ඒක කොහොමද කරනේ!එහෙම පුලුවන් උනත් ඒක කරන්න ක්‍රමයක් නෑ කියල..
මේ යකා කියන දේ අහන්නෙම නෑලු වද කරනවලු දොස්තරයට!
පස්සේ දොස්තරයත් බැලුවලු මේ යකා පුදුම වදයක් දෙන්නෙ!වැඩක් කරගන්න දෙන්නෙත් නැ කියල ටිකක් කල්පනා කරල කිව්වලු හරි මෙහෙ එනව කියල!
පස්සේ නර්ස් අක්ක කෙනෙක්ට කියල මහන නූල් කටු ආදිය ගෙන්න ගත්තලු!
කලිසම ගලවල ඇඳේ දිගා වෙන්න කිව්වලු!
පස්සේ ඩොකා මැහුවලු පුක ආයි මොනවට වත් එහෙට මෙහෙට යන්න බැරි වෙන්න..
මහල දුන්නලු බඩ යන්න බෙහෙත්!
ටික වෙලාවකින් මැන් කෑ ගහනවලු ඉන්නම බැරි විදිහට...ඇයි යන්නත් ඕන..යාගන්න විදිහකුත් නැහැනේ!
බෙරිහන් දෙනවලු ඉවරයක් නැතුව!
පස්සේ ඩොකා ඇහුවලු!
ඕකනේ ඉල්ලුවෙ!දැන් හරිනේ කියල!

ප.ලි :

  1. හුදු විනෝදය සඳහාම පමනක් බව සලකන්න 

20 comments:

  1. හික්... එල එල

    ReplyDelete
  2. ආන්න ස්ථානෝචිත ප්‍රඥාව ඇති දොස්තරලා !

    ReplyDelete
  3. පව් අෆ්ෆා!

    ReplyDelete
  4. ඔන්න මතක ඇතුව ඉල්ලන්නේ නැතුව හිටපන් හොඳේ . . හික්ස්

    ReplyDelete
  5. මේක නම් මම කලින් අහලා තියනවා කියලා මට මතකයි... එත් ඉතින් මේක අර දුකා අය්යා කිවා වගේ මතක තියාගෙන ඉදලා නොඉල්ලන්න තමා වෙන්නේ....

    ReplyDelete
  6. තව ජෝඩුවක මිනිහටත් ඔය වැඩේම ඒ කියන්නේ වේදනාව බෙදා ගන්න හිතුනලු. මෑන් කියලා තියන්නේ දෙයියන්ට. දෙයියොත් බෙදලම දීල. අර බිරිදගේ බබාගේ තාත්තට වේදනාව දැනෙන්න වරයක්. දැන් දෙන්නම ලෑස්ති වෙනවලු බබා හම්බවෙන්න. ම්හ් නෑලු මිනිහට කිසි වෙනසක් ගෑනි කෑගහනවා. මිනිහට අමාරුවක් නැහැ. ඔන්න අප්සෙට් පිට කාර් එකට යනකොට ඩැයිවරයා මරහඬ දෙනවලු පොලවේ පස් කකා.

    ReplyDelete
  7. මෙයත් දන්න කතා බලහල්ලකෝ...හික්ස්

    ReplyDelete
  8. මාලුවා/වෙනි/විසිතුරු: :)

    දුකා : ඒ දවස් වල එහෙම හිතුනේ නැද්ද නිකන් වැරදිලවත්??

    මහ වෙදනා : හික්ස්!ජරා සීන් එක!හැබැයි මොකෝ ඔහොම සීන් නොවෙනවා කියල යැ!අද ගොඩක් තාත්තල හිතන් හිටියට ලමයි එයාලගෙ නෙවෙයි!හැබැයි ඔය කියන වගේ සිස්ටම් එකක් තිබ්බනම් නියමෙට හොරු අල්ලන්න තිබ්බා!

    අසනි: ලියනවනම් කතා තියනව හලෝ පොත් ගනන් ලියල එවයේ කවර වලත් ලියන්න!දන්න එවා ඔක්කොම දාන්න බෑ නොවැ! :)

    ReplyDelete
  9. නියම කතාව.... අනේ එහෙමවත් පිරිමින්ට ඔය වේදනාව දැනෙන්න සලස්වනව නම්.... :)

    ReplyDelete
  10. එල එල ඉල්ලගෙනම කාලා :)

    ReplyDelete
  11. ඔය කතාවෙ English Version එකයි තව ප්‍රසූටි වේදනා කතා දෙකකුයි තියෙනව මෙන්න මෙතන,http://dude-heydude.blogspot.com/search/label/ANECDOTES%20THAT%20ROCKED%20US.
    henryblogwalker the Dude

    ReplyDelete
  12. සැමියාගේ පරමාර්ථය හොඳයි ඉටුකරගන්න ගියපු ප්‍රස්තාව හා අනෙකුත් කාරණා අප්සට් නොවුණානම්. මරු කතාව

    ReplyDelete
  13. අපිත් බැලුවා ‍එහෙනම්..

    ReplyDelete
  14. ඔන්න වෙන වැඩ... මෙහෙ නම් තාත්තලා නො ඉවසිල්ලෙන් වාට්ටුවෙන් එළියේ ඈත කොණකට වෙලා බලාන ඉන්නවා. තවම දුක පෙනෙන්නවත් එන්න දෙන්න විදිහක් නෑ නේ අපේ රෝහල් වල. හැබැයි දරුවා ප්‍රසූත නොකර මුරණ්ඩු වෙවී දඟලන අම්මලා ගෙ නම් ගෙදරින් ආපු කවුරු හරි ගෑණු කෙනෙක් ඉන්නවානම් අපි අඬගහගෙන එනවා. එතකොට එයාලා කියන දේවත් අහනවා. හරි වේලාවට දරුවෙක් බිහි කර ගත්තේ නැත්නම් දරුවත් අමාරුවේ අම්මත් දුක්විඳිනවා... ජීවිත කාලෙම දුක තමයි හදිස්සියෙවත් එහෙම ප්‍රසූත නොකර අතර මග හිර වෙච්චි දරුවන්ගේ...මොළයට ඔක්සිජන් නැතිවෙලා මොළය ආබාධිත දරුවෙක් බිහි උනොත්

    ReplyDelete
  15. මම ලියන්න හදපු එක වෙද මහත්තයා ලියලා...

    ReplyDelete
  16. @මියුරු,මරියො,ජනරඟ,බස්සා : බොහොම ස්තුතියි අදහස් වලට!

    @dude: thx dude!

    @දොස්තර නෝනා:මෙහෙත් එහෙම තමයි අක්කේ එන්න දෙන්නේ නෑ ඇතුලට!ලංකාවේ සැමියන්ට ඇතුලට එන්න දෙන්න යනවා කියල ලොකු හා හූවක් ගියා නේද ලඟදි?තාම ක්‍රියාත්මක උනේ නැත්ද?අක්කගේ අදහස මොකක්ද ඒ ගැන?

    @මාතලන් :කැත හිත උඹලගේ!බලහං කොහොමද ලව් එක කියල!!!වයිෆ්ට පේන්න එහෙම තියන්න එපා මේ ආටිකල් එක!

    ReplyDelete
  17. ඒකනම් මරු කතාව...

    ReplyDelete
  18. කොහොම උනත් වේදනාව කොහොමද කියල තේරුම් ගිය එක ලොකු දෙයක්.
    අපොයි අර වෙදන කියල තියන එක...

    ReplyDelete
  19. කතාව නම් පට්ටයි ජය වේවා

    ReplyDelete
  20. වෙන්න පුළුවන් කියලා හිත හදාගන්නව මිසක් කරල බලන්න හොඳ නෑ මහිතෙ

    ReplyDelete

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...