Friday, January 13, 2012

I dnt knw y?මෙහෙම වෙන්නෙ ඇයි? man Vs women

සැමියාගේ කබාය මත ඇති දිග හිසකෙසක් අඩි ගානක් ඈතින් පේන බිරිඳම වාහනය ඕන පොටට්යෙකුට පේන පත කනුවක හප්පා ගැනීම!!



කතාව I : ගැහැනු වාහන එලවන්න ගියාම ඇතැම් අවස්ථාවල නාගන්නා නා ගැනීම ගැන අමුතුවෙන් විස්තර කරන්න ඕන නෑ කියල හිතනවා..ඔය කොළඹ රටේ ඉන්න නෝනලා සමහර වෙලාවන් වලට පාරේ වාහනයක් එහෙම හප්පා ගත්තම අනිත් මිනිස්සුන්ට තියන ඇතිවෙන ප්‍රශ්නෙ තමා මෙච්චර ඉඩ තියන පාරක මේක කොහොමද වද්දගත්තේ කියන එක..සමහර වෙලාවල් වලට ගොඩක් ඉඩ තියෙන තැනක තියෙන අලි සයිස් කනුවක වාහන රිවර්ස් කරන්න ගිහින් වද්ද ගන්නවා..ඇයි නෝනා මෙච්චර ඉඩ තියෙද්දි වද්ද ගත්තේ කියල ඇහුවම හුඟක් වෙලාවට අපිට අහන්න ලැබෙන්නේ "හානේ...මා දැක්කේ නැහැ නේ..." කියන එක...On the Spot කට්ටියට එහෙම මොලේ අමාරු හැදෙනවා ඇති වෙලාවකට...

හැබැයි ඔය ගැහැනු කෙනාම මහත්තයා ගෙදර ගිහින් ආවම සර්ට් එකේ ඇමිනිලා තියන දිග කෙස් ගහක් අඩි 10ක් 12ක් දුර තියා උනත් ලේසියෙන් දකිනවා...කාගෙද මේක???කොහෙන්ද මේක???හොමද ඔයාගේ සර්ට් එකේ ඇමිනුනේ??..........................

කතාව II :  (පවුලක දෙබසක්...)

අම්මා/බිරිඳ : මේ..ෆ්‍රිජ් එකේ බටර් එකක් ඇති පොඩ්ඩක් අරං දෙන්න පුලුවන්ද?

පුතා/සැමියා: කෝ නෑ නේ??

අම්මා/බිරිඳ : බලන්න කෝ පොඩ්ඩක්...මං දැන් ටිකකට කලින් නේ තිබ්බේ!
පුතා/සැමියා:මං දන්නේ නෑ..මෙතන නෑ!තිබ්බ නම් ඇවිත් අරගන්න..

(ඇය පැමිනේ..අත දමා මැජික් එකක මෙන් බටර් එක අරං පෙන්වයි..)

අම්මා/බිරිඳ  : මේ තියෙන්නේ...තමුසෙට ඇස් පේන්නේ නැද්ද...??
සැමියා/පුතා : +*&#%$@*^%@*

ඇත්තටම මොකද මෙතනදි උනේ...?



අපි දැන් විද්‍යාත්මකව පොඩ්ඩක් මේ ගැන බලමු...


අපේ පරිණාමය එක්ක මුසු වෙච්ච ක්‍රියා කරකම් නිසා අපේ බොහෝ ඉන්ද්‍රීයන් ඒ අනුව හැඩ ගැහුනා..අතීතයේ පිරිමියා සතු කාර්‍යභාරය උනේ දඩයම් කිරීම..ගැහැනියක් නම් තම ගුහාවට වී තම ළමයින් රැක බලා ගැනීම..දඩයම් කිරීමට යන පිරිමියාට බොහෝවෙලා දුර බලා සිටීමට සිදු උනා..ඒ නිසා ඒ සඳහා ඕන කරන විදියට ඔහුගේ ඇස් හැඩ ගැහුනා..අදටත් පිරිමියාගේ දෘෂ්ථි පරාසය බොහෝ විට උමගක් ලෙස ඈතට දකින ස්වභාවයක් තියනවා..

ගැහැනිය ගුහාව තුල සිටින විට අනතුරු උපද්‍රව හා අන්තරුදායක සතුන් ගුහාව තුලට ඇතුල්විය හැකි නිසා ඇයට නිරන්තරයෙන්ම ලඟ නමුත් පුලුල් පරාසයක් තුල දේවල් බලන්නට සිදු උනා...මේ නිසා අදටත් පිරිමියෙක්ට සාපේක්ෂව ලඟ තිබෙන පුලුල් පරාසයක දේවල් ගැහැනියකට පේනවා..පිරිමියෙක්ට ඔලුව හරවලා බලන්න ඕන දේවල් ගැහැනියකට සමහර අවස්‍ථාවල ඔලුව හරවන්නේ නැතුවම බලන්න පුලුවන්...
මේක තමයි ගැහැනියකට ලඟ ඇති දේ හොදින් පෙනීම ගැන පැහැදිලි කිරීම..


කාලය අවකාශය හා දුර ( බිත්තියක් හා වාහනය අතර දුර) තීරණය කරන්නේ මොළයේ දකුනු අර්ධය මගින්..මේක සාමාන්‍යයෙන් ගැහැනියකට වඩා පිරිමියෙකුගේ පරිණාමිකව දියුනුයි..ඒ කියන්නේ ගැහැනියකගේ මේ කොටස එතරම් දියුනු නෑ! මේකත් දඩයම හා සම්බන්ධයි..ගොදුර සිටින්නේ කොච්චර දුරකින්ද,ඌ දුවන්නේ කොච්චර වේගෙකින්ද,මොනා ආයුධය කොයිවගේ කෝනයකින් විසි කරන්න ඕනද ආදී ප්‍රයෝගික ප්‍රශ්න වලට උත්තර හොයලා දියුණූ කරගත්තු දෙයක්..
මේ හේතූන් නිසා තමයි වාහන එහෙම රිවර්ස් කරන්න යද්දි ගැහැනු වැඩිපුර ඇන ගන්නේ!

මූලාශ්‍රය :Allan+Barbara Pease කෘතිය ඇසුරෙන් සකසන ලදී.

41 comments:

  1. හිකිස් ඇත්ත කතාව...

    ReplyDelete
  2. ela ela... dana gaththu eka hodai.. :) dennamko bate apahu mokak hari unoth

    ReplyDelete
  3. This comment has been removed by the author.

    ReplyDelete
  4. මේ පෝස්ට් එක ගෙදර ගිය ගමන් ඔබීට අනිවා ඩෙෆා පෙන්විය යුතුයි... :-))

    ReplyDelete
  5. ඒකනේ කියන්නේ ගැහැණු නුවන හැදිමිටේ දිගයි කියලා. (අපේ හාමිනේ බ්ලොග බලන්නේ නැහැ. මම කියෙව්වොත් අහන් ඉන්නවා. මේ කෑල්ල අතහැරලා තමයි කියවන්න වෙන්නෙ.)

    ReplyDelete
  6. නියම අර්ථකතනයක් ස‍හෝදරයා....

    ReplyDelete
  7. වැදගත් පැහැදිලි කිරීමකි වටිනා එකකි...

    ReplyDelete
  8. ඕක කටටත් අදාලයි නේද ? :D

    ReplyDelete
  9. අනේ මන්දා, ඇත්ත නම් තමයි. ඵලට ලියලා තියෙනවා...

    ReplyDelete
  10. ඉඳුනිල් : ඔව් ඔව් :) ඒ ගැනත් කරුනු තියනවා ලියන්න..i dont knw y මෙහෙම වෙන්නේ ඇයි? මෙගා සීරීස් එකක් ලියන්න අදහසකුත් තියනවා මේකට හොඳ ප්‍රතිචාර හම්බුනොත්....මිනිස්සුන්ගේ ටේස්ට් එක ටැස් කරන්න තමා එකක් දාල බැලුවේ :)

    ReplyDelete
  11. සිරා පොත් කියවලා එව්වා අපිට තේරෙන්න සිංහලෙන් ලියන එකට උඹට සෑහෙන්න ස්තූතියි!

    ReplyDelete
  12. ඔය වාහන කතාවනම් සහතික ඇත්ත.. ඉතාලි ගෑණුත් වාහන ඇනගන්නේ හිතන්නෙවත් නැති තැං වල.. මම අනන්තවත් දැකලා තියෙනවා..

    පැහැදිළි කිරිමට ස්තූතියි සහෝ...

    ReplyDelete
  13. අදම අහපු කතාවක්...මරු මරු

    ReplyDelete
  14. ඔය කියපු ඒක ඇත්තටම විද්‍යාත්මකද??:/
    විද්‍යාත්මක කෙසේ වෙතත් ඒක ඇත්ත!:ඩී

    ReplyDelete
  15. හොඳ වෙලාවට මම නම් ගෙදර යන්න ඉස්සර ඔක්කෝම කොණ්ඩ ගස් අයින් කරවගන්නවා...

    ඇල්කෙමියා

    ReplyDelete
  16. ඔය අයි සයිට් එකේ සීන් එක නම් සහතික ඇත්ත..අත්දැකීමෙන්ම තමා දන්නේ !!

    ReplyDelete
  17. ඕක ගැල පොතක් තියනවා ALLAN+BARBARA PEASE ලියපු පොතක් Why men dont listen and women cant read maps කියලා
    පරිවර්ථයක් තියනවා ඕකේ ආරියරත්න චන්ද්‍රවංශ ලියපු පිරිමි සහ ගැහැනු මෙතරමි වෙනස් ඇයි
    මේ ගැන සවිස්තරත්මකව ඒකේ තියනවා

    ReplyDelete
  18. කතාවනම් සහතික ඇත්ත..... අදටත් මට අමාරුම වැඩේ රිවස් කරන එක. ට්‍රයල් පෙන්නන්න ගිහිනුත් තව පොඩ්ඩෙන් කැන්සල් වෙනවා ලයිසන් ජීවිත කාලෙටම. අනික් කතාවත් ඇත්ත අපේ අම්මා කියන්නෙ අපිට බඩු තීයෙන තැන් ඇහැට ඇගිල්ලෙන් ඇනලා පෙන්නන්න ඕනි කියලා

    ReplyDelete
  19. ස්තුතියි කට්ටියගෙම අදහස් වලට....

    yuga : ඔව්..මං ඒ පොත කියවනවා මේ දවස් වල...ඒ ආශ්‍රයෙන් තමයි මේක සකස් කලෙත්...මූලාශ්‍රය ලෙස මං ඒක ලිපිය අවසානයේ සටහන් කලා..සමහර විට ඔබට එය මග හැරෙන්න ඇති...ඇත්තටම සුන්දර පොතක් ඒක..ගැහැනු පිරිමි වෙනස ලස්සනට විස්තර කරල තියනවා...

    ReplyDelete
  20. අඩේ ඔහොම දෙයක් මට ජීවිතේට හිතිලා නැහැ.. ඇත්ත වෙන්ඩ ඇති නේද ?

    ස්තූතියි අලුතින් හිතන්ඩ යමක් දුන්නට..

    ReplyDelete
  21. මම නම් කාරෙකේ එහෙ මෙහෙ වැදෙන තැන් රිපෙයාර් කරන එක නවත්තලා හුඟක් කල්. මොකද වැඩිපුරම ඩ්‍රයිව් කරන්නේ හාමිනේ...

    ReplyDelete
  22. මං අහල තියෙන දෙයක්.සාමාන්යෙන් පිරිමි ගැහැණු කෙනෙක් දිහා හැරි හැරි බලනවා නේ ගැහැණු එහෙම නැහැනේ.එකට හේතුව පිරිමියට ඒ ගනු කෙනාගේ රූපේ හිතට ගන්න ටිකක් වෙලා යනවා ගැහැණියට තපරෙයක් උනත් ඇති.නිකන් දැක්කේ නෑ වගේ හිටියට අපි ගැන හොඳ අද්යනයක් කරලා තියෙනවා.

    ReplyDelete
  23. උඹ තාම කසාද බැඳල නෑ නේද ????

    ReplyDelete
  24. අපුරැ අර්ථකතනයක් මචෝ... ඕක හොඳටම දැනගන්න ඉතිං කසාදයක් බඳින්නම වෙනවා... ජය !!!!

    ReplyDelete
  25. ඒකනෙ ඔය සමහර තැන්වලට ඇහැ යවපු ගමන් කෙල්ලොන්ට මාට්ටු වෙන්නෙ.

    ReplyDelete
  26. නියම තොරතුරු ටිකක්

    ReplyDelete
  27. හරිම වැදගත්...තව මේවගේ ලිපි පෙලක් දාමුකො බලන්ට..

    ReplyDelete
  28. හරියට හරි. ගැණු අයට ඔයවගේ දේවල් පේනව වැඩියි. මම සමහර වෙලාවට පිහිය ඕනවෙලා කුස්සියපුරාම හොයනව. ඒත් නෑ. අම්මට කිව්ව ගමන් මේ තියෙන්නෙ කියල පෙන්නන්නෙ කලින් දැනගෙන හිටිය වගේ.(ඒත් කලින් දැනගෙන නෙවේ හිටියෙ). අර කිව්ව වගේ ඕක පරිණාමීය ලක්ෂණයක්ද කොහෙද.

    ReplyDelete
  29. //අදටත් පිරිමියාගේ දෘෂ්ථි පරාසය බොහෝ විට උමගක් ලෙස ඈතට දකින ස්වභාවයක් තියනවා..//

    ප්‍රායෝගිව උනත් ඇත්ත තමයි බොල, පිරිමි උමං එක්කනේ හැප්පෙන්නේ..

    තර්කානුකූලව ඇත්ත කතාව මචං.. සිරා...

    ReplyDelete
  30. මේ කථවනම් ඇත්තම ඇත්ත. අපේ ගෙදරත් ඔය වගේම තමයි . පිරිමි පක්ෂය වැඩක් කරන්න ගත්තම අත ලඟ තියන දේ පෙන්නේ නැ. මට තමයි කරදරේ .

    හොඳ ලිපියක් සබිත්.

    ReplyDelete
  31. මාත් ඔය දෙවැනි එක සම්බන්දයෙන් නම් අම්මගෙන් බැනුම් අහනවා අනන්ත.
    වාහන කතා නම් කියලා වැඩක් නෑ.පත්තර වල ඇඩ් දාලා තියෙනවා කාන්තාවක් විසින් පාවිච්චි කල කියලා. හරියට නිකන් ටිං ටිං බාන්ඩයක් වගේ.ඒ වුනාට ඒවයේ ගන්නම දෙයක් නෑ..
    අනික ගෑනු කෙනෙක් ඩ්‍රයිව් කරපු වාහනයක් අපේ එකක වැදුනොත් ආයෙ ඔළුවෙන් හිටගෙන කීවත් වැරද්ද අපේ නෙමේ එයාගෙ කියලා, ලොවෙත් පිළිගන්නෙ නම් නෑ.අත්දැකීමෙන් කියන්නේ..

    ReplyDelete
  32. දැන්නෙ හැමදාම වාහනේ රවුං කරගන් හැටි ගැන විද්‍යාත්මක පැහැදිලි කිරීමක් හම්බ වුනේ..තැන්කූ..

    ReplyDelete
  33. හහා...මේ වගේම කතන්දර ටිකක් "ඔබේ විරුද්ධ ලිංගිකයා හඳුනාගන්න" නමැති පොතක කියවා තිබේ.ඔව් නේන්නං මේ තියෙන්නේ.මූලාශ්‍රය :Allan+Barbara Pease.අදමයි සබිත් බලන්ට ආවේ ..නියමයි

    ReplyDelete
  34. ඔය පොතේම තියෙනව දුම්බීමට ඇබ්බැහි වීම ගැන පැහැදිලි කිරීමක්. ඒ ගැනත් ලියන්න...

    ReplyDelete
  35. ඇත්ත උනත් බොරු උනත් ඇත්තක් වගෙ ලියලා තියෙනවා. අර ඕනයා අහපු එකට මොකක්ද උත්තරේ?

    henryblogwalker the dude

    ReplyDelete
  36. ස්තුතියි කට්ටියටම...

    ගැටයා : සාදරයෙන් පිලිගන්නවා මේ පැත්තට :)

    ඩූඩ්/ ඕනයා : පිස්සුවක් ඇතෑ දැන්ම අමාරුවේ වැටෙන්න...අපි තාම සොමි බෝයිස් ලා :) ඕනයා වගේ අංකල්ලා නෙවී!!

    පරිකල්පන : බලමු මචෝ!ලියන්න දේවල් නම් තියනවා වෙලා තමයි නැත්තේ :) දන්නවා නේ..පාඩම් වැඩ අස්සේ නෙ මේවත් කරන්නේ..

    ReplyDelete
  37. මට මේ පෝස්ට් එක මග ඇරිලනෙ...
    මං මෙහෙම එකක් ඇහුවෙ අද... වෙන්න පුළුවන් තමයි කල්පනා කරල බැලුවම....

    ReplyDelete
  38. හැහ්... මේකනම් පට්ටම පැහැදිලි කිරීමක්, මමත් අනන්තවත් අම්මගෙන් බැනුම් අහලා තියෙනවා. අම්මා මේ වගක් දන්නවා නම් මට බනින එකකුත් නෑ..

    ReplyDelete
  39. ඇත්ත තේරුම් කලාට ස්තූතියි.. ඔය හින්ද අම්මගෙන් ඕන තරම් බැනුම් අහනවා. බනින්න අනිත් කෙනෙක් නම් තාම නෑ... හිකිස්ස්ස්ස් :p

    ReplyDelete

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...