Saturday, January 21, 2012

අයි ඩෝන්ට් නෝ වයි? man Vs women III ගෑනුන්ගේ අලි පස්ස


ගැහැනුන්ට අලි පස්සක් තියෙන්නෙත් පිරිමින්ට රා බඩක් එන්නෙත් ඇයි???




පස්ස......අපි ඉස්සර ඉස්කෝලෙ යන කාලේ පස්සට කිව්වේ බස් එක කියලා...අම්මෝ බලන්න එපැයි සමහර කෙල්ලොන්ගේ බස්...මං ක්ලාස් යන කාලේ ඒ දවස් වල හැටියට ලොකුම බස්  එක තිබ්බ කෙල්ලගේ නමයි මූනයි මට අද වගේ මතකයි..මුලු කළුතරටම තිබුනේ නෑ ඒ වගේ බස් එකක්..සමහරුන්ගේ ඒවා ඩබල් ඩෙකර්..සමහරුන්ගේ ඒවා ටාටා..ඩීමෝ,රෝසා,අශෝක් ලේලන්ඩ් අරවා මේවා අස්සේ තනි දොරේ ලේලන්ඩ් එහෙම නොතිබුනාම නෙවෙයි..ඒවා දිහා නම් බැලුනෙ කලාතුරකින් තමයි..ක්ලාස් වල ලෑලි බංකුව උඩ බස් එක පැය ගානක් පාක් කරන් ඉන්න එක තමා ඒ දවස් වල තිබුන අමාරුම වැඩේ!
එහෙනම් අද කතාවට එන්ටර් වෙමු!

හැබෑටම බවලත් උදවියට සාපේක්ශව ලොකු පස්සක් එන්නේ ඇයි?




ඊට කලින් පස්ස හැදිලා තියෙන විදිහ පොඩ්ඩක් බලමුද?
අපි සාමන්‍ය වහරෙදි පස්ස කියලා හදුන්වන ප්‍රදේශය හැදිලා තියෙන්නේ මෙන්න මේ අස්ථිය සහ තට්ටම් ආශ්‍රිත ප්‍රදේශයේ තෙල්(මේද) තැන්පත් වෙලා..

ඒ කියන්නේ පස්ස = අස්ථිය + තට්ටමේ මාංශ පේශි


ලොකු පස්සක් ඇතිවෙන්න හේතු දෙකක් තියනවා..

     1. ඔය අස්ථියට සිංහලෙන් කියන්නේ ශ්‍රෝණිය කියලා(Pelvis)මේක ගැහැනු අයගේ පලලින් වැඩි පිරිමි අයට වඩා..පිරිමි අයගේ ඔය දැපැත්තේ තියන පිහාටු වගේ කෑලි දෙක උරහිස මට්ටමට වඩා පලලට යනවා ගොඩක් අඩුයි..හැබැයි ගැහැනු අයගේ නම් උරහිස මට්ටමට වඩා පලලට යනවා වැඩිවියට එලඹීමත් සමගම..ඒ හේතුව නිසා තමයි අපි කවුරුත් අද මේ ලෝකේ ඉන්නෙ..අපි කවුරුත් දන්න ගර්භාශය පිහිටලා තියෙන්නේ මේ කියන අස්ථිය ඇතුලේ..ඒ නිසා කළලයට ඒ තුල වැඩෙන්න හා මේ ලොව බිහිවීමට අවශ්‍යය ඉඩ තමයි එලෙස ලබා දීලා තියෙන්නේ..

   
   
     2. ගැහැනු හා පිරිමින්ගේ ඇඟේ මේද නිපදවෙනවා..මේවා නිපදවෙන්නේ මේද සෛල වලින්.ගැහැනු අයගේ තියනවා ප්‍රොජස්ටරෝන් කියලා හෝමෝනයක්.මේ හෝමෝන් එක මේද සෛල උතේජනය කරනවා..ඔය හෝමෝන් එක ගොඩක්ම ක්‍රියාකාරී වෙන්නේ වැඩිවියට පත් උනාම..ඔය හෝමෝන් එක නිසා මේදය තැන්පත් වෙනවා තට්ටම් වල තියන මාංශ පේශී වල,කලවා ආශ්‍රිතව හා පියයුරු ආශ්‍රිතව..
මේ මේද ශොක් ඇබ්සෝබර් එකක් විදිහට වැඩ කරලා කළලයට දැනෙන කම්පන එහෙමත් අඩු කරනවා..(ස්ත්‍රියකගේ ඔසප් වීම් නැවතුනාට පස්සේ ඔය හෝමෝනය ඇඟේ අඩුවෙනවා..මේ නිසා ඔය කලවා,තට්ටම් ආශ්‍රිත මේද උදරය දෙසට සංක්‍රමනය වීම නිසා එයාලගෙත් බඩ ඉදිරියට නෙරනවා..හැබැයි පිරිමි තරම් නෑ)

ඔන්න ඔය නිසා තමයි ගැහැනු උදවියට ලොකු පස්සක් තියෙන්නේ!

අලි පස්සක් තියෙන්න මේකත් හේතුවක් කියලා ඇනෝ කෙනෙක් අදහස් දක්වලා තිබුනා.ඇත්ත..විවිධ කල්පිතයන් තියෙන්න පුලුවන් එකම සිද්දියකට..මේ තියෙන්නේ ඒ අදහස..මං හිතන්නේ මේකත් එක හේතුවක් වෙන්න පුලුවන්!
     
     ශරීරයේ මේද තැන්පත් වීම (විශේෂයෙන්ම ආසියාතිකයින්ගෙ ) මානව පරිණාමයෙදි අපේම යහපතට වෙච්චි දෙයක්. ආසියාව කියන්නෙ ඉස්සර සාගත බහුල කලාපයක්. ඉතින් දීර්ඝ සාගත කාල වලින් පුළුවන් තරම් ආරක්ෂා වෙන්න ස්වභාව ධර්මය දරපු උපාය තමයි පුළුවන් කාලෙට ශරීරයෙ මේද තැන්පත් කිරීම. එතකොට ආහාර හිඟ කාලෙට ඒවා භාවිතාවට ගන්න පුළුවන්. තැන්පත් කරන්නෙ කොතැනද කියන එක වයස අනුව ස්ත්‍රී පුරුෂ භාවය අනුව වෙනස් වුණා. ස්ත්‍රීන්ගෙ නිතඹෙ මේද තැන්පත් වෙන්න ඔබ කියපු හේතුව වගේම නිතඹ ලිංගික ආකර්ෂණය ඇති කරවන තැනක් වීමත් ප්‍රධාන වුණා. පියයුරු ගැනත් මේ ටිකම කියතැකි. මිනිසාගෙ තැන්පත්වුණා ලෙහෙසිම තැන


පිරිමි අයගේ ඔය හෝමෝන් එක තියෙන්නේ බොහොම සුලු ප්‍රමානයයි.ඒ නිසා හෝමොනමය බලපෑමක් නැති තරම්..ඒත් එයාලගේ තියන මේද සෛල හැඩගැහිලා තියෙන්නේ මේදය උදරය ආශ්‍රිතව තැන්පත් වෙන විදිහට..


ඒ නිසා තමයි පිරිමි අයට කලගෙඩි බඩක් එන්නේ! :)

පිරිමින්ගේ මේද ව්‍යාප්තිය නිසා ඇතිවන වාසි අවාසි ගැන මහ වෙදනා දක්වපු අදහසත් මෙතනින් දැම්මා වැදගත් නිසා..
    ඔබ දන්නවද කොහොමත් ආසියාතිකයින්ගේ පිරිමි ගැහැනු කාගේත් බඩ ලොකු වෙනවා. සාපේක්ෂව යුරෝපියයන්ට වඩා. නමුත් යුරෝපියයන්ගේ වැඩියම උදරයට ඉහල කොටස තමයි ඉදිරියට නෙරන්නේ. ෆුල් බොඩි. එහෙමත් නැත්නම් ලොකු පපුව. මේකටත් හේතුව වෙන්නේ මේදය තැන්පත් වීමේ රටාව. අපේ බඩේ, එයාලගේ පපුවේ. මෙකෙන් වැඩි වාසි වෙන්නෙ එයාලට ඒ නිසා එයාලගේ කොරනරි ආටරි ටිකක් විශාලයි. මේදය අවහිරවීම් අඩුයි. අපේ ආටරි කුඩයි, මේදය තැන්පත් වීම වැඩියි. මේ නිසා ආසියාතිකයින්ගේ හෘද රෝග වැඩි වෙලා තියනවා

43 comments:

  1. පස්ස ගැන දැනගතිමි..

    ReplyDelete
  2. ඔබ දන්නවද කොහොමත් ආසියාතිකයින්ගේ පිරිමි ගැහැනු කාගේත් බඩ ලොකු වෙනවා. සාපේක්ෂව යුරෝපියයන්ට වඩා. නමුත් යුරෝපියයන්ගේ වැඩියම උදරයට ඉහල කොටස තමයි ඉදිරියට නෙරන්නේ. ෆුල් බොඩි. එහෙමත් නැත්නම් ලොකු පපුව. මේකටත් හේතුව වෙන්නේ මේදය තැන්පත් වීමේ රටාව. අපේ බඩේ, එයාලගේ පපුවේ. මෙකෙන් වැඩි වාසි වෙන්නෙ එයාලට ඒ නිසා එයාලගේ කොරනරි ආටරි ටිකක් විශාලයි. මේදය අවහිරවීම් අඩුයි. අපේ ආටරි කුඩයි, මේදය තැන්පත් වීම වැඩියි. මේ නිසා ආසියාතිකයින්ගේ හෘද රෝග වැඩි වෙලා තියනවා.

    ReplyDelete
  3. හ්ම්ම් ඒකයි එහෙනම් ආආආආආආ...

    ReplyDelete
  4. හේ හේ හික් හික්

    ReplyDelete
  5. ඒ උනාට බලපං බං අපි එයාලගේ අලි පස්ස දිහා ආසාවෙන් බැලුවට එයාලා අපේ කලගෙඩි බඩක් දැක්කාම අහක බලං යනවනේ! :D

    ReplyDelete
  6. මුල්ම ටික කියවද්දි නම් මම හිතුවෙ පෝස්ට් එක ඉවර වෙද්දි කොල්ල ගුටි කයි කියල... හොඳ වෙලාවට මැද හරියෙ විද්‍යාත්මක විස්තරයක් තියෙන්නෙ..

    උඹට හොඳටම මතක කළුතර බස් එකක් වුනාට සාතන්ට නම් මතක බටුවත්තෙ බස් එකක්.. හෙහ් හේ...

    ReplyDelete
  7. එහෙනම් ඒකයි සමහර කාන්තාවන්ගේ පස්ස නිකම් ෆුඩ් බෝල් ගහන පිට්ටනියක් තරමට විශාලව සැකසිලා තියෙන්නේ ..!

    මේවත් ඉතින් දැන ඉගන ගන්න එපෑය

    ReplyDelete
  8. එකත එහෙමයි එහෙනම්!
    :/

    ReplyDelete
  9. ඔන්න කොල්ලා විද්‍යාවෙන් ඇග බේරගෙන තියෙනවා...

    ReplyDelete
  10. පොඩි පස්සක් ඕනෙනං තෙල් කෑම අඩුවෙන් ගන්න.ගැහැණුන්ට විශේෂයි..

    ReplyDelete
  11. ෆට්ට පැහැදිලි කිරීම! සමහරු ගෑණු අය ඉන්නවා පස්ස් පැත්තේ බුලත් තට්ටුවක් වුනත් දාන්න පුළුවන් සයිස් එකේ!

    ReplyDelete
  12. සබිත් ස්තූතියි මචං මේවා ගැන කියලා දෙන එකට...අපිට ඉතින් ඔව්ව ගැන අවබෝධයක් තියෙනවා යැ බස්(පාරේ ගමන් කරන බස්) වල යද්දී හි හි හි

    ReplyDelete
  13. එදිනෙදා දැක්කට කවුද අනේ මේවා දන්නේ

    ReplyDelete
  14. මෙන්න සබිත් අය්යට බංග්ලාදේශ් ගිහිනුත් මතක් වෙන ඒව අෆ්ෆා...:D

    ReplyDelete
  15. ජාන නිසාත් වෙන්න පුළුවන් නේද? විශේෂයෙන්ම කළු අප්‍රිකානු ගැහැණුන්ගේ 'ඩිකිය' විශාලයි අනික් ජාතින්ට වඩා.

    ReplyDelete
  16. සබිත්ටත් හිතෙන දේවල්....මොකක්ද කියාගෙන ඇවිත් සයන්ස් පාරක් දාල පීලි මාරු කලා...හ්ම්ම්.හ්ම්ම්........

    ReplyDelete
  17. හෆොයි හොඳ ලිපියක් නොවැ.
    ඕක ඉතින් ලිංගික ආකර්ශනය ඇති කරන්න සෑහෙන හේතු සාධක වෙන දෙයක් නොවැ. කොල්ලො නම් මොනවද අප්පා වයසට ගිය මිනිස්සු ගෑනු කෙනෙක්ගෙ මූනට වඩා බලන්නෙ පස්ස දිහා.
    සාන්තුවරයො වගේ ලෝකෙට බණ කියන මිනිස්සුත් හොරෙන් ඕක දිහා බලනවා මම අනන්ත දැකල තියෙනවා.
    පස්ස වල් ගැන පෝස්ට් ‍රැල්ලක් යයිද මන්දා කියලත් හිතෙනවා. ඊයෙ පෙරේදත් එකක් දැක්කා වගේ මතකයි.
    කොහෙන්ද ඔය පින්තූරෙ ඉස්සුවෙ ඒක හරිම හැඩයි නොවැ.

    ReplyDelete
  18. හ්ම්ම් හොඳ පැහැදිලි කිරීමක්. ඔයත් හොඳ මාතෘකා තමයි ගේන්නේ නේද

    ReplyDelete
  19. හොද හොද ඩබල් ඩෙකර් බස් ඉතාලියේ දැක්කට අදනේ ඕක ඔහොම වෙන්නේ ඇයි කියලා දන්නේ..

    ReplyDelete
  20. ඔහොම ස්තුතියි සාබිත් විස්තරේට... ඒත් ඇයිද මන්දා හදිසියේම ගෑණුන්ගෙ පස්සවල් ගැන ලියන්න මතක උනේ.... ;D

    ReplyDelete
  21. ප්‍රශ්නෙට හරි උත්තරේ තවමත් කියැවිල නෑනෙ. ශරීරයේ මේද තැන්පත් වීම (විශේෂයෙන්ම ආසියාතිකයින්ගෙ ) මානව පරිණාමයෙදි අපේම යහපතට වෙච්චි දෙයක්. ආසියාව කියන්නෙ ඉස්සර සාගත බහුල කලාපයක්. ඉතින් දීර්ඝ සාගත කාල වලින් පුළුවන් තරම් ආරක්ෂා වෙන්න ස්වභාව ධර්මය දරපු උපාය තමයි පුළුවන් කාලෙට ශරීරයෙ මේද තැන්පත් කිරීම. එතකොට ආහාර හිඟ කාලෙට ඒවා භාවිතාවට ගන්න පුළුවන්. තැන්පත් කරන්නෙ කොතැනද කියන එක වයස අනුව ස්ත්‍රී පුරුෂ භාවය අනුව වෙනස් වුණා. ස්ත්‍රීන්ගෙ නිතඹෙ මේද තැන්පත් වෙන්න ඔබ කියපු හේතුව වගේම නිතඹ ලිංගික ආකර්ෂණය ඇති කරවන තැනක් වීමත් ප්‍රධාන වුණා. පියයුරු ගැනත් මේ ටිකම කියතැකි. මිනිසාගෙ තැන්පත්වුණා ලෙහෙසිම තැන.

    ReplyDelete
  22. බොහොමත්ම ස්තුතියි අදහස් වලට..හැමෝටම...
    පස්ස ගැන ලියන්න හිතුනේ ඉතින් ඕක ඔහොම වෙන්නේ ඇයි කියලා ඉතින් මාත් මෑතක් වෙනතුරු දැනන් හිටපු නැති නිසා...

    වෙදනා ගේ සහ ඇනෝගෙ පැහැදිලි කිරීම් වල බොහොම ස්තුතියි...
    මං බොහොම සරලව විස්තර ඉදිරිපත් කරන්න උත්සහ කල නිසා ඇතැම් කරුනු මග හැරියා..
    ඔබ දෙපලගේ විස්තර කිරීම් මං ලිපියට ඇතුලත් කරන්නම්!

    ReplyDelete
  23. පොඩි කාලේ කියපු සින්දුවක්

    බොම්බෙ මෙරී හයි... ලේඩීස් ආ නයිස් මෙන්න පුකේ සයිස්

    ReplyDelete
  24. සබියා.. සිරා මචං

    ගර්භාෂයේ සීන් එක නිසා උකුල පුලුල් වෙන සින් එක මම අහල තිබ්බා. මේක සවිස්තරාත්මකව තියෙනවා බොල.

    ReplyDelete
  25. හික්ස්ස්.. පස්ස ගැන දැනගත්තා... හි හි!!!

    ReplyDelete
  26. ලිපිය කියවද්දි ඩෙස්මන් මොරිස්ව මතක් උනා....

    ReplyDelete
  27. පස්ස ලොකු කෙල්ලන්ට කොල්ලො මෙච්චර කැමති ඒකය් එහෙනම්.

    ReplyDelete
  28. ගැහැනුන්ට අලි පස්සක් තියෙන් ඇයි???
    හයියෝ හරියට ගැලපෙන පින්තුරයක් දාන්න එපැ....
    මෙන්න තියෙනවා....

    http://4.bp.blogspot.com/-K6bwJYBqdoQ/Tem2CIU3EMI/AAAAAAAAAB4/BbNHDmidBAE/s1600/BigAss4.png

    ReplyDelete
  29. හප්පේ උඹටත් හිතෙන දේවල්....එළ විස්තරේ ඈ....

    ReplyDelete
  30. පැහැදිලි කිරීම ආකර්ෂණීයයි. හිත් ඇඳගන්නා සුලුයි. මනබඳයි.
    ''''''''''

    ගිය පෝස්ට් එකේ වහෙං ඔරෝ බාසාව අධ්‍යනය කර ගිය ඉරිදා ලකුණු කිහිපයක් දමා ගතිමි.

    අපි පාරෙ යන විට ඈ "ශා....අන්න නියම බේබී නාරං" කිවාය. මම වහාම වමට සිග්නල් දා බ්රෙක් ගසා, බැස ගොස් ලෝස් නැතුව බේබී නාරං මල්ලක්ම අරං දුනිමි. වරේ වා.... ඊට පස්සෙ මොන හිනාවක්ද ඇගේ.... ලකුණු 100%යි. ඒ ඔක්කොම ලකුණු මට ලැබුනෙ සබිත්ගෙ කලින් පෝස්ට් එක කියෙව්වට පස්සෙ.... ස්තුතියි..:D

    ReplyDelete
  31. ඔය අවශ්‍යතාවයට අමතරව විරුද්ධ ලිංගිකයා ආකර්ශනය කරගන්නත් ලොකු පස්ස උපකාරීවෙනව. ක්ලාස් යන කාලෙ පස්ස පොඩි අයට කිව්වෙ "මැසො බීපු පස්ස" කියල. පස්ස හුරුබුහුටි සහ මුහුණ ලස්සන නැතිඅයට කිව්වෙ "මූන කචල් පුක සුරතල්" කියල.

    ReplyDelete
  32. ඇෆ්රිකන් කාන්තාවන්ට අනිත් යටත් වඩා ලොකු ඩිකියක් තියෙන්නෙ ඇයි?

    ReplyDelete
  33. ඔබා මාම කියුව වගේ පස්සවල් බලන්න එන්න ඕනේ අප්‍රිකාවේ...
    අප්‍රිකාවේ ගෑණු අයට තියන පස්සයි.... .XX දෙකයි , අපේ රටේ ගෑණුන්ටත් තිබ්බනම් ... හප්පේ... පොලොවට අඩි කීයක් උඩින් යයිද දන්නේ නෑ...

    ReplyDelete
  34. මරු විස්තරේ...

    මම ඉන්න පලාතේ තියන එව්වා දැක්කනම් ලොවෙත් නැහැ.. පික්සු හැදෙයි....

    ReplyDelete
  35. ස්තුතියි කස්ටිය...ටිකක් කාර්‍යබහුල නිසා පිලිතුරු සපයන්න එහෙම පරක්කු වෙනවා...

    ඔබා : මං හිතන්නේ ඒ පැත්තේ සාගත වැඩි නිසා ඔටුවගේ මොල්ලියේ වගේ ගැහැනු අයගේ ඔතන තැන්පත් වෙනවා ඇති! :D

    චූටි මහත්තයා : හික්ස්! බොහෝම සන්තෝසයි..මේ කල පිනෙන් වත් ඉක්මනට මට කෙල්ලෙක් සෙට් වේවා!

    කකා,සොසී : කාලෙකින් මේ පැත්තේ!දකින්නට ලැබීම සතුටක්! :)

    නදුන් උයන : ඔව්..ලංකාවේ කෙල්ලෝ ගාව ඇති දේකුත් නෑ! නැති දේකුත් නෑ!

    රාජ් : ඇයි දුරට ඇපල්,ලඟට පැපොල්! :)

    ReplyDelete
  36. දැං පශ්චාත් භාගය ලොකු වීම හරි . . . එතකොට අර ඒක ඇඟේ කෑල්ලක් නෙමේ වගේ වනන එක කොහොමද විද්්‍යාත්මකව පහදන්නෙ ???

    ReplyDelete
  37. දැන්නේ සීන් එක තේරුනේ ඒත් ඉතිං මම අහලා තියෙනවා පස්ස පොඩි කෙල්ලොන්ට කොස් කන්න දීපන් කියලා කියනවා කොසුයි පස්සයි අතර සම්බන්ධයක් තියේද දන්නේ නෑ නේද

    ReplyDelete

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...