Friday, April 27, 2012

කන්ටේනර් පෙට්ටිය,මං එයා & මගේ පනහ




ඔන්න රාලහාමිලා දෙන්නෙක් රෑ වෙලා රාජකාරිය කරගෙන ඉන්නවලු! දෙන්න එක්ක කයිය ගහ ගහ ඉන්නකොට මෑන්ස්ලට පේනවලු ඈත ඉඳන් කන්ටේනර් ට්‍රක් එකක් විදගෙන එනවා..මේක දැකපු රාලහාමිලා ටෝච් ගහලා පාරට පැනලා කෑ ගහලා කොහොම හරි ට්‍රක් එක නවත්ත ගත්තලු!
පස්සෙ ඩ්‍රයිවර් උන්දැ බැහැලා ආවාලු!

රාලහාමි    : තමුසෙට පිස්සුද ඕයි..අඩි 40 කන්ටේනර් ගෙනියන මෙව්ව එකක්ද නැත්නම් සෙල්ලම් කාර් එකක්ද තමුසේ එලවන්නේ!
                    තමුසෙ බීලද?
ඩ්‍රයිවර්       :  අනේ නෑ ලොකු මහත්තයෝ!
රාලහාමි   :  නැත්තෙ මොකො! පුම්බනවා මේ බැලුම! 
                    මේ බලනවා  අයිසෙ..පිටිපස්සෙ ලයිට් වැඩ කරන්නෙත් නෑ

එක පාරටම ඩ්‍රයිවර් උන්නැහේ ඔලුවෙ අත ගහගෙන අනේ සර් කිය කිය හූ තිය තිය අඬන්න ගත්තලු...
රාලහාමිටත් මාර අස්පට් වගේලු (එහෙම අය ඉන්නවා යැයි උපකල්පනය කරගන්න)

රාලහාමි   :  හරි හරි දැන් ඕක නවත්ත ගන්නවා..අඬන්න දොඩන්න දෙයක් දැන් මෙතන උනේ නැහැ නෙ..
ඩ්‍රයිවර්       : සර් මගුලක් කතා කරනවා...
                   මං මේ කල්පනා කරන්නෙ පිටිපස්සෙන් පටවං ආපු කන්ටේනර් පෙට්ටිය කොහේදි හැලෙන්න ඇද්ද කියලා..

(කොහොමද ඒම???)


*    *    *    *    *    *

එයා   : මොනාද කරන්නේ..කෝල් එකක් වත් නෑ දවසටම....
මං     : ආහ්..මං මේ මැච් එක බල බල හිටියේ..
එයා   : මොනාද අනේ ඔය මැච් බැලිල්ල..ඉවරයක් නෑ..ඒ පාර මොනාද මැච්?
මං     : අයි පී එල් බං...
එයා   : එතකොට දැන් මාස දෙකතුනකට කලිනුත් බැලුවේ!
මං     : ඒ බී පී එල්.
එයා   : අනේ යනවා යන්න මාව අන්දන්නේ නැතුව..මං අහුවෙයි ඔයාගෙ බොරු වලට... 
මං     : &^^%$$^&

(ගත යුත්ත :  අනේ මංදා..)



පහුගිය දවස් ටිකේම විභාග නිසා කාර්‍ය්බහුල වෙලා හිටියෙ..මොනා හරි ලියන්න ඕන ඕන කිය කිය හිටියට මොනවත් ලියන්න ඔලුවට එන්නෙත්  නෑ..ඒ නිසා පොඩි ජෝක්ස් දෙකක් දැම්මා කට්ටියට ලේ පිරිසිදු වෙන්නත් එක්ක..
කාලෙකින් සීරියස් (මගෙ සබ්ජෙක්ට් එකට අදාල) ලිපියක් ලියවුනෙත් නැහැ..හෙට අනිද්ද දිහාට ලියන්න බලාපොර්තුවක් තියනවා...යෝජනා විවෘතයි..

මේ මගේ 50 වෙනි ලිපිය..අවුරුදු දෙකක් විතර ගියා වැඩේට..අමුතුවෙන් කියන්න දෙයක් නැහැ මට..කියන්න තියන දේවල් ගොඩක් මං බස් රේඩියෝ එකේදි කිව්වා..
මග ඇරිච්ච කෙනෙක් වෙතොත් මෙතනින් අහන්න පුලුවන්.

වැඩිය බ්ලොග් එක පැත්තෙ නොඑන කෙනෙක් ඉන්නවනම් උඩ දකුනු කෙලවරෙන් ඊ මේල් ලිපිනය ලබා දීලා ලිපි ගෙන්න ගන්න පුලුවන්.
සුභ පැතුම් වලට වඩා වටින්නේ අදහස්..බ්ලොග් එක මේ වගේ වුනොත් හොඳයි,මේ දේවල් වැඩිය ලියනවනම් හොඳයි වගේ අදහසක් පහල දාලා යන්න පුලුවන් නම් ගොඩක් වටිනවා මට.
දිගටම මගේ ලිපි කියවපු කෙනෙක් වේ නම්( එහෙම අය ඇත්තටම ඉන්නවනම්) තමන්ගේ වැඩිපුරම හිතගත්තු ලිපිය මොකක්ද කියලා සටහනක් තියලා යන්න..

ජයවේවා!


23 comments:

  1. මගෙනම්,(ගස් ලබ්බි)
    ඔක්කොම හොඳයි මලේ....

    ReplyDelete
  2. පොස්ට් එක නියමයි

    ReplyDelete
  3. මමනම් ඔයාගේ බහුතරයක් ලිපි වලට කැමතියි . කවිත් ලස්සනයි . සරළ
    ලස්සන කවි .

    සුභ පතනවා ! දිගටම ලියන්න ඉඩ ලැබුනාම . අධ්‍යාපනයට බාධා නොකර.

    ReplyDelete
  4. ආපු එක හොදයි..

    කමෙන්ටු වලට රිප්ලයි පාරක් දෙනව නම් තවත් සිරා ;)

    ජය !

    ReplyDelete
  5. ජයෙන් ජය සබිත් අයියා....

    ~ මාතරේ

    ReplyDelete
  6. කන්ටේනර් කතාවනං තේරුණා.ඇත්තටම අනිත් කතාවේ සැඟවුණු අර්ථයක් තේරුණේ නෑ මචං.එක්කෝ මගේ මොළේ වැඩ නෑ.නැත්තං ක්‍රිකට් පිළිබඳ දැනුම මදි.කොහොම හරි දිගටම ලියපං මචං.මටනං එග්සෑම් අස්සෙ තමයි ලියන්ඩම හිතෙන්නෙ.

    ReplyDelete
  7. මුලින්ම කියන්නං ජය වේවා!!!

    දිගටම ලියපන් බං..

    ReplyDelete
  8. මගේ කැමතිම එක "මගේ පරන අවුරුද්ද! my old new year",

    ReplyDelete
  9. එපා කිව්වත් සුබ පැතුම් 50ට.

    මගෙ හිත් ගත්ම ලිපිය අර ලඟදි ලිව්ව අවුරුද්ද ගැන ලිපිය. nostalgia වල්ට අතීත කාමය කියලා තිබ්බේ.

    බ්ලොග් ලිපි කෙසේ විය යුතුද? සාබිත් ඉන්න බංග්ලාදේශේ, එදිනෙදා ජීවිතය අත්දැකීම්, රසවත් සිදුවීම් වගේ දේවල් ලියන්න පුලුවන්නෙ බං. එතකොට අර මගෙ බ්ලොග් එකට කියලා තිබ්බෙ ඔහෙ බස් වල ක්‍රෑශ් බාර් හයි කරලා තියෙන්නෙ කියලා හෙම... :D

    henryblogwalker the Dude

    ReplyDelete
  10. මම නම් ආශම 'ගස් ලබ්බිට' ඔන්න..!

    ReplyDelete
  11. මේ වගේ වුනොත් හොඳයි, මේ දේවල් වැඩිය ලියනවනම් හොඳයි.

    මට වැඩියෙම හිතට ඇල්ලුවේ "වහෙන් ඔ‍රෝ'". එතකොට ඒ විදිහට ලියපු අනිත් ලිපිත් කියෙව්වා....!

    ReplyDelete
  12. 50 ට සුබ පැතුම් !

    මමත් ආස අවුරුද්ද ගැන ලියවුනු ලිපියට. I don't know why මාලාවත් හොඳයි.

    ජයම් පතමි !!!

    ReplyDelete
  13. ජය වේවා!!!

    ReplyDelete
  14. මම නම් වැඩියෙන්ම ආසා උනේ " එහෙම වෙන්නේ ඇයි? " සීරිස් එකට.. ඒ ගැන තව ලියමු නේ...

    50ට සුභ පැතුම්..

    ReplyDelete
  15. I don't know why කතාවල ගැස්සිලා ඇහැරෙන පොස්ට් එකට තමා.

    ඔන්න 50 සුභ පැතුවේ නෑ...

    ReplyDelete
  16. එකක් කියලා නෑ හැම ලිපියක්ම වෙනස් වෙනස් තේමාවලින් මම සිත්ගත්තු ලිපි. සුභ පැතුම් :)

    ReplyDelete
  17. ඉඳහිටලා මෙහෙම පුංචි පුංචි විහිලු කතා එකක් දෙක් කියෙව්ව‍ාම ඒකාකාරි ගතියෙන් මිදෙනවා. මොනවා වුනත් විහිලු කතා ටික නම් මරු.

    50 න් ඔබ්බට ලියන්න කියලා සුබ පතනවා.
    දැනටත් ඔබ ලියන ඒවා තුල විවිධත්වය තියෙනවානේ. ඒ නිසා අවුලක් නෑ.

    ReplyDelete
  18. බොහොම ස්තුතියි කස්ටියගේ අදහස් වලට! මගේ ලිපි වලට තව කෙනෙක් කැමති කියලා අහන සතුටම ඇති මට :)
    වැදගත් විදිහට පිලිවලකට පුලුවන් තරමක් කල් මේ බ්ලොග් එකක් තියෙයි! ආයිමත් ස්තුතියි ඇවිත් ලිපි කියවලා දිරිගන්වලා යනවට!

    ReplyDelete
  19. ලිපිටික නං හොදයි. ඒකක කාලයකට වැටෙන පෝස්ටු ගාන තමයි මදි :-)

    ReplyDelete
  20. ඇත්තම කියනවා නම් මම නම් හොඳටම ටියුබ් ලයිට්..
    සෑහෙන වෙලාවක් ගියත් තාම හිනාගියේ නෑ නොවැ..ස්ටාටරේ පිච්චිලද කොහෙද..

    කොහාම වුනත් තව ගොඩක් රසකතා අපිත් එක්ක බෙදා ගන්න හැකියාව,කාලය ලැබේවා..

    ReplyDelete
  21. හිනා ගියෙ නැත්නම් තේරුනේ නැත්නම් ඒ වරදත් මගේ! ඔය විහිලු කතා ලියන්න කියන්න මං එච්චර දස්ස නෑ නොවැ!

    ReplyDelete

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...