Saturday, May 12, 2012

පාර්ලිමන්ට් ජෝක්ස්

පාර්ලිමන්ට් ජෝක්ස් වලට තියෙන්නේ සුළුපටු ඉතිහාසයක් නෙවෙයි!
හුඟක් ඒවා ඇත්ත නොවුනත් ඔවුන්ගේ චරිත වල තියන සියුම් තැන්,හැසිරීම් පුරුදු අලලා කියවෙන නිසා ඇත්ත වෙන්න ඇතියි සිතෙන තරමටම මේ කතා රසවත්..
J.R- සිරිමා,J.R-ප්‍රේමදාස,ප්‍රේමදාස- ජෝජ් බුශ්,චන්ද්‍රිකා රනිල් ආදීන් අලලා කියවෙන රසවත් කතා ඔබ අසා ඇතිවාට සැකයක් නෑ! 
J.R- ප්‍රේමදාසගේ 'රිදී හැන්දේ කතාව', ප්‍රේමදාස-ජෝජ් බුශ් ගේ 'ලංකාව මගේ අත උඩ' කතාව ඒ දවස් වල නම් සෑහෙන්න හිට්!

පස්සෙ පස්සේ පාර්ලිමේන්තුවේ කියන කරන ඒවා කොහොමත් විහිලුවක් වෙන්න ගත්තු එකේ,මිනිස්සුන්ට ආයි අමුතුවෙන් ජෝක්ස් හදන්න මහන්සි වෙන්න ඕන වුනේ නෑ!

කොහොමින් කොහොම හරි ඒවගෙ ජෝක්ස් වඳවී යාමේ තර්ජනයට මුහුන දෙමින් තිබෙන අවදියක ඒවාට නැවත පනදෙන,ඒවා දෙපයින් නැගිටවන යුග පුරුෂයෙකුගේ පුනරාගමනක් සිදුවෙලා කියලා ලංකාව පැත්තෙන් ආරංචි වෙනවා!
ඒ නන් අදර් දැන් වන් ඇන්ඩ් ඔන්ලි ලව්ලි ගැමුනු පරම්පරාවේ කිං හන්ටර්........!
රා...යිට්.... අටුවා ටිකා ටිප්පනි වලට පස්සෙ මෙන්න ජෝක්ස් එක!

මර්වින් සිල්වා පාර්ලිමේන්තුව අමතමින්..


ගරු කථානායකතුමනි..මේ අවස්ථාවේ මං පොඩි කතාවක් කියන්න කැමතියි!

එක පියෙක් තමාගේ පුතාලා තුන් දෙනාට අඬගහලා: ඔවුන්ගේ අවස්ථානුකූල බුද්ධිය මනින්න කියලා හිතාගෙන රුපියල් සීය ගානේ දීලා ගෙදර කාමරයක් පෙන්නලා කියනවා ඔය මුදලින් මේ කාමරය සම්පූර්ණයෙන් පුරවන්න පුලුවන් දෙයක් අරං ඇවිත් කාමරය පුරවලා පෙන්නන්න කියලා..

පලවෙනි පුතා..වැඩිමලා රුපියල් සීයකට පිදුරු අරං එනවා..ඇවිත් පුරවනවා..ඒත් කාමරය සම්පූර්නයෙන් පුරවන්න ඔහුට පුලුවන් වෙන්නේ නෑ..

දෙවෙනි පුතා..ඔහු ගේනවා පුලුං..ගෙනත් පුරවලා බලනවා..ඒත් ඔහුටත් බැරිවෙනවා..

තුන් වෙනි පුතා..බාලයා..ඔහු ගන්නවා ඉටිපන්දමක් රුපියලක් දීලා..
ගෙනත් කාමරයේ පත්තු කරනවා..ඔහු පුරවනවා මුලු කාමරයම ආලෝකයෙන්..
අපේ අතිගරු ජනාධිපතිතුමත් අන්න ඒ තුන් වෙනි පුතා වගේ..අපේ මුලු රටම සංවර්ධනයෙන් සෞභාග්‍යයෙන් පුරවන්න සමත් වෙලා තියෙනවා..

විපක්ෂය පැත්තෙන් සද්දයක් : කෝ එතකොට ඉතුරු රුපියල් 99?

මර්වින් මැතිතුමා                : උඹලගේ අම්මලට @^$&!^%@&^(

සැ:යු : හුදු විනෝදය සඳහා පමනක් ලියන ලද්දක් බවත්,කතාවේ උද්දීපනය වන අදහස කෙරෙහි කතෘගේ පෞද්ගලික දේශපාලන මතයේ බලපෑමක් නොමැති බවත් සලකන්න. :)



මෙවන් කතා ඔබත් දන්නවද?
පාර්ලිමන්ට් ජෝක්ස් පුනරුදයක් ඇතිකිරීමේ ජාතික කර්තව්‍යයට අතගසන්න ඔබත් කැමතිද?
එහෙනම් ඔබේ කතාව ඔබේ බ්ලොගයේ "පාර්ලිමන්ට් ජෝක්ස්" තේමාව යටතේ පලකරන්න..
නැත්නම් මගේ බ්ලොගයේ ඔබේ නමින් පල කරවා ගන්නට ඊයකින් එවන්න..

19 comments:

  1. ඊට හොඳ නැද්ද හැන්සාඩ් එක එහෙම පිටින්ම දැන්මනම්

    ReplyDelete
  2. එළ...

    අම්මපා මට දුක, ටෙනී, බන්දු, විජය නන්දසිරිලට යන තැනක් නැති වෙයි කියලා..

    ReplyDelete
  3. මේක මම ඇහුවේ පාර්ලිමේන්තුවෙම වැඩ කරන කෙනෙක්ගෙන්. මිනිහ කියනවා, ඉස්සර ජේ. ආර්. පප්පාගේ කාලේ කැබිනට් මීටිමකට එනකොට පප්පා එනවලු 10 තියන මීටිමට උදේ 8 - 8.30 වෙත්දි. ඇවිත් පාඩුවේ පොතක් බල බලා ඉන්නවලු. අනිත් අය ලලිත් ගාමිණී හැමෝම කලින්ම ඇවිත් සටහන් හදනවලු, පොත් බලනවලු. යමරෙට වැඩ.

    ඔන්න ප්‍රේමදාස ලොක්කගේ කාලේ හරියට 10 ලොක්ක එනවලු. එතකොට කට්ටියම ඇවිත් බලාන ඉන්නවලු. එකෙක් හරි පරක්කු උනොත් පයින් පාර තමයිලු.

    නෝනාගේ කාලේදි 10 මීටිමට නෝනා එනවලු 12ට අනිත් කට්ටිය එනකොට මීටිම ඉවරලු.

    දැන් කට්ටිය ඇවිත් යෝජනා සම්මත කිරීම ආදියට අත්සන් කරලා යනවලු. ඔහොමලු මෙහෙමලු අනේ මන්ද මම නම් දන්නේ නැහැ. කෙනෙක් තමයි කිව්වේ.

    ReplyDelete
  4. මට මේක කියවලා ඇස්වලින් කඳුල් පැන්නා හිනාව නවත්තගන්න බරුව. නියම කතාවක්. ආයෙ දෙකක් නෑ සුපිරියි

    ReplyDelete
  5. ජනතාවට විනෝදය සැපයීම අතිං කොච්චර ඉදිරියෙං හිටියත් විනෝදය වෙනුවෙන් පාර්ලිමේන්තුව නඩත්තු කරන්ඩ ඔච්චර සල්ලි නාස්ති කරන එක අපරාදෙ.

    ReplyDelete
  6. එලම පාර ආහ් ... කියල වැඩක් නෑ ..ඔය ඇහුවමයි ..

    ReplyDelete
  7. මේක ජේ.ආර්. ගෙ කාලෙ වෙච්චි දෙයක්. එක විරුද්ධ පක්ෂේ මන්ත්‍රී කෙනෙක් ජේ.ආර්. කතා කරන විට නිතරම බාධා කරනවලු. බැරිම තැන දවසක් ජේ.ආර්.කිව්වලු " මන්ත්‍රී තුමා මට බාධා කරන එක නැවැත්තුවෙ නැත්තං මම ඉන්ග්‍රීසියෙන් කතා කරනවා" කියල. පස්සෙ අරය බාධා කරන එක නැවැත්තුවලු. මොකද එයාට ඉන්ග්‍රීසි බැරිලු.

    ReplyDelete
  8. ඇත්තටමත් වැඩි වෙනසක් නැහැ.එක සැරයක් කිවුවේ "අනේ උඹ වගේ මෝඩ මුසිල ගොන් හරකෙක්" කියල.පාර්ලිමේන්තුවේ දී.

    ReplyDelete
  9. සිරා කතාව..

    අර දවසක් සබිත් පාර්ලිමට් එකේ වීඩියෝ එකක් දැම්මේ.. අන්න ඒකත් මේ ගොඩට කියාපු ජොක් එකක්..

    ReplyDelete
  10. නිහාල් ගේ කොමෙන්ට් එක ඇත්තම කතාවක්.

    මේ පෝස්ට් එකේ මර්වින් කතාව ඊයෙ ඊයකින් ආව, මේකත් ඇත්ත කතාවක් විය යුතුයි.

    ReplyDelete
  11. සිරා කතාව......
    ඇයි අර ප්‍රේමදාසගෙ රඹුටන් කතාව. ඒකත් ප්‍රසිද්ධ කතාවක්නෙ.

    ReplyDelete
  12. සබිත් මම හිතන විදියට මේ තමයි ඔබා අයියගේ අවසාන කමෙන්ට් එක.

    ReplyDelete
  13. දවස් දෙකකට පස්සෙ අදයි ආවේ.අදගන්න බෑ ඔහුගේ නික්ම යෑම! ඔහුගේ අවසන් කොමෙන්ටුව මෙය නම් එය ආඩම්බරයකට වඩා දුකක් මට! හමුවෙලා නැති උනත් යතුරු පුවරුව හරහා ඇති උන මිතුදම ප්‍රබල එකක්!නිවන් සුව ඔහුට!

    ReplyDelete
  14. කෝ එතකොට ඉතුරු රුපියල් 99?

    හෙ හේ... ඇත්තටම අපේ එව්න් අහන්න ඇති... ආණ්ඩු පක්ෂේ උනිත් ඇහුවෙ නැතත් හිතන්න ඇති...

    මේවගේ රටක ඉපදෙන්න අපි පූරුවෙ හෙන පිනක් නෙවෙයි.. පිං කන්දරාවක් කොරන්න ඇති

    ReplyDelete
  15. මම එද්දී ඔබා මාමා කමෙන්ට් එක දාල ගිහින් නේ..
    :-(
    ජෝක් එකට හිනා වෙන්න අරන් නැවතුනේ ඔබා මාමගේ කමෙන්ට් එක දැක්කම..

    ReplyDelete
  16. @ වෙද ගෙදර මහ වෙදනා,
    නැහැ අයියෙ, ඔබා මාමගෙ මම දැකපු අන්තිම කමෙන්ට් එක තියෙන්නෙ මෙතන,

    http://wilegoda.blogspot.com/2012/05/blog-post_12.html

    ReplyDelete
  17. විහිළු නම් රටේ හැම තැනම තියනව නේ සාබිත්, ඒත් රටේ ව්‍යවස්ථාදායකය රටේ මිනිස්සුන්ට විහිළු සපයන තැනක් වීම නම් විහිළුවක් නෙවෙයි. ඒ වුනත් ඉතින් ඒකට නියෝජිතයො පත් කරන්නෙ රටේ ජනතාවමනේ. යකාගෙ හැටියටළු විමානෙ.

    ReplyDelete
  18. එතුමන්ලා අපි ව සුවසේ තියන්න කොයිතරම් නම් මහන්සි වෙනවද? අපි ඒකට එයාලට ගෙවනවා මදිද මන්දා....

    ReplyDelete

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...