නුඹයි මායි දැනං උන්නා ටික කාලෙක ඉඳන්,කවද කොහොම ඉඳන්ද කියන්න මතක නැති උනත්..
නුඹ ටික ටික මට කිට්ටු උනා..නුඹේ දුක මට කියන්න..
අපි විසඳුම් හෙව්වා උගෙන් ගැලවෙන්න..
ඒ කාලකන්ණියගෙන්...
කාලයත් එක්ක උඹ මට කැමැත්ත දුන්නා,ඉල්ලුවෙ නැති උනත්...
බොහොම සතුටින් උන්නා අපි,ටික කාලෙකුත් නොවෙන ගොඩකාලෙකුත් නොවෙන කාලෙකට..
ටික ටික මගෙන් නුඹ ඈතට යනවග දැනෙන්නට උනා..
ඉඳලා මං අහක බලනකං,මට හොරෙන් නුඹ කෙටියෙන් පණිවිඩ කොටන කොට
තේරුම් ගන්න අමාරු උනේ නැහැ මට,නුඹ තවකෙකු එක්ක විසදුම් හොයනව ඇති කියලා..
මගෙන් ගැලවෙන්න..
ඌ හිතන් ඉන්නව ඇත්තේ මං කාලකන්නියෙක් කියලා,මං හිතං ඉඳපු විදිහටම..
ඌ ඒ විදියටම හිතං ඉදීවී තව එකෙක් ඌ ගැන එහෙම හිතන දවස වෙනකම්ම...
වරද නුඹේ නෙවෙයි..
උගෙ...
මගෙ...
෴ සා බි ත්෴
ගොඩක් දුරට බලාපොරොත්තු වෙන්න පුළුවන් ඔය වගේ අවසාන තමා දැන් කාලේ.
ReplyDeleteහ්ම්
Deleteඅසරණ ජීවිත ! වෙන මොනව කියන්නද?
ReplyDeleteහ්ම්
Deleteඇත්තටම ඇයි අප්පා කෙල්ලෝ එහෙම හැසිරෙන්නේ?????
ReplyDeleteකෙල්ලො එහෙම හැසිරෙන්නෙ????? අනේ අප්පා පව්ව්ව්ව්ව්...අනේ මගෙ කට...!!
Deleteආඃ ...... මේ නම් ඇත්ත කිරිල්ලිම තමා. :)
Deleteඑහෙම වෙන්නේ ස්ත්‍රී චින්තනය අස්ථිර නිසා වෙන්න ඇති!
Deleteඅස්ථිර වූ ස්ත්‍රී චින්තනය තුල ස්ථිර වූ ප්‍රේමයක් ඇති කල හැකිනම් පුත්තලමේ වුවද ගෝවා වගා කල හැක කියලා කියනවනේ!
පත්තිනි අම්මල වගේ කෙල්ලො හිටියෙ ඉස්සර...
ReplyDeleteකලාතුරකින් ඇති..නාගරික සමාජයෙන් ඇතුලට වෙන්න!
Deleteසා මාරයි..ඒ දවස්වල පත්තිනි අම්මත් හොරාට එස් එම් එස් ගැහුවද කියලා කවුද බන් දන්නෙ? සමාරවිට ලෝකෙ කාටවත් අහු වෙන්නෙ නැතිවෙන්න වල් වැඩ කරන්න තරම් පත්තිනි අම්මත් දක්ෂයෙක් වෙන්න ඇති නේ...
ReplyDeleteෂා ෂා..ඔයා දන්න දේවල්..මාරයි ඈ...
Deleteවෙන්න ඇති..ඔප්පු කරනකම් කිසිම කෙනෙක් වැරදිකරුවෙක්/කාරියක් නෙවෙයි..සැකකාරයෙක්/කාරියක් විතරයි!
Deleteඔහොම කොල්ලොත් ඉන්නවා බොලව්.
ReplyDeletehenryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude)
වැරැද්දක් දැක්කම මොක්කුදෝ වගේ ඔහේ කියවනවට වඩා මෙහෙම හිතන්න පුළුවන්නම් කොච්චර හොඳද... කෙල්ලො වගේම මෙහෙම කරන කොල්ලොත් නැද්ද කියලා තම තමන්ගේ පපුවෙන්ම අහලා බලන්න පුළුවන්නම්
Deleteඔව්..කෙල්ලො විතරයි මෙහෙම කරන්නේ කියලා කියන්න තරම් මං කුහක නෑ! හැබැයි මෙහෙම කරන්න කෙල්ලොන්ට්‍ර තියන හැකියාව වැඩි! මායම් කියලා ඉස්සර මිනිස්සු කියන්න ඇත්තෙත් මේ හැකියාවන්ට වෙන්න ඇති පස්සෙ විවිධ අර්ථකතන දුන්නට!
Deleteතරුණ කාලෙ සිතුවිලි හතර අතේ ඇවිදිනවා . අකීකරු තිුවිලි නවතින්නේ හොඳටම හතිවැටුනාම.
ReplyDeleteසිතින් ඉබාගාතෙ නොඇවිදින කෙනෙක් නෑ! විවාහයෙන් පස්සෙ උනත්.. බස් එකේ කෙල්ලෙක්, අසල්වැසියෙක් etc ලඟ හිතින් නතරවෙන මිනිස්සු අනන්ත ඇති..පවතින සමාජ සම්මතයන් තුල ඒවා අනියම් ලෙස සැලකෙන නිසා ඒවා අප්‍රකාශිතව හිතේ තියාගෙන තමන්ගේ සහකරු/සහකාරිය තුල ඒ හැඟීම් ෆැන්ටසයිස් කරනවා..
Deleteඅකීකරු සිත අප්‍රකාශිතව ඉබාගතෙ යන එක නවත්තන්න බැහැ.හැබැයි සිතුවිලි ක්‍රියා බවට පෙරලන්න ගියාම නවතින සීමාව කොතනද?
හිත හීලෑ නෑ.. හරිම මුරන්ඩුයි
ReplyDeleteතැන තැන ඇවිදිනවා....
හිතෙන හිතෙන තැන නවතිනවා..
හිත හීලෑ නෑ....
සිත වල්මත්
Deleteපිරිමි ගෑණුන්ට ආදරය කරන කොට ගෑණු ආදරයට ආදරය කරනවා කියලා පරණ කතාවක් තියනවා,
ReplyDeleteඒ උනාට ඒක ඇත්ත නෙමෙයි ,එහෙනං අරකී මට පොල්ල තියයිද
නැහැ මචං..ඒකයි ඇත්ත..ඒකි ආදරය කරන්නේ ආදරේට..ඒ නිසා ඊට වැඩිය නැවුම්/අලුත් ආදරයක් ඒකිට දැනෙන්න ගත්තු දාට ඒකි ඒ ආදරය වැලඳගන්නවා..එතනදි පුද්ගලයා මාරු කරන එක ලොකු ගැටලුවක් නෙවෙයි..මොකද එයා ආදරය කරන්නේ ආදරයට මිසක් පුද්ගලයාට නොවෙන නිසා..
Deleteහ්ම්....
ReplyDeleteහික් හික් ලෝකේ කැරකෙනවා බොල එහෙම එකේ ඕක මොකක්ද . අනික වැඩියෙම මූදෙ මාලු එකෙක් නෙවෙයි ඉන්නෙ කියලා හිතන්නෙ පිරිමි.
ReplyDeleteහ්ම්ම්ම්... සමහරුන්ගේ ආදරේ හැටි..
ReplyDeleteතමන් ලබපු අත්දැකීමක් නම් ගැහැණු ළමයට දොස් පැවරුවට කමක් නැහැ.පිරිමි කියල අපි සේරම සුධෝධනලද?
ReplyDeleteඔව්..කෙල්ලො විතරයි මෙහෙම කරන්නේ කියලා කියන්න තරම් මං කුහක නෑ! හැබැයි මෙහෙම කරන්න කෙල්ලොන්ට්‍ර තියන හැකියාව වැඩි! මායම් කියලා ඉස්සර මිනිස්සු කියන්න ඇත්තෙත් මේ හැකියාවන්ට වෙන්න ඇති පස්සෙ විවිධ අර්ථකතන දුන්නට!
Deleteඑක් එක් මිනිස්සුන්ගේ චරිත ලක්ශන වල හැටි.
ReplyDeleteඑක් වරක් චපල වුන කෙනෙක්ට තව දහස්වාරයක් එහෙම කරන එක මහ ලොකු දෙයක් නෙවෙයි.
"එක් වරක් චපල වුන කෙනෙක්ට තව දහස්වාරයක් එහෙම කරන එක මහ ලොකු දෙයක් නෙවෙයි."මේ කතාව නම් සහතික ඇත්ත! වරදට තියෙන බය සහ ඒ වරදකාරී හැඟීම පොඩ්ඩ පොඩ්ඩ අඩු වෙලා යනවා ඇතිඃ
Deleteචංචලා නමටම හරියන්න හැසිරෙන්න එපැයි ..
ReplyDeleteඒත් හැමදෙනාම එක මිම්මෙන් එපා මනින්න..
පිස්සුවක් ඇතෑ ආයි!
Deleteමොනවා උනත් දෙපැත්තටම ඇත්ත කතාව.අන්තිමේදී අපිට අහන්න වෙන්නේ මට නුබ විතරක් උනාට නුබට ඉන්නේ මං විතරද??????
ReplyDeleteඑක මකුණයි ළමයෝ කෑවේ...
ReplyDeleteඇයි ඔක්කොම මකුණො මරන්නේ.... :D
හ්ම්ම්..
Deleteමරන්නේ නෑ! ඉඳ ගන්න බලං ඉන්න උන්ට කියලා දෙනවා මකුනොන්ගෙ හැටි!
Deleteඅහෝ දුකකි .
ReplyDeleteවරද ඒකිගෙ නෙවේ :ඩී
ReplyDeleteසැමා ,ගිම්හානි,දිනේශ්,ලොක්කා,තරුවා,ලුලියා හැමෝටම ස්තුතියි අදහස් වලට..
ReplyDeleteමේ එකින් එකට කොමෙන්ට් කරන වැඩේ හරියන එකක් නෙවෙයි වගේ! පෝස්ට් එකක් ලියනවට වඩා වෙලා යනවා නොවැ :P
ආදරේ කියන්නේ තණ්හාවේ එක පැති කඩක්නේ ..
ReplyDelete