Thursday, August 16, 2012

චංචලා...




නුඹයි මායි දැනං උන්නා ටික කාලෙක ඉඳන්,කවද කොහොම ඉඳන්ද කියන්න මතක නැති උනත්..
නුඹ ටික ටික මට කිට්ටු උනා..නුඹේ දුක මට කියන්න..
අපි විසඳුම් හෙව්වා උගෙන් ගැලවෙන්න..
ඒ කාලකන්ණියගෙන්...

කාලයත් එක්ක උඹ මට කැමැත්ත දුන්නා,ඉල්ලුවෙ නැති උනත්...
බොහොම සතුටින් උන්නා අපි,ටික කාලෙකුත් නොවෙන ගොඩකාලෙකුත් නොවෙන කාලෙකට..
ටික ටික මගෙන් නුඹ ඈතට යනවග දැනෙන්නට උනා..
ඉඳලා මං අහක බලනකං,මට හොරෙන් නුඹ කෙටියෙන් පණිවිඩ කොටන කොට
තේරුම් ගන්න අමාරු උනේ නැහැ මට,නුඹ තවකෙකු එක්ක විසදුම් හොයනව ඇති කියලා..
මගෙන් ගැලවෙන්න..

ඌ හිතන් ඉන්නව ඇත්තේ මං කාලකන්නියෙක් කියලා,මං හිතං ඉඳපු විදිහටම..
ඌ ඒ විදියටම හිතං ඉදීවී තව එකෙක් ඌ ගැන එහෙම හිතන දවස වෙනකම්ම...

වරද නුඹේ නෙවෙයි.. 
උගෙ...
මගෙ...

෴ සා බි ත්෴

39 comments:

  1. ගොඩක් දුරට බලාපොරොත්තු වෙන්න පුළුවන් ඔය වගේ අවසාන තමා දැන් කාලේ.

    ReplyDelete
  2. අසරණ ජීවිත ! වෙන මොනව කියන්නද?

    ReplyDelete
  3. ඇත්තටම ඇයි අප්පා කෙල්ලෝ එහෙම හැසිරෙන්නේ?????

    ReplyDelete
    Replies
    1. කෙල්ලො එහෙම හැසිරෙන්නෙ????? අනේ අප්පා පව්ව්ව්ව්ව්...අනේ මගෙ කට...!!

      Delete
    2. ආඃ ...... මේ නම් ඇත්ත කිරිල්ලිම තමා. :)

      Delete
    3. එහෙම වෙන්නේ ස්ත්‍රී චින්තනය අස්ථිර නිසා වෙන්න ඇති!

      අස්ථිර වූ ස්ත්‍රී චින්තනය තුල ස්ථිර වූ ප්‍රේමයක් ඇති කල හැකිනම් පුත්තලමේ වුවද ගෝවා වගා කල හැක කියලා කියනවනේ!

      Delete
  4. පත්තිනි අම්මල වගේ කෙල්ලො හිටියෙ ඉස්සර...

    ReplyDelete
    Replies
    1. කලාතුරකින් ඇති..නාගරික සමාජයෙන් ඇතුලට වෙන්න!

      Delete
  5. සා මාරයි..ඒ දවස්වල පත්තිනි අම්මත් හොරාට එස් එම් එස් ගැහුවද කියලා කවුද බන් දන්නෙ? සමාරවිට ලෝකෙ කාටවත් අහු වෙන්නෙ නැතිවෙන්න වල් වැඩ කරන්න තරම් පත්තිනි අම්මත් දක්ෂයෙක් වෙන්න ඇති නේ...

    ReplyDelete
    Replies
    1. ෂා ෂා..ඔයා දන්න දේවල්..මාරයි ඈ...

      Delete
    2. වෙන්න ඇති..ඔප්පු කරනකම් කිසිම කෙනෙක් වැරදිකරුවෙක්/කාරියක් නෙවෙයි..සැකකාරයෙක්/කාරියක් විතරයි!

      Delete
  6. ඔහොම කොල්ලොත් ඉන්නවා බොලව්.
    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude)

    ReplyDelete
    Replies
    1. වැරැද්දක් දැක්කම මොක්කුදෝ වගේ ඔහේ කියවනවට වඩා මෙහෙම හිතන්න පුළුවන්නම් කොච්චර හොඳද... කෙල්ලො වගේම මෙහෙම කරන කොල්ලොත් නැද්ද කියලා තම තමන්ගේ පපුවෙන්ම අහලා බලන්න පුළුවන්නම්

      Delete
    2. ඔව්..කෙල්ලො විතරයි මෙහෙම කරන්නේ කියලා කියන්න තරම් මං කුහක නෑ! හැබැයි මෙහෙම කරන්න කෙල්ලොන්ට්‍ර තියන හැකියාව වැඩි! මායම් කියලා ඉස්සර මිනිස්සු කියන්න ඇත්තෙත් මේ හැකියාවන්ට වෙන්න ඇති පස්සෙ විවිධ අර්ථකතන දුන්නට!

      Delete
  7. තරුණ කාලෙ සිතුවිලි හතර අතේ ඇවිදිනවා . අකීකරු තිුවිලි නවතින්නේ හොඳටම හතිවැටුනාම.

    ReplyDelete
    Replies
    1. සිතින් ඉබාගාතෙ නොඇවිදින කෙනෙක් නෑ! විවාහයෙන් පස්සෙ උනත්.. බස් එකේ කෙල්ලෙක්, අසල්වැසියෙක් etc ලඟ හිතින් නතරවෙන මිනිස්සු අනන්ත ඇති..පවතින සමාජ සම්මතයන් තුල ඒවා අනියම් ලෙස සැලකෙන නිසා ඒවා අප්‍රකාශිතව හිතේ තියාගෙන තමන්ගේ සහකරු/සහකාරිය තුල ඒ හැඟීම් ෆැන්ටසයිස් කරනවා..
      අකීකරු සිත අප්‍රකාශිතව ඉබාගතෙ යන එක නවත්තන්න බැහැ.හැබැයි සිතුවිලි ක්‍රියා බවට පෙරලන්න ගියාම නවතින සීමාව කොතනද?

      Delete
  8. හිත හීලෑ නෑ.. හරිම මුරන්ඩුයි
    තැන තැන ඇවිදිනවා....
    හිතෙන හිතෙන තැන නවතිනවා..
    හිත හීලෑ නෑ....

    ReplyDelete
  9. පිරිමි ගෑණුන්ට ආදරය කරන කොට ගෑණු ආදරයට ආදරය කරනවා කියලා පරණ කතාවක් තියනවා,

    ඒ උනාට ඒක ඇත්ත නෙමෙයි ,එහෙනං අරකී මට පොල්ල තියයිද

    ReplyDelete
    Replies
    1. නැහැ මචං..ඒකයි ඇත්ත..ඒකි ආදරය කරන්නේ ආදරේට..ඒ නිසා ඊට වැඩිය නැවුම්/අලුත් ආදරයක් ඒකිට දැනෙන්න ගත්තු දාට ඒකි ඒ ආදරය වැලඳගන්නවා..එතනදි පුද්ගලයා මාරු කරන එක ලොකු ගැටලුවක් නෙවෙයි..මොකද එයා ආදරය කරන්නේ ආදරයට මිසක් පුද්ගලයාට නොවෙන නිසා..

      Delete
  10. හික් හික් ලෝකේ කැරකෙනවා බොල එහෙම එකේ ඕක මොකක්ද . අනික වැඩියෙම මූදෙ මාලු එකෙක් නෙවෙයි ඉන්නෙ කියලා හිතන්නෙ පිරිමි.

    ReplyDelete
  11. හ්ම්ම්ම්... සමහරුන්ගේ ආදරේ හැටි..

    ReplyDelete
  12. තමන් ලබපු අත්දැකීමක් නම් ගැහැණු ළමයට දොස් පැවරුවට කමක් නැහැ.පිරිමි කියල අපි සේරම සුධෝධනලද?

    ReplyDelete
    Replies
    1. ඔව්..කෙල්ලො විතරයි මෙහෙම කරන්නේ කියලා කියන්න තරම් මං කුහක නෑ! හැබැයි මෙහෙම කරන්න කෙල්ලොන්ට්‍ර තියන හැකියාව වැඩි! මායම් කියලා ඉස්සර මිනිස්සු කියන්න ඇත්තෙත් මේ හැකියාවන්ට වෙන්න ඇති පස්සෙ විවිධ අර්ථකතන දුන්නට!

      Delete
  13. එක් එක් මිනිස්සුන්ගේ චරිත ලක්ශන වල හැටි.
    එක් වරක් චපල වුන කෙනෙක්ට තව දහස්වාරයක් එහෙම කරන එක මහ ලොකු දෙයක් නෙවෙයි.

    ReplyDelete
    Replies
    1. "එක් වරක් චපල වුන කෙනෙක්ට තව දහස්වාරයක් එහෙම කරන එක මහ ලොකු දෙයක් නෙවෙයි."මේ කතාව නම් සහතික ඇත්ත! වරදට තියෙන බය සහ ඒ වරදකාරී හැඟීම පොඩ්ඩ පොඩ්ඩ අඩු වෙලා යනවා ඇතිඃ

      Delete
  14. චංචලා නමටම හරියන්න හැසිරෙන්න එපැයි ..
    ඒත් හැමදෙනාම එක මිම්මෙන් එපා මනින්න..

    ReplyDelete
    Replies
    1. පිස්සුවක් ඇතෑ ආයි!

      Delete
  15. මොනවා උනත් දෙපැත්තටම ඇත්ත කතාව.අන්තිමේදී අපිට අහන්න වෙන්නේ මට නුබ විතරක් උනාට නුබට ඉන්නේ මං විතරද??????

    ReplyDelete
  16. එක මකුණයි ළමයෝ කෑවේ...
    ඇයි ඔක්කොම මකුණො මරන්නේ.... :D

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්..

      Delete
    2. මරන්නේ නෑ! ඉඳ ගන්න බලං ඉන්න උන්ට කියලා දෙනවා මකුනොන්ගෙ හැටි!

      Delete
  17. වරද ඒකිගෙ නෙවේ :ඩී

    ReplyDelete
  18. සැමා ,ගිම්හානි,දිනේශ්,ලොක්කා,තරුවා,ලුලියා හැමෝටම ස්තුතියි අදහස් වලට..
    මේ එකින් එකට කොමෙන්ට් කරන වැඩේ හරියන එකක් නෙවෙයි වගේ! පෝස්ට් එකක් ලියනවට වඩා වෙලා යනවා නොවැ :P

    ReplyDelete
  19. ආදරේ කියන්නේ තණ්හාවේ එක පැති කඩක්නේ ..

    ReplyDelete

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...