Sunday, September 2, 2012

#TweetupSL 3 #ට්වීට් අප් SL

    
 සමාජ ජාල වෙබ් අඩවි එහම නැත්නම් Social Media කියන වචනය දැන් අපේ කන් වලට් නුහුරු එකක් නෙවෙයි..හරියට ඉස්සර 'බෝම්බය' කියන වචනේ කිසිම නුහුරක් අපිට තිබුනේ නෑ වගේ!
මේ සමාජ ජාල වෙබ් අඩවි ලංකාවේ ප්‍රචලිත වෙන්න පටන් ගන්නේ 2003-2004 අවධියේදි.ඒ දවස් වල ලංකාවේ නව යොවුන් පරම්පරාව අන්තර්ජාල භාවිතාව හුරුවෙන්න පටන් ගත්ත අවධිය මං හිතන්නේ.
මේ එක්ක අන්තර්ජාලය තුල කරන්න යමක් සොය සොය සිටි පිරිසට තමයි hi5 කියන සමාජ වෙබ් අඩවිය හම්බ වෙන්නේ.ඒ අඩවියේ තිබුන දත්ත වල විවෘත භාවය සහ ආරක්ෂාව පිලිබඳ ප්‍රශ්න වලට සාර්ථක විසදුම් එක්ක facebook සමාජ අඩවියේ ආගමනය සිද්දවෙනවා.ඒ නිසාම ගොඩක් දෙනා fb වටා රොක් වෙනවා.

     අද වෙනකොට ලංකාවේ මිලියනයක් පමන දෙනා facebook භාවිතා කරන බව නිල නොවෙන දත්ත වලින් පෙන්නනවා.(http://www.socialbakers.com/facebook-statistics/)ඉස්සර time line එක විවෘත උනාම අපේ සමීපතමයන්ගේ පිංතූර හා ස්ටෙටස් කිසිම අපහසුවකින් තොරව අපි රසවින්දා.ඒත් අද අරවතු,මේවතු,අර රූම් මේ රූම් වලින් ශෙයා වෙන පිංතුර වලින් පිරිලා.ඒවා දැක්කම වෙලාවකට කේන්තියි.වෙලාවකට අප්පිරියයි..ගෲප් එකක් විදිහට ඒවා බ්ලොක් කලත් විවිධ මිතුරන් මේවා බෙදාගන්න එක නවත්තන එක කරන්න අමාරු වැඩක්.

     මේ නිසාම තමයි දැන් බොහෝ දෙනා Twitter වටා රොක් වෙන්න පටන් අරං තියෙන්නේ.fb එකෙ සමකාලිනයෙකු උනත් fb වටා තිබුන යෝධ ජන පවුරේ සෙවනැල්ලෙන් ට්වීටරේ වැහිලා තිබුනෙ.ඒත් දැන් කෙමෙන් කෙමෙන් ට්විටරය සක්‍රීය භාවිතා කරන ලාංකීය පිරිසේ වැඩි වීමක් දකින්න පුලුවන්.
twitter එක තුල තියෙන්නේ මයික්‍රො බ්ලොගින් සංකල්පය .වචන 140ක් තුල තමන්ගේ අදහස පලකරන පුද්ගලයන් අතර බැරක් ඔබාමාගේ සිට අමිතාබ් බච්චන් දක්වා වූ විවිධ ක්ශේත්‍රවල ජනප්‍රිය පුද්ගලයින් විශාල ගනනක් ඉන්නවා.

     මේ විදිහට ලංකාව තුල සිග්‍රයෙන් ජනප්‍රිය වෙන මේ සමාජ වෙබ් අඩවියේ ගෙට් එකක් එහෙම නැත්නම් සුහද හමුවක් සැප්තැම්බර් පලවෙනිදා මරදාන Warehouse Project හි පැවැත් උනා. Tweetup SL විදිහට නම් කරල තිබුන ගෙට් එක පැවැත්වුනේ තුන් වෙනි වතාවට. 2010 අවුරුද්දෙ පලවෙනියටම මේක පටං අරං තියෙන්නේ 100ක් පමන දෙනා සහභාගි කරගෙන. ගිය අවුරුද්දෙ ඩයලොග් ප්‍රධාන කාර්යාල ගොඩනැගිල්ලේ මේක පවත්වලා තියෙනවා.මේ අවුරුද්දේ ලංකාවේ ඉන්න නිසා මටත් මේකට සහභාගිවෙන්න පුලුවන් උනා. කලින් කිව්වා වගේ මරදාන වෙයාහවුස් එකේ තිබුන මේ හමුවට විවිධ වයස්වල විවිධ තරාතිරම්වල 800+ දෙනා තමන්ගේ සහභාගීත්වය ස්ථිර කරලා තිබුනා.
නමුත් කී දෙනෙක් ආවද කියලා මට හරියට තාම හොයලා බලන්න බැරි උනා.

      ඇතුල්විමත් සමග ටී ෂර්ට් එකක් සමරුවක් විදිහට හැමෝටම හම්බවෙනවා.ඒ එක්කම දෙන බැජ් එකක තමන්ගේ නම ලියලා කැමති අයට ක්ලිප් කරගන්න පුලුවන්.  ඒ විදිහට තමන්ගේ සයිබර් මිතුරන්ව හදුනා ගෙන කතා කරන්න අවස්ථාව එදා තිබුනා.සහභාගිවෙච්ච අයගේ ගීත,මැජික් දර්ශනයක්,තරඟ කීපයක් එක්ක ගලා ගිය සන්ධ්‍යාවෙ  කාගෙත් සිත ගත්තේ වෙයාහවුස් හි පොඩි නංගිලා මල්ලිලාගේ ඉදිරිපත් කරපු නැටුම් ගැයුම් දෙක තුනක්.

     ට්විටර්හි වෙසෙන පුද්ගලයන්ව Tweeps ලා විදිහට හැදින්වෙනවා.හරියට බ්ලොග් ලියන අය බ්ලොගර්ස්ලා වගේ.ඉතින් අපේ චන්දයෙන් වසරේ Mr. Tweep of the Year,Ms. Tweep of the Year,Funniest Tweep of the Year,Most Controversial Tweep of the Year  වගේ විවිධ කැටගරි වලින් ජයග්‍රාහකයින් තෝරලා එයාලට තෑගි දෙන්නත් සංවිධායක මණ්ඩලය කටයුතු කරලා තිබුනා.

     අලියා බීම සමාගම නොමිලේ බීම ලබා දෙන්නත් කොකෝවැරෙන්ඩා ආයතනය ආහාර පාන සඳහාත් අනුග්‍රහය දක්වා තිබුනා.ඊට අමතරව Dialog,Warehouse Project,China Doll Noodles,Xiteb (Pvt) Ltd,Virtusa,SLIM,Beautiful-U යන ආයතනත් අනුග්‍රහය දක්වා තිබුනා.
මාධ්‍ය අනුග්‍රහය DailyMirror පුවත්පතෙන් සහ E fm ගුවන් විදුලියෙන්.

මටත් එදා වැදගත් දවසක්..නමින් පමනක් දැන සිටි දැවැන්ත බ්ලොග් කරුවන් කිහිප දෙනෙක් පෞද්ගලිකව හම්බවෙන්නත් ඔවුන් එක්ක කතා කරන්නත් මේ පුංචි බ්ලොග්කරුවාට පුලුවන් කම ලැබුනා.
ඇතැමෙක් මං ගැන දැනං හිටියෙත් නෑ :)
එයාලව හම්බවෙලා කතා කරන්න ලැබීම ඇත්තටම සතුටක්..
ඉතින් සමස්තයක් වශයෙන් ඉතා හොඳ දවසක්..
ඒ වෙනුවෙන් (අපි වෙනුවෙන්) මහන්සිවෙලා මේ event එක සංවිධානය කරපු සංවිධායක මණ්ඩලේ කට්ටියට ස්තුතියි කියන්නත් මේක අවථාවක් කරගන්න ඕන!
ඉතින්...එපමනයි..
                                                                    මං @sabithl

පිංතූර බලන්න කැමති අයට සම්පූර්ණ ඇල්බමයක් තියෙනවා --------> මෙතන

51 comments:

  1. Replies
    1. :) වයසක අංකල්ලත් ඇවිල්ලා හිටියා :P

      Delete
  2. සයිබර් අවකාෙශදි හමුෙවල චැට්කරල හිතවත් කම් පවත්වනවට වඩා ළඟින්ම අාශ්‍රය කරපු ඒත් ෙනාදැක හිටපු අය සැබෑ ෙලාෙකදි හමුෙවන ඒෙකත් අමුතු ෙජාලියක් තිෙයනව ෙන්ද?

    ReplyDelete
    Replies
    1. ඔව්.හැබැයි එහෙම සබඳකම් තියෙනවා නම් ඒ සෑහෙන්න අඩුවෙන්. ඉස්සර පෑනේ මිතුරො හිටියා ඒ වගේ.. දැන් නම් සයිබර් සබඳකම් තමයි ගොඩක්ම!

      Delete
  3. ඔන්න ඒකත් බැලුවා

    ReplyDelete
  4. අපි නෑනෙ ඕවට.මමනං ජාලේ බ්ලොග් ලියන බලන එක විතරයි කරන්නේ.අඩුම ගානේ මූනු පොතේවත් නෑනෙව.හැබැයි කට්ටිය හම්බ වෙලා කතා බහ කරලා බලන්ඩනං ලොකු ආසාවක් තියෙනවා.

    ReplyDelete
    Replies
    1. මං නං ඇබ්බැහි වෙලා..රටින් පිට ඉන්න කොට කට්ටිය එක්ක ටච් එකේ ඉන්න මේවා සෑහෙන්න වැදගත් මට!

      Delete
  5. ඔන්න පින්තුර ටිකත් බලලම දැම්ම;;;

    ReplyDelete
  6. මෙව්වා ඉතින් ඉතා හොඳ වැඩ....

    ReplyDelete
  7. හ්ම්ම්..නියමයි!

    ReplyDelete
  8. Replies
    1. වයසක අංකල්ලත් ඇවිත් හිටියා හැබැයි :D

      Delete
  9. සමාජ ජාලා වලින් ඇති කරලා තියන වෙනස හරිම සුන්දරයි..අපි දන්න නොදන්න ගොඩක් අය සමඟ නිදහස් සම්බන්ධයක් අරන් යන්න පුළුවන් වෙන එක හරිම වෙනස්..

    ReplyDelete
    Replies
    1. ඒ වෙනස හරියට දැලි පිහියක් වගේ! හරියට පාවිච්චි කරන්න අපි දැන ගන්න ඕන!

      Delete
  10. නියමයි :)

    ReplyDelete
  11. මරුනෙ සභිත් .

    ReplyDelete
  12. හරි අපූරු සුහද හමුවක්..

    ReplyDelete
    Replies
    1. ඇත්තටම අපූරුයි!විවිධ වයස්වල විවිධ තරාතිරම් වල ගොඩ දෙනෙක් ඇවිත් හිටියා

      Delete
  13. වැඩේ කියන්නෙ එකවුන්ට් එකක් තිබිලත් ටුවිටරේ තාම මට ආගන්තුකයි! ඉදලා හිටලා ගියත් තල්මහෙක් කුරුල්ලෝ උස්සං ඉන්න ‍පොටෝ එක වැටිලා තියෙනවා එච්චරයි!!!:)

    ReplyDelete
    Replies
    1. පුරුදු වෙනකම් ටිකක් නුහුරුයි තමා..හැමදේම පුරුදු වෙන්න වෙන්න ලේසි වෙනවනෙ!

      Delete
  14. සභියා ලංකාවට ආවද?

    ReplyDelete
    Replies
    1. ඔව්..මාසයක් විතර වෙනවා :)

      Delete
  15. මෙහෙම එකක් තිබ්බා කියල දැන්නෙ දන්නෙ. ට්විටර් ගිණුමක් තිබ්බට ඒ පැත්තෙ ගිය කාලයක් මතක නෑ.

    ReplyDelete
    Replies
    1. ඔව්.ගොඩක් අයට accounts තිබුනට actively use වෙන්නෙ නෑ!

      Delete
  16. හනේ හනේ ලංකාවට ඇවිත් හොරා වගේ ඉන්නවා නේ? අපිට චොකලට් කෑල්ලක්වත් නෑ! ;)

    ReplyDelete
    Replies
    1. :D අපිට වෙඩින් කේක් දීපු නැති උන්ට චොකලට් දෙන්නෙ නෑ!

      Delete
    2. මුගෙන් කේක් කන්න තව සෑහෙන කලක් යයි වගේ! :D

      Delete
    3. කේක් නෙවෙයි බං චොකලට්! රෑට රෑට ජහ ජරාව පාවිච්චි කලාම ටැපලෙන එක අහන්නත් දෙයක්ද? :D

      Delete
    4. හුටා! තාප්පෙටම! :D

      Delete
  17. යන්න බැරි උනානේ..
    ට්වීටරේ හිටියට එච්චර ක්‍රියාකාරිත්වයක් නැති එකේ විපාක තමා..

    ReplyDelete
    Replies
    1. ඔව්.ගොඩක් අයට accounts තිබුනට actively use වෙන්නෙ නෑ

      Delete
  18. api nam awe na hode :P (singlish walin danne sorry!! 4n eken ne comment karanna une )

    ReplyDelete
  19. යන්න බැරි වුනා :(
    Twitter එකේ හිටියට ලංකාවෙ යාලුවෝ අඩුයි මට .. (@MalithNadzy / @HaFoi)

    ReplyDelete
    Replies
    1. මටත් ඒ හැටි සෙනගක් නෑ! :) නිකං ගියා බලන්න! Started following u! :)

      Delete
    2. මමත් තනියම ගියේ.. එතනට ගියාම නේ සබියා තව තව කස්ටිය හම්බුණේ.. චැට් ට්වීට් කරාට දැකලා තිබුණේ නැහැ නොවැ

      Delete
  20. එහෙනං උඹත් ගියා ඈ

    ReplyDelete
    Replies
    1. නැතුව නැතුව! එයාලා අපි වෙනුවෙන් මහන්සිවෙලා නිකං දෙන්න හදන ටික අරං එන්න එපැයි :P

      Delete
  21. මමත් පොඩ්ඩක් ඕක ස්ටඩි කරලා බලන්න ඕනේ..

    ReplyDelete
    Replies
    1. කරලා බලන්න! මුලින් පොඩ්ඩක් නුහුරුයි.පස්සෙ හරි යනවා!

      Delete
  22. කට්ටිය එකතුවෙලා මෙහෙම වැඩක් කරන බව දැනගත්තේ අදයි.... ස්තුතියි සාබිත්...

    ReplyDelete
    Replies
    1. :) ඇන්ටිලටත් එන්න පුලුවනි :D

      Delete
  23. මමත් අයිස්ක්‍රීම් කාලා.. ඒකේ වීඩියෝ එකකුත් තිබ්බා මම දැක්කා.. ඇත්තටම උඹ ළඟට ඇවිත් කථා කරනකං මට හිතාගන්න බැරි වුණා මේ සබීත් ද කියලා.. සුපිරි ඇත්තටම ෆෙස්බුක් එකට වඩා ට්වීටරේ ජීවිතේ සැහැල්ලුයි අනවශ්‍ය කරදර නැහැ..

    ReplyDelete
    Replies
    1. ඔව්.මං දැනගෙන හිටියා මාව අදූරගන්න බැරිවෙයි කියලා.මාව කවුරුත් දැකලා තිබුනේ නැහැ නෙ! :)

      Delete

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...