Wednesday, December 5, 2012

Shame!! ලැජ්ජයි!! සමග ලීක් වූ ලැජ්ජාවේ ලැජ්ජාවෙහි පින්තූර!

නිමිත්ත : අගවිනිසුරුවරියට එරෙහිව දෝෂාභියෝගයට සහය පලකරමින් පැවැත්වූ විරෝධතාව
from: lankaweb.lk
     ශ්‍රී ලංකාවේ පාලන තන්ත්‍රය මුලිකව ගත් කල්හි කොටස් තුනකි. බලය අඩුවෙන පිලිවෙලට විධායකය, ව්‍යවස්ථාධායකය සහ අධිකරණය ලෙස ගෙනහැර දැක්විය හැක. ජේ ආර් ජයවර්ධනට පිං සිදුවෙන්නට පහල තන්ත්‍රයේ කිසිම තැනකට වග නොකියන සුපර් පවර් එකක් සහිත ජනාධිපති තනතුරක් ලංකාවට තිබේ.
අද අපේ අවාසනාවකට ඒ සුපර් පවර් එකට මැජික් යෂ්ථියකුත් අප විසින්ම හා අවස්ථාවාදී දේශපාලුවන් විසින්  හිමිකර දී තිබේ. ඒ තුනෙන් දෙකේ පාර්ලිමේන්තු බලයයි.  මැජික් එකක් යනු දෘෂ්ථි මායාවකි. විජ්ජාවකි. එය සැබෑවක් නොවේ.පෙනෙන දේ යථාර්තය නොවේ.
සුපර් පවර් එකක් සහිත් සුපර් මෑන් කෙනෙක්ට මැජික් යෂ්ථියක් සතු වීම එතරම් සුබදායක නොවේ. එයින් වන හානිය සුලුපටු නොවේ.

     ලාංකීය ව්‍යවස්ථාදායකය සහ අධිකරනය අතර ඒ තරම් හොද ඇයි හොදැයියක් නැත. ඒ  දෙක අතර ඇති සීතල යුද්ධය එලිපිට ප්‍රදර්ශනය වුනු අවස්ථා කිපියක් මෑත කාලීනව දැක ගත හැකිවිය. පෙට්රල් (ඉන්ධන) මිල සම්බන්ධව අධිකරණය ලබදුන් නඩු තීන්දුව නොසලකා හැරීමට එවකට රජය ගත් තීරණය එහි එක් අවස්ථාවකි.

     මෙවර අගවිනිසුරුවරියට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමට රජය තීරනය කර තිබේ. තමන්ට වාසි වෙන තාක් ඕනෑම කුඩ්ඩෙක් බේබද්දෙක් බඩු කාරයෙක් පිලිබදව රජයට කිසිම ප්‍රශ්ණයක් නැත. ඒ බව තේරුම් ගත් බොහෝ පිරිස් සහජීවනයෙන් ජීවත් වන බව ඇස් පනාපිටම පෙනෙන්නට තිබේ. ප්‍රශ්ණය ඇත්තේ තමන් සමග සහජීවනයෙන් ජීවත් වන්නට අකමැති පුද්ගලයන් ගැනය.
from : sundaytimes.lk

     පසුගිය මැතිවරණයකදී වැලිකන්දේ පලාත් පාලන ආයතනයක් සම්පූර්ණයෙන් ජයග්‍රහනය කිරීමට රජය සමත් විය. එහිදී පක්ෂ විපක්ෂ භේදයකින් තොරව 'ෂා..මාරයිනේ!' යැයි පවසන්නට මහ ජනතාවත්,
'ලංකාවේ විපක්ෂයක් නැති පලමු පලාත් පාලන ආයතනය' යැයි පවසමින් එය උඩ දාන්නට ජන මාධ්‍යයත් කටයුතු කල බව මතක ඇතැයි සිතමි. නමුත් ප්‍රජාතන්ත්‍රවාදයේ මූලිකාංගයක් වන ශක්තිමත් විපක්ෂයක් නොමැති කමේ ඇති ආදීනව ගැන කල්පනා කරන්නට හෝ ඒ පිලිබඳව මතවාදයක් ගොඩ නගන්නට කිසි කෙනෙකු වෙහෙස වූ බවක් මාගේ මතකයේ නැත. එදා කල යුතුව තිබුනේ වහසි බස් දෙඩීම නොව පාට පක්ෂ භේදයකින් තොරව කම්පා වීම බැව් අපේ මිනිස්සුන්ට තේරුනේ නැත.එදා වැලිකන්දේ වැලලුනේ ශ්‍රී ලාංකීය ප්‍රජාතන්ත්‍රවාදයම බැව් තේරුම් ගන්නට තරම් දේශපාලනය කියවීමේ හැකියාවක් ලංකාවේ ජනයාට තිබුනේ නැත. අදත් නැත.

     ශක්තිමත් විපක්ෂයක් නොමැති කමේ විපාක අපි දැන් කලක සිට විදිමින් සිටිමු. එය ප්‍රයෝජනයට ගෙන ආණ්ඩුව පිස්සු කෙලෙමින් මුරණ්ඩු හිතුවක්කාර මාවතක ගමන් කරමින් සිටී.  යහපාලනය උදෙසා ජනතාව ඒකරාශී කිරීමෙ විපක්ෂයේ කාර්‍යභාරයයි.විපක්ෂය එය ඉටු නොකරයි නම් එය භාර ගත යුත්තේ ජනමාධ්‍යයි. නමුත් අපේ ජාතියේ අවාසනාවකට ඔවුන්ද තමන්ගේ කාර්‍ය භාරය අමතක කරමින් තම තමන්ගේ පෞද්ගලික න්‍යාය පත්‍ර ක්‍රියාත්මක කරමින් සිටිති. අද ලංකාවේ විද්‍යුත් මාධ්‍යයක ප්‍රවෘත්ති විකාශයන් ගැන කිසි කෙනෙකුට විශ්වාසයක් තැබිය නොහැක. විශ්වාස කලයුත්තේ කාවද නොකල යුත්තේ කාවද? ඇත්ත කුමක්ද ෆැන්ටසිය කුමක්දැයි තෝරා බේරා ගත නොහැකිව අන්ද මන්දව සිටිති.

     අගවිනිසුරුවරිය ගැන අසික්කිත ප්‍රකශ කරමින් ඇගේ පෞද්ගලිකත්වය පවා ඈදා ගනිමින් රාජ්‍ය මාධ්‍ය ප්‍රචරනයේ යෙදී සිටි. මෑත කාලයේ මාධ්‍යක් වැටෙන්න පුලුවන් පහත්ම තත්ත්වයට රාජ්‍ය මාධ්‍ය වැටී තිබේ. අධිකරනයට අපහාස කිරීමේ චෝදනාවට ඔවුන් ලක් නොවන්නේ මන්දැයි ඔබට සිතෙන්නේ නම් හොර යකඩ විකුනා අසුවූ වරෙත්තු කරුවන් සමග කරෙ අත දාගෙන කතා කරන පොලිස් ලොක්කන් සිටින රටක් ඒ ගැන පුදුම නොවන්න.ඔවුන් කරන්නේ අගවිනිසුරුවරියට පහර දීම විය හැක. නමුත් ව්‍යංගයෙන් සිදුවන්නේ අධිකරණය කෙරෙහි ජනතා අප්‍රසාදය ගොඩ නැගීමයි. මෑත කාලයේ ජනතාව යම් තරමකින් හෝ තමන්ගේ අවසාන තුරුම්පුව ලෙස විශ්වාස කලේ අධිකරණයයි. අධිකරණයත් විශ්ව විද්‍යාල ප්‍රවේශය වැනි ගැටලු නිරාකරනය කරමින් එය ගොඩනගා ගන්නට සමත්ව සිටියේය. නමුත් මේ ජනතා විශ්වාසය කඩ බිද දැමීමේ ආදීනව, අධිකරණය කෙරෙහි ජනතාවගේ අකමැත්ත වර්ධනය කරවීමේ  විපාක අපට විදින්නට සිදුවෙන දවස වැඩි ඈතක නොවේ.

     අගවිනිසුරුවරිය එරෙහිව කර ඇති චෝදනා දෙස බලන කල්හි ඒවා බහුතරයක් ඇයට එරෙහිව කල චෝදනා වලට වඩා ඇගේ සැමියාට එරෙහිව කල ඒවා බව පෙනේ. ඇය සහ සැමියා යනු දෙදෙනෙකි. පෞද්ගලිකත්වයන් දෙකකි.මුවා කල වැරැද්දට මුව සමට පෙලා පලක් නැත. එයා මුවා සමග බේරා ගත යුතුය. ඇගේ තීන්දු තීරණ පිලිබද කෙනෙකුට ප්‍රශ්ණයක් වේනම් ඒ ඔස්සේ චෝදනා ගොනු කල යුතුය.
එසේ ගොනු කරන චෝදනා විමර්ශනය කිරිම සාධාරණ විය යුතුය.

     අද පාර්ලිමේන්තු කාරක සභාවට යන්නත් කලින්ම තීන්දුව පැහැදිලිය. චෝදනාව ගෙන ආ පාර්ශවයම චෝදනාව විභාග කරන කොමිටුවේ බහුතරයකට හිමිකම් කියයි. තේරීම් කාරක කමිටුවේ රජයේ පාර්ශව නියෝජනය කරමින් 7 දෙනෙකි.විපක්ෂය නියෝජනය කරමින් හතර දෙනෙකි. අඩු තරමේ විපක්ශයේත් 7ක් ලෙස 50%-50 %ක් තිබුනා නම් පොඩ්ඩක් හෝ විශ්වාසය තබා ගත හැකිව තිබුනි. දැන් තියෙන වාතාවරණය අනුව මොන තීන්දුව ගත්තත් වැඩි චන්ද 3කින් සම්මතය. නමුත් නඩුත් හාමුදුරුවන්ගේය. බඩුත් හාමුදුරුවන්ගේය.

     මේවා ජනතාවට කියා දිය යුත්තේ ජන මාධ්‍යයයි.නමුත් ඔවුන් තමන්ගේ විෂන් එක සහ මිෂන් එක විය යුත්තේ ජනතාව ප්‍රඥාව කරා ගෙන යාමයි.නමුත් සිදුවන්නේ එය නොවේ. ඉස්සර වගේ ජීවිත පරදුවට තබා කරන ගවේෂනාත්මක වාර්තාකරන දැන් නැත. ඇත්තේ/වාර්තා කරන්නේ කවුරුන් හෝ අසරණයෙකුගේ දවසේ වැරැද්දයි. හැබැයි ඒ වැරැද්ද කරන්නට පොලඹවපු එකා ගැන කවුරුත් සද්ද නැත.හැමෝම ඩීල් එකක් තුල සිරවී සිටිති.

     මේවා එලියට දැමීමේ වගකීම විකල්ප මාධ්‍ය කරට ගෙන ඇත. facebook එක,එය පාවිච්චි කරන්නට නොදන්නා උන් ජරාජීර්න කර ඇති අවස්ථාවක ටිවිටරය වැනි සමාජ වෙබ් අඩවි හරහා සහ ඉංග්‍රිසි බ්ලොග් හරහා සැලකියයුතු පිරිසක් මේ කාර්‍ය කරට ගෙන ඇති බව පෙනේ.නමුත් මේවා භාවිතා කරන පිරිස සීමිතය. මේ තොරතුරු විවෘත වෙන්නේ සීමිත පිරිසකටය.අනිත් පිරිස මං මූලාවී සිටී. එසේ මුලා කර දමන්නට රජය,මාධ්‍ය සහ විවිධ ජිල් මාට් තුලින් ගෙනියන මෙහෙවර ප්‍රශංශනීයය.

     හිට්ලර් ගේ ප්‍රචාරක ඇමැත්තා වූ ගොබෙල්ස් ගේ එක්තරා න්‍යායක් විය. ඒ බොරුවක් පුන පුනා කීමෙන් එය ඇත්තක් ලෙස විශ්වාස කිරීමට මිනිසුන් පෙලඹෙන බවය. එයටම හරියන 'නල්ල මලේ' ජනතාවක් මේ ආශ්චර්යයේ සිටිති. අන්තර්ජාලය භාවිතා කරන තරමට උගත්ය, නමුත් මොකෙක් හරි එකෙක් මොකක් හරි කියලා දාන ඉමේජ් එකක් ඇත්ත යැයි පිලිගන්නට තරම් නූගත්ය. එහෙව් රටකි මේ.

     ඒ න්‍යාය එලෙසින්ම අනුගමනය කරන රජය,මාධ්‍ය වලින් තවත් පියවරක් ඔබ්බට ගොස් ජිල්මාට් සංවිධානය කිරීමටද පටන් ගෙන තිබේ. පසුගියදාක ත්‍රීවීල් අයියලා ක්‍රියාත්මක කලේ එවැනි ශෝ එකකි. දවසේ ගතමන්ට් එක සොයා ගැනීමේ අරගලයක නිරැතවෙන ත්‍රී වීල් අයියලා සමග පමනක් නොව ගෙවල්වලට වෙලා උයා පිහා ගෙන ඉන්න ඇන්ටිලා,ඉස්පෝටින් ස්ටාර් එකේ කල් මරන අංකල්ලා, බජාර් එකේ ලලක්කලා සමගද ආන්ඩුව ඩීල් ගසන්නට පටන් ගෙන තිබේ. ඒ අතින් නම් මේ ආණ්ඩුව සැබැවින්ම ජනහිතවාදීය. ඒ ඩීල් එකේ ගනන් බේරන අවස්ථාවක ඡායාරූප පහලින් ඔබටම දැක ගත හැකිය.මෙහි දැක්වෙන්නේ එදා උද්ඝෝශනය කලවුන් ඒ සඳහා පොරොන්දු වූ මුදල් ලබා ගත් ආකාරයයි.
     
     එදා පාලිමේන්තු මාර්ගය අසල උද්ඝෝශනය කල පිරිසකගෙන් බහුතරයක් අගවිනිසුරුවරුයගේ නමවත් නොදැන සිටි බවට මාධ්‍යවේදියෙක් විකල්ප මාධ්‍යයක වාර්තා කොට තිබිනි. රුපියල් පන්සීයකට තමන්ගේ ආත්ම ගරුත්වය සහ රට පාව දෙන්නට ඉදිරිපත් වෙන මේ ජනමහයා තේරුම් නොගන්න යථාර්තය නම් මේ අපි ඇරගන්නේ අපිටම බවය.මේවායින් කෙලවෙන්නේ අපිටම මිසක ආණ්ඩුවට හෝ ලොකු ලොක්කන්ට නොවෙන බවය. ඇරත් එක අතකට එදා වේල ජීවත් වෙන්න සටන් කරන මිනිස්සුන්ට මේවා ගැන දොස් කියලා පලක්ද නැත.

     මා මේ උත්සහ කරන්නේ අගවිනිසුරුවරියව සුද්ද කරන්නට නොවේ. ඇයට එරෙහිව චෝදනා තිබේ නම් ඒවා  අනිවා විමර්ෂනය කල යුතුය. ඒවා විමර්ෂනය කරන ආකාරය සාධාරන විය යුතුය.
කරන්නට දෙයක් නැති කමට මෝඩ මුසලයෝ වාගේ බලන් සිටියාට මේවා පිලිගන්න තරම් අපි මෝඩ නැති බව ආණ්ඩුව තේරුම් ගත යුතුය.
     
     මේවා ලියන්නේ රට හදන්නට නොවේ. මේවා කියවා ම්නිස්සු හැදෙනවා නම් අපේ රට හැදිලා ගොඩක් කල්ය.  ඒහෙම කාලයක් තිබුනේ නම් ඒ මහත්මා ගාන්ධිලාගේ,  මාතින් ලූතර්ලාගේ කාලයේය. දැන් මොකක් හෝ දෙයක් ලියුවොත් ලියපු එකේ අන්තර්ගතය කියවනවාට වඩා බලන්නේ ලියපු එකා ගැනය,උගේ පක්ෂය,පාට,ජාතිය ගැනය.ඒ කාලය හමාරවී දැන් සෑහෙන කල්ය.
මේ හුදෙක් මගේ සිතේ තෙරපෙන කලකිරීම දුක සහ හිතේ අමාරුවට ලිය වෙන ලිපියක් ලෙස සිතා ගත්තාට කම් නැත.

නමුත් එකක් කිව යුතුය. පක්ෂ පාට ආගම් ජාති භේද පසෙක දමා, මේ රට වෙනුවෙන් මේ මොහොතේ කල යුතු දෙයක් තිබේ. ඒ ශක්තිමත් විපක්ෂයක් බිහි කිරීමේ ක්‍රියාවලියට උරදීමයි.  එය කල හැකි ක්‍රමයක් සමග කවුරුන් හෝ ඉක්මනින් ඉදිරියට ආ යුතුව ඇත. අපේ රටේ ඉතිහාසය සහ වර්තමානය අපෙන් ඉල්ලන්නේ එයයි!



61 comments:

  1. මේව ගැන කතාකරල වැඩක් නෑ බං, මට නම් මේ රට දැන් ඇතිවෙල තියෙන්නෙ. මම නම් කියන්නෙ දැන් මාරු කරන්න ඕන මේ රටේ ආණ්ඩුව නෙවි, ජනතාව ! මැටි හරක් !

    ලැජ්ජාවක් නැති එවුන්,ලැජ්ජාවක් නැති එවුන් වෙනුවෙන් ලැජ්ජයි කියල බෝඩ් උස්සන් ඉන්නව දකින අපිට ලැජ්ජයි.



    ReplyDelete
    Replies
    1. කතා කරන්න ඕන! කතා කරන ඕන අයත් කතා කරන එක මග අරිනවා නම් විකල්ප මාධ්‍යවේදියො විදිහට අපිවත් ඒක කරන්න ඕන. පෝස්ට් 10ක් කියවලා අඩු ගානේ එක මනුස්සයෙක් හිතන විදිහවත් වෙනස් කරගන්නවා නම්.. ඉංග්‍රීසි බ්ලොග් අඩවි වල සංවාද ඔස්සේ හරවත් අදහස් එලියට එන සහ ඒවා පිලිගන්න පාඨකයො මං දැකලා තියෙනවා. අවාසනාවකට සිංහල බ්ලොග්වල ඒක වෙන්නේ නෑ!

      Delete
    2. එහෙම කතාකරන එක නරකයි කියල නෙමෙයි බං මම කිව්වෙ. දෝෂාභියෝගෙ ගෙනාපු මුල් දවස්වලම බ්ලොග් පෝස්ට් කීයක් නම් ලියවුනාද, අපි ගිහින් ඒ ගැන පැල්බැඳගෙන කමෙන්ට් කරා, සංවාද ගියා, ඉතිං එච්චරයි ! ආයිත් මේව ගැන කතාකරන එකෙන් වෙන්නෙ අපේ තියෙන ලේ ටිකත් පිච්චෙන එක විතරයි, ඒකයි මම එහෙම ලිව්වෙ.

      Delete
  2. මම දැන් ඕවා කතා කරන එක නවත්තලා ඉන්නෙ.... නිකං කිලෝ බයිට් ගානට අපි බයිට් වෙනවා විතරයි...
    දන්න විද්‍යාවක් කැමති කෙනෙකුට කියාදෙන එක ඊට වඩා ප්‍රයෝජනවත්...

    ReplyDelete
    Replies
    1. ඔබේ දැනුම් තත්ත්වය සහ අත්දැකීම් එක්ක ඔබ කියන දේවල් වල සෑහෙන්න බරක් තියෙනවා.නිකම්ම නිකං බ්ලොග්කරුවෙකුට වඩා මිනිස්සු ඔබ වැන්නන් මතු කරන කරුනු පිලිගන්න ප්‍රවනතාවය වැඩියි. ඒ නිසා ඔබ වැන්නන් තමයි වැඩිපුරම මේ ගැන ලිවිය යුත්තේ.

      Delete
    2. @Alchemiya,

      +++++++++++++++++

      Delete
  3. මම දැක්කා (ආචාර්ය) මර්වින් සිල්වා මහතා මේ උද්ඝෝෂණ මෙහෙයවන ආකාරය. ඇතැම් විට ආර්යවරියක වන අගවිනිසුරුවරියට විරුදධ මේ වැඩ කරන්න ආචාර්ය වරයෙක්ම ඉදිරිපත් කරන්න පාලකයන් තීරණය කරන්න ඇති.

    ReplyDelete
    Replies
    1. ඒ ඒ ලෙඩවලට අදාලව ඒ ඒ මැකෑනික්ලා රජයට ඉන්නවා. මේ වගේ දෙකයි පනහේ කේස් වලට හරියන අයිඩියල්ම බුවාව තමයි එහෙනම් එවලා තියෙන්නේඃ

      Delete
  4. ලියන්න ඕන දේවල් උපරිමෙන්ම ලියලා මචං.. ඒත් මේ දේවල් කතා කරන එකම තේරුමක් නැති වැඩක් වෙලා බං.. අනේ මන්දා..

    ReplyDelete
  5. A superb piece of writing!But what can we do to
    enlighten these ignorant masses?

    ReplyDelete
    Replies
    1. thank you very much, We should do the same thing Gobels did. Keep telling them! Make them believe.

      Delete
  6. ඔය ශක්තිමත් විපක්ෂේ කියන එකත් මුලාවෙක් නෙවද මං අහන්නේ... මොකක් හරි මගුලකටවත් විරුද්ධවෙන්න පුළුවන් හයියක් තියන පක්සයක් ඉන්න එක හොඳා තමා... ඒත් යහපත් රටක්, යහපත් පාලනයක් බලාපොරොත්තු වෙන මිනිස්සුන්ට ටික කාලයක් හිත හදාගෙන එලිල්ලා ඉන්න පුලුවන් දේකට වඩා වැඩි දෙයක් නෙමේ නේද ඒකත්? උන්ට වඩා මුන් හොඳයි, මුන්ට වඩා උන් හොඳයි කිය කිය ඉන්නකොට පස්සෙනෙ තෙරෙන්නේ උනුත් එකයි මුනුත් එකයි.. දෙගොල්ලොම අපිට කෙලලා කියලා.

    ReplyDelete
    Replies
    1. ඔව්. හැබැයි එතනදි මෙහෙම දෙයක් තියෙනවා. කොහොමත් කවුරු ආවත් අපිට කෙලින එකේ අපිට අඩුවෙන්ම රිද්දන සහ අඩුවෙන් හානිකර එක අපිට තෝරලා යවන්න පුලුවන්. දැන් වෙලා තියෙන්නේ චොයිස් එකක් නැතිකම!

      Delete
  7. කොටින් ම කිව්වොත් නිෂ්ප්‍රයෝජන වැඩක් මේ ගැන හිතන එකත් !

    ReplyDelete
  8. සබිත්... මේක මේ මාත් මේ දවස් ටිකේම ලියන්න හිතපු දෙයක්... ඔය රෑප රාමු ටික ටීවී එකේ දාද්දිම මං කිව්වේ අම්මපා මේ මිනිස්සු මේ කරන්නේ මොකද්ද, කියන්නේ මොකද්ද කියලවත් දන්නේ නැති බව මෙච්චර පේද්දිත් මුන් ලැජ්ජ නැතුව තව වර්ණනා කර කර, breaking news දානවනේ කියලා....

    ඒ වගේම සබිත් කිව්වා වගේ ශක්තිමත් විපක්ෂයක් නැති එක තමයි මෙතන තියෙන ලොකුම ප්‍රශ්නේ.. මං දැක්කා සිරිකොතේ කේස් එකෙන් පස්සේ මහින්ද සින්දුවක් කිය කිය රනිල් වටේ නටන කාටූන් එකක් පත්තරේ තිබ්බා... ඒක තමයි නියමෙටම ගැලපුනේ... අඩු ගානේ විපක්ෂයක්වත් නෑ කියලා‌ තමයි කියන්න වෙන්නේ.. කරන හැම එකම වැරැදියි වැරදියි කිය කිය ඉන්නකොට ඇත්තටම වැරැද්දක් පෙන්නුවත් මිනිස්සු ගනං ගන්නේ නෑ.. මුන් හැමදාම වැරැදියි කියන එකනේ කරන්නේ කියලා....

    ටීවී චැනල්ස් වලින් නම් ගන්න දෙයක් ඇත්තෙම නෑ.. වැරදි එළියට දාන්න ක්‍රම කියෙනවා... ටිව්ටර් කියන්නේ අපේ උන් විකාරයක් කරගෙන ඉන්න එකක්.. ෆේස්බුක් ගැන කතා කරන්න දෙයක් ඇති කියලා මම හිතන්නේ නෑ... නමුත් නෙට් එක කියන්නේ බොහොම සීමිත ප්‍රමාණයක්.. මේක ප්‍රචාරණ මාධ්‍යයක් කියලා කියන්නවත් බෑ තාම.... හැබැයි මේක ඒ තත්වෙට පත් උන දවසට මට හිතෙන්නේ මේකටත් බැරියර් වැටෙයි.... ඒතකොට ඉන්න මොන ආණ්ඩුවෙන් හරි... ඔන්න ඕකත් එක ඇත්තක්...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අදහසට. ලියන්න. පුලුවන් හැම කෙනෙක්ම මේ දේවල් ලිවිය යුතුයි. ගොබෙල්ස්ට (සහ අද ඇතැම් ෆේස් බුක් බයියලාට) පුලුවන් නම් දිගින් දිගටම කියලා කියලා බොරුවක් ඇත්ත කරන්න, අපිට දිගින් දිගටම ලියලා ඇත්ත තේරුම් කරන්න ඊට වඩා ලේසි වෙන්න ඕන!

      Delete
  9. 1. නඩු ඇසීමේ ක්‍රමවේදය හරියන්නෙ නෑ. චෝදකයම නඩු අහන ක්‍රමයක් තියෙන්නෙ.
    2. රනිල් වික්‍රමසිංහ වගේ පොන්නයෙක් විපක්ෂ නායකයා වෙච්ච රටක මේව ගැන මීට වඩා සමාජ විරෝධයක් බලාපොරොත්තු වෙන්නත් බෑ.

    ReplyDelete
    Replies
    1. හැබැයි රනිල් ඇරෙන්න මේ මොහොතේ වෙන විකල්පයක් තියෙනවද? විකල්පය සජිත් කියලා මාත් විශ්වාස කරපු කාලයක් තිබ්බා. ඒත් ඔහු ඊට වඩා අසමත් නායකයෙක් බව දවස ගානේ ඔප්පු කරනවා!

      Delete
    2. තාමත් එජාපයට රනිල් ඇර වෙන සුදුසු නායකයෙක් බිහි වෙලා නෑ.

      Delete
  10. සම්පූර්ණ ඇත්ත ඒත් කාට කියන්නද මේවා.

    ReplyDelete
  11. ලියවෙන්න ඕනේ ටික ඒ විදියටම ලියවිලා තියෙනවා. ඒත් දැන්ම වෙනසක් ඇති වෙයි කියලා හිතන්න බෑ.

    ReplyDelete
  12. තෑන්ක්ස් සබිත්... මේ වගේ දෙයක් කියවන්න තියෙන්නෙ බ්ලොග් අවකාශෙ විතරයි. එකේ ලියන උනුත් මේවා ලියලා වැඩක් නෑ කිව්වම හරියයිද බන්. මම නම් වහනකම් ලියනවා. මමත් ලියන්න ඉන්නෙ මේ ගැන.....

    ReplyDelete
    Replies
    1. කොහොමත් මාතලන්ගේ දේශපාලන විචාර විශාල පිරිසක් වැලඳ ගන්නවා. ඒ නිසා මං වගේ සීමිත පාඨක පිරිසකට එක්ස්පෝස් වෙන එකෙක් මේවා ගැන ලියනවට වඩා මාතලන් වගේ ඩයල් එකක් මේ දේවල් ගැන ලියන එක සෑහෙන්න වටිනවා!
      ගොබෙල්ස්ට (සහ අද ඇතැම් ෆේස් බුක් බයියලාට) පුලුවන් නම් දිගින් දිගටම කියලා කියලා බොරුවක් ඇත්ත කරන්න,අපිට දිගින් දිගටම ලියලා ඇත්ත තේරුම් කරන්න ඊට වඩා ලේසි වෙන්න ඕන.

      Delete
  13. ආණ්ඩුව හදන්න හෝ පෙරලන්න කලින් විපක්ෂය ශක්තිමත් කල යුතුයි. එවිට ඉබේම දඟල උන් සද්ද වහන්න එක වෙනවමයි..

    ReplyDelete
  14. සත්‍ය කවදාහරි එළිවෙයි පරක්කු වෙලා හරි.

    ReplyDelete
    Replies
    1. ඒවා එලිවෙද්දි මේවා මිනිස්සුන්ට තවත් ප්‍රවෘත්තියක් විතරයි!

      Delete
  15. හොඳ සටහනක් සාබීත්. පුංචි සංශෝධනයක් කළ යුතු යැයි හිතෙනවා. ආණ්ඩුවක් පිස්සු කෙළමින් හිතුවක්කාර මාවතක ගමන් කරද්දී එය හදා ගැනීමට කළ යුත්තේ විපක්ෂයට බාර දීම හෝ ජනමාධ්‍යයට බාර දීම නොව ජනතාව විසින් බාර ගැනීම බව මගේ මතයයි.

    තමන්ගේ පවුලේ අයෙක් වැරැද්දක් කරනවා නම් එය අනුමත නොකර යහමඟට ගෙන ආ යුත්තේ පවුලේ අය විසින් එකතුවෙලා. යාළුවෙක් වැරදි මග යනවා නම් අනුමත නොකර හදාගන්නේ හොඳ යාළුවන්. තමන්ගෙ පක්ෂය තමන්ගෙ ආණ්ඩුවත් හදා ගන්න ඕනෑ ඒ පක්ෂයේ ඒ ආණ්ඩුවේ අයම විසින්.

    ReplyDelete
    Replies
    1. වෙලා තියෙන්නේ ලංකාවේ පරම්පරා දේශපාලනය ( තාත්තා කොල නිසා මාත් කොල ඒ නිසා පුතත් කොල) එක්ක මිනිස්සු පක්ෂ පාට තෝරගන්නේ ප්‍රතිපත්ති ගැන සලකලා නෙවෙයි. ඒ නිසා ඒ පක්ෂෙ මිනිස්සුන්ට ඒ පක්ෂෙ නායකයො මොනා කලත් හරි. ඒ වගේ චින්තනයක් ලංකාවේ තියෙන්නේ.
      නිකං හරි කලාතුරකින් කාට හරි පක්ෂය ආයි ට්‍රැක් එකට ඇදලා දාන්න ඕන උනත් ඒ වගේ දෙයක් පක්ෂය ඇතුලේ කරන්න තරම් ප්‍රජාතන්ත්‍රවාදයක් ලංකාවේ පක්ෂ තුල නැහැ කියලයි මට හැඟෙන්නේ! බොහොම ස්තුතියි අදහසට!

      Delete
    2. පක්ෂ දේශපාලනයක් සත්‍යයෙන් ම තිබ්බා ද සාබීත්, ලංකාවේ ආරම්භයේ සිට ම?

      CNC හිටපු එස්.ඩබ්ලිව්.ආර්. ඩී. බණ්ඩාරනායක 1946 දී UNP එකතුවෙලා 1951 වෙනකම් එහි ඇමති ධූර පවා දැරුවා. ඊට පස්සෙ තමන් හදපු සිංහල මහා සභාව එක්ක 1951 දී වෙන්වෙලා ගිහින් නේද ශ්‍රී.ල.නි.ප. හදා ගත්ත.

      මහින්ද රාජපක්ෂගේ පියා ඩී.ඒ. රාජපක්ෂ 1947 දී බෙලිඅත්ත ප්‍රදේශයෙන් ආසනයක් දිනාගත්තෙ UNP න් චන්දෙ ඉල්ලලා.

      කොච්චර නම් දේශපාලනඥයක් පක්ෂ මාරු කරලා තියෙනවා ද? අදත් ඉන්න ඇමතිවරු කී දෙනෙක් එජාපයෙන් සන්ධානයට ආපු අය ද?

      පක්ෂෙ මිනිස්සුන්ට පක්ෂෙ නායකයා මොනා කළත් හරි වෙලා නෙමෙයි. ඔවුන් කරන්නේ ඔවුන්ගේ පවුලට වාසිදායක දේවල්. මිනිස්සු කරන්නේ තමන්ගෙ පවුලට වාසිදායක දේ.

      රාජිත සේනාරත්න, මිලින්ද මොරගොඩ, එස්.බී. දිසානායක, තව නම් ගොඩක් එකතු කරන්න පුලුවන් ... ඔක්කොම වාසි වැඩි පැත්තට ගිය අය. ඒ අය එක්ක ඒ පැත්තට මේ පැත්තට යන්න පුරුදු වෙලා ඉන්න පක්ෂපාතී අය ඒ අයගේ වාසි වලින් තමන්ට ද යමක් ගන්න බලාපොරොත්තුවෙන් යන එන අයයි.

      හදා ගන්න ඕනෙ පක්ෂයේ නායකයන් නෙමෙයි. උන්ට රැවටෙන මිනිස්සු.

      Delete
    3. @අරුණි.....
      +++++++++++++++++++

      Delete
  16. උබ හරි මචං.හරියටම හරි. විපක්ෂය පිස්සු කෙලිනවා ආණ්ඩුව ආතල් ගන්නවා, අපි මේ දෙක මැද්දේ කැලේ නීතියට යටවෙලා.

    ReplyDelete
    Replies
    1. පැහැදිලිවම! ස්තුතියි ලුලියා!

      Delete
  17. // අගවිනිසුරුවරිය එරෙහිව කර ඇති චෝදනා දෙස බලන කල්හි ඒවා බහුතරයක් ඇයට එරෙහිව කල චෝදනා වලට වඩා ඇගේ සැමියාට එරෙහිව කල ඒවා බව පෙනේ. ඇය සහ සැමියා යනු දෙදෙනෙකි. පෞද්ගලිකත්වයන් දෙකකි.මුවා කල වැරැද්දට මුව සමට පෙලා පලක් නැත. එයා මුවා සමග බේරා ගත යුතුය. ඇගේ තීන්දු තීරණ පිලිබද කෙනෙකුට ප්‍රශ්ණයක් වේනම් ඒ ඔස්සේ චෝදනා ගොනු කල යුතුය.

    කොහොමද ආතල් එක? මිනිහා ගෙවල් කඩනවා, ගෑනි මිනිහගෙ නඩු අහන්වා. කුජීත නොවෙද සොයුර?

    ReplyDelete
    Replies
    1. සාමන්‍යයෙන් පවුලේ හෝ ලඟම ඥාතියෙකු සම්බන්ද ප්‍රශ්නයකදී නම් කිසිම විනිසුරුවරයෙක් ඒ නඩුව සදහා විනිශ්චය කරන්න ඉදිරිපත් වෙන්නේ නැති එක සදාචාරාත්මක රීතියක්. අගවිනුසුරුවරියගේ සැමියා ගැන සහ ඔහුට බලපාන නඩුවක් අගවිනිසුරුවරිය විභාග කල බවක් මගේ මතකයේ නෑ ( මා වැරදි නම් නිවැරදි කරන්න)

      Delete
  18. //අද පාර්ලිමේන්තු කාරක සභාවට යන්නත් කලින්ම තීන්දුව පැහැදිලිය. චෝදනාව ගෙන ආ පාර්ශවයම චෝදනාව විභාග කරන කොමිටුවේ බහුතරයකට හිමිකම් කියයි. තේරීම් කාරක කමිටුවේ රජයේ පාර්ශව නියෝජනය කරමින් 7 දෙනෙකි.විපක්ෂය නියෝජනය කරමින් හතර දෙනෙකි. අඩු තරමේ විපක්ශයේත් 7ක් ලෙස 50%-50 %ක් තිබුනා නම් පොඩ්ඩක් හෝ විශ්වාසය තබා ගත හැකිව තිබුනි. දැන් තියෙන වාතාවරණය අනුව මොන තීන්දුව ගත්තත් වැඩි චන්ද 3කින් සම්මතය. නමුත් නඩුත් හාමුදුරුවන්ගේය. බඩුත් හාමුදුරුවන්ගේය.

    සබිත් ගොයියෝ අනේ මගෙ මස්සිනේ, දන්න මගුලක් කතා කරපන්. සිලෙක්ට් කොමිටිය තීරණ ගන්නේ නෑ. විමර්ශණය කරල වාර්තාවක් දෙනව විතරයි. තීරණේ කරන්නේ පාර්ලිමේන්තුව. අලි ටිකත් පක්ෂව ඡන්දෙ දෙනවට මෙන්න කැට

    ReplyDelete
    Replies
    1. මා මෙතනදී 'තීන්දුව' ලෙස අර්ථ දක්වන්න උත්සහ කලේ තේරීම් කමිටුවේ තීරනය ගැන මිසක දෝෂාභියෝගයේ තීන්දුව ගැන නොවේ. එය වරදවා තේරුම් යන විදිහට සටහන ලියැවී තිබේ නම් ඒ පිලිබඳව මගේ කනගාටුව! :)

      Delete
  19. // මේවා ලියන්නේ රට හදන්නට නොවේ. මේවා කියවා ම්නිස්සු හැදෙනවා නම් අපේ රට හැදිලා ගොඩක් කල්ය. ඒහෙම කාලයක් තිබුනේ නම් ඒ මහත්මා ගාන්ධිලාගේ, මාතින් ලූතර්ලාගේ කාලයේය. දැන් මොකක් හෝ දෙයක් ලියුවොත් ලියපු එකේ අන්තර්ගතය කියවනවාට වඩා බලන්නේ ලියපු එකා ගැනය,උගේ පක්ෂය,පාට,ජාතිය ගැනය.ඒ කාලය හමාරවී දැන් සෑහෙන කල්ය.
    මේ හුදෙක් මගේ සිතේ තෙරපෙන කලකිරීම දුක සහ හිතේ අමාරුවට ලිය වෙන ලිපියක් ලෙස සිතා ගත්තාට කම් නැත.//

    Very well said......

    ReplyDelete
    Replies
    1. thank you charmi. Im a huge fan of your writings.

      Delete
  20. සුපිරියටම ලියල තියෙනව පුතා.මාතලන් සහ ඇල්කෙමි ලියන ගානටම,කියවන්නාට තේරුම් යන විදියට ලෙසටම.ශක්තිමත් විපක්ෂයක් නැහැ කියන එක බොරුකතාවක්.වෙලා තියෙන්නෙ කවර කාලයකවත් නොතිබුන විශාල භීතිකාවක් රටපුරා මවල නිසා කිසිකෙනෙක් ඉස්සරහට එන්නෙ නැති එක.රනිල්ට බනින අයට කියන්න තියෙන්නෙ එතුමා අගමැති වෙලා හිටපු ටික කාලයේ සැලසුම් සහගතව කරපු වැඩපිලිවල ටිකක් සිහිකරල බලන්න කියල.රනිල්ගෙ ඉවසීමේ සහ කල්මැරීම පිටිපස විශාල රහසක් තිබෙනවා.රස්තියාදුකාරයෝ පාලනය කරන විදියට නැතුව උගත් නුවනින් රටක් පාලනය කළහැකි පුද්ගලයකුට ඉන්නෙ රනිල් පමණයි.මහා කෙනා ඊයේ කියල තියෙනව නිතිය කාටත් එකයි කියල.මේ යකා මේවා කියන්නෙ කටින්ද කියල හිතෙනව.ඔබ කියන එක හරි පුළුවන් තරම් ලියල මෙහෙම පල කරාම සියලු ජනතාවටම පණිවිඩය යන්න වැඩිකල් ගතවෙන්නෙ නැහැ කියල හිතෙනව.ඉගෙනුම් කටයුතුවලට බාදාවක් නොවෙන අන්දමින් දිගටම ලියන්න ශක්තිය පතමි!!!!!!!!!!!!!!

    ReplyDelete
    Replies
    1. ඔව්. වෙලා තියෙන්නේ රනිල්ගේ දේශපාලන භාවිතය ලංකාවේ දේශපාලන පරිසරය එක්ක ගැලපෙන්නෙ නැති එක. ස්තුතියි අදහසට~

      Delete
  21. මටත් හයිලයිට් කරන්න තියෙන්නේ චාමි හයිලයිට් කරපු කෑල්ලම තමයි. අපිට රට හදන්න බෑ. ඒත් කවදහරි දවසක් අනාගත පරම්පරාව අපෙන් අහවි රට වලපල්ලට යද්දි උඹලා මොනවද කළේ කියලා. එතකොට අපිට මේ සටහන් පෙන්නලා කියන්න පුළුවනි, අපිට හැකි දේ අපි කළයි කියලා.

    සබීත් වගේ කෙනෙක් බය නැතුව මේවා ලියන එක ගැන ආඩම්බරයි. ඒත් සබීත් එක තැනක කියලා තිබ්බා වගේ වෙනත් නමකින් ලිව්වනම් කියවන අය දැන් කියවනවට වඩා වෙනත් කියවීමක් කරාවි.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අදහසට මාලන්. ඔව්! ඇත්ත නමින් බ්ලොග් එක ලියන්න පටන් ගැනීම මා කල වැරැද්දක්! ඒ නිසා මගේ ලිවීමේ පරාසය සෑහෙන්න පටු සීමාවක තියා ගන්න මට සිද්ද වෙලා තියෙනවා.

      Delete
  22. සිරා මචන්...

    පත්තර වල පිටු ගණන් පුරවන්න හොඳ නිවුස් එකක් හැබැයි

    ReplyDelete
  23. වටිනාම සටහනක්...
    ඔබ වැනි ලාබාල තරුණයෙක්ගේ මේ වගේ සටහනක් දැක්කාම වෙන්න ඕනේ.
    මටත් කියන්න ඕනේ බොහෝ දේවල් උඩ අය කියලා තීයෙනවානේ.


    Hats off .......!

    ReplyDelete
  24. කියෙව්වා සාබිත්. අපි ලිව්වට වෙනස කල හැක්කේ අපිට නොවන තාක් මෙව්ව මෙහෙම තමා

    ReplyDelete
  25. මං මුකුත් කියන්නෑ අප්පා...
    ඊට වඩා හොදයි රට මාරු කරන එක..

    ReplyDelete
    Replies
    1. ඒක කොහොමද බං කරන්නේ. පිංබර මව්බිමේ සුලඟත් සුවය දේ කියලා කියන එක තේරුම් ගන්න මටත් රටින් එලියට එන්න උනා.

      Delete
  26. දන්නෝ දනිති... ලංකාවෙ බඩු බුරුල්බූ ජරා දේශපාලන සංස්කෘතියේ තවත් නාටකයකි...විගඩමකි...

    ReplyDelete
  27. ශ්‍රී ලංකාවේ අයටත් පීඩියාවක් ඇරඹුවා ඔන්න ඔයාලත් එන් http://sinhapedia.blogspot.com/
    දැනුම බෙදාගන්න.
    සෑම සෙනසුරාදාම-තොරතුරු තාක්ෂණ ලිපිය
    සෑම ඉරිදාම ඉතිහාස ලිපිය

    ReplyDelete
  28. කතිතාවතක් ඇරඹිම ගැන ස්තුතියි සබිත්..

    ReplyDelete
  29. සත්තකින්ම නිදහසේ අදහස් සහ විවේචන ප්‍රකාශ කරන්න අපිට ඉඩකඩ සැකසී තිබෙනුයේ බ්ලොග් අවකාශයේ. මෙය නැවතුවද අපිට විකල්ප සැකසේවී. ප්‍රොක්ෂි සයිට් හෝ අප සහයට සිටීවී. අප සහයට කියුවාට එම වචනය තුල බ්ලාග් කියවල සහ ලියන සියලු දෙනාටම අර්ථකතනය විය යුතුය. කොපමණ කතා කළත් සත්‍ය තේරුම් ගැනීමට නොහැකිව අන්ධවී ඇති ජන කොට්ඨාශයක් ද සිටිනා බැවින් රටේ අනාගතයක් කෙසේ දකිමුදෝ කියා විටෙක හැඟේ.
    ඇත්තෙන්ම සබිත් මේ රටේ පුරවැසියෙක් වූයෙන් අපි ද අපේ වගකීමක් සේ සලකා හැකි පමණ සාධාරනය වෙනුවෙන් පෙනී සිටිමු.

    ReplyDelete
  30. මචං තේරෙනවනේ කොතෙන්ටද එන්න හදන්නේ කියල. ඕනෙම ජරා වැඩක් කරලා මුකුත් උනේ නෑ වගේ ජනතාව ඉදිරියේ පෙනී ඉන්න පොඩි හරි බාධාවක් වෙලා තියන ස්වාධින අධිකරණයත් සාක්කුවට දමාගන්න කරන ව්‍යායාමයක් තමයි මේක.

    එත් එක රැයකින් චෝදනා ඔක්කොම ඉල්ලා අස්කරගෙන මුකුත් උනේ නෑ වගේ ඉන්න වැඩක් වෙයි කියලයි මට නම් තියන බය. එහෙම නොවෙන්න අගවිනිසුරු තුමියට ශක්තිය හා ධෛර්ය ලැබෙවා කියල අපි හැම දෙනාම ප්‍රර්ථනා කරමු.


    දෙලොවක් අතර සිට

    ReplyDelete
  31. කතා කරලා වෙඩක් නැත . එසේ උවොත් අපිත් මෝඩයින්ය

    පුළුවන් වෙලාවක අපේ පැත්තෙත් ඇවිත් යන්න... MyTechGate (බදා ගත් දේ බෙදා ගැනීමට)

    ReplyDelete
  32. උදාවූ නව වසර සියලු දෙනාගේම යහපත් සිතුම් පැතුම් ඉටුවන සුභ නව වසරක් වේවා!
    අළුත් වසරක් - අළුත් දිනක් - නිවහල් ජාතියක් - ජාතීන් අතර සමගියක්
    උදාවූ වසරේත් දෝශාභියෝග ඒවි! අපිටත් අභියෝග තිබේවි - හඳුනාගනිමු!
    උගත් පාඩම් තුළින් හැදෙමු. අන් අයටත් කියා දෙමු.

    ReplyDelete
  33. "දේසපාලනය" කරන "උත්තමයො" උන්ට ඕන කරන විදියට සමාජය පාලනය කරනවා. ඇත්ත කතන්දරේ විනිවිද දකින දේවල්ම උන්ගෙ වාසියට නැවත භාවිතා කරනවා උන්ට ඕන දේ කරගන්න. ඉතින් මේ බඩගොස්තර උත්තමයන්ට රට ගැන පොඩි හරි කැක්කුමක් තිබුණා නම්!

    "ස්තුතියි අදහසට මාලන්. ඔව්! ඇත්ත නමින් බ්ලොග් එක ලියන්න පටන් ගැනීම මා කල වැරැද්දක්! ඒ නිසා මගේ ලිවීමේ පරාසය සෑහෙන්න පටු සීමාවක තියා ගන්න මට සිද්ද වෙලා තියෙනවා." ...ඇත්ත! suicide එකක් කර ගන්නවා වගේ. ඒත් මේ තරමින් හරි කතා කරන පෞරුෂයන් ඕනා.

    ReplyDelete

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...