ජංගම දුරකතනය කියන අපූරු උපාංගය අද මිනිසාගේ මූලික අවශ්‍යතාවක් බවට පත් වෙලා. ඇදුම් නැතුව එලියට බැස්සත් අද ෆෝන් එක නැතුව එලියට බහින්නේ කීයෙන් කී දෙනාද? නිකම් හරි තමන්ගෙ ෆෝන් එක වැරදිලා හරි තියලා ගිහින් තිබුනා නම් ඒ සම්පූර්ණ වෙලාවම අපි ගත කරන්නේ මොන තරම් අසහනයකින්ද?
සැම්සුන්ග් ඇපල් බ්ලැක්බෙරි තරඟයේ ප්‍රතිපලයක් විහිහට අද මුලු විශ්වයම අපේ ඇඟිලි තුඩු අතර, එක බොත්තමක් දුරින්.
වසර දෙක තුනකට පෙර තිබුන ජංගම දුරකතනයයි අද තියෙන ජංගම දුරකතනය අතර තියෙන වෙනස බලන්න.. ඒ වෙනසට වඩා එහි භාවිතාවේ පරිණාමය දිහා පොඩ්ඩක් බලන්න..
තාක්ෂනයේ දියුණුව හොඳද නරකද කියන එක වෙනම කතිකාවකට බඳුන් කරන්න උවමනා මාතෘකාවක් උනත් මට හිතෙන හැටියට නම් ඒක තීරනණය වෙන්නේ ගොඩක් වෙලාවට එය වැලඳ ගන්නා පුද්ගලයාගේ භාවිතාව මත.
දැන් දැන් ජංගම දුරකතනය 'දුරින් ඉන්න අයව ලං කරන,ඒත් අපි ලඟින්ම ඉන්න අයව අපෙන් ඈත්කරන' උපාංගයක් බවට පත්වෙලා. මේ කතාවට එකඟ වෙන්න අමාරුයි වගේ නම් පහල තියෙන මේ වීඩියෝ ක්ලිප් එක එක පාරක් බලන්න.
සමහර විට මේ වීඩියෝ එක ඇතුලේ තියෙන්නේ ඔබේ ජීවිතය වෙනස් කරන ඒ පණිවිඩය වෙන්න පුලුවන්.
මොකද හිතෙන්නේ?
මේ තියෙන්නේ අපේ පරම්පරාවේ කතන්දරය නේද?
ඉස්සර අපි කොච්චර නම් සතුටින් ගත කරපු වේලාවල් මේ උපාංගය අපෙන් හොරකම් කරලද?
මං පොඩි උදාහරනයක් කියන්නම්.
ඉස්සර ගොඩක් වෙලාවට විභාගයක් අවසන් උනාම අපි කිහිප දෙනෙක් එකතු වෙලා එලියට යනවා රෑට කොහෙන් හරි කන්න හිතාගෙන.
ඒ ගිහින් කෑම එක ඕඩර් කරලා කෑම එනකං කොච්චර වල් පල් කතා කරනවද? ඕප දූප, දේශපානය, කෙල්ලො ගැන උන්ගේ කොල්ලො ගැන.. හැමදේම ගැන.
ඒත් ලඟකදි ඉඳලා මේ දේවල් දැන් ටික ටික වෙනස් වෙන්න පටං අරං. ඉස්සර අරම කයිය ගහපු අපේ උන් දැන් කරන්නේ ගිහිං ඉඳ ගත්තු ගමන් ෆෝන් එක ඇදලා අරං ෆෝ ස්ක්වෙයා එකේ 'චෙකින්' එකක් දාන එක. ඊට පස්සෙ ෆේස්බුක්, ට්විටර්, ෆූඩ්ස්ටග්‍රම් අරවා මේවා. එක එකා, එක එකාගේ ලෝකවල.
කෝ අපි හොයාගෙන ගියපු මාන්සික සුවයයි නිදහසයි?
ඒ යන එන ගමන් වාහනේකට, බස් එකකට නැග වෙලාවෙ කියලත් වෙනසක් නෑ. එක්කෝ කනේ ගහ ගන්නවා නැත්නම් ටෙම්පල් රන් අර රන් මේ රන් කියලා ගේම් එකක් ගහලා ටොප් ස්කෝර් එකට මහන්සි වෙනවා. මොනවද මේවයින් අපි ලඟා කරගන්න බලාපොරොත්තු වෙන්නේ?
ලංකාවේ ඉස්සර අපි කොච්චර නම් බැනුම් අහන්න ඇද්ද කනකොට ටීවි එක දාන්න එපා කියලා. ඒ ඇයි?
පවුල් සමාගම එකතු වෙන්නේ, සංවාද ගොඩ නැගෙන්නේ, තීරණ ගැනෙන්නේ රෑ කෑම මේසෙ දි නිසා. ඒ දේම නෙවෙයිද අද ජංගම දුරකතනය අපෙන් ඈත් කරන්නේ. මේවා ගැන සංවාද ඇති නොවීම ඇත්තටම කණගාටුවක්.
ඉස්සර ඩීවිඩි එහෙම නැත්නම් වීසීඩී එකක් රෙන්ට් එකට අරං ඇවිත් මුලු පවුලම නැති උනත් අඩු ගානේ කීප දෙනෙක් හරි එකතු වෙලා චිත්‍රපටි බලපු කාලෙකයි දැන් තම තමන්ගේ කාමර ඇතුලට වෙලා තම තමන්ගේ ලැප් ටොප් වලින් තම තමන්ගේ ආතල් එක සපුර ගන්න හැටියි දිහා ටිකක් බලන්න.
විවාහය තුල උනත් අද ඒ ටිකම නෙවෙයිද වෙන්නේ?
වයිෆ්ගේ උපන්දිනේට අරං දෙන්නේ අලුත්ම ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකක්. ඊට පස්සෙ මනුස්සයා ලැප් එකේ. ගෑනි ෆෝන් එකේ. මනුස්සයගේ පොටෝ එක ගෑනි ලයික් කරනවා. ගෑනි දාන පොටෝ එකට මනුස්සයා ලයික් එක දානවා. මූනු පොතේ ආදරේ දෝරෙ ගැලුවට ඩිජිටල් ලෝකයෙන් එලියට ඇවිත් පොඩ්ඩක් බැලුවම දෙන්නට නින්ද යනකං දෙන්නම දන්නේ නෑ.
කෝ දෙන්නට දෙන්නා තුරුල්වෙලා වයිෆ්, හස්බන්ඩ්ගේ පපුව උඩ ඔලුව තියාගෙන පපුවේ මයිල් ඇද ඇද බොලඳ කතා කියපු කාලේ?
මේ තරඟකාරී ලෝකය තුල මේවා කරන්න වෙලාවක් මිනිස්සුන්ට නෑ කියන එක මහ අමූලික බොරුවක්. මොකද වෙලාව නැත් කමට වඩා ප්‍රශ්නේ තියෙන්නෙ කාල කලමණාකරනය තුල. ඇබ්බැහිවීම් තුල. රෑ 10න් පස්සෙ 'නෝ ලැප්ටොප්, නෝ ෆෝන් කියලා' රීතියක් හදාගන්න බැරිද බැඳපු ජෝඩුවකට?
මේ ලඟකදි මං හරි අපූරු කියමනක් දැක්කා.
THE PHONES ARE GETTING SMARTER AND THE PEOPLE USING THEM ARE GETTING DUMB AND DUMBER කියලා. මොකද කියන්නේ?
වරද තියෙන්නේ තාකෂනයේ දියුණුව තුල නෙවෙයි. ඒක භාවිතා කරන පුද්ගලයාගේ භාවිතාව තුල.
මං කියන්න උත්සහ කරන හැම දෙයක්ම උඩ වීඩියෝ එකේ තත්ත්පර 90 තුල තියෙනවා. අයෙම පාරක් බලන්න. අනිත් අය එක්ක මේ වීඩියෝ එක බෙදා ගන්න. යූ ටියුබ් එකේ තියෙනවා. මෙවැනි වෙලඳ දැන්වීම් ලාංකීය ජනමාධ්‍ය තුල දකින්නට නොලැබීම ඇත්තටම කණගාටුවක්!
මොකද හිතෙන්නේ?
මේ තියෙන්නේ අපේ පරම්පරාවේ කතන්දරය නේද?
ඉස්සර අපි කොච්චර නම් සතුටින් ගත කරපු වේලාවල් මේ උපාංගය අපෙන් හොරකම් කරලද?
මං පොඩි උදාහරනයක් කියන්නම්.
ඉස්සර ගොඩක් වෙලාවට විභාගයක් අවසන් උනාම අපි කිහිප දෙනෙක් එකතු වෙලා එලියට යනවා රෑට කොහෙන් හරි කන්න හිතාගෙන.
ඒ ගිහින් කෑම එක ඕඩර් කරලා කෑම එනකං කොච්චර වල් පල් කතා කරනවද? ඕප දූප, දේශපානය, කෙල්ලො ගැන උන්ගේ කොල්ලො ගැන.. හැමදේම ගැන.
ඒත් ලඟකදි ඉඳලා මේ දේවල් දැන් ටික ටික වෙනස් වෙන්න පටං අරං. ඉස්සර අරම කයිය ගහපු අපේ උන් දැන් කරන්නේ ගිහිං ඉඳ ගත්තු ගමන් ෆෝන් එක ඇදලා අරං ෆෝ ස්ක්වෙයා එකේ 'චෙකින්' එකක් දාන එක. ඊට පස්සෙ ෆේස්බුක්, ට්විටර්, ෆූඩ්ස්ටග්‍රම් අරවා මේවා. එක එකා, එක එකාගේ ලෝකවල.
කෝ අපි හොයාගෙන ගියපු මාන්සික සුවයයි නිදහසයි?
ඒ යන එන ගමන් වාහනේකට, බස් එකකට නැග වෙලාවෙ කියලත් වෙනසක් නෑ. එක්කෝ කනේ ගහ ගන්නවා නැත්නම් ටෙම්පල් රන් අර රන් මේ රන් කියලා ගේම් එකක් ගහලා ටොප් ස්කෝර් එකට මහන්සි වෙනවා. මොනවද මේවයින් අපි ලඟා කරගන්න බලාපොරොත්තු වෙන්නේ?
ලංකාවේ ඉස්සර අපි කොච්චර නම් බැනුම් අහන්න ඇද්ද කනකොට ටීවි එක දාන්න එපා කියලා. ඒ ඇයි?
පවුල් සමාගම එකතු වෙන්නේ, සංවාද ගොඩ නැගෙන්නේ, තීරණ ගැනෙන්නේ රෑ කෑම මේසෙ දි නිසා. ඒ දේම නෙවෙයිද අද ජංගම දුරකතනය අපෙන් ඈත් කරන්නේ. මේවා ගැන සංවාද ඇති නොවීම ඇත්තටම කණගාටුවක්.
ඉස්සර ඩීවිඩි එහෙම නැත්නම් වීසීඩී එකක් රෙන්ට් එකට අරං ඇවිත් මුලු පවුලම නැති උනත් අඩු ගානේ කීප දෙනෙක් හරි එකතු වෙලා චිත්‍රපටි බලපු කාලෙකයි දැන් තම තමන්ගේ කාමර ඇතුලට වෙලා තම තමන්ගේ ලැප් ටොප් වලින් තම තමන්ගේ ආතල් එක සපුර ගන්න හැටියි දිහා ටිකක් බලන්න.
විවාහය තුල උනත් අද ඒ ටිකම නෙවෙයිද වෙන්නේ?
වයිෆ්ගේ උපන්දිනේට අරං දෙන්නේ අලුත්ම ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකක්. ඊට පස්සෙ මනුස්සයා ලැප් එකේ. ගෑනි ෆෝන් එකේ. මනුස්සයගේ පොටෝ එක ගෑනි ලයික් කරනවා. ගෑනි දාන පොටෝ එකට මනුස්සයා ලයික් එක දානවා. මූනු පොතේ ආදරේ දෝරෙ ගැලුවට ඩිජිටල් ලෝකයෙන් එලියට ඇවිත් පොඩ්ඩක් බැලුවම දෙන්නට නින්ද යනකං දෙන්නම දන්නේ නෑ.
කෝ දෙන්නට දෙන්නා තුරුල්වෙලා වයිෆ්, හස්බන්ඩ්ගේ පපුව උඩ ඔලුව තියාගෙන පපුවේ මයිල් ඇද ඇද බොලඳ කතා කියපු කාලේ?
මේ තරඟකාරී ලෝකය තුල මේවා කරන්න වෙලාවක් මිනිස්සුන්ට නෑ කියන එක මහ අමූලික බොරුවක්. මොකද වෙලාව නැත් කමට වඩා ප්‍රශ්නේ තියෙන්නෙ කාල කලමණාකරනය තුල. ඇබ්බැහිවීම් තුල. රෑ 10න් පස්සෙ 'නෝ ලැප්ටොප්, නෝ ෆෝන් කියලා' රීතියක් හදාගන්න බැරිද බැඳපු ජෝඩුවකට?
මේ ලඟකදි මං හරි අපූරු කියමනක් දැක්කා.
THE PHONES ARE GETTING SMARTER AND THE PEOPLE USING THEM ARE GETTING DUMB AND DUMBER කියලා. මොකද කියන්නේ?
වරද තියෙන්නේ තාකෂනයේ දියුණුව තුල නෙවෙයි. ඒක භාවිතා කරන පුද්ගලයාගේ භාවිතාව තුල.
ජීවිතේ විඳින්න.. තාක්ෂනයට ඇබ්බැහිවෙලා ඒ තුල ජීවිතය අතරමං කරගන්න එපා.අපි ජීවත් වෙන්නේ එක පාරයි... :)
මටත් මේ වැඩේ නම් වෙනවා.හ්ම්ම් තාක්ශනේ දියුණුව කවදාහරි විනාසයක්ම වෙයි වගේ.
ReplyDeleteමටත් මේ මගුල එපා වෙලා තියෙන්නේ [වෙලාවකට ], ඒත් නැතුවත් බෑ වගේ
ReplyDeleteඇත්ත දවසක තාක්ෂණයම අපේ විනාශය වෙන්නත් හැකියි. ඒත් හොද දෙයක ගත යුත්තත් එත්තම අප වැරදි පැත්තත් කරපින්නාගන්නවනේ. ඉස්සර මට මට අවශ්‍ය සියලු දුර කථන අංක මතකයේන් කියන්න හැකියි. ඒත් අද පෝන් එකේ බැටරි බැස්සොත් මගේ ලෝකෙම අහවරයි. දැන් පොතක වත් ලියාගන නැ නේ. සත්‍යවාදි පෝස්ටුවක්.
ReplyDeleteමාත් කාලයක් ෆොන් එක නැතුව එළියට බැස්සේ නැති කෙනෙක්. ඒත් දැන් නම් ඒක තිබ්බත් වැඩක් නෑ වගේ... චාජරේ කැඩිලා සති ගානක් වෙනවා.. වෙනදට නම් අලුත් එක්ක ගන්නකම් නින්ද යන් නෑ.. දැන් නම් තිබ්බත් එකයි නැතත් එකයි...
ReplyDeleteසබිත් කියලා තියෙන කතාව ඇත්ත.. මාත් ඕකට කිට්ටුවෙන් යන පෝස්ට් එකක් ලිව්වා ළඟදි...
තව ටික කාලෙකින් මෙහෙම වෙයිද...?
බැන්දට පස්ෙස ෙෆා්න් භාවිතය අඩු ෙවනව තමයි. :)
Deleteෙදන්න ෙදපැත්ෙත ඉන්න කල් තමා ෙෆා්න් ඒක ඔබන්ෙන් :ඩී
ඔය කියලා තියෙන ෆිල්ම් බලන කෑල්ලනම් මටත් අදාලයි. හැබැයි එළියට ගිහින් යාළුවොත් එක්ක ඉන්න වෙලාවටනම් කෝල් එකක් ආවොත් මිසක් වැරදිලාවත් ෆෝන් එක පාවිච්චියක් නෑ. බස් වලදී මට කොහොමත් ඕවා ඔබ ඔබා ඉන්න බෑ මගේ ඔළුව රිදෙන්න ගන්නවා.(පොතක්වත් කියවන්න බෑ වාහනේක යන ගමන්)
ReplyDeleteමටත් ඔය ප්‍රශ්නෙම තිබ්බා. හැබැයි කියවන්න තියෙන ලෝඩ් එකත් එක්ක පොඩ්ඩ පොඩ්ඩ වාහනේක යන ගමන් කියවන එකට පුරුදු උනා. මුල් දවස් වල ටිකක් අවුල්. දැන් නම් ශේප්. අනුවර්තනය වෙලා :)
Delete'දුරින් ඉන්න අයව ලං කරන,ඒත් අපි ලඟින්ම ඉන්න අයව අපෙන් ඈත්කරන'
ReplyDeleteTHE PHONES ARE GETTING SMARTER AND THE PEOPLE USING THEM ARE GETTING DUMB AND DUMBER.
මෙන්න මම කොපි කරගන්න කියමන් දෙක. කියලා වැඩක් නෑ සාබිත්. මේ ලිපිය සම්පූර්න ඇත්ත. මමත් අඩු වැඩි වශයෙන් මෙහි ගොදුරක්. ඇත්තෙන්ම ෆෝන් එක නම් සාක්කුවේ දාගෙන ඉන්නවා මිසක් ලැප්ටොප් එක වගේ පාවිච්චි වෙන්නෙ නෑ. නමුත් මම ඒ කාලයත් සීමාකරන්න ක්‍රියා කරලා තියෙන්නෙ.
ඇත්ත මචං අපි කලින් එකතු වුනාම එක එකාට නොන්ඩි දාගෙන හිටපු වුන්. දැන් කතා කරන්නේ අලුතින් ගත්තු ෆොන් එකේ වැඩ කෑලි ගැන. මම අවුරුද්දකට සැරයක් ලංකාවට ගියාම කට්ටියව එකතු කරගන්නේ කාලෙකට පස්සේ විස්තර කතා කරන්න.එත් ලංකාවේ ඉන්න හැමදාම එකට සෙට් වෙන ටික දෙනාම ෆොනේ ගැන කතා කරන්නේ. මම ඒ වගේ දවස් වලදී නැගිටලා ඇවිල්ලත් තියෙනවා.
ReplyDeleteසහතික ඇත්ත...ඒත් බස් එකේදි බ්ලොග් ටික කියව ගන්න මට දැනට තියෙන හොඳ දේ මේක තමයි සාබිත්...
ReplyDeleteගමනක් බිමනක් තනියම යද්දි ටැබ් එකකින් පොතක් කියවන් යන එහෙනම් නැත්නම් වෙනත් විදිහකට ඵලදායීව ඒ කාලය ගත කරන්න මේවා භාවිතා කරන පිරිසකුත් ඉන්නවා. ඔක්කොම එකම තරාදියේ දාලා කිරන එකත් වැරදියි.
Deleteනියම අදහස් ටික මචන්
ReplyDeleteTHE PHONES ARE GETTING SMARTER AND THE PEOPLE USING THEM ARE GETTING DUMB AND DUMBE
සහතික ඇත්ත
මං නං සම්පූර්ණයෙංම මේ තත්වෙට ගොදුරු වෙලා තියෙන්නේ..
ReplyDeleteරස්සාව සෙට් උනෙත් ඔන්ලයින්ම නිසා තවත් තත්වය දරුණු වෙලා...
ෙම් ලගදි ෙපාෙටා්වක් ෙෂයාර් වුනා බුකිෙය.
ReplyDeleteකස්ටියක් තැන් තැන් වල ෙපාෙටා් ගහල.
මුහුද ලග/මල් වත්තක/කෑම කෙඩ්ක/ හැම ඒකාම ෙෆා්න් ඔබන විදිහට ෙපාෙටා් ගහල. ඒ්ක නියම උපහාසාත්මක ෙපාෙටා්වක්..
තාක්ශණයෙ වරදනෙවෙයි අපෙ තියෙන හැමදේටම ඇබ්බැහි වීමේ ගතිය..
ReplyDeleteමේ නම් අමූලික තිත්ත ඇත්ත. මාත් ඇතුළුව බහුතරය ගොදුරුවෙච්ච ලෝකේ...
ReplyDeleteඔය කියන කාරණාව බටහිරන් නම් වෙලා ඉවරයි. මම කියන්නෙ මාපිය දූදරු සබදතා ගැන. ලංකාවෙත් මුදල් තියන පැලැන්තියේ දුවා දරුවන්ගේ සෙල්ලම් භාණ්ඩය තමා මොබයිලය. ඒක අතකින් ආරක්ෂාකාරී වුනත් ඒකෙන්ම විනාස වෙන දුවාදරුවෝත් ඉන්නවානෙ.
ReplyDeleteනමුත් වැල යන පැත්තට මැස්ස ගහනවා වගේ අපිටත් මේදේවල් ලංකරගන්න සිද්ධවෙනවා. මමත් උදාහරණයක් කියන්නද?
සිංහල හින්දු අළුත් අවුරුද්දට, වෙසක් එකට, නත්තලට, අලුත් අවුරුද්දට යවපු පෝස් කාඩ් වෙසක් කාඩ්, සුභපැතුම් අභාවයට ගිහිල්ලානේ. දැන් අන්තිමට ඒක SMS එකක් වෙලා, FB Status Update එකක්ම වෙලා.
හොද ලිපියක්.
ඇත්ත. ඉස්සර උපන්දින උනත් කොච්චර නම් මතක තියන් ඉන්නවද?කාඩ් යවනවද? දැන් ෆේස් බුක් එකේ පිහිටෙන් එකක් වත්හිතේ නෑ. අඩු ගානේ Happy Birthday කියලා ගහන්නවත් වෙලාවක් නැතිවෙලා ඒකත් HBD වෙලා :)
Deleteමෙහෙමයි... ඔය එක එක රැලි කාලෙත් එක්ක නැතිවෙලා යනවා.. හැබැයි ඒ වෙනකොට තව රැලි එනවා... මම දැකලා තියෙන්නෙ ගොඩක්ම 18-25 කාණ්ඩේ තමයි ඕවගේ එල්ලිලාම ඉන්නෙ... ඊට පස්සෙ ටික ටික ඕවා එපා වෙනවා... හැබැයි කොච්චර වයස ගියත් ඕවා අත් අරින්න බැරි පිරිසක් ඉන්නවා..
ReplyDeleteකොහොම උනත් පොදුවේ ගත්තම අපි තාක්ෂණය මත යැපෙනවා වැඩියි අද... විශේෂයෙන් අන්තර්ජාලයෙන් ගෙදර ඉඳන්ම අපිට ලබා ගන්න පුළුවන් තොරතුරු ප්‍රමාණය නිසා.. අපි ඒ සඳහා යොදවන වෙලාව වැඩියි... දැන් අපි උනත් දවසක් දෙකක් බ්ලොග් අප්ඩේට්ස් නොබලා ඉන්න උනොත් කොච්චර අමාරුද?
ආයෙ මුකුත් කියන්න දෙයක් නෑ 100% ක් ඇත්ත. ගොඩක් දෙනෙක්ට ඔය කාරණේ දැනෙනවා ඒත් නවත්වගන්න තරම් ශක්තියක් නෑ, ඒකට තමයි කියන්නෙ ඇබ්බැහි වීම කියල.
ReplyDeleteමේ වගේ පුංචි දේවල් ගැන හිතුවොත් අපි මීට වඩා නිදහස් වේවි!
ReplyDeleteඇත්තම කතාවක්
ReplyDeleteමමත් ඉස්සර ඔහොම හිටියා. දැන් ෆෝන් එක තියෙන තැනවත් මතක නැහැ සමහර වෙලාවට.
අපේ ගෙදර කන වෙලාවට ෆෝන් ටීවී තහනම් කරලා තියෙන්නේ.
ඇත්තටම ජීවිතේ සුන්දර අවස්ථා මගඇරෙනවා මේ අලුත් ගැජට් කෑලි නිසා. මේ වීඩියෝ එක ලස්සන එක පෙන්නනවා. හොඳ අදහසක් අපිත් එක්ක බෙදාගත්තට ස්තුති අයියේ. අපේ ගෙදර ඉන්න අනික් ෆෝන් පිස්සොන්ටත් මම මේක කියවන්න දෙන්න ඕනේ :)
සහතික ඇත්ත.. අකුරක් පාසා ඇත්ත...
ReplyDeleteජංගම දුරකතනය හොයාගත්තු එකාට හැමදාම මම හිතින් සාප කරනවා..ඔය කෙහෙම්මල නොතිබුනානම් වැඩ ඇරිලා ගෙදර ඇවිල්ලා සැනසිල්ලෙ ඉන්නවනෙ..මට ඕනා නොවුනත් ගැලවීමක් නෑ..
බ්ලොග් කෙරුවාවත් ටිකක් ඔය පැත්තට බරයි කියලා හිතෙනවා.. ඔය වීඩියෝ එකා ඊ-මේල් එකකින් මටත් ආවා.. ඇත්තෙන්ම ඇස් අරවන වීඩියෝ එකක්..
හැමදේකම තියෙන්නේ ඇබ්බැහිවීම මචං.. හැබැයි කෝම උනත් මේ ටිකේ නම් එලියට යද්දී වැඩ කරද්දී මට ෆෝන් එකනම් නැතුව බෑ.. ඇයි කියලා ඉතින් දන්නවනේ..
ReplyDelete;)
DeleteWe live in the era of smart phones and stupid people
ReplyDeleteඕක අපේම වැරද්ද...
ඇබ්බැහිවීම... තව කාලයක් යද්දි තවත් වෙනස් වෙයි. ඉස්සර අපි පොඩි කාලේයි දැන් ඉන්න උන්ගේ පොඩි කාලෙයි දිහා නිකමට බලපන්... වෙන මොකුත් ඕනි නෑ
හිතන්න දෙයක් එකතු කලාට ස්තුතියි සාබිත්..ජංගමය ලැප ටීවී එක හැම දේම මේ කතාවට අදාලයි..මනුස්ස සම්බන්ධතාවල අනාගතය තමයි..
ReplyDeleteඒත් එක අතකට ගත්තාම මම ඒකට කැමතියි..
මොනවා කරන්ඩද බං ලව් කරන්ඩ වෙලා තියෙන්නේ ෆෝන් එකෙන්නේ.ඒකත් නැත්තං ලව් එක හබක් තමයි.ඇත්තටම මම පාවිච්චි කරන්ඩ එච්චර ආසා නැති එකක් තමයි ෆෝන් එක.අපි නං කට්ටිය සෙට් උනාම පරණ වල් පල් දොඩවලා තාම ආතල් ගන්නවා.ඒ ආතල් එක ටෙම්පල් රන් එකෙන් ලැබෙන්නෑ බං.
ReplyDeleteහැබැයි කෝච්චියේ හරි බස් එකේ හරි යද්දී සින්දුවක් අහන්නැතුව බෑ බං.අපේ බස් කාරයෝ කැමති සින්දු අහනවට වඩා මම කැමති සින්දුවක් අහන එක හොඳයිනේ බං.අනික නිදහසේ සින්දුවක් අහන්ඩ වෙලාවක් තියෙන්නේ බස් එකේ කෝච්චියේ යන ටික වෙලාවෙ විතරයිනේ බං
තාක්ෂණය භාවිතා කළ යුතුමයි.. එය පුරස්නයක් නෙමේ.. නැත්නං මක්කටෙයි මෙව්වා... මම නං විරුද්ධයි.. ඒ ඕනම විදියකට පාවිච්චි කොරන්න නෙව හදල තියෙන්නේ.. ඉතිං ඕව කරන්න ඕන සීමාවන් තම තමන් දැන ගත්තාම ඇති.. ඒක හැමදාම වෙනවා.. හැමදේම වෙනස් නොවී තියෙයි කියල හිතන්න බෑනේ...
ReplyDeleteඒක තමයි මමත් කියන්න උත්සහ කරන්නේ. තාක්ෂනය කියන දේ භාවිතා කරන්න ඕන. හැබැයි ඵලදායීව. අපේ නිදහසට බාදාවක් නොවෙන විදිහට.
Deleteතනි තනිව ප්‍රතිචාර නොදැක්වූවාට සමාවෙන්න. හැමෝගෙම අදහස් වලට ස්තුතියි. :)
ReplyDeleteඔයා කියපු හැමදෙයක්ම හරියටම හරි සාබිත්... අර ඇඩ් එකේ ඒ සේරම තියෙනවා...
ReplyDeleteඅපිත් එක්ක වැඩ කරන අයට රාජකාරී වෙලාව තුල ජංගම දුරකථන පාවිච්චිය තහනම්... අහු උනොත් රස්සාවත් ඉවරයි... ඉතින් කෑම කන වෙලාවෙදි හැමෝම කරන්නෙ ලොකර් එකට දුවල ගිහින් ෆෝන් එක අරන් ඇවිත් අර මුළු වෙලාවෙම ඒකට කොට කොට ඉන්න එක... තමුන් එක්ක එකට වැඩ කරන අයත් එක්ක කතා කරන්නවත් ලැබෙන වෙලාව ගතවෙලා යන්නෙ එහෙම... මගේ නම් ෆෝන් එක පාවිච්චි වෙන්නෙ බොහොම කලාතුරකින්...
මෙහේ හදිසි අනතුරු බොහෝ ගණනකුත් උනා මොබයිල් ෆෝන් එකයි, අයි පොඩ් එකයි නිසා ළඟ එන අනතුර පේන්නෙ හෝ ඇහෙන්නෙ නැති කමින්... ඒ මොනවා උනත් ඉතින් අනාගතේ තව තව මිනිස් සබඳතා ඈත් කරන උපකරණ කරළියට ඒවි... පාවිච්චිය පාලනය ඉතින් තම තම නැණ පමණ සහ අවශ්‍යතාවය පමණ තමයි...
මම නම් තාම ඇබ්බැහි වෙලා නෑ...කෙල්ලෙක් සැට් උන දවසට නම් මොනා වෙයිද මන්දා...
ReplyDeleteමේකට පුංචි විසඳුමක් විදියට යාලුවොත් එක්ක සෙට් වෙන වෙලාවට මේ ගේම් එක කරන්න පුළුවන් :)
ReplyDelete===========================================
Introducing a fun game called:
"Don't Be Anti-Social During Meals With Friends."
Everyone puts their phones in the middle of the table. Whoever cracks first by touching their phone, pays for the entire meal.
The purpose of the game was to get everyone off their phones, away from InstaGram, Facebok, Twitter, Googling, texting, etc and to encourage real interaction, real conversation. In other words, help cure the growing "Anti-Social Social Media Behavior" craziness.
Rules:
1) The game starts after everyone sits down.
2) Everybody places their phone in the middle of the table.
3) The first person to touch their phone loses the game.
4) Loser of the game pays the bill for everyone's meal.
5) If the bill comes before anyone has touched their phone, everybody wins and pays for their own meal.
We had a blast. Conversation rocked. Everyone loved it.
Are You Game? Are you willing to turn the tide of anti-social behavior? What do you think?!?
:D will work for sure~
Deleteමරු post එක. I am partially getting into this terrible addiction.
ReplyDeleteඅපි ජීවිත සංකීර්ණකර ගෙන තිබෙනුයේ. එබැවින් විවේකය, නිදහස අපි අපි විසින්ම සීමා කරගෙන තිබෙනවා. එය මෙම ආර්ථික ක්‍රමය ඇතුලේ මිනිසා ස්වයංව මෙහෙයවන සහ තල්ලුකරන අංගයක්. එබැවින් අපි අවශ්‍යතා සංකීර්ණ ලෝකයක, අසීමිත විවිධ අවශ්‍යතා වෙනුවෙන් හැල්මේ දුවන්නෝ වෙමු.
ReplyDeleteඅපෙේ ෙගවල් ලග ගැණු ළමෙයක් මැරුනා කෙොච්චියට හැපිලා . කනේ ගහගන ෆෝන් එකක් පාර හරහා ගිහිල්ලා
ReplyDelete