Friday, March 28, 2014

හෙට කාටද?

වසර 30ක් රට ආගාධයකට ඇද දැමූ ත්‍රස්තවාදී සංවිධානයක හිටපු සන්නද්ධ අංශයේ නායකයෙකු උප සභාපති තනතුර හොබවන පක්ෂයක් වටා ගෙතුනු සන්ධානයකට කතිරය ගැසීමට හිත හදා ගත හැකිනම්, බටලන්ද වදකාගාර සහ ටයර් සෑයවල් වලට වගකිවයුතු පක්ෂයකට කතරය ගැසීමට හිත හදා ගත හැකිනම් ජනතා විමුක්ති පෙරමුණට කතිරය ගැසීම පිලිබඳව ගැටලුවක් තිබිය හැකිද?

අද බොහෝ දෙනාට තිබෙන්නේ ජවිපෙට ජන්දය නොදී සිටින්නට හේතුවක් නොව, ඡන්දය දීමට හේතුවක් නොමැතිවීමයි.
වර්තමානයේ,ලංකාවේ අනාගතයේ ඉරණම ගැන පැහැදිලි කැක්කුමක් සහ අවංක උවමනාවක් තිබෙන්නේ ජනතා විමුක්ති පෙරමුනට පමණී!

ඔවුන්ට රට බාර දීමට පෙර නිරාකරනය කරගත යුතු ගැටලු රාශියක් මටත් තිබේ.
නමුත් මේ වෙනසකට මුල පිරීමට කාලයයි!

මතක තබගන්න. සල්ලාලයන්, කුඩුකාරයන් බඩු කාරයන් හා ගණිකාවන් ඒ ඒ තැන් වලට තේරි පත්වීමේ වගකීමේ කොටසක් අපටත් තිබේ. ඒ නිසා ඔවුන්ගේ තේරි පත්වීම් ගැන වද වෙන්නට ඒ ගැන දොස් තියන්නට වැරදි උන්ට කතිරය ගසන අයටත්, ඡන්දය දා ගෙදරට වී බුදිය ගන්නා අයටත් සදාචාරාත්මක අයිතියක් නැත.
කාගෙ කාගෙ කිල්ලෝටවලත් හුණු තිබේ. හොරකං නොකරන එකෙක් ඉඳී යයි මා විශ්වාස කරන්නේද නැත. නමුත් අඩුවෙන්ම වැරදි කරන එවුන් තෝරා පත් කරගැනීම අපේ වගකීමයි!

12 comments:

  1. මොන දේ කොහොම වුනත් පුරුද්දට වගේ කතිරේ ගහන මනුස්සයා හැමදාම ඒ දේම කරනවා..

    ReplyDelete
    Replies
    1. පරම්පරා දේශපාලනේ තමා හෙනහුරාට හිටින්නේ හැමදාම!

      Delete
  2. ජෙප්පන්ට ඡන්දය දුන්නෙමී. ලාල් කාන්තටත් මනාපයක් දුන්නෙමි.

    ඊට වඩා සතුටක් උඹේ පෝස්ට් එකෙන් වින්දෙමි. බංගලි දේශයේ ක්‍රිකට් මැච් බලන සෑම දිනම උඹ මතකයට නැගේ...

    ReplyDelete
    Replies
    1. ග්‍රවුන්ඩ් එක ඇත්තේ කිලෝ මීටර 5ක පමන දුරකිනි. 27 හැර හැම මැච් එකටම ගියෙමි! :)

      Delete
  3. ඔබ වැන්නෝ දහස් ගණන් ඇතිවේවා!!!

    ReplyDelete
  4. කතාව ඇත්තය.

    ReplyDelete
  5. මමත් මීට කලින් දේවතාවක් විතර ජවිපෙට චන්දේ දීලා තියනවා. හැබැයි උන් බලයට ඇවිත් වැව් හාරන්න ගිහින් මඩ නාගත්තට පස්සේ මට තේරුනා උන්ට කියන තරම වැඩ බෑ කියලා.. අනිත් එක උන් වි.වි වල කරණ විගඩම් මට දිරවන්නෙම නෑ. මනෝජ් කිව්වට පස්සේ ආයෙත් ටිකක් සළකලා බැලුවා මේ පාර උන්ටවත් දෙනවද කියලා, ඒත් පස්සේ පලාත් සභා කියන සුදු අලියට චන්දේ දීලා වැඩක් නැති නිසා චන්දය දීමෙන් වැලකී සිටියා.

    ReplyDelete
    Replies
    1. සමහර විට අත්දැකීම් නොමැතිකම නිසා ඒ දේ වුනා වෙන්න පුලුවන්. හැබැයි අවුරුදු දෙකක් ඇමතිකම් කරලා හම්බකරගන්නේ නැතුව හොරකම් කරලා කතා හදා ගන්නෙ නැතිව එලියට ආපු එක නම් අගය කල යුතුයි!

      Delete
    2. වැවු නිකන්ම හැරුවා නෙවේ. උන දේවල් අපේ ඇස් දෙකෙන්ම දැක්කා. ඇයි දැන් jvp එක කැට හොල්ලන්නෙ නැත්තේ

      Delete

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...