Wednesday, October 12, 2011

ඇඳුම් ඇඳන් ඉන්නා ලැජ්ජ නැති උන්ට ලියා දන්වන වග නම්~




මා බුලත්කොල කාරයෙක්,පු‍ටු,අලි,ගස්,පංචායුද.පචායුද කාරයෙක් හෝ සීනු කාරයෙකු නොවේ!
භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍රගේ දේශපාලනික චරිතය සුදුද කලුදැයි දන්නා කෙනෙකුද නොවේ!
ඔහු පුද්ගලිකව දැන හඳුනන්නේද නැත..
ඔහු කොලොන්නාවට වැඩ කලාද ඔහුට වැඩ කරගත්තාද කියා දන්නෙත් නැත!
ඔහු දේශපාලුවෙක්ද..දේශපාලකයෙක්ද කියලා දන්නේද නැත...
එනිසා ඔහු සමග බැඳීමක් මට නැත..

ඔහුට අවසන් බුහුමන් දක්වන්නට රෙදි ඇඳන් ඉන්නා ලැජ්ජා නැති උන් එනවා යනවා මං දු‍ටුවෙමි!

ඔහුගේ අවසන් කටයුතු සිදුවෙන අද දවසේ ඇවිත් පොර ටෝක්  දී මිනිසුන්ට ආතල් සප්ලයි කර අධෝමුඛයෙන් හිනස්සනවා වෙනුවට
බඩුත් එක්ක හොරු මාට්‍ටු වී සිටින මේ වෙලාවේ
"අපි වෙනුවෙන් අපි" සංකල්පයේ හෝ සිට
නුඹලා ගන්නා පියවර දෙස හා,
උන්ව වැඩිම මනාපයෙන් උඩට ඇරිය අපේ උන්දැලා ගන්නා පියවර දෙස
අපි අවදානයෙන් බලා සිටිනා බව
මෙලෙස ලියා දන්වමු!

14 comments:

  1. බඩුත් එක්ක හොරු මාට්ටු උනත් සාධාරණයක් ඉටු වේවිද??

    ReplyDelete
  2. කාට කියන්නද? ...

    ReplyDelete
  3. කලින් සිල්වලා කෙලපු පිස්සු වලින් කෙල වුනේ අනිත් උන්ට නිසා සද්ද නොකර හිටියා කියමුකෝ!එත් මේ පාර???

    ReplyDelete
  4. වැඩක් වෙන්නේ නැහැ සහෝදරයා... උඹට,අපිට හැමදාට ම වෙන්නේ ඔය වගේ බලාගෙන ඉන්න තමයි.... නිකං නෙමෙයි... උඩ බලාගෙන ඉන්න...උන්ට ඒකේ වගක් නැහැ... දැන් මේ ක්‍රමේ වෙනස් වෙන්න ඕනේ... ඒත් කරැමේ කියන්නේ අපේ මිනිස්සුන්ට අමතක වෙන් එකයි... කොයි තරම් උඩ බලාගෙන හිටියත් ඡන්දයක් කිට්ට් වෙනකොට ඔක්කොම අමතකයි...ඒක නිසා දැන්වත් බලාගෙන ඉඳීම නවත්තලා මොනවා හරි කරන්න පටන්ගමු....

    උඹට ජය !!!!

    ReplyDelete
  5. @බස්සා: මිනිස්සුන්ට වෙනසක් ඕන උනත් කරන්න දෙයක් නෑ!හැරෙන්න විකල්ප බලවේගයක් කොහෙන්ද?විකල්ප බලවෙගයක් කාලීන අවශ්්යතාවයක්!හැබැයි පේනතෙක් මානයක ඡායාවක් වත් නෑ!සතුටුයි මේ පැත්තට ආපු එක ගැන!

    ReplyDelete
  6. වැඩක් නෑ බං කතාකරලා... ලැජ්ජාවක් තියෙන උංට එපැයි කියන්න.

    ReplyDelete
  7. ගඟක් හැදෙන්නේ වතුර බිංදුව බිංදුව එකතු වෙලාය

    අසාධාරණයට එරෙහිව කෑ ගසන්න කොන්දේ පන තියෙන එන් එක එකා ඉදිරිපත් වී . . .

    කොඳු පන තියෙන උන්ගේ මහා ගංගාවක් වූ දාට . . .

    රෙදි ඇඳන් වුනත් ලැජ්ජා නැති වැඩ කරන උන්ට

    රෙදි ගලවා දමා දුවන්න සිදුවේය . .

    අමතක කරන්න එපා ඊජිප්තුව ලිබියාව ආදී රටවල් . .

    ReplyDelete
  8. දුකා: ආසවෙන් ඉන්නවා ඒ දවස එනකන්!
    මාලුවා: මස්සිනා!කාලෙකට පස්සෙ!

    ReplyDelete
  9. This comment has been removed by the author.

    ReplyDelete
  10. හරියටම හත් දොහකින් මේ සේරම අමතක වෙලා යනවනේ ..

    ReplyDelete
  11. අපේ උන්දැල ගනියි මේ කියල ලස්සන පියවරක්. හෙට ඡන්දයක් තිබ්බොත් මේ තක්කඩි මීටත් වඩා මනාප වලින් දිනවයි අපේ හරක්.

    ReplyDelete
  12. මම ටැමිල් සෝ හින්දී සෝ බලන එක නැවත්තුවා
    නියම සෝ එක මචං
    සිවාජී බිම
    ෂෙට්ටි චොර..

    ReplyDelete
  13. මේවට කියන්න දෙයක් නැහැ සබිත්

    ReplyDelete
  14. හොරු..... කව්ද මෙයා හොරු....
    මේවා සේරම ජාත්‍යන්තර කුමන්ත්‍රණ. ගඩාෆිව මරාගත්ත ජාත්‍යන්තර කුමන්ත්‍රණකාරයො අපිටත් ලෙඩේ අදින්නයි හදන්නෙ.

    ReplyDelete

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...