Tuesday, November 1, 2011

ශ්‍රී ලාංකීය විභාග,ක්‍රමයේ වැරැද්ද හා විකල්ප!



නිමිත්ත : පැමිණිලිකරු,විත්තිකරු හා විනිසුරු එක් අයෙක් වු විට අප කල යුත්තේ සිනාසීමද ඇඬීමද?


පසුගියදා මහනුවර උසස් බාලිකා විද්‍යාලයේ වාර්ෂික ත්‍යාග සහ සහතික පත් ප්‍රදානෝත්සවය වෙනුවෙන් පැවති උත්සවය අමතමින් විභාග කොමසාරිස් ‍ජනරාල්වරයා පැවසු අදස් බැඳේ!
"මේ විභාග දෙකම සාමන්‍යයපෙළ,උසස්පෙළ ගන්ධස්කාර කුනුවෙච්ච් විභාග,කිසිම ප්‍රයෝජනයක් නෑ ජීවිතේට.දැන් මට කව්රුවත් දඬුවම් කරන නෑ මේක මම ම කියන නිසා.
අප්‍රිකාවේ ගෝත්‍රික සමාජ කිහිපයක හැරුනම මේ වගේ බරපතල නින්දා සහගත ගතානුගතික විභාග ක්‍රමයක් නෑ.
විභාග කියන උපකරණය මේ දරුවන්ගේ විවිධ හැකියා මනින්න පාවිච්චි කරන මේ උපකරණය මොට්ටම මොට්ටයි. කිසිකෙනෙකුට මේක මුවහත් කරන්න බැහැ"
උපුටා ගැනීම:http://www.gossip9.com/2011/10/blog-post_31.html#ixzz1cMU9JFFy

     විභාගය, නිශ්චිත කාල පරාසයක් තුලදී තමන් කලින් ලබාගත් දැනුම ආශ්‍රයෙන් නිශ්චිත ප්‍රශ්න සංඛ්‍යාවකට පිලිතුරු සැපයීමේ ක්‍රියාවලිය ලෙස අර්ථ දැක්විය හැකියි.. දැනුම මැනීමේ ක්‍රමයක් ලෙස බොහෝ කලක සිටන් භාවිතා වන මෙම ක්‍රියාවලිය අසාර්ථක එකක් ලෙස විද්වතුන් බොහෝ කලක සිට අදහස් දක්වා තිබුනා..මේ ගැන විවිධ මති මතාන්තර තිබුනත් පැහැදිලී නවීකරනයන්/යාවත්කාලීන කිරීම් තුල තවමත්  තිබේන වඩා හොඳම නිර්නායකය ලෙස සැලකිය හැකියි..



මෙහිදි අවධාරනය කලයුතු කරුන නම් විභාගය කිසිසේත්ම සාර්ථක ක්‍රමවේදයක් ලෙස සැලකිය නොහැකිවුවත් පවතින නිර්නායක අතරින් සාපේක්ෂව වඩා ගැලපෙන ක්‍රමය එය වීමයි!සැමවිටම ගැලපෙන ක්‍රමය සාර්ථක නොවීමට පුලුවන!නමුත් පවතින ක්‍රම අතරින් වඩා ගැලපෙන ක්‍රමය අප විසින් ‍තෝරාගත යුතුය.

ශ්‍රී ලාංකීය විභාග ක්‍රමය බෝහෝ යල්පැනගිය එකක් බව හා එය නව ලොවට කිසිසේත් නොගැලපෙන බව අපට තේරුම් ගියේ බොහෝ කලකට කලිනි..ඒ සම්බන්ධ විවිද කතිකාවත් ගොඩ නැගුනමුත් විභාගය නැමති සංකල්පයට අභියෝග කිරීමේ හැකියාව ඒවාට නොවීය! පාසල් පාදක ඇගයීම්,නිබන්දන වැනි විකල්පයන් ළමයාගේ දැනුම් මට්ටම මැනීම සඳහා ප්‍රමානවත් නොවන බවට මත පලවිය!

ලංකාවේ විභාග ක්‍රමය අසාර්ථක ඇයි??
උසස් පෙල නැමැති අතිශය සංකීර්න  තරඟකාරී විභාගය දෙසට මොහොතකට යොමු වෙමු!
විද්්‍යා අංශයෙන් උ.පෙල හදාරීම සඳහා අප පාසලේ නම් අවම වශයෙන් විද්්‍යාවට හා ගණිතය සඳහා  Bඑකක් එසේ නැමති නම්  C (පරන ක්‍රමය අනුව) අවශ්‍යව තිබුනි..බොහෝ පාසල්වල C (නව)එකකින් වුවද හැදැරීමට හැක.සාපේක්ෂව බැලු කල්හි මෙය යම් ඉහල ලකුනු අගයකි.ලකුනු වශයෙන් ගත් කල සා.පෙල සඳහා 50%කට වැඩිය ලබාගත යුතුව ඇත..මෙම ලකුනු MCQ වලට කනා ෂොට් වලින් හෝ කොපි කර ලබා ගත හැකි ලකුනු සංඛයාවක් නොවන බව පැහැදිලිය..

අපි දැන් අවසන් ප්‍රතිපල දෙසට යමු..
ලංකාවේ රසායන විද්යාව කරන දෙදෙනෙකුගෙන් අයෙක් ෆේල් ය(50%) .භෞතික විද්්‍යාවේ තත්ත්වය තවත් අසාධ්‍යය වන අතර එහි සමත් ප්‍රතිශතය 40%කටත් අඩු බව දැක්වේ! සාමාන්්‍ය පෙල ඉහලින් සමත් වී එන සිසුන් දෙදෙනෙකුගෙන් එක් අයෙක් විෂයක් අසමත් වේ නම් පැහැදිලි ප්‍රශ්නයක් කොහේ හෝ තිබේ!එය ඔවුන්ගේ දැනුමේ නම් නොවේ!

     අනෙක් ගැටලුව කාල වේලා සම්බඳව තිබෙන අර්බුධයයි!අද මා දකිනා විදිහට ලංකාවේ විභාග තුලින් සැබැවින්ම මනින්නේ ඉක්මනින් වැඩේ හරියට කරනා පුද්ගලයා මිස දැනුමේ මට්ටම නොවේ..ලබාදෙන ප්‍රශ්න පත්‍රය හදන පුද්ගලයාට හෝ අදාල කාලය තුල එය නිම කල හැකිද යන්න සැක සහිතය.සැබැවින්ම මැනිය යුත්තේ දැනුම නම්, කාල සීමා පසෙක දමා පුද්ගලයාට ඇති තරම් කාලය ලබාදිය යුතුය.

     අනෙක් කරුන නම් Z ලකුන පිලිබඳ ඇති අර්බුධයයි..එකෙක් විශ්ව විද්්‍යාල යන විට ලකුනු .001ක් අඩු නිසා අනිකාට යන එන මං නැතිවන්නේ නම් එතනත් පැහැදිලි ගැටලුවක් ඇත.ඔහුට සමාජයේ ‍රැකියාවකට යාමට තරම් පුහුණුවක් හෝ දැනුමක් අප අධ්‍යාපන ක්‍රමයේ කොහේදීවත් ලැබෙන්නේ නැත.එම නිසා දෙවරක් ඇතුලට යාගන්නට බැරිවන 21ක් හැවිරිදි තරුණයා නැවත අර කෝස් මේ කෝස් යැයි පවසමින් ‍රැකියා වෙලඳපොල සඳහා අවැසි දැනුම සොයමින් වයස 24ක් පමන වන තෙක් රස්තියාදු වේ!

     විභාග ක්‍රමය තුල ප්‍රයෝගික පරීක්ශන සඳහා ලබාදෙන්නේද ඉතා අඩු මුලිකත්වයකි.පරිගනකයක් අතින්වත් නො අල්ලා කොලයක පිලිතුරු ලිවීමෙන් IT(තොරතුරු තාක්ෂනය) සමත් විය හැකි එකම රට ලංකාව විය යුතුය!රසායන,භෞතික,ජීව විද්්‍යා සඳහා ප්‍රයොගික පරීක්ශන නොමැතිකමින් වනපොත් කර ගොස් සමත් වෙන පොතේ ගුරාලා බිහිවේ!ගොඩ ඉඳගෙන පීනන හැටි දන්නමුත් වතුරට දැමූ විට ආතල් එක බලා ගත හැක!



විකල්පය කුමක්ද??
      සැබැවින්ම ලොව මීලඟ විශිශ්ඨතම සොයා ගැනීම සඳහා වූ නොබෙල් ත්‍යාගය හෝ ඇතැම් විට මේ සියවසේ සොයා ගැන්වීම වශයෙන් දිනක  විභාගය සඳහාවු විකල්පය ලොව ඉතිහාස ගතවනු ඇත!එය ඒ තරම් අසීරු වනු ඇත.පුද්ගලයෙකුගේ දැනුම මැනීම එසේ මෙසේ දෙයක් නොවේ..දිනක මොලයට කූරක් ගසා මොහු අදාල දේ දන්නවාදැයි සොයා ගත හැකි ක්‍රමයක් පැමිනෙන තෙක් මේ ක්‍රමය භාවිතා කරන්නට සිදු විය හැක..සිදුකල යුතුව ඇත්තේ පවතින තත්වයන්ට අනුකූල වන පරිදි එය යාවත්කාලීන කිරීමයි.

කලහැක්කේ මොනවාද?
     මට වඩා මේ ගැන දන්න උගත් බුද්ධිමත් පිරිසක් මේ සඳහා වැ‍ටුප් ලබමින් සිටිති..මට තේරෙනා මේ දෙයම ඔවුන්ට නොතේරීමට හේතුවක් නොමැත.
අපේක්ෂකයාට ඇතිතරම් කාලය ලබා දීම,ප්‍රයෝගික පරීක්ෂන සඳහා ප්‍රමුඛත්වයක් ලබා දීම,උ.පෙල කොටස් වලින් පැවැත්වීම ( ලන්ඩන්/එඩෙක්සෙල් වල AS Level,A level වශයෙන් කොටස් දෙකකින් පැවැත්වේ)නිබන්ධන පාසල් පාදක ඇගයීම් ඇතුලත් කිරීම මා දකින අයුරින් කල හැකි යාවත්කාලීන කිරීම් වේ!
මා පෙර සටහන් කල පරිදි උගත් පිරිසට මීට වඩා දෙයක් සිතිය හැක.



කොමසාරිස් තුමාට ලියා දන්වන වග නම් !
පමා වී හෝ ඔබ තුමා යතාර්තය තේරුම් ගැනීම පිලිබඳව අපි සතු‍ටු වෙමු!
ඔබට එය තේරුම් යන විට බොහෝ පිරිසක් ක්‍රමයේ වැ‍රැද්දෙන් බැට කා අවසානය..
මේ සියල්ල ඔබගේ වැරදි නොවන බව අපි දනිමු..
එය සමස්ත විභාග ක්‍රමයේ වැ‍රැද්දකි..
නමුත් අපට ඇති ගැටලුව නම් ක්‍රමය වැරදිනම් එය වෙනස් කිරීමට බලයලත් ඔබ තුමා ගත් ක්‍රියාමාර්ග මොනවාද යන්නයි!
කමක් නැත..ඔබ නොදැන සිටියා විය හැක(අපි එලෙස උපකල්පනය කරමු)..
නමුත් දැන් ක්‍රමය වැරදි බව ඔබ හොඳින් දන්නා නිසා
එම ක්‍රමය වෙනස් කිරීමට ඔබතුමා ගන්නා ක්‍රියාමාර්ග මොනවාද යන්න අප බලාපොර්තුවේ නෙත් දල්වා බලා සිටිමු! 

17 comments:

  1. පමා වී හෝ එක් වගකිවයුත්තෙකුට වත් මේ ගැන ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීමට කොන්දක් තිබීම ගැන සතුටු වෙන්න ඕන. ඒ උනත් මේ ගැන කතාකළ යුතු අනෙකුත් වගකිවයුත්තන් තාම නිහඬයි. මේකත් කාලයේ වැලිතලාවෙන් වැසිලා යාවිද?

    ReplyDelete
  2. මහනුවර උසස් බාලිකාවේ දී සිසු සභාව අමතලා මම ඔය විභාග ක්‍රමයේ වැරැද්ද ගැන කිව්වෙ 2008 දී .... කැන්ඩියන් කියනවා වගේ දැන්වත් එක වගකිවයුත්තෙකුට හෝ තත්වය ගැන ප්‍රසිද්ධියේ කීමට කොන්දක් කියන එකත් ලොකු දෙයක්.

    ReplyDelete
  3. අපි නම් ඒ අවාසනාවන්ත විභාග ක්‍රමයට අහු නොවී මෙහෙට පැන ගත්ත....ඇත්තටම මෙහෙ ඉන්න අපිට ඕවා පේන්නෙ දැන් විකාරයක්ම වගේ.....ලංකාවෙ අපේ රටේ ලමයි ගැන මට නම් හරිම දුකයි.......

    ReplyDelete
  4. ඔතනින් එහාට ගියත් රජයේ රැකියාවලට ගන්න විභාගත් ඔය වගේම තමයි

    වේලාව එක්ක කරන සටනක් මිසක් බුද්ධිය එක්ක දැනුම සංකලනයෙන් කරන පිළීතුරු ලිවිමක් නෙමෙයි තියෙන්නේ

    ReplyDelete
  5. මම හිතන්නේ විභාග කොමසාරිස් මගේ රසිකයෙක්ද කොහෙද...? හෙහ්... හෙහ්.. මම මේ ගැන ළිපි කීපයක්ම ලිව්වා. මේවා නම් බයිලා. හෙට අනිද්දා විශ්‍රාම යන කොට මේවා කියලා වැඩක් නෑ. ඔය ගොන් ජෝක් දාන ඇමතියත් එක්ක මේක කරන්න බැරි උනාද මෙයාට. ලංකාවේ අධ්‍යාපනය කෑවේ සුසිල් ප්‍රේමජයන්ත. දැන් එකා කොරන්නේ, අරූ කාපුවා වමාරන එක. කිසිම වැඩක් නැති හාල් පාරුවෝ..

    ReplyDelete
  6. ඉතා වටිනා ලිපියක්. ඉතාමත් වැදගත් විදියට ලියලා තියෙනවා.. ග්‍රේට්

    ReplyDelete
  7. මාතලන් සමග මමත් එකගයි. මුන්ගේ ගොන් ජෝක්. අපේ ලමයින්ගේ අනාගතේ භාරදෙන්නේ මේවගේ පොරවල්වලටද.

    ReplyDelete
  8. මට තියන අවුල ඔය කියපු කාරනා නෙවේ. දැනට තියන විභාග ක්‍රමය උනත් මොකක් හරි ක්‍රමවේදයකට සකස් කරපු එකක්නේ. ඒනිසා ඒගැන ඇති. මං අහන්නෙ විභාග දෙපාර්තමේන්තුව ගැන විභාගයක් ලියන කෙනෙකුට විශ්වාසය තියන්න පුළුවන්ද? හොදම උදාහරණය පරිපාලනසේවා සීමිත තරග විභාගයේ ප්‍රශ්නපත්‍ර කලින් පිටවීම(2010දී), විෂය නිර්දේශයෙන් පිට උසස්පෙළ ප්‍රශ්න සෑදීම,කුණුහර්ප අඩංගු ප්‍රශ්නපත්‍ර....මේවයෙන් කොමසාරිස්ට ගැලවෙන්න පුළුවන්ද?ක්‍රමේ වෙනස් කරන්න කතා කරන උන්නැහේ තමංගෙ රාජකාරිය හරියට කලා නං ඉවරයිනෙ. කොච්චර පොරටෝක් දුන්නත් මෑත ඉතිහාසයේ අකාර්යක්ෂම-අදක්ෂම කොමසාරිස් තමයි දැං ඉන්නෙ.

    ReplyDelete
  9. ඔය ගැන නම් කියල වැඩක් නෑ... වැඩේ තියෙන්නෙ කොමසාරිස්තුමාට ඔච්චර දෙයක් තේරුම් ගන්න පුලුවන් උනා නම් මොනව හරි කරන්න තිබුනනෙ....මෙච්චර කාලයක් මොනවද කලේ...සමහර විට ඔතෙන්ට ගිය වෙලාවෙ ඉඳලා කරන්න තියෙන රාජකාරිය තමුන්ගෙ පුටුව හය්යෙන් අල්ලන් ඉන්න එක විතරක් වෙන්නැති...

    ReplyDelete
  10. මාතලන් කියනවා වගේ පෙන්ෂන් යන්න කිට්ටු වෙලා සත්්යය අවබෝධවීම අද වෙනකොට ට්‍රෙන්ඩ් එකක් වෙලා!අවුරුදු ගානක මිනිස්සු තේරුම් කරන්න උත්සහ කරපුවම ඒවට කම්මලේ ඉන්න බල්ලා වගේ ඉන්න මේ මිනිස්සුන්ට එක රැයින් සත්්යය අවබෝධවන හැටි නම් ඇත්තටම පුදුමයි!

    රාජ් : ඇයි අර උසස්පෙල කෙටි ප්‍රෂ්න පත්‍ර ලකුනු කරන යන්ත්‍රවල ප්‍රශ්නයක් වෙලා සමස්ත අධ්්යාපන ක්‍රමයම ලොකු අවුලකට පත් උනෙත් මොහුගේ කාලෙම තමයි..යුනි සිලෙක්ට් වෙච්ච ලමයින් නැවත එලියට දාන්න හදලා සැබැවින්ම එතනට යා යුතුව තිබූ තව පිරිසක් තව ප්‍රශ්න ගොඩක පටලවලා මෑත ඉතිහාසයේ සිදු වූ ලොකුම අර්බුධයෙන් පස්සෙත් මෙතුමා ගත්තු ක්‍රියාමාර්ගයක් නෑ මෙතුමාට ගත්තු ක්‍රියාමර්ගයකුත් නෑ!

    අරුණි අක්කා : මේ පැත්තට ඔබ පැමිනීමම මට මහත් සතුටක්!බොහොම ස්තුත්යි අදහස් වලට!

    අරුණි අක්කා : මේ පැත්තට ඔබ පැමිනීමම මට මහත් සතුටක්!බොහොම ස්තුත්යි අදහස් වලට!

    ReplyDelete
  11. කැන්ඩ්යන්,චින්චැට්,මහවෙදනා,වැප්,මියුරු බොහොම ස්තුතියි ඔබගේ වටිනා අදහස් වලට හා දිරිගැන්වීම් වලට!

    ReplyDelete
  12. සාබිත්, පොස්ට් කීපයක් මිස් වෙලා, අදත් කියෙව්වෙ නැහැ, කියෝලම කොමෙන්ට් කරන්නං.

    ප.ලි.
    පුළුවන් නං/කැමති නං, ඊමේල් වලින් පාඨකයන්ට අලුත් පෝස්ට් වැටුනම ඉබේම එන විජට් එක ඇඩ් කලොත් ලොකු දෙයක්

    ReplyDelete
  13. ඉස්සෙල්ලම කියන්න ඕනෙ ඔය විභාග කොමසාරිස් කියන්නෙ මහ මෝඩ යකෙක්.ඔය යකා තමයි කිව්වෙ ළමයින්ට සාමාන්‍ය පෙළට උගන්නන සරල ජ්‍යාමිතිය බෑ.ගුරුවරුන්ටත් බෑ.ඒක හින්දා ඒක විශය නිර්දේශෙන් අයින් කරන්න ඕනෙ කියලා.සාමන්‍ය පෙළ ගණිතය කියන්නෙ වර්ථමාන සංකීර්ණ සමාජයේ ජීවත් වෙන්න මනුස්සයෙක්ට ඕනෙ කරන මූලික දැනුමක්.ඔය මිනිස්සු කරන්නෙ අතීසාරෙට අමුඩ ගහනවා මිසක් නිසි ප්‍රතිකර්මයක් කරන එක නෙමෙයි.

    විභාග ක්‍රමය ගැන මටත් පැහැදීමක් නෑ.නමුත් මනුස්සයෙක්ගෙ හැකියාව මනින්න ක්‍රමයක් තිබිය යුතුයි.ඒකෙදි සීමිත කාලයක් ලබා දීම වැරදියි කියන ඔබේ මතය මට පිළිගන්න බෑ.අපිට බොහෝ රැකියාවලදි මුහුන දෙන්න වෙන සීමාකාරී සාධකය තමයි කාලය.යම්කිසි කාර්යයක් නිශ්චිත කාලයකට පෙර නිමා කිරීම තමයි රැකියාවකදි අපෙන් බලාපොරොත්තු වෙන්නෙ.හැකියාවන් මනින කොට සීමිත කාලයක කරන්න පුලුවන්ද කියලා බැලුවෙ නැත්තන් ඒ ක්‍රමය අසාර්ථකයි කියලයි මම හිතන්නෙ.අනික දැණුම කියන දේ මනුස්සයෙක්ගේ මැනලා වැඩක් නෑ.දැණුම අන්තර්ජාලයේ, පොත්වල සහ බොහොමයක් මාධ්‍යවලින් ලබා ගන්න පුළුවන්.අවශ්‍යවෙන්නෙ ක්ෂණිකව තීරණයක් ගැනීම සහ ක්‍රියාත්මක වීම මණින එකයි.

    උසස් පෙළ විද්‍යා විශයන් ගැන කියනවානම් අනිවාර්යයෙන්ම ප්‍රායෝගික දැනුම මෙයිට වඩා මැණෙන ක්‍රමයක් අවශ්‍යයි.භෞතික විද්‍යාවට අවුරුද්දක් පමණ උගන්වන යල් පැනගිය යාන්ත්‍ර විද්‍යාව අඩුකර ඉලෙක්ට්‍රොණික් වැනි නූතන දැනුම ශිෂ්‍යයින්ට ලබා දිය යුතුයි.

    උසස් පෙළ සිංහල වැනි විශයක් සඳහා විභාග ක්‍රමය කොහෙත්ම සෑහෙන්නෙ නෑ.ඒ සඳහා වඩා පුළුල් වූ වඩා වැඩි කාලයක් ලබා දී ඔහුගේ නිර්මාණශීලීත්වය පරීක්ෂා කළ යුතුයි.

    ReplyDelete
  14. ඔබා මාමේ: ඒකනේ!ගොඩක් මිස් වෙලා මං හිතන්නේ!

    දිනුක :ඔව්!ආණ්ඩු වෙනස් වෙනකොට මාරුනොවෙන පැහැදිලි අධ්්යාපන ප්‍රතිපත්තියක් අද යුගයේ අව්ශ්්යතාවක්..
    මගේ අදහසට ප්‍රතිවිරුද්ද උනත් ඔබ මතුකරන්න උත්සහකරන අදහස ඉත්හා වටිනවා..බොහොම ස්තුතියි හරවත් අදහස් වලට!ඔබේ කොමෙන්ටු ගැන මං කතාබස් වැඩසටහනෙත් විශේෂ සඳහන් කිරීමක් කලා!

    ReplyDelete
  15. විභාග දෙපාර්ත මේන්තුව, විභාග කොමසාරිස්, මතක් කරන්න එපා. එදත් එකය්, අදත් එකය්. 60 ගණන් වල අග සහ 71 පාස් වෙච්ච විභාග වල සහතික තාම ගන්න ට්‍රය් කරනව මම.
    මං හිතන් නැහැ මේ ආත්මෙදි ලැබෙය් කියල. අන්තිම වතාවට ඇහුවම කිව්ව, ප්‍රතිපල දැන් පරිඝනක දත්ත වලට ඇතුල් කරලලු, ඒකෙ මගෙ විභාග අංක නැතිලු. ඒ කාලෙ ඉස්කෝල වලට එන්නෙ ඔක්කොම ළමයින්ගෙ ප්‍රතිපල ඇතුලත් ලොකු ශීට් එකක්. ඒක අනුව ප්රින්සිපල්ගේ අස්සනයි සීල් එකය් එක්ක නිකුත් කල කොළ කෑලි තමා මගෙ සහතික.

    සාබිත්, මග හැරුන පෝස්ට් ටික හෙමීට කියවන්නං. ඊමේල් ලිපිනය සබ්මිට් කලා.

    ReplyDelete
  16. ආ ඔබා එහෙනම් ඉස්කොලෙත් ගිහින් තියනවා ආ!! ;)

    ReplyDelete
  17. මට මේක හරිම විහිලුවක් විභාග කියන දේ...
    තඩි සිලබස් එකක තියෙන දේවල් ගොඩක් ඔලුගෙඩියට පුරවෙගෙන ගෙහුං ඔන්න අපි විභාගෙට ලියනව...
    මමනම් හිතන්නෙ මේ තියෙන එකම එක්සෑම් එකකට ෆොකස් කරන ක්‍රමය මාස හයෙන් හයට එක්සෑම්ස් තියෙන මට්ටමට වත් ගෙනාවොත් හොඳයි..උදාහරණ විදියට මේ තියන අතිශය දරුණු ප්‍රශ්ණ පත්‍රත් වලට සමා රවෙලාවට පිලිතුරු පත්තරේ දුන්නත් උත්තර ලියන්න වෙලාව මදි..
    තව දෙයක් තමයි ගණිතය භෞතික විද්‍යාව සහ රසායන විද්‍යාව වගේ ඒවට පොත් තියාගෙන ලියන්න දුන්නත් කමක් නෑ..මොකද පොත් තිබුනත් සමහර ගැටලු වලට උත්තර නැති නිසා..
    සමස්ථ අධ්‍යාපන ක්‍රමයේම දරුණු කඩාවැටීමේ එක්තරා කඩඉමක් පමණයි මේ විභාගය...
    සුද්දන් මේ ක්‍රමය හදල තියෙන්නෙ තමුන්ට අවැසි අතවැසියන් නිපදවන්න පමණයි...හිතලමතල දෙයක් කරන්න ....විවිධාකාරයේ වෘත්තිකයින් රාශියක් බිහිකරන්න,,අලුත් නව දේ හිතන අය බිහිකරන්න අපේ අධ්‍යාපනය ඉඩ දෙනව අඩුයි...
    මුලු උසස්පෙල කාලෙටම අපි තනියම කරන කිසිම දෙයක් නෑ...ව්‍යාපෘති උණත් මහා බොරුවක්...

    ReplyDelete

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...