Monday, November 7, 2011

වැර්ලස් මතකයන්: අක්කගේ ලයිට් හවුස්!



හුගිය සතියේ කතා බස් වැඩසටහනට සහභාගිවුන මං ඒ වෑරලස් එහෙක කතාකරපු තුන් වෙනි වතාව!
පලවෙනිපාර මං ගොඩක් පුංචි කාලේ ජාතික ගුවන් විදුලියේ වැඩසටහනකට දහම් පාසලෙන් එක්ක ගියා ලාවට වගේ මතකයි!හැබැයි ඒ හැටි තේරුමක් තිබුනේ නෑ!
දෙවෙනි පාරට ගියා මං 12 වසරේ ඉන්නකොට මං හිතන්නේ!
එහෙම ගිහින් වෙච්ච රසබර සිද්දියක මතකයන් දිග අරින්න තම දැන් හදන්නේ :)


ඔන්න අපේ ඉස්කොලේට ආවා ලියුමක් ප්‍රසිද්ධ තරුණ ගුවන් විදුලි නාලිකාවකින් වැඩසටහනකට එන්න කියල දෙන්නෙකුට!
ආරාධනයට අනුව වැඩේට යන්න තිබුනේ මටයි සනොජ් කියන මගේ යාලුවටයි..ඔන්න ඉතින් අපිත් ජැන්ඩියට ඇඳල පැලඳල එදා කියපු වෙලාවටත් කලින් ගියා අදාල නාලිකාවට!

ගිහින් බැලුවම අපේ ඉස්කොලේ ලඟ ඉස්කෝලෙක අක්ක කෙනෙක් තමා වැඩේ කරන්නේ!
එයා ඒ ඉස්කොලේ විවාද කණ්ඩායමේ නායිකාව වෙලා ඉඳල තියන නිසාත් මාත් පොඩි කාලේ ඉඳල ඔය වැඩවලට ගිය නිසාත් මේ අක්කව මං සැහෙන්න දුරට දන්නවා..

මේ අක්කව අඳුරන කික් එකට මං ඉතින් මගේ යාලුවටන් අපිව බාරව හිටපු අයියටයි(ශිෂ්‍යය නායක අයියා කෙනෙක්වත් එව්වා අපි එක්ක) පොර ටෝක් දීගෙන ගියා මං මෙයාව දන්නවා අරකද මේකද කියල!
පස්සේ කොහොම හරි අක්ක අපිව මැදිරියට එක්ක ගිහින් (උඩ පින්තූරේ තියනවා වගේ පොඩි මැදිරියක්)වාඩි කරල ටිකක් ඉඳගෙන ඉන්න මං එන්නම් කියනවත් එක්කම කන්නඩියකින් එහා පැත්තේ තියන පටිගත කිරීම් කරන තැනට ආවා ටිකක් තරුණ ඩයල් එකක් !
මෑන්ස්ව පෙන්නලා අක්ක කිව්වා "DJ  XXXX මෙයා තමා අහල තිබ්බට දැකල නැහැනේ බලාගන්න" කියල ගියා!

ගියා විතරයි සනෝජයයි අර අයියයි පටන් ගත්තේ නැතෑ අර අක්කගේ ගුණ වර්ණනාව!
"මොකක්ද යකෝ බොගේ මහ ලොකු අක්ක ඇඳන් ඉන්නේ!නැවුනම ලයිට් හවුස් එක වගේ,මෙහායින් නැව්නම ඇතුලට ඇඳන් ඉන්න එකේ පාට කියන්න පුලුවන් ජාතියත් එක්කම" අරවද මේවද කියල!
(තව හොඳ හොඳ දේ එතන කියවුනා)

ඒ අස්සේ මේ වගේ දේවලුත් කියවෙනවා....
"අඩෝ මේ නාකියටද ද යකෝ DJ XXXX කියන්නේ??"
"බලහංකෝ තට්ටේ!"
"මූට ඇහෙනවද දන්නේ නෑ!"
"හූ හූ!අඩෝ ඇහෙනවද අපිව.. "
"නෑ නෑ බං!ඇහෙනවනම් අපි දිහා බලනවනේ!"

පස්සේ ඔන්න අක්ක ඇවිත් ප්‍රෝග්‍රම් එක කරල අපි යන්න හදනකොට ඉතින් මේ කියපු DJ ටත් අපි අතට අත දීල ,අම්මේ ඔයා ගැන අපි අහල තිබුන විතරනේ!අරකද මේකද කියල පොර ටෝක් දුන්න!
පස්සේ  මූත් හරි මල්ලිලා නියමෙට වැඩේ කලා!අරවද මේවද කියල අන්තිමට..

"ආහ්..මං මේ අක්කට කියන්නම්කෝ ඊගව පාර එද්දි සාරියක් ඇඳන් එන්න කියල! "කියල කිව්වේ නැතැ!

අක්කා අහනවා!
"ආ මොකක්ද ඒ සීන් එක කියල!"

මූ කියනව "ආ ඒක අපේ කතාවක්" කියලා!

හැමෝටම ටොපි බෙදන අපිට කාලෙකට පස්සේ නියම චාටර් එකක් සෙට් උනා!
අක්කගේ සීන් එක පැත්තක දාමුකෝ,කොල්ලො කොල්ලො අතර ඕන දෙයක් කියල!

මෑන්ස්ට තට්ටයා කිය කිය බනිනව ඔක්කොම මෙච්චර වෙලා මෑන්ස් අහන් ඉඳල තියෙන්නේ!
අපි හිතුවෙ මයික් ඔන් කරන්නේ නැතුව වීදුරුව හරහා මුකුත් ඇහෙන්නේ නෑ කියලනේ!! :D :D

9 comments:

  1. හොඳ වැඩේ... කොල්ලොන්ට !

    ReplyDelete
  2. තට්ටයා එළියේ ඉඳලා කියපු දේවල් උඹලට ඇහුනේ නැති වුනාට .... ඌ කාවද මතක් කලේ කියලා හිතා ගන්න පුළුවන්..

    ReplyDelete
  3. වහ කාල කැලේ රිංගන සයිස් එකේ වැඩක්

    ReplyDelete
  4. අෆ්ෆා........! හතර විලි ලැජ්ජාවයි.

    ReplyDelete
  5. මම අහලා තියෙනවා ඔය වගේ ඒත් ටිකක් වෙනස් කතාවක්.කට්ටියක් සුද්දෙක් එක්ක හිනා වෙවී හොඳ කුණුහරපවලින් ඌට කතා කරනවලු ඌට තේරෙන්නැති හින්දා.අන්තිමට සුද්දා කියනවලු "මල්ලි මම අවුරුදු 6ක් ඉඳං ලංකාවෙ ඉන්නෙ" කියලා.

    ReplyDelete
  6. විලිලැජ්ජවෙ...සංතොසේ බෑ..මොනා උනත් තට්ටයා..හොඳ එකෙක් වගේ අක්ක ඉස්සරහ උබලව සාටර් කලේ නැනොවැ...

    ReplyDelete
  7. කට පරිස්සං කර නොගැනීමේ විපාක තමා ඔය. මචං ඒ අක්කා කළුතරද බං?

    ReplyDelete
  8. ස්තුටියි කස්ටියටම!
    හැබැයි මෑන්ස්ට ඕක අලුත් වැඩකුත් නෙවෙයි වෙන්න ඇති!එන හැමෝම ඔය ආතල් එක දෙනවා ඇතිනේ!

    රාජ්: ඕකා අනිවා අපි ගියාට පස්සේ අක්කගේ කනේ තියන්න ඇති ආයේ හෝදන්න දෙයක් නෑ ඒකේ!

    මාලුවා: කවුද බං දන්නේ ඌට ඇහෙනවාකියල!ඔව් බං කලුතර තමා!2004 හරි 2005 A/L වෙන්න ඕන!

    ReplyDelete
  9. අම්මට හුඩු සාබියෝ... තනි අහැට ඇඩෙනව යකෝ...

    ReplyDelete

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...