Wednesday, November 9, 2011

ඇස් ලෙඩ පැතිරීමේ අවදානමක්!!දැනුවත් වෙන්න..


පූර්විකාව: 
මේ දිනවල වයිරසයක් නිසා බෝ වන අක්ෂි රෝගයක් සීඝ්‍රයෙන් පැතිරී යාමේ අවදානමක් ඇති බවත් විශාල පිරිසක් දෛනිකව මේ සඳහා ප්‍රතිකාර ලබා ගැනීමට පැමිනෙන බව ජාතික අක්ෂි රෝහලේ අධ්‍යයක්ෂ වෛද්‍යය S.A.H ලියනගේ මහතා සන්ඩේ ටයිම්ස් පුවත්පතට පවසා තිබුනා!
මේ එම රෝගය ගැන කරන පොඩි විස්තර කිරීමක්! මෙහි සඳහන් බොහෝ කරුනු බොහෝ දෙනා දැනටමත් දන්නා දේවල්!නමුත් කියවීම තුලින් නැවත එම කරුණු මතක් කරදීමයි ලිපියේ අරමුන!!

මොකක්ද මේ ඇස් ලෙඩ???
අපි සරල බසින් ඇස් ලෙඩ කියල හඳුන්වන්නේ අක්ෂි පටලය ඉදිමීම හේතුවෙන් ඇතිවන ඇස් රතු වීමේ තත්ත්වයට!


රෝග කාරක 
  • බැක්ටීරියාවන්
  • වයිරසයන්
  • ආසත්මිකතාවන්
  • ඇතැම් රසායනික ද්‍රව්‍යය
  • ඇතැමි විට සිවි කාච දිගු වේලාවක් පැලඳීම හේතු වෙන්න පුලුවන්.

බැක්ටීරියා හා වයිරස නිසා  ඇතිවන ඇස් ලෙඩ යැයි අප හදුන්වන තත්ත්වයන් පුද්ගලයාගෙන් පුද්ගලයාට බෝ වෙන්න පුලුවන්!
පරිසර වෙනස්කම් සමග(උෂ්ණාධික කාල වැනි)මෙම රෝග තත්ත්වය වසංගතයක් ලෙස පැතිරයාමේ ප්‍රවනතාවයක් දක්නට පුලුවන්!


රෝග ලක්ෂන
  • ඇස් රත් පැහැ ගැන්වීමට අමතරව
  • අධිකව කබ ඇතිවීම
  • ඇස් කැසීම
  • ඇසිපියන් වසා නැවත විවෘත කිරීමට අපහසු ගතියක් ඇතිවීම
  • ඇස් වල වේදනාව
  • අධිකව කඳුලු ගැලීම
  • පෙනීමේ අපහසුතා දක්වන්න පුලුවන්.

වලක්වාගන්නේ කොහොමද?
     බැක්ටීරියා වයිරස වලින් ව්‍යාප්ත වන නිසා අපට වලක්වන්න කියලා ගොඩක් දේ කරන්න අමාරුයි.
ඒත් අපිට හැදුනට පස්සේ ඒක තව කෙනෙක්ට බෝ නොකරන්න නම් ගොඩක් දේවල් කරන්න පුලුවන්..අපි සමහර වෙලාවට දකිනවා බෝවෙන රෝග තියාගෙන මිනිස්සු කිසි ගානක් නැතුව බස්/කොච්චිවල යනවා..ඇතැම් අම්මලා ළමයින්ව ඉස්කෝලෙ යවනවා..ඇත්තටම ආත්මාර්ථකාමීත්වයෙන් ඔබ්බට ගිහින් අනිත් මිනිස්සු ගැන හිතල ඒවගේ ලෙඩක් හැදුනම ගෙදරට වෙලා ඉන්න එක තමා කරන්න පුලුවන් හොඳම දේ!
  • ඊට අමතරව
  • කොට්ට උර නිතර වෙනස් කිරීම
  • ආසාදිත  පුද්ගලයන්ගේ තුවා,ලේන්සු ආදිය පාවිච්චි කිරීමෙන් වැලකීම
  • ආසදිත නම් නිතරම අත් සේදීම තුලින් අනෙත් ඇසට බෝ වෙන අවදානම අඩු කරගන්න පුලුවන්.
  • ඒ වගෙම ආසාදිත පුද්ගලයන්ගෙන් ඈත් වී සිටීමත් වැදගත්!


ප්‍රතිකාර
     ගොඩක් වේලාවට දවස් තුනක් විතර යද්දි අඩුවෙලා යනවා ප්‍රතිකාර නැතුව උනත්!ඒත් ගොඩක් අපහසුයි වගේ නම් වෛද්්‍යවරයෙක් ගාවට යන එක වඩා සුදුසුයි..අවධාරනය කරල කියන්න ඕන දෙයක් තියනවා..ගොඩබෙහෙත් අත් බෙහෙත් නම් කරන්න තියා හිතන්න වත් එපා!ඇස කියන්නේ බොහෝ සංවේදී ඉන්ද්‍රීයක්!ගොඩක් අය අත් බෙහෙත් කරන්න ගිහින් සදහටම ඇස් අන්ධ කරගන්නවා..ඒ නිසා අත් බෙහෙත් ඇස් වලට නම් එපා!

12 comments:

  1. වැදගත් ලිපියක් :) දැනුවත් කරාටට ස්තුතියි....

    ReplyDelete
  2. ම​ගෙත් යාළුවෝ කීප දෙනෙක්ම මේ දවස්වල ඇස් ලෙඩ වලින් හෙම්බත් වෙලා ඉන්නේ....

    ReplyDelete
  3. නුඹ මගේ නෙත් දෙක වගේ කීවේ ඇස් ලෙඩ හැදුන කෙනෙක් නෙමෙයි නේද?

    ඇස් දෙක ලෙඩ වුනොත් ඔක්කම ඉවරයි. ස්තූතියි දැනුවත් කිරීමට සබීත්.

    ReplyDelete
  4. me gana danuwath kirima godath wadagath sthuthii

    ReplyDelete
  5. මචො මේදවස්වල කොළඹට කැකිරි..මොකැ උනසන්නිපාතේ දරුනුවටම පැතිරිලා..ඉතින් කොරෙපිටට මරේ වගේ ඔං ඇස්ලෙඩත්...

    ReplyDelete
  6. දැනුවත් කලාට ස්තුතියි යාළුවා..

    ReplyDelete
  7. බංගලි දේශේ ඇස් ලෙඩ නෑ නේද? බයෙන් කියෙව්වෙ පෝස්ට් එක බෝ වුනොත් හෙම කියල.

    මේ පැත්තේ නං කාලෙකින් දැක්කේ නෑ ඇස් ලෙඩේ , ඒ වුනත් දැනුවත් කිරීම ගැන ස්තුත්යි.

    ReplyDelete
  8. මේ පැත්තෙත් (රත්නපුර) පැතිරීගෙන යනවා..

    ReplyDelete
  9. හෆ්ෆේ ඇස් ලෙඩ..!
    බලන්නවත් බැරි ලෙඩේ...
    ස්තූති දැනුවත් කිරීමට.....
    සබිත් මෙඩිකල් ස්‍ටුඩන්ට් කෙනෙක්ද?

    ReplyDelete
  10. ස්තුතියි කස්ටියගෙම අදහස්වලට!
    ඔබා මාමා: මේ පැත්තේ තියන ලෙඩ ලොවෙත් නෑ ලොවි ගහෙත් නෑ..හික්ස්!
    ගලයා: ඔව් මචෝ!ඒ වගේ තමා :)

    ReplyDelete
  11. ඇස් ලෙඩ හැදුනු අයගෙ ඇස් දිහා බලන්නත් බැහැනෙ... අපේ ඇස්වලටත් කඳුලු එනවා... මහ එපා කරපු ලෙඩක්... පොඩි කාලෙ සැරයක් මටත් හැදිල තියෙනවා... මෙහේ නම් ඉතින් ඔහොම ලෙඩක් තියාගෙන ඉස්කෝලෙ ගියොත් හැරෙන තැපෑලෙන් ආපහු ගෙදර... මුලු ඉස්කෝලෙම ළමයින්ව දැනුවත් කරලා නෝටිස් එකක් ගෙදරට එවනවා, මෙහෙම කෙනෙක් ඉස්කෝලෙ හිටිය බවත්, රෝග ලක්ෂණ ටිකත්, පරෙස්සම් වෙන හැටිත්, හැදුනොත් ගන්න ඕන ක්‍රියාමාර්ග ටිකත් කියලා...

    ReplyDelete
  12. අනිවාර්යයෙන්ම ඇස්ලෙඩ තියෙන කෙනෙක් ළඟ ඉඳලා ආවම තමන්ගෙ ඇස් අල්ලන එක තමයි නොකළ යුතුම දේ.අනික තමයි තමන්ගෙ අත් හොඳට හෝදනවානං අනුංගෙන් උනත් බෝවෙන එක සෑහෙන්න අඩුයි.

    ReplyDelete

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...