Monday, November 14, 2011

ලෝක දියවැඩියා නිවාරන දිනය වෙනුවෙන් -කියවන්න..දැනුවත්වන්න...


අදට යෙදී තිබෙන ලෝක දියවැඩියා නිවාරන දිනය වෙනුවෙන් මා සිංහල බ්ලොග් ලිවීම ආරම්භ කල අවදියේ ලියූ (වැඩි පිරිසක් අතින් නොකියවුනු)මේ සටහන නැවත පලකරන්නට සිතුනා..
කියවන්න..දැනුවත්වන්න...


මොකක්ද මේ දියවැඩියාව????

වචනයෙ පරිසමාප්ත අර්තය සැලකුවිට අපට දල අවබෝධයක් ලබාගන්න පුලුවන්.
ඒ "වැඩියෙන් ජලය යාම" එනම් මුත්‍රා යාම.

දියවැඩියාව ප්‍රදාන ආකාර 2ක් තියනවා!
1. සිරුරේ ADH හොර්මොනය අඩුවෙන් ස්‍රාවය වීම/සම්පුර්නයෙන්ම ස්‍රාවය නොවීම නිස ඇතිවන දියවැඩියාව (Diabetes Insipidus)

2. ඉන්සියුලින් ස්‍රාවය නොවීම/අඩුවෙන් ස්‍රාවය වීම නිස ඇතිවන දියවැඩියාව(Diabetes Mellitus)
අප එදිනෙදා දියවැඩියාව (සීනි)ලෙස හදූන්වනු ලබන්නේ ඉහත කි ඉන්සියුලින් නිසා ඇතිවන දියවැඩියාව තත්වයයි.

ඉන්සියුලින් ස්‍රාවය නොවීම/අඩුවෙන් ස්‍රාවය වීම නිසා ඇතිවන දියවැඩියාව(Diabetes Mellitus)

අප කතා කරන්න බලාපොර්තු වන මෙ දියවැඩියා තත්වය වෛද්‍ය විද්්‍යනූකූලව වර්ග 2කට බෙදෙනවා.

1.Type 1: මෙය ඉන්සියුලින් නිෂ්පාදනය නොවීම නිස ඇතිවෙනවා(අග්නි්‍යාෂයේ ලැන්ගර්හෑන් දීපිකා වලින්)
2.Type 2:මෙය ඉන්සියුලින් වලට සෛල දක්වන සංවේදීතාව අඩු වීම නිසා ඇති වෙනවා



1.Type 1
මෙය බොහෝ විට උපතේ පටන් පැවත එන්නක් විය හැකි.මෙහිදී ඉන්සියුලින් නිපදවීම සිදුවන්නෙ නැහැ.
මාරාන්තික ලෙස සලකන්න පුලුවන්.මොවුන්ට කුඩා කල පටන් ඉන්සියුලින් කෘතිමව ලබාදිය යුතු අතර රුධිරයේ ග්ලුකෝස් සාන්ද්‍රනය පිලිබදව නිතරම සෙවිල්ලෙන් සිටිය යුතු වෙනව.



2.Type 2
මෙය සාමාන්යෙන් මැදිවිය එලැඹීමත් සමග ඇතිවන තත්ත්වයක්.පවුල් පසුබිම මෙන්ම ජීවන රටාවත් මෙම රෝගය සදහා බලපානවා.
අප බොහෝ දෙනෙක් අතර දක්නට ලැබෙන්නෙ මෙම තත්ත්වයයි.මෙය ඉහත කී ආකාරයෙන්ම මෙය ඉන්සියුලින් වලට සෛල දක්වන සංවේදීතාව අඩු වීම නිසා ඇති වෙනවා.
දිනපතා ප්‍රතිකාර ගැනීම මගින් හා ආහාර පාලනය මගින් මෙම තත්ත්වය පාලනය කරගන්න පුලුවන්.නමුත් සුවකල නොහැක්කක් ලෙස සලකන්න පුලුවන්.



දියවැඩියාවේ රෝග ලක්ෂණ මොනවද??
ඔබ පහත සදහන් තත්ත්වයන් අත්දකිනවා නම් එය දියවැඩියා රෝගය නිසා වියහැකි.


  • නිතර නිතර මුත්‍රා පිට වීම
  • අඨික පිපාසය
  • රාත්‍රිය කාලයේදී නිතර නිතර මුත්‍රා පිට වීම
  • අසාමාන්්‍ය ලෙස මහන්සි ගතියක් දැනීම
  • අසාමාන්්‍ය ලෙස බර අඩු වීම(කෙට්‍ටු වීම)
  • දෑස් පෙනීමේ දුර්වලතා




මේ ලක්ෂන එකක් හො කිහිපයක් ඔබ අත් දකිනවානම්,අත්විදිනවානම් ඔබ මැදිවයසෙ හෝ ඔබේ පවුලෙ දියවැඩියා තත්වය තියනවා නම් රුඨිර පරීක්ෂනයක් කර ගැනීම නුවණට හුරුයි.





දියවැඩියාව ඇතිවග තහවුරු කරගන්නේ කොහොමද?


එය සරල රුඨිර පරීක්ෂවකින් කරගන්න පුලුවන්.
ඔයාලා දන්නවා ඇති Glucometerඑක. එමගින් කෙරෙන්නේ රුඨිරයේ ග්ලුකෝස් සාන්ද්‍රනය මනින එක.(lab එකකින් බලාගන්න එක වඩා යොග්්‍යයි.)
අපි කිසිම සූදානමකින් තොරව අහම්බෙන් රුඨිරයේ ග්ලුකෝස් සාන්ද්‍රනය මැන බැලුවිට එය 200mg/dl (11.1 mmol/l)නම් හෝ ඊට වැඩි නම් එය දියවැඩියා තත්ත්වය
ඇති බව දක්වනවා.නමුත් දියවැඩියාව තහවුරු කර ගැනීමට පහත සදහන් පරීක්ෂනය සිදුකරනවා.



OGTT(Oral Glucose Tolerance Test)

දින 3ක් පමන රොගියාට තම සුපුරුදු ආහාර පාන අනුභව කරන්නට සලස්වන අතර දින 3 අවසානයෙදී රොගියාට කිසිම ආහාරයක් නොගෙන(තේ වත් නොගෙන)
පැය 8ක් 10ක් පමන රාත්‍රියේ සිට නිරාහාරව සිට පසුදා පැමිනෙන ලෙස දන්වනවා.
රොගියා පැමිනි පසු ඔහුගෙන් රුඨිර සාඅම්පලයක් ලබාගෙන පසුව,
ඔහුට ග්ලුකෝස් ග්‍රෑම් 75ක් වතුර 250ml පමන දියකර බොන්න සලස්වා පැය 2කට පසු නැවත රුඨිර සාම්පලයක් ලබා ගන්නවා(ඇතම් විට ආවස්ථා 2දීම මුත්‍රා සාම්පල්ද ලබා ගන්නවා.)



සාමාන්්‍ය නිරාහර රුඨිර ග්ලුකොස් සාන්ද්‍රනය 3.9-6.1 mmol/l
දියවැඩියා තත්ත්වයෙදි එය 7mmol/l දක්වා හො ඊට වඩා වෙවැඩි වෙනවා

2HAG(එනම් ග්ලුකොස් දීමෙන් පසු) සාමාන්ය රුඨිර ග්ලුකොස් සාන්ද්‍රනය 4.4-7.8mmol/l
දියවැඩියා තත්ත්වයෙදි එය 11.1mmol/l හෝ ඊට වඩා වැඩි වනවා.මෙමගින් දියවැඩියා තත්ත්වය හදුනාගන්න පුලුවන්.......

දියවැඩියාව silent killer කෙනෙක් .එම නිසා අවබෝධයෙන් හා අවදානයෙන් සිටීම වැදගත්..මෙම ලිපියෙන් දියවැඩියාව පිලිබදව හා එය හදුනා ගන්නා ආකාරය පිලිබද දල අවබෝදයක් ලැබෙන්න ඇතැයි සිතනවා

17 comments:

  1. සෑහෙන හොඳ මතක් කිරීමක් සබිත් !

    ReplyDelete
  2. අපිත් සමහර වෙලාවට කෑමෙන් පරිස්සම් වෙන්නේ නෑනේ.. ස්තූතියි යාළුවා මතක් කිරීමට..

    ReplyDelete
  3. හරිම වැදගත් ලිපියක් සාබිත්....
    මම අහල තියෙනවා ඔය Type 2 තියෙන අයට දවසකට විනාඩි 30ක්වත් ඇවිදිනවා වගේ ටිකක් ඇඟට දැනෙන ව්‍යායාමයක් කළාම ඉන්සියුලින් නිපදවෙන සෛල stimulate කරන්න පුළුවන් කියල වැඩිපුර ඉන්සියුලින් ස්‍රාවය කරන්න.... ඒක ඇත්තක්ද...? ඒත් එක්කම හොඳට ආහාර පාලනය කළොත් සම්පූර්ණයෙන්ම බෙහෙත් නොගෙන (නමුත් ඒ ගැන විමසිල්ලෙන් ) ජීවත් වෙන්නත් පුළුවන් වෙනව කියල අහල තියෙනව.... පොඩ්ඩක් පහදල දෙනවද?
    අනිත් එක තමයි මේ අසනීපයට මානසික ආතතිය කියන එකත් බලපානවද....? මං මේව ඇහුවෙ කිසිම family history එකක් නැතිව මගේ හොඳම යාළුවෙකුට අහම්බෙන් diabetes තියෙන බව් සොයාගත්ත නිසයි....
    මගෙත් family history එකක් නම් නැහැ... ඒත් මගෙත් කෑම පාලනයකුත්, එක දිගට ව්‍යායාම කිරීමකුත් නැහැ..... ඒ නිසා මමත් දැන් බයවෙලා...

    ReplyDelete
  4. හොඳ ලිපියක් සබිත් . මා නම් බොහෝ අඩුවෙන්ම සීනි පාරිභෝජනය කරන කෙනෙක් . දෙමාපියන්ටත් මේ ලෙඩේනම් නෑ . ඒත් කෝකටත් පරිස්සම් වෙනව ... කුඩා ලමයින්ටත් දැන් දියවැඩියාව තියනවනෙ .

    ReplyDelete
  5. සැවොම කියවිය යුතු ඉතාමත් වැදගත් ලිපියක්.

    ReplyDelete
  6. හොඳ ලිපියක් මචො..නමුත් පැනිරස වලට මාත් කෑදරයි බං..හික්

    ReplyDelete
  7. වැදගත් කරුණු ටිකක්...ඉස්සරනම් කිව්වේ දියවැඩියාව පරම්පරාවෙන් වෙන් එකක් කියලා..ඒත් ඒ මතය වැරදි කරලා දැන් පරම්පරාවේන් නැතත් දියවැඩියාව වැලඳෙනවා කියලා හොයාගෙන තියෙනවා...

    සීනි වැඩිපුර ගත්තත් නැතත් කෑම තුලින් ග්ලූකෝස් ශරීරයට එකතු වීම තුලින් සහ නිසි ව්‍යායාම නැති කමිනුත් දියවැඩියා රෝග තත්වයන් ඇතිවෙන්න පුළුවන්ලු...විශේෂයෙන්ම අධික තරබාරු අය දිය වැඩියා තත්වයන්ට මූණ දෙන්නෙ ඒ නිසා වෙන්න ඇති...

    ReplyDelete
  8. A well timed post... everyone should be aware of the "potential" of developing diabetes. As one commentator has asked, family history isn't the only risk factor... being Asian (Sri Lankan) gives us an added risk, and with the high stress levels associated with jobs, especially in the private sector, more and more young Sri Lankans (under 30 years) are being diagnosed.

    Yes, approx. 30 minutes of moderate exercise can stimulate the pancreatic cells. Exercise helps also because at that time, muscle can use glucose even without insulin, and this brings down blood sugar.

    Stay healthy everyone!

    ReplyDelete
  9. හැමෝටම ස්තුතියි වටිනා අදහස් වලට!
    ගොඩක් අයගේ ප්‍රශ්න වලට ඒන්ජල් ගේ කොමෙන්ටුවෙන් උත්තර ලැබෙන්න ඇති කියල හිතෙනවා,,,ස්තුතියි දිල්ටත්!

    මියුරු :ලෙඩ හැදෙන්න කලින් බය වෙවී හිටියොත් දැන් සතුටින් ඉන්න වෙන්නෙත් නෑ ලෙඩ හැදුනට පස්සේ සතුටින් ඉන්න වෙන්නෙත් නෑ! ඒ නිසා කරන්න තියන හොඳම දේ ලෙඩ නැති කාලෙ හොඳට පැණිරස කාලා ජොලියේ ඉන්න ගමන් ලෙඩ හැදෙන්නේ නැතිවෙන්න එක්සයිස් එහෙම කරල පරිස්සම් වෙන එක!

    Angel :thank you very much!you made my work easier by answrng to da coments! :)
    u r cmnts indicates dat ur into smthng related to medical science..r u ??

    ReplyDelete
  10. ඉස්සර බටහිර වෛද්‍යවරු දියවැඩියාව තියෙනවද බැලුවෙ ලෙඩාගෙ මුත්‍ර බීලා බලලා පැණි රසද කියලා බලලලු.ආයුර්වේද ඇත්තො උන්ට වඩා මොළේ ඇති වැඩක් කළාලු.ලෙඩාට කූඹි ගුලක් ගාවට මුත්‍රා කරන්න කියලා ඒකට කූඹි එනවද බැලුවලු.ඔන්න මොළේ.

    ReplyDelete
  11. ඉතාම වැදගත් කාලීන ලිපියක් කියල සඳහන් කරන්න ඕනෙ. ස්තුතියි සාබිත්.

    ReplyDelete
  12. මෙහෙම දෙයක් ලියපු එක හොදයි සාබියා

    ReplyDelete
  13. නියමයි මචෝ...

    ReplyDelete
  14. ඉතා වැදගත් කාලීන ලිපියක්..
    මේ කාලයේ අහන බලන කෙනෙක් ඇත්නම් දියවැඩියාව
    සමහරු හිතාගෙන ඉන්නව ඕක පෝසතුගේ ලෙඩක් කියලත්...
    මෝඩ මිනිස්සු!

    ReplyDelete

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...