Sunday, January 29, 2012

දක්ෂයා සහ සුදුස්සා...ඔබේ තේරීම?


කථාව :
     මං ගියේ කතෝලික පාසලකට..ඒ දවස් වල මගේ ඉස්කෝලෙ ශිෂ්‍ය නායක සංගමය සාමාන්‍යයෙන් ගුරු සංගමේට වඩා බලවත් වෙලා හිටපු කාලයක්..ගුරු සංගමේට වැඩිය සල්ලිත් තිබුනද මංදා බැංකු පොතේ!ශිෂ්‍ය නායක කාමරයේ ඔය හැම ඉස්කෝලෙකම තියන කැරම් බෝඩ් එකට අමතරව අපේ කාලයේ ටීවී එකක් ටික දවසකට CDMA ටැලිපෝන් එකක් එහෙමත් තිබ්බා..කොටින්ම සාමාන්‍ය ගුරුවරයෙකුට නැති තැනක් පාසලේ ප්‍රධාන ශිෂ්‍ය නායකයට තිබුනා.
කතාවට ආයෙ ප්‍රවිශ්ඨ වෙමු!
     ඔය ප්‍රධාන ශිෂ්‍ය නායකයා තෝරන්නේ අනෙකුත් ශිෂ්‍ය නායකයන්ගේ හා ගුරුවරුන්ගේ ඡන්දයෙන්.හැබැයි අවසන් තීරණය තිබුනේ විදුහල්පති තුමාගේ අතේ!(නිෂේධ බලය) හැබැයි අපේ කණ්ඩායමේ හා ඉවත්ව යාමට නියමිත ජේෂ්ඨ කණ්ඩායමේ කැමැත්ත ගැන වැඩිපුර අවධානයක් එතුමා යොමු කරනවා..
අපි අපි අතර තරඟයක් නැතත් අවසානයේ නිර්දේශිත නම් 4ක් තිබුනා තනතුරු තුන සඳහා(ප්‍රධාන හා උප ප්‍රධාන දෙදෙනෙක්)එතනින් එක්කෙනෙක් බෞද්ධ,දෙන්නෙක් කතෝලික,එක්කෙනෙක් මුස්ලිම්.

     අපේ කණ්ඩායමේ බහුතර කැමැත්ත සහ හැමෝම හිතන් හිටියේ මුස්ලිම් සහෝදරයාට ප්‍රධාන තනතුර හම්බ වෙයි කියලා!ජේෂ්ඨ කණ්ඩායමේ කැමැත්ත තිබුනේ බෞද්ධ සහෝදරයට!බහුතරයකගේ මනාප ලැයිස්තුව හැදිලා තිබුනේ  
  1. මුස්ලිම් සහෝදරය 
  2. බෞද්ධ සහෝදරයා 
  3. කතෝලික සහෝදරයින් දෙදෙනාගෙන් අයෙක්
     අවසානයේ ප්‍රධාන තනතුර බෞද්ධ සහෝදරයට හම්බ උනා! කතෝලික පාසලක පල්ලිය හා සම්බන්ධ වැඩ කටයුතු රාශියක් තියෙන නිසා ඉතුරු තනතුරු සඳහා අන්‍යාගමිකයෙක් පත් කිරීමේ අවදානම ගන්න විදුහල්පති සහෝදරතුමා අකමැති උනා. අවසානයේ ගොඩක් අය දක්ෂ යැයි සලකපු පුද්ගලයාට එකම තනතුරක් වත් හම්බ උනේ නැත්තේ හැමෝවම පුදුමයට පත් කරමින්!

මේ තීරණය ගැන ඒ දවස් වල එතරම් අවබෝධයක් නොතිබුනාට පාසලෙන් එලියට ආවට පස්සේ අපිටත් තේරෙන්න ගත්තා ඒ තීරනේ නිවැරදි කියලා...
අපි අනන්ත අත්දැකලා තියනවා දක්ෂ පුද්ගලයා හැමවිටම සුදුසු පුද්ගලයා නෙවෙයි කියලා!
මේ පිලිබඳව මීටත් වඩා හොඳ අත්දැකීම් ඔබට ඇති!

     කෙනෙක් දැනුම අතින් ගොඩක් සන්නද්ධ වෙන්න පුලුවන්..ඔහු ඒ විෂයේ දක්ෂයා වෙන්නත් පුලුවන්.
නමුත් සාමුහිකව වැඩ කිරීමේදි,පුද්ගලයින් හසුරුවන්න/අන්තර් සන්නිවේදනයේ(Inter communication) දුර්වලතා පෙන්නුම් කරන්න පුලුවන්!

     ඔහුගේ කණ්ඩායමේම තවත් කෙනෙක් ඔහු තරම්ම දක්ෂ නූනත්/දැනුම්වත් නොවුනත් කණ්ඩායමේ පුද්ගලයින් මනාව කළමණාකරනය කිරීමේ හැකියාව ඔහුට තියෙන්න පුලුවන්! මා නම් දකින විදිහට ඔහු තමයි සුදුස්සා!දක්ෂයා ගේ හැඟීම්,විශ්වාස ආකල්ප ආයතනයේ අරමුණූ එක්ක යා වෙන්නෙ නැත්නම් මං දකින විදිහට ඔහු කෙතරම් දක්ෂ උනත් ඔහු ගැලපෙන්නේ නෑ!

අනික නායකත්වය කියන දේ කෙනෙක් ගේ සිරුර තුලින්ම එන දෙයක් මිසක් එය කාවද්දන්න බෑ!(Inborn Quality)ලෝකයේ ක්‍රිකට් කණ්ඩායම් උනත් අරන් බලන්න!සචින් දක්ෂයා උනාට ඔහු නායකතවයේදි අසාර්ථක උනේ ඇයි?ඩිල්ෂාන්ට මෙහෙම උනේ ඇයි?ඒ අය අවිවාදයෙන්ම දක්ෂයෝ!
වර්තමානයේ රැකියා සඳහා සම්මුඛ පරීක්ෂන වලට ගියාමත් සූක්ෂම ප්‍රශ්ණ වලින් ඔවුන් මනින්න උත්සහ කරන්නේ පුද්ගලයාගේ හැකියාව මිසක් දක්ෂතාව නෙවෙයි!

ඔබ මොකද කියන්නේ??

ඔබේ තේරීම සුදුස්සාද? දක්ෂයාද?

සුදුස්සා නිතරම දක්ෂයා විය යුතුද?
දක්ෂයා නිතරම සුදුසුයි ද?




27 comments:

  1. මමත් ඔය පට්ටමට එකම එක පාරක් ඉල්ලුවා.... සුදුස්සාට සුදුසු තැනම හම්බුණා..... මම කැපුණා....

    ReplyDelete
  2. ඔබ මතු කරන අදහස හා එකඟයි එත ඔබ අල්ල ගත්ත වචන දෙක එතරම් සාධාරණ නැ කියලි මට හිතෙන්නේ, දක්ෂයා හ සුදුස්සා වෙනුවට වැඩ කරන්න දක්ෂයා හා වැඩ කරවන්න දක්ෂයා කියලයි මගේ අදහස, මගේ අත්දැකීම නම ගොඩක් වැඩ කරන්න දක්ෂ අය වැඩ කරවන්න ගියාම ෆේල් වෙනවා අනෙක් පැත්තත් එහෙමයි, කලාතුරකින් තමයි ඉන්නේ ඔය දෙකටම දක්ෂ අය

    ReplyDelete
  3. සුදුස්සා හා දක්ෂයා අතරේ ගොඩක් වෙලාවට වෙනස් කම් තියෙනවා.. නායකයෝ ඇති කල නොහැකියි කියලා කතාවක් තියෙනවනේ..

    ReplyDelete
  4. D.B. විජේතුංග අගමැති / ජනාධිපති ධුර වලට පත් වුනේත් දක්ෂ කම නිසා නොව සුදුස්සෙක් ලෙස ඉහලින් හඳුනා ගැනීම නිසා.දක්ෂ කම් අල්ප ලෙස පෙන්වූ චන්ද්‍රිකා මුල් කාලයේදී සුදුස්සෙක් ලෙස බොහෝ දෙනා හිතන්නට ඇති. දක්ෂකම් , සුදුසුකම් දෙකම පෙන්වූ මහින්ද දැන් දක්ෂතා හා සුදුසුකම් දෙකටම නොගැලපෙන ගමනක් යන බවක්ද පෙනේ.. මේක පෙරදිග ලෝකයේ අමුතු ඇටය (J. R. එහෙම කිව්වාලු) නිසා අපි මෙව්වා දකිනවා වැඩි වෙන්න ඇති.

    ReplyDelete
  5. මුස්ලිම් සහෝදරයා ඔයාද?

    ReplyDelete
  6. ක්‍රිකට් කන්ඩායමට ආදේශ කලද අන් දෙයකදී කිකිලිද බිත්තරේද කියන ප්‍රශ්නේ මටත් එනවා...

    ReplyDelete
  7. අනිවාර්යෙන්ම මචං....සුදුසු පුද්ගලයා තෝරාගන්න ඕනේ...පිළිගැනීම තිබ්බට මදි.....

    ReplyDelete
  8. මමත් හිතන්නේ සුදුස්සා තමා ගැලපෙන්නේ....

    ReplyDelete
  9. සුදුස්සාට සුදුසු තැන ලැබිය යුතුයි!!!

    ReplyDelete
  10. නායකත්වයනම් ඉතින් හැමෝටම බැරි බව ප්‍රකට කාරනයක්නේ.. සසිඳු කිව්ව වගේ මේ වචන දෙකේ පොඩි පටලැවිල්ලක් තියනවා..

    ReplyDelete
  11. දක්ෂය හා සුදුස්සා වචන දෙකම එක වගේ වුනාට ලොකු වෙනසක් තියෙනවා.හැබැයි තමන් සුදුස්සෙක් කියන්න පුළුවන් විදියට හැසිරෙන පුළුවන් දක්ෂයොත් ඉන්නවා එත් ඔහු ඒ තනතුරට සුදුස්සෙක් නෙවෙයි.

    ReplyDelete
  12. නායකත්වය ඉතින් කෙනෙකුට එකපාරම දරාගන්නත් අමාරුයි . ඉතින් නායකත්වය වගේ දෙයක් කෙනෙකුට බලෙන් පැටවීමත් නරකයි

    ඒක නිකම් පීනන්න පුරුදු වෙමින් ඉන්න කෙනෙක් මූද මැද්දට තනියම දාලා ආවා වගෙයි ..

    කවුද සුදුස්සා කියලා හොයනෙ එක තමා අමාරු ..

    මම නම් කවදාකවත් නායකයෙක් වෙන්ඩ උත්සහ කරලා නෑ අඩුමගානේ පන්ති නායකයෙක්වත් ..

    ReplyDelete
  13. මටත් වචන දෙක ටිකක් අවුල්..

    දක්ෂතාවයක් නැතුව කොහොමද මොන දේකටවත් සුදුස්සෙක් වෙන්නේ?
    පුළුවන්නම් මට ඒක ටිකක් පැහැදිලි කරන්න මල්ලී..

    ප.ලි- කී පාරක් කියෙව්වත් මට මේක ලිහාගන්න ගියාම මාර ප්‍රශ්නනේ එන්නේ..

    ReplyDelete
  14. මම ඉස්කෝලේ ගිය අවුරුදු ගානටම පන්ති නායකයෙක්වත් වෙලා ඉඳලා තියෙන්නේ මාස 3යි. මම හරියන්නේ නෑ කියලා පංතිබාර මිස් මාව නායක කමින් අයින් කළා :D

    ReplyDelete
  15. සුදුස්සාට සුදුසු තැන තමා හිමි වෙන්න ඕනේ....කව්ද සුදුස්සා කියලා බලන්න ඒ ඒ අයගේ දක්ෂකම බලපානවා මං හිතන්නේ.....

    ReplyDelete
  16. මටත් හිතෙන්නෙ ඒ ඒ විශය සම්බන්ධයෙන් දක්ශයා තමයි ඒකට සුදුස්සා.....

    ReplyDelete
  17. දක්ෂයා සුදුස්සා බවට පත්වෙනවා නම් , එමෙන්ම සුදුස්සා දක්ෂයෙක් බවට පත්වෙනවා නම් එතනයි ජය ....

    ReplyDelete
  18. සුදුස්සාත් දක්ෂයෙක් විය යුතුයි.......

    ReplyDelete
  19. උත්තරේ කතාවෙම තියෙනවා මචං

    /දක්ෂ පුද්ගලයා හැමවිටම සුදුසු පුද්ගලයා නෙවෙයි කියලා!/

    ReplyDelete
  20. මම නම් හිතන්නේ මේ දෙකම වැදගත් කියලා. වඩා සුදුසු දක්ෂයත් නෙමේ. කවුරුත් සුදුසුයි කියලා සිතන පුද්ගලයත් නෙමේ. මේ වගේ දේකදි බලන්න ඕනෙ මේ කරුනු දෙකම එකට යන්නේ කා එක්කද කියලා. අන්න ඔහු තමයි වඩාත්ම සුදුසු. එතැනදි ඔහුට වඩා දක්ෂයින් ඉන්න පුළුවන්. ඒ වගේම ඔහුට වඩා සුදුසු නමුත් දක්ෂ නැති අයත් ඉන්න පුළුවන්. හැබැයි ජාතිවාදීව නම් මම හිතන්නේ නොබැලිය යුතුයි. මම නම් ඔය ජාතිකත්වයන් සදහා වෙනම පාසැල් තිබීම අනුමත නොකරමි.

    ReplyDelete
  21. සුදුසු කෙනා දක්ෂ නම් වැඩේ ගොඩ..ක්‍රිකට් ටිම් එකම ඕනේ නම් උදාහරණයට ගන්න පුළුවන් නේ..

    ReplyDelete
  22. ඔන්න...ඔන්න...සාබිත් මොළේ කොලොප්පන් වෙන ප්‍රශ්න අහන්න පටන් ගත්ත.....

    ReplyDelete
  23. හ්ම් ගොඩක් තැන් වල සුදුස්සාට සුදුසු තැන නෑ...

    ReplyDelete
  24. සුදුස්සා කියල කිව්වම එතනදි මතුවෙන ප්‍රශ්නෙ තනතුරටද කියන එක නං ගැටළුවක් නෑ. ඒත් සුදුසු වෙන්නෙ අදාල තනතුරට නොවේ නම් ප්‍රශ්නයක් තමයි.
    හොදම උදාහරණෙ ලංකාවෙ අගමැති තනතුර. ඒකට පත්වෙන්නෙ "අගමැතිකමට වඩාත් සුදුස්සා" නෙවෙයිනේ. "ජනාධිපතිට වඩාත්ම සුදුස්සා"නේ කාලෙක ඉදල පත්වෙන්නේ.

    ReplyDelete
  25. සුදුස්සෙක් වෙන්ට දක්ෂකමක් අවශ්‍යමයි. ඒත් දක්ෂයෙකුට දක්ෂකම විතරක් තිබුනාම ඇති.

    ඔය ඉතින් මට හිතෙන දේ.:D

    ReplyDelete
  26. ස්තුතියි කට්ටියටම~

    ReplyDelete
  27. කතොලිම පාසලක් හින්ද ප්‍රශ්නෙ ටිකක් බරපතලයි..දන්නවනෙ අද කාලෙ කතොලික පාසල් වලින් හැම වෙලාවෙම උත්සාහ කරන්නෙ කතොලික ආගමේ අන්නන්්‍යතාවය තියගන්න.මට හිතෙන විදිහට කතොලිම පාසලක් හින්ද ප්‍රධාන ශිෂ්‍ය නායක කම කතොලික සිසුන් දෙදෙනගෙන් කෙනෙකුට ලබා දීල අනෙක් තනතුරු වන උප නායක කම් බෞද්ධ සහ මුස්ලිම් සහෝදරයක් දෙන්නට ලබා දුන්නනම් එය වඩාත්ම උචිත තීරනය වෙන්න පුලුවන්.
    සාමන්්‍ය මිනිසුන් අතරෙ දක්ෂයාව ඉස්මතු වෙලා පෙනෙනව.කෙනෙකුව ‍තෝර ගන්නවානම් ඒ දක්ෂ පුද්ගලයාවයි.ඒත් දක්ෂයන් රෑනක් තුලින් කෙනෙකුව ‍තෝරගන්න කලින් තරම් පහසු නැහැ.අන්න එතකොටයි දක්ෂයන්ගෙන් සුදුස්සාව ‍තෝරගන්න වෙන්නෙ.

    ReplyDelete

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...