Sunday, January 15, 2012

අයි ඩෝන්ට් නෝ වයි? man Vs women II වහෙන් ඔරෝ!

I dont know y? මෙහෙම වෙන්නේ ඇයි?  man Vs women පලවෙනි කොටස 
අද අපේ මාතෘකාව වෙන්නේ ස්ත්‍රී වර්ගයාගේ ජාන තුලින් පැවත එතැයි විශ්වාස කල හැකි නමුත් කිසිම පිරිමියෙකුට අද වෙනකම් තේරුම් ගන්න බැරි ඉස්සරහටත් තේරුම් ගනී යැයි විශ්වාස කල නොහැකි වහෙන් ඔරෝ භාෂාව ගැන..

කතාව: (බිරිඳ හා සැමියා වාහනයක ගමන් ගන්න අතර තුර ඇතිවන දෙබස)

බි : මේ...ඔයාට නවත්තලා කෝපි කෝප්පයක් බොන්න කැමතිද?වක් කරන් ආපු කෝපි තියනවා..
සැ: එපා අනේ....දැන් බොන්න බෑ...


බි : (කිසිවක් කතා නොකර මූන එල්ල ගෙන ගමන් කරයි..ටික වෙලාවකින් සැමියාට වෙනස තේරෙයි..)


සැ: ඇයි කතා කරන්නේ නැත්තේ? මොකෝ අවුල?
බි : න්න්න්න්න්නෑ....මුකූත් නෑ( මුකුත් නැත්තේ නෑ කියලා අරන ගැහැනු කියන විදියට පවසයි)


සැ: දැන් මං මොකක්ද කරපු වරද ඔයාට පුම්ඹගෙන යන්න තරම්?
බි: ඔයාට පොඩ්ඩක් වාහනේ නවත්තන්න බැරි උනා නේද?


සැ: ඔයා මොන වෙලාවෙද වාහනේ නවත්තන්න කිව්වේ...ඔයා මගෙන්නේ ඇහුවේ බොන්න ඕනද කියලා?
බි: ඉතින් කියන්න ඕන යැ..දැනගන්න එපැයි...


සැ: ඔයා හිතුවද මට හිත් කියවන්න පුලුවන් කියලා??????කියන දෙයක් කෙලින් කිව්වනම් ඉවරයිනේ!

(ගෝරිය පටන් ගනී........)

මෙතනදි මොකද වෙලා තියෙන්නේ?


ඇත්තටම මෙතනදී වෙලා තියෙන්නේ අර බිරිදට කෝපි බොන්න ඕන වෙච්ච එක...නමුත් එය ඇය ඉදිරිපත් කලේ වෙන විදිහකට...නමුත් ඇය බලාපොර්තු උනා සැමියා ඒක තේරුම් ගනීවි කියලා...හරියට අර හාමුදුරුවෝ දානෙකට වැඩියම 'අරහෙටත් බෙදන්න' කියලා කියනවා වගේ...

අපි බලමු දැන් වහෙන් ඔරෝ සිට කෙලින්ම එකම අදහස පවසන්න පුලුවන් විදි කිහිපයක් ගැන..

  1.  මට උදේට බිත්තරයක් ඕන..ගිහින් මට බිත්තරයක් දාන්න..
  2. ඔයාට මට බිත්තරයක් හදන් එන්න පුලුවන්ද?
  3. මට බිත්තරයක් හදන්න පුලුවන්ද?ප්ලී..ස්
  4. ඔයාට හිතෙනවද උදේ කෑමට අපි බිත්තරයක් කෑවොත් හොඳයි කියලා?
  5. උදේට බිත්තරයක් තිබ්බොත් මරු ආ..
  6. ඔයාට ආස නැද්ද බිත්තරයක් කන්න උදේට?
සාමාන්‍යයෙන් පිරිමියෙක් පාවිච්චි කරන්නේ ඔය උඩ තියන වාක්‍ය තුන.. ගැහැනියක් නම් ගොඩක් වෙලාවට අන්තිම වාක්‍ය දෙක හෝ තුන..

මේක තමයි ස්ත්‍රී මොලය සැකසිලා තියන විදිහ..
බැඳපු උදවිය විතරක් නෙවෙයි ඔය ආලෙන් වෙලිලා එතිලා ඉන්න උදවියත් ඔය වහෙන් ඔරෝ කේස් එක නිසා අනන්තවත් මරා ගන්න බව නම් මං හොඳට දන්නවා...

ඉතින් මීට පස්සේ තමන්ගේ ප්‍රියම්බිකාව මේවගේ වහෙන් ඔරෝ දෙයක් කිව්වගමන් ඉහත තියන කෙලින්-වක්‍ර කතා දූරාවලියට දාලා ඒකෙ තියන පිලිවලට උඩට හිතලා ඇය කියන්න යන දේ තේරුම් ගන්න... :)

ඒත් අපි ගැහැනු කෙනෙක් ගෙන් ඇහුවා කියමුකෝ ඔය දූරාවලියේ පහලම ප්‍රශ්නේ!
"ඔයාට ආස නැද්ද බිත්තරයක් කන්න උදේට?"
එවිට ඇගේ පිලිතුර බොහෝ වෙලාවට "මං බිත්තරයක් හදන්නද එහෙනම් ටක් ගාලා"වගේ එකක්. ඇය තේරුම් ගන්නවා...පිරිමි අපිට විතරයි බැරි..

I dont know y?? මෙහෙම වෙන්නේ ඇයි?

(Allan+Barbara Pease කෘතිය අනුසාරයෙන් සකසන ලදී)
ඇලන් බාබරා කෘතියේ සිංහල  පරිවතනය 'පිරිමි සහ ගැහැනු  මෙතරම් වෙනස් ඇයි '
යන නමින්  ආරියරත්න චන්ද්‍රවංශ මහතා   විසින් රචනා කර  ඇති බව   
yuga විසින් කලින් ලිපියට කොමෙන්ටුවක් ලෙස දන්වා තිබුනා.

43 comments:

  1. බුදු අම්මෝ..මේවා තේරුම ගන්න වෙනම ඇල්ගොරිතම් එකක් ලියන්න වෙයි...
    ඒ උබට මිටර් ද සිංගර් එකේ වොෂින් මැෂින් ඇඩ් එක.."ගෑනු කවද්ද හිතේ තියෙන දේ කිව්වේ " කියලා යන්නේ..ඒකත් මේකට සම්බන්ධයි නේ..

    ReplyDelete
  2. උඹ නම් මට පේන්නෙ ලඟදිම හොඳ හෝටලේකින් කනව..

    වහෙන් ඔරෝ ටෝක් ගැන නම් කතාකරල වැඩක් නෑ.. දැන් නම් ඕව ටික ටික තේරුනත් නෙතේරුනා වගේ ඉන්නව කියන්න තියෙන එක කෙලින් කියපන් කියල..

    ලාෆ් යුවර් වේ කියල වීඩියෝ සීරීස් එකක් තියෙනව හොයාගෙන බලපන්.. ඒක එල...

    ReplyDelete
  3. බැඳල අවුරුදු 32 ක්, තාම අතක් පයක් කඩා ගන්නෙ නැතුව ඉන්නෙ ඕව නොදැන කියලද හිතන්නෙ?

    ReplyDelete
  4. ඇත්තෙන්ම කාලෙකින් රූපවතී පෙන්නාපු හොදම ඇඩ් එක තමයි. ඔය වොෂින් මැසිම ගැන කියන එක. මේ කාන්තා බවේ ඇති අරුමයයි. තෙරුම් ගත්තොත් දිනුම්, ප්‍රතිලාභ ගොඩයි.

    ReplyDelete
  5. මටනං ඔය ටියුබ්ලයිට් ලෙඩේ නෑ දැං. මුල් කාලෙදි තිබුන. ඒත් දෙයියනේ කියල නෝන කියන්නෙ මොකක්ද කියල දැන් තේරෙනව යස අපූරුවට. ඇදලගත්තෙ හොද මාතෘකාවක්.

    @ඔබා
    32ක් හිටිය කියන්නෙ ඉතිං ඔබී අක්ක හැරෙනකොට කියන්න පුළුවන් ඇති නේද? හැබැයි ඒකෙ අනිත් පැත්තත් ඒවගේම තමයි.
    පරිස්සමිං.:D

    ReplyDelete
  6. අනාගතේට වැදගත් වෙයි මතක තියාගන්ට ඕනේ! :D

    ReplyDelete
  7. "උඹ නම් මට පේන්නෙ ලඟදිම හොඳ හෝටලේකින් කනව.."

    දැනටම හොඳ හෝටලේකින් කාලා වගේ මට නන් පේන්නෙ ;)

    ගෑනුන්ගෙ හිත් කියවන්ඩ හදනවට වඩා හොඳයි බන් කොන්ටම් පිසික්ස් තේරුම්ගන්ඩ ට්‍රයි කරන එක.

    ReplyDelete
  8. // මට උදේට බිත්තරයක් ඕන..ගිහින් මට බිත්තරයක් දාන්න.. අම්මෝ කිකිළියක් වගේ වයිෆ් කෙනෙක් හම්බ වුනොත් කියන්නෝන...
    …ඕවා තේරුම් ගන්න අමාරු හිතේ එකක් තියාන තව එකක් කියන නිසයි....

    ReplyDelete
  9. එලම පැහැදිලි කිරීම, මාත් අනන්තවත් ඇනගෙන තියනව ඔය වගේ කේස් නිසා. එහෙනම් ඒකයි හේතුව. හොඳ ලිපියක් මචං.

    ReplyDelete
  10. අපි පොලයිට් නිසා වෙන්ටැ.ඉතිං අනේ එහෙම වෙන්ටනෙ ෆිනිශිං ස්කූල් එකේ කියල දෙන්නෙ. පොල්ලෙං ගැහුව වගේ කියන්ට එපා කියල

    ReplyDelete
  11. හොක් හොක්..දැනට නම් මගේ සංඛ්‍යාත පරාසයෙන් ඔබ්බෙනි..ලඟදී සිග්නල් එකක් ලැබුනොත් කියපු කතාව හරිද කියා චැක් කර බලන්නෙමි

    ReplyDelete
  12. බවලත් උදවිය ගැන හොඳට ස්ටඩි කරල වගේ නේ! :D :D :D

    ReplyDelete
  13. සිරා බං... සබියා "යුග දිවියට නවෝදයක්" වගේ පොතක් ලියපං බං...

    **ආලෙන් වෙලිලා එතිලා ඉන්න උදවියත් ඔය වහෙන් ඔරෝ කේස් එක නිසා අනන්තවත් මරා ගන්න බව නම් මං හොඳට දන්නවා...**

    සහතික ඇත්ත...

    ReplyDelete
  14. සාබි තව තව මේ වගේ දේවල් ලියපං මචං... අපිට ඉස්සරහට අම්බානෙට වැදගත් වෙයි....!!!

    ReplyDelete
  15. අෆෝයි ඔවු ඔය භාෂාව තේරුම් ගන්න නම් වෙනම ඩිග්‍රියක් කරන්න වෙනවා...

    ReplyDelete
  16. බොහොම ස්තුතියි කස්ටියගෙම අදහස් වලට..

    ඔබා : යැස් යෑස්..ප්‍රැක්ටිස් මේක්ස් මෑන් ප'ෆෙක්ට් කියනවනේ...

    චම්මා/වෙදනා : ඔව්! ඒ ඇඩ් එක සරල ඇඩ් එකක් වගේ පෙනුනට කාන්තා මානසිකත්වය ගැන ලොකු ගැඹුරු පාඩමක් ඒක තුල තියනවා

    කවිකාරී : ඩිරෙක්ට් බට් පොලයිට් විදියට කියන්න පුලුවන් ඕන තරම් ක්‍රම තියනවා නොවැ...ඕන නම් පිරිමි අපෙන් ඉගෙන ගත හැකි.. ;)

    ReplyDelete
  17. උඹත් ගුටි කාලා අහක ඉන්න අසරණ අපටත් ගුටි කන්න වෙන පෝස්ට් ලියන්නෙ මොකද බං?
    henryblogwalker the Dude

    ReplyDelete
  18. උඹත් ගුටි කාලා අහක ඉන්න අසරණ අපටත් ගුටි කන්න වෙන පෝස්ට් ලියන්නෙ මොකද බං?
    henryblogwalker the Dude

    ReplyDelete
  19. යකෝ මේක නම් සහතික ඇත්ත . මගේ වදේ පොඩි මචනයක් මිස් වුණත් නාහෙන් අඬන්න බලාගත්ත ගමන්මයි ඉන්නේ .

    ඔෆිස් එකේදී කෝල් කරමින් ඉන්න අතරේ බොසා කතා කල නිසා ෆෝන් එක කට් කලා ඊට පස්සේ මෙයා මගෙන් අහනවා වැඩිය වටින්නේ බොසාවද එයාවද කියලා ?

    කාට කියන්නද මේ දුක ?

    ReplyDelete
  20. අවුරුදු 17 ක marriage life එකේ ඔය වගේ උදාහරණ ඕන තරමක් තියනවා.... මේ ළඟදී බිත්තරයක් කමුද කියල අහපුවාම හාමිනේ කියපි "ඔයා බිත්තර පෙරෙදාත් කෑවා..සතියට දෙකයි කන්ට හොඳ" කියලා :-) එතනින් දෙබස අවසානයි!

    ReplyDelete
  21. ඕකට හොඳම ක්‍රමේ තමයි මේ පිරිමි අපිත් ඔය වහෙන් ඔරෝ දෙක තුනක් දාන එක.. ඒට පස්සේ ඔය ගතිය අඩුවෙනවා.. හැබයි නැතිවෙනේ නම් නෑ... අත්දුටුවයි, ප්‍රත්‍යක්ශයි..

    මචන් උඹ ඕකේ විද්‍යාත්මක පසුබිම විග්‍රහ කළේ නැහැනේ..අර ගියපාර වගේ උමං කතාවක් එහෙම කියලා..

    ReplyDelete
  22. මං හිතන්නේ අද්දකිමෙන්ද කොහෙද කියන්නේ..කොච්චර දෙයක්ද තමන්ගේ අද්දැකීම් තව කෙනෙක් එක්ක බෙදා හදාගන්න එක.

    ReplyDelete
  23. මේ වගේ දේවල් ගැනනම් ඕන තරම් අපි අත්විදලා තියෙනවනේ.. යාළු උන අළුතම අයනම් ඔය වගේ දේවල් වලින් හොදට බැට කනවා.. පස්සේ පස්සේනම් මේ එන්නේ මේකටයි කියලා තේරෙන හින්දා අවුලක් නෑ..

    ReplyDelete
  24. සහතික ඇත්ත කථාව සබිත්.. ලියන්න හිතුනා මේ ගැන පෝස්ට් එකක්... ජය !!!

    ReplyDelete
  25. ඔන්න මමත් වෙනස් පැත්තක් ගැන ලිවිවා.. අත්දැකීමෙන්ම....
    http://jbasnayaka.blogspot.com/2012/01/blog-post_15.html

    ReplyDelete
  26. ."ගෑනු කවද්ද හිතේ තියෙන දේ කිව්වේ "

    ReplyDelete
  27. අද්දැකීම් වලින්ම දැන්නං ටිකක් තේරුං ගිහින් තියෙන්නෙ

    ReplyDelete
  28. මේකනම් ඇත්ත සභිත්.බොහෝ අය මෙහෙම තමයි. සිතේ ඇති දේ කියන්නෙ නැ.
    අනිත් කෙනාට හිතාගන්න අමාරුයි මොනාද හිතන්නෙ කියල. බොහෝ අය තුල විවෘත භාවය අඩුයි. මම නම් හැබැයි ටිකක් වෙනස් කෙනෙක්. කෙලින්ම මගේ අදහස් කියනවා. ගෙදර අයටත් මම කියල තියෙන්නේ. මුණු එල්ලගන ඉන්න බැ. කියන්න තියන දෙයක් එතනම කියන්න ඕන. එතකොට හිත නිදහස්. ඒ වගේම ඒවා දිගින් දිගට ගෙනෙයන්නත් බැ.

    සභිත් ඔබ දැන් ඉතාමත් හොඳ මාතෘකා ගේනවා . බොහොම ස්තූතියි.

    ReplyDelete
  29. ඕව තේරුණත් නොතේරුණ විදිහට ඉන්න පුළුවන්නම් ඒකෙත් වාසි තියෙනවා. කොහොම වුනත් හැමෝගෙම ජීවිත වලට වටිනා යමක්...

    ReplyDelete
  30. ස්තුතියි කට්ටියටම.....

    සඳරු : ඒ වගේ වෙලාවල් වලට නේද බං ඔලුව හොඳ කලු ගලක ගහගන්න හිතෙන්නේ? :D

    ගිම්හානි : ඒක හරි..කෙලින් කියනවා කියන්නේ සැරෙන් කියනවා කියන එක නෙමෙයි නිසා කාගෙවත් හිත රිදෙන්නෙ නැති විදිහට කියන්න තියන දේ කියන එක කාටත් හොඳයි..

    අසරණයා : අත්දැකීම් ජාති ගොඩක් තියනවා බං..එකක් තමන් විඳින එක..තව කෙනෙක්ට වෙන දෙයක් බලලා ඉගෙන ගන එකත් තව ජාතියක අත්දැකීමක්...මං නම් ඔය දෙවෙනි ජාතියේ!
    පිස්සුවක් ඇතෑ දැන්ම අමාරුවේ වැටෙන්න..හික්ස්

    ReplyDelete
  31. "ඔයාට තේ බොන්න ඕනිද ?"
    "නෑ ඒත් ඔයා බොනවනම් මමත් බොනවා"
    කිව්වොත් ටිකක් ශේප් කර ගන්න පුළුවන්.. සත්තයි , අත්දුටුවයි !

    ReplyDelete
  32. දාගනිං සමාජ සේවා කඩයක් බිස්නස් නැගල යයි රම්පෙට පොරි හැලෙන්ඩ..හික්..උබේ කතාව සහතික ඇත්ත..මොකැ.." දැන් ඉතින් පවුල් වෙලා බං.."

    ReplyDelete
  33. ඇත්ත කතාව නොවැ

    ReplyDelete
  34. 60ට යන ගමන් හෑන්ඩ් බ්‍රේක් ඇදලා ආපස්සට හරවන්න ඉගෙන ගත්තේ රේස් පදින්න ගිහිල්ලා නෙමේ...ගෙදර උන්දෑ එක්ක ගමන් ගිහිල්ලා....

    ReplyDelete
  35. හික්ස්ස්......සහතික ඇත්ත....කියන්න තියෙන දෙයක් කියල දාන්නේ නැතුව හිත ඇතුලේ කුණු කර කර ඉන්නවා....:D :D

    ReplyDelete
  36. කතාවනම් ඇත්ත තමයි.. :D
    (අදමයි ආවේ..මුලින්ම කියවන්න ලැබුනෙ හොඳ සමීක්ෂන වාර්තාවක්..)

    ReplyDelete
  37. හැබැයි තාම මට නං ඔය විදියේ අත්දැකීම් නැහැ ....
    ඉස්සරහටත් තියෙයි කියලා හිතෙන්නෙ නැහැ .....

    ReplyDelete
  38. අප්පට සිරි පට්ට කතාව..සහතික ඇත්ත මචං..

    ReplyDelete
  39. meka nam eththama eththa, apith maragannawa hitha kiyewwe ne kiyala

    ReplyDelete

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...