Wednesday, July 25, 2012

අපි (නො)දන්න ඩීසන්සිය! da Decency we knw


යෙ කොන්ඩෙ කපන්න ගියා..
කාලෙකින් බාබර් සාප්පුවක් පැත්තෙ ගියේ..කොන්ඩෙ ටිකක් වැවිලා තිබ්බා..
හිතල වැව්වා නෙවෙයි....වැවෙන නිසා වැව්වා....කපන්න ඕක කමක් තිබ්බේ නෑ..අම්මා දවසක් දෙකක් කිව්වා..මං ඇහැව්වේ නෑ..ඉස්සර නම් සැර වැර කලාට දැන් එහෙම බැරි නිසා දෙපාරක් තුන් පාරක් කියලා නිකං ඉන්නවා..මොකද කියන දේ අහන්නේ නැහැ කියලා දැන ගත්තම තව කියන්න කියන්න වෙන්නේ එයාලා නෝන්ඩි වෙන එක කියලා එයාලා හිතන නිසා වෙන්න ඇති..

ඇයි කොන්ඩෙ කපන්න ඕන කියලා මං අම්මගෙන් ඇහුවා?
කොන්ඩේ කැපුවම පිලිවෙලයි,ඩීසන්ට්,මනුස්ස පාටයි,නැත්තම් රස්තියාදුකාරයෙක් වගේ.....ඕව තමයි හම්බඋන උත්තර..
මං ඇහුවා කවුද එහෙම කියන්නේ කියලා..
අම්ම කියනවා වැදගත් මිනිස්සු ඔක්කොම එහෙම තමයි ඉන්නෙ කියලා..

"උඹ කලාතුරකින් එක්කෙනෙක් දෙන්නෙක් ඇරෙන්න වැදගත් තැන්වල ඉන්න මිනිස්සු කොන්ඩ රැවුල් වවාගෙන ඉන්නවා දැකලා තියෙනවද ?"කියලා මගෙන් අහනවා..

"හරි ඔය කියන වැදගත්/ඩීසන්ට් උන් ඔක්කොම කොන්ඩෙ වවං ඉන්නවා කියලා හිතුවොත් එදාට නම් මං කොන්ඩෙ වවන එක ඩීසන්ට් වෙනවද? එදාට මං කොන්ඩෙ කපන්න ගත්තම මං ඩීසන්ට් නැතිවෙනවාද?" කියලා අම්මගෙන් මං ඇහුවා .හැමදේම සාපේක්ෂයි කියලා අම්මට මං තේරුම් කරන්න උතසහ කලා..
උඹත් එක්ක කතා කරලා දිනන්න බෑ කියලා අම්ම යන්න ගියා..
මං කොන්ඩෙ කැපුවා...

ඒත්...
මගේ සිතුවිලි ගැන මොකද කියන්නේ..?


සුද්දා එන්න කලින් ලංකාවෙ අදිකාරම්ලා,නිලමේලාගෙ ඉඳලා ආරච්චිලා වෙනකං කොන්ඩෙ වවාගෙන නෙවෙයිද හිටියෙ?
එදා එයාලට සාපේක්ෂව එදා අනිත් අයව නිර්වචනය උනා..
ඊට පස්සෙ සුද්දා ආවා..ටික කාලෙකින් සුද්දට සාපෙක්ශව මිනිස්සු මැනෙන්න ගත්තා..
වික්ටෝරියානු සභ්‍යත්වය කියලා අපි ඔලුව උඩ තියං ඉන්නවා කියලා ඔය රැඩිකල් පොරවල් කියන්නේ මේ කියන මිම්මවෙන්න  ඇති...

මේ කියන මිම්ම කාලෙන් කාලෙට වෙනස් වෙනවා..මේ කියන නියතය කාලෙන් කාලෙට වෙනස් වෙනවා...
කොටින්ම නියතයත් නියත නෑ..සාපේක්ශයි...
ඉස්සර කෙල්ලෙක් ඩෙනිමක් අදිනවා කියන්නේ සෑහෙන්න ලොකු ප්‍රශ්නයක්..
දෙමාපියන්ට වහ බොන්න ඕන ප්‍රශ්නයක්..
ඒත් දැන් ඒකා සාමාන්‍ය දෙයකටත් වඩා සාමාන්‍ය දෙයක් වෙලා..
සම්මත/නියතය වෙනස් වෙලා..
මං කොහේ හරි කියෙව්වා කවුරු හරි කියලා තියනවා කියලා ලංකාවේ මුලින්ම ඩෙනිම ඇන්ද කෙල්ල තමා පට්ට සිරාම රැඩිකල් ඩයල් එක කියලා...
වෙන්නත් පුලුවන් නොවෙන්නත් පුලුවන්..

පලවෙනියට දෙයක් කරන එක/ට්‍රෙන්ඩ් එකක් හදන එක තමා අමාරුම..
ඊට පස්සේ ඒ ඔස්සෙ ඇදිලා රැල්ලට ගහගෙන යන එක හරිම ලේසී..
හරියට භාතිය සංතුශ්ලා වගේ..
උන් මොනා හරි දෙයක් කරන්න පටන් ගත්තුදා ඉදලා උන්ට ඇතිවෙන්න බැන්නා..පලු යන්න බැන්නා..
හැබැයි එහෙම කරලා හදපු ට්‍රෙන්ඩ් එක දිගේ ආපු ඉරාජ්ට බැනුම් අහන්න උනේ නෑ!
(ඌ පස්සෙ බැනුම් අහන්න ගත්තෙ වෙන වෙන හේතු නිසා)
ශාස්ත්‍රීය කියලා කියා ගත්තු උදවිය ජෝතිපාලලටත් සරල ගී ගායකයෝ කියලා බෝඩ් ගහලා ඔය ටිකම කලා කියලා මං අහලා තියනවා..ඒ ගැන මං වැඩිපුර දන්නේ නෑ!

ආයෙම මාතෘකාවට එනවානම්,
බහුතරයක් සම්මතයෙන් අපගමනය වෙන්න ගත්තම අපගමනය නොවෙන අය ගතානුගතික අය බවට පත්වෙනවා..
සුද්දගේ කාලෙත් කොන්ඩ/රැවුල් කපාගෙන කට්ටිය අපගමනය වෙන්න ගත්තම එහෙම නොකර හිටපු අය ගතානුගතික,ඩීසන්ට් නොවෙන අය බවට පත්වෙන්න ඇති..
නිකං හරි ආයෙම පාරක් කොල්ලො ටික සේරම කොන්ඩටිකයි රැවුල් ටිකයි වවාගෙන දැන් තියෙන සම්මතයෙන් අනික් පැත්තට අපගමනය වෙන්න ගත්තුදාට ආයි කොන්ඩෙයි රැවුලුයි කපන උන් ටික ඩීසන්ට් නැති උන් වේවි..
මේ නියතය නියත නෑ..ඒ නියතය නියතයක් බවට පත්වෙන්නේ බහුතරයකට සාපේක්ශව!එහෙම නියතයක් බවට පත්වෙලා තියෙන්නෙත් නිශ්චිත කාලයක් තුලදී විතරයි!

බහුතරයක් විසින් තීරනය කරන නියතයකට සාපේක්ශව මිනිස්සු දිහා බලන එක හරිද? වැරදිද?
මොකද කියන්නේ?
සංවාදයක් ගොඩනගමුද?



ප:ලි : වෙනස්කම් කීපයක් එකතු කලා..කොමෙන්ට්වලට එතනම රිප්ලයි කරන්න පුලුවන් විදිහට හැදුවා (ස්තුතියි පූසාට).කොමෙන්ට් කරන්න කම්මැලි අයට කම්මැලි කොමෙන්ට් එකතු කලා..
චිරාත් කාලයකට කලින් එකතු කරපු facebook like බොත්තම අයින් කලා..
හැබැයි පෝස්ටුවකට හිත ගියා නම් ෂෙයා කරන්න පුලුවන් බොත්තම එහෙමම තියෙනවා..ලිපි මේල් එකකින් ගෙන්න ගන්න පුලුවන් පහසුකමත් ස්ක්‍රීන් එකේ උඩ දකුනු පැත්තෙ තියනවා!

45 comments:

  1. වවන්නෝ දිනන්නෝය කියල අපේම..අපේම..අපේම..මුතුන් මිත්තො කියනවා..ඒ නිසා ඔයා වවන්න කොන්ඩෙ..අම්ම කියන ඒවා අහන්න එපා.. අපොයි ඔය බෙකම් කාරයගෙ වැවිල්ලට නම් මම කැමති නැහැ..කැතේ හොඳම එක..!!

    ReplyDelete
    Replies
    1. ඉස්සර එහෙම කිව්වට දැන් කියන්නේ 'අපි වවමු රට නගමු' කියලා!

      Delete
  2. ගැලපෙනවානම් ඕන දෙයක්..හැබැයි හරියට ගැලපෙන්න ඕන!
    අපිට ඕන විදිහටනේ අපි ඉන්න ඕන..මම නම් හිතන විදිහ ඒකයි සහෝ..අනිත් අයගෙන් වැඩක් නැහැ.හරියි කියල හිතෙනවනම් අවුලක් නැහැ..

    ReplyDelete
  3. කතාව ඇත්ත හැමදේම සාපේක්ශයි!
    සංස්කෘතිය ආකල්ප වෙනස් වෙන්න බහුතරය හා අනුගමනය කරන පුද්ගල කොට්ටාශයේ පිළිගැනීම වගේ දේවල් නිසා ඒ නිසා සමාජ සම්මතයක් වෙන්න එක්කො බහුතරය එකඟ වෙන්න ඕනෙ නැත්නම් සමාජය පිලිගන්නා අයගෙ බලපෑම තියෙන්න ඕනෙ.
    කලින් අදහස් වලත් කියල තියනව වගේ අපි අපේ බුද්ධියෙන් හිතල බලල අපට ගැලපෙනවද කියන තිරණේ ගන්න ඕනෙ.

    ReplyDelete
  4. "බහුතරයක් විසින් තීරනය කරන නියතයකට සාපේක්ශව මිනිස්සු දිහා බලන එක හරිද? වැරදිද?"
    උඹ මතුකරන තර්කය හරියට හරි. වැරදියි කියනඑකයි මගේ අදහස. "හරි" හෝ "වැරැද්ද" ඒක පිලිගන්න මිනිස්සු ප්‍රතිශතයෙන් තීරණය වෙන්නෙ නෑ. ලෝකය වෙනස් කල බොහෝ දෙනා සම්මතයට පිටින් ගිය උදවිය. හැබැයි ඉතිං මේ උදවියට කට්ටක් කාල තමයි දිනන්න ලැබෙන්නෙ. සමහර විට ජීවිතය අවසානවුනාටත් පස්සෙ වෙන්න පුළුවන් තමන්ගෙ මතය ජයගන්නෙ. කරන්න දෙයක් නෑ! උඩුගං බලා පිහිනීම අමාරුයි.

    ReplyDelete
    Replies
    1. ගිමන් කිව්වා වගේ සමාජයට බලපෑමක් තියෙන පුද්ගලයෙක් උඩුගං බලා පීනනවා නම් අනෙක් අය ඒක පිලිගන්න ප්‍රවනතාවය වැඩි! නිලියක්ට අමතක වෙලා එක කරාබුවක් දාන්න අමතක වෙලා එලියට බැස්සානම් ඒක ඊගාව දවසෙ ඉදන් ෆැෂන් එක කරගන්න නංගිලා කොච්චර නං ඉන්නවද? ස්තුතියි අදහසට!

      Delete
  5. ඕකනේ මචං මටත් තියෙන අවුල.මම රැවුල වවන්ඩ එච්චර කැමැත්තක් නෑ.ඒත් අපිට ෆැකල්ටියේ රැවුල වවාගෙන එන්න එපා කියන හින්දම මට හිතෙන්නේම කපන්නැතුව ඉන්න.

    ReplyDelete
    Replies
    1. එපා කියන දේම කරන එක මනුස්ස ස්වභාවයනෙ බං :)

      Delete
  6. වෙලාවකට මට මෙහෙම හිතෙනවා. අපිව වැඩියෙන්ම පාලනය කරන්නෙ අපිද ? නැත්තම් අපි ඉන්න සමාජයද ? අපිට ජීවත් වෙන්න ලැබෙන්නෙ සමාජයත් එක්කම නිසා සමහර වෙලාවට සමාජයේ එක එක මති මතාන්දර එක්කම අපේ කැමැත්ත අකමැත්ත අපිට වෙනස් කරන්න වෙනවා. සමාජයට එරෙහිවෙලා අපිට ඕනෑදේම විතරක් කලොත්....සමාජය අපිව දමන්නේ අමුත් සත්තු ඝනයට. මේ සමාජ සම්මත කවදාවත්ම වෙනස් කරන්න බෑ...කාලෙන් කාලෙට අලුත් වෙවී...කාලෙන් කාලෙට වෙනස් වෙවී අපේ ජීවිත එක්ක හැමදාම බැඳිලා පවතිනවා...ඒක නේද ඇත්ත..

    කොණ්ඩය ගැන කතා කරද්දී ඔය පින්තූරයේ ඉන්න බෙකම් මහත්තයාට තියෙන්නෙ පුදුම ජනප්‍රියත්වයක්නෙ....නේද ? :P

    ReplyDelete
    Replies
    1. ඇත්ත..සමාජයේ තීරනයට උඩින් ගියොත් වෙන්නෙ මූට තැනකට යන්න තේරෙන්නෙ නෑ,මූට පිස්සු වගේ කතන්දර අහගන්න! එහෙම සමාජ සම්මතවලට එපිටින් යන මිනිස්සුන්ව සමාජය දකින්නෙ පිස්සො,විකාර කාරයො විදිහට..
      හැබැයි සමාජ තත්ත්වය බලය නිලය මත මේවා වෙනස් වෙන්න පුලුවන්..මං රාජ්ට දීපු උදාහරනෙම ගත්තොත් ඒ වගේ වෙලාවක නිලියගෙන් මිනිස්සු අහන්නේ/මිනිස්සු ඒක දකින්නේ 'ආහ්...මේක වෙන්න ඇති අලුත්ම ෆැෂන් එක'වගේ විදිහකට!

      Delete
  7. මේ දවස් වල උඹලට කොන්ඩේ කපන්න පුළුවන්ද...

    මටනම් යන්තං කන අස්සේ යන කොට ඉන්න බෑ බං....

    ReplyDelete
    Replies
    1. අපෝ පුලුවන් බං! ඔව්වා දුර්මත :)

      Delete
  8. මමත් ආස දෙයක් තමා කොන්ඩේ වවන එක.ඒකට අම්මගෙන් එච්චරම බාධාවක් නැහැ ඒත් කොන්ඩේ වැවිල්ලත් අතීතයේ දේවල් සමඟ සසඳා බලන්න තරම් කාරණයක් මට නම් මේ වෙනකන් ඇති වෙලා නැහැ.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අදහසට නිශාන්!

      Delete
  9. බහුතරයක් විසින් තීරනය කරන නියතයකට සාපේක්ශව මිනිස්සු දිහා බලන එක හරිද? වැරදිද?
    ඔය ප්‍රශ්නෙට මගේ පිළිතුර මම නම් හැකි තරම් දුරට එහෙම නොකරන්න උත්සාහ කරනවා කියන එකයි.

    කොන්ඩය ගැන කිව්වොත්. මම ඉස්සර කොන්ඩෙ තරමක් දිගට වැව්වා. නමුත් දැන් හිතෙනවා කොන්ඩෙ කපන් ඉන්න එක පහසුයි, දාඩිය දානවා අඩුයි කියලා. ඒ නැතත් රස්සාවට යන්න බෑ කොන්ඩෙ වවාගෙන.

    එතකොට මම ආසම ඩෙනිම් ජීන්ස් සහ ටී ෂර්ට් වලට. නමුත් රස්සාවට එහෙම යන්න බෑ. ඒ නිසා අකමැති කලිසම් , ෂර්ට් ඇඳලා ටයි එකත් දානවා.

    ඔන්න ඕකයි තත්වෙ.අපි මිනිස්සු කවදා නම් ඩෙනිම් වලට, ටී ෂර්ට් වලට තියෙන බය නැති කරගනියිද කියලා කියන්න දන්නෙ නෑ.

    henryblogwalker the Dude

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අදහසට හෙන්රි අයියා!

      Delete
  10. //බහුතරයක් විසින් තීරනය කරන නියතයකට සාපේක්ශව මිනිස්සු දිහා බලන එක හරිද? වැරදිද?//

    අපි බහුතරයක් විසින් හොඳයි කියලා තීරණය කරන දේකට අකමැති වෙන්න සාධාරණ හේතුවක් තියනවා නම් මේ ප්‍රශ්නෙ උත්තරේ වැරදියි...
    ඒත් ගොඩක් අය එකතු වෙලා තීරණය කලාම මේ හැසිරීම ඩීසන්ට් කියලා ඒක පිළිගත්තාම අපේ නිහතමානී බව ඔප්පු වෙනවා..සාමජයේ පැවැත්මට අන්මත ගරු කිරීම අවශ්‍යයි..

    හැබැයි ෆැෂන් කියන එක මේකට අයිති නෑ..ෆැෂන් කියන්නෙ දැන් කර්මාන්තයක්-industry ඒක ඉල්ලුම් සැපයුම් විකුණුම් න්‍යායට යටත්..ඒ නිසා කොණ්ඩය ගැන උදාහරණය සාබිත්ගෙ තර්කයට ගැලපෙන්නෑ කියලයි මට හිතෙන්නෙ..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අදහසට රූ! මගේ උදාහරණය වෙනස් විදිහකට දැකීම ගැන සංතෝසයි! මං එතනදි කොන්ඩය කියන එක සංකේතාත්මකව භාවිතා කලේ පවතින සමාජ සම්මතය හුවා දක්වන ටූල් එකක් විදිහට!

      Delete
  11. ඒකනේ ඒකනේ..
    ඕන එකෙක් ඕන මගුලක් කියපු දෙං..
    මං නං කොන්ඩෙ කපන්නෑ..
    ඇයි වදේ..

    ReplyDelete
  12. //මේ කියන මිම්ම කාලෙන් කාලෙට වෙනස් වෙනවා..මේ කියන නියතය කාලෙන් කාලෙට වෙනස් වෙනවා...
    කොටින්ම නියතයත් නියත නෑ..සාපේක්ශයි...//

    හොදම හරිය !

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අදහසට සැමා!

      Delete
  13. නිරපේක්‍ෂ සත්‍යයන් කොහෙද තියෙන්නෙ සාබිත්. මිනිස්සු විවිධාකාරයි. අනෙක අපේ මිනිස්සු අපේ අපේ කියල තාමත් ඔළුව උඩ තියාගෙන ඉන්නෙ වික්ටෝරියා රැජිනවත් නොරැක්ක වික්ටෝරියානු සදාචාරෙ. වෙලාවකට මේ පිස්සු වැඩවලට හිනහත් යනව. මමත් කැමති වැඩිපුරම කවුරුත් එපා කියන දේවල් කරන්න. මම ජීවත් වෙන්න ඕන මට ඕන විදියට මිස ලෝකෙට ඕන විදියට නෙවි. අනිත් මිනිස්සු හිතන දේවල් මට වැදගත් නෑ. හැබැයි කොණ්ඩෙ නම් මම වැඩිපුර වැවෙන්න අරින්නෙ නෑ. ඒක මට මහ වදයක්.

    ReplyDelete
    Replies
    1. එපා කියන දේ කරන එක ම්අනුස්ස ස්වභාවය මං හිතන්නේ! ඇත්ත..තමන්ගේ ජීවිතයේ සතුට තියෙන්නේ තමන්ට ඕන කරන විදිහට ජීවත් උනාම!

      Delete
  14. මමත් සෑහෙන කාලෙකට පස්සේ කොණ්ඩේ කැපුවා.. දැන් හැමොටම මම වෙනස්ලුනේ.. :)

    ReplyDelete
    Replies
    1. කැපුවද? කපන්න කිව්වද? :P

      Delete
  15. තමන්ට ඕනෑ දෙය කරන්න. අනිත් අයත් සමහරවිට ඔබ අනුගමනය කරනු ඇත.

    Be a trend setter, not a follower.

    ReplyDelete
    Replies
    1. It takes a lot of gut to face the world when u know that u are not goin with the trends of the society and when u are rowing against the tide.....

      Delete
  16. මාත් පෝනි ටේල් එකක් දාලා රබර් බෑන්ඩ් එකකුත් දාලයි හිටියේ.

    එක දවසක් හිතුනා, කපලා දැම්මා ඒ නැට්ට.

    පස්සේ දවසක සේරම ගාලා දැම්මා!

    ReplyDelete
  17. බහුතරේ කරන දේ කරන්න යොමුවෙන එක සාමාන්‍යයෙන් මිනිස්සුන්ගෙ පුරුද්දක්. හරි දේ උනත් වැරදි දේ උනත් සමාජෙ පුරා පැතිරෙන්නෙ ඒ විදිහට. කෙනෙක් හරි වැරැද්ද මොකක්ද කියල තනියම තෝර ගන්න පුරුදු වෙනකං එයා කාලෙන් කාලෙට සමාජයේ ඇති වෙන රැලිත් එක්ක එහාට මෙහාට ගහගෙන යන එක නවතින්නෙ නෑ.

    ReplyDelete
    Replies
    1. කෙනෙක් හරි වැරැද්ද මොකක්ද කියල තනියම තෝර ගන්න පුරුදු උනාට පස්සෙ උනත් සමාජීය රැලි වලට ගහං යන එක නවතින්නේ නෑ කියලයි මං හිතන්නේ!

      Delete
  18. ඉස්සර අපේ රජවරු සියලු දෙනාම කොණ්ඩෙ සහ රැවුල වැව්වා. අපේ සීයලාත් එහෙම කළා.කොහොමද එයාලගෙ තිබුණ උජාරුව?

    ReplyDelete
  19. කොන්ඩේ රුවුල් ප්‍රශ්න මටත් තියනවා බන්.තමන් සමාජයට ඕන විදිහට නැතුව තමන්ට දැනෙන විදිහට ජිවත් උනාම ඇති.මගේ කොන්ඩේ රුවුල් මට හොදනම් අනිත් අයට මොකෝ.

    ReplyDelete
    Replies
    1. ඔව්! අපි ජිවත් වෙන්න ඕන අපේ හිත සතුටු වෙන විදිහට මිසක් අනුන්ගේ හිත් සතුටු වෙන විදිහට නෙවෙයි!උන්ගේ හිත් සතුටු කරගන්න උන්ට ජීවතයක් තියනවා! නිතර බ්ලොග් කියවන උඹ බ්ලොගර් එකවුන්ට් එකක් හදාගත්තු එක හොඳයි!ජයවේවා!

      Delete
  20. අපිට බහුතරයක් කරනදේ හරි රැඩිකල් දේ හරි කරන්න ඕන ඇයි කියන එකයි ප්‍රශ්නෙ!
    මොකද ඒ දෙකෙන්ම අපි බලාපොරොත්තු වෙන්නෙ එකමදේ ඒ ආකර්ශනය හෙවත් කැපිල පේන්න
    තමන්ට කැපිල පේන්න ඕන නැත්තං ඌ ඉන්නෙ අර එලොවටත් නැති මෙලොවටත් නැති ගානට.

    ReplyDelete
  21. කොන්ඩේ දිග අයගේ අමුතු ආකර්ශනීය බවක් තියනවා කියලයි මට හිතෙන්නේ...බලන්ටකෝ උඩ පින්තූරේ දිහා...:)

    ReplyDelete
    Replies
    1. ඇත්තද? එහෙනම් අම්මලට දැන්ම කියලා තියන්න මට ඕන කොන්ඩ කුරුල්ලෙක්ව කියලා :)

      Delete
  22. කැමතිනම් කොන්ඩේ වවන්න, කරාබුත් දාන්න,. පච්චෙකුත් කොටන්න. අනුන්ගේ නිදහසට භාදාවක් නොවෙන ඕනි දෙයක්.

    නමුත් කොලුවෝ උබ මෙහෙම හිතහන්,,, උබට දරුවක් ඉන්න කාලෙක, උබ ඌට කියනව කලිසමක් ඇදගෙන පලයන් කියල. ඌ අමුඩයක් ගහගෙන යනව මුතුන් මිත්තොත් අමුඩේ ගහල කුබුරු කෙටුව මමත් එක්සසයිස් කොරන්න යනව අමුඩයක් ගහගෙන කියල.
    ලෝකය සාපේක්ෂයි තිත්ත උනත් ඇත්ත ඒකයි.
    (කමෙන්ටුව ගැන තරහා නොවෙන්..)

    ReplyDelete
    Replies
    1. කිසිම තරහක් නෑ මචං! මේ වගේ අදහස් වැදගත් බුද්ධිමත් සංවාදයකදි! මං කතාකරන්න උත්සහ කලේ එක පුද්ගලයෙකුගේ උඩුගං බලා පිහිනීමක් ගැන නොවෙයි! බහුතරයකට බර තියලා අනිත් මිනිස්සු මනින එක සාදාරනද කියන එකයි මං මතු කරන්න උත්සහ කලේ..හැබැයි එතනදි පලවෙනියට එක්කෙනෙක්ට උඩුගං බලා පීනන්න වෙනවා නං තමයි!( trend setter)
      ඒ වගේ වෙලාවක ඔය කියන ප්‍රශ්නත් එන්න පුලුවන්! මොකද අපිත් බලන්නේ සාපේක්ෂව නිසා!

      Delete
  23. තමන් කැමති විදිහට ඉන්න හැමෝටම අයිතියක් තියනවා.අම්මලා ඕක දන්නැ මං හිතන්නේ.මම කොල්ලා කාලේ කොච්චර ෆයිට් කරලද කොන්ඩේ වවා ගත්තේ

    ReplyDelete

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...